Followers

Saturday, July 20, 2013

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි xxxx නම නීත්‍යනුකූලව වෙනස් කරනු ලැබේ.

දයල් බතී ලෝ පොයින්ට් එකක්, ඌරාගේ පිටේ තබා හරක් මස් කපනු, කබරගොයා තලගොයා කරනු!



ආණ්ඩුව තවම පාවිච්චි කරන්නේ පැරණි වාග් මාලවමයි- ජවිපෙ නායක

 සෝමවංශ මහත්තයට නෑසුනාට දැනටමත් එය බලධරයින් විසින් කර කරගෙන ව්‍යාපෘතියකි. මා යෝජනා කරන්නේ එහි සුලු ඉදිරි පියවරක්. විශාල ප්‍රශ්නයක් එක පෑන් පහරින් විසඳා ගත හැකි ක්‍රමයකි. (ඝාතනය කරන ලද මහ බණ්ඩාරනායක මහතා, මහ සංඝරත්නයේ රොස්මීඩ් පෙදෙසේදී කරන ලද ඉල්ලීමට අනුව එක පෑන් පහරින් ප්‍රශ්න විසඳන්න හරි ශුරයාය. -අවුලක් නෑ. තාමත් අපි කනවාය )

මෙය මගින් රජයත්, සාසනයත්, හරක් මස් ලෝලීනුත්, මුස්ලිම් චන්දත් බේරා ගත හැකි බැවිනි.
උපාසක උපාසිකාවන්ටත් හිතේ දෙගිඩියාවක් නැතිව 'ගව මස්' නොකා 'අහවල් මස' අනුභව කල හැකිය. මුස්ලිම් අයටත් අවුලක් වෙයිද? නෑ තොප්පිය අනෙක් පැත්ත හරවල දාගත්තම ඒ අයත් ගොඩ, කියල කෙනෙකු කියන්න ඉඩ තිබෙනව. ඒ අය පොත අනෙක් පැත්තට හරවල  කියවල හරි විසඳුමක් සොයා ගනී කියල තව කෙනෙක් කියාවි.

බලන්න දැන් යුද්ධය. අවුරුදු 30ක් පමන රසවිඳීමෙන් පසුව, 2009 මැයි 19දා අවසන වූ යුද්දය,
ඒක අනාගතයේ උපදින ළමයින්ට කියාදෙන්නේ මෙහෙමයි. නැත්නම් මහ (වීර )(සෝම )( ) වංශය ලියනකොට ලියන්නේ මෙහෙමයි.

 'ඇත්තටම එය යුද්ධයක් නොවෙයි. කට්ටියක් උඩින් ගිහින් හරිම සුහද ලෙස බෝම්බ දානවා. ඒ ලස්සන බෝම්බ වලට මැදිඋන මිනිස්සු පොඩි ළමයි සන්තෝසෙට කෑ ගහනවා. අනේ තව එකක් කියා ඉල්ලුවා.
ලංකාවේ උනේ ඇත්තටම දේශප්‍රෙමී අය කොයි පැත්තෙද ඉන්නෙ කියල බලන්න  තමයි බෝම්බ දැම්මේ. යුද්ධෙ ඉවර වෙච්ච් ගමන් ඒ කියන්නේ බෝම්බ හා ගිනිදැල් නිසා නැගුනු දුමාරය නැමති ඉතා මානහිතවාදී තිරය මෑත් වෙනවාත් සමගම නලුවෝ පැති මාරු කරගෙනය. එක්කෝ නූල් නටවන්නන් විසින් පැති මාරු කරවලාය. අපි දැක්ක ලංකා ආණ්ඩුවෙ හමුදා නායකය දේශද්‍රෝහී පැත්තට ගිහින්. ඒ පැත්තේ හිටපු කරුණා අම්මාන්, කේ පී, තමිලිනී, දයාමාස්ටර් මේ දේශප්‍රේමී පැත්තට ඇවිදින්.' මතකද නන්දිකඩාල් කලපුවේ අය කොපමන ප්‍රීති ඝෝශා නැගුවද, දේශප්‍රේමී පැත්තට එන්න ලැබිච්ච එකට ? හාල් ගරනව වගේ, හාල් වලින් ගල් වෙන් කර ගත්ත.  මැණික් ටික බේරගෙන පාර්ලිමේන්තුවට ගෙනාවා, ගොම රිටි ටික ගංගාවල පාඋනා. මෝඩ අම්ම්ලා තාම නැති උන ගොම රිටි ටික හොයනව.

ඉතින් ඕක තේරුම් ගන්න බෝම්බ නොදා බැරි උනාද? ප්‍රභා හිටිය කාලෙදිම බලය බෙදුව නම් ඔය පිරිසම නේද ඔය නිලතලවලට පත්වෙන්නේ, අපරාධනෙ මෙච්චර විනාශයක් උනේ.

බෝම්බ ප්ලේන්, තුවක්කු ගන්නකොටනෙ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ.
හරිම ආතල් ඒ කාලේ. හෙලිකොප්ටර් ගේනවා, කඩා වැටෙනවා, මූනිස්සම්, මල්ටි බැරල්, ගේන්න රට යනවා. මල් වෙඩි සංදර්ශන රෑට ගුවනේ. සරනාගත කර්මාන්තයට හොඳයි. වැඩ කරන මිනිසුන්ට පටි තදකරගන්න කියන්න පුලුවන්. මේවත් දේශප්‍රේමීන් කවුද කියල සොයාගන්න කෙරුන පරීක්ශන.
බලවතුන්ට අලුත්ම ලේබල් එකක් එනම් දේශද්‍රෝහී ලේබලය ලැබුන, තමුන් කැමති කෙනෙකුට අලවන්න.

එතකොට ඉලෙක්ශන් එකත් දේශප්‍රේමී බෝමබයක් වගේ එකක්ද, නායකයො පැති මාරු කරගන්නේ, කෙනෙකු අහන්න ඉඩ තිබෙනවා. මැතිවරණයත් දේශප්‍රේමීවරණය ලෙස නම් වෙනස් කිරීම හොඳය. පාර්ලිමේන්තුව, දේශප්‍රේමේන්තුව ලෙස වෙනස් කලත් අවුලක් නැත.

ජරාව පගාව (නැතුව අප රටේ වැඩක් කර ගැනීමට නොහැකි බැවින් )වගේ බාල වචන සම්පුර්ණයෙන් අපේ ශබ්දකෝශයෙන් උගුලා දමා 'රාජකාරි  උත්තේජක දීමනාව-රෞදී' Duty Stimulative allowance නීත්‍යනු කූල කර රිසිට් පතක් නිකුත් කිරීමෙන් රජයට බද්දක්ද ලබා ගත හැකිය. නිදන් හෑරීම, ඓතිහාසික වස්තු ප්‍රතිචක්‍රිකරණය Recycling of historical and hidden wealth ලෙසද වෙනස් කල හැකිය. ගුරුවරියන් දණ ගැස්සීම්, රටේ නම කා පිස්සු නටන පුතුන් කරන විනාශකරී ක්‍රියා, සුලු සුලු වැරදි ලෙස අර්ථදැක්විය යුතුය. වාසු කියන්න වගේ අවසේස වැරදිය.

ඒ දවස්වල ජවිපෙ පලාත් සභා හැඳිවූයේ කොටිනට දෙන කප්පමක් හැටියටය. අද කොටින්  නැත. දැන් ඒ ඇත්තන්ට පලාත් සභා සුදු අලිය. එතනත් වාග් මාලාව වෙනස් වී ඇත.

ඒ දිනවල කේ පී, පිට රට සිටි  මහ කොටියෙකි, දයා මාස්ටර් කොටි මාධ්‍ය ප්‍රකාශකයාය, කරුණා නැගෙනහිර මහ කොටියාය, අද ඔවුන්ගේ ටයිටල් වෙනස් වී ඇත. වෙනස් නොවී ඇති එකම නම, මල ප්‍රභාගේ නම පමණි. (පෙර කොටි ක්‍රියාකාරීන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වීම නම් කෙසේ සිදු වුවත් වාසනාවකි.) මේව දැකල දයාසිරිත් එයාගේ වාග්මාලාවත් වෙනස් කරන්න වගේය. එයාට සිය පක්ශය පේන්නේ ආණ්ඩු පක්ශය වගේය. ආණ්ඩු පක්ශය පේන්නේ විපක්ශය වගේය. සජිත් පේන්නේ විජේවර්ධන වගේය.

පසුගිය දවසක ජවිපෙ නායක තුමා කියල තිබුන වගේම  නොවුනත් දේශපාලකයින් භාවිතා කරන වාග්මාලාව විප්ලවීය වෙනසකට භාජනය  කරන ව්‍යාපෘතියේ  කුඩා දිගුවක් ලෙස රටේ දැවෙන ප්‍රශ්නයකට පිලිතුරු ලෙසත් සෝමවංශ මහතා අනුදැන ප්‍රකාශකල පරිදි හරකාගෙ නම වෙනස් කිරීමට යෝජනා කරමි. මන්ද බොහෝ දේ 'මානසික' බැවිනි.


වාග් මාලාව වෙනස් කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ අනන්ත අප්‍රමාණය.

7 comments:

  1. පට්ට පට පට දයාල්..මේ ගැන ඔබේ චින්තනයට සිතුවිල්ලට විග්‍රහයට මල් මිටක්.

    ReplyDelete
  2. ඇත්ත තමයි නම වෙනස් කරන වැඩෙන්,කොච්චර ලෙහෙසියෙන් ප්‍රශ්ණ විසඳන්න පුළුවන්ද....ලොක්කා වැ‍රැදිලා හරි පොස්ට් එක කියුවානම් දායාල් බතී ට ඇමැතිකමක් ෂුවර්....
    හරි දැන් බඩගින්න ,දුප්පත්කම වාගේ.. එව්වාට එළකිරි නම් ටිකක දාගත්තනම් එක පෑන් ඉරෙන් බඩගින්නයි දුප්පත්කමයි දෙකම නැති කරලා දාන්න පුළුවන්...

    ReplyDelete
  3. ඔහේට කියන්න ආයිබෝවංඩ කොල්ලෝ ටික අමාරුවෙන් ගොඩදාගත්ත ඕය පස්සෙට කෙළවෙනවා කියලා මම දැනගත්තේ අදක ඊයෙක නෙමෙයි. මේ උන්නැහේ එංගලන්තේ ඉඳන් ඇවිත් කළුතරදි කට ඇරපු දවසෙ. චමින්දලත් එක්ක මොන විප්ලවද දයල්....

    ReplyDelete
    Replies
    1. චමින්ද උනත් රනිල් මට තාම එල කොල්ල.

      Delete
  4. එකෙන්ම දයාල් සුපිරියි...

    ++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  5. නම් විතරක් වෙනස් වෙලා බේරුනොත් මදෑ මේ යන විදියට... මහ (වීර )(සෝම )( ) වංශය ලියනකොට හෑ... ලංකාවේ යුද්ධයක් තිබ්බ.. මොන ටොම් පචද... කියල ලියන්නේ නැතුව...

    ReplyDelete
  6. නම් වෙනස් කරලා දාමු...
    බැරිම උනොත් ජෙනරාල්ගේ නම වාගේ කපලාම දාමු.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්