Followers

Wednesday, April 17, 2013

Slums, Dogs, Milionairs,and ජාතික කුණු ප්‍රතිපත්තිය National Garbage Policy

හිරුනිකා ඔයා දුහුල් ඇඳුමක් ඇඳන් උසාවි යන්න
                                  බැරෑරුම් ප්‍රශ්න උදුල්ලට භාර දී වරප්‍රසාද ටික බේරගන්න


වැදගත් කර්මාන්ත කීපයක් පැවතීම හේතුවෙන්  ආර්ථික වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශයක් වු නිසාද කොළඹ නගරයට ගලක් විසි කරන් දුරින් පිහිටි නිසාද  විශාල වැඩ කරන ජනතාවක්  ජීවත් වීම නිසාද වාමාංශික පක්ශවල  වැඩි අවධානයක් ලදින්  කොලොන්නාව දේශපාලන වශයෙන් පොහොසත් තැනක් විය. දේශපාලන වශයෙන් අවදි වූ ජනතාවක ජනතා නියෝජිතයා වශයෙන් උගතෙක් නම් කිරීමට දේශපාලන පක්ශ ක්‍රියා කලේය. ටී බී ඉලංගරත්න ඔවුනතර ප්‍රමුඛයාය.

1977 දී ජේ ආර් තුමා කලේ එහි අනෙක් පැත්තයි, සුලු සුලු ව්‍යාපාර හිමි, කසිප්පු පෙරූ අය, ගංජා විකුණූ අය, රස්තියාදු කාරයින් සංවිදානය කිරීමයි. ඒ නිසා එය කුණු ගොඩක් කිරීම අරඹුනේ 1977 දී ජේ ආර් තුමා කාලයේ බව කිව යුතුයි. අනිවාර්‍ය්යෙන්ම එහි සම්පුර්ණ වැරද්ද ජේ ආර් ට පැටවිය නොයුතුය. ශ්‍රී ලනිපයේද වමේද එහි  සංවිධායකයින්ගේ නොමනා ක්‍රියා කලාපයද එයට හේතු විය. එනිසා ඔවුන්ද වගකිව යුතුය. ආණ්ඩුවේ සියලුම වරප්‍රසාද ඔවුනතර පමනකි.

කුණු දැමීම ආරම්භයේදීම මෙය නතර කර ගත යුතුව තිබුනි.

ඉලංගරත්න ඇතුලු බොහෝ නායකයෝ කොලොන්නාවට ආවේ පැරශුට් කාරයින් වශයෙනි. එහෙත් මෑතදී ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රථම වරට ඒ පලාතෙන්ම බිහිවී ඒ පලාතේම නායකත්වයට පත් වූ  නායකයෙකි. ඔහුව බිහි කලේ කොලොන්නාවේ යු එන් පිය විසින් බිහි කල පාතාල දේශපාලනයෙන් කොලොන්නාව මුදවා ගන්නටය. ඔහු යු එන් පියේ මැර හස්තයෙන් කොලොන්නාව මුදවා ගත්තේය. ඒත් සිය පක්ශයේ වෙසින් ආ යූ එන් පී මැරයන්ගෙන් ගැලවීමට නොහැකි වූ බවකි පෙනෙන්නේ.

කොලොන්නාව භෞතිකවම කොළඹ කුණු ගෙනවිත් කුණු ගඳ ගැස්සීම ඇරඹියේ මීට දසක දෙකකට ඉහතදීය. කුණුත් සමග පැල්පතුත්, ලෙඩ රෝගත්, ලක්ශපතියනුත් බිහිවෙයි. කොලොන්නාවට ඉතිරි වූයේ පැලපතුත්slums, ලෙඩ රෝගත් පමණි. කුණු නිසා බිහිවන ලක්ෂපතියොmillionaires අදෘශ්‍යමානය. ලංකාවට කලාකරුවන්, ක්‍රීඩකයින්, උගතුන් බිහිකල තෝතැන්නක් වූ කොලොන්නාව පාලකයන්ට උවමනා වූ පරිදිම කුණු කන්දක්, පැල්පත්slums, කුණු උඩ ජීවත් වන මෙලෝ අපායේ ජීවත් වන කුණු පනුවන්  රැසක්ද දේශපාලකයන්ගේ කොන්ත්‍රාත් කරන කුලී මිනිමරුවන්dogs, මත් පැන් හා මත් ද්‍රව්‍ය ජාවාරම්වලට යොදා ගත හැකි, පාතාලයට සම්පත් සපයන තැනක බවට පත් කලහ. මහජනයාට රිසි සේ ක්‍රීඩා කිරීමට හවසට එකතු වී කතා බස් කිරීමට තිබූ ස්ථාන සැලසුමක් නැති නිවාස හා ව්‍යාපාරික ස්ථාන බවට පත් කොට වැරහැලි එල්ලු කාලකන්නි තැන් බවට පත් කරන ලදි. තරුණයන්ට ක්‍රීඩාවට තුබූ මං අසුරා දැමූහ. උන් කුඩු ගහනවා ඇර වෙන ජොලියක් නැති තැනට පත් කලහ.
 පාලකයෝ ජයග්‍රහණය කලහ.

ඒත් ශිෂ්ඨ සම්පන්නව පිරිසිදුව ජීවත් වීමේ අයිතිය මූලික මානව අයිතිවාසිකමකි. ඒ සඳහා සටන සාධාරණව සිතන්නට වැඩ කරන්නට පුරුදුව සිටින කොලොන්නාව ජනතාව අත්නොහරිනු ඇත.

කොළඹ සුද්ද කරමින් ලක්ශපතියන්ට සුරපුරයක් නිමවමින් ඇත. එහි කුණු දුප්පත් ජනයාට අනුභවය පිණිස උන්ගේ ගෙවල් දොරකඩම හලා දමයි. එයට විරුද්ධ වූ විට ස්ත්‍රීන්ටද පොලිස් අතවරය.
ජාතික කුණු ප්‍රතිපත්තිය මෙයද?

ලෝකයේ බොහෝ රටවල් දැන් කුණු සලකන්නේ සම්පතක් හැටියටය. එය නිසි කලමණාකරනය කිරීමෙනි. ලංකාවේ ජනයාට එය තවමත් හෙණයක් වී ඇති හැටි.? ජාතික කුණු ප්‍රතිපත්තිය මෙයද?
මෙයද ආශ්චර්‍යයකි?

බලන්න කුණු ගොඩේ විශාලත්වයත් වටේ තිබෙන නිවෙස් ප්‍රමාණය




----------------------------------------------

පුවත් පත් වාර්තාවකි
කුණු ජය පොලිසියට

චමින්ද සිල්වා

කොළඹ මහ නගර සභාව විසින් කොළොන්නාවේ මීතොටමුල්ල ප්‍රදේශයට කුණු කසළ බැහැර කිරීම නවත්වන ලෙස ඉල්ලා දින කිහිපයක සිට කුණු කන්දට යන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් ගෙනගිය සත්‍යග්‍රහය ඊයේ (09 වැනිදා) පොලිසිය විසින් අවම බලය යොදා මැඩපවත්වන ලදී. වසර කීපයක සිට ප්‍රදේශයේ ජනතාවට විශාල පීඩාවක්‌ ගෙන දෙන්නාවූ පොතුවිල් කුඹුරේ කුණු කන්දට තවත් කුණු නොදමන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් ගෙන ගිය සත්‍යග්‍රහය මැඩපැවැත්වීමට පොලිසිය කටයුතු කළේ ප්‍රදේශවාසීන් හා කොළඹ නගර සභා බලධාරීන් අතර පැවැති සාකච්ඡාව බිඳ වැටීමෙන් අනතුරුවය.

මෙහි කුණු දැමීම අක්‌කර දෙකකට පමණක්‌ සීමා කරමින් අතීතයේ මෙය ආරම්භ කළ නමුත් මේ වනවිට අක්‌කර 17 ක්‌ පුරා කුණු දමා කුණු කන්දක්‌ සෑදී ඇතැයි ද ප්‍රදේශවාසීහු පවසති. කුණු කන්ද ව්‍යාප්ත කිරීම සඳහා බලධාරීන් මේ වනවිට නිවාස 80 ක්‌ පමණ කඩා ඉවත් කර ඇතැයිද කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය පවසයි.

කුණු කන්ද නිසා දැනට මරණ 20 කට වැඩි ගණනක්‌ද සිදුවී ඇති බව හෙළිවී තිබේ. එමෙන්ම ප්‍රදේශයේ ජනතාවගෙන් සියයට අනූවකට පමණ නිරන්තරව බෝවන රෝග වැළඳෙන බවත් සියයට හැත්තෑපහකට (75%) චර්ම රෝග සහ බරපතළ ශ්වසන රෝග වැළඳෙන බවත් හෙළිවී තිබේ. දිනකට කුණු ටොන් 700 ක්‌ පමණ මෙම ප්‍රදේශයට බැහැර කරන බව ද අනාවරණය වී ඇත.

---------------------
http://www.lakbima.lk/news/index.php?option=com_content&view=article&id=8889:2013-04-16-10-01-13&catid=48:2012-04-02-08-50-52&Itemid=75

කුණු කන්දකට යටවුණු මීතොටමුල්ල ජනතාවගේ ඛේදවාචකය

Kunu-kandaකොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ කොළඹ දෙසට බස්වල පැමිණෙන මගීහු වැල්ලම්පිටියේ ‍පොලිස් ස්ථානයේ නාමපුවරුව දකිත්ම අමුතුම කලබලයකට පත්වෙති. මෙම අවස්ථාවේදී මගීහු බොහෝ දෙනා තම අතැති ‍ලේන්සුවලින් නැහැය සහ කට තදින් වසා ගනිති. මෙහිදී සිදුවන තවත් භයානක කරුණක් වන්නේ මගී බස්රථවල රියැදුරන්ද සුක්කානමෙන් එක අතක් අත්හැර නැහැය තදින් වසාගන ජනාකීර්ණ මහා මාර්ගයේ තනි අතින් මගීන් පිරුණ බස් රථ ධාවනය කිරීමය.
මේ සියල්ලම සිදුවන්නේ වැල්ලම්පිටිය, කොළොන්නාව නගර පසුකර යන බොහෝ දෙනා මීතොටමුල්ල ‍පොතුවිල් කුඹුර දැවැන්ත කුණු කන්දේ ඉවසිය නොහැකි දුර්ගන්ධය හොඳින් අත්විඳ ඇති නිසාය.
පෘථිවි අභ්‍යන්තරයේ ඇතිවන භූකම්පන නිසා පාෂාණ තට්ටු ඉහළට තෙරපීමෙන් විශාල කඳුවැටි නිර්මාණය වන බව භූගෝල විද්‍යාව පාඩමේදී උගන්වනු ලැබේ. මීතොටමුල්ල ‍පොතුවිල් කුඹුරුයායේ අක්කර විස්සක් වැනි සුවිශාල ප්‍රදේශයක අඩි එකසිය පනහකටත් වඩා උස් වූ මෙම දැවැන්ත කුණු කන්ද බිහිවූයේ එවැනි භූකම්පනයක් නිසා නොවූවත්, මෙම කුණු කන්ද නිසා මීතොටමුල්ල අවට පදිංචිකරුවනගේ හදවත් තුළ ඇතිවී ඇති කම්පනය නම් මහා භූමිකම්පාවකටත් වඩා වැඩිය.
මෙම කුණු කන්දෙහි අහිතකර බලපෑම් නිසා මීතොටමුල්ල අවට ප්‍රදේශයේ සිදුවී ඇති මරණ සංඛ්‍යාව තිහකට වැඩියි කියනු ලැබේ. අදත් මීතොටමුල්‍ලේ වයස අවුරුදු හතරක කුඩා දරුවන් දෙදෙනෙක් මෙම කුණු කන්දේ ශාපය නිසා කොළඹ ජාතික රෝහ‍ලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. වෛද්‍යවරුන් පවසන්නේ විෂබිජ ශරීරගතවීම නිසා මෙම කුඩා දරුවන් අසාධ්‍ය තත්ත්වයට පත්වී ඇති බවය. පසුගිය දිනක වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙම කුණු කන්ද අවට පදිංචිකරුවන් පිළිබඳව සිදුකළ සමීක්ෂණයකදී පැහැදිලිවී ඇත්තේ මෙම කුණු කන්දෙහි අහිතකර බලපෑම් නිසා ප්‍රදේශයේ ජනතාවගෙන් Kunu-kanda1සියයට අනූවකට නිතර බෝවෙන රෝග වැළඳෙන බවත්, සියයට අසූවකට චර්ම රෝග ඇතිවෙන බවත්, සියයට හැත්තෑ පහකට බරපතළ ශ්වසන රෝග ඇතිවී ඇති බවත්ය.
අද කුණු කන්දක් නිසා ජනතාවගේ පිළිකුලට භාජනය වී ඇති ප්‍රදේශයක් වුවත්, අතීතයේ මෙය සිංහලයේ ජාතික සටන්වල පේ‍රෟඩත්වය ආඩම්බරයෙන් උසුලාගත් ප්‍රදේශයකි. රාජසිංහ රජු පරංගීන් පෙති ගසමින් ලෙයින් නැහැවූ මුල්‍ලේරියා වෙල්යායද මෙම මීතොටමුල්ල ‍පොතුවිල් කුඹුරු යායටම සම්බන්ධ වූවකි.
හැත්තෑව දශකයේ මුල් අවදියේ, එනම් සිරිමාවෝ බණ්ඩාරනායක රජය දැවැන්ත වගා සංග්‍රාමයක් දියත් කළ කාලයේ මෙම ‍පොතුවිල් කුඹුරු යාය රන්වන් කරලින් බරවූ සාරවත් කෙත් යායක් විය. ටී.බි. ඉලංගරත්න කොළොන්නාව මන්ත්‍රීවරයාව සිටි එම අවදියේ දෙපා ඇළවල් ප්‍රකෘතිමත් කර, වතුර පාලනය සඳහා ජල දොරටු ඉදිකර කුඹුරු වගාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සලසා දුනි. එක්දහස් නමසිය අසූ නමය දක්වාම ඔවුහු මෙලෙස ‍පොතුවිල් වෙල්යාය අස්වැද්දූහ. 1989 පැමිණි මහා ගංවතුරේදී මෙම සියලුම ඇළ මාර්ග මෙන්ම ජල දොරටුද විනාශයට පත්විය. එකල පත්ව සිටි නව රජයට ඒවා ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලා සිටියත් ඒවා ඉටුනොවීය. එනිසා ගොවීන්ට ‍පොතුවිල් කුඹුරු යායෙහි වී වගා කටයුතු කිරීමට නොහැකිවූයෙන් ‍පොතුවිල් කුඹුරු යාය පුරන්ව ගියේය.
එක්දහස් නමසිය අසූ ගණන්වල අවසාන කාලයේ වීරසිංහ මල්ලිමාරච්චි කොළොන්නාව මන්ත්‍රීවරයාව සිටි අවදියේ, කොළොන්නාව නගර සභා ප්‍රදේශයේ එකතුවන කුණු මීතොටමුල්ල ‍පොතුවිල් වෙල්යායට බැහැර කිරීම ප්‍රථමවරට ආරම්භ විය. එම මුල් අවදියේ ‍පොතුවිලට දිනකට බැහැර වූයේ කුණු ට්‍රැක්ටර් දෙක තුනක් වැනි සුළු ප්‍රමාණයකි.
කොළඹ බ්ලූමැන්ඩල් කුණු කන්ද පිළිබඳව ගැටලුව පුපුරා ගියේ එම අවදියේය.බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි කුණු කන්දට තවදුරටත් කුණු එකතු කිරීමට නොහැකිවීම කොළඹ නගර සභා බලධාරීන්ට ලොකු ගැටලුවක් වුණා. ඔවුන් එයට පහසුම පිළිතුර වශයෙන් තෝරාගත්තෙ මීතොටමුල්ල ‍පොතුවිල. කොළොන්නාව නගරසභා බලධාරීන්ද එම කුණු බැහැර කිරීම අනුමත කළා. මීතොටමුල්ල කුණු කන්දේ මුල් අවස්ථාව විස්තර කරන්නේ එම කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන කීර්තිරත්න පෙරේරාය.
එක්දහස් නමසිය අනූව වනවිට කොළඹ නගර සභාවේ කුණු ලොරි ‍පොතුවිලට ‍පෝලිමේ පැමිණෙන්නට විය. මෙම අති විශාල කුණු බැහැර කිරීමත් සමග ප්‍රදේශය පුරා ඉවසිය නොහැකි තරම් තද දුර්ගන්ධයක් පැතිරයන්නට පටන් ගත්තේය.
Kunu-kanda2මෙම දැඩි දුර්ගන්ධය නිසා අතිශය පීඩාවට පත්වූ පදිංචිකරුවන් අතරින් එක් අයෙකු වූ ප්‍රේමලාල් පෙරේරා සහ වැල්ලම්පිටිය පරමධර්මෝදය විහාරාධිපති පූජ්‍ය විටිවිල කවිධජ හිමියෝ මධ්‍යම පරිසර අධිකාරිය වෙත ප්‍රදේශවාසීන් මුහුණ දෙන පාරිසරික ගැටලු පිළිබඳව දැන්වූහ. මධ්‍යම පරිසර අධිකාරිය අදාළ බලධාරීන් වෙත දැනුම් දුන්නේ සිදුවන පරිසර හානිය අවම වන ලෙස කටයුතු කරන ලෙසය. එම ලිපියේ පිටපතක් ප්‍රේමලාල් පෙරේරාටද එවා තිබුණි. හානිය අවමකිරීම වෙනුවට පැතිර යන දුර්ගන්ධය දිනපතාම දැඩිවන්නට විය.
චන්ද්‍රිකා කුමාරණතුංග රජය සමයේ මීතොටමුල්ල කුණු ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමට බෙනට් කුරේ මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් මීතොටමුල්ල ශ්‍රී රාහුල විදුහ‍ලේදී රැස්වීමක් පැවැත්වුණි. මෙයට එවකට කොළඹ නගරාධිපති ගනේෂලිංගම් ද සහභාගි විය. මාස තුනක කාලයක් තමන්ට ලබාදෙන ලෙසත්, එම කාලය ඇතුළත ඔහු ගැටලුවට ප්‍රතිකර්මයක් ලබාදෙන බවත් පවසා සිටියේය. ගැටලුවට ප්‍රතිකර්මයක් ලෙස ඔහු නැවතත් බ්ලූමැන්ඩල් කුණු කන්දට කොළඹ කුණු බැහැර කිරීමට උත්සාහයක් ගත්තේය. නමුත් එය අසාර්ථක විය. නැවතත් කොළඹ නගර සභාවේ කුණු ලොරි මීතොටමුල්ල ‍පොතුවිලට පැමිණෙන්නට විය.
බෙනට් කුරේ මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් පැවැති රැස්වීමෙන් පසු මාස තුනක පමණ කාලයක් කොළඹ මහනගර සභාවේ කුණු මීතොටමුල්ලට බැහැරකිරීම තාවකාලිකව නතරවී තිබුණි. ඒ අතරතුර කාලයේ ‍පොතුවිලට බැහැර වූයේ කොළොන්නාවේ සහ කෝට්ටේ නගර සභාවලින් බැහැරවන කුණු පමණකි. එම අවදියේදී ප්‍රදේශවාසීහු කොළොන්නාව නගරාධිපති චිත්‍රා ඩයස් වෙත ගොස් ‍පොතුවිලට කුණු බැහැර කිරීම නතර කරන ලෙස ඉල්ලා සිටියහ. කුණු බැහැරකිරීම අවම තත්ත්වයට පත්කිරීමට උත්සාහ දරන්නම් යන පිළිතුර දුන්නත් එවැනි අවම කිරීමක් සිදුවූයේද නැත. මාස තුනකට පමණ පසු නැවතත් කොළඹ මහ නගර සභාවේ කුණු මීතොටමුල්ලට බැහැර කිරීම ආරම්භ විය. 
මෙයින් පසුව දැවැන්ත ලොරි, ටිපර් රථ හාරසියයකට අධික සංඛ්‍යාවක් මගින් ටොන් අටසියයක පමණ කොළඹ කුණු දිනපතා ‍පොතුවිලට බැහැරවන්නට විය. මේ කුණු සමග පරණ ටයර්, ‍පොල් කෝම්බ, හිස්ටින්, මස්කළ සතුන්ගේ අතුනුබහන් කොටස්ද විය.
කුණු කන්දට එන සිය ගණන් කාක්කන් සත්තුන්ගේ හම් කොටස්, බඩවැල් කොටස් අරගෙන පියාඹගෙන ඇවිල්ල ගෙවල්වල වහල උඩ අත්හැරලා යනවා. සමහර බොකු බඩවැල් කොටස් ගස් අතුවල තියල යනවා. ටික දවසක් යනකොට ඒවා කුණු වෙලා මහා දුර්ගන්ධයක් පැතිරෙනවා. උයාගත්ත බත් ටික කන්න බැහැ වමනයට එනවා. බත්තරමුල්‍ලේ හේමපාල පවසයි.
පිටස්තර යාලුවෙක් මිත්‍රයෙක් ගෙදරට ආවම අඩු ගණනෙ වතුර ටිකක්වත් බොන්නෙ නැහැ. ගන්දස්සාරෙ නිසා ඇතිවෙන පිළිකුළට. ස්වර්ණාකාන්ති පැවසුවේ දැඩි හැඟීම්බරවය.
ටොන් 800ක් වැනි දැවැන්ත කුණු ප්‍රමාණයක් දිනපතා ‍පොළොවට උහුලාගැනීමට නොහැකිකම නිසා පොළොවද ක්‍රමයෙන් ගිලා බහින්නට විය. කුණු කන්ද අවට ගෙවල් අසූ පහක පමණ ‍පොළොව පමණක් නොව බිත්තිද ඉරිතලා යන්නට විය. මේ අතර කොළඹ නගර සභාවෙන් පැමිණ ඉරිතැලූ එම ගෙවල් අසූපහ පමණක් නොව, හොඳ තත්ත්වයේ තවත් ගෙවල් දහහතක්ද ඇතුළුව සම්පූර්ණ ගෙවල් එකසිය දෙකක් කඩා දැම්මේය. එක ගෙයකට මාසික කුලිය රුපියල් දස දහසක් වනසේ මාස හයක කුලිය රුපියල් හැට දහසක මුදලක් එක ගෙයක පදිංචිකරුවන්ට ගෙව්වේ ඔවුනට ගෙයක් කුලියට ගැනීම සඳහාය.
බළලා මල්ලෙන් එළියට පනින්නේ මෙම කාලයේය. වෙස්ටන් පවර් කම්පැනි ලිමිටඩ් නම් ආයතනයක් විසින් මෙගාවොට් 10 ධාරිතාවයකින් යුතු විදුලි බලාගාරයක් ‍පොතුවිල ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති බවකොළොන්නාව ප්‍රදේශයේ ජනතාව දැනගන්නේ දෙදහස් දහයේ අවසාන කාලයේය.
කුණු දහනය කරල විදුලිය උත්පාදනය කරන විදුලි බලාගාරයක් සැපිරිය යුතු සුදුසුකම් පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියෙන් නිකුත් කළ වාර්තාවක් අපි හොයාගත්තා. කිර්තිරත්න පෙරේරා පවසයි.
මීතොටමුල්ලට දවසකට කුණු මෙට්‍රික් ටොන් අටසියයක් ආවට ඒකෙ තියෙන යකඩ, ටින් කැබලි අයින් කළාම දහනය කරන්න ලැබෙන කුණු ප්‍රමාණය අඩුවෙනවා. ඒ නිසා මෙගාවොට් 10ක ධාරිතාවයකින් යුතු විදුලි බලාගාරයක් ක්‍රියාත්මක කරන්න නම් මහරගම, පෑලියගොඩ, කඩුවෙල ප්‍රදේශවල විතරක් නොවෙයි මුළු කොළඹ දිස්ත්‍රික්කයේම කුණු මීතොටමුල්ලට ගේන්න ඕනෙ. ඔහු තවදුරටත් පවසයි.
මෙම කුණු දහනය සඳහා සෙල්සියස් අංශක 1200ක උෂ්ණත්වයක් අවශ්‍යවෙයි. මෙලෙස කුණු දැවෙන විට අවට පැතිරයන්නේ ඉතාමත් අධික 
උෂ්ණත්වයකි. එම රස්නය අඩුකිරීමට ජලය සහිත ‍පොකුණු ඇළ මාර්ග අවශ්‍ය වෙයි. කීර්තිරත්න පෙරේරා පවසන්නේ ගෙවල් 102ක් කඩා ඉවත්කළේ එහි මූලික පසුබිම සකස්කිරීම සඳහා බවය.
අධිනීතිඥ යූ.එස්.ඒ. පෙරේරා (සිරි අයියා) වැනි උගතුන් පවා ඉගෙනුම ලැබූ මීතොටමුල්ල ශ්‍රී රාහුල විදුහල පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ, පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී තාවකාලිකව වසා දැමුවේ පාසලට දළඹු උවදුරක් පැමිණීම නිසාය. ප්‍රදේශවාසීන් පවසන්නේ යෝජිත විදුලි බලාගාරයේ ආරක්ෂිත කලාපයේ පළමු ඉවත්කිරීම එසේ සිදුවූ බවයි.
මීතොටමුල්ල ‍පොතුවිලට කුණු දැමීම නතර කිරීම, ශ්‍රී රාහුල විදුහල නැවත විවෘත කිරීම, විදුලිබලාගාරයෙහි කටයුතු නතර කිරීම, කැඩූ ගෙවල් සඳහා නැවත නිවාස ලබාදීම යන ඉල්ලීම් මූලික කරගෙන පසුගිය ජනවාරි 04 දින අවිස්සාවේල්ල මහා මාර්ගය හන්දියේදී සවස 1.30ට ප්‍රථම වරට මහාමාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් පවත්වන ලදී. එම උද්ඝෝෂණය පැය තුනක කාලයක් සිදුවිය. එහි පැමිණි උසස් ‍පොලිස් නිලධාරීන් ජනවාරි 05 දින වැල්ලම්පිටිය පරමධර්මෝදය විහාරයට අදාළ බලධාරීන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට ඉඩ සලසන බවට ගරු යටවිල කවිධජ හිමියන්ට ‍පොරොන්දුවීම නිසා උද්ඝෝෂණය නිමාවට පත්විය.
ජනවාරි පස්වන දින වැල්ලම්පිටිය පරමධර්මෝදය විහාරස්ථානයෙහි පැවැති සාකච්ඡාවට ‍පොලිසියෙන් ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති අනුර සේනානායක සහ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයතිලක සහභාගිවිය. විදුලිබලාගාරය ඉදිකිරීම නතර කළ බව එහිදී ඔවුහු දැනුම් දුන්හ. ශ්‍රී රාහුල විද්‍යාලයද ඉක්මණින් නැවත විවෘත කරන බව පැවසූහ. කුණු දැමීම එකවර නතර කිරීමට නොහැකි බව පැවසූ ඔවුහු කුණු දමා පැය 48ක් ඇතුළත ගඳ නතර කිරීමට පස්වලින් වසන බව දැන්වූහ.
රැස්වීමට පැමිණි රජයේ නියෝජිතයන් පැවසුවේ තව වසර දෙකක් යනතුරු මීතොටමුල්ලට කුණු දැමීමට සිදුවන බවය. ගම්වාසීන් පැවසුවේ මාස තුනකට පසු කුණු දැමීමට ඉඩ නොදෙන බවයි.
කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය පවසන්නේ දිනකට ටොන් 800 බැගින් මාසයකට කොළඹ නගර සභාවෙන් කුණු ටොන් විසිහතර දහසක් පැමිණෙන බවය. වසරකට එය දෙලක්ෂ අසූ අට දහසකි. වසර දෙකකදී එය දෙගුණයක් වෙයි. ඔවුන් පවසන්නේ තවදුරටත් මේ හිරිහැර දුක්වේදනා ඉවසිය නොහැකි බවය.
මේ කුණු කන්ද නිසා ඇතිවූ ලෙඩ රෝගවලින් දැනටමත් තිහකට වැඩි පුද්ගලයින් සංඛ්‍යාවක් මියගොස් ඇත. පැතිර යන දුර්ගන්ධය නිසා ඔක්කාරයකින් තොරව ආහාරයක් ගත නොහැක. නිවසට පැමිණෙන අමුත්තෙකු නිවසකින් වතුර ටිකක්වත් බොන්නේ නෑ. සේදූ ඇඳුමක් වේලාගැනීමට නොහැක. ශ්‍රී රාහුල විද්‍යාලය වසා දමා එහි ඉගෙනුම ලැබූ දරුවන් වෙනත් පාසල්වලට අනුයුක්ත කළ නිසා සමහර දුගී දරුවන්ට බස් වියදම සොයාගැනීමට නොහැකි නිසා  පාසල් ගමන අත්හැර ඇත. නිතරම කුණු කඳු දැකීම නිසා කුඩා දරුවන්ගේ මානසිකත්වයද ව්‍යාකූලවී ඇති බව පැවසේ.
මේ නිසාම මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය තමන් ලබාදුන් මාස තුනක කාලය අවසානයේ අප්‍රියෙල් 06 දින නැවතත් තම උද්ඝෝෂණය ආරම්භ කළහ. දහවල් 11 වනතුරු අවිස්සාවේල්ල මාර්ගයේ උද්ඝෝෂණය කළ ඔවුහු, ‍පොතුවිල කුණු බහාලන ප්‍රදේශයට ප්‍රවිෂ්ට වන මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.
නමුත් මෙසේ සතයග්‍රහයේ නියැලුනු පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පසුගිය 9දින ‍පොලිසිය පියවර ගෙන තිබිණි.
ඡායාරූප : නාලක කළුවිතාරණ නිහාල් චන්ද්‍රකුමාර
පීටර් කැනියුට් පෙරේරා
ඉක්මනින් මේ ප්‍රශ්නයට යම් විසඳුමක්  ලබාදෙනවා
කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්
කොළඹ නගරයේ කුණු ප්‍රශ්නය මුළු රටේම ප්‍රශ්නයක්. දවසකට කොළඹ නගරයෙන් පිට ජනතාව ලක්ෂ 5 ක් පමණ කොළඹ එනවා. මහරෝහල, හමුදා මූලස්ථානය වැනි ප්‍රධාන ආයතන රැසක් පිහිටා තිබෙනවා. කොළඹ නගරයේ කුණු කියා ඉවත් කරන්නේ කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ කුණු පමණක් නොවෙයි.
දඹුල්ල නුවරඑළිය වැනි ප්‍රදේශවල වගා කෙරෙන එළවළුත්, පිටරට සිට ගෙන්වන භාණ්ඩත් සියල්ලම කොළඹට එනවා. මේ හැම දේකින්ම ඉවත් කෙරෙන කොටස් කුණු වශයෙන් එකතු වෙනවා.
ඒ නිසා මේ ප්‍රශ්නයට කොළඹ නගර සභාවට පමණක් වගකීම ගන්න බැහැ. අපට රජයේ සහයෝගයත් අවශ්‍යයි. 2009 දී උසාවි තීන්දුවක් මගින් මීතොටමුල්ල  ඉඩම කුණු දැමීමට ලබා දුන්නා. ඒ නිසා එය පරිපාලනය කිරීමේ වගකීම අපට තිබෙනවා. මේ ස්ථානය අවට තිබෙන නිවාස 100ක නිවැසියන්ට කුලී නිවසක ජීවත් වීමට වසරකට සරිලන මුදල් නගර සභාවෙන් ලබා දී තිබෙනවා. තවත් නිවැසියන් තිස් දෙනෙකුට පමණ මුදල් දීමට සිටිනවා. ජුනි මාසයේ සිට කුණු වර්ග කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කරනවා. ඒ අනුව වර්ග කෙරෙන කුණුවලින් ‍පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු වැනි දේවල් ප්‍රතිචක්‍රීකරණයට යොමු කෙරෙනවා.
මේ ක්‍රියාවලිය මගින් කුණු ගොඩට එකතු වන කුණු ප්‍රමාණය 25 ක් පමණ අඩු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ස්ථාවරම කුණු ඉවත් කිරීමට මෙම ඉඩම යොදා ගන්නවා නම් ප්‍රශ්නයට මුහුණ පා සිටින පිරිස් වලට නිවාස තනා දෙනවා. කුණු ඉවත් කිරීමට වෙනත් ස්ථානයක් සොයා ගැනීමට හැකිදැයි කියාත් සොයා බලනවා.
මේ ප්‍රශ්නය ගැන ජනාධිපතිවරයාත් ආරක්ෂක ‍ලේකම්වරයාත් උනන්දුවක් දක්වනවා. ඉදිරියේ දී කුණු ප්‍රශ්නය විසඳීමට ඔවුන් සහාය වෙයි කියා හිතනවා

23 comments:

  1. කුණු වලටත් ඇමති කෙනෙක් පත් කලානම් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. ඇමතිවරු කියන්නේ කොහොමත් කුණු තමයි.

      Delete
    2. sudeeka and Manoj,
      ජාතික කුණු ප්‍රතිචක්‍රිකරණ ඇමති
      ස්ටාෆ් එක සීයයි කාර් 25යි ආරක්ශකයින් 12යි.

      Delete
    3. ජාතික කුණු ප්‍රතිචක්‍රිකරණ ඇමති
      ස්ටාෆ් එක සීයයි කාර් 25යි ආරක්ශකයින් 12යි. - කුණු ටික එහෙමමයි!

      Delete
  2. ///ජාතික කුණු ප්‍රතිපත්තිය මෙයද?
    මෙයද ආශ්චර්‍යයකි?////

    බති කිසි වාදයක් නැහැ නමුත් එක පාර , එක රැයෙන් මේ දේවල්
    කරන්න නම් බැහැ..ඒකට ලොකු කාලයක් වැඩපිළිවෙලක් අවශ්‍යයි .


    ප්‍රශ්නේ තියෙන්නේ එවැනි ගමනක් යන්න බැරි කම ..මොකද වටපිටාවේ
    ගොඩක් බලවේග තියෙනවා ...මීට වඩා කතා කරලත් වැඩක් නැහැ මිත්‍රයා ...

    ReplyDelete
    Replies
    1. බලවේග නැත්නම් ඔයාටයි මටයි කරන්න බැරියෑ,
      ඒවට තමයි ආණ්ඩු තියෙන්නෙ.

      Delete
  3. ස්වීඩනයට ප්‍රතිචක්‍රිය කරන්න කුණු මදි හින්දා නෝර්වේ වලින් කුණු ආනයනය කරන්න හදනවා කියලා නිව්ස් එකක් දැක්කා...

    Sweden runs out of garbage, forced to import from Norway

    ලොක්කා පොඩ්ඩක් ගේමක් ගැහැව්වොත් කොලොන්නාවේ කුණු ටික ස්වීඩනයට පටව ගන්න බැරි වෙන එකක් නෑ....කොල්ලෝ දෙතුන් දෙනෙකුට රට උනත් පැන ගන්න චෑන්ස් එකක් :)

    ReplyDelete
    Replies
    1. නොර්වේවල වැඩිපුර කුණු ඇති,
      අනුන්ගෙ කුණු හොය හොය යන කස්ටියනේ,
      විමල් ඇමති තුමාගෙ ආසම කස්ටිය ඉන්න රට.

      Delete
  4. දියුණු රටවල කසළ ප්‍රථිචක්‍රීකරණය සිද්ධවෙන හැටි සිංහලෙන් ලිපියක් දාන්න බැරිද කාටහරි? (හැබෑට මයියට පුළුවන් මේ වැඩේ)

    ReplyDelete
    Replies
    1. ලංකාවෙම බලංගොඩ නගර සභාවේ කරනවා. කොළඹ බැරි බොහෝ දෙනෙක් මේකෙන් කෝටිපතියෝ වෙලා තියෙන නිසා...

      Delete
    2. පිට රට යන්න ඕනෙ නෑ.
      ලංකාවේම තිබේ.

      Delete
    3. දියුණු රටවල කුණු ප්‍රතිචක්තීකරනය හරි මොකක් හරි කරන්නේ ලංකාවේ...ජපානේ පරන කාර් එන්ජින් ටික ලංකාවේ...අමෙරිකාවේ යුරොපේ පරන කම්පියුටර් ටිකයි පරන ෆෝන් ටිඅකයි ලංකාවේ....අපි එහෙමයි අනිත් අයගේ කුණු සුද්ද කරන්නේ...ඒත් අපේ කුණු සුද්ද කරන්න කිසිම සපොර්ට් එකක් නෑ... :)


      මේ ටික ගැන කියල ලිපියක් දාන්න තමයි ඉන්නේ.....බලමු

      Delete
  5. කුණු කේස්එක විසඳගත්තෙ නැත්නම් තත්වය බරපතලයි. අද අපි ඉන්න ගෙදර ලඟට අනාගතයේ කුණුගොඩක් එනඑක නවත්තන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මීතොටමුල්ල හරියෙද,? කැළනියෙද,?

      Delete
    2. කොහේ උනත්,... මම කිව්වෙ මගේ ගෙදර ගැන නෙවේ. ඕනම තැනකට කුණු දාන්න ඉඩ තියනව කියල :-)

      Delete
    3. ඔව් මම එකඟයි!

      Delete
  6. මම එක දවසක් හැටන් පාරේ නුවර එළි යනකොට ලස්සන දිය ඇල්ලක් දැකලා නැවත්තුවා. කුණු ගන්දස්කාරේ ඉන්න බෑ. පස්සෙ ඔළුව දාලා බැලුවම එතන කුණු දාන තැනක්. මේ රටම විනාසයි, මේ ගැන මුකුත් නොකළොත්. පාරවල් හැදුවට වැඩක් නෑ. ඒ පාරවල් වල යන්න බැරි තරමට ගන්දස්කාරෙනම්. සුද්දෝ කොළඹට එන කොටම මීතොටමුල්ලේ කුණු ගඳ එනවා කැළණි පාළම ගාවට. දකුණු ආසියාවේ ආශ්චර්ය නිසා අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලාංකික අනන්‍යතාව.

      Delete
  7. බයවෙන්න එපා චීනෙ ඇවිත් උදව් කරයි

    ReplyDelete
    Replies
    1. උන් කුණු වලිනුත් හොඳ කෑමක් හදයි!

      Delete
  8. kuna kadu walin goda giya ayat inawa.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. කුන කඩුවලින් ද කුණු ගොඩවල් වලින්ද සන්ජීව?

      Delete
    2. (kunu godwal). mage yaluwak inwa miniha dawsya viydama hoyana kunu ausala hoyagana dewal walina.
      Jayawewa

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්