Followers

Sunday, August 4, 2013

විද්දේ කොටියට වැදුනේ අකිලට- එන පොට හරි ශෝක්ය




ජෙයරාජුත් මැරුවේ වැලිවේරියෙ කොටිය
එකෙක් නොව දහසක් කොටි මැරුවත් මදිය
ජල පරීක්ෂණ 'ඊයෙ' පටන් ගත්තාය
                මුන්ට පොඩියක් ඉවසනු බැරිය
(ආසනික්  බොන මිනිසුන්වත් මෙපමණ සැර නෑය)


  ආමාෂය කොහොමත් හරි ආම්ලිකය
  අම්ලය චුට්ටක් බීවාට මක්ක වෙනවාය
  දම්මික හරි දාර්මිකය අපේ හොඳ එකාය
  පොලවට ඇසිඩ් දමන්නට ඌට පිස්සුය ?


කඩුව තිබෙන්නේ කොස් කොටන්නය?
ලේ සුවඳ විඳ පුරුදු කෙසේ අරින්නය?
තුවක්කු තිබෙන්නේ මල් කඩන්නය?
කිරිබත් උයමු වැලිවේරිය දැන් නිදහස්ය?

-------------------------
බොන වතුර ටික ඉල්ලා සිටියාට දැන් මැරුම් කන්නට වී ඇති රටක
 අකිල ඇතුලු මිය ගිය පවුල් වල සැමට අපගේ ශෝකය ප්‍රකාශ කරමු.



31 comments:

  1. යුද්දේ තියෙන දවස් වල ඉස්කොලේ ගිය එකා,වැඩට ගිය එකා ගෙදර එනකම් ෂුවර් නැහැ බොම්බ හින්දා..යුද්දේ ඉවර වුන හින්දා බයක් සැකක් නැතිව ජිවත් වෙන්න පුළුවන් වේයි කියලා හිතුන එකට අබසරණයි...දැන් ඉතිං උද්ඝොෂණයක් ,පෙළපාලියක් තියෙන දවස් වලට ළමයින්ව ගෙදර තියා ගන්න එක හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම හැමටම පිලිතුරු ලියන්නම්.

      Delete
    2. වැඩක් වෙයිද දන්නෙ නෑ, 'කොටි ගෙවල්වලටත්' පැනල පහර දීල තියෙනව.

      Delete
  2. රෙට් උද්ෙගා්ෂණ තිෙයන තැන් දැනුම් ෙදන්න අලුතින් ෙවබ් සයිට් ඒකක් අැන්ෙඩායිඩ් අැප් ඒකක් ඩිවලප් කරානම් ෙහාදයි ෙන්ද?
    නැත්තං අපිට ළමයි, ෙගදර අය පාරක යවන්න බැහැ ෙම් උද්ෙගා්ෂණ නිසා..

    ReplyDelete
    Replies
    1. amila chathuranga
      සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න එනම් ගහගන්න, හීනෙන් ඇවිදින්න, ලංකාවෙ ඉන්න අයිතියක් තිබෙන්නේ දේසප්‍රේමීන්ට පමණි.
      අනෙක් ලමයි පොන්නයෝය, දේසද්‍රෝහීන්ය, කොටිය. සරණාගතයින්ය, ඔවුනට උරුම මරණයයි.

      Delete
  3. මමත් මේ රතිඤ්ඤා ටික පත්තු කරලා, කිරිබත් කාලා, පාරේ යන අය ජාතික කොඩිය අල්ලලා නවත්තලා, බලෙන් කිරිබත් කවනවා. පොලීසියත් සපෝට්. මිනිස්සු පුදුම ප්‍රීතියකින් ඉන්නේ, රතුපස්වල මානුෂික මෙහෙයුමේ අවසානය ගැන.

    ReplyDelete
    Replies
    1. රතුපස්වල මානුෂික මෙහෙයුමේ අවසානය සමරන්න දිනයක නිවාඩුවක්ද ලබා දිය යුතුයයි යෝජනා කරමි.

      Delete
    2. Maathalan - Priyantha Hewage, Manoj Fernando
      පාරේ ගියත් සෝවාන් වෙන්න හැකියාවක් ලබාදී තිබෙන මේ පැරඩයිමය නම් ආශ්චර්‍යයකි, ප්‍රීතියි, ප්‍රීතියි,
      මල ගිය අකිල ඇතුලු සැම නැවත ඉපදීමට පතන මිහිබට සුරපුරයයි පුණ්‍යභූමි‍යයි මේ අපේ උදාර වූ මතෘ භුමියයි,

      Delete
  4. [ඇනෝනිමස්] වැලිවේරියේ සිද්ධිය පිළිබඳව මාරයාගේ අම්මා කළ විශේෂ ප්‍රකාශය

    http://anonymousaya.blogspot.com/2013/08/blog-post.html

    ReplyDelete
    Replies
    1. Ano
      හච්චිං වැඩිය

      Delete
  5. ඕවා මේ කුමන්ත්‍රණ. අපි නොවැම්බර් වල රැජිනගේ ගවුම ඉස්සරහ නැවෙන එක (පරණ පුරුද්ද තාම අයින් කර ගන්න බැරි එක තමා මං හිතන්නේ... පොදු රාජ්‍ය මණ්ඩලය කියන්නේ) ඉවස්න් බැරි අලුගුත්තේරුවෝ කරන පාහර වැඩ.

    ReplyDelete
    Replies
    1. දේශක යා,

      රැජින ඇන්ටි නං කීයටවත් එන්නෙ නෑ.
      චාලි නේද එන්න ඉන්නෙ?
      නිදහසෙන් පස්සෙ කරදරයක් නැතුව යුද්ද නැතුව සිරි ලංකාව සිරි ලාංකිකයින්ට දුවාගන්න පුලුවන් කියල පෙන්වන්න, ලබා තිබෙන 'දියුණුව' පෙන්වන්න එන එකන නං හොඳයි.

      මානව අයිතිවාසිකම් මනුස්ස කම් ලංකාවට උගන්වන්න පරසුද්දො කවුද කියල පාරම් බෑවනේ, ඉතින් ඒ අය ඇවිල්ල, ආප්පයි, ලුණු මිරිසුයි කාල, අපෙන් ඒව ඉගෙන ගෙන යයි,

      Delete
    2. උන්ට නෙමේ ආප්පයි ලුණුමිරිසුයි කන්න වෙන්නෙ. උන් ඇවිල්ල ගියාට පස්සෙ ඕව කන්න වෙන්නෙ අපිටයි මඤ්ඤොක්කයි ලුනු මිරිසුයි

      Delete
  6. ඕක අපේ හමුදාවේ ඉලක්කයක් වෙන්න බැහැ.
    අපේ අයට ඉලක්ක වරදින්නේ නැහැ නොව.

    ReplyDelete
    Replies
    1. පිස්සුද අනෙක, සිංහ රණවිරුවො බලු වැඩ කරනවද?

      Delete
  7. ආඩම්බරකාර තාත්තා.

    ReplyDelete
    Replies
    1. මොනව කියනවද ? දැන් අප්‍රිකාවත් ලංකාව දිහා බලන්න ඉන්න එකේ?

      Delete
  8. මේවා ඇවිල්ල අර හමුධා මාඩ්ඩි පොරොකාසන කිව්ව "තෙමෙන"පාරුසුවයක් තියෙනව වගෙ,
    අර සමුළුවට කෙලවොන්න.
    පව් අප්පා ලොක්ක.
    පව් දෙවියනේ මේ වතුර ඉල්ලපු හුකන්නලා හින්ද ඒ පරපුරේ මි මුත්තල ටත් හෙන ගහනව.

    ReplyDelete
    Replies
    1. රටේ ඇතිවී තිබෙන දියුණුව
      සිරි ලාංකික ජනතාවට ලැබී ඇති
      පහසුකම්, අයිතීන්, අවස්තා,
      ලෝකයට පෙන්වීමට ඇති අවස්තාව ගිලිහී නොයේවා!

      Delete
  9. එදා දුටුගැමුණු එළාර මළාම කිරිබත් කෑවේ නැත්තේ ඇයිදැයි මේ රටේ මිනිස්සුන්ට දැන්වත් තේරිය යුතුය..

    ReplyDelete
    Replies
    1. එකඟයි,
      විරුද්ද කම් තිබුනත් ඔහු ජනයාගේ නායකයෙකු ලෙස ගරු බුහුමන් ලැබිය යුතු බව දුටු ගැමුණු රජතුමා විශ්වාස කල බව පේනවා.

      Delete
  10. කතාව තියෙන්නේ නම් හමුදාව පිටින් දාලා තෙවෙනි පාර්ශවයක් මේ අහිංසක මිනිස්සුන්ට වෙඩි තිබපු බවට. මොනව උනත් පද ගැලපුම නම් අපූරුයි..

    ReplyDelete
    Replies
    1. Damith Tharanga
      දිනන්නේ හොඳම කතන්දරයයි. මාත් දාල බැලුව මගේ එකත්

      Delete
  11. නියමෙට ලියලා තියෙනවා දයාල්.........ධම්මික පෙරේරාලගේ ආම්ලික බයිට් කාලා මුලු ආන්ඩුවම කොරවෙලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. සරසවි මාතාවද,
      නීතියේ දෙවඟනද,
      ගුරු මාතාවන්ද
      පරිසර මාතාව ද
      කෙලෙසති

      Delete
  12. රතුපස්වල ගැන දැකපු හෙඳම ප්‍රතිචාරය.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී
      කොලොන්නාවේ කුණුගොඩ විසින් උපදින ළමයින් පවා ආබාධිත තත්වයට පත්කරමින් ඇත. පාසල් වසා ඇත. හමේ පිලිකා ආදී ලෙඩ රෝගවලින් බිලිගමින් ඇත. ජලය බොනවා තියා නාහෙට ගන්නට බැරිය.

      කුණු බල සේනා දෙවන අදියර- වැලිවේරිය
      ලංකාවේ සරුසාරම පලාතක් වන වැලිවේරිය.

      Delete
  13. ඇත්තටම මේ රටේ වෙන දේවල්නම් හිතා ගන්නවත් බැරිය.
    සිoහල බෞධයන් බේරා ගැනීමට වලිකන බොබස "හාමුදුරුවෝ"(අනේ මන්ද???) කියල තිබ්බ, වැලිවෙරියට හමුදාව යැව්වේ උන්දෑ කියල.
    මන් හිතුවේ බොරුවක් කියල
    ඊට පස්සේ ඊයක් එනව බොබසෙන්ම දම්මික පෙරේරා බේරා ගමු, වතුර ප්‍රශ්නේ හම්බ කුමන්ත්‍රණයක් කියල.
    ඒ කියන්නේ දම්මික පෙරේරා ව බේරගන්න සිoහල බෞධ කොල්ලෝ මැරුවේ බොබස හාමුදුරුවෝ

    ReplyDelete
    Replies
    1. බොබස ගැන ප්‍රශ්නාර්ත කීපයක් තිබෙනව. දිගින් දිගටම මේ කොටස් ගැන අවධානයෙන් සිටිය යුතුය.

      Delete
  14. ඇයි මෙච්චර මුංගෙ හදවත්වල දයාවක් කියන දෙයක් ගෑවිලාවත් නැත්තෙ දෙයියනේ

    ReplyDelete
    Replies
    1. ඩොලර්, රුපියල්, බලය, ස්ත්‍රී සැප, පිරිමි සැප......?

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්