Followers

Monday, July 15, 2013

මාදුලුවාවේ සෝභිත හිමියන් හා ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් අතර ගණිතය හා පාලි ව්‍යාකරණ ප්‍රශ්නයක් තිබේ? An Advise for the right investment strategy



දෙරණේ දිල්කාගේ 360 බලල මට ඇති උන අදහසක් ඔබලා සමග බෙදාගන්නයි හිතුවෙ. ඒ වගේම දිල්කාත් බලාපොරොත්තු වෙනව ඇති ඇය විසින් මහන්සියෙන් වගේම, එඩිතරව ගොඩනගන සංවාදය දෙරණින් එහාටත් ගෙනයන්න. මං හිතන විදියට අමරසේකර ශූරීන් වැනි වියතුන්ගේත් බලාපොරොත්තු දල්වමින් සංවාදයේ පහන ඇය දල්වා තිබෙනව ඇයගේ පැත්තෙන්.  එමෙන්ම මා හිතනවා ලඟදීම ගුණදාස අමරසේකර ශූරීන් වැනි වියතුන්ද මේ සංවාදයට සහභාගී කර ගනීවි කියල.

සෝබිත හාමුදුරුවගේ 360 සංවාදය අන්තිම හරියේ ලාල් කාන්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තුමා, ( එතුමාට ගෞරවයක් වශයෙන් පලාත් හෝ ප්‍රදේශීය නොවන බව විශේෂයෙන් සඳහන් කලෙමි ) එකතු කලා, මාධ්‍යවේදීන් වෙනුවෙන් ඒතුමන්ලා විසින් කරන කාර්‍යභාරය ප්‍රමාණවත් නෑ කියල.
(ඇත්තටම බැලුවහම විපක්ශයේ ඉන්නකොට ඕන වෙන පාලක පක්ශෙට ආවම එපාවෙන මාධ්‍යවේදීන් ඉන්නෙ අපේ රටේ. අන්තිමට ඒ උදවියට රටත් දාල යන්න වෙනව. හොයන්න බලන්න කවුරුවත් නෑ. එක්නැලිගොඩ පැරිස් වල ඉන්නව කියල පාර්ලිමේන්තුවෙ දිවුරනව. බිරිඳ වාදෙට එන්න කීවම වහං වෙනව. ඒ අසරන පවුල රැක  බලගන්නෙ කවුද අද? )


සෝභිත හාමුදුරුවන් කෙනෙකු ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙන් දේශනා කලේ ,
බුදුන්වහන්සේ දේශනා කලේ චරිත භික්ඛවේ චාරිකං බහු ජන හිතාය බහුජන සුඛාය  ආදී වශයෙන්, ඒ නිසා බොහෝ ජනයාගේ හිත සුව පිණිස තමයි උන්වහන්සේ කටයුතු කරන්නේ  කියල. මන්ද ලංකාව වගේ බණ කියන බණ අහන රටක් ලෝකෙ කොහේවත් නෑ. නමුත් ඒ බණ සමාජේ නෑ කියල. ඒ වගේම දූශණය වෙච්ච සමාජෙකට බණ කියල වැඩක් නෑ කියන එක තමයි උන්වහන්සේ අදහස් කලේ.

මහිතනව  ගලබොඩ අත්තේ ඥාණසාර හිමිගේ වැඩ කරන ශෛලිය, සාමාන්‍ය පාලි ව්‍යාකරණ හා සාමාන්‍ය ගණිත දැනුම අනුව, එසේම ආයෝජන කිරීමේ දැනුම අනුව ඉතාම නිවැරදිය. මොකද සෝභිත හාමුදුරුවන්ගේම ප්‍රකාශයෙන්ම හෙළිවන පරිදි ලංකාවේ තිබෙන්නේ දූශිත සමාජයකි. ඒ නිසා ඒ ලංකාවේ බහුජනයා එනම් වැඩිපුර ජනයා දූශිතය. ඒ අයටයි වැඩ කලයුත්තේ. ඒ අයට තේරෙන ගැලරියේ භාශාව භාවිතා කල යුතුයි. ඒ භාවිතා කරන පාන වර්ග භාවිතා කල යුතුයි(මං වගේම ). සරම වගේ සිවුර කරට ගත යුතුය. අනේ අරූව දෙයියන්ගේ පිහිටෙන් ( වැඩිකල් නොගොස්-බුදු සරණෙ පිහිටෙන් කියනු ඇත ) මරාගත්තා. ආදී වශයෙන් බහු ජනයාගේ හිත සුව පිණිස වැඩ කළ යුතුය. කඩේට යනකොටත් බුදු සරණයි කියා කිව යුතුය. දන්න නොදන්නා හැම කෙනාටම දණගසා පාද නමස්කාර කල යුතුය. social capital ආදී වශයෙන් කියා ඉංග්‍රීසිත් දන්න බව ගැලරියට පෙන්විය යුතුය. එසේ උපයා ගත් ශෝශල් කැපිටල් එක ආණ්ඩුවේ 'දේශප්‍රේමී බැංකුවේ' ආයෝජනය කල යුතුය.

සෝභිත හිමියනි ඔබට වැරදිලා.?

25 comments:

  1. බලන්න නං බැරිවුනා. ඒත් සෝභිත උන්නාන්සෙ එහෙම කිව්වනං දයාල් බතී යටින් කිව්ව ටික ටක්කෙටම හරියනව.

    ReplyDelete
    Replies
    1. කොටින්ම කිව්වොත් "ඇඟට බණ කීම"

      Delete
    2. ඔව් ඔලුවට බණ කියා පලක් නැත.

      Delete
  2. සෝභිත හිමියොත් නොම්මර එකේ බයිලා කාරයෙක් තමයි. එයත් බලන්නේ මොන ක්‍රමෙන් හරි මැරෙන්න ඉස්සෙල්ලා රජ සැප ටිකක් විඳින්න විතරයි. අපි ජීවත් උනෙත් මේ රටේම නේ දයල්. නානසාරගේ පාට් එකම තමයි මෙයත් නානසාරගේ වයසෙදි කලේ. ඉස්සර බුද්ධාගමට ගහන්න යොදාගත්තෙත් මුන් වහන්සෙගේ පින්තූරේ. කට බොරි කිව්වත් දිව බොරු කියන්නේ නැති නිසා තමයි. අරහෙම දේශණා කරලා ජාම බේරා ගත්තේ, නැත්නම් නානසාර දෙනවා සෝභිත සාධුට නානූ ගා ස්නානය කරන්නම..

    ReplyDelete
    Replies
    1. දැන් සෝභිත හිමියන් සභාගෙන් එලියට ඇවිල්ලා වගේ.
      87 පිටකොටුවෙ බෝ ගහ ලඟ ගිනි තියාගන්නව කීවේ මේ වහන්සේ නොවැ.

      මේ තිබෙන ක්‍රමයේ පලාත් බෙදීමේ ක්‍රමයට එතුමා විරුද්ධ උනේ බණ අහන අය ඒ පලාත්වල වැඩියෙ හිටියෙ නැති නිසානේ.

      දැන් බැලුවහම මොකෙක්වත් බණ අහන්නෙ නෑ.

      Delete
  3. සෝභිත හිමිට හෝ ඥාණසාර හිමිට නෙමේ වැරදිලා තියන්නේ වැරදිලා තියෙන්නේ අපිටයිනේ දයල් බති.

    ReplyDelete
    Replies
    1. කොයි පැත්ත පෙරලුනත් ඒ දෙන්නටම අවුලක් නෑ!

      Delete
  4. සෝභිත හාමුදරුවන්ගේ එක බැලවේ නෑ.. බේබදු සාරගේ එක බැලුවෙත් නෑ.. මොකද අපි ඕවා මතක තියාගෙන ඉන්න එකක්යැ.. වැරදිල තියෙන්නේ මං හිතන්නේ දිල්කාට..

    ReplyDelete
    Replies
    1. ඔව් අවසානේ තුන් සරණයි කියල දිල්කා කියන කොට මොකක් හරි අවුලක් උනා කියල හිතුන.

      Delete
  5. සෝභිත කියන්නෙත් පල් හොරෙක්.ඌ කටුස්ස වගෙ පාට මාරු කරනව ලංකාවෙ ගොබ්බයන්ටම හොඳයි ඉතින

    ReplyDelete
    Replies
    1. ඔව් දේශප්‍රේමය යට සැඟ උන ජාතිවාදයට නොයෙක් පාට තිබේ.

      Delete
  6. කහ නූල එල්ල ගන්න තැනටම යමින් නේද අපි ඉන්නේ දයාල් .. මම නම් ඇත්තමයි හිතුවේ නැහැ අපේ ජීවිත කාලය තුලදී මේවා අහන්න දකින්න ලැබෙයි කියලා.. මන් හිතන්නේ අපේ කරුමෙටයි මෙහෙම දේවල් වෙන්නේ..

    දැන් වත් අසපු සෙල්ලන් , චන්ද සෙල්ලන් කරන අයව සමාජයෙන් පිළිකුල් කරලා දාන්න ඕනේ දයාල්..වටිනාකම් ආරූඪ කරන්න කරන්න මේවා වැඩි වෙනවා..ඒ අතින් දයාල් වාසනාවන්තයි...ගැලරියේ සිට ෆිල්ම් එක බලන්න පුළුවන්..අපි නම් ODC .. :(

    ReplyDelete
    Replies
    1. අසාධාරනය වෙනුවෙන් අචලව පෙනී සිටීමෙන් පමනයි මේ සියලුම දුරාචාර තුරන් කල හැක්කේ.

      Delete
  7. ඉක්මනින් හැමටම පිලිතුරු ලියන්නම්!

    ReplyDelete
  8. "බුදුන්වහන්සේ දේශනා කලේ චරිත භික්ඛවේ චාරිකං බහු ජන හිතාය බහුජන සුඛාය"

    මේවත් නිකම් අර ජවිපේ හාමුදුරුවො කියපු විමුක්ති බණ වගේ.
    දෙන්නම කරන්නේ භික්ෂුන් වහන්සේලා කල යුතු වැඩ නෙමේ.

    ReplyDelete
    Replies
    1. කහ නූලට යාම හෙමින් හෙමින් සිදු වෙන දෙයක් බව උන්වහන්සේම වදාලා.
      දේශපාලනය විසින් හැම හොඳ දේම බිලිගන්නවා.
      ආගම, සාසනය බේරෙන්නේ කොහොමද?

      Delete
    2. දේශපාලනය ඔය කියන හැම "හොඳ" දෙයකටම වඩා පරන දෙයක්.
      තමන්ට තමන් පාලනය කර ගන්න බැරි වූ විට වන ප්‍රශ්න.

      Delete
  9. ඔබේ ලිපියේ මාදුළුවාවේ සෝභිත හිමියන්ට සහ ගලබදාත්තේ ඥානසාර හිමිට ගරු අන්දමින් අමතා තිබුනත් comments දාපු අනික් ගොඩක් යාලුවෝ එහෙම නොකලා විතරක් නෙමෙයි සංඝයා වහන්සේලාට අගෞරව වන ලෙසින් මත පල කරන්නත් ඔබේ ලිපිය යොදා ගෙන තිබෙනවා. සංඝයා වහන්සේලාට අගෞරව කිරීමේ හැකියාවක් ගිහි අපට තියෙන්නේ කොහේද? අප ඒ නරක යයි අපම සිතන සංඝයා වහන්සේලාට වඩා හොඳ මට්ටමකින්(ශිලයකින්) ඉන්නවාද? මගේ මතය නම් නරකම යයි කියන සංඝයා වහන්සේලා උනත් නරක ගිහියන්ට වඩා හොඳ මට්ටමකින් ඉන්නවා කියන එකයි. මේ ගැන දැනගන්න ඕන නම් මගේ blog එකේ තියෙන ලිපිය බලන්න. ඉන්පසු මා වැරදි නම් ඒකට හේතු ඉදිරිපත් කරන්න.

    ReplyDelete
  10. සිවුරට මුවා කරන නොයෙක් දුස්සීල වැඩ නිසා,
    සිවුර දේශපාලකයින් සිය අරමුණු මුදුන් පමුණුවා ගැනීමට පාවිච්චි කරන බව දැන දැනම පස් කම් ලොබයෙහි ඇලී සිවුර පාවා දෙන මහනුන් නිසා,
    බහුශෘත පඬි රුවන් වෙනුවට මෙලෝ හසරක් නොදන්නා වහන්සේලා වැඩියෙන් බිහි කරන පිරිවෙන් අධ්‍යාපනය විසින් අතරමං කරන ලද නිසා ජනතාවගේ අගෞරවයට පාත්‍ර වෙමින් ඇත. ඇත්ත, පවතින දේශප්‍රේමී රජයෙන් සංඝයා වහන්සේලා වඩා ගරුත්වයක් බලාපොරොත්තු උනා. ඒත් එය පාර්ලිමේන්තු ආසනවලට සීම උනා. අඩුම තරමින් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රී හාමුදුරුවරු වත් මේ ගැන සොයා බලා තිබෙනවාද?
    තවමත් ඉංග්‍රීසි උගෙන වහරන කස්ටියට එකකුත් සිංහල පමනක් ඉගෙන ගත් අයට වෙනස් එකකුත් දෙන අපේ රටේ මාධ්‍යයම එයට හොඳ උදාහරනයකි. ඒ අතින් බලන විට සංඝයා වහන්සේලා ගැනෙන්නේ නූගත් කොටසටය. ඇත්ත ඒකයි. දේශප්‍රේමී රජය උගත් බහුශෘත සංඝයා වහන්සේ නමක් බිහිකෙරුමට රැගෙන තිබෙන පියවර මොනවාද? අපි සිංහල බස ලෝක බස වෙනකම් බලා සිටිනවාද? ලෝකය ඉතාම සීග්‍රයෙන් වෙනස් වෙමින් ඇත. තොරතුරු වේගයෙන් ගමන් කරමින් ඇත. බොරු කරන්න රවටන්න අමාරුයි.

    අන්තිමට අපිට ඉතුරු වඳින්න වෙන්නේ මන්තර මතුරන කට්ටඩි පිරිසක්ද?

    ReplyDelete
    Replies
    1. දයාල්,

      ග්‍රාම වාසික භික්ෂුණ වහන්සේ නමක් තම පෞද්ගලික චිත්ත සංවර්ධනය වෙනුවෙන් ධර්මය හදාරමින් භාවනා කරන අතරම(අධ්‍යාත්මක)පංසලේ සංවර්ධන හා නඩත්තු වෙනුවෙන්ද දායකයන්ගේ කටයුතු වෙනුවෙන්ද සාමාජික කටයුතු වෙනුවෙන්ද(ලෞකික) කාලය මිඩංගු කලයුතුය. මේ කරුණු දෙකම එකිනෙකට යා නොවන පරස්පර විරෝධී ඒවාය. ලෞකික කරුණු වලින් අගතිගාමී නොවීමට නම් භික්ෂුණ වහන්සේතම මනස මැනවින් සමතුලිතව පවත්වා ගත යුතුය. එසේ ආදර්ශයට සමතුලිත මනසක් ඇති පුද්ගලයන් මේ රටේ සිටිනවාද?

      භික්ෂුන් වහන්සේ නමකගේ උගත්කමට අවශ්‍ය වන්නේ ඉංග්‍රීසි ඉගෙන ගැනීම නොව නොව පාලි ඉගෙන ගැනීමය. ඒ බුද්ධ ධර්මය පාලි භාෂාවේන් තිබෙන නිසාය.දෙවන භාෂාවක් අවශ්‍ය නම් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පෙර දෙමළ ඉගෙන ගැනීම සුදුසුය.

      සිල්වත් භික්ෂුන් වහන්සේලා බිහි කරන්න ඔබ සිතන බව මට හැඟෙ. සිල්වත් භික්ෂුන් වහන්සේලා බිහි කරන්න ඔබට තියෙන අවස්ථා පහත සඳහන් අවස්ථා ඔබට පාවිච්චි කරන්න පුලුවන්ද?

      1. ඔබම මහන විම
      2. ඔබේ දරුවෙකු මහන කිරීම
      3. ඔබේ සහෝදරයෙකු මහන කරවීම්
      4. ඔබේ ඥාතියෙකු මහන කරවීම්
      5. ඔබේ අසල්වැසියෙකු මහන කරවීම්

      මා මේ යෝජනාව ඔබට කරන්නේ ඔබ අපහසුතාවට පත් කිරීමට නොව අද අප රටේ ඇත්තේ සංඝයා වහන්සේලා නොමැතිවීමේ ප්‍රශ්නය නිසාය. නාගරික ප්‍රදේශවල මේ ගැටලුව විසදන්නේ බංගලා දේශයෙන් හා නේපාලයෙන් සංඝයා වහන්සේලා ගෙන්වා ගැනීමෙන්ය.ප්‍රදේශවල මේ ගැටලුව විසදන්නේ අඩු තරමේ පන්සල් 5ක් හෝ එක භික්ෂුන් වහන්සේ නමක් විසින් බලා ගැනීමෙන්ය.මේ ය අතරින් වැඩි නමක් (අයහපත් දානයන වැළඳීම නිසා) දියවැඩියාව වැනි බෝනොවෙන රෝගයන්ගෙන් පෙළෙති ඉතින් මේ භික්ෂුන් වහන්සේට ධර්මය හදාරමින් භාවනා කරන්නට් වෙලාවක් කොයින්ද?මේ භික්ෂුන් වහන්සේට කාල කළමනාකරණය කරන හැටි ඔබට කියල දෙන්නට පුලුවන්ද?

      සමරසේකර


      Delete
    2. පරිපාලන ප්‍රශ්නයකි.
      උදා, ලෙස මෙවැනි දෙයක්ද?
      'පොලිස් නිලධාරීන් අඩුවීම නිසා, එම නිලධාරීන්ට අතිකාල කරන්නට සිදුව තිබේ.
      එම නිසා පොලිස් නිලධාරීන්ගේ වෘත්තියමය තත්වය දියුණු කිරීම පිණිස අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පවා වේලාවක් සොයා ගැනීම ප්‍රශ්නයක් වී තිබේ'

      Delete
    3. දයාල් බති.

      ම මේගැන ඔබ සමග එකඟයි. සැබවින්ම මෙය පරිපාලන ප්‍රශ්නයකි.සිල්වත් භික්ෂුන් වහන්සේලා බිහි කරන්නට පෙර දැනට සිටින භික්ෂුන් වහන්සේලා උපැවිදී නොවී සිටින්නට(2012 වසරේදී සියම් නිකායේ පමණක් උපවිදීම් ගණන 1057කි)මෙන්ම අපත් දාන පිළිවෙත් නිසා හටගන්නා දීයවැඩියාව හදවත් රෝග වැනි බෝනොවෙන රෝග වලින් ආරක්ෂා කිරීමට ශක්තිමත් පරිපාලන විහුයක් සැකසිය යුතුමය.

      ඉන්පසු එම භික්ෂුන් වහන්සේලා සිල්වත් භික්ෂුන් වහන්සේලා බවට පත් කරලීමේ ක්‍රියාවලිය ඇරඹිය යුතුය.

      Delete
  11. ස්තුතියි දයාල් සෝභිත හාමුදුරුවන්ගෙ ලින්කුවට.
    දේශපාලන කතා කෙසේ වෙතත් සෝභිත ගෙයි,නාන සාරගෙයි වෙනස පේනව මේකෙන්.
    මොන මගුල කලත් කහ සිව්රට ගරු කරන්න.

    ReplyDelete
    Replies
    1. ලින්කුව දැම්මේ ඔබ ගැනත් හිතලයි.

      Delete
  12. 360 ට ගුණදාස අමරසේකර මහතා සහභාගී උණා දවසක්.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්