Followers

Tuesday, March 12, 2013

හෙහ් අපි නොදන්න ඕපපාතික, ජලාබුජ, සංසේජ...





විමල් තුමා මේ ලඟදී ඉඳන් විශ්ව විද්‍යාල උපාධිදාරීන්ට දෙනව ඇස්ටි හැලෙන්න. එතුමාගේ දැනුමේ ඉම් ප්‍රසාරනය වී ඇති අන්දමට සාක්ශියකී. කොන්දක් ඇතුව කෙලින් කතා කරන  අයට කවුරුත් කැමතියි. මාර්ටින් වික්‍රමසිංහ, ජී බී වැනි ප්‍රාඥයින් එතරම් ඉහලට ඉගෙන ගෙන කොල කෑලි ගත්ත අය නොවෙයිනේ. ඒ අයගේ පොත් විශ්ව විද්‍යාල නිර්දේශිත පොත් අතර වැටෙනව. තවත් කෙලින් කෙලින් කතා කරන පුද්ගලයෙක් තමයි, ම' ඇමති තුමා. විශ්ව විද්‍යාලය එතුමාව ශේප් කර ගත්තේ ආචාර්ය උපාධියක් දීල. නැතිනම් එතුමාගෙනුත් හොඳ පද අහගන්න තිබුන. ඒ නිසා මා යොජනා කරනවා වහාම හැකි හැකි ඉක්මනින් එතුමාටත් වැදගත් යමක් ප්‍රධානය කර දී ශේප් කර ගන්නා ලෙස. නැත්නම් ඇඳන් ඉන්න මේ බොරු 'උගත් සලුව' ගැලවෙනවා. විමල් තුමා මේ ලඟදී කියල තිබුන අපි කන්නෙ තාම පරංගින්ගෙ කෑම, ඒව දැන් පරංගි කන්නෙත් නෑ කියල. කතාවෙ හරයට  කැමතියි. ඒත් ඡන්දෙ බලාගෙන දාන පරංගි කෑල්ලට  නම් නොවේ .

 ඇමති තුමනි,
අපේ විශ්ව විද්‍යාල උගතුන් විදේශ රටවල ජයකෙහෙලි නංවයි.
තම මව් බිමේ පාලකයින්ට මේ අයව පෙනෙන්නේ ගොනුන් ලෙසටයි.
පෙනෙනනවා ඇති, ප්‍රශ්නය තිබෙන්නේ කොහිදැයි.


මටත් ඉතින් කට තියාගෙන ඉන්න බෑ. මොනව හරි නොලිව්වොත් ඩ්‍රින්ක් එකක් නොදැම්ම් වගේ තමයි අත වෙවුලනවා. කතන්දර ලඟදී ලියූ බ්ලොග් පෝස්ට් එකකට (අතිජාත, සහජාත සහ අවජාත - Genes or environment?මාගේ දැනුමේ ඉම් ප්‍රසාරණය වී ඇති අන්දම දැක්වීම සඳහා පහත කොමෙන්ටුව දැම්මේමි.

බුදු හාමුදුරුවො බණ දෙසුවේ නාගරී බසින් කියලයි අහල තියෙන්නෙ.
දහම් පුස්තක තිබෙන්නෙ පාලියෙන්
අපි මේ කතා කරමින් සිටින්නේ සිංහලෙන්, අල්ලගෙන තිබෙන වචනය ඕපපාතික; මෙහි ශබ්දකෝශ තේරුම ගෙන වාද කර ගැනීමේ සීමා තිබෙන බව මගේ නොමේරු මොලේට තේරුම් යයි. නමුත් යම් ශාස්ත්‍රීය පදනමක් සපයයි.
සිංහලේ සෑහෙන දෙමල වචන තිබෙනව, ඒ වගේම සංස්කෘත, පෘතුගීසි, ඕලන්ද, ඉංග්‍රීසි වචනත් තිබෙනව. ඒ ඒ භාශාවලින් අදහස් කල ඔරිජිනල් දෙයම නොවෙයි දැන් අප ඒ වචන වලින් අදහස් කරන්නේ. මේ වේලාවේ මට උදාහරණ හිතට එන්නේ නෑ.

කවුරු හරි 'කැවුම' වෙන භාශාවකට පරිවර්තනය කලා කියමුකෝ.
තනි වචනෙකින් කියන්න පුලුවන්ද කැවුම ඇරෙන්න.
ඉංග්‍රීසියෙන් ඉස්සර කිව්වෙ oil cake කියල.

මේ oil cake වචනෙම කොපමන ඕපපාතිකද, වියුක්තද, අස්වාභාවිකද, මනස්ගාතයක්ද, විකෘතියක්ද ?

කෙනක් අහන්න පුලුවන් සමාජවාදය වගේම ධනවාදයත් මේ ඕපපාතික ගොඩට දැමිය හැකි නොවෙද කියල;
ඔව්, ජීවිතේට කැවුම් කාල නැති සුද්දෙක්, අපිට නොදන්න oil cake ....කිව්ව වගේ කියල තමයි කියන්න තිබෙන්නේ.
හෙහ් අපි නොදන්න ඕපපාතික, ජලාබුජ, සංසේජ, අණ්ඩජ...

හෙහ් එකපාරටම ඇමති තුමා නින්දෙන් ඇහරිලා, ඔක්කොම මෝඩයො;  හරිම ඕපපාතික කතාවක් !

----------------
ඉහත ඡායාරූපය අන්තර් ජාලයෙන්  ගන්නා ලදි

-------
මේ කොටස පසුව එකතු කලේ  කෝම්න්ට්ස්වලින් මතු වූ කරුනු ගැන අවධානය වැඩි කරන්නයි.


මං හිතනව බුදු හාමුදුරුවො ඕපපාතිකයි කියල කිව්වෙ මෙන්න මේවට

NASA scientist 'finds alien fossils on meteorite'

Updated Mon Mar 7, 2011 11:48am AEDT
A NASA scientist says he has found evidence of tiny fossilised bacteria on three meteorites and maintains the microscopic life forms are not native to Earth.
If confirmed, this research would suggest life in the universe is widespread and life on Earth may have come from elsewhere in the solar system, riding to our planet on space rocks like comets, moons and other astral bodies.
The study, published online in The Journal of Cosmology, is considered so controversial it is accompanied by a statement from the journal's editor seeking other scientific comment, which is to be published starting later today.
The central claim of the study by astrobiologist Richard Hoover is that there is evidence of microfossils similar to cyanobacteria - blue-green algae, also known as pond scum - on the freshly fractured inner surfaces of three meteorites.
These microscopic structures had lots of carbon, a marker for Earth-type life, and almost no nitrogen, Dr Hoover said in a telephone interview.
Nitrogen can also be a sign of earthly life, but the lack of it only means that whatever nitrogen was in these structures has decomposed out into a gaseous form long ago, Dr Hoover said.
"We have known for a long time that there were very interesting biomarkers in carbonaceous meteorites and the detection of structures that are very similar ... to known terrestrial cyanobacteria is interesting in that it indicates that life is not restricted to the planet Earth," Dr Hoover said.
Dr Hoover, based at NASA's Marshall Space Flight Centre in Alabama, has specialised in the study of microscopic life forms that survive extreme environments such as glaciers, permafrost and geysers.
He is not the first to claim discovery of microscopic life from other worlds.
In 1996, NASA scientists presented research indicating a 4 billion-year-old meteorite found in Antarctica carried evidence of fossilised microbial life from Mars.
The initial discovery of the so-called Mars meteorite was greeted with acclaim and the rock unveiled at a standing room-only briefing at NASA headquarters in Washington.
Since then, however, criticism has surrounded that discovery and conclusive proof has been elusive.
Dr Hoover's research may well meet the same fate, with another NASA researcher greeting the paper's claims with scepticism.
"Many scientists have examined thousands of meteorites in detail over the past 50 years without finding any evidence of fossil life," David Morrison, senior scientist at the NASA Astrobiology Institute at Ames Research Centre, said in an email to MSNBC.
"Further, we know a great deal about the conditions on the parent objects of the meteorites, which (not counting the few meteorites from the moon and Mars) were rather small, not at all like planets.
"I would therefore invoke Carl Sagan's famous advice that extraordinary claims require extraordinary evidence.
"At a bare minimum this would require publication in a prestigious peer-refereed scientific journal - which this is not. Cyanobacteria on a small airless world sounds like a joke. Perhaps the publication came out too soon; more appropriate would have been on April 1."
In a statement published with the online paper, the Journal of Cosmology's editor in chief, Rudy Schild, said in a statement: "Dr Richard Hoover is a highly respected scientist and astrobiologist with a prestigious record of accomplishment at NASA."
"Given the controversial nature of his discovery, we have invited 100 experts and have issued a general invitation to over 5,000 scientists from the scientific community to review the paper and to offer their critical analysis."
Reuters
First posted Mon Mar 7, 2011 10:08am AEDT

24 comments:

  1. බලන්නකෝ මහත්තයෝ මෙපමණ උගත් විශ්ව විද්‍යාල සිසුන්ට මහාප්‍රාණ 'ඛ'යන්න සහ ගයනු කිත්ත හරිහැටි ලියාගන්න බැරිහැටි. අර බැනරයේ ලියා තිබෙන්නේ සෙ වයි ච්ය කියලා නොවැ. එමෙන්ම ඔබතුමාගේ ප්‍රකාශයේ ඇති සාශ්ත්‍රීය යන වචනයද ශාස්ත්‍රීය කියා නිවැරදි කරන මෙන් ඉල්ලමි.

    ReplyDelete
    Replies
    1. ගයනු කිත්ත නම් හදිසියට ලියපු එකක් වගේ
      ඛ යන්න දෙස අංශක 45 ක් දකුණට ඇලවී බලන්න කියා පොඩියට තිබෙනවා එය ඔබ දැක්කේ නැද්ද?
      ( කමාකරන්න, පොඩි විහිලුවක් කලා)

      එමෙන්ම ශාස්ත්‍රීය ලෙස කියා වෙනස් කර ඇත. ස්තූතියි

      Delete
  2. හරිම මාන්දවිකයි මෙයා...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් කලවම්, සොරි කවලම් වෙලා වගේ, මං කිව්වෙ ඩ්‍රින්ක් එක?

      Delete
  3. බතී පෝස්ට් එකට දාපු කමෙන්ට් එකෙන් පෝස්ට් එකක් දාපු හින්දා , මමත් ඒ පෝස්ට් එකට දාපු කමෙන්ට එකම මේතන කොටන්න් හිතුවා...අපි කොච්චර කම්මැලිද එකවෙලාවකට ?

    //හෙ හේ ඕපාපතික කෙස් එක නැත්නම් හැමදාම ඉස්සෙල්ලා ඇතිවුනේ කිකිලිද බිත්තරේද කිය කිය වාද කර කර ඉන්න වෙයි :)

    ඔපාපතික කේස් එක එච්චර විස්වාස කරන්න අමාරු දෙයක් නෙවෙයි..ජීවයේ ආරම්භය ගැන 100% තහවුරු නොකල විද්‍යාත්මක මතයක් තියෙනවා, නියමිත් උෂ්ණත්වය යටතේ හා අකුණු නිසා ඇතිවන විද්‍යුතය යටතේ , ජීවයේ මූලික පදනම වන ඇමයිනෝ අම්ලය ඇත් උන බවත් ඉන් පසුව එය සෛලය දක්වා විකාශනය වු බවත්...

    එහෙම බැලුවම අමයිනෝ අම්ලයත් ඕපාපතික කෙස් එකක් තමයි.......අපට විශ්වාස කරන්න බැරි උන පලියට ලෝකේ ඇතැම් දේවල් නැහෑ යි දිවුරලා කියන එක මෝඩ කමක්..පිලිගන්න නොගන්න එක වෙනම් කෙස් එකක්...ඒත් කිසිවක් නිශ්චිත නෑ...යථාර්ථය කවුරුත් ඩිෆයින් කරලා නෑ.....බුද්ධාගමේ ඉදන් අනිත් හැම ආගමක්ම ෆ්ෆැන්ටසියක් ඉදිරිපත් කරනවා..බුද්ධගමේදී ප්‍රයෝගිව එය කරන කොට ප්‍රත්‍යක්ශයෙන් තේරෙනවා..බලහත්කාරකම්ක් නෑ...නිදහස වැඩියි...හිතන්න පුලුවන් ඕපන්, බ්‍රෝඩ් මයින්ඩඩ් පොරකට කියාපු දර්ශණය....///

    අනෙත් කාරණය කියන්න තියෙන්නේ අප ජීවත් වෙන සමාජේ වචන් වලට සම්මුතීන් තියෙනවා....ඒවා සදහා නිශ්චිත තේරුම් අපි විසින් ම දීලා තියෙනවා...ඒවා ගොස්ලෙප් සත්‍යය ලෙස ගත් යුතු නෑ....ඒත් ඕක නොදැනුවත් කම නිසාත්, හිතාමතා වෙනත් අරමුණු සදහාත් වචන පෙරලි කරන්න පුලුවන්..ඒවගේ දෙවල් වලට බතී ගේන ජනරල් තර්කය දාල සාධාරණිය කරන එක මෝඩ වැඩක්...

    වැල යන අතට මැස්ස ගැසීම හෙවත් චතුරාර්‍ය සතය්‍ය හා අභිනිශ්ක්‍රමණය පැටලවීමට අනුබල දීම


    කතන්දරශූරීන්ගේ ඕපන් සෝ(ර්)ස් චතුරාර්‍ය සත්‍යයේ නවතම වර්ශන් එක...........චාතුර්යා

    ReplyDelete
  4. ඔව් ඇත්ත

    // ඒවා ගොස්ලෙප් gospel සත්‍යය ලෙස ගත් යුතු නෑ..//

    ඔබ කියනව වගේ පුලුල් පදනමකින් මේවා දෙස බැලිය යුතුයි කියලයි මාත් මෙතැනදී කියන්නෙ.

    ReplyDelete
  5. පිට රට ගිහින් ශිල්ප දක්වන්නේ මෙහේ ගිරවු වගේ ලියාගත්ත සටහන් වලින් නෙවෙයි. පිට රටදී ලබාගත් දැණුමෙන්. විමල් කතාව දේශීය වශයෙන් නම් සහතික ඇත්ත. නමුත් ඒක ශිෂ්‍යයන්ගේ වරදක් නෙමෙයි. ඒ නිසා ශිෂ්‍යයන් දැන ගන්න ඕනා. නව දැණුම සොයා ගෙන යන්න. බුකියේ මල් කඩ කඩ දෙකයි පනහේ නිසඳැස් ලිය ලිය ඉන්නවට වඩා. එහෙම සිසුන් දිණුම්. නමුත් මම එහෙම අය දැකලා තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්.

    ReplyDelete
  6. ඔබ කියන කතාව දැන් හරි.

    ඒත් ඒ දැනුම ඉක්මනින් ලබාගන්න, හුරුව, පදනම, මානසික හැකියාව ඇති කලේ කොයි රටේ අධ්‍යාපනයෙන්ද? හැමෝම විශ්ව විද්‍යාලයට යා යුතුය යන අදහසින් නොවෙයි මා මේ ලියන්නේ

    ඒ දවස්වල ඔය නායකයො ඔය කටවල් වලින්ම කිව්වෙ ඔය නව දැනුම කියන්නෙ ධනපති දැනුම,මොකටද විශ්ව විද්‍යාල උපාධිය අරගෙන කියල, ඒ නිසා කොල්ලො කෙල්ලො නව දැනුම හොයා ගියා.. සමාජවාදී දැනුම,.. 71 එය හොයා ගිය අයට මොකද උනේ, 88 ඒ සමාජවාදී දැනුම හොයා ගිය අයට මොකද උනේ, දැන් කොල්ලො කෙල්ලො භයයි හීනයක්වත් දකින්න. ලොක්කගෙන් අහල එපැයි හීන දකින්නත්.

    ReplyDelete
    Replies
    1. bathee post ekatai menna me comment ekatai
      +++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. 71 සහ 88 සිහින නම් දකින්නෙ නැති තරමට හොඳයි. මොකෝ ඒ සිහිනවලම නේ 70-77 දක්වා ජීවත් උනේ. අනික ඒ සිහිනේ, නිකන් පොඩි උන් හීනෙන් හිනාවෙනවා වගේ එකක්නේ. පොඩි උන් හිනාවෙන්නේ සුරංගනාවොත් එක්කලු නේ. (ඒ තරම් සුන්දර සිනාවක් මම නම් තවත් දැක නෑ. උන් කරේ සීනී බෝල විපලවයක්. ගහන්න ඕන තැනට නොගහ, වෙන තැන්වලට ගැහුවේ. ඒ හිනේ එලිවුනේ නැති එක නම් රටේ වාසනවාක්. ඒක එකා අධි පති වාදයටත් වඩා භයානකයි.

      Delete
  7. බලමාලු බලමාලු......

    ReplyDelete
  8. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
  9. නියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න අපේ වෙබ් අඩවියට http://www.sinhapedia.com/

    ReplyDelete
  10. උඹෙ වෙබ් අඩවියට එන්නම් මල්ලියේ. හැබැයි අර කණපැලෙන්න වදින්න දාලා තියෙන රේඩියෝ එක වහලා දාපන්. නැත්නම් ඒක වහන්න ඔප්ෂන් එකක් දාපන්.
    නියම ලිපිය නිසා තමා යකඩෝ මේක බලන්න එන්නේ.
    නිකන් පලයන් මලේ. අපි නොදන්න උඹෙ "නියම ලිපිය"

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රතු රජ රට.

      Delete
  11. ලෝකයේ බොහෝ රටවල ශ්‍රී ලාංකික උගතුන් උසස් රැකියා කරනවා. නාසා ආයතනයේ පර්යේෂණ අංශයේ ලොක්කා සරත් ගුණපාල මා දන්නා කෙනෙක්. එවැන්නන් ලොව පුරා සිටිනවා. විමල්ටත් ආචාර්ය උපාධියක් දුන්න නම් කට නිකම්ම වැහෙයි. ආචාර්ය විමල් වීරවංශ. පුහ් ! කොච්චර ගාම්බීරද ?

    ReplyDelete
  12. බුදු හාමුදුරුවො බණ දෙසුවේ නාගරී බසින් කියලයි අහල තියෙන්නෙ.
    අපි නම මෙහෙම එකක් අහල නෑ, අපි අහල තියන්නේ මාගධී බසෙන් ධර්මය දේශනා කරා කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිවැරදි කළාට!

      Delete
  13. සංසේජ කියල එකකුත් නෑ,
    මට මේකේ හරය තේරෙන්නෙත් නෑ.
    පුළුවන් නම් මේ පොස්ට් එකේ තේරුම මොකද්ද දාන්න කෙටියෙන්.

    ReplyDelete
    Replies
    1. ඕපපාතික - ඉබේ හට ගන්නා
      ජලාබුජ - ජලයෙ හට ගන්නා
      සංසේජ - මේ ඔහෙල අපි වගේ අය.. සංසේචනය වීමෙන්. මා වැරදි නම් දයාල් බතීම නිවැරදි කරාවි.

      Delete
    2. අපි අහල තිබෙන බුදු දහමේ සත්ත්වයා හට ගන්නා ක්‍රම සතරකි, ඒ හතරෙන් තුනක් මෙතැන සඳහන් වේ, පෝස්ට් එකේ තේරුම නම් බුදු දහමේ වචනයක් අල්ලාගෙන රණ්ඩු කර ගැනීම ගැන අදහසක් ඉදිරිපත් කිරීමටයි. එනම් එදා බුදුන් වහන්සේ දෙසු අර්ථය පුලුල් පදනමක් යටතේ විග්‍රහ කල මනාය යයි කියන්නටයි.
      එමෙන්ම උක්ත ඇමතිවරයා කතා කරන්නේ ඕපපාතිකයෙක් වගේ කියන්නටත්ය, ඒ අද භාවිතා කරන ඕපපාතික යන වචනයේ තව තේරුමක්.

      නිහාල් ගුරුසිංහටත් මගේ ස්තූතියි

      Delete
  14. nihal gurusinghe:
    ඕක තමා ඊනියා බෞද්ධ වන අපේ අවුල,බුදු දහම දන්නේ නෑ, ඒත් බයිබලේ සහ කුරාණේ දන්නවා, ඒ වගේම වාද කරන්නත් දන්නවා.
    සත්වයන් හටගන්නා ක්‍රම 4ක් තියනවා,
    1. අණ්ඩජ - බිත්තර වලින් (උරගයෝ කුරුල්ලෝ ආදිය)
    2. ජලාබුජ - ගර්භාෂ තුල (ඒ කියන්නේ බල්ලෝ පුසෝ මිනිස්සු ආදිය)
    3. සංසේදජ - තෙත් පරිසරයේ හටගන්නා සතුන් (සමහර කීටයෝ වගේ එවුන් ආදිය)
    4. ඕපපාතික - මේ ඉහත ආකාර නැතුව වෙනත් ආකාර වලින් ( දෙවිවරු, නිරිසතුන් සමහර ප්‍රේතයින් සමහර මිනිසුන්)

    දැන් බලන්න ඔබ හිතල දුන්න තේරුමයි ඇත්තයි කොච්චර වෙනස් ද කියල.
    ඒක නිසා හරියට නොදැන බණ කතා කියන්න එපා එකෙන් වෙන්නේ විකෘති බිහි වීම.

    ReplyDelete
  15. හිතවත් ඇනෝ ඔබගේ පැහැදිලි කිරීමට ස්තූතියි.
    බලන්න මෙතැනම තිබෙන අවුල, ඔබ කියනව එකක් මා කියනව තවත් එකක්,

    බුදු හාමුදුරුවන් දම් දෙසූ භාෂාවේ සිට අද දක්වා පරිණාමය වී හැටි.

    මාගධී,සිට ----- පාලියට,---පාලි භාෂාවේ සිට සිංහලට------- සිංහල, (සිංහල කිව්වට දෙමල සංස්කෘත් පාලි ඉංග්‍රීසි, පෘතුගීසි. ලන්දේසි වචන සෑහෙන්න මිශ්‍රවී තිබෙනව )

    සිංහලෙන් විද්‍යාව ඉගෙන ගත් අපට නිහාල් ගුරුසිංහ ඇතුලු අපි, සංසේජ කියන්නෙ ශුක්‍රාණුවක් හා ඩිම්බයක එකතුවීමෙන් සැදෙන අප වගේ ජීවීන්.
    ඔබ කියන්නේ පොත්වල ලියැවී තිබෙන සැටියට එන තේරුම්,
    මා දහම් පාසලේ නැත්නම් ඉරිද ඉස්කෝලෙ ඉගෙන ගත්තෙ මීට වඩා වෙනස් විදියට.

    මා කියන්නේ වචනයක් අල්ලාගෙන කෙහෙවලු අල්ලා නොගෙන පුලුල් විදියට වර්තමාන උසස්ම දැනුම උපයෝගී කරගෙන මේවා දෙස බැලිය යුතුයි කියලා.එදාත් උන් වහන්සේ කලේ එදා තිබුනු ඉහලම දැනුම භාවිතා කල එකයි. එදා හිටිය හොඳම ගුරුවරුන් ලඟට යමින් ඉගෙන ගනිමින් විචාරය කරමින්,..

    ජීව විද්‍යාව ඉගෙන ගන්න බුද්ධාගම පොත පෙරලන්න අවශ්‍ය නෑ. ඒකට බලන්න ඔනෙ ජීව විද්‍යා පොත්.

    කවුද මේ නිරිසතුන් කියල ඇහුවොත් ....

    ජීව විද්‍යාවෙන් උපදෙසක් ගන්න වෙනව, නාථ දෙවියන්ගෙ පර්යේශණ වැඩ ඔප්පු කරන්න නලින් නවීන විද්‍යාව යොදා ගන්නව වගේ.

    බුද්ධාගමේ පදනම් තර්කයයි,
    හැම දෙයටම හේතුවක් තිබෙනව..

    ඔබට තව උදව්වක් දෙන්නම්

    ඊයෙ පෙරේද ලංකාවට වැටුනු උල්කාපාතයක් එංගලන්තයට සම්බන්ධ පර්යේශණායතනයක ලොක්කා වන ආචාර්‍ය චන්ද්‍ර...විසින් විශ්ලේශ්ණය කිරීමේදී යම් ශාඛ විශේෂයක් ගැබ් වී තිබෙනු ස්තිර නොකරන ලද ආරංචි වලින් කියවේ.

    ReplyDelete
  16. ඔව් ඔව් අප්පෝ කෙහෙවලු පටලගන්නේ මොකටද?
    කෙසේ වෙතත් ඔබේ මේ කමෙන්ට් එකෙත් පිල්ගත නොහැකි තැන් බහුලයි.
    ඒත් අවසාන වශයෙන් ඔබේ ඔය නවීන විද්‍යාවෙත් Fertilization කියන එකට සිංහල වචනේ සංසේජ නෙවේ සංසේචනය, ඔබ පටලාගෙන ඔක්කොම, මමත් සිංහලෙන් විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් තමා.
    මාගධී කියන්නේ පාලියටම තමා, ඒක වෙනස් වුනේ නෑ.

    "එදාත් උන් වහන්සේ කලේ එදා තිබුනු ඉහලම දැනුම භාවිතා කල එකයි. එදා හිටිය හොඳම ගුරුවරුන් ලඟට යමින් ඉගෙන ගනිමින් විචාරය කරමින්,.."
    මේකත් වැරදියි, මෙහෙම එකක් වුනේ නෑ, උන්වහන්සේ මේවා ඉගෙනගත්තේ බුද්ධත්වයට පෙර විතරයි, ඒවා බුද්ධත්වයට පෙරම අතැරලා තමන්වහන්සේම සැබෑ සත්‍යය සොයාගෙන ගිහින් තමා ලෝකේ ඇත්ත අවබෝධ කරේ.
    අහලා නැද්ද ගුරු උපදේශ රහිතව කියල කොටසක් බුදු ගුණ වල තේරුම කියවනකොට.
    බුදු දහමේ පදනමත් තර්කය නෙවේ, කියවන්න කාලාම සුත්‍රය.
    අපේ ඔලු ගෙඩි පිරිලා තියන්නේ නවීන විද්‍යාව තමා ලෝකෙම ලොකුම විද්‍යාව කියල, ඒත් ඒක එහෙම නෙවේ.
    නොපෙනෙන දේ පිලිනොගන්නවා නම් ගුරුත්වාකර්ශනයත් පෙන්නේ නෑ ඉලෙක්ට්‍රොන පේන්නෙත් නෑ, ඒත් ඔබ හා මම ඒවා තියන කියල පිළිගත්තනේ ඉගෙන ගන්නකොට.
    පුහුදුන් විද්‍යාවයි ධර්මයයි ගලපන්න බෑ.
    මහාචාර්ය නලින් ද සිල්වා මහතා නවීන යි කියන විද්යාවෙනුත් ඔය පරීක්ෂණය ඔප්පු කරෙත් අපේ තන්හාකාර මහාචාර්යලාට වකුගඩු රෝගීන් මැරුණත් සල්ලි වලට බොරු කියා කියා නාථ දෙවියන්ට බැන බැන ආසනික් නෑ කියපු නිසා.


    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්