Followers

Thursday, October 17, 2013

වැද්දනි තොපි වැද්දො විදියට ඉඳපියව්, එනව මෙතන ක්‍රිකටුත් ගහන්න, සංස්කුරුර්තික ඇමතිතුමා කියවන්නෙ මඤ්ඤංද?

ආදිවාසීන් ක්‍රිකට්‌ ගසනවාට ඇමැතිගේ විරෝධය

නෝමන් පලිහවඩන

ආදිවාසි තරුණයෝ ක්‍රිකට්‌ ගැසීමට හුරුවීම පිළිබඳව තමා බලවත් විරුද්ධත්වය පළකරන බව සංස්‌කෘතික ඇමැති ටී. බී. ඒකනායක මහතා "දිවයින"ට ඊයේ පැවැසීය.

ඔවුන් ආදිවාසි සංස්‌කෘතිය විනාශ කිරීමට උත්සාහ කරන බව පැවසූ ඇමැතිවරයා අනාගතයේදී ඔවුන් දුනු ඊතල පවා අමතක කර දමා කලිසම් කමිසවලට හුරුවිය හැකි බවද පැවසීය.

ආදිවාසි නායක වන්නිල ඇත්තෝ දැන් කැබ්රියක්‌ ඉල්ලනවා. මහියංගන ප්‍රාදේශීය ලේකම්තුමා මැදිහත්වී වන්නිල ඇත්තන්ට කැබ් රියක්‌ ලබාදී තිබෙනවා. ඔහු දැන් ඉල්ලා සිටින්නේ ඔහුටම ස්‌ථිර වශයෙන් කැබ් රියක්‌. ලෝකයේ කිසිම රටක ආදිවාසි නායකයකු කැබ්රථ හෝ කිසිම වාහනයක්‌ පාවිච්චි කරන්නේ නැහැ යෑයිද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.


--------------
දයල් බතීට හිතෙන දේවල් අතරෙ එලියට පැන්නෙ මේක..

''ඉස්සර සුද්දොත් කලු සුද්දොත් ඕව ලංකාවෙ අපිට කියන්න ඇති.''

--------------------
following was added later
 Sri Lanka Minister criticizes modernization of aboriginal people
Fri, Oct 18, 2013, 10:58 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

Oct 18, Colombo: Sri Lanka Minister of Culture and the Arts T B Ekanayake accused that the local aboriginal community, Veddah people are after consumerism and modern life styles which tarnish their image as indigenous people.
The Minister criticized a cricket team of the Veddah community playing cricket.
The Veddah cricket team, wearing their traditional attire equipped with machetes, plays exhibition cricket matches and tours the island. Veddah cricket matches have become a popular event in the country.
The Minister also criticized the Veddah chief Uruwarige Wanniyalaeto's demand for a double cab vehicle. He pointed out that the Divisional Secretary of the Mahiyanganaya area has provided the Veddah leader a double cab vehicle for official use but the tribal leader wants one for himself.
The Minister told Sinhala daily The Divaina that no indigenous leader in the world uses vehicles.

Veddah community in Sri Lanka has lost their traditional livelihood which is based on hunting due to modern forest and wildlife regulations. They mostly depend on income from tourists visiting their village in Dambana.

-----------------------

following is added on 28/10/13

ක්‍රිකට්‌ ගහන්න ගියොත්
වැදි සංස්‌කෘතිය නැතිවෙන්න පුළුවන්...

සංස්‌කෘතික ඇමැතිට
ඌරුවරිගෙලාගේ විමලරත්න පිළිතුරු දෙයි
බයිසිකල් හා අයිස්‌ක්‍රීම් සේ යනුවෙන් නොගැලපෙන දේ සඳහා නූතන වහරේ උපමාවක්‌ තිබේ. ඒ ලෙසම වැද්දොa හා ක්‍රිකට්‌ යන්නද ගත හැකි කාලයක්‌ තිබිණි. දැන් ඒ තත්ත්වය වෙනස්‌ වී ඇති වා මෙන්ම වැද්දොa හා ක්‍රිකට්‌ යන්න එස්‌. එම්. එස්‌a. හා ආදරය යන තරමටම බැඳී පවතී. වැද්දන් හා ක්‍රිකට්‌ පිළිබඳ මාතෘකාව යළිත් කතාබහට පැමිණ තිබෙන්නේ වැදි ජනතාව ක්‍රිකට්‌ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් සංස්‌කෘතික අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා විසින් නඟන ලද විවේචනාත්මක කතා බහ හේතුවෙනි. මේ පිළිබඳ සිය මතය ඇමැතිවරයා විසින්ම මුලින්ම හෙළි කරන ලද්දේ zදිවයිනZ පුවත්පතය.

මෙම ක්‍රිකට්‌ ගැහිල්ල නිසා වැදි ජනතාවගේ සංස්‌කෘතිය වැනසී යන අතර ඔවුන් කවදා හෝ කලිසම් කෝට්‌ එකට හුරු විය හැකි බවට ඒකනායක ඇමැතිවරයා කී අනාවැකියක්‌ එහිදී පළ කළේය.

වැදි නායක ඌරුවරිගේ වන්නිලාගේ ඇත්තන්ට කැබ් රියක්‌ අවශ්‍ය නැති බවද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වන්නිsලා ඇත්තන්ට ඔහුගේ ගමන් කටයුතු සඳහා දැනට කැබ් රියක්‌ ලබාදී තිබුණත් ආදිවාසී නායකයාගේ බලාපොරොත්තුව රජයෙන් ඔහුට ස්‌ථිර වශයෙන් කැබ් රියක්‌ ලබා ගැනීමට යෑයිද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම තත්ත්වය මත වැදි නායකයාගේ කැබ් සිහිනය මුළුමනින්ම බිඳ වැටී ඇත. තමා දන්නා තරමට ලෝකයේ කිසිම රටක ආදිවාසී නායකයෙක්‌ ඔහුගේ ගමන් කටයුතු සඳහා එම රටවල්වල රජයෙන් වාහන ලබාගෙන නැතැයි ද ඇමැතිවරයාගේ මතය වී තිබිණි. මෙම තත්ත්වය මත වැදි ජනතාව වෙනුවෙන් ආදිවාසී ජනඋරුම කේන්ද්‍රයේ පාරම්පරික දැනුම පිළිබඳව ක්‍රියා කරන දඹානේ ඌරුවරිගේලාගේ විමලරත්න විසින් සංස්‌කෘතික ඇමැති ඒකනායක මහතාගේ ප්‍රකාශය තදින්ම හෙළා දුටුවේය. මේ පිළිබඳව වැදි රැහේ ඇත්තෙකු වන විමලරත්න zදිවයිනZ ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවක නිරත විය.

ප්‍රශ්නය - සංස්‌කෘතික ඇමැතිතුමා ආදිවාසීන් ක්‍රිකට්‌ ගැසීම පිළිබඳව විරුද්ධත්වය පළ කර තිබෙනවා.?

පිළිතුර - ඇමැතිතුමා අපි ක්‍රිකට්‌ ගහන එක දැන ගෙන තියෙන්නේ අද ඊයේයි. ඇමැතිතුමාගේ කතාවට අපි විරුද්ධයි.

ප්‍රශ්නය - ඇයි විරුද්ධ වෙන්නේ

පිළිතුරු - ඉස්‌සර ඉඳලා අපි ක්‍රිකට්‌ ගහනවා. අපිට ක්‍රිකට්‌ පුරුදු කළේ අපේ ගුරුවරු අපි ක්‍රිකට්‌ ගැහුවේ කැලෑවේ. අපිට ක්‍රිකට්‌ තරගයකට ආරාධනාවක්‌ තිබූ හින්දා අපි නගරයට ඇවිල්ල ක්‍රිකට්‌ ක්‍රීඩාව කෙරුවා.

ආදිවාසී සංස්‌කෘතිය අපේ දැන් නැතිවේගෙන යන්නේ ක්‍රිකට්‌ හින්දා නෙවේ.

ප්‍රශ්නය - එහෙනම් කොහෙන්ද.

පිළිතුර - අපිට මීයක්‌ කඩන්න යන්නට දැන් නීතිදාලා. උදේ හයට කැලෑවට ගියොත් සවස හයට කලින් එළියට එන්න ඕනෑ. කැලෑවට ආයුධ ගෙනියන්න බැහැ. කොටින්ම කියතොත් ගිනි පෙට්‌ටියක්‌වත් ගෙනියන්න බැහැ. දැන් අපේ සංස්‌කෘතිය පිරිහිලා ගිහින්. ඒකට ක්‍රිකට්‌ ගැහිල්ල සම්බන්ධයක්‌ නැහැ. එදා ආදිවාසී දිනය නිමිත්තෙන් පැවැත්වූ උත්සවයේදීත් ජනාධිපතිතුමා අපේ ක්‍රිකට්‌ ක්‍රීඩාව පිළිබඳව වර්ණාවෙන් කතා කළා. එතකොට සංස්‌කෘතික ඇමැතිතුමා නිහඬ වී සිටියා. කාලයක්‌ ගියාට පස්‌සේ සංස්‌කෘතික ඇමැතිතුමා දැන් අපේ ක්‍රිකට්‌ ක්‍රීඩාව හෑල්ලුවට ලක්‌ කරනවා.

ප්‍රශ්නය - මොකක්‌ද මේ කැබ් කතාව.....?

පිළිතුර - අපිට කැබ් එකක්‌ දෙනවා කියලා මුලින්ම කිව්වේ ඔය සංස්‌කෘතික ඇමැතිතුමා. වන්නිලැ ඇත්තෝ කවුරුවත් කැබ් රියක්‌ ඉල්ලුවේ නැහැ. ආදිවාසී දින උත්සවයේදී අපිට කැබ් එකක්‌ දෙනවා කියලා ප්‍රසිද්ධ කරලා පස්‌සේ ඒක නොදී උන්නා. ආදිවාසී දින සැමරීමේ උත්සවයට අවශ්‍ය බුලත් තොග අපේ නායක වන්නිලැ ඇත්තන්ට ඔහුගේ හිතවතුන්ගෙන් නොමිලේ ලැබුණු ඒවා. ඒ බුලත්වලට ලක්‍ෂ ගණනක්‌ ගියා කියලා ඇමැතිතුමා ප්‍රසිද්ධ කරලා තිබුණා. මම හිතන්නේ ඔය බුලත් කතාව හින්දා ඇමැතිතුමා අපිත් එක්‌ක පුංචි අමනාපයක්‌ ඇති. ඒකට අපි මොනවා කරන්නද?

ප්‍රශ්නය - වැදි නායක වන්නිලාගේ ඇත්තෝ මෙම අර්බුදය ගැන ඇමැතිතුමා හමුවී කතා බස්‌ කරන්නට අදහස්‌ කරගෙන සිටිනවාද?

පිළිතුර - අපොයි නැහැ. වැදි නායකතුමා ස්‌ථිර ප්‍රතිපත්තියක්‌ තිබෙන කෙනෙක්‌. එයා කවදාවත් මේ ගැන කතාබහ කරන්න කොළඹ එන්නේ නැහැ. ඇමැතිතුමා විරුද්ධ වුණත් අපිට ප්‍රශ්නයක්‌ නැහැ. අපි වෙනදා වගේම කැලෑවේ ක්‍රිකට්‌ සෙල්ලම් කරනවා. හැබැයි කලිසම් සූට්‌ අඳින්නේ නැතිව අපේ ඇඳුම්වලින් සැරසිලා තමයි අපි, ක්‍රිකට්‌ ගහන්නේ. ඒක ඇමැතිතුමාට නතර කරන්න බැහැ. පුළුවන් නම් අපේ ආදිවාසී සංස්‌කෘතිය කැලෑ එළි කරලා නීති දාලා නැති කරන්න එපා. ඉස්‌සර අපි නිදහසේ කැලෑවට ගියා අද නීතිරීති ගොඩයි. ආදිවාසී සංස්‌කෘතිය නැතිවෙන්නේ ඒ ප්‍රශ්න උඩයි. ඇමැතිතුමා ඒ ගැන පොඩ්ඩක්‌ හිතා බැලුවොත් හොඳයි.

නෝමන් පලිහවඩන
 


44 comments:

  1. ඉස්සර සුද්දොත් කලු සුද්දොත් ඕව ලංකාවෙ අපිට කියන්න ඇති

    සහතික ඇත්ත,,,,,,,,,, දෑක්කා වගේ කිව්වා......මෙන්න මල්...........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල් ටිකට,
      මල නැතුව(හික්ස් )

      Delete
  2. කැබ් එක ගන්නේ එයාලගේ සල්ලි වලින්ද රජයේ වියදමින්ද ......?


    \\\\\\\\\ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්\\\\\

    වැඩේ තියෙන්නේ මේක අනික් පැත්තට නොවීම ...!

    ReplyDelete
    Replies
    1. රජයේ වියදමින් කියන එක බරපතලයි
      තමුන්ගේ වියදමින් කියන එකට වඩා.
      මොකද එයා වියදම් කරන්නෙ අනුන්ගෙ,
      ජනතාවගෙ මුදල්

      කෙසේ වෙතත් මහ හූරා ඉල්ලා සිටිනව කැබ් එකක්.
      මහිතන්නෙ
      ලොක්කො ගිහිල්ල
      උන්දැට පොරොන්දු වෙන්නැති

      හිංගල ඈයො වගේ උන්දල ඇන්දෙන්න කැමති නැතුව ඇති.

      Delete
    2. පොරොන්දුවක් දීලා තියේ නම් කැබ් එකක් දෙන්නම ඕනේ.නැත්නම් පව් වැඩක් කරා වෙනවා ..:(

      Delete
    3. මේ ඒක නෙවේ ඔයා

      දයාල් බතීද
      දයල් බතීද
      දයාල් බතිද
      දයල් බතිද. . . ?

      කරුණාකර මා දැනුවත් කරන්න..

      Delete
    4. ඔය කෝක කිව්වත් මේ මංම තමයි,
      ලඟට එන නමක්වත් කාටවත් නෑ

      Delete
  3. මෙවුන් මේ බඩු පොට් වලින් ඇවිල්ල එයාලත් වැඩ කරන පොරවල් බව පෙන්වන්න දෙන වොයිස් කට නෙ දයාල් මෙව්ව..
    සංවේදී පියාගෙ අදහස ඕක නෙමෙයිනෙ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත සංවේදී පියාව මේ අය භක්ශනය කරනව ?

      Delete
  4. විල මැද බංගලාවේ තවත් මඤ්ඤං ඩයල් එකක්

    ReplyDelete
    Replies
    1. මෙහෙම මඤ්ඤං කතා කියන්න
      එයාට ඡන්දෙ දීපු ජනයා ගැන ජනතාව ගැන
      කොහොම හිතාගෙන ඉන්නව ඇතිද?

      Delete
  5. ලොකුම වැරැද්ද තමා ආදිවාසීන් කියලා නැති පිළිගැනීමක් ඇතිකිරීම මෙයාලට. මෙයාලගේ ආදිවාසිකමක් නැහැ. බොහොම හොඳට අපි වගේම ඉන්නවා. ගොවිතැන වගේම ව්‍යාපාරත් කරනවා. විශේෂ පිළිගැනීම් අයිතිවාසිකම් මෙයාලට අවශ්‍ය නැහැ. ඉන්න විදිහට ඉන්න දුන්නම ඇති.

    ReplyDelete
    Replies
    1. රයිට්! එයාල දැං ආදිවාසීන්නේ.(මතක තියාගන්න "වැද්දො" නෙවේ ආදිවාසීන්). ආදිවාසීන්ට ගොවිතැන් කරන්න බැරිද? කලිසං අඳින්න බැරිද? වාහන පාවිච්චි කරන්න බැරිද? එහෙම කලොත් එයාලගෙ "ආදි" වලට අවුල්ද?

      Delete
    2. නෑ නෑ එඛේම නෙවෙයි. දෙපිටකාට්ටු වැඩ බෑ. එක්කෝ අපිවගේ රස්සා කරලා කාලා ඇඳලා ඉන්න ඕනේ එහෙම නැත්නම් වැද්දෝ වගේ ඉන්න ඕනේ. එක වෙලාවකට වැද්දෝ තව වෙලාවකට මොඩ් ගොවියෝ තවත් වෙලාවකට තමන්ගේ වැදිකම සංචාරකයන්ට විකුනලා මුදල් ගරන්නෝ. ඒ අතරේ ආණ්ඩුවෙන් ආධාරත් බලාපොරොත්තු වෙනවා. අන්න ඒ වැඩ වැරදියි.

      Delete
    3. අනෙක් දෙපිටකාටුවො වගේම ඉතිං උනුත් සාමාන්‍ය මිනිස්සුනේ. අපි යනව වැද්දො බලන්න යනව කියල උන් ලඟට. උන්ට කරන්න පුළුවන් දේ තමි අපෙන් කීයක් හරි කඩාගන්න එක. ආණ්ඩුවට ඕනවුනාම වැද්දො මුරුංග අත්තෙ තියනව. ඊට පස්සෙ එයාල ආණ්ඩුවෙන් ආධාර ඉල්ලනව. තේරුම්ගන්න ඕන වැද්දො "වැද්දො" කරගෙන තියෙන්නෙ අපිමයි. ඒකට උන්ට බැනල වැඩක් නෑ.

      Delete
    4. Ano (උඩම)

      ආදී වාසී දිනය සමරන්න එපායෑ,
      ලෝකෙට පේන්න,
      අපි හැමටම සමාන ලෙස සලකන කස්ටියක්ය,
      ජාතියක්ය කියල පේන්න.

      Delete
    5. රාජ්
      ලොක්ක ගිහිල ෆොටෝ එකට
      මුරුංග අත්තේ තියපු එවුන් ගැන
      සංස්කුරුතික ඇමතිගෙ ගෝල බාලයො කියනව ඇත්තේ
      වෙනම කතාවක්,
      ඉතින් පොරට තදවෙනව,
      සන්ගුස්කුරුත තමයි එලියට පනින්නෙ

      මේ වැද්දන්ට නැත්නම් වැද්දන් කියල කියාගන එවුන්ට දීපල්ලකො ඩබල් කැබුත්, මුංගෙ අම්මලට....(මට සංස්කුරුතියත් අමතකවෙනව, බඩුවක් මොනව හරි ඉල්ලුව නම් තව කමක් නෑ, මේ ගස් ගඳ ගහන එවුන්)

      Delete
  6. ඕක මොකක්ද බං? අර රාමචන්ද්‍ර කලකට ඵරෙ ලියලා තිබුණු විදියට කළු කොල්ලෙක් හොඳ ටොයියෙක්ව කසාද බැඳීමත් වරදක්!

    http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2011/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය මාත් කියවල තියනව. එක්කෝ රාමචන්ද්‍ර කියනදේ කකාට තේරෙන්නෙ නෑ. නැත්තං කන්න ඕනකමට කබරගොයා තලගොයා කරනව.

      Delete
  7. ///'ඉස්සර සුද්දොත් කලු සුද්දොත් ඕව ලංකාවෙ අපිට කියන්න ඇති.''////
    දයාල්...
    මටත් ඕක හිතුනා නෙව..
    කොහොමත් වැද්දෝ ශිෂ්ඨාචාරගත වෙනවට වෙනවට මම කැමතියි.. ජීවමාන මිනිස්සු ක‍ටු ගෙවල් වල දාලා ආතල් ගන්න එක වැරදියි...

    ReplyDelete
    Replies
    1. අපේ වැද්දො ටික නැත්නම් වැද්දො කියල කියා ගන්න ටික අපේ ලොක්කො ටික පාවිච්චි කරන්නෙ ෆොටෝ එකට පමණයි. වැද්දො නෙමෙයි ගමේ සිරිපාලයගෙ කොලුවත් ටිකක් පිලිවෙලකට ඉන්නව බලන් ඉන්න බැරි එවුන් ඉන්න අපේ රටේ...

      Delete
  8. ඇමතියාට කොල්ලුපිටියේ බඩු ස්පොට් වල ක්‍රිකට් ගහන්න හොඳනම් අපි කැලේ ක්‍රිකට ගැහුවාම මොකද වෙන්නේ. හමුදාපතිට කියලා හිස කඳෙන් වෙන් කරනවා බලා ගනින් ඇමතියෝ... නැත්නම් දයාසිරි කරන්න හදනවා වගේ රහස් චන්ද නොතියා ප්‍රසිද්ධියේ රජාගේ දංගෙඩියට යවනවා.

    ReplyDelete
    Replies
    1. මේක හෙලුවෙන් ඉන්න දේශප්‍රේමීන්ගේ ලෝකයයි

      Delete
  9. වැද්දෝ කියන්නේ මිනිස්සු නෙමෙයි සත්තුයි කියලා හිතන ,උන් දිහා සතෙක් දිහාබලන විදියට බලන්න පුරුදු කරන සංස්කෘතික ඇමතිවරු ඉන්න රටක ඉපදීම අභිමානයක් නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ. වැද්දන් සමාජගත වියයුතුය ශිෂ්ඨාචාර ගත ජීවිතය අත් විඳිය යුතුය.වැද්දෝද මිනිසුන්ය අමුතු සත්තු ජාතියක් නොවේ අපට ගොස් බලා එන්ට.

      Delete
    2. Anonymous
      වැද්දෝ මිනිස්සු කොට්ටාසයක් නොවේ. ඔවුන් හැමදාම අපිට වැද්දන් කියා ඇමතීමට සරිලන සේ ජීවත් විය යුතුය.

      Delete
    3. Ano/morabba de morabba
      ඇත්තටම මෙවැනි ඇමතිවරුන් සිටින රට සුරපුරයක් නොවන්නේ කෙසේද?

      Delete
  10. දයාල් ගේ පොස්ටුව හයිකු කවියක් වගේ

    ReplyDelete
    Replies
    1. ඉවාන් පව්ලූශා
      හයිකු කවි කියල කියන කවි වර්ගය ගැන මගේ දැනුම බිංදුවයි

      Delete
  11. නමට හෝ ආදිවාසින් ඉදිම ලොකු බිසිනස් එකක් නේ බං...

    ReplyDelete
    Replies
    1. ඇත්ත.
      photos, .......වලට
      ලෝකෙට පරකාසේට

      Delete
  12. ආදිවාසීනුත් ක්‍රිකට් ගැහුවට මොකෝ මං අහන්නේ.. ඉස්සර සුද්දන්ට අපිවත් පේන්න ඇත්තේ ආදිවාසින් වගේනේ..

    ReplyDelete
    Replies
    1. මෙන්න අපේ සංස්කෘතියේ උත්තුංග ලක්ශන..
      වැද්දාව වැද්දා ලෙස තබා ගන්න...

      එතකොට අපිට හිංගල වෙන්න පුලුවන් නෙව?

      Delete
  13. හරියට හරි ඇමතිතුමෝ! එක එකාල තමුන්ගෙ පැටව් එක්ක ඒ ඒ විදියට ජීවත් උනාම මදැයි. රට පාලනය කරන්න නං ඔබතුමන්ල ඉන්නවනේ. ඔබතුමන්ලට බැරිවෙච්ච කාලෙට පුතාලට දූලට බෑනලාට බැරිය ඒ වැඩේ කරන්න නේද?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි එතුමා කියපු දේ හරය

      Delete
  14. මෙයා නේද ජිනාගෙ පොට් එකෙන් පැනලා ගිහිල්ලා බේරුනා කියන මෝඩ මීහරකා...

    ReplyDelete
  15. ''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
    http://yawwnayaa.blogspot.com/

    නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
    http://yawvanaya.blogspot.com/

    ඔය දෙකම ලියන්නේ

    පුංචී කුමාරිහාමිද
    චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
    ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ

    මේ තුන්දෙනාම

    එක්කෙනෙක්ද
    දෙන්නෙක්ද
    තුන්දෙනෙක්ද

    ReplyDelete
  16. ප්‍රිය ඇඩ්මින් වෙත,
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  17. අපරාදෙ .. ගල් යුගෙන් එලියට නෑවිත් අපි ඔක්කෝටම ඉන්න තිබ්බා හෙලිකුට්ටෙන්ම.. එහෙම හිටියානං අපේ ගල් යුග සංස්කෘතිය අදටත් තියෙයි .. ඉහිහ්හ් ඉහී ඇඬෙනවා.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්