Followers

Saturday, February 9, 2013

මා නාමල් රාජපක්ශ නම්



අපි හිතමු ලංකාවේ සිංහල පාසල් ගුරුවරු ගුරුවරියන් විසින් පාසල් වල ළමයින්ට කියනව ඔබ නාමල් රාජපක්ශනම් ඔබ රටට මොනවද කරන්නේ කියල රචනාවක් ලියන්න කියල.

ළමයි මොන මොනදේ ලියයිද?

 වයස් සීමා ඇතුලු වෙනත් කාරණා නිසා අනුව ලියන දේ වෙනස් වෙයි.

මාත් ඒවැනි කෙටි රචනාවක් ලියන්නයි යන්නෙ.

ඇත්තටම, නිල් බලකාය run කරන එක, ශ්‍රී ලංකා රගර් කණ්ඩායම run කරන එක, විශ්ව විද්‍යාල ආචාර්‍ය මණ්ඩල ඇතුලු රජයේ ආයතන වලට නිල් බලකායෙන් කස්ටිය දාගන්න එක, නඩු වලට කතා කරන්න උසාවි යන එක, මෝටර් රථ ධාවන තරඟ සංවිදානය, විවෘත කිරීම්, ආදී රටම දන්න ටික ඇරුනම තව කොතරම් වැඩ ඇද්ද?

ඔබගේ වයසේ සිටියා නම් ඔබ  මිතුරෙක්ය  නැත්නම් මිතුරෙක් ගෙ මිතුරෙක් වත් කියන්න ගොඩක් අය වගේ මාත් හීන මවනව. ඔබ මීලඟ ජනපති වීමට සූදානම් කිරීමට ඔබ වැනි පුතෙක් ඉන්න ඕනම තාත්ත කෙනෙක් හීන මවනව ඇති. මොකෝ එතුමයි කියල රහත් වෙලා ද?

 හිටපු ජනපතිවරුන්ගේ පුත්වරුන් විසින් කළ, අපට මතක හිටින දෑ පිළිබඳව යමක් ලීවොත්.

ජේ ආර් තුමාගෙ පුත් රවි (කවදාවත් පත්තරේක ෆොටෝ එකක් වත් තිබුනේ නෑ) . ජනපති පුත් හැටියට  එස් ටී එෆ් STF Special Task Force එක හැදුවා. ඒ තාත්තගෙ අරක්ශාවට. ඒ ඇරෙන්න වෙනත් තොරතුරක් නෑ.

ජනපතිගේ ප්‍රේමදාසගේ පුත් සජිත් එකල එංගලන්තයේ උගනිමින් සිටියා, ඒ නිසා කළ කී විශේස දෙයක් ගැන සඳහනක් නෑ.

ජනපති චන්ද්‍රිකාගේ පුත් විමුක්ති මගේ මතකයේ තිබෙන්නේ දඩාවතේ සුනඛයන් මර්ධනය කිරීම සඳහා ඩී සෙක්ස් කිරීමේ යෝජනාවක් පුවත් පතක එකල තිබුනා මතකයි.

නාමල් ඒ හැමටම වඩා ඉදිරියෙන් ඉන්න නිසා මෙය ලිවිය යුතු යයි හිතුනා.
තරුණයෙක් ලෙස ඔහු අනිවාර්යයෙන්ම වික්‍රමයන්ට adventurous ලැදියි. ඔවුනට අලුත් සංකල්ප අවශ්යයි. සිංහල මාධ්ය ඒකාකාරියි කියලත් මේ ලඟඳී කියල තිබුන.

ඒ අතරම දෝංකාරයන් තවමත් පහව නොගිය අග්‍ර විනිසුරු තුමියව ඒ තතුරින් පහකිරීම පිලිබඳව ප්‍රශ්නය පිලිබඳව පරාජිතව කල්පනාකිරීමේදී අනේක වාදයන් හිතට එයි.
 එක විදියක් තමයි, වෙච්ච් දේ උනා.
මේකට තියරි එකක් හදාගෙන, හිත හදාගෙන, හෙට දවසෙ ජීවත් වීම;

මේකයි මගේ තියරිය.

 අනෙක් ප්‍රධාන සේවා වගේම නීති සේවාවත් නගරකේන්ද්‍රීය දෙයක්.
සාමාන්‍ය ජනයා මේ දෙස බලන්නේ වපර ඇහින්. මොකද මේ සේවාව සල්ලි නැතුව, දන්න අඳුනන කම් නැතිව, ගන්න අමාරු සේවාවක්. ඉතින් කවුරු හරි මේ කස්ටියට චන්ඩි පාර්ට් එකක් හරි දානව නම් කැමති කොටසක් ඉන්නව.
(රටේ ලොකුම ලොක්කම මේ අයට ජාතියක් දැම්මම අපිට ඉදිරියට වෙන්න තිබෙන දේ නොදැන උනත් පොඩි ජොලියක් යනව. කෙනෙකු හිතනව නම් අග්‍ර විනිසුරුටත් මෙහෙම නම් අපි ගැන කියනු කවරේද කියල ඒකට කියන්න තියෙන්නෙ ඉතින් වාසුත් කියනව නම් ඉතින් වැරදි වෙන්නෙ බැහනේ කියල. 80 වර්ජනයේ නායකයෙක් වන එතුමා කරපු කියපු දේ ඔක්කොම හරිනේ. 80 වර්ජනෙන් පස්සෙ සංවිධිත වෘත්තීය සමිති ඔක්කොම් නන්නත්තාර වෙලා ගියා, ඒකෙන් කාටද හොඳ උනේ, අපිටමයිනේ....)


ඉතින් කොහොම හරි සී ජේ නෝනවත් තල්ලු කොලා කියමුකෝ.

මෙන්න මෙතැන පොඩි හිලක් තියෙනව නාමල්, ඔබතුමා හරියට කල්පනා කලොත්.
ඇයි මිනිස්සු නීතිය හා බැඳුනු මේ පද්දතිය රුස්සන්නෙ නැත්තෙ.


සිදුර මෙතැනයි.

සාමාන්‍ය ජනයාට ඒ සේවාව ලබා ගැනීමට තිබෙන අසමාන තාවයන් නිසා.

දැන් බලන්න පහත දැක්වෙන අත්‍යවශ්‍ය සේවා හා අවශ්‍යතා දිහා...



අධ්‍යාපනය- නිදහස් අද්‍යාපනය පන ඇද ඇද හරි තිබෙනව
ප්‍රවාහනය- ලංගම, පන ඇද ඇද හරි තිබෙනව
සෞඛ්‍ය- නිදහස් සෞඛ්ය, පන ඇද ඇද හරි තිබෙනව
කෑම- සමුර්ධිය, පිං පඩි නැත්නම් හිඟා කන්න හරි පුලුවන්.

මෙන්න තැන..

නීතිඥ සේවා ???  (නොමිලේ නීති ආධාර දෙන ආයතන තිබෙනව. ....ඒත්)


ඔබ තුමාට පුලුවන්නම් මේ ක්ශේත්‍රය ප්‍රාණවත් කරන්න සාමාන්‍ය  මිනිස්සුන්ට නීතියෙ සේවාව, සවිය ලබා දෙන්න, සාමාන්‍ය ජනයා නොසෑහෙන්න පිං දේවි. (වරදවා තේරුම් ගන්න එපා. මං කියන්නෙ නෑ, හැම දේම නොමිලේ දෙන්න කියල.)

 අපි හිතන්නෙ, සාමාන්‍ය මිනිසුන්ට ඔබ තුමා තාමත් හිතවත් කියල.



ඔබ නාමල් නම් ඔබ කරන්නේ මොනවාද?

34 comments:

  1. @“ජනපති ප්‍රේමදාසගේ පුත් සජිත් එකල එංගලන්තයේ උගනිමින් සිටියා, ඒ නිසා කළ කී විශේෂ දෙයක් ගැන සඳහනක් නෑ.“
    අමතක වෙච්ච දෙයක්, පෙර රජ දවස නිධන් කළ වස්තු ගැන මේ කුමාරය ගවේශණය කළා කියල කටකතාවක් නම් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මාත් කියන්න හැදුවේ ඔය ගැන , නිදන් වස්තු ගවේෂණය ගැන හොඳ හොඳ කථා තියනවා , අර කලින් කෙනාගේ පුතා හැදුවාය කිව්ව "ටාස්ක් ෆෝර්ස්" එක එහෙමත් දායක කරගත්තලු .

      ලංකාවේ පුතාලට තියන එක ප්‍රධාන රාජකාරියක් තමයි ලු"කඩු " හෙවිල්ල

      Delete
    2. ජයශ්‍රී
      ඉතිහාසය හරිදැයි බැලීමට ගවේශණය කළේ යයි අනුමාන කළ හැකි මුත් වැරද්දක් සිදු උනා නම් හිතා මතා නොවේ.
      එංගලන්තයේ ඉගෙන ගත්ත බැවින් සුද්දන්ගේ හොඳ සිරිත් විරිත් ඉගෙන ගන්නවා ඇර ඒ අයගේ ජන්ම ගති පුරුද් වේවිද?

      අනෙක ප්‍රංශ ජනපති ව්‍යවස්තාවත් ඉංග්‍රීසි පාර්ලිමේන්තු ව්‍යවස්තාවත් එකට කලතා ලංකාවේ ජනපති ව්‍යවස්තාව නිර්මාණය කල පොරජාතන්ත්‍රවාදයේ පියාගේ පුත්‍ර රත්නය විසින් නිර්මාණය කළ එස් ටී එෆය එයට උදව් දේවිද?

      Delete
    3. බුවාගේ සිතුවිලි,
      පුතාලට දඟ කරනවට දෙන දඬුවමක්ද?

      Delete
  2. කෝ අනේ ඉතින් රචනාව ..මේ මදි , නැත්නම් අපි ලියනවා හලිද ?

    ReplyDelete
    Replies
    1. සහන් ලියනව නම් සතුටුයි!

      Delete
    2. අනේ මිත්‍රයා නෝක්කාඩුවක් කිව්වා නෙවේ ..
      මන් කිව්වේ යෝධ සංවර්ධන වැඩ පිළිවෙල ගැන
      තව දින්ගිත්තක් ලියන්න තිබුන ...හැක්

      Delete
  3. පියාගේ සෙවනැල්ලෙන් මිදී තනි මිනිසෙකු ලෙස ගමනක් යමි.ඒ වෙන කවර හෝ දෙයක් නිසා නොව අනාගත දිනක නාමයෝජනාවක් හෝ ඉල්ලා ගැනීමට සෑහෙන්න අපහසු වෙන බැවිනි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි, පියා ජනපති කීවාට මදි.

      Delete
  4. Habatama oyata wena palak athi deyak aththema nadda liyanna?

    ReplyDelete
    Replies
    1. වෙනත් මාතෘකාවක් ගැන ඉක්මනින්ම ලියන්නම්

      Delete
  5. 77න් පසු ලංකාවට හදුන්වා දුන් නිදහස් මොකක්ද එකෙන් පස්සෙ ලංකාවට පෙනෙනතෙක් මානයේවත් නොතිබුන දේවල් ගොඩක් ලැබුන බව කට කැපුවත් ඇත්ත කියන්න ඕන කියල අම්මයි,තාත්තයි කතා කරද්දී ඇහිල්ල තියෙනවාය.තාත්ත නිතරම කිව්වෙ ලොක්කි පොලු දාගෙන තමන්ට ඕනදේ වවාගෙන කන්න කියපු දේ අහල මිනිස්සු තව 5 කට ලොක්කිට දුන්නනම් ඉස්සරහට අපිට වවාගෙන කන්න දෙයක් නැතිවෙන බවය.මට ටිකක් දැනුම සමග හැම දෙයක්ම මෝරද්දී එක එක තෙම්පරාදු නායකයො,විහාර මහ දේවිල,ඔලුවෙන් ගේම් දෙන මාමලගේ බෑනල රට කරපු විදිය මතකය.ඒ දවස්වල හිටපු ඇමතියො සහ එවුන්ගෙ පුතාල කෙලපු පිස්සු,තාත්තටවත්,ලොකු බාප්පාටවත්,මට සහ මල්ලිලාටවත් අවශ්‍ය වුයේ නැත.තාත්ත සහ බාප්ප නිතරම සිතුවෙ ගමේ එව්වෝ සමග සහ වාසයෙන් සිටීම පරම්පරාවෙ ඉදිරි ගමනට හයියක් බවයි.එම නිසාම තාත්තට සහ බාප්පලාට උස්සපු ......වැරදුන උදව්වට ආපු කමල,සිරිය වගෙ "ඇබට්"වල ගෑනු දරුවො අපි සමග අල්ලන සෙල්ලම් කලා.ජංගිය සමග ගල් සෙල්ලමත් නො අඩුව ලැබුන.ලොකු වෙද්දී අනිත් දෙක පහේ ඇමතිලගේ පුතාලට සල්ලි දීලාවත් කන්න බැරි "කෝසස්"මම මල්ලිලා සමග නොමිලේ "ඉන්ටර් කෝස්"දක්වා ගියා.අද අල්ලපු රටේ ලොකුම !@#යන්ව ගෙන්නල ශරීර කුඩුව පෙන්නල,ලැම්බෝගිනි රේස් පෙන්වන්නේ මගේ දයාබර රටවැසි යන්ටත් කියන්නෙ අපි වගේ අහුවෙන හැමටම දෙන්න පාර කියල.මගේ තාත්ත කියල තියෙන්නෙ "තෙම්පරාදු"වට වඩා "පානිය"ලොකුයි කියල.ඇත්තද මන්ද?.....නාමල් සැමදා ...ඩු සමගයි.

    ReplyDelete
    Replies
    1. හොඳ රචනාවක්,
      ' තෙම්පරාදුවට වඩා පානිය හොඳයි' යන්න හා 'ගම හදා රට හදමු' යන දෙමාතෘකා වඩා සුදුසු මාතෘකාව කුමක්ද යන්නට ද්වන්ද සටනකට සැරසේ.

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. දයාල් කියන එක හරි කියලා හිතෙනවා. නාමල් කියන්නේ කාලෙකින් රටකට පහළවෙන උත්තම ගනයේ පුරුෂයෙක් නොවැ. නැත්නම් කොහොමෙයි අවුරුදු 20-22 වෙනකොට නීති උපාදියකුත් අරන් රගර් ගහලා අම්තිකමකුත් අරන් අරවද මේවද අටෝ රාශියක් වැඩ කරන්නේ නේද? වෙලාවකට හිතෙනවා සුපර් මන් වත් දෝ කියල.

    ReplyDelete
    Replies
    1. නීති උපාධියට නිදි මරාගෙන පාඩම් කරල, නිදි මත වෙන කොට කකුල් දෙක වතුර බේසමේ දාගන්නත් ඇති? පව්!

      Delete
  8. හායි!තාරුණ්‍ය;මට පෙර විස්තරෙ කියන්න බැරි උනා ඒ දවස්වල ලංකාවෙ දෙමව් පියො කිව්වා ශිරන්තිගේ ළමයි අනිත් ඇම්ට්ටන්ගේ ළමයි වගේ නෙමේ කියල.එහෙම කිව්වෙ අපිට ගෙදරම බඩු තිබුන නිසයි,අම්මට රෝසිව පරද්දල රවුම් මුණ නිකට දක්වා උල් කරගන්න සිහිනය හැර අප ගැන බලන්න මෙලෝ සිහියක් තිබුනේ නැත. වේස වැඩකරන අපි ගැන සූරී අන්කල්ල පත්තරේ ලිව්වෙ මේ වගේ පුතාල බිහිවන්නෙ ලංකාවෙ පෙර උරුමයට/කරුමයට කියාය..තාත්තා පත්තර අත යට ලියන සේරම "මල්ලිලා"කරගත්ත නිසා.

    ReplyDelete
  9. @දයල් මට අමතක වෙච්ච කාරණයක්, “රාජපක්ශ“ කියල ඔබ ලියන අක්ෂර වින්‍යාසය(Spellings) වැරදියි, එය “රාජපක්ෂ“ යනුවෙන් නිවැරදි විය යුතුයි.“ශ“ සහ “ෂ“ පැහැදිලිවම අකුරු දෙකක්. ශබ්ධ කරන විදි වෙනස්.

    ReplyDelete
  10. හොඳවෙලාවට උනේ නැත්තෙ මේ කියන ඒවා අහගෙන ..........

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය, අතේ නම් සුද්ද කරල ගත්තැකි.

      Delete
  11. අනේ එහෙම වුනානම් මේ සියලු බැනුම් අහන්න වෙන්නෙ මටනේ..එතකොට ඒ අය අම්මයි තාත්තයි එහෙමත් තමක් කරනවානේ..

    ReplyDelete
    Replies
    1. හොඳක් අහන්න නම් ලැබෙන්නෙ නෑ. බැනුමක් නහ ඉන්න පුලුවන් නම් බෝනස්

      Delete
  12. මට නං උගේ මූණ දැක්කහමත් කේන්ති යනවා... මෝඩ ගතිය බේරෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒක ඒ මනුස්සයගෙ වරදක් නොවන නිසා අමනාප නොවන්න.

      Delete
  13. Replies
    1. ඒක ලැබුනොත් ඔබට ලැබෙන්නේ 2033 දී හෝ ඊට පසුව.

      Delete
  14. මම නාමල් උනා නම්.. ශිරන්ති නෝනට අම්බානක හච්චිං යයි....

    ReplyDelete
    Replies
    1. දැනට එහෙම නැද්ද?

      Delete
  15. ඔයි කෑගහන බහුතරයක් නා මල උනා නම් ඒත් ඔච්චර තමයි.... වෙනසක් නෑ... මේ මම උනත් එහෙම වෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් සද්ද නැතුව ඉමු.

      Delete
  16. මම නාමල් උනානම් කෙලින්ම ලොක්කට කියනවා ගෙදර ගිහින් මට පුටුව දෙන්න කියලා :D


    කෝරලේ වලව්ව

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්