Followers

Monday, September 2, 2013

වයඹ සටන හා ටිල්වින් ජෝක්ස්

රතුපස්වල, කොලොන්නාව කුණු කන්ද,  සිරගෙදර මරණ, ඔබෙයි මගෙයි විවාහයෙන් වහමු ඩාලින්
----------------------------------------------


සාමාන්‍යයෙන් ජවිපෙ ක්‍රියාකාරීන් ප්‍රතිපත්තියක් විදියට 'ධනපති' දේවල් කරන්නෙ නෑනෙ.
             සරසවි වලට සපත්තු දාගෙන එන්නෙ නෑ.
ක්‍රීඩා වලට සම්බන්ධ වන්නෙ නෑ.
                 ධනපති ඇඳුම් විලාසිතා නෑ,
 ධනපති භාශා (ඉංග්‍රීසි ) කතා කරන්නෙ නෑ,
               හිනා වෙන්නෙ නෑ,
විශේෂයෙන් ටිල්වින් සිල්වා සිරා පොරක් වගේනෙ පේන්නෙ.

ඒත් වයඹ මැතිවරණය හා රටේ ඇති වූ තත්වයන් අරබයා පසු ගිය දිනවල ටිල්වින් විසින් කරන ලද ප්‍රකාශවලින් විහිලු කෑලි ටිකක් වෙන් කර ගන්න හිතුන.

රජයේ ප්‍රබලයෙක් පිල්ලේ මැතිණියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරයි-
ටිල්වින් එයට පිලිතුරු වශයෙන් කීවේ, 'ඒ සඳහා  මේ දිනවල මහනුවර පොලිසියට කතා කරා නම් හරි, සුනඛ විවාහවලට සම්බන්ද වීමට බැරිව ඉතිරිවී ඇති (බැල්ලක් ) කෙනෙක් ඉන්න පුලුවන් '

ටිල්වින් කියනව පිල්ලේ මැතිණිය එන්නට පෙර පිනුම් ගහපු සමහර ඇමතිවරු එම මැතිණිය ආවට පස්සෙ හොයාගන්නත් නැතිලු.
ඒ අයව ජනපතිතුමා සීතකරනයක දාලලු තිබෙන්නේ. නරක් නොවී කල් තබාගෙන අවශ්‍යය වේලාවට එලියට ගෙන නාට්‍ය පිටපත දෙන්න.
 නිශ්පාදනය, අධ්‍යක්ශනය අහවලා විසිනි.

ඒ වගේම විරුද්ධ පක්ශයක් නෑයි කියන ප්‍රවාදයට නායක සෝවංශතුමා පිලිතුරු දුන්න.

'විරුද්ධ පක්ශෙ කියල ජනතාව කියන්නෙ එජාපයටනේ, ඒක විරුද්ධ පක්ශයක් නොවෙයි කියන එක ඇත්ත, ඒක නිසානෙ එහෙ ඉඳල සමහරුන්ට කිසිම අමාරුකමක් නැතිව ආණ්ඩු පක්ශයට එන්න පුලුවන්'


28 comments:

  1. මොනවද මේ කියන්නේ ඩාලිං...

    ReplyDelete
    Replies
    1. පූසො ගල උඩ කක්කා කොරලා ඩාලින්, වහනවා, වහනවා....

      Delete
    2. @ බතී

      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  2. පංකාදු කතා ටික.

    ReplyDelete
    Replies
    1. ටිල්වින්ටත් විහිලුකරන්න පුලුවන් නේද..?

      Delete
  3. විහිළු උනත් ඇත්ත කතා ටික

    ReplyDelete
    Replies
    1. කටේ මීවිතක් දාන්න ඕනෙ!

      Delete
  4. Replies
    1. කතන්දර, සටනක් නෑ වගේ තමයි පේන්නෙ, දයාවක් නැති සිරි ආවට පස්සෙ,
      නමුත් වෙනසක් බලාපොරොත්තුවෙන්න පුලුවන්.

      Delete
  5. අද හැමෝම ජෝකර්ල වෙලා තමා

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් මේවා වටින විහිලු..

      Delete
  6. කොහොමත් මේ තුන් පළාත් උත්තර වලින් පස්සෙ ගොඩක් දේවල් වෙනස් වෙයි.

    ReplyDelete
    Replies
    1. උතුරෙන් ආණ්ඩුවට ඇපත් නෑ
      ඔව් වෙනසක් බලාපොරොත්තුවෙමු.
      ලංකාවේ සාක්ශරතාවය තාම අනූ ගනන් වලින් පහලට දාගන්න වලිකෑවට ආණ්ඩුවලට බැරි උනා

      Delete
  7. ටිල්වින්ගෙ හදවත සාමන්‍යකරනය වෙලාද

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඕනනේ, කාලයත් සමග

      Delete
  8. මොනා උනත් ඇත්තනේ :D

    ReplyDelete
  9. ටිල්වියගේ කතාවලින් මගේ බොක්කටම වැදුනේ.. අර බලු විවාහය කතාව...

    ReplyDelete
    Replies
    1. ඔබගේ පෝස්ටුවෙන් හොඳ විග්‍රහයක් කරල තියෙනව.

      Delete
  10. කියන්න තියෙන උපරිම පලප්ප කතාව කියලත් මූ කිසිම අවුලක් නැතුව ඉන්නෙ ලොක්කට මොන තරං ගොට්ට අල්ලනවා ඇද්ද

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් විවාහ යෝජනාව
      (පුවතක් මැවීම හා අමුතු මූඩ් එකක් රට තුල ඇතිකිරීම-අපේ ජනාධිපතිතුමාගෙ ශ්‍රී නාමෙ කනව )

      ඉංග්‍රීසියෙන් වෙන කෙනෙකු විසින් සමාව ගැනීම

      ඉංග්‍රීයෙන් ලද සමාව සිංහලෙන් විවාහ යෝජකයාට නැවත පිරි නැමීම

      පිල්ලේගෙ ජාමත් බේරුනි

      ලොක්කාගෙ ජාමත් බෙරුනි
      -----------
      ප්‍රතිපලය
      අපේ මහත්තය දුන්න අර දෙමල ගෑනිට ලැජ්ජාව බේරෙන්න,
      අපේ ජාතියට වටින මනුස්සය..
      අපෙ මහත්තයට ජයවේවා

      ජනාධිපති තුමාට ජයවේවා!

      Delete
  11. ජවිපෙ නම් ජෝක් එකක් වෙලා ඉවරයි බතී.. සෝමේ ආවට පස්සේ තමයි ඔය වින්නැහිය උනේ..

    ReplyDelete
  12. ජවිපෙ පියවර කීපයක් පසුපසට වී, නව නායකයින් පුහුණුකිරීමේ යෙදී ඉන්නවා නමුත් පොදු විපක්ශය ගන්නා ක්‍රියාමාර්ග වලින් ඈත්වී සිටීම මේ ආණ්ඩුවේ ඒකාධිපති ක්‍රියාමාර්ගවලට සහයෝගය දැක්වීමක්. 1980දීත් ඒ චෝදනාව තිබුනා;
    'නරි' ප්‍රතිපත්ති නිසා 71දීත් කෑවා 88-89දීත් කෑවා, තවම හදන්නේ පොදු ජන ව්‍යාපාරවලින් ඈත්වී සිටීමටයි. එය ලංකාවේ අභාග්‍යයක්.

    ReplyDelete
  13. ටිල් වින් - දිනන තුරු

    ReplyDelete
  14. ජවිපෙට තියෙන ලොකුම ගැටළුව එයාලා ජනතාවගේ මට්ටමට එන්නේ නැති එක. එයාලා කරේ තියන් ඉන්න මාක්ස්වාදය නිසා, ලංකාවේ ඉන්න නුගත් පොදු ජනතාව දිනා ගන්න බෑ. එයාලගේ දේශපාලනය කියවන්න යම් දැනුමක් අවශ්‍ය වෙනවා. නමුත් තැලෙන-පෙලෙන ජනතාව නූගත්. ඒ අයට තේරෙන භාෂාවෙන් කථා කරන, ඔවුන්ට ගෝචර දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව තියෙනවා. නමුත් ඒක පුරවන්න ජවිපය අසමත්. එයාලගේ තැනට ජනතාව ගොනු කරවාට වඩා, ජනතාව ගොනු වෙලා ඉන්න තැනට එයාලා යනවනම් නේද හොඳ ?

    ReplyDelete
    Replies
    1. මාක්ස්වාදය යනු මින්සුන්ගෙ ප්‍රස්න ගැන අවබෝද කරගෙන ඒ වෙනුවෙන් වැඩ කිරීමයි. මිනිසුන්ගේ එදිනෙදා ප්‍රස්න ගැන අවබෝදයක් නෑ කියන්නෙ ඒ අය මාක්ස්වාදියො නොවන වග.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්