Followers

Sunday, March 10, 2013

ඇයිද ලංකාවට එරෙහිව මේ දෙබිඩි පිලිවෙත, ඇයි අපි ලංකාවට තෝරල ගහන්නෙ?

http://www.youtube.com/watch?v=D0ogJ7MfBrc&feature=youtu.be


Published on Mar 3, 2013
Ranking member of US House Foreign Affairs Subcommittee Congressman Eni F.H. Faleomavaega on Tuesday (Feb 26) expressed his deep concerns over the double standards applied in the US foreign policy toward Sri Lanka. Speaking at the committee hearing on "The Rebalance to Asia: Why South Asia Matters" , the congressman underscored that US should find a better way forward than using UN resolutions to improve its relationships with a strategically important country such as Sri Lanka .

(මෙහි සිංහල පරිවර්තනය දැමීමට නොහැකිවීම ගැන කණගාටුවෙමි-dayal bathee)

---------------------------------------------------------
පේන විදියට ඔස්ට්‍රේලියාව ලංකාව දෙසට හෙලන කෝණය වෙනස් වීම, එනම්, හොඳ පැත්තට කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවේ දේශපාලන වෙනස් කම් ඇති කිරීමට සමත් කමක් ඇති සරණාගත ප්‍රශ්නය විසඳීමට ඔස්ට්‍රේලියාවට උදව්වීමට ලංකාවට ඇති සඛ්‍යතාව සලකා බලා ලංකාව පැත්තට හැරීම  ඇමරිකාවට බලපාල වගේ - dayal bathee

7 comments:

  1. ඇමරිකාව හරි බටහිර හරි කියල ලෝකයේ ප්‍රදේශයක් හරි රටක් හරි සාමාන්‍යකරණ කරන්න බැහැ අපේ මේ රටවල් ඇතුලේ අපිට සතුරු මිනිස්සුන්ට වඩා මිතුරු අය ඉන්නවා. සතුරු එකෙක් දෙන්නෙක් හයියෙන් කෑ ගහන කොට හරියට මුළු ඇමරිකාවම අපිට විරුද්ධයි කියල තමයි පෙන්නේ. දිවයින පත්තරේ මෝඩයෝ ඊළඟට මේ එකා දෙන්න පෙන්නලා කියනවා බලපන් අර බටහිරයෝ ඇමරිකාව අපිව විනාශ කරන්න ඉන්න සතුරා කියල ඇමරිකාවට අපි සතුරු අනෙකෙකු නොවෙයි මුස්‌ලිම රටක් මේක කියනවනම් කමක් නෑ. අපි ඇමරිකාව හා බටහිර සතුරෙකු කරගෙන මුස්ලිම් රටවල් එක්ක කරේ අත දා ගත්තම ඒ රටවල් ඇතුලේ ඉන්න මිතුරන් ටිකත් නැති වෙනවා.මේ වැඩෙන් ප්‍රයෝජනය ගන්නේ බෙදුම්වාදී ඩයස්පෝරාව. අඩු ගණනේ අපේ නායකයෝ, මාධ්‍ය ගොබ්බයො ඉන්දියාව දිහා බලලවත් ඉගෙන ගන්නවා නම් හොඳයි. කලාපයේ විශාල රටක් වන ඉන්දියාව ඇමරිකාවේ හොඳම මිතුරා වෙනකොට අපි මුස්ලිම් රටවල් හා චීනය අත් ඇරලා ඉන්දියාව සහ ඇමරිකාව සමග මිතුරු වීම දැන් කලයුතු දෙයයි. අවේග වලින් වැඩ කරලා අපිට ඉදිරියට යන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්න තිබේ. ඒ පිළිබඳ වැඩකරන්නා වූ විශේසඥයන් මේවායින් පාඩමක් උගෙන ගනු ඇති බව මගේ විශ්වාසයයි

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අපේ ගිරිය පුප්පගෙන දඟලන දේශප්‍රේමියෝ මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ
      කැනඩාවේ සිට කොටින්ට උදව් කරපු සුරේෂ් නම් පුද්ගලයා කොටි ත්‍රස්‌තවාදයට උදව් කිරීම යන වරදට ඇමරිකාවේ උසාවියක දඩුවම් දෙන්න හදනවා අපේ දේශප්‍රේමී රජය ඇමරිකාවෙන් ඉල්ලනවා ඔහුට තියන නඩුව ඉවත්කර ගන්න කියල.
      http://news.nationalpost.com/2013/03/10/sri-lanka-urges-u-s-to-drop-charges-against-canadian-accused-of-supporting-terrorism/

      Delete
    2. ස්තුතියි තොරතුරුවලට.

      Delete
  3. ඔව් හොද ප්‍රවණතාවයක් තමා...

    ReplyDelete
    Replies
    1. කොහෙද ගිහිං හිටියේ?

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්