Followers

Saturday, May 11, 2013

කාට හරි බනින්න ඕන උනාම අම්ම මතක් වෙන ලෝකය !


                                               අම්මාවරුන්ගේ දිනය නිමිත්තෙනි.



ඇත්තටම
කවුරු හරි විසින් ලියන ලද,
සංගීතවත් කරන ලද
ගයන ලද
සින්දුවක් ඇහෙන්නම ඇවසිද
හැදූ වැඩූ අම්මා ගැන  හිතන්න?

පන්සලේ හාමුදුරුවො
කඳුලු පෙර පෙර
අම්මව විකුණන
බණ කතා අහන්නම ඇවැසිද අම්ම ගැන හිතන්න ?

ඇත්ත,
අපි මේ ගෙවන කාර්‍ය බහුල ජීවිතයේදී අම්මව අමතක වෙනව,
 කාට හරි බනින්න ඕන වෙනකොටයි අම්ම මතක් වෙන්නේ.



ඒත් මට මතක තිබූ පුංචි සන්දියේ ගෑණු ළමයින් වැඩිපුර කී මේ කවිය නම් මට කිසිදා අමතක නොවනු ඇත.


දිනේ පටන් මා උපන්න
මව් විඳි දුක් බෑ කියන්න
දොහොත් මුදුන් තබා මෙන්න
වඳිමි මව්නි පව් අරින්න


අම්ම කෙනෙක්ව සතුටු කරන එකත් බොහෝම අමාරුයි කියනවනේ.
කරන්න පුලුවන් දෙය නම් උත්සහ කරන එක පමණයි.


අම්මාවරුන්ගේ දිනයත් අපි හැමෝම අගය කරන දිනයක්.

ඇයි ඒ ?.....


කොන්දේසි විරහිත
ආදරය
කරුණාව
දයාව
මෛත්‍රිය
ත්‍යාගශීලී බව
ඉවසීම
මේ සියලුම දේ එකට කැටි කළ වචනය

අම්මා !


අමතක නොකල දෑ අතරින් ප්‍රධාන තුනක් විදියට සැලකෙන්නෙ,

මව්, 
මව් රට, 
මව් බස,

 ඒවායිනුත් මුලට වැටෙන්නෙ අම්මා !


මව් වරුන්ගේ දිනයේ අපට අමතක නොවිය යුතු අපේ මව්වරු 

පිට රට කුස්සිවල සොච්චමකට කඹුරන ගිලෙන්න නොදී ලංකාවේ බෙල්ල ඉහලින් අල්ලාගෙන් සිටින මව්වරු
මෑත අතීතය ගත්තොත් 1971දී මියගිය තරුණ තරුණයින්ගෙ මව්වරු
77 දී යූ එන් පී ත්‍රස්තවාදයෙන් බැට පවුල්වල කෑ මව්වරු
80 වර්ජනයෙන් රැකියා අහිමිව අන්ත අසරණ තත්වයට පත් වූ පවුල්වල මව්වරු
83 දී අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දුන් ජාතිවාදීන්ගේ ගැහැට වලට ලක්වූ මව්වරු
88-89 කාලයේ භීශණයෙන් බැට කෑ මව්වරු
83- 2009 පැවති යුද්ධයෙන් සිය දරුවන් අහිමි සිංහල හා දෙමල මව් වරු
---------
please note following was added later,


මාරවිල දිලීකාගේ සිරුරේ කැබලි ලෙබනනයේ කසළ ගොඩකින් හමුවුණේ කෙසේද ?

PDFPrintE-mail
r23-1ඩවුරා යනු ලෙබනනයේ මුහුදුබඩ නගරයකි. පසුගිය මාර්තු පස්වනදා හෝ ඒ ආසන්න දිනයෙක එම ඩවුරා නගරවාසීන් මහත් කම්පාවට ලක් කළ දසුනක් විය. ඒ එහි කසළ ගොඩක කාන්තා හිසක් සහ ඉඟටියෙන් ඉහළ සිරුරු කොටසක් දක්නට ලැබිමෙනි. මෙම සිරුරේ දෑත් හෝ දෙපා කොටස් දක්නට නොතිබිණ. එය යාන්ත්‍රික කියතකින් කොටස්වලට කපන ලද්දක් බව දුටුවන්ගේ මතය විය. 
එම සිරුරු කොටස් දැනට වසර එකොළහක් තිස්සේ ලෙබනනයේ සේවය කරන ගෘහ සේවිකාවකගේ බව හඳුනා ගන්නා ලදී. පසුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමේදී ඇය මාරවිල, මහවැව උතුරු තොඩුවාවේ ඉපදී හැදී වැඩුණු අවිවාහක තරුණියක වන තිස් දෙහැවිරිදි  නානායක්කාර වර්ණකුලසූරිය දිලීකා මධුෂානි පෙරේරාගේ බව අනාවරණය විය. 
මහවැව උතුරු තොඩුවාවේ පදිංචි පීටර් පෙරේරා පාරම්පරික ධීවරයෙකි. ඔහුටත් ඔහුගේ බිරිඳ වන මාරියා ප්‍රනාන්දුටත් දරු තිදෙනෙක් වූහ. දිලීකා ඒ අතරින් වැඩිමල් දරුවාය.  ඉතා කෙලිලොල් සහ දඟකාර දිවියක් ගත කළ දිලීකා කුඩා කල අසල්වාසීන් අතර ප්‍රචලිත වූයේ ‘මැණිකා’ නමිනි. 
සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයෙන් යැපෙන තම පියාගේ ආදායම පවු‍ලේ නඩත්තුව සඳහා කෙසේවත් ප්‍රමාණවත් නොවන බව දිලීකා කුඩා කාලයේම තේරුම් ගත්තාය. එබැවින්, පාස‍ලේ අටවන ශ්‍රේණියේ දීම පාසල් අධ්‍යාපනයට සමුදුන් ඇය තම පවු‍ලේ ජීවන බර දැරීමට සිය පියාට මහත් ශක්තියක් විය. එමෙන්ම දිලීකාගේ මවගේ සොයුරියක හා ඇගේ සැමියා අන්ධවීම මත ඔවුනට ද කාගේ හෝ රැකවරණක් පිළිසරණක් අවශ්‍ය විය. එම දුක්ඛිත වාතාවරණය පිටු දැකීමට ඇති එකම මග විදෙස් රැකියාවකට යොමු වීම බව යොවුන් වියේදීම දිලීකා වටහා ගත්තාය. ඒ වනවිට ඇගේ වයස යන්තම් අවුරුදු විසි එකක් විය. 
2002 වසරේ දිලීකාගේ මැද පෙරදිග වෘත්තීය ජීවිතය ඇරඹුණේ ලෙබනනයෙනි. ඇය එහි ගෘහ සේවිකාවක ලෙස සේවය කළ අතර පසුව එම ජීවිතය හුරුවීමෙන් පසු එහි තමන් විසින්ම කුලියට ගත් කාමරයක පදිංචිව සිටියාය. මෙය ලෙබනනයේ බොහෝ ශ්‍රී ලාංකීය කතුන් කරන දෙයකි. ලෙබනනයේදී එසේ හුදකලා දිවියක් ගත කළ ද තමන් එහිදී උපයන මුදලින් කොටසක් තම පවු‍ලේ යහපත උදෙසා  නිතිපතා නිවසට එවීමට දිලීකා අමතක කළේ නැත. එහෙත් ගත වූ එකොළොස් වසර තුළ ඇය මව්බිමට පැමිණ තිබුණේ තුන් හතර වතාවකි. අවසන් වරට 2011 වසරේ ලංකාවට පැමිණි ඇය ජුනි මස 22 දා  යළි ලෙබනනය බලා පිටත් වූවාය. එහෙත් එහි සිට නිරතුරුව දුරකථන හා ස්කයිප් මාර්ගයෙන් තම පවු‍ලේ ඥාතීන් හා සම්බන්ධ වීමට දිලීකා කිසිසේත් අමතක කළේ නැත. මේ අතර මෙම ඛිෙදවාචකය සම්බන්ධ තීරණාත්මක සංසිද්ධියක් සනිටුහන් කරමින් මීට මද කලකට පෙර මාරවිල පිහිටි දිලීකාගේ මහගෙදරට මැදිවියේ යුවලක් පැමිණියහ. නමුදු ඔවුන්ගේ මුහුණුවලින් පළවූයේ කෝපයකි. 
“දිලීකා එහේ දී මගේ දුවගේ මහත්තයත් එක්ක සම්බන්ධයක් පවත්වනවා; දැන් ඒක හුඟක් දුරදිග ගිහින්; දුවට කියන්න වහාම මේ සම්බන්ධය නතර කරන්න කියලා; නැත්නම් මහා විනාසයකින් තමයි මේක කෙළවර වෙන්නේ” එම යුවල දිලීකාගේ මවට කීයේ තරමක තර්ජනාත්මක ස්වරූපයෙනි. එබැවින් ඊට පසුව දිලීකාගෙන් දුරකථන ඇමතුමක් ලද මුල් අවස්ථාවේ දීම ඇගේ මව ඒ පිළිබඳව දිලීකාට පවසා සිටියාය. 
“ඕක ඒතරම් ලොකු දෙයක් ‍නෙවෙයි අම්මේ: එහෙම පුංචි ආස්සරයක් තිබුණා තමයි; නමුත් මම දැන් ඒ සේරම නතර කරලයි තියෙන්නේ” දිලීකා තම මවට කීවාය. 
දිලීකා අවසන් වරට තම මවට කතා කොට ඇත්තේ පසුගිය මාර්තු 02 දා රාත්‍රී දහයට පමණය. ඒ මොහොතේ මව නොසිටි නිසා ඉන්පසු ඇය තම බාල සොයුරියක වන මේනකාට කතා කොට තිබිණ. 
දිලීකා තනිව කාමරයක් කුලියට ගෙන පදිංචිව සිටියද නිතර එහි වෙසෙන ශ්‍රී ලාංකීය මිතුරියන් හමුවීම පුරුද්දක් කර ගෙන සිටියාය.  හලාවත, පම්බල ප්‍රදේශයෙන් එහි ගොස් සිටි අනුෂා දිලීකාගේ හොඳම මිතුරියකි. දිලීකා බොහෝ විට රාත්‍රී කෑම සඳහා අනුෂා ඇතුළු තම ශ්‍රී ලාංකික මිතුරියන් හිඳින හවුල් නවාතැනකට යන්නීය. එහෙත් පසුගිය මාර්තු 04 දා රාත්‍රියේ සුපුරුදු පරිදි දිලීකා එහි නොපැමිණි නිසා අනුෂා ඇයට දුරකථනයෙන් කතා කළාය.  එහෙත් එය නාද වුවද දිලීකාගෙන් පිළිතුරු ලැබුණේ නැත. ඒ අනුව තම යෙහෙළියන් සමග දිලීකාගේ කාමරයට ගිය අනුෂා එය වසා තිබෙනු දැක ඉන් බියපත් වූවාය. මන්දයත් ඇය සාමාන්‍යයෙන් එසේ බැහැරක නොයන බැවිනි.  ඉන්පසු අනුෂා එහි දොර කඩා එය විවෘත කළේ කාමරය තුළ දිලීකාට යම් විපතක් සිදුව ඇත්දැයි යන සැකයෙනි. එහෙත් දිලීකා කාමරය තුළ ද නොවීය. එබැවින් හනික දුරකථනය මගින් දිලීකාගේ මව ඇමතූ අනුෂා දිලීකා කාමරයේ නොමැති පුවත දන්වා සිටියේ ඇය පිළිබඳ හෝඩුවාවක් ඔවුන්ගේ නිවසින් හෝ දැනගනු පිණිසය. එහෙත් දිලීකාට කුමක් වූයේ ද යන්න පිළිබඳව ඇගේ පවු‍ලේ ඥාතීහු හාංකවිසියක්වත් නොදැන සිටියහ. එබැවින් අනුෂා තම යෙහෙළියගේ අතුරුදන්වීම පිළිබඳව මාර්තු 05 දා එහි ‍පොලීසියටත් විදේශ සේවා නියුක්ති කාර්යංශයටත් පැමිණිලි කළාය. කෙසේ හෝ ඩවුරා නගරයේ කසළ ගොඩක කාන්තා මළ සිරුරක කොටස් ඇති බව අනුෂාට දැන ගන්නට ලැබෙනුයේ ඊට පසුදිනය. අනුෂා හනික එහි ගොස් එම සිරුරු කොටස් පරීක්ෂා කළාය. තම යෙහෙළියට සිදුවී ඇති කුරුරි සාහසික ඉරණම ඇයට සියැ’සින් දැකගත හැකිවූයේ එවිටය. ඒ අනුව මාර්තු හය වනදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු පහයි තිහට පමණ දිලීකාගේ නිවසට දුරකථනයෙන් කතා කළ අනුෂා මේ දිලීකාට හිමිවූ සාතිශය ඛිෙදනීය ඉරණම පිළිබඳව ඇගේ පවු‍ලේ ඥාතීන්ට කීවාය. 
දිලීකාගේ දෙමාපියන් හමුවට පැමිණි යුවලගේ බෑණනුවන් “රංජිත්” නමැති කටාන ප්‍රදේශයේ දෙදරු පියෙකි. ඔහු ලෙබනනයේ සිට ශ්‍රී ලාංකීය කතුනට එහි රැකියා ලබාදෙන තැනැත්තකු බවද කියැවේ. පසුගිය කාලයේ ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා ද ඔහු සමග ජීවත්වී ඇත්තේ ලෙබනනයේය. එමෙන්ම ඔහුගේ මෙම ලෙබනනයේ රැකියා ලබාදීමේ ව්‍යාපාරයට දිලීකා ද වරින්වර සම්බන්ධ වී ඇත.  
r23-2ඒ අතරේ ඔවුන් අතර පැවැති සබැඳියාව කුමක්දැයි මේ වන තුරුත් අනාවරණය වී නැත. කෙසේ හෝ මෙම “රංජිත්” ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා 2012 නොවැම්බර් මස සිට පදිංචිව ඇත්තේ ශ්‍රී ලංකාවේය. එහෙත් කුමක් හෝ හේතුවක් මත පසුගිය පෙබරවාරි 02 දා තනිව ලෙබනනයට ගිය රංජිත් දිලීකාගේ මරණය සිදුවී දින දෙක තුනකට පසු එනම් පසුගිය මාර්තු 07 දා නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. කෙසේ හෝ මෙම ඛිෙදනීය මරණයෙන් මාස දෙකකට පසුව රංජන් රාමනායක සහ ජයලත් ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බලවත් පරිශ්‍රමය මත පසුගිය මැයි 05 දා දිලීකාගේ දේහය ගුවන් මගින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගෙනවුත් තිබිණ. ගෙල සහ සිරුරේ උඩ කොටස වෙන් වශයෙන් එවා තිබූ එම මළ සිරුර තම දියණියගේ බව ඇගේ මව වන මාරියා ප්‍රනාන්දු හඳුනාගෙන ඇත්තේ ඇගේ දෙතොල් ආශ්‍රිතව තිබූ කුඩා උපන් ලපයකිනි. ඒ හැරුණු කොට ඇගේ මළ සිරුරේ කොටස්  බෙහෙවින් නරක් වී විපරීත වී තිබිණ. 
මීගමුව දිසා මහ රෝහ‍ලේ අධිකරණ 
විශේෂඥ වෛද්‍ය ඒ. දයාපාල මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා හිසට දරුණු පහරක් දීමකින් හිස තදබල ලෙස තුවාලවී බහුවිධ තුවාල සිදුවීම හේතුකොට ගෙන මරණය සිදුව ඇති බව සිය වාර්තාවෙහි සඳහන් කර තිබුණි. මීගමුව දිසා මහ රෝහ‍ලේ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරිජයන්ත වික්‍රමරත්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා සාක්කි සැලකිල්ලට ගෙන හිසට සිදුවූ බහුවිධ තුවාල හේතුකොටගෙන සිදුවූ හදිසි මරණයක් බව නිගමනය කළේය. මෙම මරණය මිනිස් ඝාතනයක් බවට සැක කරන බවත් මේ සම්බන්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් සිරිජයන්ත මහතා පැවැසීය. 
ඒ අනුව දිලීකාගේ මරණයට සැබෑ හේතුව ඒ දිනවල ලෙබනනයේ විසූ ‘රංජිත්ද ?’ නැතිනම් මතෛක් හෙළි නොවූ වෙනයම් හේතුවක්ද යන්න තවමත් අනාවරණය වී නැත.
නිර්මලී ජයනෙත්ති
පසුබිම් වාර්තාව 
රේමන්ඩ් අ‍පොන්සු 


Comments  

+1#1 s.Pitigala 2013-05-15 20:39
ranjith ????????









22 comments:

  1. ඔබගේ ලැයිස්තුවට අමතරව,තම තරුණ විය දරුවන් වෙනුවෙන් කඹුරන, එමෙන්ම වියපත්වූ පසුවත් දරුවන්ගේ දරුවන් වෙනුවෙන් කඹුරන අම්මා වරුන්ද මතක් කල යුතු යයි මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඔබගේ එකතුකිරීමට ස්තූතියි, ඇත්තෙන්ම මව් වරුන්ගේ වැඩි ප්‍රතිශතය වැටෙන්නේ ඒ ඝණයටයි

      Delete
  2. මට නම් හැම දිනක්ම මව්වරුන්ගේ දිනයක් වගේම පියවරුන්ගෙත් දිනයක්. ඉඩක් ලද විගස මම නතර වෙන්නේ දෙමාපියන් ළඟ. ඒ ඇසුර මට කවදත් ප්‍රියයි. ඒ ඔවුන් මගේ දේමාපියන් පමණක් නොව හොඳ මිතුරන්ද වන බැවිනි.

    ReplyDelete
    Replies
    1. ඔවුන්ගේ නිවහන
      අපේ ක්ශේම භූමියයි!

      Delete
  3. අනේ මන්දා බති .මට මේකට කියන්න දෙයක් හිතා ගන්න බැහැ.අපි අපේ අම්මා මතක් කරන් ඉමු අනේ මේ වගේ දවසක හරි...

    ReplyDelete
    Replies
    1. ඔව්,
      උත්තර නැති ප්‍රශ්න!

      Delete
  4. හැම අම්මෙකුටම සුබ මව්වරුන්ගේ දිනයක් ප්‍රර්ථනා කරමු!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ලොව වෙසෙන හැම අම්මා කෙනෙකුටම ශුභ මව් වරුන්ගේ දිනයක් වේවා!

      Delete
  5. මව පියා ගුණ වයනු වස් එක් දිනයක් බටහිර උන්ට අවැසි වූවත්...ලාංකික අපට නම් වසර පුරාම මේ කාරිය කොරන්නට අවකාශ තිබේ.

    ReplyDelete
    Replies
    1. කාරිය කොරන්නට අවකාස තිබ්බද අම්මා කඹුරන කාරිය නොපිරිහෙලා ඉටු කරත් අපට වෙලාවක් පුරුද්දක් නැති එක නොවැ කාරිය, මාත් ඇතුලුව...

      Delete
  6. ඇයි අපි එක දවසක් විතරක් ඔය දිනය සමරන්නේ .....?

    ReplyDelete
    Replies
    1. අප දන්නවා ඔබ අදහස් කරන්නේ එය හැම දාම සිදුවිය යුතු දෙයක් විය යුතු බවයි.
      ඒත්..
      මෙවැනි දින අන්තර් ජාතික කැලන්ඩරයට එක් කර ඇත්තේ විශේශ අවධානයක් ලැබිය යුතු දේවල්වලටයි.
      අම්මාව අමතකව ඇති ගොස් තරමද එයින් පෙන්වන්නේ?

      Delete
    2. අන්තර්ජාතික කැලැන්ඩරයට එක් වී ඇත්තේ මව පියා පවා නොතකා මුදල් ඉපයීමේ තරගයට අවතීර්ණව සිටින බටහිර දූ පුතුන්ට තමන්ටද මවක් සිටින බැව් මතක් කිරීමටය. සමහරු එදිනටවත් ඇය බලන්නට නොගොස් මල් කලඹක් සමග කාඩ් පතක් යවති. මේ දිනය තනිකරම බටහිර ආභාෂය ලැබූවක් මිස පෙරදිගට සබදතාවක් නැති එකකි. බටහිරට වඩා පෙරදිග වැසියන්ට මාතෘත්වය සමග ඇති බැදිම වැඩිය.

      Delete
    3. මව් පුතු සම්බන්දය
      කොයි දේසෙටත් සමානයි කියල මට හිතෙන්නෙ.
      අපි බලන කෝණය නිසා
      එය වෙනස්ව පේනවා කියල මට බොහෝ විට හිතෙනව

      Delete
    4. යම් දේකට දිනයක් වෙන් කරලා තියෙන්නේ එදාට විතරක් ඊට අදාල කාරණා කටයුතු කරන්න කියන එක නෙමෙයි. බටහිර පෙරදිග කියලා වෙනස් වුනාට දැන් ලෝකයේ ගොඩක් මිනිස්සුන්ගේ ජීවන රටාව සමානයි. බොහෝ වෙලාවට පවුලේ දෙදෙනාම රැකියාවල් වලට යනවා. බොහෝ නගර වල ඉන්න අයගේ දෙමව්පියන් ඉන්න ගම් වල. මේ ජීවන රටාව තුල වයසට යන දෙමාව්පියන්ට ලැබෙන සැලකිල්ල අඩු වෙනවා. ඒක ලංකාවටත් පොදු දෙයක්.

      මම බටහිර රටක ජීවත්වන කෙනෙක්, දයලුත් එහෙමයි මම හිතන්නේ. සංස්කෘතික වෙනස්කම් විනිවිද දැක්කොත් මව්පිය දූදරු සෙනෙහස කියන එකේ කිසිම වෙනසක් නෑ මේ රටවල... මව්වරුන්ට ඇති විශේෂ සැලකිල්ල, රෝහල් වලදී, පොදු ප්‍රවාහන සේවා වලදී, වගේම බොහෝ සේවා ස්ථාන වලදී දැකගන්න පුළුවන්.

      Delete
    5. බටහිර ඉන්නෙ හැඟීම් දැනීම් නැති අමුතු ජාතියක් කියල පොඩි කාලෙ මාත් හිතන් හිටිය.

      Delete
  7. තවත්වාර්ගික යුද්දයකට පාර කපන මිනිස්සු අලුතින් අම්මලා දාස් ගනනකට කඳුලු ගංගාවල් හිමිකරාවිද කියලයි මට බය මේ යන හැටි දැක්කම.

    ReplyDelete
    Replies
    1. දේශපාලකයින්ට අවශ්‍යදේත් එයමයි
      ඒ අයගෙ යටි හිත
      තොපි කා ගනියව්
      අපි මගුල් කන්නම්

      Delete
  8. AMMA WARUNGE DINAYATA AMMA GENA POST EKAK NODA AMMAWARUNTA APAHASA WANA POST EKAK LIYA ATHTHE BOGA SAKKILI KAKKAYA.

    ReplyDelete
  9. මම ප්‍රමාදයි...

    ReplyDelete
  10. ඔයාගේ ලිපි හරිම රසවත් පුලුවන් නම් මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්