Followers

Thursday, September 19, 2013

ජී ඇලුත් විහිලු දන්නවනේ!

අනේ අම්මපල්ල අපේ මහචාර්‍යතුමත් අපිට කොලේ වහන හැටි. නැත්නම් එතුමා මාර විහිලු කාරයෙක්, ශ්‍රේෂ්ඨ  උපහාස කතා කාරයෙක්.



http://www.youtube.com/watch?v=iyPWYH-Vzy4

ආණ්ඩුව ලෝකෙ වටේට ණයයි. එක පුද්ගලයෙක් රු ලක්ශ 4ක් ණයයිලු. ඒකට ජනපති තුමා කියන්නෙ ණය අරගෙන හරි රට දියුනු කරනවලු.
චොගම් නිසා ගෙන්වන සුඛෝපබෝගී වාහනවලට විතරක් බිලියන් එකකට වැඩියි. හමුදාවේ රැශන් දීමනා  ගෙවල නෑ.
ආන්ඩුවෙ දෙපාර්තමේන්තුවල පඩි ගෙවාගන්නෙ බොහෝම අමරුවෙන්.
විදුලි බල ආයතන, ඛනිජ තෙල් සංස්තා, මිහින්, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඇතුලු ආයතන කීපයක් රටේ ධනය උරා බොනවා.

මේ ඔක්කොම තියෙද්දි තව කල් තිබෙන පලාත් සභා කලින් විසුරුවමින් ජනතාවගේ මුදල් විනාශ කරන,  මාස හයෙන් හයට ඡන්ද තැබීම වෙන කොයි රටකවත් නෑලු.

ඇත්ත තමයි මේ වගේ අපේ සල්ලිවලින් අපිව ගොනාට අන්දන රටක් ලෝකෙ තවත් නැතුව ඇති.

29 comments:

  1. \\\ආණ්ඩුව ලෝකෙ වටේට ණයයි. එක පුද්ගලයෙක් රු ලක්ශ 4ක් ණයයිලු.\\\\


    දැනට එක පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 22 විතර ණයයි.. බොහෝ විට මෙය ලක්ෂ 28 පමණ දක්වා වෙන්නේ පුළුවන් 2013 සැප්තැම්බර් 19 වෙනිදට...

    ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. what is happening to Sri Lanka's economy 0

    02 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( දෙවන කොටස ) what is happening to Sri Lanka's economy 02."


    ReplyDelete
    Replies
    1. පල්ලෙහයින් කතන්දර කියනව ණය ප්‍රශ්නයක් නොවෙයි, ගෙවන්න පුලුවන් නම්?, මේ ලක්ශ විසි අට ලංකාවේ අපිට ලොකු අවුලක් නෑ.

      Delete
  2. මුන් ගහන කෙප්ප.
    අනේ.....මගෙ කට.....
    මේ රට ට බුදුන් වැඩිය කියන්නෙත් අමූලික කෙප්පයක්.

    ReplyDelete
    Replies
    1. මහචාරී කෙප්ප,...
      දැන් ලොක්ක කට අරින්න ඉඩ දීල තියෙන්නෙ, කීප දෙනෙකුට විතරයි.
      ඩලස්
      වාසු
      ජී එල්
      ( දි මූ ගැන කට කතා තියෙනව, අර කුඩු කන්ටේනරය නිදහස් කලා කියල. එහෙනම් එයත් කට ඇරල ඉවරයි, මීලඟ අගමැති වාසු.. හික්ස්)

      Delete
  3. ණයට ගන්නේ සංවර්ධනේටෙයි කියන්නේ.. එයාලගෙ නම් මාර සංවර්ධනය නම් පේනවා තමයි.. ආර්ථිකේ හොම්බෙන් යන්නේ. දැන් ආන්ඩුවට ණය දෙන්නේ නෑ. රාජ්‍ය බැංකුවලින් ගන්නේ. බැංකු ගිනි පොළියට වෙළඳ ණය වලට යනවා. ගෝල්ඩන් කී එකට වෙච්ච දේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවටත් කරලා තමයි සක්විතිලා ටික ගෙදර යන්නේ..

    ආසියාවේ ආස්චර්යද මොක්කද මල හත්තිලව්වක්ලු නේ ආයිබෝවන්ඩ...

    ReplyDelete
    Replies
    1. බැංකු ටික උලා කනවා.
      බැංකු හා රාජ්‍ය ආයතන රජයට තියාගන්න රහස දැන් පෙනේ.

      පුද්ගලික අංසයට දුන්නත් උනුත් කනවා.

      Delete
  4. යකඩෝ, ඒකීය පුද්ගලයා ගැන ඉගෙන ගනින් ඉරිසියාව පැත්තකින් තියලා. බලන්න දැන් ඒකීය පුද්ගලයාට උවමනාවන්, අවශ්‍යතා සහ අභිලාශයන් තිබේ. උදාහරණයක් ලෙස ඒකීය පුද්ගලයෙක් වන මහින්දට තම පුතා ගගනගාමීයෙක් කිරීමට අභිලාශයක් තිබේ. රොකට් රෝහිත නම් ඔහුගේ පුතාට ගගනගාමියෙක් වීමේ උවමනාවක් තිබේ. ඒනිසා මහජනතාව නැමැති ඒකීය නොවන සමුහයේ බදු මුදල් වලින් (ටැක්ස් වලින් යකෝ)ඒ සඳහා වියදම් කරයි. ඒනිසා ඒකීය පුද්ගලයන් වන මහින්ද සහ රොකට් රෝහිත දිනෙන් දින දියුණු වන අතර මහජනතාව නැමති සමූහය චකබ්ලාස් වී ලෝකෙටම ණයවේ.

    ReplyDelete
  5. යකඩෝ, ඒකීය පුද්ගලයා ගැන ඉගෙන ගනින් ඉරිසියාව පැත්තකින් තියලා. බලන්න දැන් ඒකීය පුද්ගලයාට උවමනාවන්, අවශ්‍යතා සහ අභිලාශයන් තිබේ. උදාහරණයක් ලෙස ඒකීය පුද්ගලයෙක් වන මහින්දට තම පුතා ගගනගාමීයෙක් කිරීමට අභිලාශයක් තිබේ. රොකට් රෝහිත නම් ඔහුගේ පුතාට ගගනගාමියෙක් වීමේ උවමනාවක් තිබේ. ඒනිසා මහජනතාව නැමැති ඒකීය නොවන සමුහයේ බදු මුදල් වලින් (ටැක්ස් වලින් යකෝ)ඒ සඳහා වියදම් කරයි. ඒනිසා ඒකීය පුද්ගලයන් වන මහින්ද සහ රොකට් රෝහිත දිනෙන් දින දියුණු වන අතර මහජනතාව නැමති සමූහය චකබ්ලාස් වී ලෝකෙටම ණයවේ.

    ReplyDelete
  6. යකඩෝ, ඒකීය පුද්ගලයා ගැන ඉගෙන ගනින් ඉරිසියාව පැත්තකින් තියලා. බලන්න දැන් ඒකීය පුද්ගලයාට උවමනාවන්, අවශ්‍යතා සහ අභිලාශයන් තිබේ. උදාහරණයක් ලෙස ඒකීය පුද්ගලයෙක් වන මහින්දට තම පුතා ගගනගාමීයෙක් කිරීමට අභිලාශයක් තිබේ. රොකට් රෝහිත නම් ඔහුගේ පුතාට ගගනගාමියෙක් වීමේ උවමනාවක් තිබේ. ඒනිසා මහජනතාව නැමැති ඒකීය නොවන සමුහයේ බදු මුදල් වලින් (ටැක්ස් වලින් යකෝ)ඒ සඳහා වියදම් කරයි. ඒනිසා ඒකීය පුද්ගලයන් වන මහින්ද සහ රොකට් රෝහිත දිනෙන් දින දියුණු වන අතර මහජනතාව නැමති සමූහය චකබ්ලාස් වී ලෝකෙටම ණයවේ.

    ReplyDelete
    Replies
    1. ඕගොල්ලො තියරි හදන්න
      කෙහෙවලු පටල ගන්න
      මට (අපට ) මොටෝ
      අපේ ගාණ කැපිල දැන්!

      අපි ජනයාට දෙනවා
      චන්ද ඡන්ද ඡන්ද
      මාස හයෙන් හයට ඡන්ද
      අපි විමධ්‍ය ගත කරනවා
      අරක්කු බත් ගල් පොලු

      ජරාව ගහ ගන්න ලයිසන්
      කෝටිපතියන් වෙන්න තිබෙන අවස්තාවන්
      අපි විමධ්‍යගත කරනවා
      කෝටි පතියන් සිය ධනය රැක ගන්න
      අපි කියන ඕන වැඩක් කරනවා

      Delete
  7. සල්ලි ද වටින්නේ? - මිනිස්සු ද වටින්නේ?
    (සල්ලි තියෙන මිනිස්සු යි වටින්නේ)

    ReplyDelete
    Replies
    1. මිනිස්සුයි වටින්නෙ
      අපි ඉහතින් කියන
      'සිංහල'
      තේරෙන මිනිස්සුයි වටින්නෙ

      ඔබට ලකී වෙන්න ඕනද
      අන්ලකී වෙන්න ඕනද
      ඔබ රතු පාට පස්වෙලා යන්න ඕනද
      කටාර්වල තානාපතිවෙන්න ඕනද?

      ඔබට පුශ්පකුමාර වෙන්න ඕනද
      සෝමරත්න වෙන්න ඕනද
      ඔබට ලසන්ත වෙන්න ඕනද
      දිණමිණ, සිළුමිණ, ගුවන් විදුලි, රූපවාහිනි ලොක්කො වෙන්න ඕනද

      මෙන්න මේ සිංහල තේරෙන මිනිස්සු
      ඉන්නවනම් ඒ අයව
      සල්ලිකාරයො කරන එක
      අපිට සුලු දෙයක්

      Delete
  8. පිස්සුද.මෙ ආශ්චර්ය

    ReplyDelete
    Replies
    1. මහ බැංකුවේ රත්තරන් වික්කේ නෑ කීව ඒවා වික්කා
      චොගම් එකට කාර් ගෙන්වන්නේ නෑ කීව ඒව ගෙන්වනව

      Delete
  9. දයල් බතී

    ණය වීම ප්‍රශ්නයක් නොවේ! ඇමරිකා එ.ජ. නේද ලොකේ ලොකුම ණයකාරයා?

    ඔබේ නිවසේ එක් පුද්ගලයෙක් රුපියල් දස ලක්‍ෂ කීය බැගින් ණයද?

    ප්‍රශ්නය තියෙන්නේ එය ගෙවීමට ඔබට ඇති හැකියාවයි එනම් ඔබේ ආදායමයි.

    මාත් අද සිට ණයකාරයෙක්!

    ReplyDelete
    Replies
    1. ඔව් කතන්දර ඔබ ණය කතාව වඩා හරි පැත්තට ගෙනිච්චා

      Delete
    2. ආදායමක් තියේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ලබා ගන්නා ණය වලින් සාර්ථක ව්‍යාපෘති කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ...

      ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රී ලංකා රජයට අදායමක් තියේද ? වර්තමානයේ සිදුවෙන ව්‍යාපෘති වල ඵලදායීත්වය % ට කීයද ...?

      Delete
    3. දයල්.......කතාවනම් හරි ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ. ණය සම්බන්ධව ලාල් කාන්තගේ උපමාව මට මතක් උනා.

      Delete
  10. දයාල් දැං සුවර්ණවාහිනී වගේ වෙලා. එක එක්කෙනාලෙ විහිළුමයි පේන්නෙ!

    ReplyDelete
    Replies
    1. ලොක්ක කියපු නිස ආවට මහචාර්‍යතුමාට වේදිකාවල බොරු කියල පුරුදු නෑ, උත්ප්‍රාසයෙන් එලියට පනින්නෙ දිව බොරු කියන්නෙ නැති නිසා, ඉතින් ඒ ගැන යමක් කිව යුතු නොවෙද?

      Delete
  11. එතුමා වැඩකට නැති එකෙක්ය කියල අපේ විමලේ මේ ලගදි කියල තිබ්බා පිල්ලෙගේ නවනිංගිරාවෙන් බේරෙන්න...
    (ඕං මම නං කියන්නෑ එතුමා නිකමෙක් කියලා)

    ReplyDelete
    Replies
    1. විමල්ට ඉරිසියා නැද්ද? මහාචාර්‍යතුමාට මොන පැත්ත ආවත් ජොබ් එක ශුවර්

      Delete
  12. ඉතිං මේ තුන්දෙනාම කියන දේවල් හරිනේ බතී. එකනේ හැම මැතිවරණයකිනම ආණ්ඩුව ඉහලින්ම දිනන්නේ , අපේ ජනතාව බුද්ධිමත්,.... හා බොරුද ?

    ReplyDelete
    Replies
    1. ජනතාව ගන්නෙ බලය වැඩි පැත්ත. එය හරිද වැරදිද කියන එක දෙවනු කාරණාවක්
      අපි ඔක්කොම එහෙමයි

      Delete
  13. අපි තරම් රැවටෙන බව දැන,දැන නැවත,නැවත රැවටෙන ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ තමයි අපිට නොතේරෙන පොලිටික්කන්ට තේරෙන සයිකොලොජිය හා ත්‍රස්තවාදය

      Delete
  14. හයියෝ . . යෝ . . යෝ . . රටෙන් මාව ලක්‍ෂ 22ක් ණය කරවලා. මගේ පුද්ගලික ලක්‍ෂ 2.5 එකතු කරාම මම ලක්ෂ 24.5ක් ණයයි.

    ReplyDelete
  15. //////ජී ඇලුත් විහිලු දන්නවනේ!//////

    ඇයි අප්පා කීදෙනක් ඉන්නවාද කියලා දෙන්න.සජින් වාස්, මහින්ද සමර, ක්ෂෙනුකා, රවිනාත්, කොහොන, පැන්ෂන් ගිය ආමි පොලිස් සෙට් එක.

    ඇයි විමලයා, චම්පකයා. හොඳම විහිළු ටික කියලා දෙන්නේ අන්තිමටම රජ ගෙදර ත්‍රී මස්කටියර්ස්ලා....ජිලාට බනින්න එපා පොර නිකන්ම නිකන් රිලා.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්