Followers

Tuesday, March 19, 2013

ජිනීවා බැරි නම් ඕන පුxx අපිට මොකෝ? මේකත් xx හා xxx වචන තිබෙන කතන්දරයක්



අද විශේෂ මාතෘකාවක් නැත. හිතට ආපු වේගෙට ලිව්වා.

මත්තල ගුවන් තොටු පල රටේ ස්‍රේස්ට ජයග්‍රහනයක් ලෙස අපිට ආඩම්බර විය හැකි මහ ව්‍යාපෘතියක්.
LLRC වාර්තාවත් ජනපති තුමාගේ වංක නොවන ප්‍රයත්නයක් වගේ පෙනෙන දෙයක්, එය රටේ සංහිදියාවට Template එකක්, අච්චුවක්, පදනමක්; ක්‍රියාවට දා ගැනීමයි ප්‍රමාද?
(වෙලාවකට හිතෙනව ජයවර්ධන පුරට එරෙහිව රාජපක්ශපුරයද කියල, කෙසේ වෙතත් පහසුකම් විමධ්‍යගතවීම ගැන අප සතුටු විය යුතුයි. )
තමිල්නාඩුවට කියන්න තිබෙන්නේ ඔබලා මෙය ක්‍රියාවට දා ගැනීම ප්‍රමාද කරනවා කියලයි, ආන්ඩුව හිර කරන් ඉන්න ජාතිවාදීන්ට උඩ ගෙඩි දෙනවා කියලයි.

 තව බිල්ලෙක්,..... ජිනීවා,
දැන් මට නම් පෙනෙන්නෙ මේකත් ඔසාමා වගේ බිල්ලෙක් කියල. අපේ ආණ්ඩුත් බිල්ලො හදන්න නොදන්න කට්ටියනේ.

මතක ඇතිනේ පරණ ලේබල්..


චේගුවේරා
නැක්සලයිට්
දේශප්‍රේමී
ජේ වී පී
ප්‍රා
එල් ටී ටී ඊ
කොටි
ජාතිද්‍රෝහීන්

සිංහල කොටි
එන් ජී ඕ
ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරයො
බටහිරයෝ
හලාල්



'දෙමලට බැන බැන උන්ගෙ කාවඩි බෙරේ ගහලා, ක්‍රිකට් මැච් එකකට ගිහින් ලෝකෙට පේන්න සිංහ කොඩිය හෙලෙව්වාටපිරිමි තමන්ගෙ ගෑනු රට කුස්සිවල කඹුරන්න යවන පිරිමි ඉන්න රට!
ලංකාව දුවන්නේ ඒ මුදල් වලිනි.
මේ රටට වැටෙන්න තවත් තැනක් නැත. මේ අවමානෙන් බේරෙන්නට රටේ ලොකුම ලොක්කාටත් බැරිය.
මං කිව්වෙ ජිනීවා අරව මේව වැදගත්, ඒ ව හරියට සටන් කරන්න ඕන ඉසව්. ඒත් ජිනීව වලින් ගේන අරෙව මේව නිසා රට පැදුරෙන් බිමට වැටෙන්නේ නෑ'

කියල, මං තුමාගෙ මනස් ගාතයක් එලියට දාන්න ආව විතරයි, මෙන්න විපක්ශ තුමා තව බිල්ලෙක් ගේනව.රනිල් කියනව සමහර රටවල් හා සංවිධාන ලෑස්ති වෙනව කියල අපේ තේ නොගෙන ඉන්න, සංචාරයට නෑවිත් ඉන්න,කියලා.


 මලා! පැදුරෙනුත් බිමට.

රනිල් තුමා ඉන්නෙ අපිට බිල්ලො පෙන්නල හිනා වෙන්න.
කෝ තමුන්නාසේගෙ ප්‍රතිපත්ති මේව විසඳන? (මගේ ප්‍රත්පත්තිය තමයි මහින්ද සමරසිංහව අපේ ආණ්ඩුවේ විදේශ ඇමති තනතුර දෙන එක)


කෝ අපේ තෙල් සම්පත්, ඒවට මක් වෙලාද? ඒ ගැන දැන් කතාවක් නැත.

ජිනීවා එනවා යනවා
චොගම් එනවා යනවා
ධාතු එනවා යනවා
ක්‍රිකට් එනවා යනවා
දකුණු දිග මහා අධිවේගී මාර්ගය,
මත්තල ගුවන් තොටුපල  නිව්ස් එනවා යනවා

අපිට පාන්ද?


'ඇමරිකාව ගහන ගේම් ගැන හිත කරදර කර ගන්න ඕන නෑ.
අපිට ආයි වැටෙන්න තැනක් නෑ,
යුද්ධය අවසන් කරන්න ලංකාවට උදව් දුන්නෙත් ඇමරිකාව!
දැන් මොන බයිලද කියන්නේ.'

කියල, ප්‍රශ්නෙ මග ඇරල ගිහින් මං තුමා තව ශෝට් කට් එකක් දාන්න ගියේ,

ඒත් මතක තබා ගත යුතුයි,
සදාම්ට, ගඩාෆිට, ඔසාමට උදව් කලෙත් ඇමරිකාවලු, ඒ නිසා කලින් උදව් කළ කතා දැන් වලංගු නෑ.


ජිනීවත් තියෙනව, තමිල්නාඩුවත් තියෙනව, ඒත්, ප්‍රධාන ප්‍රශ්නෙ අපේ බඩගින්දර යාන්තම් මැකෙනවා පමනයි?

රටට පටන් ගන්න තැනක් තිබෙනවා, මෙන්න මෙතැන.....


ලංකාවේ ඉන්න දුප්පත්ම අඩුම ආදායම් ලාභි අම්ම  රූපවාහිනියට හෝ අයි ටී එන් එකට ගෙන්වල රටටම පෙනවන්න,  ඒ අම්මට පුලුවන්ද රජෙක්  තනන්න  පෝශණය අධ්‍යාපනය, ආරක්ශාව, හා සෞඛ්ය පහසුකම් සපයන්න කියලා. (මං රජෙක් කියල අදහස් කලේ අඩුම තරමින් ලිපිකරුවෙක්, හොඳ කාර්මිකයෙක්, දැනුවත් ශක්ති සම්පන්න ගොවියෙක් )
(බ. ගොනාවර්ධන නම් පලාතක ගේන්න එපා, 2500 න් ජීවත් වෙන්න පුලුවන් කතාව කියල තවත් රජය බාල්දු කරල දායි.) හැම පක්ශෙටම එන්න කියලා අහන්න ඕන තමුසෙලා මේකට මොකද කරන්නේ කියලා.

එදාට තමයි අපි අපේ පාර සකස් කර ගන්නේ.

ඒ අරුනම අනෙත් ඔක්කොම ඒ ඇත්ත යට ගහන්න කරන උප්පරවැට්ටි!

හලාල් කියා යම් කෑමේ බීමේ ප්‍රතිපත්තියක් මුසල්මානුවනට් තිබේ. එවැනි ආරක්ශිත කෑමේ පිලිවෙතක් අපට තිබේද?  එන ඕනම දෙයක වග විභාගයක් නැතිව ගිල දාන එක තමයි සිංහල කෑම ප්‍රතිපත්තිය.
හලාල් වැනි ප්‍රතිපත්තියක් අපි සකස් කර ගැනීම කල යුතුම දෙයක්.



ඇමරිකාව ලංකාවට ගහන්න යොදාගෙන තිබෙන්නේ සුද්දෙක්වත්, පිරිමියෙක්වත් නොවෙයි
අපේම එක්කෙනක් නවනීදන් පිල්ලේ මැතිණිය.

රනිල්ගේ හෝ සජිත් ගේ යූ එන් පිය ආවයි කියලා අපේ ගෑනුන්ව කුස්සි අම්මලා කරලා යවලා පිරිමින්ට අතේ xxx සිදු වෙන එක, හෙල උරුමය වන එක නවත්තන්න පුලුවන් වේවිද? බලය අතට වැටෙන කම් බලාහිටින ප්‍රතිපත්තියක පිහිටා සිටින යු එන් පියේ මේ පිළිබඳ ප්‍රතිපත්තිය කුමක්ද?
(රන්ජන් රාමනායකව ගෘහ සේවිකා ඇමති කරනවා)

ජිනීවා බැරි නම් ඕන පුxx අපිට මොකෝ ?

අපි නොදන්න ජිනීවා?
මහින්ද රාජපක්ශ, වාසු සමග ගිය ජිනීවා!
තව බිල්ලෙක්!
----------------------------------
පසුව එකතු කරන ලදි.

ජනතාව කන බොන හැටි සොයන්න සමීක්ෂණයක්

2013 මාර්තු 23  09:02 a.m
resaරටේ ජනතාවගේ ආදායම් හා වියදම් ගැන සොයාබැලීමට ජන‍ලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් ආරම්භ කර ඇත.හතර දෙනෙකුගෙන් යුතු පවුලකට හෙවත් සාමාන්‍ය ගෘහ ඒකකයකට මාසිකව ලැබෙන ආදායම හා ඔවුන්ට  ආහාරපාන හා සේවා ලබාගැනීමට වැයවන මුදල මෙහිදී සමීක්ෂණය කෙරේ. මෙහිදී සමීක්ෂණ නිලධාරීන් විසින් ගෘහ ඒකක වෙත පත්‍රිකාවක් නිකුත් කෙරේ. සතියකදී ආහාරපාන ගැනීමට වැය වූ මුදල එහි ඇතුළු වියදම්ද ආදායමද ලකුණු කරනු ඇත. මාස කිහිපයක් පුරා පැවැත්වෙන මෙම සමීක්ෂණය අවසන් වන්නේ ජූනි මාසයේදීය. මෙවැනි සමීක්ෂණයක් අවසන්වරට කෙරුණේ දෙදහස් දහයේදීය. එහිදී අනාවරණය වූයේ හතර දෙනෙකුගෙන් යුත් පවුලක මාසික ආදායම රුපියල් තිස්හයදහස් හාරසිය පනස් එකක් බවය. එම මුදලෙන් භාණ්ඩ හා සේවා සඳහා ඔවුන්ට රුපියල් තිස් එක් දහස් තුන්සිය තිස් එකක් වැයවන බවද හෙළිවිය. තවද ලංකාවේ දරිද්‍රතාව සියයට අටයි දශම නවයක් බවද අනාවරණය විය.
මිහිරි ෆොන්සේකා
------------------

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මතයි. ඊළඟට?

Genewa1ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී වැඩි ඡන්ද 12කින් සම්මත විය. ඡන්ද විමසන මොහොත තෙක්ම යෝජනාවලිය පිළිබඳව නිහඬව සිටි ඉන්දියාවද, පසුගිය වර සේම, අවසාන මොහොතේදී ඇමෙරිකානු යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 25ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 13ක් පමණි. රටවල් 8ක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියේය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි රටවල් සංඛ්‍යාව 47කි. පාකිස්තානය, වෙනිසියුලාව, ඉක්වදෝරය, කොංගෝව, ඉන්දුනීසියාව, උගන්ඩාව, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය, කටාර්, මොරිටේනියා, පිලිපීනය, තායිලන්තය, උගන්ඩාව, මාලදිවයින යන රටවල් ලංකාවට පක්ෂව ඡන්දය ලබාදුන් රටවල් විය. ඉන්දියාව හා යුරෝපා සංගමයට අයත් රටවල් ද ඇතුළු රටවල් 25ක් යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදිණි. ඡන්දය ලබාදීම ප්‍රතික්‍ෂේප කළ රටවල් අතර ජපානය මෙන්ම මලයාසියාවද විය. කෙසේ වෙතත් මානව හිමිකම් සැසියේදී සම්මත වූ මෙම යෝජනාව පිළිබඳ මේ වන විට විවිධ පාර්ශ්ව විවිධ අර්ථකතන සපයමින් සිටී. ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කර සිටින්නේ මෙම යෝජනාව හරහා ශ්‍රී ලංකාවටද යම් ජයග්‍රහණයක් ලැබි ඇති බවයි. ශ්‍රී ලංකාව සම්බන්ධ මෙම යෝජනාවට ඇමෙරිකා එක්සත් ජනපදය අවසන් දින කිහිපය තුළ නව සංශෝධන ගණනාවක් එකතු කොට තිබුණු අතර ඒවා තුළින් යෝජනාවේ සැර බාලකිරීමක් සිදුවී ලංකාවට යම් සහනයක් ලැබි ඇති බව ඇතැම් ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ අදහසයි. මානව හිමිකම් සැසිවාරය ආරම්භ වූ අවස්ථාවේ ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කෙටුම් පත හා පසුගියදා සම්මත වූ යෝජනාවලිය සංසන්දනය කර බැලීමෙන් සැර බාලකිරීමේ මෙම කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක. ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ශනය කිරීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට නිර්දේශයක් මෙවර යෝජනාවලියේ ඇතුළු නොවීමද ශ්‍රී ලංකාව මෙසේ ලැබූ සහනයක් ලෙස දැක්විය හැකිය. ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්‍ලේ ශ්‍රී ලංකාව සම්බන්ධව සකස් කළ යෝජනාවේද ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳව සඳහන්ව තිබිණ. නමුත් මෙම ඇමෙරිකානු යෝජනාව තුළින් අවසන් මොහොතේ එම කරුණ ඉවත්ව ඇත. කෙසේ වෙතත් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය ශ්‍රී ලංකාවේදී උල්ලංඝනය වූ අවස්ථා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන සහ විශ්වසනීය පරීක්ෂණයක් පවත්වන මෙන් මෙම යෝජනාවලිය හරහා ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා ඇත. එසේම මෙම පරීක්ෂණ පැවැත්වීමේදී ජගත් මානව හිමිකම් කවුන්සිලයේ උපදෙස් ලබාගත යුතු බවද මෙම යෝජනාවලියේ පැහැදිලිවම දක්වා තිබේ. එමෙන්ම ලබන වසරේ මාර්තු මාසයේදී මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධ විශේෂ සැසිවාරයක් පැවැත්විය යුතු බවට වූ සඳහන සාකච්ඡාවක් යනුවෙන් සංශෝධනයට ලක් වී තිබේ. ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ සැසිවාරයක් පැවැත්වීම පිළිබඳ යෝජනාව ඇමෙරිකානු කෙටුම්පතේ ප්‍රධාන අංගයක් ලෙස පැවතුනු අතර එහිදී එයට විවිධ පාර්ශ්ව රැසකින් විවේචන එල්ල විය. මෑත ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙසේ එක රටක් පිළිබඳව විශේෂ සැසිවාරයක් නොපැවැත්වුණු බව බොහෝ දේශපාලන විචාරකයන් විසින් පෙන්වා දෙනු ලැබිය. ශ්‍රී ලංකා රජයද මෙම නිර්දේශය දැඩි ලෙස විවේචනය කළේය. කෙසේ හෝ අවසානයේ මෙම විශේෂ සැසිවාරය, සාකච්ඡාවක් දක්වා සංශෝධනය වී ඇත. මානව හිමිකම්, විනිශ්චයකරුවන්ගේ සහ නීතිවේදීන්ගේ ස්වාධීනත්වය, භාෂණයේ නිදහස, නිදහසේ රැස්වීමේ අයිතිය වැනි ක්ෂේත්‍ර සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අවසර දිය යුතු බව සඳහන් යෝජනාව ඔවුන්ට අවස්ථාව සැලසීම දක්වා වෙනස්වීමත්, එම විශේෂ නියෝජිතයන්ගේ ක්ෂේත්‍රයන් සම්පූර්ණයෙන්ම ඉවත් කොට තිබිමත් අවසාන වශයෙන් සම්මත වූ යෝජනාවේ ඇති වෙනස්කම් වේ. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දීමේ වගන්තිය වෙනත් රටවල් සම්බන්ධයෙන්ම පූර්වාදර්ශයක් වනු ඇති බවට ඉන්දියාවේ බරපතළ අවධානය පළවී තිබුණු බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව ඉන්දීය රජයේ සෘජු බලපෑම මත මෙම වගන්තිය වෙනස් කෙරී ඇති බවටද ඇතැම් නිරීක්ෂකයෝ අනුමාන කරති. මේ වසරේ සැප්තැම්බර් මාසයේ උතුරු පළාතේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳව ප්‍රසාදය පළ කරමින් සංශෝධිත කෙටුම්පතට වගන්තියක් එක්කොට තිබෙන අතර, පසුගියදා සම්මත වූ සර්ව වාරික සමාලෝචනය සම්බන්ධයෙන් ඉන්දියාව නිකුත් කළ නිවේදනයේද එම වගන්තිය ඇතුළත්ව තිබුණි. අධිකරණය, සංහිඳියාව සහ ජීවනෝපායයන් යළි ආරම්භ කිරීම යන ක්‍ෂේත්‍රයන්හි තවත් බොහෝ දේ කළ යුතු බව පෙන්වා දෙන අතරම, එම ක්‍රියාවලියේදී සිවිල් සමාජය සහ සුළු ජාතීන් ඇතුළු සියලු ප්‍රදේශවාසී ජනකොටස්වල පූර්ණ සහභාගිත්වයේ වැදගත්කම නව කෙටුම්පතේ අවධාරණයකොට තිබේ. උගත් පාඩම් සහ සංහිඳියාව පිළිබඳ කොමිසමේ වාර්තාව සහ නිර්දේශ ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව සඳහා දායක විය හැකි බව සඳහන් වගන්තියක්ද සංශෝධිත යෝජනාවලියේ ඇතුළත්ය. බලය බෙදාහැරීම ඇතුළු සංහිඳියාව සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව දිරිමත් කරන බවට තිබූ සඳහන් ඉල්ලා සිටිනු ලැබේ යනුවෙන් සංශෝධනයට ලක්වී තිබේ. මේ අනුව සම්මත වූ යෝජනාව මුල් යෝජනාවේ සිට විශාල පියවරක් පසුපසට තැබිමක් ලෙසින් ඇම්නස්ටි ජාත්‍යන්තරය විග්‍රහ කරයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය දිගින් දිගටම මෙම යෝජනාවලියට තම විරෝධතාව ප්‍රබල ලෙසම ප්‍රකාශ කළ අතර එය මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡාවට ගැනුණු අවස්ථාවේ අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළේ මෙම යෝජනාව මගින් එය ඉදිරිපත් කළ රටවල දෙබඩි පිළිවෙත ප්‍රදර්ශනය වන බවයි. ලොව තවත් රටවල් බොහොමයක යුද ගැටුම් පවතින වාතාවරණයක් තුළ තිස් වසරක යුද්ධය අවසන් කළ ශ්‍රී ලංකාව වැනි රටකට එරෙහිව මෙවැනි යෝජනාවලියක් ගෙනඒම කනගාටුදායක බවද අමාත්‍යවරයා එහිදී අනාවරණය කළේය. පටු දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමේ අභිප්‍රායෙන් ශ්‍රී ලංකාවට එරෙහි මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බව පැහැදිලි වන බවද එහිදී ඔහු පෙන්වා දුන්නේය. අද දිනයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ මෙවැනි යෝජනාවලියක් හෙට දිනයේ අසාධාරණ ලෙස තවත් රටකට එරෙහිව ඉදිරිපත් කිරීමේ අවදානමක්ද පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය. “ශ්‍රී ලංකාවේ අනාගත සුබසිද්ධිය බලා‍පොරොත්තු වන්නන් මේ මොහොතේ සිදුකළ යුත්තේ රට තුළ ක්‍රියාත්මක ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට සහය ලබාදීමයි. මෙම යෝජනාවලිය තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මෙම ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට කිසිදු සහනයක් ලබා නොදෙන බව පැහැදිලිය. එසේම මෙම යෝජනාවලිය තුළින් ශ්‍රී ලංකාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින සමීප සබඳතාවන්ට හානියක් සිදුනොවෙනු ඇතැයි මා අපේක්ෂා කරනවා. මෙම යෝජනාවලිය තුළින් කලාපීය සබඳතාවන්ට හා දකුණු ආසියානු සහයෝගිතාවට හානිදායක බලපෑම් එල්ල කෙරෙනවා. ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සාමයක් ගොඩනැගීමටත් ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය වේගවත් කරලීමටත් ශ්‍රී ලංකා රජය පියවර ගන්නවා” යම් යම් සහනශීලී සංශෝධන ඇතුල් වුවද ලංකා රජය මෙම යෝජනාවලිය තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍යවරයාගේ මෙම අදහස් දැක්වීමෙන් පැහැදිලි වේ. කෙසේ හෝ වේවා මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී අවසන්ය. මේ තුළින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර නිරීක්ෂකයන් පැමිණීමේ හෝ ආර්ථික සම්බාධක පැනවීමේ අවස්ථාවක් උදාවනු ඇති බවට මෙරට සාමාන්‍ය ජනතාව තුළ යම් සැකයක් පවතී. ඒ අනුව මෙම යෝජනාවෙන් පසුව කුමක් සිදුවනු ඇතිද යන්න පිළිබඳවද කෙටියෙන් හෝ සොයා බැලීම ඉතා වැදගත්ය. මේ පිළිබඳ අප කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ සම්බාධක පැනවීමක් හෝ ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ පැමිණීමක් පිළිබඳව ගැටලුවක් මේ තුළින් පැන නොනගින බවයි. “මෙම යෝජනාවලියේ අඩංගු සියලුම යෝජනා ක්‍රියාත්මක කළ යුතුව ඇත්තේ ලංකා රජයේ සහාය හා අනුදැනුම මත බව එම යෝජනාවලියේම පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා රජයේ අවසරය නොමැතිව කිසිදු නිරීක්ෂකයකුට මෙරටට පැමිණෙන්නට බැහැ” යැයි එම නිලධාරියා සඳහන් කළේය. එසේම ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමක් සඳහාද මෙම යෝජනාවලිය තුළින් කිසිදු අවස්ථාවක් උදා නොවෙන බව එම නිලධාරියා පැහැදිලි කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට විවිධ පීඩනයන්, විවිධ අවස්ථාවලදී එල්ල කිරීමට මෙම යෝජනාවලිය මෙවලමක් ලෙස භාවිතා කෙරෙනු ඇති බව විදේශ අමාත්‍යංශ නිලධාරිවරයා සඳහන් කළේය. මෙවැනි යෝජනාවල ඇති බරපතළකම එයයි. ජාත්‍යන්තරව සම්මත වූ මෙවැනි යෝජනාවලිය තුළින් ශ්‍රී ලංකාවට විවිධ බලපෑම් එල්ල කිරීමේ අවස්ථාව බටහිර රටවලට ලැබෙන බව අමාත්‍ය මහින්ද සමරසිංහද අප කළ විමසීමකදී සඳහන් කළේය. බටහිර රටවල ආණ්ඩු බලයේ රැඳී සිටීමේ අරමුණින්, විදේශගත දෙමළ ප්‍රජාවගේ ඡන්ද ලබාගැනීම සඳහා එවැනි යෝජනාගෙන එන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත් ඇමෙරිකානු රජය නම් මේ සම්බන්ධව දරන්නේ වෙනස්ම අදහසකි. මෙම යෝජනාවලිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙරට ඇමෙරිකානු තානාපති මිෂෙල් එච්. සිසන් ප්‍රකාශ කර සිටින්නේ, මෙම යෝජනාව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ගනු ලැබූ පියවරක් බවයි.ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඇමෙරිකානු රජය නිරතුරු සහය දෙන බවත්, ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා ජගත් සංවිධානයේ අරමුණක් නැති බවත් ඇය අවධාරණය කර සිටී. මෙවැනි යෝජනා හරහා ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමේ කිසිදු බලා‍පොරොත්තුවක් නොමැති බව ඇමෙරිකාවේ උඉඒච් ආයතනයද පසුගිය අවස්ථා කිහිපයකම අවධාරණය කර ඇත.
පැතුම් වික්‍රමරත්න







25 comments:

  1. මචං, ඇමරිකාවට අපට ගහන්ඩ උවමනා නම් නවනීදන් පිල්ලේ වැනි අවසේස චරිත අවශ්‍ය නැත.

    ප්‍රීමා පාං පිටි මිල වැඩි කල සැනෙන් මේ ආණ්ඩුව හොම්බෙන් යන්නේය. ඇමරිකාවට අවශ්‍ය නම් ඒ ටික නොකර ඉන්නෙත් නැත.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලංකාවට එවැනි අවධානයක් දමන එක ඇමරිකාවට පාඩුයි, ඒ කියන්නෙ වෙලාව නාස්තියක්.
      මේ ආණ්ඩුව හොම්බෙන් ගියාම උන්ටමයි කරදරේ, තිරිඟු ටික දීල මෙහෙ ඉන්න හෙන්චයියන්ට හොද්ද බොර කරගන්න දීල ශේප් කරගන්න එක වඩා ලේසියි.

      Delete
  2. පැදුරෙන් වැටුනට පස්සේ ආයේ වැටෙන්ට තැනක් නැති හන්දා හිත කරදර කරගන්ට ඕනි නෑ.:)

    //'දෙමලට බැන බැන උන්ගෙ කාවඩි බෙරේ ගහලා, ක්‍රිකට් මැච් එකකට ගිහින් ලෝකෙට පේන්න සිංහ කොඩිය හෙලෙව්වාටපිරිමි තමන්ගෙ ගෑනු රට කුස්සිවල කඹුරන්න යවන පිරිමි ඉන්න රට!//

    මසුරන් කියමනක්!!! :D

    ReplyDelete
    Replies
    1. ඔතොකොට ගඟෙන් වතුර බීල මුහුදට ආවඩන අය
      ඉන්න රට ..!

      Delete
    2. අපි නම් හැමදාම මුහුදෙන් තමා වතුර බීවේ. ඒත් වැඩියම ආදරේ ගංගාවලටලු.:)

      දැන් මොකක්ද මේ මුහුදට ආවඩන කතාව?

      Delete
    3. ස්තූතියි පොඩි කුමාරිහාමිනේ, and silentsahan

      කුමාරිහාමිනේ, silentsahan එක්ක වලි දාගන්න නම් එපා.

      මට පොතක් හම්බ උනා සිටුවර පුවත, 2112 ස්වර්ණසම්මාන ලැබුනු නවකතාව,රූප ශ්‍රියානි ඒකනායක තමයි ලියල තිබෙන්නෙ, ඒක කියවන කොට කුමාරි හාමිනේ මතක් උනා.

      Delete
  3. මත්තල - රෙද්ද තමා

    හලාල් වැනි ගෝත්‍රික ක්‍රමයක් අපට අවශ්‍ය නැත , ශිෂ්ටාරි මිනිහෙකුට කැ යුතු දැ තීරණය කිරීමට හැකි ස්වයං බුද්ධියක් තිබේ , ගෝත්‍රික දහමක් අදහනා මුස්ලිමුන්ගේ ගානට අපි වැටෙන්නේ ඇයි

    යූඑන්පී ආණ්ඩුවක් මැදෙපෙරදිග කාන්තාවන් යැවීම වැලැක්වීමට නම් රන්ජන් රාමනායකටම ඒ සම්බන්ධ ඇමතිමක් තිබීම වුවත් සැහේදැයි සැකය . කොයි තරම් පීචං වුවත් අපේ රටේ සියලු දේශපාලකයින්ට බැලමෙහෙකමින් එන විදේශ විනිමය ලොකුය

    ReplyDelete
    Replies
    1. දිනාර්වල පීචං කියල ගහල නෑනේ.

      Delete
  4. කතාව ඇත්ත. එක xxxxට වත් අපි බය වෙන්න ඕන නෑ. බිම ඉන්න එකා කාට බය වෙන්නද!

    ReplyDelete
    Replies
    1. මැදිහත්ව බැලුවොත්, මානව හිමිකම් කඩන තරමක් කඩන්නෙ උන්!

      Delete
  5. ///අපේම එක්කෙනක් නවනීදන් පිල්ලේ මැතිණිය///

    දකුණු අප්‍රිකාවේ දෙමල කට්ටියට අපේ කියලා කිව්වේ වැරදීමක්ද නැත්නම් ශ්‍රේෂට මානව හිතවාදය හිනදා ද? :))

    ReplyDelete
    Replies
    1. අපේම පාට, ඉන්දියන් සම්භවය!
      සුද්දො දකින්නෙ අපි ඔක්කොම එක ගොඩෙ විදියට.

      Delete
  6. කාලෙකට පස්සේ බතීට බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ.. හි හි...

    බිල්ලො බැරියැ.. ගෝනි බිල්ලෝ නං එපා.. පොඩි එවුන් බයවෙනවා....

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ හිරුටත් දයල් බතීව මතක් වෙලා.
      ගෝනි බිල්ලො මතක් කරන්න එපා. එහෙම කාලෙකුත් මේ සිරි ලංකා ධරණී තලයේ තිබුනා

      Delete
  7. හෙළ උරුමය කුමක්දැයි පහදා දුන්නාට ස්තුතියි.
    ඕකට නිල් චිත්‍රපටත් ඇතුලත් විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. නිල් චිත්‍රපට, උරුමයේ අනිවාර්‍ය අංගයක්.

      Delete

  8. සිරාවටම බති සමහර ටෝක්ස් ගැන එකඟ නැති උනත්
    ඔයාගේ කතාවේ හරය එක්ක එකඟයි ..මුන් ඔක්කොම
    කරන්නේ අපිට බිල්ලෝ පෙන්නන එක..

    අපි බය වෙයි ඕවට ..( අඬාගෙන තාත්ති ලඟට දිව්වොත් මිස )

    ReplyDelete
    Replies
    1. බිල්ලන්ට භය වෙන්න ඕන අය නොවෙයි භය වෙන්නෙ, පැත්තක ඉන්න මහ ජනයා.

      Delete
  9. හතර වටේටම වනලා දාලා තියෙන්නේ. නව නීදන් අපේ කෙන්ක් කිව්ව එකේ ගැටළුවක් නම් තියෙනවා, ප්‍රශ්ණයට අදාල එක්කෙනෙක් කියන එක නම් අවුලක් නෑ. මේකට ලස්සන විග්‍රහයක් දුන්නා දයාන් ජයතිලක. ඒ වගේ මිනිස්සු ළඟින් තියාගන්නෙ නැතුව, කේප්ප හරක් ළඟින් තියාගෙන ඉඳලා. ජේ ආර් කාපු කෑමම කෑවත් පුදුම වෙන්න දෙයක් නෑ..

    ReplyDelete
    Replies
    1. නව නීදන් පාටින් සම්භවයෙන් අපේ කෙනෙක් විදියට තමයි සුද්දො දකින්නෙ.

      ලංකාව උඹ ලොක්ක වෙන්න යන්න එපා කියන එක මතක් කරල දීල, තමිල් නාඩුවේ කස්ටියට තමිල් නාඩුවත් ඉන්දියන් පාලකයින්ට පාරිමේන්තු බලයත් ගොඩ දාගත්තම ඇති,වෙන දෙයක් ඕන් නෑ. ඒ නිසා ජේ ආර් ලොක්කට දීපු ගේම් දෙන්න අවශ්‍යතාවයක් නෑ

      Delete
  10. ඔය කෑගහන උන්ටම කියපං කෝ ජිනීවා වලට ගිහින් අපේ හාමුදුරුවරුන්ට ගහපුවා පෙන්නන්න කියලා. මෙහෙ කෑගැහුවට එහෙ ගිහින් කීක් නැහැ..

    කරනව නම් වැඩ තියේ. ඒත් ඉතිං කෙරුවම ප්‍රශ්න ඉවර වෙන නිසාද මන්ද නොකර ඉන්නේ !

    ReplyDelete
    Replies
    1. ඔක්කොම වැඩ අපිට පෙනෙන්න විතරයි!

      Delete
  11. උන්ට ලූස් බං. ඒකයි හේතුව. අපේ ගෑණු රට යවන එක කැතයි. තෙල් හම්බවෙන්නේ අපිවම එල්ලලා හින්දුවාමනේ. ඒක දන්නේ නැද්ද? දැන් ඒක ටික ටික කරනවා.

    ReplyDelete
    Replies
    1. //තෙල් හම්බවෙන්නේ අපිවම එල්ලලා හින්දුවාමනේ. ඒක දන්නේ නැද්ද? දැන් ඒක ටික ටික කරනවා.//
      ඔව් ඉතින් කවදත් කෙරෙන වැඩේනෙ, ඒ ගොල්ලො නම් තෙල් බේරෙන්න ඉන්නවා

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්