Followers

Monday, April 29, 2013

අම්ම කෙනෙක් තමන්ව දකින හැටි A mother through her own eyes





මා මෙය පොඩි කුමාරි හාමිගේ අලුත්ම පොස්ටුවට කොමෙන්ට් එකක් විදියට දමන ලද පොඩි පරිවර්තනයක්, කියවල බලමු තවත් අම්ම කෙනෙකුගෙ හැටි



For a Five - Year-Old
                   by Fleur Adcock

A snail is climbing up the window-sill
Into your room, after a night of rain.
You call me in to see, and I explain
That would be unkind to leave it there:
It might crawl to the floor; we must take care
That no one squashes it. You understand,
And carry it outside, with careful hand,
To eat a daffodil.

I see then, that a kind of faith prevails:
Your gentleness is moulded still by words
From me, who have trapped mice and  shot wild birds,
From me, who drowned your kittens, who betrayed
your closes relatives, and who purveyed
The harshest kind of truth to many another.
But that is how the things are: I am your mother
We are kind to snails

අවුරුදු පහක් වයසැතියෙකුට

                   by Fleur Adcock



ගොලුබෙල්ලෙක් ජනෙල් පඩිය දිගේ ඉහලට නගිනව
ඔබේ කාමරයට යන්න, රාත්‍රිය පුරා වට වැස්සෙන් පසුව
ඔබ මට අඬගහල පෙන්වනව, මම කියාදෙනව
එයාට එතැන ඉන්නට ඉඩ හැරීම අකාරුණිකයි
බිමට බඩ ගාගෙන යයි, අපි ඒ සතාව පරිස්සමින් බලාගන්න
ඕනෙ, කවුරු හරි පාගගෙන යන්න ඉඩ තියෙනව,
ඔබ තේරුම් ගෙන සතාව එලියට ගිහිල්ල දානව
එයාට ඩැෆොඩිල්  කන්න

ඔබ මා කියන දේ විශ්වාස කරනව,
ඔබගේ මෘදු බවට හේතුවෙන්නෙ මීයන්ට උගුල් අටවපු
වන කුරුල්ලන් වෙඩි තියපු මගේ වචන
ඔබගේ පූස්පැටව් වතුරෙ ගිල්ලපු, ඔබ්ගේ කිට්ටුම නෑදෑයන්,
කන්න බොන්න දීපු අය මුලා කළ මගේ වචන
බොහෝ අයට පොදු අමිහිරි සත්‍යය එයයි
ලෝකෙ කටයුතු සිද්ධවෙන්නෙ ඔය විදිහටයි, මම නුඹේ අම්මා
අපි ගොලු බෙල්ලනට කරුණාවයි

Translation into Sinahala by Dayal Bathee

excerpt from 'small poems for busy people' a cumulus book, Auckaland, NZ

19 comments:

  1. "You have to listen to your own voice. Not your heart, not your instincts, not any of that self-permissive psycho-babble stuff. No, none of that. If it was just about instincts and bright ideas it wouldn't need to be a voice. It's about words. You hear them, read them, then you write.”

    Adcock ‘s words not mine.:)

    මම ඉතින් මට ඇහුනු දේ තමා ලීවේ දයාල්....:D

    ReplyDelete
    Replies
    1. ඇඩ්කොක් කියනව වගේ ඔබ ඔබට අහුම් කන් දීල
      ඔබ ලියූ දේ හරිම සෙනෙහෙබරයි
      එහි කිසි පලුද්දක් ඇදක් කුදක් මා දකින්නේ නෑ,
      ඔබේ වියමන් රටාව කොපමණ ලස්සනද?
      ලොවේ හැමටම අම්මාගේ ආදරය ලැබේවා,
      ලස්සන ප්‍රාර්ත්නයක්!

      මා ගෙනත් අත් හැටියේ වෙනත් මානයක්,
      එය මගේ හෝ ඔබගේ හෝ වෙන ඔනෑම අයෙකුගේ හෝ අම්මාට ඇති ආදරය බිඳකින් හෝ අඩු කරාවි යයි මා සිතන්නේ නෑ,
      ඒත් සමහර විට ලෝකෙ කටයුතු සිද්ධවෙන්නෙ ඒ විදියටයි

      Delete
  2. අම්මා ගැන බොක්කටම වදින තැනක් තමයි.. "පායන තුරු හිටි පියවර සිටියා ඔබ අම්මේ..." කියන කොටස..
    ඒක බොක්කටම වදින්නේ.. අපිටත් ගමට විහිදුන මුල් තියෙන නිසා. ඒ වගේම සුමදුර ධර්ම දේශනාවක් වගේ ලයාන්විත කට හඬ නිසා.. ඕනම වෙලාවක ඒ ගීතය අහන කොට ඇඟේ හිරිගඩු පිපිනවා..

    ReplyDelete
    Replies
    1. මව් ගුණ ලංකාවේ හොඳට විකිණෙන භාණ්ඩයක්.
      හාමුදුරුවරු මේ භාන්ඩෙ විකුනන්න හරි දස්සයෝ
      හැබැයි අම්ම හැමදාම කුස්සිය මුල්ලේ
      උයනව රෙදි හෝදනව අතු ගානව දුක් උහුලනව
      කෙසේ වුවත් ඔබ සමඟ එකඟයි
      වික්ටර්ගේ ආදරයේ උල්පත වු අම්මා ගීතයත් මාව හඬවනවා

      Delete
  3. ඔව් අම්මා ගැන මොන ලෝකේ උනත් තියෙන්නේ එකම නිර්වචනයයි.. අම්මා උතුම් කියන එක..

    ReplyDelete
    Replies
    1. පපුවේ පච්චයක් කොටලත්නේද් තියෙන්නේ?

      Delete
  4. "Ammat" samkala haki wena kisiwak lowa nata.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. මා ඔබ ගැන නොවෙයි මේ කියන්නේ, sanjeewa mendis


      මා නම් මව් උතුම් උතුම් කිය කිය හිටියේ නිකං හිටියේ නෑ,
      අම්මාව හිටි තැනින් මා උඩට ගෙනිච්චා, පවුලේ බර කර ගැහැව්වා, තාමත් එහෙමයි,

      සමහර අය අම්ම උතුම් කිය කිය ඉන්නව, කරන්නෙ අම්මව කඩාගෙන කන එක

      Delete
  5. ලොව උතුම්ම වචනය අම්මා....ඉතින් මේකට තවත් කුමට අර්ථ.. ඔබේ වෑයමත් ඉතාමත් සාර්ථකයි

    ReplyDelete
    Replies
    1. මා ඔබ ගැන නොවෙයි මේ කියන්නේ, දිල් රුක්ශ,

      අම්ම උතුම් කිය කිය ඉන්නව විතරයි
      මොකද තමන්ගෙ රෙදි ටික, යට ඇඳුම් පවා අම්ම හෝදල දෙන නිසා,

      කෙනෙක් ඇහුවොත් ඔබ මොනවද අම්මට කරල තියෙන්නෙ කියල
      බැලුවහම මොකවත් නෑ, one way traffic
      ඒකයි මේ උතුම් කියන්නෙ?

      Delete
  6. අපේ අම්මා නම් කුර කූඹියෙකුටවත් හිරිහැරයක් කලේ නෑ අපිටත් ඒ විදිහට ජීවත්වෙන්න ඉගැන්නුවා. සොබාදහමට සහ මිහිමත සියලු සතුන්ට කරුණාවන්ත වෙන්න ආදරය කරන්න අම්මා අපිට ඉගැන්නුවෙ ආදර්ශයෙන්..

    ReplyDelete
    Replies
    1. ලෝකෙ ඉන්න හැම පුද්ගලයටම
      පොතේ ඉන්න ලස්සන අම්මලම
      හම්බ වෙන්නේ නෑ, හේතු මහ ගොඩයි,
      අම්ම කෙනෙක් අවිහිංසාව ඉගැන්වුවත්
      හිංසාව ඉගැන්වුවත් ඒ කරන්නෙ
      දරුවන්ගෙ හා තමන්ගේ ආරක්ශාවට,
      සමහරවිට ජීවත් වීමට,
      තමන්ට තේරෙන විදියට,
      ලෝකෙ කටයුතු වෙන්නෙ ඒ විදියටයි,
      පසුව දරුවො එය තේරුම් ගත යුතුයි,
      හැකි නම් නිවැරදි කරගත යුතුයි!

      Delete
  7. මටත් ඉතුරු වෙලා ඉන්නෙ අම්මා විතරයි. ඉතින් ගොඩක් දැනෙනවා.

    ඩ්‍රැකීමි. සියොවැ ආමි. බැලු බැලු කෙනා කොමෙන්ට් ලීවෙන් නොලීමි.

    ReplyDelete
  8. ස්තූතියි මෙහි ආවාට
    අම්මා ගැන....
    මා පොඩි කාලේ ගෑනු ළමයි වැඩිපුර කියන මේ කවිය නැවත ලියන්නම්

    දිනේ පටන් මා උපන්න
    මව් විඳි දුක් බෑ කියන්න
    දොහොත් මුදුන් තබා මෙන්න
    වඳිමි මව්නි පව් අරින්න


    මාත් ඩ්‍රැකියුලා පැත්තේ ගොහින් අලින්ගෙ ගජබින්නෙ කියෙව්ව,
    කියල වැඩක් නෑ, දිගටම ගෙනියන්න,
    අපිත් දෙන්නම් ටොම් පච ටිකක්..

    ReplyDelete
  9. VERSUS ARE CLEVERLY TRANSLATED. UNLIKE STORIES ABOUT JOKKU, CHOO, JEE, PADA ETC.,

    ReplyDelete
    Replies
    1. Thank you very much for the praise, but the comparison is not that good!

      Delete
  10. ඔබ හිතන විදියටම අම්මට උදව් කරපු කෙනෙක් හැටියට මට බය නැතිවම කමෙන්ට් කරන්න පුළුවන්. අපේ අම්මගේ අසනීප තත්වේ නිසා අපේ උදේ තේක හදා ගන්න, අපේ ඇඳුම් අපිම හෝද ගන්න පටන් ගත්තේ යන්තම් වයස 11ක් විතර වෙනකොට. තවමත් මගේ උදේ තේක මමම හදා ගන්නේ ඒ පුරුද්දට. ඒ ලැබුණු දෙයින් අද දෙයක් තනියම කර ගන්න පුළුවන් කෙනෙක් විදියට මට බොහොම අසීරු අවස්ථා වලදී නැගී හිටින්න පුළුවන් වුණා.

    ReplyDelete
    Replies
    1. මගේ බාල මල්ලි ඉපදුන දවස් වල දවසක් අම්මට උයලා කන්න දීලා තියෙනවා. ඒ ඇති නේද?

      Delete
    2. ඇත්තටම ඔබගේ අත් දැකීම් ජීවිතේ ජය ගන්නත් උදව් වූ හැටි අගෙයි!

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්