Followers

Friday, August 23, 2013

රතුපස්වලදි අපේ පවුලෙන් එකෙක් මලා නම් අපිත් ගොඩ- Black majic





'යූ එන් පිය දිනවන්න ජෝඩු වෙන්න' කියල මං කියනව

'ඉතින් මල හත්තිලව්වේ කවුරු කවුරුද, කියහං මලේ? 'ඔබ අහනව

'ඕව ඉතින් එහෙම ලේසියෙන් එලියට දාන්නේ නෑ'  මං කියනව

ඒ උනත් ඔන්න, ඉතින් රනිල් මහත්තයගෙ යූ එන් පියෙ වෙබ් සයිට් එකට ගියා, පොඩ්ඩක් මොනවද මේ අයගෙ ප්‍රතිපත්ති  කියල බලන්න.

අනේ කොටු කොටු තියෙනව අහවල් අහවල් ප්‍රතිපත්ති කියල, ඔයාලත් ගිහිල්ල බලන්නකෝ, කොටු විතරයි, කොටු පැන පැන යන්න පුලුවන්, ප්‍රතිපත්ති නෑ.
(පුදුමයක් නොවෙයි දයාසිරිල වගේ අය කොටු පනින එක)

ඉතින් මගේ ජෝඩු කෙරිල්ල ටිකක් කල් දාන්න හිතුව.

ප්‍රතිපත්ති නැති පක්ශෙකට ආවඩනවට වැඩියෙ රතුපස්වල  ගිහිල්ල විරෝධතාවයක් ඇතිකරල මැරෙනව වාසියි.

ඒ වුවත් රතුපස්වල කේස් එකෙන් පස්සෙ මට මේ ආණ්ඩු කරන ක්‍රමේ ගැන ලොකු සැක සංකා මතු උනා. ඒ මදිවට ඒවට වගකිව යුතු අයගෙන් සල්ලිත් අරගෙන, මල අයගේ  පොටො එකත් ඉස්සරහින් තියාගෙන ලොකු පොටෝ එකකුත් පත්තරේ ඉස්සරහ දාල.

කෙනෙකුට හිතෙන්න  ඉඩ තිබෙනව, අනේ අපේ පවුලෙන් එකෙක් මලා නම් අපිටත් ලොකු අයත් එක්ක පොටෝ එකට ඉන්න තිබුන, සල්ලිත් ලැබෙනව කියල.

හීනයක්ද, ?
නැත, මෙය සිදුවන බව බොහෝ අය දැනන් හිටිය.

පහත දැක්වෙන්නේ අගෝස්තු 2 දා එනම් රතුපස්වල සිද්ධිය වූ ට පසුදින දමිත් කේතක නම් ලේඛකයා විසින් ලියන ලද සංසරනය වූ ඊ මේලයක තිබූ ඇමුණුමක්.



මෙන්න දමිත්ගේ රචනය....

ඉදිරි දින වලදී සිදුවිය හැකි දේ සම්පිණ්ඩනය කොට...

" අද උදෑසන ****** මන්දිරයේදී පැවැත්වුනු මේ හමුවේදී, වැලිවේරියේ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් හමු වූ එතුමා තම ශෝකය ඔවුන් වෙත ඵල කළේය... මියගිය පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ප්‍රධානය කිරීමද එතුමා අතින් සිදු කෙරිණි... "

(එළියට ඇවිත් )

" එතුමා අපේ දුක දැකලා අපිට මෙතනට අද එන්න කියලා කථා කළා... වන්දි මුදලකුත් දුන්නා... එතුමා ගැන අපිට සන්තෝසයි.. දුප්පත් අපි වෙනුවෙන් මේ වගේ ක්‍රියා කිරීම ගැන.. "

( පසුව )

වැලිවේරිය අවට ගම් රැසකට සහන ලැබෙන ජල සම්පාදන ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 660 ක මුදලක් ප්‍රතිපාදනය කොට ඇති බව මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ගරු **ළි* *ඹු*වැ** මැතිතුමා සඳහන් කර සිටියි... ඉදිකිරීමේ කටයුතු 2015 වසරේදී ඇරඹීමට නියමිතයි...

( ඊටත් පසුව )

"සිද්ධිය පිටුපස විදෙස් කුමන්ත්‍රණයක් පවතිනවා.. එදා කොටි හරහා තමන්ගේ ඉලක්කය ඉෂ්ඨ කර ගන්න බැරි වුණු අර නෝර්වේ එරික් සෝල්හයිම්ලා, බැරැක් ඔබාමලා, අද මේ රජයට එරෙහිව ජනතාව කුපිත කරවීමේ කුමන්ත්‍රණයක නිරත වෙලා ඉන්න බව අපට පැහැදිලිව පේනවා.....ඒ රජයේ නියමුවන් දංගෙඩියට දක්කන්න, මේ රණවිරුවන්ගේ ආත්ම අභිමානය බිඳින්න, මේ රණවිරුවන් ජිනීවා පෝරකයට දක්කන්න, පැහැදිලි කුමන්ත්‍රණයක් මේ මොහොතේ මේ එන්.ජී.ඕ ආධාර ලබන වැලිවේරියේ බලවේග ක්‍රියාත්මක කරලා තියෙනවා... මේ අධිරාජ්‍ය වාදී බලවේග ලිබියාවේ කළා වගේ මේ රට තුලත් ඇති කරන්න බලාපොරොත්තු වෙන මෙම තත්වයට එරෙහිව එකාවන්ව පෙළ ගැසීම අද මේ අතිශය තීරණාත්මක මොහොතේ මාතෘ භූමියේ සුජාත දරුවන්ගේ එකම අභිප්‍රාය විය යුතුයි.... ජාතික නිදහස් **** අපි ඒ වෙනුවෙන්.... "

( ඒකටත් පස්සෙ )

" මේ රට ඒ ඓතිහාසික ජයග්‍රහණය තුළින් නිදාස් කර ගත්තේ මේ රටේ ජනතාව වෙනුවෙන්... අපි ඒ ජනතාවගේ නිදහස විදෙස් සතුරන්ගේ කුමන්ත්‍රණ හමුවේ යළි පාවා දෙන්නෙ නෑ, හාමුදුරුවනේ... !.... එඩුවාන්ගල් නාන් තන්නි පුරප්පුම් මුදලාවද එන්ඩු පෝම්...! "

( ඉරිදා දිවයින )

"ජලය යනු වාස්තවික වූවක් නොවේ... බටහිරයන්ගේ ඊනියා විද්‍යාවට අනුව එය වාස්තවික වූවක් ලෙස හඳුනා ගනු ලබන අතර, "ජලය පානය සඳහා ඇති අයිතිය " ලෙස ඔවුන් පංචේන්ද්‍රියන්ට පරිබාහිර වූ මානව හිමිකමක් හඳුනා ගන්නේද ඒ යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට අනුවමය... මෙරට සිටින බටහිර අනුකාරක පඬියන්ද මේ ජනතාවට ජලය පානය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ එහෙයිනි... නමුත් අපගේ දැක්ම තුළ මෙය "ආපෝ" ලෙස හඳුනා ගනු ලබන අතර, වාස්තවික වූ සත්වයෙකු පවා නොමැති නිසා, ඒ සත්වයාගේ පිපාසයද වාස්තවික නොවන මනස විසින් නිර්මාණය කරගත් හුදු ප්‍රවාදයක් බව පැහැදිලි වන කරුණකි... මනසද මනසේ නිර්මාණයක් බැවින් පිපාසය ඉවස දරා ගත හැක... බටහිරයන්ට ඒ බව නොපෙනේ... මොවුන් මේ අර අඳින්නේ නන්දිකඩාල් කළපුවෙන් අප පරාජය කළ ඔවුන්ගේ බළල් අත් නැවත "ජල වසන්තයක්" හරහා පණ ගන්වන්නටය... ඒ සඳහා බටහිර අනුකාරක වාදී පඬියන් ලවා ජනතාවට "පිපාසයක්" ඇති කර තිබේ... "

( පසුව )

"දවසකට අපේ ජාතියට කිරි දුන්නු ගවයන් පන් දාහක් මරා දමනවා... මේ පින් බිමෙන් ගව ඝාතනය අතු ගා දැමීමට සිහළුණි වරෙව්...!.. දැන්වත් පිබිදියව්..! ඇස් කන් පියාගෙන සිටින්නේ ඇයි...? .. මහා පාගමන 21 වැනිදා ... "

( ගමේදී )

"මොනව උනත් එතුමා පොඩි මිනිහගෙ දුක දන්න මිනිහා... ලක්ෂ වලින්ම පහක් ගණන් කරල දුන්නනෙ ... බලන්න... දැන් ඉතින් 2015 ජල ව්‍යාපෘතියත් එනවනෙ... "

( අන්තිමට )

" මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්.... බස්නාහිර පළාත් සභා මැතිවරණය, ගම්පහ දිස්ත්‍රික්කය, ******** මැතිවරණ බළ ප්‍රදේශය,

එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 31,525....මෙහි ප්‍රතිශතය 61%, මේ අනුව වැඩි ඡන්ද ඡන්ද ****** කින් මැතිවරණ බළ ප්‍රදේශය එක්සත් ජනතා නිදහස් සන්ධානයට... "
---------------------
කවුරු මලත් කවුරු මැරුවත් ඒ මල කඳනුත් විකුනන්නේ ....... හරිය.....



26 comments:

  1. Replies
    1. මේ දයල් බතී
      වැරදි දේ නොකියතී

      Delete
  2. ඔව් දමිත් ගේ මේ විස්තරේ දුටු ගමන් මතක් උනා මෙහෙම වෙන්න තමයි වැඩියෙන්ම ඉඩ තියෙන්නෙ කියලා..ඒක එහෙමම උනා කියලා අද තේරෙනවනෙ..

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නොවේ අර දිවයින විසින් දමනු ඇතැයි කී ලිපියත් ඔබ දුටුවාද?

      Delete
  3. මේ මිනිස්සු හිතනවා ඇති මැරිච්ච එකා මළා ජිවත් වෙලා ඉන්න අපි ජිවත් වෙලා ඉන්න ඕනේ කියලා.
    කොහොමඋනත් මේ දේ තමයි කවදත් උනේ.මිනිස්සු හිතන විදිය වෙනස් වෙනකන් මේ තත්වය මෙහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. අපේ අය අනිච්චාවත සංඛාරා කියල හිත හදාගන්න විතරක් නොවේ,
      වගකිවයුත්තන්ගෙන් අල්ලස් ද ගන්නද දස්සය.
      හරිම ධන(යා)ත්මකව සිතනවාය.

      අපිව අසරණ කරලා බුදු හාමුදුරුවනේ!

      Delete
  4. මේ මිනිස්සුන්ගේ මූණු වලින් මටනම් පේන්නෙ මරබිය. අර මැද ඉන්න එකානම් හොඳ බිස්නස්කාරයෙක් වගේ පේනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්, ත්‍රස්තවාදය අවසන්ව නැත.

      Delete
  5. රජාම මරල රජාම වන්දිත් දුන්නා...දැන් පොර හොඳරජා

    ReplyDelete
    Replies
    1. ඔය වගේ බාල නෝබිනා කටකතා හදන්න එපා හැලපයා,

      එහි දාර්ශනික පරිසරය ආශ්‍රය කොට මනාය.

      මගේ ඉදිරි ත්‍රයිලෝක දැක්ම අනුව
      සිංහල බෞද්ධ චින්තන 'අපෝහකය' අනුව
      රතුපස්වල කේස් එක දවසේ සිටිය පුද්ගලයා නොවේ මේ ඡායාරූපයේ සිටින්නේ, මන්ද හැම මොහොතෙම හැම දේම වෙනස් වන බැවිනි.
      සංසෝධිත 18 ජනපති ව්‍යවස්තාවේ වගන්ති බලන්න ඒකත් ඇති

      Delete
  6. ඕව දැන් පාසල් කාල සටහන වගේ සතියෙ දින 7 ට මන්දිරේ වැඩ හතක.
    අත කප්පොගත්ත අචල ළමය ගෙ සනුහරේම තුති පුදල තිබුනෙ ලොක්ක ඇතුළු රජ සනුහරේ නිධන් පැටියගෙන් නොනැවතී ටිකට් දීපු මස්සිනා පොඩ්ඩටත් තැන්ක්ස් කොරොල.
    අත වගේද ජර්මනියෙ සති තුනේ සංචාරේ.
    මේ වගේ තමයි හැම සිදුවීමක්ම.
    මුශාරෝෆ්ට එහෙම වුනාට මෙහෙ එහෙම වෙන්නෙ නැහැ කියල තමයි මම හිතන්නෙ.
    නමුත් එහෙම හිතපු ගොඩක දෙනෙක් ........................................?????????????
    නොකියම ය..............????

    ReplyDelete
    Replies
    1. මාකෝස් - ඇමරිකාව
      සදාම් - හිලක් වගේ වලක්
      ගඩාපි- මහ පාර

      Delete
  7. me wage harak inna ratak thawath thiyanawada?

    ReplyDelete
    Replies
    1. අසරණ කම
      විකුණන් කෑම
      අපේ කොලුවත් මරාපල්ලා
      කීයක් හරි දීපල්ලා

      Delete
  8. මෙවත් හරියට මෙගා නාට්ටි වගේ තමයි බතී... පටන් ගන්නකොටම අපි දන්නවා අන්තිමට මොකද වෙන්නෙ කියල.. ඒත් වෙලාවයි, කරන්ට් එකයි වියදම් කරගෙන ඇස් දෙකත් නාස්ති කරගෙන අපි බලනවා නෙවෙයිනේ.. අපිට ” බලවනවා ”....

    ReplyDelete
    Replies
    1. ටී වී මාධ්‍ය ත්‍රස්තවාදය.

      Delete
  9. ලාංකීය දේශපාලනයේ පේන කියන්නා . . දමිත් කේතක . . !

    ReplyDelete
    Replies
    1. කිරි ගහට ඇන්න වගේ.

      Delete
  10. ඔන්න මමත් මේ පෝස්ට් එක ෆේස්බුක් එකේ ශෙයා කලා ඕන් . .

    ReplyDelete
  11. මොනවා උනත් මිනිස්සුන්ව නියමෙට manipulate කරන්න අපේ පාලක කාරකාදිය දන්නවා. ඕන ජඩ වැඩක් කරලා ඊට පස්සේ රජ මැදුරට ගෙන්නලා රාජ ඌෂ්ණය වද්දලා මාධ්‍ය සංදර්ෂණයක් පවත්වලා වැඩේ ගොඩින් බේරගන්න එයාලා දක්ෂයි. අනිතිමට ඔක්කොම දිනලා. පැරදුනේ මැරිච්ච කොල්ලා විතරයි.

    අපේ රටේ මිනිස්සුන්ට නියෙමෙට ගැලපෙන දේශපාලු පන්තියක් තමයි බිහිවෙලා ඉන්නේ. මොකද අපිට ඔක්කොම දේවල් මතක සති 2 යි නේ

    ReplyDelete
    Replies
    1. විපක්ශත් තියෙනවා
      මේ වගේ විපක්ශයක් නම් ලෝකෙ කොහේවත් නැතිව ඇති.
      සති 3න් මේ පොටෝ එක එලියට ආවා.

      Delete
  12. අමෙරිකාවෙ අමෙරිකාවෙ...
    ලංකාවේ එහෙම වෙන්නෙ නෑ...

    ReplyDelete
  13. අමු කමු
    බෙද බෙද කමු
    එන්න එන්න අමු අමුවේම අමු කමු
    එන් ජී ඕ කාරයෝ
    බටහිරයෝ එපා කියන නිසාම
    උනට ඇනෙන්න එක්කත් එක්කම අමුම කමු

    ReplyDelete
  14. ගූ කෑව නං මීට හොඳයි.

    ReplyDelete
    Replies
    1. මේ තමයි හරියට ගැලපෙන වචන ටික.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්