Followers

Saturday, April 6, 2013

සුංගිරාලගෙ කවියට කවියක්- නොබී දැන් ඉස්කොල විභාග ලියන්නත් බෑ

http://www.divaina.com/2013/04/07/feature27.html


ඉස්සර රජරට කොල්ලෝ බිව්වේ පොලිඩෝල්ය
දැන් එයට තිතය බොන්නේ ඇල්කොහොල්ය
සිහියෙන් උත්තර ලීවත් එන ප්‍රතිපල අවුල්ය
විභාගෙ ලියා ජොලියට දෙකක් නම් ආතල්ය


ආසනික්ය බොන වතුර ටිකෙත්
නිසරු පසේ ගොවිතැන් වඳ පීදෙත්
අස්වැන්නට සෑහෙන මිල නොලැබෙත්
අනුරපුරේ සුවඳට මත් සුවඳත් මුසුවෙත්
-------------

පසුව එකතු කරන ලදි


පළිබෝධනාශක දැන්වීම් තහනම්


2013 අප්‍රේල්  09  12:55 a.m
pali222ප්‍රොපනිල්, කාබරිල් හා ක්ලොරෝෆයිරි‍පොස් නැමැති රසායනික නාමයන්ගෙන් හඳුන්වන පළිබෝධනාශක මෙරටට ගෙන්වීම අත්හිටුවීමට  අන්තර් අමාත්‍යංශ කමිටුව තීරණය කර ඇත. උතුරු මැද පළාත ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන වකුගඩුරෝගීන්ගේ මුත්‍රා සාම්පලවල පරීක්ෂණවලදී අවශේෂ වශයෙන් මෙම පළිබෝධ නාශක අන්තර්ගතව තිබූ බැවින් මෙම තීරණය ගෙන ඇත. මීට අමතරව කැඩ්මියම් වැඩි ප්‍රමාණයක් සහිත ට්‍රිපල් සුපර් ‍පොස්පේට් ‍පොහොර භාවිතය අවම කිරීමටත් අන්තර්කමිටුව තීරණය කර ඇත. පළිබෝධ නාශක සඳහා සියයට 10ක සෙස් බද්දක් පැනවීම හා එහි ආදායම වකුගඩුරෝගීන්ගේ සුබසාධනය සඳහා බැර කිරීම, සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යය ඔස්සේ පළිබෝධ නාශක සම්බන්ධයෙන් වන වෙළෙඳ දැන්වීම් තහනම් කිරීම,  හා ආරක්ෂිත රසායනික ‍පොහොර හා පළිබෝධනාශක  යෙදීම පිළිබඳව ගොවිජනතාව  දැනුවත් කිරීමටත් තීරණය කර තිබේ. භාවිතා කරන ඖෂධ කිසිදු හිඟයකින් තොරව එම රෝහල් වෙත දීම, දැනට වකුගඩු රෝගය වාර්තාවන  ප්‍රදේශවල සියලු කුඩා රෝහල් සංවර්ධනය කිරීම වකුගඩු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන මැදවච්චිය මූලික රෝහ‍ලේ වකුගඩු සායන ශක්තිමත් කිරීම හා විශේෂඥ වෛද්‍ය සේවාවන් හා වෛද්‍යවරුන් මෙන්ම කාර්ය මණ්ඩල වහාම දීමටත් තීරණය කර ඇත.මෙම අන්තර් අමාත්‍යංශ කමිටුවට සෞඛ්‍ය, අධ්‍යාපන,පරිසර,කෘෂිකර්ම,ජල සම්පාදන යන අමාත්‍යංශවල ඇමැතිවරු අයත් වෙති.
ශ්‍රියානි විජේසිංහ


8 comments:

  1. මෙහෙම ගියොත් රටේ අනාගතය කොහොම වෙයිද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද? ඒත් නූතන තරුණ පරපුර එච්චරම මෝඩ නෑ!

      Delete
  2. පුදුම අපරාදයක් මේක නම් බති..බලන්න අපි කැලෑසියට යන කාලේ
    ඔහොම දේවල් කරේ නැහැනේ..ඒකට දැන් ඉන්න නරියෝ... :P

    ReplyDelete
    Replies
    1. මං දන්න විදියට නං
      ඔය වගේ වැඩ කරන අය කොයි කාලෙත් හිටිය
      අනාගතේටත් ඉඳීවි,
      පොඩි කොටසක් ඉන්නවනේ නෝටි වැඩ කරන්න කැමති?

      Delete
  3. @"අස්වැන්නට සෑහෙන මිල නොලැබෙත්" - එහෙව් එකේ හම්බවෙන සොච්චමත් බීල නාස්ති කරලදාපුවාම හොඳ.... කලක් යයි.

    ReplyDelete
    Replies
    1. තර්කය නම් හරියට හරි,
      ඒත් ඒ පසුබිම යටතේ
      සමහර තර්ක වැඩ කරන්නෙ නෑ.
      කලකිරීම,
      පලාතෙ පවතින පුරුදු,
      දුප්පත්කම මේ හැම දේම බලපානව

      Delete
  4. රජරට කොල්ලෝ කන්නෙ කනේරු ඇට.. දැන් ගොවියන්ට වෙන්නෙත් එවුව කාල මැරෙන්නයි..

    ReplyDelete
  5. ම හිතනව නව පරපුර එතරම් මෝඩ නෑ කියල!

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්