Followers

Wednesday, August 28, 2013

රාවණා සෙවලයෙක්ද? Mao's Last Dancer




ගෙදරට ආ පිට ගෑණියෙකුට
ගොන් පාට් දාන එකාට
මොකාද කියන්නෙ?

රාවණාද?


රාවණා
ඉන්දියාවට ගිහිනුයි සීතව අරං ආවේ
 කියල අපි හැමෝම දන්නෙ,
රාවණා ගැන මතක් කර කර

ගෙදරට ආ පිට
ගෑණියෙකුට පාට් දාන එකාට
මොකාද කියන්නෙ?



පරණ බාසාවෙන් කියනව
නම් සෙවලයෙක්


ලංකාවේ මිනිසුන්ගේ
සිතැඟි එක්ක සෙල්ලම් කරන
උන් ගොනුන් යයි සිතා
වැඩ කරන අයට කියන්නේ
 රාවණාගෙ නෑදෑයො කියලද?

නෑ ...සෙවලයෝ

තමන්ගේ දුවගෙ ටීචර්ව
භයකර දණගස්සන
පිරිමියට කියන්නෙ  මොකා කියලද ?

සෙවලයෙක්

ගෑනුන්ව කුස්සිවලට
වාල්කමට පිට රට යවා
හෙල කුල කත විනාශ කල අයට
රටේ ආර්ථිකයට වින කල
කියන්නේ කවුරු කියලද ?

සෙවලයෝ

තමන්ට ලැබුනු නිල තල
යුනිෆෝම ආදියෙන් ඉදිමී
ආණ්ඩුවේ බදු මුදලින් යැපී
ආණ්ඩුවේ දෑ තමන්ගේ යයි සිතන

අහිංසකයිගෙන් ජරාව කන

අහිංසකයන්ව තලන පෙලන
පවුල් පිටින් ජනයා සූරා කන
සල්ලිවලට ප්‍රතිපත්ති පාවාදෙන
උන්ට කියන්නේ කවුරු කියලද ?


සෙවලයෝ

මාවෝගේ අන්තිම නැටුම Mao's last dance
කියල චිත්තර පටයක් ආවා,
බලන්න නම් බැරි උනා.
මේ වගේ විකාර කතා ඇහුවම,
මට බලන්න හිතෙනවා ඒක.

------------------------------
following article was added later

Sri Lankan government apologizes for minister's 'marriage proposal' to UN rights chief
Thu, Sep 5, 2013, 12:38 am SL Time, ColomboPage News Desk, Sri Lanka.

Sept 04, Colombo: The Sri Lankan government today apologized for the 'marriage proposal' made by the controversial Minister of Public Relations and Public Affairs Mervyn Silva to the United Nations High Commissioner for Human Rights Navi Pillay.
Addressing a media briefing in Colombo Wednesday, Youth Affairs and Skills Development Minister Dullas Alahapperuma extended the apologies on behalf of the government.
Minister Silva who is notoriously known for his abrasive remarks and actions said in a public meeting that he was ready to marry the UN rights chief so that she can stay in Sri Lanka and learn about the country .
Minister Alahapperuma expressing regret on behalf of the entire cabinet said it was just wrong to make such an 'uncivilized' comment.
"The statement is wrong and unacceptable. On behalf of all the ministers I would like to apologize," he said.
"Navanetham Pillay is only two years younger than my mother, If someone proposed to my mother what is the feeling that I would get? This is wrong and uncivilized," Minister Alahapperuma said.
He also commended the UN official for recognizing the government's openness and the freedom allowed for her during her visit.
Pillay thanked the Government for its excellent cooperation during the planning and conduct of the "very complex mission" and for allowing her to "go anywhere, and see anything" she wished to see.
Minister Alahapperuma appreciated the UN rights chief publicly claiming that the LTTE is a ruthless terrorist outfit and hailing the development activities taking place in the Northern Province.
He also noted that the UN High Commissioner expressed satisfaction that Sri Lanka has made room for the youth to engage in politics irrespective of their ethnic orientations.

ColomboPage - Recent 10 Stories

26 comments:

  1. සෙවලයො කියන වචනෙත් මුන්ට නම්බු වැඩියි.

    ReplyDelete
    Replies
    1. ප්‍රාදේශීය සභාවටත් නෝබිනා
      රජයේ ප්‍රබල ඇමති කෙනෙකුගේ
      රාජ්‍යය ත්‍රාන්තික භාවය බලනු මැනවි.

      (ගැහැණියක් සමග හැප්පෙන මෝඩයා කවුද?)

      Delete
  2. සෙවලයෝ කියන්නේ වැදගත් වචනයක්... මුන්ට කියන වචන දැම්මොත් දයල් මගේ කොමෙන්ට් එක රාවණය කරනවා...

    සමාවන්න වාරණය කොරනවා...

    ReplyDelete
    Replies
    1. මාතලන් ඔබට හමු වෙල කතා බහ කරල නැද්ද වන්නියලැත්තො,
      ඒ මිනිස්සු මීට වැඩියෙ රාජ්‍ය තාන්ත්‍රිකයි නේද,
      බැරිද අපේ තුමාව යවන්න එහේ මාසෙකට ඉගෙන එන්න.

      Delete
  3. බලාගෙන ගියා ම ලංකාවේ ශ්‍රී ලාංකිකයන්ට වඩා ඉන්නේ සෙවලයොනේ.

    ReplyDelete
    Replies
    1. නෑ ධාරා 5% යි, මේ ප්‍රමානය තමයි තමන්ගෙ බලය පාවිචිචි කරල මේ තත්වය ඇති කරන්නේ.

      Delete
  4. තමන්ගේම ආත්මයට වංචා කරගත්ත තමුන්ටම ඇරගත්ත මේ මිනිස්සුන්ට කියන්නේ සේවලයෝ කියලද?

    මේ යුගයේ හැමෝටම තමන්ටම කියලා ත්‍රස්ත කල්ලියක් තියෙනවා. ඉතිං තමන්ටත් එහෙම එකක් තියෙනවා කියල පෙන්න ගන්න ගදන එක හරියට ගෑනුන්ට තමන්ගේ ලිගුව පෙන්න ගන්න එක එක උප්පර වැට්ටි දාන උන් වගේ කියලයි මට පෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ත්‍රස්තවාදය නැති කලා කියන්නෙ මායාවක්.
      එය වෙන කොටසක් අතට මාරු උනා පමනයි.
      සොත්ති උපාලි අතින්, නාවලට, පසුව ජුලම් පිටියට

      ඔය දේවල් අලුත් දේවල් නොවෙයි.

      බටහිරයන් එපා... හැබැයි උන්ගෙ තුවක්කුව හොඳයි.

      Delete
  5. රාවණා සෙවලයෙක්ද? නැත.:)

    ReplyDelete
  6. එතකොට පාලකයෝ මොක්කුද...?

    ReplyDelete
    Replies
    1. ඔව්,
      අහිංසක මිනිසුන් බලවතුන්ගෙන් ආරක්ශා කිරීමට බැඳි සිටින ආණ්ඩුව
      උන්ටම ගහනව නම්
      පිටරට ඉඳන් රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට එන
      කාන්තාවකට මගුල් යෝජනා කරන පාලකයින් ඉන්නවනම්
      සෙවලය කියන වචනෙ හොඳ වැඩියි..

      Delete
  7. රාවණාගේ පිහිටෙන් අම්බානක උන් පච ගහනවා.. මීවන පාලනේ ජයරත්නයා හොඳයි තව..

    ReplyDelete
    Replies
    1. පච නම් කම් නැත

      ස්ත්‍රීන්ට අවමන් කරනා
      රාවණාට අපහාස කරනා
      රටම පච කරනා උන්
      සෙවලයෝ නොවෙද

      Delete
  8. සෙවල සාවාලයෝ.ඔය සාවාලයා කියන මාළුවාව අළු දාලා හම ගහලා තමයි තෙල් තාච්චියට දාන්නේ.නැත්නම් දරුණු බඩේ කැක්කුම් එනවා.අපි අළු දැම්මෙත් නැහැ හම ගැහුවෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ජනතාවගේ මුදලින් යැපී
      ජනතාවගේ ඇස්වලට අලු ගහන
      ජනයා තෙල් තාච්චියෙ දමා බදින
      ත්‍රස්තවාදියෝ

      Delete
  9. ගැලපෙන වචනය "සෙවලයා" ද ? නැත්නම් "වසලයාද ?

    ReplyDelete
    Replies
    1. වසලයා තව බරපතලයි, බුදු දහමෙනුත් නිර්වචනය කර තිබේ

      Delete
  10. අන්න සෙවලයෝ...

    ගෙවලයෝ කියන්නෙ මොක්කුන්ටද බං?

    ReplyDelete
    Replies
    1. ගෙවල් දාල යන්නේ නැති
      බඩජහරි වෙන කාටවත් ඉතිරි නොකර කන
      යන යන තැන ගඳගහන
      මල පෙරේතයෝ

      Delete
  11. ආචාර්ය ජයරත්න තුමනි. මේ ඔබේ අවදානය පිනිසයි :P

    ReplyDelete
    Replies
    1. මගේ අනුමැතියත් ලැබේ, ඔන්න ගැහව්ව රබර් සීල් එක.

      Delete
  12. පට්ටයි අම්මප... කියල වැඩක් නෑ මෙන්න ගැහිලි... හතර වටේටම එක පාරින්..

    ReplyDelete
    Replies
    1. many in one ?

      මතකද ඉස්සර කිව්වෙ two in one කියල , ඒ වගේද?

      Delete
  13. රාවණා රජතුමා ගැන මං එච්චර දන්නෙ නෑ.. මං අහලා තියෙන විදිහට.. රාවණා රජතුමා රාමා එක්ක තියෙන අරියාදුවට සීතා ව පැහැරගෙන ආවා මිසක.. සීතා ට කිසිම ආකාරයක කරදරයක් හිරිහැරයක් කරලා නෑ.. එතුමාව මේ අනිත් කාලකන්නිත් එක්ක එකට තියපු එකට මගේ අකැමැත්ත ප්‍රකාශ කරමි.. එමෙන්ම රාවණා සෙවලයෙක් යැයි කීම හා එය මාතෘකා කරගැනීම ද හෙළා දකිමි..

    ReplyDelete
    Replies
    1. ඔබගේ විස්සෝපය මටද දැනුනි.
      ඔබගේ හිත රිදුනා නම් සමාවෙන්න. මහා රාවණයන්ට අවමන් කිරීමට කුවේනිගේ ඉඳිකටු තුඩක තරම් වත් උවමනාවක් තුන් හිතකවත් තිබුනේ නැත.
      රාවණා ගැන කියමින් රාවනාගේ සුනඛ පෝතකයාවත් කරන්නෙ නැති කතා ප්‍රසිද්ධියේ ස්ත්‍රීන්ට කීම ගැන ඔබට දැනුනු වේදනාව මටද දැනුනි.
      ඒ කයි මේ many in one ක්‍රමයට ලිව්වේ.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්