Followers

Friday, May 31, 2013

වෙසක් සමයේ ලාල් කාන්ත දේශප්‍රේමයේ සිල් නැවත සමාදන්වීම්


මං අන්තිම පෝස්ට් එක ලීවෙ දවස් 19ට පෙර. එදා සිට අද දක්වා වැදගත් දින කීපයක් පසු උනා. මැයි 21මහ සංකේත වැඩ වර්ජනය, 2013 වෙසක් දිනය, නව යුගයේ බුද්ධපුත්‍රයෙක් වන සෝභිත හාමුදුරුවන්ගේ බලපෑම මත එජාපයේ, 'ඇස් බැන්ඳුම් ව්‍යවස්තාව' එලියට දැමීම, වෙසක් සමයේ ලාල් කාන්තගේ පව් සමාකරගැනීමේ උත්සහය හා දේශප්‍රේමයේ සිල් නැවත සමාදන්වීම්, ලංකාවේ ආර්ථිකය නොගිලී පවත්වාගැනීමට  ඇස් ඉස් මස් ලේ දන් දෙන මැදපෙරදිග අපේ සහෝදර සහෝදරියන්ගේ වෙසක් ශෝකාලාපය. වෙසක් දිනය අරභයා මට හිතට ආව යමක් ලියන්න ඕන කියල කැස කැව්වත් හරියට සෙට් උනේ නැත්තෙ වෙසක් සතියෙ මතට තිත තිබ්බ නිසාද මන්ද? ලියන්නත් මට මං සලකගන්න එපායෑ නැද්ද?, මං අහන්නෙ. පොඩි විහිලුවකුත් කලා.!



වෙසක් උදෙසා මගේ හිතේ හොල්මන් කරමින් තිබුනෙ මෙන්න මේ වගේ අදහසක්

හැම හන්දියකම
මස් කඩ ලඟ
ගල් උඩ බුදු පිලිම හදල
ලස්සනට
උන්වහන්සේට ඇස් පියාගන්න කියල
අපි කරන්න ඕන වැඩ ටික
පිලිම වහන්සේලට භාර දීල
අපි අපේ සුපුරුදු දින චරියාවෙ යෙදෙනව

ඒ වගේම මේ අපි කරන වැඩ දැකල
අඬන උන්වහසේගේ හදවතේ
හඬ අපට අහන්න දෙන්නෙ නෑ
මහ හයියෙන් ගාතා, පිරිත් කියනව, හේවිසි ගහනව
අනෙක කිට්ටු වෙන්නත් බෑ,
 මහ විශාලයි

ඔන්න ඔය වගේ අදහසක් තමයි මගේ හිතේ එහාට මෙහාට ට්‍රැවල් කලේ.

මට හිතෙනව මේ මේ තරන් පිළිම හදන්නෙ අපේ අසරණ කමට කියල. මේ පිලිම වත් අපට සාධාරනයක් ඉස්ට කරාවි, අපිව මේ දුකෙන් ගලවා ගනීවි කියන හිතිවිල්ල යටි හිතේ ඇති. ලේ මස් ඇති උන් කරන්නෙම දුෂ්ට වැඩ. ඇහුවොත් කියන්නෙ අපිත් ජීවත් වෙන්න එපායෑ.
-----------------------

මැයි 21 ට රට ආණ්ඩු කරවන අය බෝම බය උන විත්තිය පේනව. ඇත්තටම ඒ අය ඉන්නෙ  දුර්වල තැනක. මන්ද  ආන්ඩුව විශ්වාසය තියල තියෙන්නෙ පවුලෙ අය, පවුලට බෝම කිට්ටු අය, සන්තෝසම් ප්‍රදානය කිරීම මත හා ජාති වාදය පෝශනය කිරීම උඩ. යූ එන් පිය මී වදේ කඩන්න එක පාරටම කැමති නෑ, දුම් පිඹ පිඹ ඉන්නව මිසක්, රතු ශර්ට් කාරයො ටිකට බලේ ගියොත් හුටා.

අපි සමහර සත්තු වගේම අපේ බල ප්‍රදේශය සලකුණු කරනව, මෙන්න මෙතැනින් එහාට අපිට යන්නත් බෑ, ඔයගොල්ලට එන්නත් බෑ. පසුගියදා ලාල් කාන්ත මහත්තය අවංකවම ප්‍රශ්නෙට එඩිතරව මුහුන දුන්නා. ඔව් අපි මිනි මැරුව. එදා කැප්පෙටිපොල වගේම ආණ්ඩුවෙ දේපල විනාශ කෙරුව. එදා කලේ දේශ ප්‍රේමී අරගලයක්. ඒකට විරුද්ධව හිටපු අයව අපි අයින් කලා කියන එක තමයි කිව්වෙ.
මොකද, පරණ ට්‍රැක් රෙකෝඩ් එක හොඳ නැති නිසා ආණ්ඩුව හා අනෙක් බලවතුන් වෙලාව බලල පරන ඒව පෙට්ටි වලින් ඇදල ඇටකටු එලියට ගන්නව. එදා, කැප්පෙටිපොල දේශපාලනික සතුරන්වත් ගංවල අහිංසක මිනිසුන්වත් සිය දේශප්‍රේමී අරගලයේදී බිල්ලට ගත්ත ද කියලත් ලාල් කාන්ත මහත්තයගෙන් අහන්න වෙනවා.

මගේ මීලඟ බ්ලොග් සටහනෙන් ප්‍රශ්න කරන්නෙ එතුමා කී රජීවට ගහපු පොරගෙ වීරත්වය පිලිබඳ කතාව. ලාල් කාන්ත මහත්තය යන ලයින් එක අනුව කවුද එතකොට ලොකුම වීරයා?.


22 comments:

  1. කැප්පෙටිපොලලා, ඇහැලේපොලලා කෙලපු පිස්සු ගැන දැන ගන්නම් ඕන නම් සඳුදා රෑට ස්වර්ණවාහිනිය බලන්න. හැබයි ජැකයි, හසන්ත මහත්තයයි, බයිලා සාධුයි ඉතිහාසේ අලුතින් ලියන්න යද්දි, මහාචාර්ය නෝනා දෙනවා තුන්දෙනාටම පොරි හැලෙන්න... (මාලනි ඇදගම.)

    ReplyDelete
    Replies
    1. බලන්නම්, ස්තූතියි!

      Delete
  2. ඕක පොසොන් එකටත් අදාලයි නෙව.. හැක්.. බොට තියෙන අදහස් මටත් එනවනං නෙලනව වටේටම..

    ReplyDelete
    Replies
    1. අදහස් ආවාට, ආවාට ගියාට නෙලාන්ට හිතෙන එක නම් හොඳ මදි!

      Delete
  3. මිත්‍රය , ඔබ ලාල් ගැන පවසමින් මතු කරන්නට හදන මෙව්වා එක තව සුට්ටක් පැහැදිළි කරන්න ...

    ReplyDelete
    Replies
    1. හිතවත් මිත්‍රය,
      ලාල් කාන්ත මහතාගේ දේශනයක් අලලා කෙරුනු ලිපියක් ලක්බිමේ පලවී තිබුනා පසු ගිය දිනෙක. එය මං ඊලඟ ලිපියේ පල කරන්නම්. එතුමා කියල තිබුනෙ මූලිකව 87 ඉන්දු ලංකා ගිසුම යනු රට යටත් කිරීමක් හා එයට විරුද්ධව ඒ අය කල අරගලය දේශප්‍රේමී අරගලයක්, අයිඩෙන්ටි එකතු කොරපුව, මිනි මරපුව එලියට ඇදල අරගෙන මැයි 21 හෝ එවැනි ඉදිරි අරගල චකබ්ලාස් කිරීමට ඉඩ දෙන්න බෑ කියල. එසේම රජීව්ට ගහපු මිනිහා වීරයෙක් බවත් ඔහුගේ තුවක්කුව කටු ගෙයි තියන්න ඕන කියලත්.

      Delete
    2. \\පරණ සිද්දි ඇදල අරගෙන මැයි 21 හෝ එවැනි ඉදිරි අරගල චකබ්ලාස් කිරීමට ඉඩ දෙන්න බෑ කියල. \\


      ඒක ඇත්ත බති.සහතික ඇත්ත..අද රත්තන්ට බනින අය පිරිසුදද ...? රාජිත බබාද ..? ( රජිව් නෙවේ )

      Delete
  4. Replies
    1. ස්තූතියි සංජීව මෙන්ඩිස්.

      Delete
  5. මම හිතන්නෙ ලාල් කළේ අදාල සිල් පවාරණය කළ එකයි; නැවත සමාදම් වුනා නෙවෙයි.

    කොයි ආණ්ඩුවත් කළේ යම් විශේෂ තත්වයන් තුළ සිදු වූ අතීත ක්‍රියාකාරකම් පදනම් කරගෙන ජ වි පෙ හි දේශපාලන සුජාත භාවය ප්‍රශ්න කරන එකයි. ලාල් ඊට නියම විදියට උත්තර දුන්නා.

    ReplyDelete
    Replies
    1. ඔව් එක අතකින් පවාරණය කිරීමක්, ඒ වගේ පව් සමා කර ගැනීමක්.
      ඇත්තෙන්ම එහෙම උත්තර දීපු එක හොඳයි. දැන් ජවිපෙ එහෙම කරන්නෙ නෑනේ.

      මා දන්නා පරිදි ඔබත් ඒ දේශපාලනය නිසා ජීවිතය නූලෙන් බේරාගත් කෙනෙක්, එහෙත් මට හිතෙන දේ නොසඟවා කීමෙන් අවැඩක් වේ යයි මා සිතන්නේ නැති නිසා මෙහෙම ලියන්නම්.

      'දේශප්‍රේමී' ලේබල් එකට සටන් කරන කීප පොලක් සිටිනවානේ, හෙළ උරුමය, විමල් වීරවංශ ගෙ බ නි පෙ, බො බ සේ, ම එ පෙ, ආදීන්ට එම් ක්‍රෙඩිට් එක සම්පූර්ණයෙන් උරුම වන එක වැලක්විය යුතුයි, එසේම තම ඡන්ද පදනම ආරක්ශා කර ගත යුතුයි, සුලු ජාතීන්ගෙන් විශේශයෙන් දෙමල ජාතීන්ගෙන්, පැරණි වම හා එජාපෙන් පැහැදිලිවම වෙන් කරන ගම හා නගරය අතර වෙනස සටහන් කරන රේඛාව සටහන් කිරීම කළ යුතුයි, මේ හැමටම වඩා උතුරේ පලාත් සභා චන්දය පිළිබඳ කතිකාවේ ජවිපෙ භූමිකාව මොකද්ද කියන එක පැහැදිලි නොකලොත්, තමුන්ට චන්ද නොලැබෙන උතුරු පලාත් සභාවක් නිසා නාගෙන දකුණෙ ශුවර් චන්ද ටික නැති කර ගන්නේ මොන ඔල මොට්ටලයද? පාර්ලිමේන්තුවෙයි දැන් ඒ අයගේ ගේම තියෙන්නෙ,

      Delete
  6. //මට හිතෙනව මේ මේ තරන් පිළිම හදන්නෙ අපේ අසරණ කමට කියල. මේ පිලිම වත් අපට සාධාරනයක් ඉස්ට කරාවි, අපිව මේ දුකෙන් ගලවා ගනීවි කියන හිතිවිල්ල යටි හිතේ ඇති.//

    මේක නම් මටත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හදල තියෙන පිලිම ප්‍රමානෙ හැටියට විශාලත්වයේ හැටියට අපි ගුණධර්ම අතින් ඉහලම තැනක ඉන්න එපායෑ?

      Delete
  7. ලාල් කාන්ත ඔය කතාව නියම වෙලාවට කිව්ව කියලයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ අයගේත් ඇතිනේ ගනන් හදල බැලිල්ලක්!

      Delete
  8. ලාල් කාන්ත අරබයා ඔබ මතුකරන්නට යන විවරණය ගැන තාම අදහසක් ගන්න අමාරුයි මිත්‍රයා. බලමු ඒ පෝස්ටුවත් එනකම්.

    //කැප්පෙටිපොල දේශපාලනික සතුරන්වත් ගංවල අහිංසක මිනිසුන්වත් සිය දේශප්‍රේමී අරගලයේදී බිල්ලට ගත්ත ද කියලත් ලාල් කාන්ත මහත්තයගෙන් අහන්න වෙනවා.//

    මෙන්න මෙතැනින් නම් දළ අදහසක් එනවා හිතට.

    ReplyDelete
  9. ලාල් කාන්ත මං කැමති දේශපාලකයෙක්. නිර්භීත කම්කරු නායකයෙක්, රටේ අනාගතය තීරණයට බලපෑම් කල හැකි නායකයෙක්, විප්ලවයක් යනු කොල්ලො ටිකක් එකතු කරගෙන පොලිසි දෙක තුනකට ගහල රට අල්ලගන්න දෙයක් නොව නොනවතින ක්‍රියාවලියක් කියල පිලිගත්ත කෙනෙක්. එහෙම කෙනෙක් කරන ප්‍රකාශ අපට තේරෙන විදියට විචාරයට ලක් කල යුතුයි.

    ReplyDelete
  10. ඔහේ ගේ වාක්‍ය ගැලපීමේ ටිකක් බාහු ගේ ඌරුවක් තියෙනවා නේද කියලා මට අද හිතුණා!

    ReplyDelete
    Replies
    1. ඔබ වැරදි නෑ, ඒත් සත්‍යවාදියාගේ දින පොත තමයි මගේ ටෙම්ප්ලෙට් එක

      Delete
  11. අනේ මන්දා???

    ReplyDelete
    Replies
    1. මදි, බෝම මදි, තව මොනව හරි කියන්න!

      Delete
  12. අපේ ඉන්න විප්ලවවාදියො යි, ප්‍රජාතන්ත්‍රවාදියොයි හොඳයි ඉතිං, සංවේදී තාත්තටම හොඳයි. මුං ඔක්කොම අපිට කොකා පෙන්නනව කියලයි පේන්නෙ. නැත්තං රටට මෙච්චර හදියක් වෙලා තියෙද්දි පාරට බැහලා ජනතාවට නායකත්වය දුන්නනං මේ සහෝදර සමාගම එළවලා දාන එක කජ්ජක්යැ.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්