Followers

Wednesday, October 23, 2013

පරසුද්දගෙ කැසිනෝ අපිට එපෝ, කැසිනෝ ඇවිත් අපිව කසනෝ, සේ නෝ ටු කැසිනෝ, සූදුව ඉස්ලාම් ආගමේ හරාම් දෙයකි, ඒ නිසා අපි කැමතිය. ඩුබායි වල මෙන් කැසිනෝ හලාල් කරමු....සටන් පාඨ කීපයක්



ලොක්කගෙන් ඔබ ඇසුවොත් ගොහිල්ලා මේ දැන්
කියාවි මාත් විරුද්ධයි ඕවා පරසුද්දගෙ සෙල්ලන්
පෙලපාලියකුත් යනු ඇත කරමින් වීදි සටන්
දෙසතියකින් පනත පාස් වෙයි පාර්ලිමේන්තුවෙන්

තරහ අවසර ඔබ හැමටම ආයිබෝන්
ලක් ජන මන වැඩ කරනා හැටිය බලන්
පලමුව තද බල විරෝදය පල කලයුතුවෙන්
දෙවනුව හෙමිහිට විරෝදය අකුලා ගන්

කැසිනෝවලට නෝ කිව්වත් යන එවුන් යනෝ
බ්‍රොතෙල් වලට වල් කිව්වත් යන එවුන් යනෝ
සුද්දො චීන්නු ඉන්දියාවෙන් වටෙන් ම එනෝ
යුද්ද නැති හෙල බොදු බලය පුපුරන්නට යනෝ

හැම දේම අවුල් සුද්දා ගියදා ඉඳලා
රුපියල සිය ගුණයකින් බාල්දු වීලා
අපි දිවි ගෙවනුයෙ ස්ත්‍රී ඇඟ මස් විකුණාලා
සුද්දගෙ කැසිනෝ නරකය  කෝමද කියල්ලා
----------------



වසර දෙකක්‌ තිස්‌සේ අතපය
පුච්චලා මට දස වද දුන්නා

- ඩුබායි ගිහින් හිස්‌ අතින් ගෙදර ආ මනෝහාරි 'දිවයින'ට කියයි

රඹුක්‌කන - නිහාල් පුෂ්පකුමාර



අතරමඟ නතර වූ නිවස අසල මනෝහාරි හා දරුවා සහ මනෝහාරිගේ කකුල් දෙක පිළිස්‌සී තිබූ අයුරු.



ගේ හදාගන්න කියලයි රට ගියේ. නමුත් අවුරුදු දෙකකටත් වැඩි කාලයක්‌ දස වද විඳින්න වුණා. අතපය පිච්චුවා. වේවැල් පහර කොච්චර නම් කෑවාද කියලා මතක නෑ. මේ ඔක්‌කොම දුක්‌ විඳගෙන අවුරුදු දෙක ඉවර වෙනකල් ඉඳලා යන්න ඕනෑ කීවාම කාමරයකට දාලා දොර වහලා වේවැලෙන් ගැහුවා. කොහොම හරි අන්තිමට එන්න ටිකට්‌ එක දුන්නා. ඒත් මාස 7 ක පඩි දුන්නේ නෑ,

අන්තිමට මට එන්න වුණේ එදා යනකොට ගෙදරින් ඇඳගෙන ගිය ඇඳිවත පමණක්‌ උරුම කරගෙනයි. අඩු තරමින් සෙරෙප්පු දෙකක්‌වත් නැතිවයි, මම ගෙදර ආවේ. සමහරු එනකොට අතින් කටින් එල්ලගෙන විතරක්‌ නෙමෙයි නැවෙත් බඩු පෙට්‌ටි එවනවා. ඒත් මම ''සිලි සිලි'' බෑග් එකක්‌වත් නැතිව අත් දෙක වන වනා ගෙදර ආවා යෑයි ඩුබායි රටේ වසර 2 කට අධික කාලයක්‌ ගෘහ සේවිකාවක ලෙස සේවය කර හිස්‌ අතින් නිවසට පැමිණි රඹුක්‌කන, මුවපිටියේ කපුරුකඩේ හන්දියේ පදිංචි එම්. ජී. සුභාෂිණී මනෝහාරි ජයතිලක (අවු. 23) මහත්මිය "දිවයින" හමුවේ පැවසුවාය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ඇයගේ ස්‌වාමි පුරුෂයා වන එස්‌. සී. සංජීව උපුල් කුමාර මහතා

බිරිඳ රට ගියේ අපිට ගෙයක්‌ හදාගන්න ඕනෑ කියලයි. ඇය රට යන විට දුවට අවුරුදු එකහමාරයි. එදා ඉඳලා මම දරුවා බලාගෙන ගෙදර හිටියා. මට කීයක්‌ හරි හොයා ගන්න විදිහකුත් නෑ, බිරිඳ ඒ රටේ දුක්‌ විඳිනවා කියලා මම කුරුණෑගල ඇය රට යෑවූ ඒජන්සියට කීවා. නමුත් ඔවුන් ගණන් ගත්තේ නෑ, විදේශ රැකියා නියුක්‌ති කාර්යංශයට කීවා. ඒත් කිසි වැඩක්‌ වුණේ නෑ, අන්තිමට මාස 7 ක පඩියකුත් දීලා නෑ. ඒ මදිවාට බිරිඳගේ අතපය පුච්චලා වේවැල් පහර දීලා දුප්පත් අපි මේවා කාට කියන්නද? එක අතකට හිතෙනවා, පණ බේරගෙන එන්ඩ ලැබීමත් ඇති කියලා. මම බලධාරීන්ගෙන් ඉල්ලනවා අපිට වෙච්ච මේ අසාධාරණයට පිහිට වෙන්න කියලා.

19 comments:

  1. ඇමරිකන් බයිලා නේ ආයිබෝවන්ඩ... දැන් ඕවා තියෙන්නේ කොච්චර කාලෙක ඉඳලඳ.. එහකොට ඔඋඅ කියන නුහුගුණ ඔක්කෝම වෙලා ඉවරද.. මට දුක යූ ඇන් පී කාරයොත් බයිලා ගහන එකට..

    සෝභිත හාමුදුරුවෝත් ඇඳගෙන නාන්නේ.. වයසට යන කොට එන ලෙඩක්ද කොහෙද..

    ReplyDelete
    Replies
    1. කැසිනෝ විරෝදය පිටුපස තියෙන්නේ
      අපිට වාසි නැති කැසිනෝවලට අපි "නෝ "

      ප්‍රතිපත්තිය උඩ මිස වෙන මොකද්ද

      Delete
  2. සෝබිත හාමුදුරුවො දානෙකාට වැඩියා..ඇයි ඉතිං බුදු හාමුදුරුවොත් ඌරන් මරපු චුන්ද සූකරගෙ දානෙට වැඩියෙ.. ඒ කාලෙ වෙලාවට මේ නිවුස් කන්තෝරු කාරයො හිටියෙ නැහැ..

    ReplyDelete
    Replies
    1. කබරගොයා තල ගොයා වීමේ න්‍යාය මිස වෙන මොනවාද?

      Delete
  3. මෙකට් තමයි කලින්ම හලාල් ගේම පටන් ගත්තේ

    ReplyDelete
    Replies
    1. හොඳයි දැන ගත්ත එක, එතකොට ඩුබායිවල තියෙන කැසිනෝ හලාල්ද?

      Delete
  4. කැසිනො මොකටද අනෙ බුරු පොට් ඔනතරම් තියෙන්නෙ
    හය හතර

    ReplyDelete
    Replies
    1. බූරුව ගහන්නෙ මේ පොඩි කොල තියෙන එවුන්
      එදාවේල කන්න නැතිඋන්
      කැසිනෝ ගහන්නෙ ලොකු කොල තියෙන එවුන්
      ගමකට කන්න දෙන්නෙ පුලුවන් එවුන්

      Delete
  5. ජෝ සිම් එන කාලේ මේ වගේ අමාරුවක් තිබුණේ නෑ. ඕනෑම් දෙයකට විරෝධයක් අවශ්‍යයි. නැතිනම් මාකට් බහිනවා. කැසිනෝ වලට යන්නේ බුරු ගහන මිනිස්සු නෙවෙයි ලොකු ලොකු අයියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වගේම..

      සූදුව නැතිව ආයෝජනය වගේ නමක්
      අවදානමක් ගැනීම වැනි වචනයක් දැමීම නොවටීද?

      Delete
  6. මොනව කියනවද මේ පැකර් මලයා..

    ReplyDelete
    Replies
    1. Thanks Aiya You get my point, no pain no gain

      Delete
  7. ජෝන් කීල්ස්ලා කියනවා ඒ ගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එකේ වැඩ දිගටම කරගෙන යනවා කියලා. ඔය පනත පාස් කරන්නේ රතනටත් ටොක්කක් ඇනලා.

    ReplyDelete
    Replies
    1. ඔය පනත පාස් නොවුනොත් අම්මප මේ බ්ලොගේ ලිවීම අත හරිනවා

      Delete
    2. හහ්හහ් හා අන්න කැට..

      Delete


    3. සමුළුවෙන් පසුව බද්දක්‌ සමඟ
      කැසිනෝ පනත එනවා

      ශ්‍යාම් නුවන් ගනේවත්ත

      කැසිනෝ පහසුකම් සහිත සුපිරි හෝටල් සංකීර්ණ දෙකක්‌ ඉදිකිරීමට අනුමැතිය ගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ ගැසට්‌ නිවේදන පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවෙන් පසු සුදුසු සංශෝධන සහිතව යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග "දිවයින ඉරිදා සංග්‍රහය" ට හෙළි කළේය.

      එහෙත් අදාළ සංශෝධිත ගැසට්‌ නිවේදන යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ ඒ සඳහා කැබිනට්‌ අනුමැතිය ලැබුණහොත් පමණක්‌ බවද එහිදි පුළුල් වශයෙන් මහජනතාව දැනුවත් කිරීමට රජය අපේක්‍ෂා කරන බවද වාර්තා වේ.

      අදාළ ගැසට්‌ නිවේදන සඳහා සිදු කරන්නට යන නව සංශෝධන ඇමැති මණ්‌aඩලයට ඉදිරිපත් කර තිබේ. මේ අනුව අදාළ සංශෝධන සහිතව එම ගැසට්‌ නිවේදන යළි ගෙන ඒමට අමාත්‍ය මණ්‌aඩලය තීන්දු කළහොත් තව මසකින් පමණ ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

      දේශීය පුරවැසියන්ට කැසිනෝ ක්‍රීඩා කිරීම සීමා කිරීමද, අදාළ සංශෝධනවලට අයත්ය. එසේම රජයේ නියමිත බදු අය කිරීම් එම සංශෝධනවලට ඇතුළත් වනු ඇතැයිද වාර්තා වේ. එසේම අදාළ කැසිනෝ හල් සහිත හෝටල් ඉදි වූ පසු සාමාන්‍ය මහජනතාවට කොළඹ ඩී. ආර්. විඡේවර්ධන මාවතට ඇතුල් විය නොහැකි පරිදි එය වසා දැමීමට නියමිත බවද එම ආරංචි මාර්ග වලින් තවදුරටත් අනාවරණය වේ.

      ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අදාළ කැසිනෝ පහසුකම් සහිත ගැසට්‌ නිවේදනය ඉදිරිපත් කෙරෙන අතර ඉකුත් 24 වැනිදා අදාළ ගැසට්‌ නිවේදන දෙක පාර්ලිමේන්තුවෙන් රජය ඉවත් කර ගත්තේ සංශෝධිත නව ගැසට්‌ නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා බවද එම ආරංචි මාර්ගවලින් තවදුරටත් "දිවයින ඉරිදා සංග්‍රහය" ට වාර්තා වේ.
      http://www.divaina.com/2013/10/27/news01.html

      Delete
  8. මල්ලිලා, කැසිනෝ කවි ගැන විතරක් කොමෙන්ට් දාලා, උඹල එකෙක්වත් ඊට පහලින් තියෙන මනෝහාරී ගැන දැක්කෙම නැද්ද?

    ReplyDelete
  9. //විදේශ රැකියා නියුක්‌ති කාර්යංශයට කීවා. ඒත් කිසි වැඩක්‌ වුණේ නෑ, // ඒ වුණාට බියුරෝ එක ස්කයිප් එකෙනුයි වෙබ් සයිට් වලිනුයි දගලන්නේ ,, පැය 24 ම විදේශගත අය වෙනුවෙන් වෙහෙසෙනවා කියන්නේ ,, මන් මේ ලිපියේ ලින්ක් එකක් යැවුවට කමක් නැද්ද ශික් කොච්චර පව්ද

    කැෂිනෝ ගැන නම් දන්නේ නැහැ

    ReplyDelete
  10. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්