Followers

Wednesday, September 25, 2013

මුට්ටි සභා පැරදුණු දුකට, සාරි, සෙල්ෆෝන් ජිල්මාට් කවියක් කියමු, Dear Mr. Wigneswaran, say what you really mean! If you want Petrol ask for Petrol!

  

තුන්ලක්ශ ගාණක්, බොලේ චන්ද්‍රිකාගෙ ගානත් පාස් කරලා
බැලුවම රනිල් හරි(හික්ස්...), දැන් බෝලේ මේ පැත්තට දාලා
සාරි ගිනි පෙට්ටි බත් අරක්කු ෆෝන් බලේ පසු බැහැලා
අපතේ නොයවනු! ජෝතිගෙ  විජේගෙ තාලේ වයඹින් දිනලා

සඟ වෙද ගුරු ගොවි  බල මුලු ගන්වා පෙරට ගොසින්
බැටනය භාර දුනි වමට සිය යුතුකම් ඉටු කරන ලෙසින්
මුට්ටි සභා වුවද  වාසුලා එය රැගෙන ඉදිරියට ගොසින්
උතුරෙදි පටෝර් ගාලා වැදුණට මොටෝ දකුණ දිනුන්

ජවිපෙ පහලට ගිය එක ගැන දුක් වෙනව සමහරූ
88 ජවිපෙ තිබුන නම් අද මුට්ටි සභා ඡන්ද බොරූ
බලය බෙදනට නැමුනු ජවිපෙ, නව නැඹුරුවකි ගරූ
ගීතය අරක්කුව නොතකන ජෙනරල් ගත් ටිකත් මරූ

පලා බබා  වූදා සිට හීනය දියවන්නාව පීනන්නටය
ඡන්දය දුන් එවුන්ව නොපෙනී ඕනා හැංගෙන්නටය
පලාත් මන්ත්‍රීන් ඉන්නේ පලාත් ගැටලු විසඳන්නටය
 මේ අය හදන්නේ අපේ මුදලින් පෙං කෙලින්නටය

ඡන්දය දිනලා මහ ඇමතිට ගැලපෙන මනාප ලබලා
මොට්ටු හෝදලා රෙද්ද බැනියම සාටක ගලවලා
කලිසම් කමිස ඇඳලා කොළඹ එන්නට රථයට නැගිලා
පෙට්‍රොල්  වෙනුවට ශෙඩ් එකෙන්  විග්නෙට ඩීසල් ගහලා
---------
Petrol shed worker has pumped Diesal instead of Petrol ( or Viz) into Mr Wigneswaran's car on the way to Colombo after stunning winning the North PC elections
විග්නෙට ගන්න තියෙන පාඩම. Moral for Mr Wigneswaran
එකක් හිතේ තියාගෙන එකක් කියන්න එපා, ඉස්සරහට යන්න අමාරුවෙයි..
Dear Mr. Wigneswaran, say what you really mean!

20 comments:

  1. මේකෙන් පේන තවත් දෙයක් තමයි පළාත් සභා ක්‍රමය තව අවුරුදු ගාණකට අහෝසි වෙන්නේ නැහැ.. මහින්ද ඉන්නකම් සහ දියසෙන් කුමරු එන තෙක් පළාත් සභා ඉලව්ව තියේවි...

    විග්නේශවරන් මහත්තයට වෙනත් බලපෑම් ඇවිත් ස්වාදීනව වැඩ කරන්න බැරි තත්වයක් ආවොත් මොනවා වේවිද බති ...? කෙළින්ම කිව්වොත් LTTE බලපෑම ආවොත් මොනවා වේවිද ...? අන්තිමට ජීවිතත් නැති වෙලා යන තැනට පත් උනොත් ...?

    ආණ්ඩුවේ අනිසි බලපෑම් නැතුව විග්නේශ්වරන් මහත්තයට වැඩ කරන්න ලැබේවිද ..? නියමිත විදිහට ව්‍යාපෘති , මුදල් පාස් කරයිද උතුරට ..? ( කුහක නොවී උතුරටත් එකම හැන්දෙන් බෙදයිද ? )

    අන්තිමට නිකන් නාම මාත්‍රික මහ ඇමති කෙනෙක් වේවිද ...? ඒ මනුස්සයවත් රූකඩයක් කරලා දායි..

    ReplyDelete
    Replies
    1. මතකද කොලබ නගර සබවට ඉල්ලද්දි මුසම්මිල් කියපුව.එ උනාට දිනපු දාම කියනව ආන්ඩුව එක්ක සහයොගෙන් යනව කියල.මෙයත් එක පස්සෙ කියයි

      Delete
    2. SilentSahan, Damith Gunawaredane
      කෙසේ හෝ මේ ඡන්දය තැබීමම රටේ සාමය පැතූ හැමගේම හීනයක් සැබෑ වීමක්.
      ඒ පිළිබඳව දකුණට ස්තූතිය පුදකල යුතුය. ඉදිරිය අපි හැමෝමගේම අතේ.

      කොලඹ නගර සභාවයි, උතුරයි අධෝවාතයයි, බෝම්බයයි වගේ.
      කොහොම උනත් ඒ අය හෙමින් සාමකාමී සංවර්ධන මාවතකට උතුර ගෙන යයි, දකුණෙ සහයෝගයත් අරගෙන. අනාගත ජනපති මැතිවරණයට ඉතාම වැදගත් උතුර.
      ඒ නිසා ජනපති ඇතුලු දකුණේ පාලකයන් උතුර බෝම පරිස්සමින් තියාගනී. නැත්නම් රනිල් මහත්තය ලකී වෙනව.

      Delete
  2. වාහනෙට වගේම පලාත් සභාවටත් පැස්ටෝල් වෙනුවට ඩීසල් තමා ලොක්කා ගහන්නේ.. විගා කැමති නම් ගනියි. නැත්නම් ඉතින් නාන්න තමයි වෙන්නේ.. කොහොමද යූ ඇන් එකේ දුන්න ඉස්පීච් එක.. මට නම් ආඩම්බරයි..

    ReplyDelete
    Replies
    1. ගඩාපිත් යු.ඇන් එකේ නස්පුක් ටෝක් දීපු බුවෙක් තමයි කානු පල්ලෙ මලාට.
      අන්තිමට "තෙරුවන් සරණයි"කිව්වෙ එයාටමද මන්ද.

      Delete
    2. උතුරෙ අය හොඳ සහලේ බත් නොකන නිසා ඒ අය එක්ක පරිස්සමින් ජනපති තුමා කටයුතු කිරීමට වග බලාගනු ඇත. ඒ අයට ව්‍යවස්තාවෙන් පිට යන්න බෑ. එය වෙනස් කල යුතුව ඇතිබව වෙනම කාරණාවක්.

      යූ එන් එකේ අපේ අනන්‍යතාවය දැක්වීම ගැන මාත් ආඩම්බර වෙමි. නමුත් අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් වෙන්ව 'තරුවක්' වෙන්න යාම හීනමානයක් වගේද කියල සැකයක් තිබෙනව. සරම බැනියම ඇඳි ගැමියාගේ ඇඳුම ජාත්‍යන්තරයට ගෙනයාමට තිබුනු අධිශ්ඨානය හා බණ්ඩාරනායක මහතා ගුවන් තොටුපලෙන් ගැලවූ ඇඳුම මහින්ද ජනපති තුමා විසින් තවත් ඉදිරියට ගෙනයාමට කොන්දක් තිබීම පැසසිය යුතුයි.

      ස්වාසිලන්තය මැඩගස්කරය පසු කර එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෑමට ආත්ම ශක්තියක් සැපයුවේ කවුරු දින්නත් උතුරේ ඡන්දයයි.
      අපි ප්‍රාර්ථනා කරමු ගඩාපිලා සදාම්ලා අනාගත්ත අනාගැනිල්ල මහින්ද ජනපති තුමා අනා නොගනී කියල.

      Delete
  3. බැසිල්ගේ කතාවෙම තියෙන්නේ උද්ධච්ඡකම. කොතරම් දුරක් යන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. බැසිල් හිතන්නෙ පාරවල් හදල,කෝච්චි කිලිනොච්චි යවල,දකුණෙන් යාපනේ බලන්න යන ටුවරිස්ට් ලාට කන්න පාර දෙපැත්තෙ මාළු පාන් ෂොප් ඇරියාම උතුරු වසන්තය ෂරි කියල.

      Delete
    2. arugeadaviya, Kenji @ Japan
      උතුරේ ජනතාවගේ ඡන්දය භාවිතය මුලු රටටම ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇත. විදේශ ආයෝජන, සංචාරකයින්....රටේ ආර්ථිකය දියුණු වනු ඇත. අපි හැමෝම හිතන විදියේ විප්ලවීය වෙනසකට භාජනය වනු ඇත. බැසිල්ට එයින් වෙනස් වීමට බෑ.

      Delete
  4. කව්රු කොහොම කිවත් උතුරු පළාත් සභා ප්‍රතිපලය ගැන මා තුල තිබෙන්නේ ප්‍රීතියක්.
    දැන්වත් රජය තේරුම් ගන්න ඕනේ.භව්තික සංවර්දනය තුලින් පමණක් ජනතා අපේක්ෂා ඉටු නොවෙන බව.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒ අය ජාතී වාදී මං හිතන්නේ,
      දැක්ම කියවන්නෙ නෑ, දොරමඩලාව බලන්නෙ නෑ, අයි ටී එන් බලන්නෙ නෑ, තෙරුවන් සරණයි කියන්නෙ නෑ,
      රැවටිලා, රැවටිලා 80ක්ම, හේතුව මේ අය හොඳ සහලේ බත් කන අය නොවෙයි, මෝඩයෝ...
      රතු පස්වල අම්මල තාත්තල එකාට ලක්ශ දෙක ගානෙ හරි ගත්ත ගත්ත, ෆොටෝ එකක් ගත්ත,
      උතුරෙ ඔච්චර මැරිලත් අත පිහ දාගෙන උන් ඔහේ නිකංම ඉන්නවා.

      උතුරේ සැමට අලුත් හොඳ සහලේ බත් තුන් වේලටම කෑම යෝජනා කරමි.

      Delete
  5. අප කවුරුත් නොසිතන දිශාවකට උතුරේ දේශපාලනය ගමන් කරනු ඇත. සියල්ල රඳා පවතින්නේ රජයේ කළමනාකරණ හැකියාව මතයි

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ මිනිසුන් කෙතරම් අවදියෙන් සිටීද ඒතාක් දුරට රට දියුනුවනු ඇත.

      Delete
  6. දයල්.........අලුතෙන් දිස්ත්‍රික් ඇමතිවරුන් පත්කරන්නට යන එක ගැන ඩේලි මිරර් ආටිකල් එක ගැන මොකද හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. අරූ, කරුණාකර මට ලින්ක් එක එවන්න,

      Delete
    2. http://www.infolanka.com/news/IL/dm900.htm

      Delete
    3. මුට්ටි සභා න්‍යාය ඔප්පු වන තවත් සාධකයකි.

      අවුලක් වී ඇති පලාත් සභාවන්, අවුලෙන් අවුලට යාමට සලස්වන්නයි මේ දිස්ත්‍රික් ඇමති ක්‍රමයෙන් ලෑස්තිවන්නේ. දකුණේ, ඕනෑ එකක් උනාවේ කියල හිතන අපේ අලුත් සහලේ බත් කන අයට වැඩ නොකර ඉන්නට තවත් හේතු ලැබේවී.

      හැබැයි උතුරේ ඩගල්ස් දේවානන්ද වගේ කෙනෙක් දිස්ත්‍රික් සභා මන්ත්‍රී ලෙස පත් කලොත් වෙන අවුල හිත ගන්න පුලුවන්.

      Delete
    4. උදාහරණයකට උතුරේ දිස්ත්‍රික් පහට ආණ්ඩුව ඇමතියෝ පහක් දැම්මොත් මේ සම්පූර්ණ සිස්ටම් එකම අවුලක් වෙනාවනේ.

      Delete
  7. චන්දය ගැන අදහසක් පල නොකරමි..නමුත්..ඔබේ මේ අදහස් පෙලට ඉතාම කැමති බව කියා යුතුය...ජයම වේවා...

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්