Followers

Saturday, April 13, 2013

ජනපති ක්‍රමය කුනු කූඩයට දමන නව වසරක් වේවා !



ලැබූ 2013 වසර සෞභාග්‍යයෙන් පිරි ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් වේවා!

මේක ආතල් එක කඩන පැතුමක් .

මධ්‍යසාර, මත් ද්‍රව්‍ය හා දුම්පානය භාවිතය අඩුවන
මිනිමැරුම් නැති
අපරාධ නැති
කුණු ගඳ නැති
මහජන මුදල් හොරකම් නොකෙරෙන
ජනපති ක්‍රමය කුනු කූඩයට දමන
නව වසරක් වේවා !

32 comments:

  1. මේ රටේ නායකයෝ වෙන්න ඉන්ක කවුරුත් කැමති වෙන්නේ නෑ ඕක අයින් කරන්න. කියනවා විතරයි පත්වුණාම ඒකම කරගන යනවා...
    ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම samakayawate බ්ලොග ලියන නලින්

    ReplyDelete
    Replies
    1. ජනතාවට අවංක නායකත්වයක් දැන් අත්‍යවශ්‍යව තිබේ.

      Delete
  2. වසරක වෙහෙස නිමවා සිත හා සිරුරේ
    අමතක කරමු දුක රැඳි තැන් ගිය වසරේ
    නව වසරකට සැළසුම් හදනා මිතුරේ
    පැතුම් හොදයි නම් හෙට සිට කිරි ඉතිරේ

    ----ජයශ්‍රී---

    ReplyDelete
    Replies
    1. අපේ අවුරුද්ද අපිටම මුං විකුණන්නේ
      පාර දිගේ පොරකකා අප අවුරුදු ගන්නේ
      අපි හැම දේ සැනින් අමතක කරන්නේ
      මැරයෝ ඇස් බැඳ අපිටම ටොකු අනින්නේ

      Delete
  3. කෙලවර නැතිව කරගෙන යන මේ සුබ පැතුමේ
    තේරුම කිමද ලැබුනද ජය කිසිම සමේ
    රැල්ලට දුවන්නට හුරු වී සිටිනා හැල්මේ
    ජනතාවකට මෙය තව එක් දිනකි හෙළනා සුසුමේ

    ReplyDelete
    Replies
    1. ඔබට සිටිනා තැනින් එක් පියවරක් හෝ ඉදිරියට තැබිය හැකි සුබ නව වසරක් වේවා !!!

      Delete
    2. අවුරුදු විවේකයෙ ආතල් එක කැඩුව නොවේ
      නැව ගිලුනත් කවදත් බෑං චූන් අපි ලංකාවේ
      හෙලගති රකින්නට ණය වී අවුරුදු කෑවේ
      බැලුවම හොඳින් අපි නොව, අවුරුද්දය අපිව කෑවේ

      Delete
    3. මැසේජ් තරගේ කවදත් ඩයලොග් දිනුවාය
      කෝල් වලින් නම් එක ටෙලිකොම් අයියාය
      එකක් ඉවර වෙනකොට තවෙකක් එනවාය
      බිල ආ දාට අපි කවුරුත් පැරදීය

      Delete
  4. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද වාසනාවන්ත නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සියලු පැතුම් ඉටුවන ප්‍රීතිමත් නව වසරක් වේවායි පතමි.

      Delete
  5. ක්‍රමය බැරි වුනත් ජනාධිපතිව මාරු කරන්න බැරිද බං ඔය රාශි මාරු කරනව වගේ..

    ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
    Replies
    1. ජනපති මාරු කලානේ දැනට තුන් හතරවතාවක්!
      ඔබටත් ප්‍රීතිමත් උද්යෝගිමත් වසරක් වගේම
      අත ගහන හැම වැඩක්ම සාර්ථක වේවායි පතමි

      Delete
  6. පොළුකාරයන් (කාරියන් ), මුදල් වංචාකරුවන්, රැවිටිලිකරුවන්ගෙන් තොර සුභ අළුත් අවුරුද්දකට සියළු බ්ලොග් රචක පාඨක සැමට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. පොලුකාරියන්ද සිටී,,,, ඔහෝ ?

      ස්තූතියි,

      ඔබටත් ශුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  7. සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    bathi obata suba nawa wasarak wewa ma mithraya....!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ශුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  8. ජනපති ක්‍රමය නැති කරලා යඤ්ඤං කියලා පමාවතී ආයෙ එන්න හදනවා,....එන්න කියමු නේ ද...?

    සුබ අලුත් අවුරුද්දක් වේවා.....!

    ReplyDelete
  9. ජනපති ක්‍රමේ නැති කරන්න පොරොන්දු දී කඩ කරන්න
    එයාර් ලංකාව නංවන්න වෝටර්ස් එජ් ඇති කරන්න
    විමුක්තිවත් දියවන්නාවට රනිල්ගෙ අත් සවි කරන්න
    සුදු නෙලුමත් අතින් අරන් මැණිකෙ එන්න එන්න


    ඔබටත් ශුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  10. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත් ශුභ නව වසරක් වේවා!
      සියලු කටයුතු සාර්ථක වේවා!

      Delete
  11. හදවත සතුට උතුරන
    දස අත සැපත පැතිරෙන
    සුබ මිස අසුබ නොගෙනෙන
    ජයම වේවා! වසර එළඹෙන..

    ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරුණූ වාසනාවන්ත නව වසරක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. අනෝතප්ත විල නෙලුම නෙලාගෙන
      පීරා වරලස මල් ගවසාගෙන 'අරුන්දතිය' එනවා.

      ස්තූතියි,

      ඔබටත් ශුභ අලුත් අවුරුද්දක් වේවා!
      සියලු කටයුතු සාර්ථක වේවා!

      Delete
  12. සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
    Replies
    1. Yasiru Udana
      ශූභ නව වසරක් වේවා, සිංහ පීඩියා ඇතුලු සියලු කටයුතු සාර්ථක වේවා!

      Delete
  13. ඔය ඔක්කොම එක අවුරුද්දෙන් කලාම ඊලඟට චන්දේ ඉල්ලන්නේ මොනවා පොරොන්දු වෙලාද?

    ඉක්මනට හිස තෙල් ටිකක් ගා ගත්ත නම් නරකද?

    ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ඔතන නෑ,
      අලුත් අවුරුද්දට තෙල් ටිකක් දාගත්ත නම් අගෙයි.

      ස්තූතියි පැතුමට
      එමෙන්ම ඔබගේ ආදරණීය බිරිඳට දරුවනට සියලු ප්‍රාර්තනා ඉටුකරන ප්‍රීතිමත් වසරක් වේවා යි පතමි.

      Delete
  14. සෝභිත හමුදුරුවොත් පරණ තැටියක් දාගෙන ආතල් එකක් ගන්න යන්නේ. වෙනදා ගහන බයිලා වෙන අය කියනවනේ....

    සුභ මෙව්වා එකක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. සමහරු දියවන්නවට යන්න බලාගෙන පැපිලියානට ගිහිල්ල , සමහරු දියවන්නවටම ගිහිල්ලා, ආතල් ගන්නකොට උන් වහන්සේ විතරක් මොකෝ?

      රටේ යහපත වෙනුවෙන් ලියන මාතලන් සහෝදරයාට වැඩි වැඩියෙන් බ්ලොග් ලියවෙන වසරක් වේවා!

      Delete
  15. ඉතාම වටිනා අවුරුදු සුබ පැතුමක්....
    ඔබටත් පවුෙේ සැමටත් සුබ නව වසරක්ම ෙේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරුරසී,
      මේ ලැබු වසර ඔබටත් ඔබ පවුලේ සැමටත්
      ප්‍රීතිමත්,
      පැතූ පැතුම් ඉටුවන වසරක් වේවා!

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්