Followers

Tuesday, October 1, 2013

යූ එන් පිය දිනවීමට නම් ජෝඩු වෙන්න -රෝසි හා තලතා වැනි නායිකාවන් උඩට ගන්න.- යු එන් පියේ පරණ පව් හා රනිල් අර්බුධය



රනිල් සමග වචන කීපයක් හුවමාරු කරගන්නට මට අවස්තාවක් උදාවූයේ විදේශයක සිටියදී, මා එහි සේවය කළ  සේවාස්ථානයට එකල කර්මාන්ත ඇමතිව සිටි තරුන රනිල් පැමිණ සිටි අවස්තාවේදීය. අප සමග ඡායාරූපයකට පෙනී සිටින ලෙස කළ ආරාධනය සතුටින් පිළිගෙන, ගත් ඡායාරූපය මා ලඟ තවම ඇත. තවම මම  ආඩම්බරයෙන් මිතුරනට පෙන්වමි. ඒ ලජ්ජාවක් නැතුව එසේ තවම පෙන්විය හැකි බැවිනි.

රනිලුත් කොළඹ විශ්ව විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් බව දන්නා නිසා මාත් එහි විද්‍යා පීඨයේ ඉගෙන ගත් බව කී විට ඔහු කීවේ නීතියයි ඉගෙන ගන්න ඕන අයිසෙ කියල. මට නිකං චැහ් ගාල ගියා, අනෙක් අය ඉස්සරහ නිකන් කිච උනා නේද කියල. ඒ පාර මං එකල දේශපාලන තත්වය ගැන ' රැඩිකල්' ප්‍රශ්න කීපයක් ඇසුවා, රනිල් ඒවාට නොපැකිලව උත්තර දුන්නා. රනිල් සමග පුද්ගලික හමුවීම හා ගනුදෙනුව එපමනයි.

රනිල්ගේ නායකත්වය ගැන ප්‍රශ්න පැන නැගි පෙර අවස්තාවලදී මා රනිල්ව ආරක්ශා කරන තැනයි සිටියේ.

දේශපාලන පක්ශ, සිය මැතිවරන පරාජයන්වලට  පසුව නව නායකත්ව සොයන එක සාමාන්‍යය සිදුවීමකි. එවිට ඒ නායකයන් නව නායකත්වයන්ට ඉඩ දී  ඒ තනතුරුවලින් ඉවත් වී යෑමත් සාමාන්‍යය දෙයකි. ඒත් යූ එන් පියේ එය සිදුවන්නේ නැත. නැග එන තරුණ නායකත්වයන් පක්ශයට වාත්තු කරගන්නට ඔහුට හැකියාවකුත් නැත. විකල්ප ප්‍රතිපත්ති ගැන අවධාරණයකුත් නැත. ස්ත්‍රීන්ට තැනක් දෙන්නේත් නැත. ඒත් සිය පාසල් සගයෙකු වන මහරාජාට ඕන කිවූ ධූර දෙන්නට ඔහු සූදානම් නැත.

මේ සියලු කාරනා ඇත්ත වුවත් යූ එන් පියේ නායකත්වයට අභියෝග කිරීමට තරම්, පවතින ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විකල්පයක් සැපයිය හැකි  තරම් දෙවන පෙළ නායකත්වයක් යූ එන් පියේ පවතීද?

යූ එන් පියේ නොනවතින පරාජ රැල්ලේ පසුබිම මා දකින විදිය නම්, ගොනු පසු පස එන ගැල මෙන් යූ එන් පිය හඹා එන කර්ම ය.


  • සිය මාමණ්ඩිය විසින් ගෙන ආ විධායක ජනපති ක්‍රමය
  • කසිප්පු කාරයින්, අපරාධකාරයින්, ආරක්ශා කිරීම හා ඔවුන්ව පාර්ලිමේන්තුවට ගැනීම
  • 80 වර්ජනය පොඩි පට්ටම් කිරීම
  • අවුරුදු තිහක් ඇදුනු ලංකාවට මහා විනාශයක්  කළ යුද්ධයට පදනම වැටුනු 83 කලු ජූලිය
  • විරුද්ධ පාක්ශිකයින්ට පහර දීම ගෙවල් දොරවල් ගිනිබත් කිරීම සිංහල උගතුන්ට පහර දීම
  • 88-89 තරුණ ජන සංහාරය


යූ එන් පිය මේ අපලයෙන් ගැලවීමට කුමක් කල යුතුද?

රනිල් නියෝජනය කරන ලිබරල් ධනේශ්වර චින්තනය අස්සේ සෝමාරාමලා, සිරිල් මැතිව්ලා, බටලන්දේ කස්ටිය, ගෝන්වල සුනිල්ලා  සැඟවී සිටිනවා යයි ජනතාව බියය. රනිල් ඒ බිය ජනතාවගෙන් තුරන් කර නීතිය, සමාජ සාධාරණත්වය, ස්තාපිත කරන නිදහස් නිවහල් සමාජයක් ඇති කිරීම උදෙසා කැපවන බව ජනතාවට පෙන්විය යුතුය.

යූ එන් පියේ තිබෙන ගුඪ බව, ගුප්ත බව, පලවා හැර සිය සංහාරයන්ට ගොදුරු වූ තරුණ පරපුරෙන්, දෙමල ජනයාගෙන්, වැඩ කරන ජනයාගෙන් නැසීගිය මහචාර්ය සරත්චන්ද්‍ර ඇතුලු සිංහල උගතුන්ගෙන් ආදී සැමගෙන් පැරණි පක්ශය වෙනුවෙන් සමාව ඇයද සිටිය යුතුය.

 විකල්ප ප්‍රතිපත්තීන් සමුදායක් එලි දැක්විය යුතුය.

ගම් මට්ටමේ සිට ශාඛා සංවිධාන ගොඩ නැගිය යුතුය.

ගැහැනියට පක්ශයේ ඉහල තැනක් දෙමින් රනිල් - රෝසි, සජිත්- තලතා ජෝඩු කීපයක් ප්‍රධාන තලයට ගෙන ආ යුතුය.

සටන මහ පාරට ගෙන ආ යුතුය.

-----------
by දයල් බතී  political consultancy service
ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවක් වෙනුවෙනි.
--------
---------------
එජාප නායකත්වයේ සිටිය යුතු රනිල්මයි

අකිත පෙරේරා

එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්වය භාර ගැනීමට තවම සුදුස්‌සකු නොමැති බැවින් වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාම තවදුරටත් නායකත්වයේ සිටිය යුතු බව මාතර දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පැවසීය.

සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මිය එදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආරක්‍ෂා කළාක්‌ මෙන් අද රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂය දෙකඩ වීමට නොදී ආරක්‍ෂා කරන බවත් අපට නොතේරෙන දැඩි ආදරයක්‌ පක්‍ෂය කෙරෙහි වික්‍රමසිංහ මහතාට ඇති බවත් හෙතෙම කීය.

පක්‍ෂයේ නායකත්වයට සුදුසු අය සිටී නම් ඒ අය මැතිවරණවලට ඉදිරිපත්ව ජයග්‍රහණය කොට පෙන්විය යුතු බවත් මංගල සමරවීර මහතා වත්මන් පක්‍ෂ නායකත්වය සමග ගැටෙමින් යම් කෙනෙකුට පක්‍ෂ නායකත්වය කරා යා නොහැකි බවත් සඳහන් කළේය.

රාජගිරියේ පිහිටි ජාතික වතු කම්කරු සංගම් ශාලාවේදී ඊයේ (02.දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
-------------------
added later on 8/11/13
Rosy and Swami to be proposed to Sri Lanka main opposition leadership council
Thu, Nov 7, 2013, 10:06 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

Nov 07, Colombo: Sri Lanka's main opposition United National Party (UNP) has mooted proposals to appoint parliamentarians Rosy Senanayake and D.M. Swaminathan to the leadership council established by the party seniors to lead the UNP, party sources said.
They are to be appointed to the positions vacated by Sajith Premadasa and Thalatha Atukorale.
The two MPs declined to assume the membership of the leadership council accusing that it was not a solution to the party crisis. They further accused that the party leader Ranil Wickremasinghe has retained power while Karu Jayasuriya betrayed the struggle for the leadership.
Karu Jayasuriya was appointed as the Chairman of the leadership council at the Working Committee meeting held on November 4.
The Working Committee appointed Karu Jayasuriya, Sajith Premadasa, Tissa Attanayake, Mangala Samaraweera, Kabir Hashim, Lakshman Kiriella, Ravi Karunanayaka, Ruwan Wijewardena and Thalatha Atukorale to the Council.
Premadasa said he decided to withdraw over several shortcomings on appointing members to the Council and the Working Committee did not follow the proposals from the Maha Sangha.
The crisis ridden party was forced to reconsider the leadership of Ranil Wickremasinghe following the party's dismal performance at the recently held provincial council elections.

Except for winning the Colombo Municipal Council elections, the UNP has not won any election at any level since 2004.

16 comments:

  1. ඔබට තියෙන පස්න ඔබට ඇති ඒවා මිස ඡන්ද දායකයින්ට ඇති ඒවා ලෙස මා දකින්නේ නැහැ..
    නායකයා යන තනතුර නායකයාටත් වඩා ප්‍රතාපත් රජ කෙනෙක් කියන තැන තමයි අපේ ඡන්ද දායකයා ඉන්නෙ.
    ඒ කිව්වෙ අමුතු බලයක් තියෙන අමුතු විසල් පෞරුසයක් තියෙන කෙනෙක් විදියට තමයි නායකයා දකින්නෙ..
    ඒ තියෙන ගතිගුණය අනික් හැම දේශපාලනික කපටි වැඩකටම වඩා උඩින් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් රනිල් විසින් නිසි අශ්වයින් ඇතුලට දාගෙන දුවන්න වෙනවා..
    උදාහරණ විදියට ෆොන්සේකා, චන්ද්‍රිකා, වික්‍රමබාහු ආදී ලොකු පරාසයක ඉන්න ආන්ඩු විරෝධින් සියල්ල අලියා පිටිපස්සට එකතු කරගන්න පුලුවන් වුනොත් එතන ලොකු ගමනක් තිබෙනවා.. ආන්ඩු විරෝධයේ දිශානතිය යූ ඇන් පීයේ ඡන්ද පදනම ශක්තිමත් කරන්න හේතු වෙලා නැහැ..

    ReplyDelete
    Replies
    1. රනිල් කරන දේ කාටත් වඩා ඔහු හොඳින් දනී. ඔහු කරන්නේ කල් මැරීමක් බව පැහැදිලියි.
      ඔහු විරුද්ධ පක්ශ එකතු කරමින් සිටිනවා ඔහුට අවශ්‍ය විදියට, ඕන කල් මැරීම කරන්න. වාමාංශිකයින්ට ඉතුරු කර ඇති ඉඩ ප්‍රමාණය එපමනයි. එයින් වාමංශිකයින් ප්‍රයෝජනයක් ගත යුතුව තිබෙනවා.

      Delete
    2. ෆොන්සේකා, චන්ද්‍රිකා, වික්‍රමබාහු ... එකතු කරන්ට හිතන්ට වත් නරකයි..

      Delete
  2. අද තියෙන යූ එන් පීය දිනවීම රට දිනවීමයි කියල මං හිතන්නෙ නෑ. එක හොරු කණ්ඩායමක් වෙනුවට පිපාසෙන් ඉන්න අතව හොරු කණ්ඩායමක් රජ උනාට රටට වෙන සෙතක් නෑ. ඉස්සෙල්ල මහ පක්ෂෙ සුද්ද වෙන්න ඕනෙ. එහෙම වෙන්න නම් ප්‍රතිපත්ති ගරුක අය නායකයො වෙන්න ඕනෙ ජනප්‍රිය අය වෙලා විතරක් මදි.. බතීගෙ ල්යිස්තුවෙ ඉන්නෙ චන්ද ගන්න පුළුවන් කියල හිතාන අය මිස දක්ෂ අවංක අය් නෙවෙයි.. දයාසිරිත් ඔයවගෙ කෙනෙක් නේද ? අද කාපුවා වමාරන හැටි පෙනෙන්නෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අවංක කම සාපේක්ශ දෙයක්. නායකයන් සාධරන මාර්ගයේ යැවීමට දැනුවත් ජනතාවක් ද ඕනෑ. ජනතාව දැනුවත් කිරීමට මේ ඉඩ ප්‍රයෝජනයට ගත යුතුයි.

      Delete
  3. දයාල් කියන කරුණ හරි නමුත් පක්‍ෂ නායකත්වය එක පිළිගන්න තරම් නම්‍යශීලි නැති එක තමයි මෙතැන් තියෙන ලොකුම ගැටළුව.විරසක වුන අයව එකතු කර ගත හොත් ජයග්‍රහණය දුර නැහැ.

    ReplyDelete
    Replies
    1. රනිල් දන්නවා ජනතාවගේ සයිකොලොජිය.
      අන්තර් ජාතික තත්වයන් මැන බලමින් තමයි ඔහු ඉන්නේ.
      කුනු ටික සරම ඇඳගත්ත කස්ටිය ලව්ව අද්දගෙන, රාජාසනේට ගොඩ වෙන්න.

      Delete
    2. දැං නං ලොක්කා කල් මැරුවා වැඩියි වගේ.. 64 ක් විතර ඇති නේද වයස.. මාමා වගේ 74 න් ජනාදිපති වෙන්ට ද දන්නෙ නෑ කල්පනාව..

      Delete
  4. ආකර්ශනීය නායකත්වයක් ගැන කතාකලොත් අද එජාපෙට එහෙම එකක් නැත. සජිත් තමුන් ජනප්‍රිය ආකර්ශනීය යැයි සිතා සිටියද එය ඔහු සැමදා ජීවත් වන මනෝ ලෝකය තුලදී දකින සිහිනයක් පමණි. සුළුජාතික චන්ද පදනම රක ගන්නා අතරතුර ඔවුන් සිංහල මහජාතිය තුල තමන් ගැන විශ්වාසනීයත්වයක් ඇති කරගැනීමට කටයුතු කල යුතුය, එය අන්තවාදී නොවන ලෙස කිරීමේ ශක්‍යතාවය එජාපෙ ට තිබේ. නමුත් මේ සියල්ල මහින්ද රාජපක්ෂ චරිතයේ එක වචනයකින් විනාශවීයන තරමට ඔහුගේ දේශපාලන පෞරුෂය සාමාන්‍ය ජනයා තුල බලවත්ය.

    ReplyDelete
    Replies
    1. රනිල් බලාගෙන ඉන්නේ විශේශයෙන් අන්තර්ජාතිකව මේ අය අනාගන්නා තෙක්ය. එවිට පක්ශය හැරගිය උන්දලා දොරවල් කඩාගෙන එනු ඇත. චීනය නිසා රනිල්ගේ ප්ලෑන් අප්සට් වී කල් දමන්නට වී ඇතැයි සිතේ.
      // එය අන්තවාදී නොවන ලෙස කිරීමේ ශක්‍යතාවය එජාපෙ ට තිබේ.// ඒ නිසයි තවමත් යම් කොටසක් රනිල් දිහා බලගෙන ඉන්නේ.

      Delete
  5. යුඇන්පීයේ පක්ෂ ප්‍රතිපත්තියවත්, මැතිවරන ප්‍රකාශනවත් ජනතාව ප්‍රශ්ණ කරන්නේ නැත. කල්ලිවාදයෙන් තොර එක් නායකයෙක් වටා ගොනුවෙන පක්ෂ සාමාජිකත්වයක් සිටිනා බව ජනතාවට ඒත්තු යා යුතුය. මෙය බොහෝ කලකට පෙර ශ්‍රීලනිපයට වැලඳී තිබු රෝගයකි. පසුව චන්ද්‍රිකා එය යම්තරමකට සුවකල අතර එය නිට්ටාවට සුවවී නැත. යුඇන්පියේ නායකත්ව කල්ලි බෙදීම ඡන්ද දායකයා දක්වාම ඔඩු දුවා ඇති බැවින් ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් නායකත්වය තෝරා බේරා ගන්නවා හැර අන් කිසිම අයුරකින් මෙයට විසඳුමක් නැත. නැත්නම් ලලිත්-ගාමිණි-ප්‍රේමචන්ද්‍ර විසඳුම ආදේශ කර අත්හදා බැලීම වටි. කැඩී වෙන්වූ පක්ෂ නැවත එක්වීමේදී නව ජවයකින් ජනතා ආකර්ශනයට ලක්වෙන බවත් දැක ඇත.

    ReplyDelete
    Replies
    1. කෙසේ වෙතත් එජාපයට ස්ත්‍රියකගේ බැල්ම, මායම් හා ලාලිත්‍ය අවශ්‍ය වී තිබේ .
      ඕන පිරිමියෙක් එයාට යටයි.
      රනිල් බොරුවටවත් සෝබනයක් දාන්න දන්නේ නැත.

      Delete
    2. කතා දෙකම ඇත්තය..

      Delete
  6. මට කියන්න තියෙන්නේ එජාපය දිනා ගත යුත්තේ එජාප ජනතවාගේ හිත පමණක් නොව සමස්ත මහජනතාවගේ හිතම බවයි. දැන් තිබෙන්නේ පොදු පෙරමුණු ආණ්ඩුවක් බව සැබෑ නමුත් මෙහි යූඇන්පී ගතිය වැඩිය. ඒ කියන්නේ මුදලාලිකරණය වැඩිය. යූඇන්පී කාරයෝ වෙනදාටත් වඩා මේ රජයෙන් ප්‍රයෝජන ගනී. එහෙත් යූඇන්පී රජයක් පවතින කලක තම පාක්ෂිකයන්ටම පමණක් සලකයි. එනිසා ජනතාව මේ ආණ්ඩුවට කැමති වී ඇත. ජේ ආර් හැදූ යානයෙන් ජේ ආර් හඳට වත් නොගිය නමුත් ඉන් පසු පත්වූ අය බ්‍රහස්පතී දක්වා ගොස් ඇත. තමන් බිම්බෝම්බ වළලන විට ඒවා තමන්ටද පසුව පෑගිය හැකි බව නොසිතා කටයුතු කිරීමේ විපාක දැන් එජාපය විඳිමින් සිටී. පවතින ක්‍රමයට කව්රුත් අකමැති වුවද එය වෙනස් කිරීමට ජවිපෙ වත් කැමතිද යන්න මගේ සැකයයි.ඔබ කියනා කරුණු සත්‍ය බව පෙනේ. නමුත් එජාපය ජනතාව දිනනකම් එජාපය හරි මගට එන්නේ නැත. මන්ද ඒ කොටසම දැන් නිල් පාට එජාපයේ රස බලමින් සිටින නිසාය. ප්‍රබල විපක්ෂක් මේ රජයට සිටියා නම් යහපාලනයක් ඇති වන්නට තිබුණි.

    ReplyDelete
    Replies
    1. කෙනෙක් දවසක් කිවුවා.. යූ ඇන් පි ය තිබුණා නම්... පගාවක් දීලා වත් වැඩක් කරගන්න තිබුණා.. මේ ආණ්ඩුවෙන් එහෙමවත් වැඩක් කරගන්න බෑ .. කියලා.. ඒ චන්ද්‍රිකා ආණ්ඩුවට..

      දැං කිසි අවුලක් නෑ.. පගාව ප්‍රමිතිගත කරලා තියෙන්නේ.. ගාන ගෙවුවා වැඩේ කරගත්තා.. ඒක වෙන්න ඇති මිනිස්සු කැමති.. බැන්නට ඡන්දෙ දෙනවා..

      Delete
    2. ඔබේ කතාව හරි යූ ඇන් පී ආණ්ඩු වලින් සේවය කරන්නෙ යූ ඇන් පී කාරයන්ට විතරයි.1977 ඉඳන් 1994 වෙනකම්ම රජයේ රැකියාවකට යන්න බැරි වුන අය ඉන්නවා.1987 කැරැල්ලටත් සැබෑ හේතුව මේ කාලකන්නි යූ ඇන් පී සිස්ටම් එක.ඒ විතරක් නොවෙයි යූ ඇන් පිය දිනන හැම විටකම රටම ප්‍රචන්ඩත්වයක ගිල්වනවා.1977 දි එහෙම වුනා.ඒ සම්ප්‍රදාය 1994 දි චන්ද්‍රිකා විසින් වෙනස් කළා.ඒත් 2001 දි යූ ඇන් පිය දිනපු හැටියෙම රටම ලේ විලක් කළා.ඒත් 2004 දි යූ ඇන් පී ගේකට ගලක් වත් ගැහුවෙ නෑ.දන් ආයෙත් යූ ඇන් පී දිනුවොත් වෙන කිසිම දිනක නොවූ විරූ ලෙස පළි ගන්නවා.පීඩනයාට් ප්‍රතිචාර ලෙස මෙහෙම කරනවා කියන්න පුළුවන් .නමුත් එහෙම නම් 17 අවුරුදු ශාපයෙදි එහෙම නොකරන්න ශ්‍රී ලනිප පාක්ෂිකයන්ට සංයමයක් තිබුනා.ආයෙ කවදා හෝ යූ ඇන් පියක් ආවොත් ගුටි කන්න අවංකවම රටට ආදරේ අක්‍රපු අය.සමහර විට ශ්‍රී ලංකා ගෙවල් ගිනි තියන්න දෙමළ ඩයස්පොරාවෙනුත් එන්න පුළුවන්.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්