Followers

Saturday, June 22, 2013

මහින්දගෙන් අගමැති තනතුර ලබා ගැනීමට නම්...?

අද පොසොන් පෝය දවසෙ, ඊට අදාල ව යමක් කියල දේශපාලනේට යමු නේද.


හැම තැනම කියවෙන්නෙ බුදු දහම ලංකාවට ගෙන ආවේ මහින්ද  මහ රහතන් වහන්සේ  විසින් කියල. මට නම් තේරෙන්නෙ නෑ ඇයි කියල.

බුද්ධාගම මෙරටට ප්‍රථම වතාවට ගෙන වැඩියෙ මහින්ද මහ රහතන් වහන්සේ  නොවේ.... මා නැවතත් කියනව.
තෙවරක් මෙරටට වැඩිය අප බුදුන් වහන්සේම විසිනි.


දැන් බලමු  අනෙක් මහින්ද ගැන. එයාගෙන් අගමැති කම ඉල්ලගන්න විදියක්



මේ ලඟදී දි මූ අගමැති තුමා කියනව පලාත් සභාවලට පොලිස් බල තල හා ඉඩම් බල තල ඕනම නෑ කියල. මං හිතනව එතුම එය සිය හදවත පතුලෙන්ම කියන ලද කතාවක්. දුකට කියපු එකක් එහෙම නොවෙයි. දැන් බලන්න එතුමාට කිසිම බල තලයක් නැති උනත් ඔය අපූරුවට ඉන්නේ. තමන්ගෙ නිල නිවාසෙ පවා දන් දීල නෙ තියෙන්නෙ. ආදර්ශයෙන්ම පෙන්වපු එතුමාගෙ කීම නම් අහක දාන්න වටින්නෙ නෑ.

මන් මේ කිසිම බලතලයක් නැතිව ඉන්නෙ තොපිට මොකටද ඉඩම් පොලිසි?

අනෙක, මං එතුමගෙන් අහන ප්‍රශ්නෙ තමයි, කාපු බීපු වෙලාවක වත් කීවද මං මගේ මූත්‍රා බීල තමයි අගමැති කම ගත්තෙ කියල, ?

මං නං විශ්වාස කරන්නෙ නෑ දි මූ එහෙම කියයි හෝ කරයි කියල.!

ජනපති තුමනි ඔබ තුමාවත් විහිලුවටත් කීවද, කැලණියෙ(න් ගඟෙන්) නාගෙන උඹගේම චූ ටිකක් බීල වරෙන් කියල. ?


--------------------------
ප ලි

 අර ඉන්දියාවෙ අගමැති කෙනෙක් හිටිය මොරාජි දේශායි කියල ඒ විතරක් නොවෙයි අවුරුදු 99ක් ජීවත් උනා. ජීවිතේ අන්තිම කාලෙදි පුවත් පත් කලාවේදියෙක් අහල තිබුන දිගු කල් ජීවත් වීමේ රහස මොකද්ද කියල. එතුමා කියා තිබුනෙ සිය මූත්‍රා පානය තමයි රහස කියල.

මේ ගැන පෝස්ට් එකක් මා ලීවේ මා බ්ලොග් ලියන්න ගත්ත කිට්ටුවමය. අපේ ගෙවල් ලඟ ජීව්ත් වූ ජෝන් සීය එකල කූඩැල්ලෝ කකුල් උඩ තියාගෙන ලේ බොන්න සලස්වනවා, ඒ නරක් වූ ලේ බොන්න සැලැසීමයි කියලයි ඒ දවස්වල කීවේ. දැන් එය අන්තර්ජාතික ප්‍රතිකාර ක්‍රමයක්. ඒ විතරක් නොවෙයි පනුවන් හා මදුරුවන් පවා දැන් තෙරපිවලට භාවිතා කරනවා.

අපේ මහ වෙදනාත් කීව ගැන් පෝස්ට් එකක් ලියනව කියල.
 ඒත් තවම නම් දැක්කෙ නෑ එවැන්නක්.

පලි කියෙව්වත් කෙනෙකුට මේ ලිපිය අපබ්‍රංසයක් වගේ පෙනේවි. කොමෙන්ට් වලින් නම් හොයා ගන්න පුලුවන් වෙයි.
------------------------------
මා මේ උඩ පෝස්ටුව ලියා වසරකට පසුව පලවූ ලිපියක්

මහින්දාගමනය සිද්ධවන්නේ බෞද්ධ ලංකාවකටයි...


පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේවයෝ මහින්දාගමනයට පෙර ලංකාවේ පැවැති ප්‍රභාමත් බෞද්ධ සංස්‌කෘතියක්‌ පිළිබඳ පුරාවිද්‍යා සාධක ඇසුරින් කථිකාවක්‌ ගොඩනගති.
මහින්දාගමනය පමණක්‌ ඉස්‌මතු කර දැක්‌වීමට වංසකථා රචකයන් විසින් දරා තිබෙන උත්සාහය නිසා ඊට පෙර අවධියක මෙරට විසූ බෞද්ධයන් යටපත් වීම සිතාමතා කළ සාහසික ඓතිහාසික ක්‍රියාවක ප්‍රතිඵලයක්‌....

කල්තොට, කූරගල සහ දියවින්න ප්‍රදේශයේ පිහිටා තිබෙන ගුහාවිහාර මිහි`දු හිමියන් පැමිණෙන අවධිය වන විටත් ස්‌ථාවරව පැවති බවට උපකල්පනය කළ හැකි සාධක තියනවා

රටේ ක`දුකර ජනාවාසවල විසු ජනතාව මිහි`දු හිමියන් මෙහි වැඩම කිරීමට පෙර බුදුදහම හ`දුනාගෙන සිටි බව මහාවංසයේ කර්තෘවරයා පවා දැන සිටියා. 


ප්‍රශ්නය - බුදුන්වහන්සේගේ පහළවීම බෞද්ධ බැතිමතුන් වන අපට නිසැක කාරණාවක්‌. එහෙත් තර්කයෙන් ලෝකය දකින බටහිර චින්තනය තුළ යමක්‌ පිළිගැනීමට තහවුරු කිරීමක්‌ අවශ්‍යයි. බුදුන්වහන්සේගේ ධරමාන සමය පිළිබිඹු කරන, බුද්ධ ධර්මයේ ව්‍යාප්තිය ඉන්දියාව තුළ සිද්ධවන ආකාරය හෙළිකරන, පුරාවිද්‍යාත්මක සාධක මොනවාද

පිළිතුර - ගෞතම බුදුන්වහන්සේගේ ඓතිහාසිකත්වය ගැන ඇතැම් බටහිර විද්වතුන් අතර නොයෙක්‌ මතවාද තිබුණා. ඒ අතරින් සමහර දෙනා කල්පනා කළේ බුද්ධ යන සංකල්පය පවා නිර්මිතයක්‌ බවයි. බෞද්ධ දර්ශනය යනු එක්‌ පුද්ගලයකු විසින් අවබෝධ කර ගන්නා ලද එකක්‌ නොව දීර්ඝකාලයක්‌ තිස්‌සේ ඉන්දීය සමාජය තුළ පැවති දාර්ශනික අදහස්‌ මාලාවක සම්පිණ්‌ඩනයක්‌ ලෙස පැහැදිලි කිරීමට ඔවුන් වෑයම් කළා. මෙවැනි අදහස්‌ මතුවීමට බල පෑ ප්‍රධාන හේතුව නම් බෞද්ධ දර්ශනයේ තිබෙන පු`ඵල් ගැඹුරු චින්තාවයි. සමස්‌තය ආවරණය වන පරිදි ලෝකයේ සෑබෑ ස්‌වරූපය සහ මිනිසාගේ ඉරණම පිළිබ`ද එවැනි හේතුඵල දහමක්‌ තනි පුද්ගලයෙකුගේ මනසට ග්‍රහණය වීම විය නොහැක්‌කක්‌ ලෙසයි ඔවුන් කල්පනා කළේ.

එවැනි අදහස්‌වල තිබෙන නිරර්ථක බව පෙන්වා දීමට යොදා ගත හැකි ප්‍රබලතම සාක්‌ෂියක්‌ වන්නේ ගෞතම බුදුන්වහන්සේගේ ජීවමාන සමයට අයත්ව පැවති බවට බෞද්ධ සාහිත්‍යයේ විස්‌තර කරන ස්‌ථානවලින් හමු වී ඇති පුරාවිද්‍යාත්මක සාක්‌ෂි යි. අප ගෞතම බුදුන්වහන්සේට ජීවක වෙදැදුරු විසින් ආරාමයක්‌ පුජා කරන ලද බවත් එය ජීවකාරාමය නමින් හ`දුන්වන ලද බවත් බෞද්ධ ඉතිහාසයේ විස්‌තර වෙනවා. මේ ගොඩනැගිල්ලේ නටබුන් සොයා ගැනීමට ඉන්දීය පුරාවිද්‍යාඥයින් සමත් වුණා. අද එය තහවුරු කොට මහජන ප්‍රදර්ශනය ස`දහා විවෘත කර තිබෙනවා. ඊට අමතරව සිද්ධාර්ථ කුමරු ඉපදුනු ලුම්බිණියේ ඓතිහාසිකත්වයත් මේ වන විට තහවුරු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැදගත් වන අනෙක්‌ සාක්‌ෂිය ලෙස සැලකිය හැක්‌කේ ඉන්දියාවේ පිප්රාවා නම් ස්‌ථානයෙන් සොයා ගත් ධාතු කර`ඩුවයි. එය එතැන තිබූ පැරණි ස්‌තූපයක්‌ කැණීමේදී සොයා ගන්නා ලද්දක්‌. එම ධාතුකර`ඩුවේ යට බ්‍රාහ්මී අක්‌ෂරකින් පාඨයක්‌ කොටා තිබුණා. එම ධාතුකර`ඩුවේ අඩංගු භෂ්මාවශේෂ ශාක්‍යමුනි බුදුන්ගේ බවත් එය තැන්පත් කරන ලද්දේ උන්වහන්සේගේ ඥාතීන් වන සුකීර්ති පවුලේ සාමාජිකයින් විසින් බව එහි ස`දහන් කර තිබෙනවා. ගෞතම බුදුන්වහන්සේ පිළිබ`ද තව බොහෝ පුරාවිද්‍යාත්මක සාධක තිබෙනවා. ඒ වුනත් මා කල්පනා කරන්නේ අපට වඩා වැදගත් වන්නේ උන්වහන්සේගේ ඓතිහාසිකත්වය සෙවීමට වඩා උන්වහන්සේගේ දර්ශනය නිසි පරිදි ජීවන දැක්‌මට අනුගත කර ගැනීම කියලයි.

ප්‍රශ්නය- මහින්දාගමනයට පෙර මෙරට බුදුදහම පැවතුන බව ඔබ කියනවා. එහි පදනම කුමක්‌ ද?. ඔබට අනුව මහින්දාගමනය සිද්ධවන්නේ බෞද්ධ ලංකාවකටද?.

කූරගල ලෙන..


පිළිතුර - මා එසේ අදහසක්‌ ප්‍රකාශ කළ බව සැබෑවක්‌. ඊට පදනම් වුණේ මේ දිනවල මවිසින් පවත්වා ගෙන යන පුරාවිද්‍යාත්මක ගවේෂණයක්‌. මීට පාදක වී තිබෙන්නේ මධ්‍ය ක`දුකරයේ දකුණු බෑවුම තැනිතලාවට සේන්දු වන කල්තොට සහ දියවින්න ප්‍රදේශයයි. මේ ප්‍රදේශයේ ක`දුකරයේ බෑවුම් ප්‍රදෙAශය ඉතා පරීක්‌ෂාවෙන් අප සොයා බැලුවා. මෙහිදී මා නිරීක්‌ෂණය කළ විශේෂිත කාරණය වන්නේ කල්තොට සිට කොට්‌ටිඹුල්වල දක්‌වා කිලෝමීටර 12 කට වැඩි දිගකින් යුත් ප්‍රදේශයක විහිදෙන ක`දුබෑවුම්වල අවම තරමින් ගුහාවිහාර 200 කට ආසන්න ප්‍රමාණයක්‌ පිහිටා ඇති බවයි. ඒ අතුරින් 50 කට ආසන්න ප්‍රමාණයක්‌ අප විසින් දැනට පරීක්‌ෂා කොට ක්‍රමානුකූල වාර්තාගත කරනු ලැබ තිබෙනවා.

මේ රටේ ගුහාවිහාර ගැන මෙතෙක්‌ තිබුණේ එකම අදහසයි. මිහි`දු හිමියන්ගේ වැඩම කිරීමෙන් පසු ගුහා විහාර සම්ප්‍රදාය ආරම්භ වූ බවත් එහෙයින්ම ඒවායේ කොටා තිබෙන සෙල්ලිපි උන්වහන්සේගේ ආගමනය සිදු වූ කාලයට සම්පාත වන හෙයින් ඒවා ක්‍රිස්‌තු පූර්ව 250 හෝ ඒ ආසන්න කාලයකට අයත් වන බවයි. මහාධිරාජ අශෝක විසින් ඉන්දියාව පූරා පිහිටුවන ලද සෙල්ලිපි මීට සමාන කාලයකට අයත් වන නිසාත් ඒවා ලියා තිබෙන බ්‍රාහ්මී අක්‌ෂර මෙරට ගුහාවිහාරවල කොටා ඇති සෙල්ලිපිවල දක්‌නට තිබෙන අක්‌ෂර සමග සැසදෙන නිසාත් මෙම අදහස ප්‍රශ්න කිරීමට කවුරුත් උත්සාහ ගත්තේ නැහැ. ඇත්තෙන්ම මෙම අදහස ව්‍යාප්ත වුණේ ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී සෙල්ලිපි ගැන අතිවිශිෂ්ට ශාස්‌ත්‍රීය ප්‍රකාශනයක්‌ කළ මහාචාර්ය සෙනරත් පරණවිතානයි.

අප විසින් දැනට පවත්වා ගෙන යන ගවේෂණයෙන් අනාවරණය වී තිබෙන සහ වෙමින් තිබෙන සාක්‌ෂි අනුව මා විසින් නගන ප්‍රධාන ප්‍රශ්න දෙකක්‌ තිබෙනවා. ඉන් පළමුවැන්න නම් ගල්ගුහාවක්‌ මහාසංඝරත්නයට පූජා කිරීමේදී ගල්ගුහාවක කටාරමට යටින් සෙල්ලිපියක්‌ කෙටීම සහ නොකෙටීම තීරණය වූයේ කුමන සාධකයක්‌ පදනම් කර ගෙන ද යන්නයි. සෙල්ලිපි නොකෙටු ගල්ගුහාවල දක්‌නට තිබෙන කටාරම් වැඩිමනක්‌ම අතිශයින් ර`ඵ නිමාවක්‌ තිබෙන හා දැඩි ලෙස ඛාදනය වූ ඒවා බව නිරීක්‌ෂණය කළ හැකියි. මෙය සෙල්ලිපි කොටා තිබෙන ගුහාවලට වඩා වෙනස්‌ තත්ත්වයක්‌. සෙල්ලිපි කොටා තිබෙන ගල්ගුහාවල ඉතා ක්‍රමවත් නිමාවක්‌ දක්‌නට තිබෙනවා. සමහර විට සෙල්ලිපි නොමැති ගුහා සෙල්ලිපි සහිත ගුහාවලට වඩා පැරණී වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා.

ප්‍රශ්නය - මෙය විද්‍යාත්මක නිරීක්‌ෂණයක්‌ ලෙස ඔබ සලකනවාද?.

පිළිතුර - ඇත්ත. මෙය එතරම් විද්‍යාත්මක නිරීක්‌ෂණයක්‌ නොවෙයි. මෙම කල්පිතය වඩාත් හො`දින් පැහැදිලි කිරීමට නම් එවැනි ගුහා දෙකක්‌ කැණීම් කොට ඒවායේ අභ්‍යන්තර ස්‌තර නිරීක්‌ෂණය කළ යුතුව තිබෙනවා. ඉදිරියේදී අප ඒ ස`දහා කටයුතු කිරීමට අදහස්‌ කරනවා. අනෙක්‌ කාරණය වන්නේ කල්තොට, දියවින්න ආදී රට අභ්‍යන්තරයේ පිහිටි ප්‍රදේශවල මිහි`දු හිමියන් වැඩම කළ ආසන්න යුගයේදීම මේ තරම් තදබල බෞද්ධ සම්ප්‍රදායයක්‌ ස්‌ථාපනය වූයේ කෙසේ ද යන්නයි. ඊට පසුබිම් වූ හේතු ඉතිහාසය තුළ තවමත් අප්‍රකටයි. මා මෙහිදී තදබල යන වචනය මෙහිදී භාවිත කරන්නේ හේතු සහිතවයි. අප දැනට මේ ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙන ඇතැම් ලිපිවල අන්තර්ගතය රටේ අන් කිසිදු ප්‍රදේශයක තිබෙන සමකාලීන ලිපිවල අන්තර්ගත දැවලට වඩා වෙනස්‌ බව පෙනෙනවා. ඒ වෙනස්‌කම පිළිබිඹුවන්නේ බුදුදහමේ තිබෙන ඇතැම් ගැඹුරු අදහස්‌ උපුටා දැක්‌වීමට එම ලිපි කරවූ දායක කාරකාදීන් විසින් දරා තිබෙන උත්සාහය වෙත සැලකිල්ල යොමු කරන විටයි. නිදසුනක්‌ ලෙස දක්‌වන්නේ නම් කිරිමකුල්ගොල්ලෙන් අප සොයා ගත් ලිපියක එය කර වූ තැනැත්තා අදාළ ගල්ගුහාව හඳුන්වා තිබෙන්නේ පටිභාන කුටිය යන නමින්. පටිභාන යන වචනය විවිධ අදහස්‌ දෙන්නක්‌. පාරිශුද්ධත්වය හැ`දින්වීමටත් එහි පර්යාය පදයක්‌ ලෙස එය පාලි සාහිත්‍යයේ යෙදී තිබෙනවා. කෙසේ වෙතත් මෙවැනි පද හමුවන්නේ ගැඹුරු ධර්මශාස්‌ත්‍රිය සාහිත්‍යය තුළයි. තවත් සෙල්ලිපියක්‌ කෙට වූ තැනැත්තා එය පූජා කොට තිබෙන්නේ අපරිමිත ලෝකධාතුවේ වෙසෙන මහා සංඝරත්නය වෙතයි. ශ්‍රී ලංකාවේ ගුහාවිහාරවල දක්‌නට තිබෙන සෙල්ලිපි අතර මෙවැනි අදහසක්‌ ලියා තිබෙන එකම තැන මෙම සෙල්ලිපියයි. වෙනත් තැන්වල එය කියා තිබෙන්නේ සතරදිශාවෙන් ආවා වූ ද නොආවා වූද මහා සංඝයාට පූජා කළ හැටියටයි. කෙසේ වුවත් කල්තොට ප්‍රදේශයේ විසු දායකයින් සම්ප්‍රදායෙන් පිටත සිට කල්පනා කළ බව මින් පැහැදිලියි. ඉන් පිළිබිඹු වන්නේ ධර්මය ගැන ඔවුන් සතුව තිබූ ගැඹුරු අවබෝධයයි. මිහි`දු හිමියන් පැමිණි කාලයේම මෙතරම් ස්‌ථාවර ලෙස බුදුදහම මෙතරම් රට අභ්‍යන්තරයේ ස්‌ථිර වීම විශ්වාස කළ නොහැක්‌කක්‌. අනෙක්‌ අතට එවැනි තත්ත්වයක්‌ හදිසියේ ඇති විය නොහැක්‌කක්‌ බව කාට වුවත් පහසුවෙන් වටහා ගත හැකි කාරණයක්‌. මගේ අදහස නම් කල්තොට, කූරගල සහ දියවින්න ප්‍රදේශයේ පිහිටා තිබෙන ගුහා විහාර මිහි`දු හිමියන් පැමිණෙන අවධිය වන විටත් ස්‌ථාවරව පැවති බවයි. එවැනි ස්‌ථාවරයකට නොපැමිණ මෙම ප්‍රදේශයේ ගුහා විහාර විස්‌තර කළ නොහැකියි.

අනෙක්‌ අතට මෙම ප්‍රදේශයේ තිබෙන සෙල්ලිපිවල දක්‌නට තිබෙන ඇතැම් අක්‌ෂර රූප රටේ වෙනත් තැන්වල තිබෙන සමකාලීන සෙල්ලිපිවල තිබෙන අක්‌ෂරවලට වඩා ඇතැම් සු`ඵ වෙනස්‌කම් පෙන්නුම් කරනවා. ඒ වෙනස්‌කම් සු`ඵ වුවත් ඉන් ප්‍රකාශිත අර්ථය ඊට වඩා විශාල වීමට බෙහෙවින් ඉඩ තිබෙනවා. ඒ ගැන යමක්‌ කිව යුත්තේ හො`දින් ඒ ගැන අධ්‍යයනය කිරීමෙන් පසුවයි.

ප්‍රශ්නය- මිහි`දු හිමියන් මෙහි වැඩම කරවීමට පෙර ඔබ දැනට ගවේෂණ කටයුතු පවත්වා ගෙන යන බලංගොඩ ආශ්‍රිත රට අභ්‍යන්තරයට බුදුදහම ව්‍යාප්ත වූ ආකාරය ඔබ කියනවා. මහින්දාගමනයට පෙර සිද්ධවුණා යෑයි කියන මේ බුදුදහමේ ව්‍යාප්තිය සම්බන්ධ තර්කය සම්බන්ධ ප්‍රමාණවත් පැහැදිලි කිරීමක්‌ කළ හැකි ද?

පිළිතුර - මේ සම්බන්ධයෙන් පළමුව මා කිව යුත්තේ දැනට මා ගවේෂණය කරන ප්‍රදේශය පමණක්‌ මීට අදාළව සුවිශේෂි භූගෝලීය කලාපයක්‌ ලෙස අවධාරණය කිරීමට මගේ අපේක්‌ෂාවක්‌ නොමැති බවයි. ක`දුකර ප්‍රදේශ ආශ්‍රිත රටේ සෙසු කලාපවලත් මෙවැනිම තත්ත්වයක්‌ පවතින බව මහාචාර්ය පරණවිතාන විසින් මීට පෙර ප්‍රකාශයට පත් කර තිබෙන සෙල්ලිපිවල භූගෝලීය ස්‌ථානගත වීම සැලකිල්ලට ගත් විට පෙනෙනවා. එසේ වුවත් මහාචාර්ය පරණවිතාන එහි පවතින සුවිශේෂීතාව යම් හේතුවක්‌ නිසා නිරීක්‌ෂණය කර නොමැති බව පෙනෙනවා.

ඔබ ඇසූ ප්‍රශ්නයට සෘජු පිළිතුරක්‌ දීමට තරම් මේ සම්බන්ධයෙන් මගේ අදහස්‌ තවමත් පරිණත වී නැහැ. ඊට ශාස්‌ත්‍රීය විශ්ලේෂණයක්‌ අවශ්‍යයි. එය කළ හැකිවන්නේ මා ක්‌ෂෙත්‍රයෙන් පිට වී මගේ පුස්‌තකාලයට පැමිණි විටයි. තත්ත්වය එසේ වුවත් ඒ පිළිබ`ද අදහස්‌ කිහිපයක්‌ මා තුළ තිබෙනවා. එය අදාළ වන්නේ ඉතා ඈත කාලයකදී එනම් අඩුම තරමින් ක්‍රිස්‌තු පූර්ව 450 තරම් ඈත කාලයකදී වෙළෝදාම ස`දහා ඉන්දීය සාගරයේ යාත්‍රා කළ මෙරට යාත්‍රිකයින්ගේ ගමන්වලටයි. ඇතැම් විට ඔවුන් ඒ වෙළෝද ගමන්වලදී බෞද්ධ දර්ශනයට අයත් මූලික ඉගැන්වීම් ගැන අවධානය යොමු කරන්නට ඇති බව පෙනෙනවා. මේ රටේ ක`දුකර ප්‍රදේශවල ජනාවාස පැතිරීම පිළිබ`ද ඉතිහාසය දැන් ක්‍රිස්‌තු පූර්ව 2400 දක්‌වා පු`ඵල් කිරීමට මගේ පර්යේෂණවලට හැකි වී තිබෙනවා. ඔවුන් නව ආගමික ඉගැන්වීමක්‌ ගැන උනන්දු වීම පුදුමයට කරුණක්‌ නොවෙයි. මේ ක`දුකර ජනාවාසවල විසූ ජනතාව මිහිඳු හිමියන් මෙහි වැඩම කිරීමට පෙර බුදුදහම දැන සිටි බව මහාවංසයේ කර්තෘවරයා පවා දැන සිටි බව පෙනෙන්නේ බුදුන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වීමේ සිද්ධියට මෙරට ක`දුකරයේ විසූ යක්‌ෂයින් සම්බන්ධ කර තිබීමෙන්. බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කළ අවස්‌ථාවේ ක`දුකරයේ සිටි යක්‌ෂයින් බුරුතු පිටින් උන්වහන්සේ දැකීමට ගිය බව මහාවංසය රචනා කළ අවධියට වඩා පසුකාලයකට අයත් සමන්තකූට වර්ණනාවේ ස`දහන් කර තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ විසින් යක්‌ෂයින් ගිරිදිවයිනට පලවා හැරි බවට වංසකථාවල දැක්‌වෙන ප්‍රවෘත්තිය මට පෙනෙන්නේ මිහි`දු හිමියන්ගේ ආගමනය ඉස්‌මතු කර හුවා දැක්‌වීමට වංසකථාකරුවන් විසින් දරන ලද දේශපාලනික උත්සාහයක්‌ ලෙසයි. යක්‌ෂයින් යනුවෙන් මෙහි අදහස්‌ කර තිබෙන්නේ ක්‍රිස්‌තු පූර්ව 2400 පමණ ඈත කාලයක සිට ක`දුකර ප්‍රදේශවල වාසය කළ මෙරට ස්‌වදේශීය පිරිසයි. ඔවුන් ඉතා ඈත කාලයකදී එනම් මීට අවුරුදු 1 25000 කට පමණ පෙර මෙරට ජනාවාස කළ ආද්‍ය හෝමෝසාපියන්වරුන්ගේ ජාන සංචිතයට අයත් වූවන් බව මෙතෙක්‌ අප කළ පර්යේෂණවලින් සනාථ වී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් යක්‌ෂයින් ගිරිදිවයිනට පලවා හැරීම යනු ඔවුන් බෞද්ධ සම්ප්‍රදායයෙන් පිටමං කිරීමට දරන ලද සවිඥානික උත්සාහයක්‌ ලෙස මා දකිනවා. අප ගෞතම බුqදුරජාණන් වහන්සේ වැනි මහාකාරුණිකයන් වහන්සේ කෙනෙකු මෙරටට වැඩම කොට මෙහි ස්‌වදේශික වැසියන් බිය ගන්වා පලවා හැරීම පිළිබ`ද සිද්ධිය මගින් උන්වහන්සේගේ කරුණාව ඉක්‌මවා වංසකථා රචනා කළ ඉන්දීය සම්ප්‍රදායට ලැදි කර්තෘවරුන් දේශීය ජනයා සහ සම්ප්‍රදාය සම්බන්ධයෙන් දැක්‌ වූ වෛරී ආකල්පය පැහැදිලි වෙතැයි මා සිතනවා.

ප්‍රශ්නය - අවසාන වශයෙන් ඔබෙන් ඇසිය යුතු වන්නේ මෙයයි. මහින්දාගමනය පුරාවිද්‍යාත්මකව තහවුරු කළ හැකි යථාර්ථයක්‌ද?. නොඑසේනම් උත්කර්ෂවත් සාහිත්‍යයික නිර්මාණයක්‌ද?

පිළිතුර- එය වැරදි අදහසක්‌. මහින්දාගමනය යනු මෙරට සංස්‌කෘතිය වෙත තීරණාත්මක බලපෑමක්‌ ඇති කළ ඓතිහාසික සිද්ධියක්‌. එය පුරාවිද්‍යාත්මකව සනාථ කිරීමට අවශ්‍ය සාධක තිබෙනවා. අම්පාර රජගලකන්දේ පිහිටි "යෙ ඉමදිප පඨමය ඉදිය අගතන" යන සෙල්ලිපිය ඊට කදිම නිදසුනක්‌. මා මෙහිදී අදහස්‌ දක්‌වන ලද්දේ ඊට පෙර පැවති තත්ත්වය පිළිබ`දවයි. මිහිඳු හිමියන් මෙහි වැඩම කළ විගස මේ රටේ බුදුදහම ඉතා හොඳින් පැලපදියම් වුණේ ඊට පෙර අවධියක සිට බුදුදහම මෙරට වැසියන්ට ආගන්තුක නොවූ නිසා යෑයි කල්පනා කිරීම සාධාරණයෑයි මම සිතනවා. මහින්දාගමනය පමණක්‌ ඉස්‌මතු කර දැක්‌වීමට වංසකථා රචකයින් විසින් දරා තිබෙන උත්සාහය නිසා ඊට පෙර අවධියක මෙරට විසූ බෞද්ධයින් යටපත් වීම සිතාමතා කළ සාහසික ඓතිහාසික ක්‍රියාවක ප්‍රතිඵලයක්‌ ලෙසයි මා දකින්නේ. මේ ගැන මීට වඩා තොරතුරු හෙළිදරව් කිරීමට අපට තව කාලයක්‌ අවශ්‍යයි.

සංවාද සටහන
ජානක ලියනආරච්චි

46 comments:

  1. බුදුන් වහන්සේ ලංකාවට වැඩියේ එක් එක් අවස්ථාවන්හි යම් කිසි හේතූන් නිසා බව පැහැදිලිව හදුන්වා දී තිබෙනවා.නමුත් බුදුන් වහන්සේ උන්වහන්සේගේ දහම ලංකාවට හදුන්වා දුන්නෙ නැ.උන්වහන්සේ ධර්මය දේශනා කල එක ඇත්ත.නමුත් මිහිදු මහ රහතන් වහන්සේ අද වැනි දිනක ලංකාවට ඇවිදින් තිස්ස රජතුමාට ධර්මය දේශනා කරල බුදු දහම ස්ථාපිත කරා.
    බුදු දහම ලංකාවට ගෙනාවේ මහින්ද කියලා ඔබ කිව්වා නේද එහෙම මහින්ද කියලා කියන එක මහ රහතන්වහන්සේ කෙනෙකුට කියන එක හරි මදියි කියලා මට හිතෙනවා

    ReplyDelete
  2. ඔබගේ අදහස නිසා මහින්ද මහ රහතන් වහන්සේ යනුවෙන් වෙනස් කලා.

    ReplyDelete
    Replies
    1. එහෙමනම් අනිත් මහින්ද නමත් පර්සි මගේන්ද්‍ර කියලා වෙනස් කරපං!

      Delete
    2. HANE ME APE PRASIDDA KAKKATHUMA NEDA, ARA PUKA, JOKKU, CHOO, PADA, JEE ADIYA GENA RASATA LIYANNE.

      Delete
  3. බති ඇත්තම කතා කරමුකෝ අපි ...ආයේ හැංගි හොරා කුටු කුටු ගාලා බැහැ නෙව..දයාල්ගෙන් අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා දයාල්ට තියෙන හැකියාවන් එක්ක..ඉඳලා හිටලා වෙනසකටත් එක්ක මෙවැනි සරළ පෝස්ට් එකක් දාන එක වෙනම කතාවක්...

    ඔබෙන් ඉදිරියේදී ලොකු සංවාදයන්ට මුල පුරන පෝස්ට් බලාපොරොත්තු වෙනවා ...අහිතක් හිතන්න එපා ..ඔබට ආදරය කරන නිසයි මෙහෙම කියන්න..( නත්නම්ම් ඔහේ මොන වාහෙක ගියත් අපේ මොකෝ කියලා හිතන්න පුළුවන්නේ . )

    ReplyDelete
    Replies
    1. සයිලන්ට් සහන්
      ස්තූතියි මිත්‍රය ඔබගේ ප්‍රසංසාවට වගේම සැඟවුන තරවටුවට.

      ඔබගේ ඉල්ලීමටත් මා කන් දෙන්නම්, හැබැයි ඉතින් දයල් බතී ලියන පුද්ගලයාගේ චරිත ලක්ශන වහ ගන්න හැදුවාට නොදැනුවත්වම එලියට පනී. ලොකු ලොකු කතා කීවාට මොකෝ මාත් ඉතින් ඔය චූ බොන අය වගේම තමයි.
      පස්කම් සැප, බලලෝභය, ප්‍රසිද්ධියට ලොල් බව ආදිය කරපින්නා ගත් අති පෘතග්ජනයෙක්. නමුත්, මිනිසා නොමිනිසා කරන් එවන් තෘශ්නාවලින් මා දුරස්ව තබාගැනීමට එවායින් වැලකී සිටීමට දැනුවත් උත්සහයක් දරනවා

      වෙනස නම්,

      "අපි එකතු වී අපට වැරදි වැඩ කල හැකි නොවන පරිදි මේ ජරාජීර්ණ ක්‍රමය වෙනස් කර ගත යුතුයි යන අදහසෙයි මා ඉන්නේ."

      Delete
  4. ජේ. ආර්. ජයවර්ධන ජනපතිගෙන් පසු මෙරට බිහිවූ කිසිම විධායක ජනපතිවරයෙක් දක්ෂයෙක් තම අගමැති ලෙස පත් කරගත්තේ නෑ. ජේ ආර් ජනපති පවා පසුව පසුතැවුණා ප්‍රේමදාස වැනි දක්ෂයෙක් අගමැති තනතුරට පත් කරගත් එක ගැන.
    අමතක නොකරන්න හදිසි ජනපති වියෝවකදී නිල බලයෙන්ම ඊළග ජනපති අගමැති බව.
    ලොකු කතාවක් අපෙන්ම ගන්න දාපු පෝස්ටුවක් නේද දයල් මේ.

    ReplyDelete
    Replies
    1. Naleen
      තමුන්ගෙ බලයට තර්ජනයක් වන කෙනෙක් දෙවැනියට තියාගන්න කැමති මොන රජ්ජුරුවොද? ඒක ඇත්ත.
      ලොකු කතාවට ඔබ උත්තර දීල තියෙනව,
      පුන්චි කතාව මග හැරලා?

      Delete
    2. ඇයි චන්ද්‍රිකා නෝනා දක්ෂයෙක් අගමැති කරගත්තේ (තමන් ගේ බලයට තර්ජනයක් වෙන).පස්සේ කෙලවගත්තෙත් ඒක නිසාමනේ.

      Delete
    3. ඒ අවසානයේ වෙන කරන්නට කිසිම දෙයක් නැති තැනයි.

      Delete
    4. jashri, Naleen දක්ශ වූවාට පක්ශ නැත

      Delete
  5. අර මොරාජ් දේසායි මුත්‍ර පානය කරන කාලේ ඇත්ත හෝ අද පත්තරේ තිබුණා මාරු කතාවක්. ලංකාවට ආව වෙලාවේ අපේ ජේ.ආර්. පප්පත් ඔය වැඩේ පුරුදු වෙලා කියලා. අන්තිමට ට්‍රේ එකේ තියලා දෙන්නගේ මුත්‍රා දෙක ගෙනාවාම වැරදිලා, මාරු කරගෙන තමයි පානය කොරලා කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ජේ ආර් බලාපොරොත්තු උන "අ-ධර්මිශ්ඨ " ලංකාව දැන් ඇති වෙලා තිබෙන්නේ?

      Delete
  6. මර්වියත් දැන් චු බොනව කියනනෙ.එයා බොන්නෙ වතුර කලවම් කරලලු.
    80ගණන් වල මම දන්න අංකල් කෙනෙකුත් චූ බොන්න ගත්ත.මාස තුනකට විතර පස්සෙ අංකල් කාරය කිව්ව එයාගෙ ඇගේ තිබුන ලෙඩ ගොඩක් අඩුවුනා කියල.
    මටත් කිව්ව තරුණ කාලේ ඉදල චූ බිව්වොත් මොකුත් ලෙඩක් නැතිව ජිවත් වෙන්න පුළුවන් කියල.
    පහුවදා උදේ වීදුරුවකට කට කපල අරන් උගුරක් බිව්ව.තමන්ගෙ චු වුනත් මෙලෝ යකෙකුට බොන්න බැහැ දෙයියනෙ.විසිකරල නිකන් හිටිය.
    ඒ අතින් ගල් කාලක් (කලවම් නැති)එක හුස්මට ඇදල ඇරිය හැකිනෙ එක හුස්මට අමාරුවක් නැතිව.

    ReplyDelete
    Replies
    1. ඔබ මගෙ "චූ-ටි කතාව" යන්තං ටච් කරල තියෙනව.
      පෝයට 'ගල්' හොඳ නෑ.

      Delete
    2. පෝයට කලින් මිලදී ගත්ත ගල් ගල්මද මහින්ද? ඒවත් තිතට මත වගෙ මිහින්තලේ ගල වගේම තදයි ද මහින්ද.

      Delete
    3. මේ ලෙඩේ හින්ද මොනවත් කරගන්න විදියක් නැනෙ කෙන්ජි අයියා.

      Delete
    4. Kenji @ Japan, Naleen

      ඔය ලෙඩේට

      ඔය බේත හැර වෙන බේතක් නැතිද ?

      තිබේය තිබේය


      Delete
  7. මොනවාද ඉතින් කන් පාත් කරගෙන ඉන්න කෙනෙකුටයි ඕක ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දිමු මහත්තය තව චිරාත් කාලයක් ජීවත් වෙනව, ඒකට භයවෙන්න එපා.

      Delete
  8. බුද්ධාගම රාජ්‍යය අනුග්‍රහය ලබල මේරට ස්ථාපිත වූයේ මිහිඳු මහරහතන්වහන්සේ වැඩම කළාට පස්සේ.

    ReplyDelete
  9. මිස්ටර් දයාල් මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට බුදුදහම හදුන්වා දුන්බවට ඔන තරම් සාක්ෂි තියෙනවා ඔනවටත් වඩා
    නමුත්....බුදුන් වහන්සේ බුදු දහම ස්ථාපිත කලාය කියලා කිසිම තැනක සදහන් වෙලා නැහැ. ඒ නිසා අපි සත්‍යට ගරු කල යුතුයි නේද

    ReplyDelete
    Replies
    1. මේක නම් පුදුම රටකි!

      බුදුන් වහන්සේ වැඩලා දම් දෙසුවා නම් උන් වහන්සේගේ ධර්මය මේ රටට ගෙන ආවා නොවෙද?

      මං අහන්නෙ මහියංගනං නාගදීපං කළ්‍යාණං පදලාංචනන් කියල දන්න කාලෙ සොලොස්මතානය වැඳපු කෙනෙක් හැටියට?

      Delete
  10. බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා නෑ කවදාවත්. මහින්ද නම් එන්න ඇති. ඒත් ඉතින් මන්නාරම පැත්තෙන් හරි, පොඩි නැවක නැගලා හරි එන්න ඇති. අනික ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ. කලින් එනවා කියලා ලියලා එවලා තිබුනා නේ. හැබයි ඉතින් අපරාදේ කියන්නේ. විනාඩි 20 ක් විතර ඉල්ලන්නෙත් නැතුව, ඊළඟ ප්‍රශ්ණෙට යමු කියන්නේ නැතුව උත්තර ටික නම් දීලා තියෙනවා.

    තව කටකතාවක් තියෙනවා. ඇත්තද කියන්න දන්නේ නෑ. ඔය අපේ ඒවුන් වැරදියටලු දැන් කියන්නේ. එයා කිව්වලු..

    මහරජ ඔබ මේ රටේ පාලකයා පමණක් නොව අයිතාකාරයා බවත් සලකන්න කියලා.. පාලි වලින් කියපු නිසා අපේ අය පටෝලගෙන තියෙන්නේ.. එහෙම කියපු නිසා තමයි එදා ඉඳලා අද වෙනකන් රජවරු ඒ බුදු වදන් ක්‍රියාවේ යොදවන්නේ...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ම අන්තවාදී වෙන්න එපා මාතලන්. සෘධි ප්‍රාතිහාර්ය ගැන ඔබ දන්නේ නැද්ද? බුද්ධත්වය, අරහත්භාවය ලැබූ උත්තමයන්ට සයුරු තරණය කරන්න අපිට වාගේ යාත්‍රා අවශ්‍ය නැහැ.

      Delete
    2. දවල්ටද.. ඔයා එහෙම අය දැකලා තියෙනවද? අර උපාසක එන්න ඇත්තේ ගමරාල දිවිය ළෝකේ ගියා වගේ වෙන්න ඇති.. තාර බර ඇරලා ඔළුවට දාගන්න උතසාහ කරන්න...

      Delete
    3. මේ ගැන ඔබත් සමඟ තවදුරටත් තර්ක කරන එක තේරුමක් නෑ. නමුත් මම කාලයක් තිස්සේ ඔබව හඳුනන නිසා මට හිතෙනවා කවද හරි දවසක ඔබ ඔය ඉන්න අන්තයෙන් ඉවත් වෙයි කියල.
      1.මිත්‍රයා,අප විස්වාශ කළ යුත්තේ ඇසට දැකල ප්‍රත්‍යක්ෂ දේ විතරද? පෘථිවිය ගෝලාකාරයි කියල විස්වාශ කරන්නේ දැකලද? ඔබ කවදාවත් ගුවන්විදුලි තරංග ඇහැට දැකල තියෙනවද?
      2.සිත දියුණු කිරීමේ අග්‍ර පලය තමා බුද්ධත්වය.එය තනිව වෙහෙස වී ලබාගත යුත්තක්.එලෙස බුද්ධත්වය ලබාගත් කෙනෙකු ගේ මග පෙන්වීම යටතේ ලද හැකි ඵලය තමා අරහත්භාවය.මේ ලබාගත් උත්තමයන් සෘධි ප්‍රාතිහාර්යපාන්නේ නොකළ හැකි විටෙක පමණයි.මිනිසුන් බිය වැද්දීමට, වෙනත් ලාභ ප්‍රයෝජන වලට ප්‍රාතිහාර්ය පෑම බුදුදහම තුල ප්‍රතික්ෂේප වන්නේ ඒ නිසයි.
      3.එඩ්ගාර් කේසි ගැන අහල කියවල ඇති නේද?

      Delete
    4. ඔබ නගා ඇති සියළු තර්කයන්ට පිළිතුරු ඇති මුත්. ඒ එකක්වත් ඔබ වැන් ගෝත්‍රික මානසිකත්වයකින් හෙබි අයට ඒත්තු ගැන්වීම මට කිසිසේත්ම කළ නොහැකි කාරණයකි. ළෝකය ගෝලාකාර නැත. පෘතුවියේ ඡායාරූප ලබා ගැනීමට පවා ළෝකය දියුණුය. ගුවන් විදිලි තරංග ග්‍රහණය කර ගත හැකි උපකරණ නිපදවා ඇති බැවින් ඒවා පිලිගනිමි. ප්‍රතිහාර්යයන් පෑ සායි බාබාද නම් හොරෙක්ද මුළු ඉන්දියාම රවටා ගෙන උන්නේ අප ජීවිත කාලය තූලදීමය. එඩ්ගාර් කේසී යනු තවත් සායි බාබා කෙනෙක් මිස වෙන කිසිවකු නොවේ..

      Delete
    5. මිත්‍රයා,

      බුදු වදනෙම කියවෙනව නේද ,යමක් සොයා බලා සිහි නුවණින් මිස පිළිගන්න එපා කියලා. බොහෝ කලක් කටවහරින් පැවත ඇවිත්, පස්සෙ කාලෙක පොත්වල ලියවුනු බුදුදහමේ, බොහෝ තැන්වල අතිශයෝක්තිය පාවිච්චි වෙලා තියනවා. වෙනත් වචන වලින් කිව්වොත් පට්ට පල් බොරු ලියවිලා තියනවා. අපේ බෞද්ධ පොත් වල තියෙන්නෙ බොරු කියලා කියන එක කියන එක " කැත" නිසා, අපි ඒකට ලස්සන වචනනයක් වන " අතිශයෝක්තිය" පාවිච්චි කරනවා. නමුත් තාරබර ඇරලා ගත්තාම , දෙකම එකයි.

      මෙහෙම වෙලා තියෙන්නෙ, අනවශ්‍ය තරමට අන්තයට ගිය අධික සර්ධාව - අන්ධ භක්තිය, නිසා කියලයි මට හිතෙන්නෙ. දැන් ඔබ ඔය කරන්නෙත්, සිංහල බෞද්ධ ලේබලය යටතේ සංවිධාන වී වර්ගවාදී, හිංසන මාර්ගයට අවතීර්ණ අවතීර්ණ වෙන්නේත්, හුදී ජනයාගේ "බුද්ධලම්භන ප්‍රීතිය" වැඩි කරවීමට, අතිනුත් දමා බණ දෙසන්නේත්, සාධාරණාත්මක ලෙස පෙනෙන, මේ එකම හේතුව නිසා විය හැකි වුවත්, ප්‍රතිඵල නං එතරම් සුභදායක නෑ.

      තවමත් ඉතිරිවී ඇති, බුදුදහමේ හරය පසක තමා, මෙවැනි වැඩකට නැති ප්‍රලාප පස්සේ පැන්නීමෙන් ඇති වන සුගතිය මොකක්ද?

      Delete
    6. මට නම් හිතෙන්නේ අශෝක ලොක්ක දුන්නේ පොලිටිකල් ගේමක් (ලංකාවට උඩින් අශෝක අධිරාජ්‍යට පහලින් තිබුණු සටන් කාමි දකුණු ඉන්දීය රාජධානි ඒකට හේතුව විය හැකියි ) ශිව ශංකර් මෙනන් එවනවා වගේ තමන්ගේ පුතාවම එව්වා , විමල් විරවංශ හිටියා නම් "ඉන්දියානු බලහත්කාරය හකුලා ගනු කියලා මිහින්තලේ ලඟ උපවාසයකුත් කරලා (හොරෙන් අඹ කන ගමන් )"

      Delete
    7. හොඳයි මාතලන්,
      1.රහත් ඵලයට කෙනෙක් පත්වීම
      2.රහත් ඵලය ග්‍රහණය කළ හැකි උපකරණයක් නිපදවීම
      යන කාරණා 2ම ඔබ ජීවිත කාළය තුල ඉටුවන තුරු ඔබ සෘධි ප්‍රාතිහාර්ය විශ්වාස නොකර ඉන්න.(1 අප්‍රකටව හෝ සිදු වුව ද 2 නම් සිදුවේයයි මම ද නොසිතමි - එනිසා ඔබ මගේ මතය හා එකඟ වීමට ඇත්තේ ඉතාම කුඩා සම්භාවිතාවක් පමණයි)
      @AnonymousJune 23, 2013 at 7:34 AM,
      මෙහෙමයි මිත්‍රයා මේ මගේ විස්වාසය.මේ විශ්වාසයෙන් මටවත් සමාජයටවත් හානියක් නෑ.මම විශ්වාස කරන දේ අනෙක් අයත් විශ්වාස කළ යුතුයි කියා මම බල කරන්නෙත් නෑ.(අර හරක් මරන්න එපා කියල ගිණිතියාගත්තා වගේ!)
      මම මගේ අදහස ප්‍රකාශ කළා පමණයි.
      ආගමේ නාමයෙන් හිංසන ක්‍රියා වල යෙදෙන්නේ අධික ශ්‍රද්ධාව නිසා කියල මම කොහොමටවත් පිළගන්නේ නෑ.එ වැනි ක්‍රියා වලට මම දෙන්නේ මෝහය හෙවත් මෝඩකම කියන නාමය යි.

      Delete
    8. රහත් පලය - සම්පූර්ණ මුසාවක්...

      Delete
    9. ඒ ඔබේ විශ්වාසය,කමක් නෑ
      පංච නීවරණ ධර්ම වලින් එකක් තමයි විචිකිච්චාව.ඒ කියන්නේ බුද්ධාදී අට තැන් ගැන ඇති සැකය.නිවන් මගින් ඔබ බොහෝ ඈතයි මගේ මිත්‍රයා.

      Delete
    10. මේ ජීවිතෙන් මිදුන ගමන් නිවන් යනවා. ඒ ගැන බය වෙන්න එපා.

      Delete
    11. http://geethge.blogspot.com/2009/09/blog-post_14.html

      Delete
    12. නිවන් දකින්න අධි ආධ්‍යාත්මක විය යුතුද
      http://geethge.blogspot.com/2009/09/blog-post_14.html

      Delete
  11. ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුනාම එයා වැඩිය කැමති වුනේ අරලිය ගහමන්දිරේම ඉන්න,ඒත් මාධ්‍ය කෑගැහුවා, ප්‍රේමදාස ජනාධිපති මන්දිරයට ගියා,මාධ්‍ය කෑගැහුවා-චන්ද්‍රිකා නෝනටත් ඒ වැඩේම වුනා, මාධ්‍ය කට අරිනකොටම -විජේතුංග මහත්තයා ආ පයින්ම ගියා,රනිල් පරදින්නත් කලින්ම ගියා,හැබැයි අද මහරජතුමා අරලිය ගහ මන්දිරය දාලා යන්නෙත් නෑ, මාධ්‍ය නිකමටවත් මතක කරන්නේවත් නෑ, ඒ මදිවට අද මාධ්‍ය කියන්නේ "අගමැති නිල නිවාස වූ විසුම්පාය" කියලා. ඒ එකක්.
    අනික දිමු ලොක්කට සැපට මැරෙන්න ඉඩ දීලා තියෙන එකම මදෑ, මොන බලතලද? කොහොමත් අගමැති වෙච්ච මට නැති බලතල මොකටද කොහෙවත් යන මහා ඇමතිලාට දෙන්නේ කියලා එතුමාට හිතෙනවා ඇති.
    බලයේ ඉන්න කටුගේත් කඩලා දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කඩුව හොයපු ඈයොන්ට දිගුකල් ජීවත් වෙන්න මුත්‍ර බොන ඒක නෙවෙයි අසූචි කන එකත වැඩක්ද?

    ReplyDelete
    Replies
    1. ඉවාන් ප්‍රේමදාස මහතා අරලියගහ මැදුර අත හැරියේ නෑ. ආර්යාව යි එයාව රජ ගෙදරට යැව්වේ. ඒත් එයා එතැන හිටියේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට විතරයි. හිටියේ සුචරිත මන්දිරේ. අරලියගහ මැදුරට සුර සැප කැන්දුවේ හේමා ආර්යාව. වන්ද්‍රිකා නොනත් හිටියේ අරලිය මැදුරෙම තමයි අම්මා අගමැති හා වික්‍රමණායක මහතා ඉන්නතුරු. දක්ෂයෙක් අගමැති වු පසු තමයි එතැනින් ගියේ. ඒ නිසාම තමයි අලුත් රජ ගෙදරක් හදන්න හැදුවේ කොට්ටේ පැත්තේ.

      Delete
    2. එතකොට මන්දිරේ තිබ්බ පරණ චිත්‍ර ගලෝගෙන ගියෙ කවුද කියන්න බලන්න.

      Delete
    3. ඔව් නලින් අයියේ , නොදන්නා කරුණු ගැන දැනුවත් කිරීම ගැන තුති, නමුත් මම කිව්වේ ,මේ හැම වෙලාවේම මාධ්‍ය ලොකු හඬක් නැගුවා අගමැතිට අගමැති නිල නිවස නොදීම ගැන. අද ඒක නෑ කියන එකයි.

      Delete
  12. කුඩල්ලෝ පනුවෝ මදුරුවෝ විතරක් නෙමෙයි ගොලුබෙල්ලොත් යොදාගන්නවා රුපලාවන්‍ය සත්කාරවලට. කොහොමද ගොලුබෙල්ලෝ සෙට් එක මුණ පුරා හතර අතේ යනකොට.

    ReplyDelete
    Replies
    1. පොඩි ලමයි ග්ලිටර් glitter ගාල වගේ දිලිසි දිලිසි ඇති!

      Delete
  13. මොකක්ද බං මේ මගුල

    ReplyDelete
  14. මටනම් ග්‍රීක් වගේ
    ජයවේව

    ReplyDelete
  15. තවම මට හරියට සිංහල කොටන්න බැහැ ඒ නිසා ඔයාලා අපහසුතවයට පත වෙනවා මම කියවලා විතරක් යන්නම් කොමෙන්ටුවක් නොදා..
    ජයවේවා

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්