Followers

Monday, September 16, 2013

ප්‍රභාකරන් නොකියූ ඒත් විග්නේශ්වරන් කියූ ප්‍රභාගේ කතාව- Shut up Tamilnadu, we will sort out our family problems!

මා විසින් යොදන ලද හෙඩිමේ අඩංගු, ඉංග්‍රීසියෙන් Shut up කීම ඉතාම නරක, ශිෂ්ඨ මිනිසුන් විසින් භාවිතා නොකරන වචන දෙකක් බව සැලකුව මැනව.

දකුණේ ජනයා කලක් තිස්සේ පුල පුලා බලා සිටි උතුරේ සැබෑ ලාංකිකයෙකු විසින් ප්‍රකාශ කරන ලද මේ වචන ටික ලංකාවට සෙත් සාන්තියක් වනු නොඅනුමානය.
මෙය කාලයක් තිස්සේ උතුරේ දෙමල ජනයා මෙන්ම ඩයපෝරාව අතර වැඩී ආ මානසිකත්වයකි. විග්නේශවරන් තුමාට අපේ ආචාරය. ජාතික ඇඳුමත් තියෙනව, සාටකෙත් තියෙනව, සාටකේ රතු පාටට අමතරව කොලපාටත් තියෙනව, පොට්ටුවත් තියෙනව, නිදහස් නිවහල් කතාවත් පෙනුමත් එක්ක සලකල බැලුවම මහිතනව දැන් එතුමා කොලඹින් ඉල්ලුවත් ඕනම ඡන්දයක් දිනුම්!



මේ ලිපිය 'ලක්බිමෙන්' උපුටාගන්නා ලදි


//ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කරුණුවලට තමිල්නාඩු දේශපාලන පක්ෂ, අනවශ්‍ය ලෙස මැදිහත් නොවිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහ ඇමැති  අපේක්ෂක සී.වී. විග්නේෂ්වරන් මහතා අවධාරණය කර සිටී. ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවගේ ගැටලු තමිල්නාඩු දේශපාලන පක්ෂ විසින් තම පෞද්ගලික දේශපාලන වාසි සඳහා යොදාගන්නා බවද, හින්දු පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් විග්නේෂ්වරන් මහතා සඳහන් කර ඇත. තමිල්නාඩුව මෙරට දෙමළ ජනතාවගේ ගැටලුවලින් පන්දු කෙළින බවත්, ඒ තුළින් පීඩාවට ලක්වන්නේ මෙරට දෙමළ ජනතාව බවත්, විග්නේෂ්වරන් මහතා මෙහිදී සඳහන් කර ඇත.


තමිල්නාඩුවේ සිට එම ප්‍රාන්ත දේශපාලනඥයන් සිදුකරන ප්‍රකාශවල බලපෑම ද්‍රවිඩ ජනතාව වෙත එල්ලවන බවත්, විග්නේශ්වරන් මහතා මෙහිදී පැහැදිලි කර ඇත.
තමිල්නාඩුව මෙය ද්‍රවිඩ ජනතාව වෙත දක්වන අවධානය ගැන සතුටුවන නමුත් මෙරට ගැටලුවලට විසඳුම ඇත්තේ, මෙරට තුළම වන බවද විග්නේෂ්වරම් මහතා මෙහිදී සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ තත්ත්වය, මේ වන විට නිවසක සැමියා හා බිරිඳගේ රණ්ඩුවකට සමාන බවත් සැමියා හා බිරිඳගේ අඬදබරවලට, අසල්වාසීන් මැදිහත් නොවිය යුතු බවත්, විග්නේෂ්වරන් මහතා මෙහිදී සඳහන් කර ඇත.
අඹුසැමියන් විටෙක අඬදබර කරන අතර, තවත් විටෙක එක්ව කටයුතු කරන බවද විග්නේෂ්වරන් මහතා මෙහිදී සඳහන් කර ඇත.
“වෙන්වීම” එකම පිළිතුර බව තමිල්නාඩු දේශපාලනඥයන් ප්‍රකාශ කරන විට ශ්‍රී ලංකාවේ සිංහල බහුතරය බිය වනවා. ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව ඉන්දියාව සමග එක්ව, වෙනම රාජ්‍යයක් ගොඩනගනු ඇතැයි සිංහල බහුතරය සැකකරනවා. තමිල්නාඩු දේශපාලනඥයන්ගේ මෙවැනි ප්‍රකාශයන් අපට හානිකරයි.
සැමියා හා බිරිඳ අඬදබර කරන විට, අසල්වාසීන් පැමිණ දික්කාසද වන්නයැයි යෝජනා කිරීම වැරදියි. එය අසල්වැසියාට අයිති රාජකාරියක් නොවෙයි.
මේ අතර තමා ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ගොඩනැගීම සඳහා කිසිදු සහයක් හෝ එකඟතාවයක් ලබා නොදෙන බව විග්නේෂ්වරන් මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණ.
එක රටක් තුළ බලය විමධ්‍යගත කිරීම මගින් ප්‍රශ්න විසඳාගත යුතු බවද 
විග්නේෂ්වරන් මහතා මෙහිදී ප්‍රකාශ කර තිබිණ. //

51 comments:

  1. ඔය කථාවම අපේ ජනරාල්තුමා කිට් එක දාගෙනම ...ඔයිට වඩ ලුණු ඇඹුල් ඇතුවම කිව්වා..කෝ කවුරුත් බැකප් එකක් දුන්නේ නෑ නේ....


    ඒක නෙවෙයි වැල්වෙට්ටිතුරේදී විග්නේස්වරන් මහත්තයා ප්‍රභාකරන් වීරවරයෙක් කියලත් තිබ්බා....ඒකත් ඇත්තද?

    ReplyDelete
    Replies
    1. මේ සේරම කතා වේදිකාවට විතරයි දයල්.

      Delete
    2. Naleen Dilruksha,
      ඒවට කියන්නෙ ඡන්ද ටෝක්ස්, ඒ අස්සෙ සැඟවුනු ගත යුත්තකුත් තිබෙනවා, විශේෂයෙන් තමිල්නාඩුවේදී හින්දු පත්‍රය සමග කල සම්මුඛ සාකච්ඡාව. ඒවා බොරුවට කියන්න බෑ.

      Delete
  2. ප්‍රභාකරන්ට බැනල උතුරෙ විශේෂයෙන් වැල්වැටිතුරේ ප්‍රභාගෙ ගමේ, ඡන්ද කරන මෝඩය කවුද?
    මේ කතාව දෙමල කෙනෙකු කිව්ව්ම ඒකෙ වලංගු භාවය වැඩියි.

    ජනරාල් එදා ඉඳන්ම කීවේ යුද්ධයෙන් පමනක් මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බවයි. එය අගය කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඉහත පිලිතුර Mayya ටය

      Delete
  3. අනික් අය කිව්වෙ යුද්දෙ නැත්වම කොරන්ට ඕනය කියලනෙ?

    ReplyDelete
    Replies
    1. රනිල් මහත්තය ඒ පාරේ ගියා.
      යම් ප්‍රමානයක සාර්තකත්වයක් එහි තිබුනා.

      Delete
  4. විගනේෂ්වරන්ලගෙයි. චෙල්වනායගම්ලගෙයි වෙනසක් නෑ.. එකම පන්තිය.. එකම කතාව.. එකම දැක්ම.. නැත්නම් ඒ මිනිහ දෙමළෙක් වෙන්න බෑ නේ..

    ReplyDelete
    Replies
    1. කුනු කානුවේ වතුර පුවපු බ්පෙතල් විකුනන 'තෙල් බෙහෙත් වෙදෙක්' කුරුලු උන ගැන එම් බී බී එස් වෛද්‍ය්වරයෙක් ලියපු ලිපියක් ගැන විවේචනය කලොත් කොහොම හිටිවිද? මේ නලින් දිල්රුක්ශ විග්නේශ්වර්න්ගේ දෙශපාලනය ගැන පවත්වන සාරගර්භ විවේචනත් එහෙමයි
      විවේචනයන් ඇත , නමුත් එම් බී බී එස් ඩොකාගේ ලිපිය ගැන කතා කල යුත්තේ විශේශඥ වෛද්‍යවරයෙක්, වෙදමහත්මයෙක්, විද්‍යාඥයෙක් මිස හොර වෙදෙක් නොවේ.
      ලේක් හවුස් එකට වෙලා හොරිකසන උංට මොන දේශපාලනේද බං

      Delete
    2. Maathalan - Priyantha Hewage, Naleen Dilruksha, Ano
      විග්නේශ්වරන්ට බැලන්ස් කරන්න පැති කීපයක් තිබෙනවා, එය අසීරුයි. ලංකාවෙ දකුනෙත්, දකුණෙ ආණ්ඩුවට හිතවාදී හා දිල්ලියෙත් සහයෝගය ලැබෙන කෙනෙකුට විතරයි උතුරෙ පවතින්න පුලුවන් කියන ප්‍රායෝගික සත්‍ය ඔහු පිලිගන්නවා. ප්‍රභාකරන් කලේ මේ දෙපැත්තම තරහ කරගෙන ඉන්දියාවේ දකුන හා ඩයස්පෝරාව මත යැපීමයි. ඉතින් ඔහුගේ වැටීම අහන්නත් දෙයක්ද?

      Delete
  5. දෙමල ජනතාවගේ ප්‍රශ්ණවලට විසදුම ඇත්තේ රට තුලමයි කියලා ප්‍රවේශය ගත්ත ගමන් කුලප්පුවෙන්නේත් රටේ මහ එවුන් නම්, ආපහු ඉන්දියාව පැත්තට හැරෙන්නද වෙන්නේ? දේශප්‍රේමීන්ට දැන් විරුද්ධ වෙන්න කාරියක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඔව්, යාන්තම් උතුරෙ කෙනෙක් දේශපාලනේ කරන්න පටන් අරගෙන! බය වෙන්න දෙයක් නෑ.

      Delete
  6. අදම ද කොහෙද ආවේ මේ පැත්තේ.. ජය වේ! දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. Chinthaka Supun
      පුලුවන් වෙලාවට ඇවිල්ල වචනයක් දෙකක් ලියල යන්න, ලොකු හයියක්!

      Delete
  7. කියෙවුවා සේරම කොමෙන්ට් එකක් දාන්න තරම් මට මෙවුවා එකක් නැහැ ,,තව ටිකක් කියෝලා එන්නම් හිමිට ,,ජය වේවා

    ReplyDelete
    Replies
    1. අපුර්වී ඔමායා
      ඔව් හෙමිහිට එන්න.

      Delete
  8. දැන් කිසිම හව් හරනක් නැතුව තැන් තැන්වල හරක් වගේ ගාල්කරලා දාල ඉන්න දෙමල කතාකරන දුප්පත් දෙමල වැසියන්ට අඩුම ගානෙ ජීවනෝපායක් හරි පටන් ගන්න උදව්වක් දෙන්න මේ අයටවත් හැකිවුනොත් ලොකු දෙයක්..
    ඔය විවස්තා හෝ පෙඩරල් හෝ මොන කෙංගෙඩියක් වත් ඒ මිනිස්සුන්ගේ වේලක බඩගින්න නිවන්න දායක වෙන්නෙ නැහැ..

    ReplyDelete
    Replies
    1. උතුරෙත් දකුණෙත් හැමදාම තැලෙන්නෙ, තැලුනෙ එකම කොටස. විග්නේශ්වරන්ලට උතුරෙ ඒ ටිකවත් පෙනුනොත් හොඳා!

      Delete
  9. මම පසුගිය සති අන්තයේ යාපනයේ හිටියේ. දෙමළ ජනතාව විග්නේස්වාරන්ට කැමතියි. ඔහු උගතෙක් නිසා. රජයටත් මනාපය දක්වන පිරිස් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. කොටින්ට විරුද්ධ නිසත් රජය කරන සංවර්ධන වැඩ නිසාත් රජයට පක්ශ කොටසක් ඉන්නවා.
      ලාංකික ඡන්ද ඉතිහාසයේ ටී එන් ඒ පරදවා ශ්‍රී ලනිපය යාපනේ ජයගත් අවස්තා තිබෙනවා.

      Delete
  10. @ AnonymousSeptember 16, 2013 at 10:21 AM

    මම අනික් අයගෙ කතා වලට මැදිහත් නොවුනත් අර ඇනෝ කෙනෙක් මතුකරපු උපමාව ගැන යමක් කියන්න ඕන.තෙල් බෙහෙත් වෙදා එම්.බී.බී ,එස් වෛද්‍යවරයගෙ කුරුළු උණ ලිපියට විවේචනයක් කළානම් ඒක වැරදියි.ඒත් ඒ වගෙ පරතරයක් නලින් දිල් රුක්ෂයි විග්නේශ්වරනුයි අතර නෑ.හැබැයි අර කළින් උදාහරනෙ වුනත් එම්,බී,බී ,එස් වෛද්‍යවරුනුයි,විශේෂඥ වෛද්‍යවරුයි අතර වෙනස සාමාන්‍ය කෙනෙකුයි සාමාන්‍ය වෛද්‍යවරයෙකුයි අතර වෙනසට වඩා වැඩියි.හැබැයි නඩුකාරයෙකුයි සාමාන්‍ය උගතෙකුයි අතර ලොකු වෙනසක් නෑ.හීනමානෙන් පෙළෙන මෝඩයො තමයි ලලිත් ල කොල්වින්ල අම්මෝ මාර මොළ කිය කිය පශ්චත්තාප වුනේ.මට නම් නීතිය කියන එක මහා බුද්ධිමය ක්‍රියාන්විතයක් ලෙස පෙනෙන්නෙ නෑ.

    සේවාදායකය කසිප්පු පෙරුව ස්වාමිනි,වැරද්ද පිළිගන්නවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සැමට මිතුරු දායක් වූවාට.
      අපි ලොකු ලොක්කො කියල හිතේ තියන් හිටියාට ඒ අයත් සාමාන්‍ය මින්ස්සු. කවුරුවත් ඒ අය ගැන අධිමානෙන් හෝ හීනමානෙන් හිතන්න ඕන නෑ, අපට අවංකව හිතෙන දේ ලියන්න කියන්න අපි භයවෙන්න ඕන නෑ කියල මට හිතෙනව.

      Delete
  11. විග්නේශ්වරන් කියන්නේ එදා මෙදා තුර TNA එකේ හොඳම තෝරාගැනීම , එත් මට පේන හැටියට TNA එකටත් විග්නේෂ් ගැන සැකයි. කොහොමත් විග්නේෂ් ට අපි හිතනවට වඩා හොඳ දේශපාලන ඉවක් තියෙනවා. පවතින රජයට ඔහුගෙන් ලොකු අභියෝගයක් එල්ල වේවි. රජය එකට දක්වන ප්‍රතික්‍රියා මත ජාත්‍යන්තරයේ බලපෑම අඩු වැඩි වේවි. හැබැයි හැමදාම වගේ විග්නේෂ් නිසාත් රජය අනාගැනීමේ අවස්ථා වැඩිකර ගනීවි.

    ReplyDelete
    Replies
    1. //කොහොමත් විග්නේෂ් ට අපි හිතනවට වඩා හොඳ දේශපාලන ඉවක් තියෙනවා.//
      මං හිතනවා එය හොඳ එස්ටිමෙට් එකක්. උතුරට මේ වගේ කෙනෙකුගෙ අඩුපාඩුව තිබෙනවා.

      Delete
  12. therm gatha yuthumai...........jathiwadaya apa hemoma tula tibe...........ethme ape rata...........me bhumiye ithihasaya purawatama kematten ho akametten piligatha yutte ..........hela rajadaruwo wisin me rekagenima kala ette........mewenima tattwayan thulai.........wigneswaran yanu diasporawe thoragenimak wana athara ohu ta wada yapane jathiwadi ayek awa nam ......me palathsabhawa geneyanu etha......namuth me wigneswaran nemetta ahinsaka demala janathawath sewaya nokaranu athara heki ikmaninma .......ohu wisin demala janathawage..........chanda wathure yawanu etha............mokada rate janadipathi shakthimath charithayak wana bewini...............

    ReplyDelete
    Replies
    1. දෙමල ජනතාව ඡන්ද දැමීමට ඡන්ද පොලට ගෙන්වා ගැනීම තමයි දැන් ප්‍රධාන. අනෙක්වා දෙවැනි කාරනායි. පහසුකම් ලැබුනොත් දකුනට වඩා උතුර සංවර්ධනය වේවි, ජරාව කෑම අඩු නිසා. ඒක තමයි ආණ්ඩුව භය අනෙක් කාරනාව.

      Delete
  13. ඔහු අපේ ඊනියා බුද්ධිමතුන්ට වඩා වෙනස් කෙනෙක් බව නම් පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ කාලයට අවශ්‍ය වර්ගයේ කෙනෙක්!

      Delete
  14. විග්නේශ්වරම් ගැන හුගක් අය තුල යහපත් බලාපොරොත්තු තියෙන බවක් පෙනෙනවා.
    රජය විග්නේශ්වරම්ට කොපමණ බයක් දක්වනවාද කියා රාජ්‍ය මාද්‍ය භාවිතය දිහා බැලුවාම දැකගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. විග්නේශ්වරන් කාරය පරන ලොකු නඩු කාරයෙක් නිසා ව්‍යවස්තා නීති පොතේ හිල් හොයා ගනී කියල වෙන්න ඇති.
      රට කැඩීමට සහය නොදෙන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා ඒ ගැන භයවෙන්න දෙයක් නෑනේ

      Delete
  15. දෙමෙල්ලු කියන්නෙත් ශ්‍රී ලාංකිකයො ඒ නිසා ඒ ගොල්ලන් ඔහොම කිවයුතුයි ඒකෙ විශේෂ ශ්‍රේෂෟටත්වයක් නෑ
    හැබැයි නොකිව්වනම් ඒක වැරැද්දක්
    ඒකෙන් කියවෙන්නෙ නෑ ඊලාම් දේශපාලනය සාධාරනයි කියලා
    මෝඩ සිංහලයෙක් වෙන්න එපා

    ReplyDelete
    Replies
    1. //මේ අතර තමා ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ගොඩනැගීම සඳහා කිසිදු සහයක් හෝ එකඟතාවයක් ලබා නොදෙන බව විග්නේෂ්වරන් මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණ.
      එක රටක් තුළ බලය විමධ්‍යගත කිරීම මගින් ප්‍රශ්න විසඳාගත යුතු බවද විග්නේෂ්වරන් මහතා මෙහිදී ප්‍රකාශ කර තිබිණ.//

      ඔබගේ කොමෙන්ටුවට අදාලව නැගෙන තවත් ප්‍රශ්නයක්.
      ඥාණවන්ත සිංහලයෙකු හා ඔහු කල ඥානවන්ත වැඩක් කියන්න.

      Delete
    2. විග්නේෂ්වරන් කියන දේවල් නෙමේ වැදගත් එයාලගේ දේශපාලනයේ අවසන් අන්තය මොකක්ද කියන එක
      මට ජෙයරාජ් ප්‍රනාන්දු ප්‍රල්ලේ මහත්තයා මගේ මාමා කෙනෙක් වගේ ඒත් විග්නේශ්වරන් පර දෙමලෙක්

      Delete
    3. විග්නේෂ්වරන් කියන දේවල් නෙමේ වැදගත් එයාලගේ දේශපාලනයේ අවසන් අන්තය මොකක්ද කියන එක
      මට ජෙයරාජ් ප්‍රනාන්දු ප්‍රල්ලේ මහත්තයා මගේ මාමා කෙනෙක් වගේ ඒත් විග්නේශ්වරන් පර දෙමලෙක්

      Delete
    4. සිය පියාව පණ පිටින් ගින්නට දැමූ (ඒත් වාසනාවට එයින් බේරුනා) දෙමලුන්ට ඔය වචන නොකියන දොස්තර නෝන කෙනෙක් මට හමු උනා. එයා වාමාන්ශිකයෙක් නොවේ. ඉතින් මට හිතුන මං මොන වාමාංශිකයෙක්ද කියල.

      කෙසේ හෝ ඔබ ගේ 'වර්ගීකරනයෙන්' ප්‍රශ්නයට පිලිතුරක් නොලැබේ යයි මට හිතේ.

      Delete
    5. දයල්......මටනම් කියන්න දෙයක් නැහැ. සමහරක් කමෙන්ට්ස් දිහා බලාගෙන මම නිහඬව හඬමි.

      Delete
  16. අනේ දෙයියො..මේවා තේරුම් ගන්න තාම මගේ මොළය වැඩිලා නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. ඔබේ පෝස්ට් කියවන අයෙකුට එහෙම හිතෙන්නෙ නෑ.

      Delete
  17. මතකද කොලබ නගරසබා චන්දෙදි මුසම්මිල් කියපුව සහ දිනුවට පස්සෙ කියපුව.මෙකත් එවගෙම තමයි

    ReplyDelete
    Replies
    1. ඡන්ද කියන්නෙ බොහෝ වේලාවට කොමඩි ශෝ එකක්!

      Delete
  18. විග්නේශ්වරන් මහත්තයා උගතෙක්, අනිත් දේශපාලුවන්ට වඩා legitimacy එකක් තියෙනවා. නමුත් මෙතුමාව ඡන්ද සටනට දැම්මෙත් හා TNA ඉන්දියානු හවුලම තමයි. මෙතුමා කියන්නේ තමිල්නාඩුවට අපේ වැඩවලට අත දාන්න එපා කියලා විතරයි. ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවට මෙතුමාගේ ලැදියාවක් තියෙනවා. මෙතුමා විශ්වාස කරනවා ජාත්‍යන්තරයෙන් හරි දෙමළ ගැටලුවට සහනයක් ලැබේවි කියලා.

    ගෙදර අඹුසැමියන් රංඩු කරන කොට අසල්වාසීන්ගෙන් උපදෙස් ගන්නේ නැති උනාට marriage counselor කෙනෙක් ගාවට යනවා වගේ විග්නේශ්වරන් මහත්තයා කරන්නේ කෙලින්ම ජාත්‍යන්තරයට පනින එක. තමිල්නාඩුව පස්සේ යනවාට වඩා ඒකේ තියෙන නරක බලපෑම අඩුයි. විග්නේෂ්වරණ් මහත්තයා මහ ඇමති උනත් ලොකු බලතලයක් එතුමාට ලැබෙන්නේ නෑ. එතුමාගේ රැකීම තියෙන්නේ ජාත්යන්තරය මත. ජාත්යන්තර බලපෑම මතින් ලංකා ආණ්ඩුවට කේවල් කරන්න තමයි මෙතුමා ලෑස්ති වෙන්නේ. කොහොම උනත් උගත් දේශපාලකයෙක් විදිහට එතුමාට ගරුකරනවා. නමුත් ආණ්ඩුවට මේ වගේ කෙනෙක් හොයාගන්න බැරිවෙච්ච එකට කණ්ගාටුවකුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ සමහ එකඟයි, ඔව් හොඳ දේශපාලකයෙක් වේවි.

      යාපනේ ලොකු පැලැන්තියට ඕනෙ මේ වගේ කෙනෙක්. තමන්ගෙ තත්වෙ පෙන්නන්න.
      ප්‍රභාකරන් වගේ ස්මග්ලර්කෙනෙක් නොවෙයි.
      ( නීති මහචාර්‍ය උනාට, ජී එල් ට කිට්ටු කරන්නවත් බෑ, ඒ මනුස්සයගෙ පිට කොන්දත් එක්ක. )

      Delete
  19. දෙමල ජාතිවාදෙට පුක දෙනකම් විග්නේෂවරන් ගේ කොන්ද දයල් බතී වගේ නපුංසක හරක්ට යකඩ.

    ReplyDelete
    Replies
    1. ඉතාම ඥාණවන්ත සිංහලයෙක් සිංහලෙන් ඥාණවන්ත ප්‍රකාශයක් කරල තිබෙනව; ජාතිවාදේට xක දෙන්නෙ නැති ඡන්දවලින් දිනන සිංහල දේශපාලකයෙකුගේ නමක් කියන්න බලන්න.

      කොහොමත් ප්‍රතිපත්තියක් නැති ජී ඇල්ලාට වැඩියෙන් නම් විග්නේශ්වරන් කාරයගෙ කොන්ද කෙලින්.
      මාස හයෙන් හයට ඡන්ද තියන්නෙ ලංකාව බ්‍රිතාන්‍යයටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී නිසාය කියන එක නම් මහචාර්‍යවරයෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි ඡන්ද පචයක්.

      මා යුද්ධෙ තිබෙන කොටත් දැරූ මතය තමයි, තනි රටක් තුල උතුරේ පාලනය එහි වෙසෙන ජනයාට භාර දෙන්න, පලාත් අතර තරඟයක් ඇති කරන්න කියල. උන් දකුණට වඩා සාධාරණ පාලනයක් ඇතිකරනවා, දකුණට වඩා දූශණයෙන් අඩු සමෘදිමත් ප්‍රදේශයක් තනනවා සිකුරුයි. ඒකයි අපි ඔක්කොම භය. පලාත් සභා දකුණේ උදවිය පාවිච්චි කරන්නේ සංවර්ධන උපකරණයක් ලෙසින් නොව පාලක පවුල්වල දේශපාලන මොන්ටිසෝරියක් හා හොරු ගෙට පනින්න පෙර ගෙට ඇතුලට ඔබන මුට්ටියක් ලෙසිනුයි.( රජයට ජනතාවගේ කැමත්ත ටෙස්ට් කර බලන )

      Dayal Bathee

      Delete
    2. අපි බය ඒකට නෙවි. උතුරු පලාත සිංහලයන්ට පදිංචි ළුීමේ අයිතිය නැති පලාතක් කරනයට

      Delete
  20. දෙමළ සන්ධානයේ උතුරු පළාත් සභා මහ ඇමති අපේක්ෂක පීවී විග්නේශ්වරන් මහතා තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා මහත්මිය සමග විශේෂ සාකච්ජාවක් උතුරු පළාත් සභා මැතිවරණයෙන් පසුව පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

    තම විසින් ප‍්‍රකාශ කළේ යැයි ‘ද හින්දු’ පුවත්පත ශ‍්‍රී ලංකාවේ පවතින ජාතික ප‍්‍රශ්නය අඹුසැමි ප‍්‍රශ්නයකට සමාන බවට පල කර තිබූ වාර්තාව අසත්‍ය බවත් ඒ පිළිබද ජයලලිතා මහත්මිය සමග සාකච්ජා කිරීමට තමා අදහස් කර සිටින බවත් විග්නේශ්වරන් මහතා දෙමළ මාධ්‍ය වෙත පවසා ඇත.

    http://lankacnews.com/sinhala/news/101467/

    ReplyDelete
    Replies
    1. සාතන්.......කේන්ති නොගෙන කියපං සී නිව්ස් කාගෙද කියලා.

      Delete
    2. හින්දු පුවත් පතේ වාර්තාව ගූග්ල් කර බලන්න, විග්නේශ්වරන් කිවූ කතාව ඇත. සී නිව්ස් කියන්නේ බොරුද?

      Delete
  21. ලන්කාසීනිව්ස් /lankacnews අයිතිකාරය විමල් වීරවංශ?

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්