Followers

Tuesday, July 2, 2013

නීත්‍යනුකූල විවාහය යනු එක තැනකින් සෙක්ස් ලබාදීමේ නීත්‍යනුකුලව බැඳීමක් පමණක්ද ? Should we all legally get married?


හිතවතුනි, මං මේ ලියන මටත් ශුවර් නැති ඒව කියවල, විවාහ වෙන්න සිටින තරුණ තරුණියන්, විවාහ වෙලා සිටින අය සිය සැලසුම් කඩාකප්පල් කරගන්නව එහෙම නොවෙයි ඔන්න. ප්‍රශ්නයක් මතු කරනව විතරයි. මේ ප්‍රශ්නය වියතුන්, විකල්ප මතධාරීන්, අප වගේ සාමාන්‍ය මිනිසුන් ගැහැනුන් මීට කලින් ඕන තරම් සාකච්ඡා කරලත් ඇති.


බොහිමියානු භානුවා නමින් ලඟදී මියගිය භානු ප්‍රසන්න ගැන නාට්‍යවේදී ධනංජය කරුණාරත්න රාවයට ලියූ ලිපිය උපුටල අරගෙන පල කරල තිබුන බූන්දියේ

එය මා ආසාවෙන් කියෙව්වා. භානුගේ සරල එහෙත් හැමටම සිය උපරිම ශක්ති ප්‍රමාණයෙන් උදව්වෙමින් ඔහේ ජීවත් වීම, ගෙවල්වලට කොටු වී කාලසටහනකට අනුව ජීවත්වන, හැම දේටම බිරිඳගෙ අවසරය, අනුදැනුම,  ඇතුව ජීවත්වීමට පුරුදු වී ඇති පිරිමි   අපට වැඩක් නැති ජීවිතයක් ලෙස පෙනෙන්න ඉඩ තිබෙනව. මෙය කියවන අපේ විවාහ වූ මිතුරියන්ටත්  හිතෙන්න ඉඩ තිබෙනව, තමන්ටත් නිදහස දෙන භානු වගේ ආදරවන්තයෙක්, පිරිමියෙක් ඉන්නවනම් කියල. නමුත් නාට්‍ය කලාව අතින් ඔහුගෙන් සිදුවී ඇති දායකත්වය සුලු පටු නොවන වග ඒ ප්‍රසිද්ධ නාට්‍යවේදියෙක් වන ලියුම් කරුගේ අතින්ම ලියවී තිබෙනව. මගේ වල් කමට ඉතින් පේන්නෙ වල් දේවල් මනෙ, ඉතින් ධනංජය මහත්තය ලියල තිබෙන මෙන්න මේ වාක්‍ය මගේ හිතට වැදිල ඒ අංශයෙන් හිතන්න ගත්තම තමයි අර ඉහලින් තිබෙන අදහස ඔලුවට කාන්දු වෙන්න ගත්තෙ.

//භානු වැනි සංස්කෘතිකව වඩා විමුක්තිකාමීව ජීවත් වන්න උත්සාහ කල අවංක උන් අපේ නාට්‍ය කලාව තුළ තවත් මට හමුවී ඇත. ඒත් ඒ බොහෝ දෙනෙකු විවිධ හේතු මත නැති වී හෝ වෙනස් වී ගියහ. මට හමු වූ අයගෙන් බොහෝ දෙනෙකු නැති වී ගියේ මැද පන්තික ගැහැණු කසාද බැඳ කුටුම්බ වලට ඇදගෙන යාමෙන්ය, ඒ ගියා ගියාමය, තාමත් උන්ට වෙච්ච දෙයක් නැත. ඒ ගෑණුන්ට එකල තරුණ වියේ සිටි ඔවුන්ව හොඳ රස්සාවක් සමඟ දිනපතා එකම තැනකින් සෙක්ස් දීමේ පොරොන්දුව මත වෙනස් කල හැකි විය. මේ වන විට මැදිවිය ඉක්මවා යමින් සිටින ඔවුන් මෙතනින් එහාට යාමට නව දර්ශනයක් සොයමින් හොඳට ස්වයං වින්දනයේ යෙදෙනවා ඇතැයි සිතමි. //


ඉහත ලිපිය කියවීමෙන් පසුව මට මේ ප්‍රශ්නය හිතට ආවා.

මේ අපි කියන ආදරය කිරීම (වැඩුනු ගැහැණියක් හා පිරිමියෙක් අතර ඇතිවන ) එනම් සෙක්ස්වලට පසුබිමක් සැකසීම(ලෙසයි මා දකින්නේ) අවශ්‍ය නොවන තත්වයක් උදාකලේ නීතිය මගින් කසාද බැන්දවීම නිසාද? මේ කියමන තව ප්‍රශ්න රාශියක් ඔබ සිත් තුල ජනිත කරනු ඇත, අදහස් එකතු කරන්න, පිලිතුරු දෙන්න මට ඒ තරම් දැනුමක් නොතිබුනත් කියවන දැනුම් තේරුම් තිබෙන අය පිලිතුරු දේවි!

හිතන්න මේ නීත්‍යනුකූලව විවාහය නැති සමාජයක් ගැන? එහි ආදරයේ ස්වභාවය කොහොම වේවිද ?

අර ඉහතින් ධනංජය කියන්නේ මංහිතන්නේ නීත්‍යනුකූල විවාහය යනු එනම් එක තැනකින් සෙක්ස් ලබාදීමේ නීත්‍යනුකුලව බැඳීමක් මිස ආදරය නොවෙයි?

(silentshan, ඔන්න ඔබට් වෙච්ච පොරොන්දුවක් ඉටු කලා)


38 comments:

  1. නිත්‍යානුකූල විවාහය ගැන ඊයෙත් වාද කලා හෝ ගාලා... :)

    මම නම් හිතන්නෙ නිත්‍යානුකූල විවාහය නැති සමාජයක් මීට වඩා නිදහස්ව, සතුටුදායක විදිහට ඉස්සරහට යයි කියල...

    (හවස් වෙලා එන්න ඕන කමෙන්ට් කියවල යන්න)

    ReplyDelete
    Replies
    1. දේපල, ධනය, අපේ ආර්ථික තත්වයන්( අපේ පොකට් එක ) අප කරන හැම දේකටම බලපාන නිසා, දේපල හා විවාහය අතර සම්බන්ධය තිබෙන තාක් සාමාන්‍ය ජනයාට මේ නීතිය එනම් එක තැනකින් හෝ හත් පොලකින් සෙක්ස් ලබා ගැනීමේ නීත්‍යනුකූල පොරොන්දුව වලංගු වනු ඇතැයි සිතේ.

      Delete
  2. භානුවත් ඔය කිව්වට තව පොඩ්ඩෙන් බඳිනවා බතී, පොඩි පරහක් නිසා වැඩේ ගැස්සුනා. නැත්තං බලන්න තිබුනා භානුවට සිද්ධ වෙන විපත. ටිකක් හොයපංකෝ කේස් එක.අත ලගම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. භානුවා එහෙනම් උගුලෙන් ගැල උනා.!

      Delete
    2. භානු සෙක්ස් දුන්නාද ලව් දුන්නාද, රටින් බැහැපු අජූව බඩු වලට පිරිමි ගනිකා වැඩේ කළාද? නිකන් මැක්කො උඩ දාන්න එපා හලෝ. ලංකාවේ ඉන්න බඩු කාරයෝ ඔක්කොම පොරවල් එහෙම නං.

      Delete
    3. “රටින් බැහැපු අජූව බඩු වලට පිරිමි ගනිකා වැඩේ කළාද“

      අන්න ඒ කෑල්ලට ගහන්න මල්ලි යටින් ඉරක්.

      Delete
    4. මැරිච්ච උන් ජීවත් වෙලා ඉන්නකොට මූණ බලන්නවත් බැරුව හැංගිලා හිටපු “වීරයො“ දැන් කඩප්පුලි මුඩුක්කු කටවල් ඇරගෙන. ආතක් පාතක් නැතුව හිටපු හිස්ටීරීයාවෙ ටෙක්ස්ට් බුක් එක්සාම්පල් එකකට පිරිමි ගණිකාව වෙලා ඉන්න ගමන්ම භානුට මෙහෙම කියන එකේ “වීර කමක්“ තියෙනවද මචං?

      උඹලට සම්මාන දෙන්නත් තරුණ සේවා එකම ඉන්න ඕනෙ බං.

      Delete
  3. හරියටම කියන්න බෑ.
    ආදරය කියන්නෙ මේ අන්ත දෙක මැද්දෙ තියන දෙයක්.

    ReplyDelete
    Replies
    1. හිරු පල්ලෙහයින් කියනව වගේ
      අයිඩෙන්ටිටි කාඩ් එකෙන් සමාජෙන් සිල්වත් මුද්‍රාව ගහගෙන ඩ්‍රයිවින් ලයිසන් එකෙන් අවශ්‍ය වැඩේ කරගන්න එකද?

      නෑ ඔබ කියන්නේ ඒකම නොවෙයි.
      නීතියෙන් බලෙන් ආදරේ 'කරවන' එකත්, හැම රාත්‍රියකම ඩේටින්ග් dating නැත්නම් වන් නයිට් ස්ටෑන්ඩ් one night stand එකක් දාන එකවත් නොවෙයි, යම් අධ්‍යාත්මික සම්බන්දයක් ඇති සතුට දනවන රමණයක් ?

      Delete
    2. //නීතියෙන් බලෙන් ආදරේ 'කරවන' එකත්, හැම රාත්‍රියකම ඩේටින්ග් dating නැත්නම් වන් නයිට් ස්ටෑන්ඩ් one night stand එකක් දාන එකවත් නොවෙයි//

      අන්න අල්ලගත්ත. ඒ වගේම මේකෙන් අදහස් වෙන්නෙ නෑ නීතියෙන්(විවාහයෙන්) හෝ dating වල ආදරය නෑ කියල.

      කොටින්ම මම කියන්නෙ ආදරය උඩින් කිව්ව කාරණා වලින් ස්වායත්ත දෙයක් කියල. නැත්තං පොදු සූත්‍රයකට දාන්න බැරි තරමේ සංකීර්ණ දෙයක් කියල

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ( අකුරු නිවැරදි කිරීමක් හේතුවෙන් ඉහත කොමෙන්ටුව ඉවත් කළෙමි )

      විවාහය , ආදරය , ලිංගිකත්වය සහ මානවයා කියන්නේ එකින් එක වෙන වෙනම කතා කර ඉන් පසු පතාට-එකට සිඳවා ගත යුත්තක් මා මිත්‍ර බති..

      නීතිමය විවාහය : නීතිමය රාමුවකින් බැඳීමක් ඇති කර තිබීම වටිනවා මොකද දරුවන්ට , දේපළ වලට , යන කාලයක් තියෙන්න එපැයි. අරයත් මගේ ගෑණි මෙයත් මගේ ගෑණි වගේ වෙලා බැහැනේ.( මම කෙටියෙන් කිව්ව දේ තේරෙනවනේ )

      ආදරය : සාමාන්යෙන් ඉතින් නවයොවුන් විය ඒමත් එක්ක අපි විරුද්ධ ලිංගිකයෙක් වෙත ආකර්ෂණය වෙනවනේ එක එක හේතු මත.ටික කාලයක් යද්දී එයාව නොදැක බැහැ , උම්මා දෙන්න හිතෙනවා තව වැඩ කෝටියයි..කොහොම හරි වැඩේ හොඳටම පත්තු උනාම මුළු ලෝකෙටම වඩා ඒ මනුස්සයව වටිනවා..ආන්න ඒක තමයි ආදරය කියන්නේ..( මටත් කීප පාරක්ම උනානේ)

      ලිංගිකත්වය : මේක නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන දෙයක්..සමහර අයට තම කාලාත්‍රයාගෙන් පමණක් ලිංගික ආසාව තෘප්ත කරගන්න පුළුවන්..සමහර අයට එහෙම බැහැ,තව කීප දෙනෙක්ගේ සහය ඕනේ..( සමහර අයට ආදරය සම්බන්ධවත් මේක පොදුයි )

      මානවයා : මේක ඉතින් තේරෙනවනේ..:P

      පතාට එකට සිඳීම : ඔක්කෝම ගැන හිතුවම බති මට කියන්නේ තියෙන්නේ දෙයියනේ කියලා එක ගෑණියෙක් එක්ක නීතියෙන් බැඳිලා , ගෙයක් දොරක් හදන් ,සතියට දෙතුන්පාරක් විතර යහන් ගත වීමකුත් වෙලා , ළමයි දෙතුන් දෙනෙක් හදන් සරළව කාල ඇඳලා ඉන්න එක වටිනවා...

      එහෙම ඉන්න බැරි අයට කරන්න දේවල් ඕනේ තරම් තියෙනවා..හිතන්න ඕනේ තරම් දේවල් තියෙනවා..

      ( සැලකිය යුතුයි "විවාහය , ආදරය , ලිංගිකත්වය සහ මානවයා" යන කරුණු මෙසේ ලඝු කල නොහැකියි . මෙය විනෝදශීලීව එක් කල පිළිතුරක් පමණක් බව සැලකුව මනාය )

      Delete
    2. SilentSahan

      පත අට එකට සිඳීම;
      ඔබ අප බොහෝ දෙනා අදහන ප්‍රායෝගික සමාජයික සිලවත් භාවය ඕකනේ!

      ඔබම කියන පරිදි, ඔය සිල්වත් භාවය හැම පුද්ගලයටම හරියන කසායක් නොවේ?

      හිරු කියන ඩ්‍රයිවින් ලයිසන් එක පාවිච්චියත් දැන් දැන් ඉහල යනු පෙනේ.

      Delete
    3. \\\ඔබ අප බොහෝ දෙනා අදහන ප්‍රායෝගික සමාජයික සිලවත් භාවය ඕකනේ!\\\

      ඩිංගක් හිතන්න එසේ නොවන තැනක ඇති වන ප්‍රයෝගික අවුල් සහගත ස්වභාවය ..( බොහෝම නිදහස් තැනකට අපි හැමෝම කැමතියි..ඒත් නීතිමය රාමුවකින් වේලිලා ඉන්නේ ඔබේ නිදහස මගේ නිදහසට බාධාවක් නොවීම සඳහා නේද ...? එහෙම නොවෙන තැනක වෙන අවුල ගැන නැවත නැවතත් මෙනෙහි කරන්න )

      Delete
    4. මේ දැං එක රැයිං ඔය නීති අරං දැංමොත් ඔබ කියන අවුල ගැන හිතා ගන්නවත් බෑ, ඒ කියන්නේ අමු හිංගලෙන් කියනවනං ගෑණිව හෝ මිනිහව බේර ගන්න වෙන්නෙ නෑ.

      එය සමාජයේ පොදු දියුණුව සමග ඇතිවන ස්වභාවික දෙයක් මිස බලෙන් ඇති කල හැකි දෙයක් නොවේ, මන්ද මේ නීති ආවේ ශිෂ්ට මිනිසාට ආරක්ශාව ලබාදීමත් එක්කම බැවිනි. ක්‍රමක්‍රමයෙන් ඒ අනාගත නිදහස් සමාජයේ නීති රීති අභාවයට යනු ඇත.

      Delete
  5. ඔය සාමාන්‍ය සමාජය ඇතුලේ අසාමාන්‍ය ජීවිත ගත කරන අය ගැන, යම් තරමකට අසමාන්‍ය මනුස්සයෙක් වෙන මගේ මාමා කෙනෙකුත් තාත්තත් එක්ක මේ ළඟදි කරළ කතා බහකදි තේරුණේ එහෙම වෙන්න නම් එක්කෝ බැඳීම් කිසිවක් නැති කෙනෙක් වෙන්න ඕනේ, නැත්තම් සාමාන්‍ය සමාජය තුළ අසාමාන්‍ය “සතෙක්” වෙන්න ඕනේ බව.. අවංකවම කියනවා නං මට එහෙම අසාමාන්‍ය සතෙක් වෙන්න ඕනේ නෑ..

    විවාහය ගැන මගේ අදහස නම් තනිකර ගෑණු කෝණයකින් තියෙන එකක්... මට නම් ඒක ඇවිල්ලා මේ සමාජය ඇතුලේ ජීවත් වෙන්න ඕනේ කරන සහතිකයක් විතරයි.. හරියට හැඳුනුම්පත වගේ.. තිබුනය කියලා මහ ලොකු වැඩකුත් නෑ.. නැති උනාම පාරෙ යන්නත් බෑ ... හැබැයි සමහරු හැඳුනුම්පත වෙනුවට ඩ්‍රයිවින් ලයිසන් එක පාවිච්චි කරනවා.. ඕක තමයි විවාහය සහ සෙක්ස් අතර තියෙන සම්බන්ධෙ මට නම් පේන්නේ...

    ///නීත්‍යනුකූලව විවාහය නැති සමාජයක් ගැන? එහි ආදරයේ ස්වභාවය කොහොම වේවිද ?///
    ආදරය කරන එක පාපයක් නොවී තියෙයි.. ආදරය කරන්න පුළුවන් එක මනුස්ස පරාණෙකට විතරක් නොවී තියෙයි... කොල්ලෙක්ට කෙල්ලෙක්ට කතන්දර අහන්නේ නැතුව පාරේ යන්න පුළුවන් වෙයි... ආදරය කරන එක දැලි පිහියෙක් කිරි කනවා වගේ වැඩක් නොවී තියෙයි... ආදරය කරන්න සීමා දාගන්න ඕනේ නැති වෙයි... මානුෂිය හැඟීම් වලට මුල් තැන දෙන්න පුලුවන් වෙයි... ( හීනෙං තමයි ඉතිං .. හි හි)

    ReplyDelete
    Replies
    1. //මට නම් ඒක ඇවිල්ලා මේ සමාජය ඇතුලේ ජීවත් වෙන්න ඕනේ කරන සහතිකයක් විතරයි.. හරියට හැඳුනුම්පත වගේ.. තිබුනය කියලා මහ ලොකු වැඩකුත් නෑ.. නැති උනාම පාරෙ යන්නත් බෑ ... හැබැයි සමහරු හැඳුනුම්පත වෙනුවට ඩ්‍රයිවින් ලයිසන් එක පාවිච්චි කරනවා.. ඕක තමයි විවාහය සහ සෙක්ස් අතර තියෙන සම්බන්ධෙ මට නම් පේන්නේ..//

      මේ කියමන නම් අපේ මතකයේ තියේවී හැමදාමත්,
      ඔබ යථාර්ථය සංවේදනය හා සන්නිවේදනය කරන අයුරු නම් හරි අපූරුය, මියුරුය.

      ඉන්පසුව ලියන ඡේදයත් ප්‍රතිරාවය කරනවා ඇරෙන්නට මට කියන්න කිසිම දෙයක් නැත.

      Delete
    2. මේ උත්තරේ දැක්කාම, මේක ලිව්වෙ අර " හී, හී " කිය, කියා පස්සෙන් එක්කගෙන යන ඇනෝ පැටියා ඇතිකරන හිරුමද කියල පුදුම හිතුනා :)

      ඇත්ත, කසාදය කියන්නෙ ලයිසන් එකක්. බල්ලොන්ට , වෙඩි නොකා ඉන්න බලු ලයිසම ඕනෙවගේ, මිනිසුන්ට අපහාස නොවිඳ ඉන්න නං මේ ලයිසම ඕනෙ. නැත්නම්, සමාජයෙන් කොන් කරනවා, අපහාස කරනවා, කතා හදනවා. මේකෙන් වඩාම අසරණ වෙන්නෙ ගෑණු.

      මේ මා දන්න කෙනෙකුගේ කතාවක්:

      දෙමව්පියන්ගෙ අවවාද අහල , කෙල්ලො පස්සෙ නොගිහින් ඉගෙන ගත්ත " හොඳ ලමයෙක්" හිටියා. පවුලේ බර, හඳහන් අපල නිසා එයාගෙ විවාහය පමාවුනා. මූලික සුදුසුකම් තිබුණත්, මේ පමාව නිසා දන්නෙම නැතුව, විවහා වෙළඳපොලේ එයාගෙ වටිනාකම පහල බැස්සා. කාලෙ එනකොට , එයාට යෝජනා ආවෙ වෙළඳපොලේ ඉතිරි වෙලා, විකුණගන්න බැරුව හිටි බාල භාණ්ඩ වලින් විතරයි ( ඇයි හොඳ, හොඳ බඩු, උණු කැවුම් වගේ කලින්ම විකිනෙනවනෙ). අන්තිමට, මිනිහටත් එකකට කරගහන්න වුනා. rest is history.....

      Delete
  6. ඔන්න අදත් අපිව අමාරුවේ දාන පෝස්ට් එකක් දාලා.
    නිති වැඩි වෙන්න වැඩි වෙන්න ඇතිවන ගැටලුත් වැඩියි නේද? හිත් වල ආසාවල් නැති වූ දවසක මේවාට උත්තර ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව්, සුමිත් නිරිඇල්ල පහලින් කියනව වගේ,
      අපේ අධ්‍යාත්මය ඉල්ලන දේ විවාහයෙන් ලැබෙනවාද?
      එය ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ වරදක් නිසා නොව
      අපේ දේපල, පොකට් එකේ හා සමාජ අවශ්‍යතා සපුරන්නත් තිබෙනවා?

      Delete
  7. ඒ කියන්නේ නාට්ටියකාරයින්ට උල්පත් කීපයකින් සෙක්ස් ලැබෙනවා කියන එකද?

    ReplyDelete
    Replies
    1. ඔබ බලා සිටින්නේ 'අංක'numbers හා 'ප්‍රමාණ'quanities දිහා බව අපි දනිමු.
      මං හිතන්නේ මෙතැන තිබෙන්නේ ගුණය Quality පිළිබඳ ප්‍රශ්නයක්!

      Delete
  8. කො මගේ කොමෙන්ට් එක...

    ReplyDelete
    Replies
    1. Priyantha Hewage - Maathalan

      ඔබගේ වෙන කොමෙන්ටුවෙක් දැක්කෙ නෑ?
      කරුණාකර නැවත දමන්න
      ( ඊයෙ මොකක් හරි අවුලක් තිබුනා, සිංහල බ්ලොග් කියවනයේ හා වෙනත් බ්ලොග් රෝල් වල මගේ බ්ලොගය යාවත් කාලීන වෙලා තිබුනේ නෑ, බොහෝ වේලා ගත වෙනකම් )

      Delete
    2. (බතී, මාතලන්ගේ කමෙන්ට් එක සමහරවිට ස්පෑම් එකේ ඇති... නැතිඋනොත් කියලා මං දැනට මෙතන දාන්නම්.. මම සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බේ...)

      //Priyantha Hewage - Maathalan has left a new comment on the post "නීත්‍යනුකූල විවාහය යනු එක තැනකින් සෙක්ස් ලබාදීමේ න...":

      මේක මෙහෙම ලේසියෙන් පිළිතුරු දෙන්න බැරි, එනසයික්ලෝපීඩියා එකක් වගේ මත්තුරුකාවක්. ඔතන නම් තියෙන්නේ තනිකර ආත්මාර්තකාමී බවක්. නීතීගටහ් විවාහයක් ඕන කියන එකයි. සුදීක බ්ලොග් වලට නීතී දාන්න යන එකයි අතරේ මම නම් කිසිම වෙනසක් දකින්නේ නෑ. මෙතනදි විශම් ලිංගිකයන් වගේම සම ලිංගිකයන් අතරත් විවාහ ඇතිවෙලා. ඒක තනිකර ආත්මාර්තකාමිත්වය. අනික මට මෙහෙම දේකුත් හිතෙනවා. විවාහය නීතී ගත කිරීමෙන්, ලෝයර්ලටත් ආන්ඩුවටත් හොඳ ගානකුත් හම්බවෙනවා. මොකෝ කසාදයක් නැත්නම්, දික්කසාදයකුත් නෑනේ.

      ඇනිමල් ප්ලැනට් එකේ සත්තු තව කෙනෙක්ක්ගේ ලිංගික ආකර්ෂනය ලබාගන්න කරන සෙල්ලම් දැක්කම. මට මම දැකපු මිනිස්සු මතක් වෙනවා. මේ ළඟදි වැඩ සටහනක දැක්කා. එක ගෑණි සතාට සෙට් එකක්ම ට්‍රයි. ඒත් දිනන්නේ එකයි. අන්තීමට ඉතිරි උන් බලපුලුවන් කාර කම අනුව සමලිංගිකව එකෙවෙනවා. මේක ඉතින් ඒ තරම් ගැඹුරු කතාවක්.. //

      Delete
    3. තෑන්ක්ස් හිරු....
      හිරුනම් ඉතින් සල්ලි තමයි.....

      Delete
    4. හෙහ්..හෙහ්..හේ..............:) :) :)
      දැන් අමතක වෙච්ච ඒවත් එක්ක අදිනව.

      Delete
    5. මාතලන්ට පිලිතුරු විදියට ලියන්නෙ මොනවද කියල සෑහෙන කල්පනා කලා.....

      මාතලන්ට නීතිගත විවාහය ගැන විවේචනයක් තිබෙනවා. ඒවගේම අපි නැවත සත්ව ඝනයට වැටෙයි කියල බයකුත් තියෙනව.

      මා ඉහලින් කීව වගේ අපව ශිෂ්ඨ සම්පන්න කිරීමට ගෙනා නීති රීති ඒවායේ කාර්‍යභාරය අවසන් උනාම අභාවයට යනවා ස්වභාවිකවම, හෙමින් හෙමින්.
      දැන් සංඝ සාසනයට වෙලා තිබෙන දේ පේනවනේ!

      Delete
  9. නීත්‍යානුකූල විවාහය මනුස්ස ජීවිතයේ සැබෑ උවමනාවන්ට සාපේක්ෂව අතාර්කිකයි.විවාහය නිසා සමහරවිට මනුස්ස ජීවිතයක් සම්පූර්ණයෙන්ම නැතිවෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මේ අනුන් කරනන් වාලේ විවාහ වීම (එය හිරු උඩින් කියල තියෙනව වගේ මේ සමාජෙ ජීවත් වෙන්න විවාහය අයිඩෙන්ටිටි කාඩ් එකක් )සමහර මනුස්සයො අමනුස්සයො කරන්න පුලුවන්, එකඟයි!
      හැමටම විවාහ වෙන්න උවමනාවක් නෑ.
      බැලුවහම,
      විවාහ නොවී ජීවත්වෙන්න කැමති අයට එසේ ජීවත් වෙන්න නීතියෙන් බාධාවකුත් නෑ, සමාජීය, මානසික හා ආර්ථික බාධා තමයි හරහට තිබෙන්නේ

      ඒත් සමාන ආශා තිබෙන අයට මනුස්ස සමාජයේම කොටසක් ලෙස ජීවත් වීමට පාර කැපෙනවා වාගේයි, බලන්න ගේ-ලෙස්බියන් විවාහ සමහර රටවල් නීත්‍යනුකූල කර තිබෙනවා. (ඒත් නැවතත් අර නීත්‍යනුකූල බව????)

      Delete
  10. විවාහයට නම් මම කැමතියි. ඕක ඉතින් නීත්‍යානුකූලව කරන්න ඕනේ, ළමයි, දේපල, ආදායම් වගේ දේවල් වලට අවශ්‍ය නීතිමය රාමුව ලබාදෙන්නනේ. හැබැ‍යි බොහෝ රට වල එකට ජීවත්වීමෙනුත් නීත්‍යානුකූල පවුලක් ලෙස සලකනවා.

    ලෝකයේ බොහෝ මිනිස්සුන්ට හැමදාම වෙනස්වන සුළු ජීවිත, දීර්ඝ කාලීනව ගත කරන්න බැහැ. අපි ඒකාකාරී ජීවිත වලට ස්වභාවයෙන්ම කැමතියි. යම් යම් අවස්ථාවල වෙනසක් උවමනා උනත්, අපි කැමති යම් යම් දේ වලට පුරුදු වෙන්න... එහෙම පුරුදු නොවෙනවා නම් ජීවත්වීම කියන්නේ මහා මානසික බරක් වෙන්න පුළුවන්. මිනිස්සු එකට ජීවත්වීම කියන්නේ ලිංගිකාශාවට වඩා ආදරය බලවත් බව ඔප්පු කරන සාධකයක් කියලා මම හිතනවා. ලිංගික ආශාව විවිධ අයගෙන් සන්තර්පනය කරගන්න පුළුවන් උනාට, ආදරය ලැබෙන්නේ තමන් දන්න කියන, තමන්ට හුරුපුරුදු, තමන්ව හොඳට අඳුනන කෙනෙක්ගෙන් විතරයි කියලා අපි දන්නවා.

    දයල් ඔය උපුටලා දක්වලා තියන එකට හේතුව, ගැහැණුන් අර මිනිසුන්ගේ හැකියාවන් මොට කිරීමම නෙමෙයි. සමහර විට තරුණ කාලයේ අධික ජවයෙන්, අධික මානසික වෙහෙසකින් නිර්මාණ ආදිය කරපු අයට, ඒක කාලකදී අවශ්‍යවෙන මානසික සහ ශාරීරික විවේකය ඔවුන්ම සොයා යාමක් වෙන්න පුළුවන්.

    ReplyDelete
  11. Abolition [Aufhebung] of the family! Even the most radical flare up at this infamous proposal of the Communists.

    On what foundation is the present family, the bourgeois family, based? On capital, on private gain. In its completely developed form, this family exists only among the bourgeoisie. But this state of things finds its complement in the practical absence of the family among the proletarians, and in public prostitution.

    The bourgeois family will vanish as a matter of course when its complement vanishes, and both will vanish with the vanishing of capital.

    Do you charge us with wanting to stop the exploitation of children by their parents? To this crime we plead guilty.

    But, you say, we destroy the most hallowed of relations, when we replace home education by social.

    And your education! Is not that also social, and determined by the social conditions under which you educate, by the intervention direct or indirect, of society, by means of schools, &c.? The Communists have not invented the intervention of society in education; they do but seek to alter the character of that intervention, and to rescue education from the influence of the ruling class.

    The bourgeois clap-trap about the family and education, about the hallowed co-relation of parents and child, becomes all the more disgusting, the more, by the action of Modern Industry, all the family ties among the proletarians are torn asunder, and their children transformed into simple articles of commerce and instruments of labour.

    But you Communists would introduce community of women, screams the bourgeoisie in chorus.

    The bourgeois sees his wife a mere instrument of production. He hears that the instruments of production are to be exploited in common, and, naturally, can come to no other conclusion that the lot of being common to all will likewise fall to the women.

    He has not even a suspicion that the real point aimed at is to do away with the status of women as mere instruments of production.

    For the rest, nothing is more ridiculous than the virtuous indignation of our bourgeois at the community of women which, they pretend, is to be openly and officially established by the Communists. The Communists have no need to introduce community of women; it has existed almost from time immemorial.

    Our bourgeois, not content with having wives and daughters of their proletarians at their disposal, not to speak of common prostitutes, take the greatest pleasure in seducing each other’s wives.

    Bourgeois marriage is, in reality, a system of wives in common and thus, at the most, what the Communists might possibly be reproached with is that they desire to introduce, in substitution for a hypocritically concealed, an openly legalised community of women. For the rest, it is self-evident that the abolition of the present system of production must bring with it the abolition of the community of women springing from that system, i.e., of prostitution both public and private
    -Commmunist Manifesto-

    ReplyDelete
  12. Replies
    1. ඕව ගැන වැඩියෙ හිතන්න එපා සංජීව, දරුවො මල්ලො ඉන්නවනම් ඒ අය බලාකියාගෙන ඉන්න එක, පවුලක් පන්සලක් වෙන්න හිතා ඉන්නවනම් ඒ ගැන සැලසුම් හදන එක වඩා හොඳයි, එතකොට ජීවිතේ සරලයි!

      Delete
  13. නීතිමය විවාහය කියන දේ ආවෙ සුදා මහත්තයගෙ ක්‍රිස්තියානි (කතෝලික අරව මේව හැම බම්බුවක්ම) සහ වික්ටෝරියානු සඟුස්කෘතිය මෙහෙට තියල මිටියෙන් ගැහුවට පස්සෙ. ඊට කලින් බින්න බහිනව, කැන්දන් එනව මිසක් පන්සලේ හාමුදුරුවොවත් ගම්බාර එකෙක්වත් පොතක ලියන්න ගියෙ නෑ අන්දිරිස් අප්පුවා සකබඹරෙව හුඟක් කන්න එක්කං ආවා කියල.

    ReplyDelete
    Replies
    1. ඒ විදිය බොහොම සරලයි, ආදරණීයයි, ගෑණු දුක් වින්ඳද සැප වින්ඳද ඒ විදියෙන් ආව කියල. මට එච්චර තේරුමක් නෑ. ඒ , ඒ කාලෙ හැටියට වෙච්ච දේ.

      Delete
  14. පොතෙන් බන්දල එක්තැන් කරාට, ලිංගය බැදල දාන්න පුළුවන්ද?? බෑ...ආසාව බැදල දාන්න පුළුවන්ද? හොරාකන්න හිතෙන එක නවත්තන්න පුළුවන්ද?? හොරා කන එක නවත්තන්න පුළුවන්ද?? හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් පිරිසිදු ආදරේට එක එක නං කියනව, හොරා කනව,..මොන කැත කතාවක්ද? ලෝකෙ ඔක්කොම මිනිස්සු ලේඛකය වගේ වල් නැත.

      ආදරේ ආදරේ උහුලන්න බැරි ආදරේ
      ඔබත් සමග බෙදාගන්න මගෙ ආදරේ
      එන්න මගෙ ආදරියේ
      පිටාර ගලන මගේ ආදරේ මල්ලිකා මට
      ඉවසන්න බෑ
      බෑ බෑ
      මට ඉවසන්න බෑ

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්