Followers

Thursday, March 7, 2013

සනත් ජයසූරිය, ක්‍රිකට්, මැන්ඩෙලා හා ඉන්වික්ටස් Invictus



කවුද කිවූ නිසා සනත් ඉන්වික්ටස් Invictus චිත්‍රපටය නැරඹුවේ ක්‍රිකට් තේරුම් කමිටුවේ ලොකු පුටුව ලැබුනාට පසුවය. වර්ගවාදී ආණ්ඩුව පලවාහැර පැවත්වූ පලමු ලෝක රග්බි කුසලානය සඳහා වූ ලෝක කුසලාන අවසන් මහා තරඟය  මැන්ඩෙලාගේ ජාති වාදී නොවන, දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා ගෙන යන්නා වූ උපාය මාර්ගය දැක්වෙන ඒ චිත්‍රපටය දැකීමෙන් උද්දාමයට පත් වූ සනා දැනට මඩ ගොහොරුවක් වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඒ මැන්ඩෙලාගෙ උපාය මාර්ගය යොදා ගැනීමට ඉටා ගත්තේය. සිදු වූ දේ කෙටියෙන් කියනවා නම් සනත්ට උවමනා වී තිබුනේ Invictus  හි මැන්ඩෙලා මෙන් අප ශ්‍රී ලාංකික ක්‍රිකට් අර්බූධය මෙන්ම නායකත්ව  අර්බූධය දාර්ශනිකව විසඳීමය. මෑත කාලයේ ලංකාවේ ජීවත් වූ සහ ජීවත්වන මහ පරිමාන  සිහින දකින්නන් අතරින් සිය සිහින සැබෑ කරගත් අයෙක් ලෙස සනත් ජයසූරිය ඉහල තලයක ලා සලකමි. ඔහු තම සිහින සැබෑ කර ගත්තේ සිය මව් බිම ලෝක සිතියමේ සලකුණු කරමිනි. වඩාත් වටින්නේ එබැවිනි. ලාංකික ක්‍රිකට් දර්ශනය මා කලින් ලියූ ලිපියක්

අශෝක හඳගම සිය සිහිනය මේ ලඟදී එලියට දැම්මේය. එය සමහරුන්ට අරහන්ය. ඒ අයට ඕනෑ ඒ සිහිනය ඇමරිකන් විදියට දැකීමටය. මං කලිනුත් මේ ගැන ලිපියක් ලියල තිබෙනව. ලංකාව සිහින දකින්නන්ගේ සුසානයක්ද? භය නොවී හීන දකින්න. ලංකාවේ අනාගතය රැඳී ඇත්තේ ඒ සිහින මතය.

සනා හොඳ රාත්‍රී කෑමකුත් ලෑස්ති කර දැනට ක්‍රීඩා කරන හැම ජෙ‍ය්ෂ්ට ක්‍රීඩකයෙකුටම ආරාධනා පත්‍ර යැව්වේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය තීරණය කෙරෙන මේ රැස්වීමට සහභාගී වීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමිනි.

මැන්ඩෙලා මෙන් ඔහු සූදානම් කරගෙන සිටිය ප්‍රධාන ප්‍රශ්නය වුයේ ඔබට ක්‍රිකට් නායකයත්වය ලැබුනු පසු නායකයත්වයට පදනම් කරගන්නා දර්ශනය කුමක්ද ? යනුයි. චිත්‍රපටයේ එන හැටියට මැන්ඩෙලා ඒ ප්‍රශ්නය ඇසූ විට දකුනු අප්‍රිකානු රගර් කණ්ඩායමේ නායක කියනව I lead by the Example මම ආදර්ශයෙන්ම ඒක පෙන්වනව. මැන්ඩෙලා එයින් සෑහීමකට පත් වෙන්නේ නෑ. මැන්ඩෙලා පෙන්වනව එදා පැවතුනු දේශපාලනික තත්වය මත ඒ උත්තරය ප්‍රමාණවත් නැති බව.

මේ රාත්‍රී භෝජනය හා රැස්වීමට පැමිනෙන සං ගා ගෙන් ශේක්ස්පියර් උපුටා දක්වමින් කෙරෙන හොඳ ලංඩං ටෝක් වැනි එකක් සනා බලාපොරොත්තුව සිටියේය.
එමෙන්ම ඒ ඔක්කොම ලොකු තවුසන් ටෝක් දීල අවසාන මහ තරඟෙදි ලොක්කගෙ මූඩ් එක බලල දේශපාලන වාසියක් ගන්න පුලුවන් නම් අවසාන මහ තරඟෙදි ඒක මව් බිමට අරන් දෙන එක තමයි මගෙ දර්ශනය කියල කියයි කියලත් සනා බලාපොරොත්තු උනා.

 මහේ ගෙන්ද ඊට නොදෙවනි බර්ටෝල් බ්‍රෙශ්ට් ආදීන්ගේ කියමන් උපුටා දක්වමින් කෙරෙන වර්ණවත් දේශනයක අපේක්ශා කෙරුනි.
ලංකාවට හැකි තරම් විදේශ විනිමය ලබා දීමට අයි පී එල් තරඟාවලියට සහභාගී වීමත් අනෙක් ක්‍රීඩකයින් දිරිගැන්වීමත් මගේ දර්ශනය බව කියනු ඇතැයි සන බලා පොරොත්තුවෙන් සිටියේය. සනාට විදේශ විනිමය යන වදන හිතට පවන් ගසන්නා වගේ වුවත් උත්තරය සම්පූර්ණ නැති බවක්, අඩු බවක් තේරුනි.

සනාගේද ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුවත්  ඒ රැස්වීමට නොපැමිනියේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ් Ministry of Crabs හි හදිසි කකුලු මස් ඕඩරයක් ලොකු තැනකින් ආ බැවින් එය හරියට කෙරෙනෙවාදැයි සුපරීක්ශාවෙන් සිටීමට අවශ්‍යවූ බැවිනි.

බලාපොරොත්තු සුන් වූ සනා ලඟම සිටි ජ්‍යෙෂ්ට ක්‍රීඩකයෙක් වන දිල් ගෙන් අර ප්‍රශ්නය ඇසුවේය.

'එන ඕනම ජාතියෙ බෝලයකට හයේ පහරක් ගැසීම තමයි මගේ දර්ශනය
රට දිනුවත් නැතත් මිනිස්සු එන්නෙ මගෙ හයේ පාරවල්, දිල් ස්කූප් එක, රැවුල බලන්න'

දිල් කාරය තවම ඒ කාලෙ හිටපු පොරමයි. පාර්ලිමේන්තුවට නම් ශෝක්, මැද කොළඹ පැත්තට දාල ගමු කියල ලොක්කට කියන්න සනා හිතා ගත්තේය.


ඉන්පසු දැන් පොර වී ඇති මැතිvs ගෙන් නිකන් ඔහෙ අහල බලනවා කියා
ප්‍රශ්නය ඉදිරිපත් කලේය.

අවසාන මහ තරඟෙට වෙනකම් හොඳට සෙල්ලම් කිරීම.
අවසාන මහ තරඟෙදි පැරදීම

සනත් ට අසන්නට කැමති උත්තරයෙන් භාගයක් එහි අඩංගුව තිබුනි. ඒත් සනා සැක හැර දැන ගන්නට පෙරලා ප්‍රශ්න කලේය, ඇයි මැතිvs එහෙම කිව්වෙ

Look, සනත් අයියා
අපි ඉන්දියාව ඔස්ට්‍රේලියාව වගේ රටවල් පැරැද්දුවොත් ඒ රටවල ක්‍රිකට් බලන්න සෙනග එන එකක් නෑ. එතකොට ආදායම් අඩුවෙනවා. අයි පී එල් ආදී තරඟ නවත්තන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ. අපේ රටින් ක්‍රීඩකයො යවන්න වෙන්නෙ නෑ. අප මව් බිමට එන විදේශ විනිමය අඩු වෙනවා.
විදේශ විනිමය සනත් කැමතිම වචනයකි, එමෙන්ම මව්බිම තවත් එවැනි වදනකි.


මාතර වැල්ලේ ටෙනිස් බෝල හරහට විසිකරමින් සිට සනාට අසුවී ලෙදර් බෝලෙ හරහට විසිකල හැකි ටොප් කොල්ලෙක් බවට පත් කළ  මලි ..ගෙනුත් නිකමට මෙන් ප්‍රශ්නෙ ඇසුවේය.

දවස් පහේ ගේම් පුලුවන් තරම් අඩුකරල, විස්සෙ විස්සෙ තරඟ වලට මුදල් වැඩියෙන් ලැබෙන තරඟ වලට සහභාගී කරවීම තමයි මගේ දර්ශනය.

අර දවස් පහේ ගේම් කිව්වෙ ටෙස්ට් තරඟ නේද? සනා අසයි.

ඒ මොනාද අයියෙ ඒ ? මලි .. පිලිතුරු වශයෙන් නැවත ප්‍රශ්නයක් නගයි.

මේ යකාට ඒකත් අමතක වෙලා. කොලොන්නාවෙ පැත්තෙවත් ගියාද සනාට සිතුනි.


උඹට මාව මතකද? සනා අසයි

ඔව් අයියෙ ටිකක් වගේ මතකයි.
ඒකත් කීවේ අතේ තිබුනු ඉන්දියන් රුපියල් මිටියක් ගනිමිනි.

සනා කල්පනා කලේ  විදේශ විනිමය ප්‍රශ්නයක පැටලී තිබෙන මොහොතේ මව් බිම යන වචනය වත් හරි කිව්වෙ  මැතිvs. කොල්ල කඩ්ඩට ඇඹරෙන්නෙත් නෑ. දීල බලමු. දර්ශනෙත් නරක් නෑ. දිනන්න කල්පනාවක් නෑ. බොහෝම හොඳයි. තරඟ වලට ඉදිරිපත් වන්නේ දිනන්ටම නොවේ. ඔහු මැතිvsට දර්ශනය පිරිසිදු කර මතක් කර දුන්නේය.


අනුන් දින්නත් අපි දින්න කියල තමයි මං හිතන්නෙ, මැතිව්ස් පපුවේ කුරුසෙ අඳිමින්ම කීවේ සනාගෙ හිත තවත් සතුටු කරන්නටය.
අන්න තව හොඳට තේරුණා. සනා කීවේය.

ඉස්සර මං නම් ගහන්නෙ කාරෙකක් පෙන්නුවොත්;ඒ තමයි මගේ දර්ශනේ. මේ ප්‍රශ්නය ඇසී ලඟින් ගිය අ වින්ද කීවේය.




14 comments:

  1. මානිගේ තීරුව සිහි වුනා.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ ස්ටයිල් එකට ලියන්න උත්සහයක් ගත්තා, ස්තූතියි ආවාට!

      Delete
  2. ක්‍රිකට් කීවාම මේ දවස්වල අපි නම් කතා කරන්නේ මාලිංග ගැන විතරයි. :D:D:D

    ReplyDelete
    Replies
    1. ඒ මොටෝ?
      මාධ්‍යය එක්ක වලියක් දාගත්ත නිසාද?
      මහ වෙදනා කිව්ව වගේ එතරම් ගනන් ගත යුතු දෙයක් නොවේ!

      Delete
  3. Invictus චිත්‍රපටිය ගැන කියන්නකො විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. http://en.wikipedia.org/wiki/Invictus_(film)
      සමාවෙන්න ඕනෙ පසුව විස්තර ලියන්නම් දැනට මෙය බලන්න

      Delete
  4. මානිවත්, මා හිතවත් තිලක් සේනාසිංහයන්වත් මතක් වුනා.

    මාලිගේ ප්‍රශ්නෙදී ඇයි අපි කලබල වෙන්නෙ? ලොකයේ මහා ක්‍රීඩකයින් වීශේෂයෙන්ම පාපන්දු, රගර්, ටෙනිස්, ගොල්ෆ් වගේ සුපිරි ක්‍රීඩාවල නියුතු ක්‍රීඩකයින් හොයන සල්ලි බැලුවම මේ සල්ලිද?

    මිනිහාගේ වචනෙ නරක දෙයක් කියවෙන්නෙ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මානිගෙ ස්ටයිල් එක කොපි කරන්න හිතුන.

      ඔබ හරි මාලිංග ගැන අප කලබල විය යුතු නැත.
      බොහෝ දෙනා දකින කෝණයෙන් බලන්න උත්සහයක් ගත්තා, මගේ ඔබ තුමාගේ දැක්ම හා සමයි.

      Delete
  5. බෝහෝම රසවත් උපහාසයක් දයල්. උපරීමයෙන්ම වින්දා.. ලිව්වොත් ලිව්වා තමයි...

    ReplyDelete
    Replies
    1. වින්දා නම් එයයි ඔබත් දන්න අපේ සතුට!

      Delete
  6. සල්ලි තමා... ඒත් ඉතිං එක මගහැරයන්න බැරි තත්වයක්නේ.

    ReplyDelete
  7. ඇත්තටම මා ඔහුට ශුභ පතනවා, පුලුවන් කාලෙ හම්බ කර ගත යුතුයි.

    ReplyDelete
  8. නියම යාන්ස් එක....

    ඇත්තටම සනාගේ ප්‍රියතම වචන විදේශ විනිමය සහ මව්බිම ද...? ෂා....කොච්චර හොදද..?

    ReplyDelete
  9. යාන් හෑල්ලක් නේ!

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්