Followers

Sunday, July 28, 2013

නාථ දෙවියන් දයාසිරිට කිවූ කතාව රහසින්

දයාසිරිට හීනෙන් ඇවිත් හිස් පෙට්ටියක් පෙන්වා තිබේ.



පෙරදිග චින්තනයෙන් හැම වස්තුවක්ම සිදුවීමක්ම සමස්තයේ කොටසක්  ලෙස ගන්නා අතර බටහිර චින්තනයෙන් හැම දෙයම කොටස්වලට කඩා වෙන වෙනම වෙන් කරගෙන ඒවා සමස්තයෙන් වෙන් කොට සලකා බලයි. එහි ප්‍රතිපලයක් ලෙස විකිණිය හැකි දේ ගැන අවධානය යොමුකරයි.

උදා;
 උක් ගහෙන් සීනි වෙන් කර ගෙන විකිණීම. රාවලින් අරක්කු පෙරා විකිණීම, පවුල් ජීවිතෙන් ලිංගිකත්වය වෙන් කර විකිණීම, ශාකවලින් බෙහෙත් පෙති නිපදවීම.

ඒ අනුව බලන කල,
බුද්ධාගමත් බටහිර චින්තනයේ දිගුවක්ද?

මන්ද, සිත සරීරයෙන් වෙන් කොට මනෝ පුබ්බම්ගමා ධම්මා ලෙස සිත උසස් කොට සලකන බැවිනි.

නාථ දෙවියෝ නම් ශුවර් එකට පෙරදිග චින්තනයට ෆුල් සපොර්ට්ය.  විශ්ලේශණය නොකර ආසනික් ගැන වුවත් නිකං පරචිත්තවිජානන ක්‍රමයකින් වගේ කියන්න හැකියාව තිබෙන නිසාය එහෙම හිතෙන්නේ. . පලාත් සභා වශයෙන් රට කෑලි කඩනවා කියාය කලින් නාථ දෙවියන් කාලෙකට පෙර සිතන්නට ඇත්තේ. දැන් පෙනෙනනවා ඇත්තේ එයින් රට කැඩීමක් නොව වෙන්නේ එකතුවීමක් බවය. දෙවියනට උනත් වැරදි අවබෝධ ඇති වෙන්න පුලුවන්. ඉතින්  පලාත් සභාවලට එතුමගේ ආශිර්වාදය ලැබෙනවාය. මහ ඇමතිලාට විශේෂය. ජවිපෙ ඒ ඇත්තන්ගෙ නවතම පැකේජයෙන් වහින් ඔරෝ කියන්නෙත් පලා බබාලා මාර්ගයෙන්වත්,  වෙන්වෙනව වෙනුවට අපි එකතුවෙමු කියලයි.

දයල් බතීට ඒ වගේ ප්‍රශ්නයක් නිකං ඔලුවට එනවාය.  මා  හිතන ලයින් එකේ ගොහිල්ල හිතන,  අනෙක් හුදී ජනයාටත් මෙහෙම හිතෙනවා ඇති. එසේ හිතුනාට මට ඇති පිස්සුව ඔවුනට නැතුවා ඇති. හිතෙන දේ මං කෙලින්ම කියන නිසාය. මෙහෙම ලියන විට අවංකව සියලුම දෙවි දේවිතාවුන්ගේ පිහිටත් ඉල්ලනවාය. මොකද මා ඉපදුනේ හැදුනේ වැඩුනේ දෙවියන්ගේත් පිහිටත් ඇතුව නිසාය. විභාග පාස් උනේ කතරගම දෙවියන්ට පින් සිදු වෙන්නටය. සරසවි දේවිය, නාථ දෙවියන්, ඝණ දෙවියන්, මාරි අම්මා, කාලි අම්මා, කොච්චිකඩේ පල්ලියේ මරිය තුමිය ඇතුලුව. ඒවගේම මාල දීපෙ හා සවුදියෙ ඉන්න කාලේ මුස්ලිම් පල්ලිවලට ගොස් ඇති බැවින් අල්ලා දෙවියනුත් පිහිට වී ඇත. බුදු සරණයි කියන්න පෙර හිතට එන්නේ දෙවි පිහිටය. ඒ ගැනත් මට හිතෙන්නේ බුදු දහම පැමිණීමට පෙර සිටම අපි දෙවියන් ඇදහූ සංස්කෘතිය නිසා වෙන්නට ඇති.

දයල් බතී වහෙන් ඔරෝ එන්නෙ දේශපාලනේට ඔබ දන්නව.
ඉතින් දෙයියන්ගෙ පිහිටෙන් ඉතින් දේශපාලනෙත් පොඩ්ඩක් කතා කරමු.

හෙළ උරුමය, ජාතික චින්තන කස්ටිය පශ්චාත් යුධ  ආණ්ඩුවට දර්ශනයක් සැපයීමට අපොහොසත්ව සිටිති. ඒ අය හොල්මන් වී සිටිති. අන්දමන්ද වී සිටිති. තොවිල් නටති, දෙවියන් යදිති, වවුල් පවුල් බෝවෙමින් ඔවුන් සිටවූ ගසේ පල බුදිමින් සිටිති.  දැන් එයත් භාරවී ඇත්තේ 'වාමාංශිකයින'ටය. 18ට,  පූර්ව හා පශ්චාත් අග්‍ර විනිශ්චයකාර ශිරානි නෝනගෙ කේස් එක, දැන් 13 පලා බබා කේස් එක ආදී පශ්චාත් කේස් වගේම පශ්චාත් යුධ ආණ්ඩුවට දැන් දර්ශනයක් අවශ්‍යය.

යුද්ධයට පසුව චම්පක රණවකට ගේ අසමත් වීමෙන් පසුව වාසු බැටන් එක අරගෙන ඉදිරියටම යනව වගේ පේනව. (මේ ගැන යම් කාලෙකට පෙර මා බ්ලොග් සටහනක් ලීවා. )

'දැන් 'හැත්තත්' ඉන්න වෙලාලු,
ඇමතිකමත් ජාතික සමගියත් බේරගන්න වෙලාලු.'

එතුමා මේ ආණ්ඩුවට ආදරේ එනම් ලව් එක මෙන්න මේ හේතුව නිසා.
'වත්මන් ආණ්ඩුව අධිරාජ්‍යවිරෝධීලු'
 වෙනත් වචනවලින් කියනවනම් බටහිර විරෝධී කියන එකනෙ.

නාථ දෙවියොත් බටහිර විරෝධියෙක්නෙ ඔබ දන්නව ඇතිනෙ. නැගෙනහිර පාක්ශිකයෙක්. ඒ කිව්වෙ ex-tiger(පැරණි කොටි ) කරුණලගෙ සපොර්ටර් කියන එක නොවෙයි, පෙරදිග චින්තනයට සපොර්ට් කියන එකයි. ඉතින් හීනෙන් ඇවිත් දයාසිරිට හිස් පෙට්ටියක් පෙන්වූයේ නාථ දෙවියොද?  රනිල්ගෙ පෙට්ටියට කොටුවෙලා ඉඳල හරියන්නේ නෑ කියල..

කොටුවෙන් පිට හිතන්න (think out of the box ) කාලෙ ඇවිත්. රනිල්ගෙ පෙට්ටියෙ දැන් සල්ලි නෑ. අවංකවම ගත්තොත් දරදිය ඇදපු කස්ටියට  ටෙන්ඩර්වලින්, කොන්ත්‍රාත්වලින් රැකියාවලින්, පිටරට සවාරිවලින්, රජයේ ඉඩම්වලින් ආදී නොයෙක් සද් මාර්ගවලින් කෙසේ සලකම්ද? නාථ දෙවියන් ආසනික් ගැන පමනක් කියා සයිලන්ස් වෙලා සිය මව්බිමට ජාතියට කෙරෙන්න තිබෙන යුතුකම් නතර කර ඇතැයි සිතුවාද? එහෙම හිතන කස්ටියට වැරදිලාය.

ටී එන් ඒ එකෙන් උතුර මහ ඇමති ( භාගය ) ලෙස තරඟ කරන විග්නේශ්වරන් තුමත් කියන්නේ මේ කතාවමයි.කොටුවෙන් පිට හිතන්න (think out of the box ) වාසුගෙ නෑදෑයෙකුත්ලුනේ. . පසුගිය වෙසක් තෝසෙ දන්සැල දුන්නෙත් කුරුණෑගලනෙ, දයාසිරිමහත්තයත් ඒ තොසේ සන්තෝසෙන් කන්න ඇතිනේ. විප්ලවවාදී කතාවක් කර විරුද්ධපක්ශෙ වාඩිවෙන්න වාසුත් හරි සූරයානේ.

ජෝන් අමරතුංගට, එජාප මහ ලේකම් තිස්ස ට හිතා ගන්න බෑ වෙච්ච දේ, ඒත් (නාථ ) දෙවියො දනී!

ඔය මහ ඇමතිකම් බලාගෙන ගිය අලුත් තැන ගැනද හිස් පෙට්ටිය ලෙස නාථ දෙවියො පෙන්නුවෙ?

----------------------
following photo was added on 3/10/13




23 comments:

  1. නාථ දෙයියෝ කවදත් රට අප්සට් යන වෙලාවකට පෙනී ඉඳලා රට ගලවගෙන තියෙනවා. ඒක නිසා තමයි මුලින්ම මාවිල් ආරුව වහපු වෙලාවෙ කොටි හපුවට ගහන්න කියලා අණ දුන්නෙ.. (හිතං ඉන්නෙ අපේ දේශපාලනඥයෝ ඔය තීන්දුව ගත්තා කියලද ? - නාථයි විපස්සකය දෙන්නා ආරක්‍ෂක මණ්ඩලේ හම්බවෙන්න අරලියගහ මන්දිරේට වැඩියා කියලයි නලින් සිල්වා මුලින් කිවුවෙ) ඉතිං ඊට පස්සෙ නාථදෙයියො දැක්කා රටේ මිනිස්සු වකුගඩු රෝගයෙන් මිය යනවා. ඒක මෙච්චර රටේ ඉන්න රසායන විද්‍යාඥයොන්ට කියන්නෙ නැතිව ක්වොන්ටම් භෞතික විද්‍යාව හදාරපු ගණිතඥයෙකුට කිවුවෙ- ඒ මහත්තයා උද්ධච්ඡ රසායන විද්‍යාඥයෝ වගේ නාථ දෙයියොන්ගෙ මතය බැහැර නොකරන නිසාලු...
    දැන් මතුවෙලා තියෙන්නෙත් ඒ වගේ තත්ත්‍වයක්, දයාසිරි අමාරුවෙ වැටෙන බව දැකපු නාථ දෙයියො, හිස් පෙට්ටියක් අරගෙන ඇවිත් පෙන්නුවෙ, තමා ආණ්ඩු පක්‍ෂයට cross කළොත්, මේ පෙට්ටියට තමන් කැමති දෙයක් පුරවගන්න පුළුවන් බව.... මේක ඇත්තෙන්ම ජනතාව වැඩි වැඩියෙන් දේව වන්දනාවට යොමු වෙන්න ඕන කාළයක්..
    මොකද අපට තව ටික දවසකින් දෙයියන්ගෙම පිහිට පමණයි...

    ReplyDelete
    Replies
    1. මම නං හිතන්නේ නාථ දේවියෝ ඕක ගණිතය පිලිබද මහාචාර්‍යවරයකුට කියන්න ඇත්තේ එගෝල්ලෝ , රසායන විද්‍යාකාරයන් වගේ කට පාඩම් කරලා ගොඩ ගිය අය නොවෙන හිනදා වෙන්න ඇති :)

      Delete
    2. මේ ඇනෝ නම් ගණිත ඇනෝ කෙනෙක් ඒ කියන්නේ 'මැතෙක්' වගේ.

      //මේක ඇත්තෙන්ම ජනතාව වැඩි වැඩියෙන් දේව වන්දනාවට යොමු වෙන්න ඕන කාළයක්..
      මොකද අපට තව ටික දවසකින් දෙයියන්ගෙම පිහිට පමණයි...//

      Delete
  2. නාථ දෙයියෝ දැං යූ එන් එකේ නේද වැඩ???

    ReplyDelete
    Replies
    1. ඔව් යූ එන් පියේ නොවෙයි. දැනට යු එන් එකේ පෙරදිග, ජාතික චින්තන, ජාතික සාමය, ජාතික විෂ රසායන, පලාත් සභා හා දේසපාලන වවුල් ප්‍රතිපත්ති අංසයේ

      Delete
  3. යු.ඇන්.පීයට දෙයියගේම පිහිටයි කියන්න හිටියේ..කෝ දැන් දෙයියොත් අනිත් පැත්තට වැඩ නොවැ...

    ReplyDelete
    Replies
    1. වැරදියි, දෙවියො රුවන්ගෙ මූණට හෙමින් හෙමින් එබී බලනවා.

      Delete
  4. දයල් බතීට ටෙලිපති ද? ලියපු වෙලාව ගත්තොත් නාථ දෙයියො ගැන මා ලිපිය ලියන වෙලාවේම තමා ඔබත් මේක ලියල තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. දයල් බතීට නොව නාථ දෙවියන්ටයි ටෙලිපති.

      Delete
  5. දයල්ටනං හොදට ටෙලිපති වැඩ කරලා තියන හැඩයි..

    ReplyDelete
    Replies
    1. ඔව් උන්නාන්සෙගෙ ඇල්ම බැල්ම තියෙනවා.

      Delete
  6. Replies
    1. දයල්ට අපහාස කරන්න එපා කකා.(හොර කකා කෙනෙක්ද නොදනිමි)

      Delete
    2. නලීන්, ඔව් කකා කියන එක ඇත්ත. නලින් සර් ආඩම්බර වෙයි අඩුම තරමින් සිංහලවලින් ලියන එකට.

      Delete
  7. About photo caption:
    ඩිව් ගුනසේකර ඉන්නවා කියන්නේ ට්‍රොට්ස්කි නෑ නේන්නං, පොර කො.ප. නේ ද?

    ReplyDelete
    Replies
    1. ට්‍රොට්ස්කි මේ දිනවල විපක්ශෙ විරෝධේ.

      Delete
  8. MAGE HITHE KOPA NOVE PUKA KIYALIE.

    ReplyDelete
  9. නාථ දෙවියනුත්, දයාත් අතර වෙන්සක් දකින්න අමාරුයි. මම නම් හිතන්නේ එකම තියරි එකක්වත්, එකම වාදයක්වත් කරේ තියාගෙන යනවට වඩා. එන එන අතට ගහන්න පුළුවන් උළුවස්සක් කරේ තියාගෙන යන එකා දිණුම්. සුළං හමන දිසාවට ගමන් කරන එක ලේසියි. හුළඟට එදිරිව ගමන් කිරීම අමාරුයි. ඉතින් හැමෝම ලේසි ක්‍රමය තෝර ගන්නවා. මෙට්‍රික් ක්‍රමයට හැරෙන්න ටිකක් කල් යනවා. එපමනයි වෙනස..

    ReplyDelete
    Replies
    1. පව් අප්පා, අසරණයෝ, අනුකම්පාව ලැබිය යුතු පෘතග්ජනයෝ, ඔය කීයක් හරි හොයා ගත්තාවේ. ජනතාව දෙවියන්ගෙ පිහිටෙන් අලුත් නායකයෝ සොයාගනීවි. රුවන්ලත් ඉන්නවනේ පෝලිමේ.

      Delete
  10. නාථ දෙය්යොත් හොල්මන් වෙනවා බං අපේ එවුන්ගෙ වැඩවලට.

    ප.ලි.---
    නාථ දෙයියන්වFeeding The Monkey බ්ලොගට යවපන්.එතෙන තදබල සටනක්.දින තුන හතරක සිට ආයුධ සහිතව වීදී බැස ඇත.

    ReplyDelete
    Replies
    1. Thanks arugeadaviya.

      උන්නාන්සෙගෙ සංකේත පණිවුඩේ වැරදියට අර්තකථනය කොලානම් තමයි වැඩේ.

      Delete
  11. මම දැක්කා කොහෙද්ද තියෙනවා "වාසුදේව නානායක්කාර"දැන් "වාසිදේව නන්නතර" කියලා.
    මේ නාථ දෙවියන්ට අනං,මනං කියන්නට එපා.
    දෙයියෝ මාත් එක්ක චැට් එකේ ඉන්නේ.

    ReplyDelete
  12. යාලුවෙ යාලුවෙ මොනවද කීවෙ?

    පුද්ගලික වාසියට පක්ෂ මාරු කරන වවුල්ලු එක්ක ආස්සරේ කොරන්න එපා කියලද?

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්