Followers

Saturday, March 30, 2013

මට සනීපයි චන්ද්‍රා - අල්ලපු ගෙදර දෙබසට හොරෙන් ඇහුන් කන් දුන්නෙමි




මිදුලෙ තිබුනු සපත්තු මල් ගසේ  එහෙන් මෙහෙන් දමා තිබූ අතු රිකිලි ටිකේ අගිස් කපා දැම්මොත් යම් පිලිවෙලක් වේ යයි සිතූ බැවින් ගරාජයේ මුල්ලක තිබූ දිගු කතුර ගෙනවිත් අතු ටික කපමින් සිටිනා අතර ස් ස් ශබ්දයක් ඇසී  පලමුව වමටත් දෙවනුව දකුනටත් හැරී බැලුවෙමි. කවුරුවත් පෙනෙන්න නැත. සාමාන්‍යයෙන් මා මිදුලේ සිටින විට ස් ස් ගාන්නේ වම් පස යාබද වෙසෙනා චන්ද්‍රාය. මා බිරිඳ අහල පහල නැති වෙලාවක් බලාය චන්ද්‍රා මේ ස් ස් පාර දාන්නේ. ම'බිරිඳ ගෙදර නැති බව ඇය ඉවෙන් මෙන් දනී.
ඇය හරිය.
ළමයිනුත් අම්මත් අසනීප ගතියෙන් පසුවන නැන්දම්මා බැලීමට ගොසිනි.


මා හෙමිහිට තාප්ප කන්ඩිය ලඟට ගොස් වට පිට බැලුවේ මේ ගෑනි කොහෙ මුවා වෙලා දැයි බැලීමටය තාප්පයත් ගෙයත් අතර උසට වැඩුනු පඳුරු වලට මුවා වී සිටින චන්ද්‍රා වෙනදා නැති භියකින් සැඟවී සිටින්නේ මන්දැයි සිතා ගත නොහැකි විය. ඇයගේ සවාමි පුරුශයා ඇය හැර ගොස් සෑහෙන කලක් ගතවී ඇත.

 මොකද බං හැංගි මුත්තන් කෙලිනවද?

ස් ස් කෑ ගහන්න එපා

පොඩි රහසක් කියන්න කතා කලේ

ඒ මොකද බං?

මං දන්නව ඔයා අද මේ පැත්තට එන්න හිත හිත ඇති, ප්‍රියන්තිලත් ගමේ ගිහිල්ලනේ ලමයිත් එක්ක,

කොහොමද බං උඹ දන්නේ ?

මට අර ඔයා අතු කපන විදිහෙන් කිව්වෑකි, එදා අන්තිමට අපි හමුවූ දවසෙත් ඔයා ඔය විදියට කැපුවා මතකයි.


අනේ පලයන් යන්න

 අරය ගෙදර ඇවිල්ල

අරය කිව්වෙ සෝමසිරිද ?

ඔව්, වෙන කවුද, ඉතින් ඔයා එනව කියල එකක්යෑ ?
මා තුල ඉරිසියාවක් ඇතිකිරීමටයි මේ අල්ල පනල්ල අස්සේ දුවගෙන ඇවිල්ල මට මේ විත්තිය කියන්නේ. මේ චෑන්ස් එක ආයි ආවොත් අත හරින්නෙ නෑ මම අධිශ්ඨාන කර ගතිමි


එකෙණෙහිම පිරිමි කඩ හඬක් ඇසී මම සුටුස් ගා මෑත් වී ලිස්සා ගියෙමි.

මොහොතකට පසුව බැණ අඬ් ගහගන්නා එකිනෙකාට දොස් පරොස් කියා ගන්නා චන්ද්‍රාගේත් සෝමසිරිගේ කටහඬවල් ඇසුණි. කාලෙකට පස්සෙ ගෑණි බලන්න ඇවිත් හොඳයි!
 මට හිතුනි.

ඉන්පසුව චන්ද්‍රා ඉකිබිඳින හඬත් සෝමසිරි ඇයව අස්වසන සැටිත් මගේ කනට වැටුනි.

එන පොට හොඳ නැත.

රණ්ඩු කරගෙන අරූ මකබෑ වෙලා යනව නම්... හැන්දෑ වෙනකොට ....

ටික වෙලාවකින් පිරිමියෙකුත් ගැහැනියෙකත් වේගයෙන් හුස්ම ගන්නා හඬත් මට සනීපයි චන්ද්‍රා යයි හයියෙන් බෙරිහන් දෙන හඬක්ද මගේ දෙයියො කියමින් හඬනා ස්ත්‍රී කට හඬක්ද ඇසින.

ඉච්ඡාභංගත්වයට පත් වූ මම දිගු කතුර ගෙන වේගයෙන් සපත්තු මල් ගසෙ අතු ටික කපා කපාගෙන ගියෙමි.

වැඩි වේලාවක් ගත වූයේ නැත.


මගේ බලාපොරොත්තු දල්වමින් ගෙදරින් නැවත රණ්ඩුවක හඬ ඇසෙන්නට විය. මෙවර නම් මගේ කල්ල මරේ.. ආශාවලින් කිලිටු වූ ඔද්දල් වී ගිය පෑරුනු සිත මට කොඳුරයි.

අනේ දෙවියනේ..ඕකගෙ ..

රන්ඩුව කෙලවර විය, නැවතත් සැනසුම් බස් ඇසෙන්නට විය.

ඒත් මා දුටු දෙය විශ්වාස කරන්නට බැරි විය. සෝමසිරි තරහෙන් පිපිරෙමින් පැමින ටවුම දෙසට පසු නොබලාම පිම්මේ යන්නට විය


ස් ස්

මොකද

එයා ගියා නේද

චන්ද්‍රට ඇස් පේනවනේ කන් ඇහෙනවනේ මගේ අමනාපය මම පෙන්වූයෙමි. ඒත් ඇත්තටම සිතුනේ 'රත්තරන් ගෑනි, කොහොම හරි පන්නගත්තා'


'කලුවර වැටෙන්න තව කල් තියෙනවා'
 ගෙතුලට යන්නට සැනසුම් සුසුමක් හෙලමින් නැගිට්ටේ හැන්දෑ ගමනට ලෑස්ති වෙන්නටය.



වාසනාවකි




 දහවල් 11.15 බසය ගේ ඉස්සර පාරේ දුවන කොලඹ සිට එන බසය ගේ ඉදිරිපිටම නතර විය. බිරිඳත් දරු දෙදෙනත් බසයෙන් බැස ගති.





26 comments:

  1. අත්දැකීමක්ද? :D:D

    ReplyDelete
    Replies
    1. මගේ අත් දැකීමක් වෙනව නම් මං ආසයි,
      මොකෑ නැනදම්ම විතරද අසනීප වෙන්නේ,
      තව තව හදිසි වෙන්න පුලුවන්,
      ඒ වැනි අවස්තාවලදී ඒ අයට මාව ගෙදර බලාගන්න දාල යන්න වෙනවනේ !

      Delete
  2. වැම්පයර් කන් දෙකක්ද මන්දා..... හි හි...

    ReplyDelete
    Replies
    1. අහල පහල ගෙවල් ලඟ පාත තියෙන එකේ වාසි අවාසි දෙකම තියෙනව,
      මේව වාසි!

      Delete
  3. හැඩ කර කර හැඩ කර කර ඇදපු කොටූ
    පැන ගන්නට ඇයි අමාරු ඇදපු කොටූ

    -බැදපු කාගෙත් කතාව මේක ද ?

    ReplyDelete
    Replies
    1. ඔව්, නෑ, ඔව්, නෑ
      බලාගෙන මහත්තුරු ගෙදර දාල යන්නේ,


      අනේ නෑ හැම මහත්තයම මේ වගේ අසල්වාසීනට උදව් පදව් කරන්න යන්නෙ නෑ.

      Delete
  4. පෑල දොරින් ගෙට රිංගන දස් කොන් ගැන දන්නේ ?

    ReplyDelete
    Replies
    1. අනේ එයත් එහෙමද?
      කාවද අප්පේ විශ්වාස කරන්නේ?

      Delete


  5. +++++++++++++++++++++++++++++


    හොද්ද බොර උනේ නැහැද ඉතින් ?
    අපරාදේ අතටම ආපු චෑන්ස් එක බතී....

    ReplyDelete
    Replies
    1. කවද්ද ආයි නැන්දම්ම හරි
      මාමා හරි අසනීප වෙන්නේ
      දින ගැන ගැන ඉඳිමි.

      සෝමසිරිය එදාටත් පාත් වෙයිද හෙනහුරා වගේ?

      Delete
  6. කලින් කළුවර වැටුනානම් හොදයි කියලා හිතෙන්න ඇති ළමයිනුයි, බිරිදයි දැක්කම. ;)

    ReplyDelete
    Replies
    1. ඇත්ත,
      අහිංසක අපිටමයිනෙ
      මේවගේ දේවල් වෙන්නේ!

      Delete
  7. පස් වරක් පහ විසි පහයි

    ReplyDelete
    Replies
    1. හස්තෝප්ක්‍රමං
      ශ්‍රේෂ්ඨං!

      Delete
  8. Replies
    1. ගෙදර ඇත්තො කලින්ම ගෙදර ආපු එකද?
      අනේ ඉතින් බලන්න ඔයත් මට කෝචොක් එක දානව

      Delete
  9. Replies
    1. ඔබගෙ කතා හා ශෛලිය තරම් ලස්සන නැත

      Delete
  10. ෂිඃ....අපරාදෙ.....

    අම්මගෙ සැප දුක් බලන්න ගිහින් එක දවසෙන් ආපහු එන්න....! මොකද හොද්ද ලිපේ තියලද ගිහින් තියෙන්නෙ....!?

    ReplyDelete
    Replies
    1. ගෑනුන්ට දිවැස් තියෙනවා කියන්නෙ මේවටද,
      නැත්නම් මැස්සො ගිහිල්ල කේලම කීවද?
      මේවට උත්තර දෙවියො තමයි දන්නෙ

      Delete
  11. බන්දනම් බදපු පාඩුවෙ ඉන්නෙ නැතුව යනව අනුන්ගෙ ඒවට කන දාන්න... කාපු වෙලාවට තමා මතක් වෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. දයල් ඔයා මගෙ දෙයිය කියන කොට සෝම්සිරිය ගෙට පනින සීන් එක හිතට නගා ගන්න.

      Delete
  12. අසල්වැසියාට ප්‍රේම කරනු එහෙත් වැට එසේම තබනු කියල පිරුලක් තියෙනවා. "love thy neighbour but keep thy hedge !!

    ReplyDelete
    Replies
    1. මං ඒ දෙකම ඒ ලෙසටම කළා කාටත් දොසක් කියන්න ඉඩක් නොතිය.

      Delete
  13. කොටු පැනීම මිහිරියාව මෙන්ම භයානක ප්‍රතිඵල ද ගෙනදෙන්න හැකිය

    ReplyDelete
  14. මිහිරියාව කෙසේ වෙතත් අනෙක නම් ශුවර්

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්