Followers

Sunday, October 6, 2013

යූ ඇන් පී කාරයෝ තමන්ගෙ අයටම මෙහෙම සලකනව නම් බලය ලැබුනොත්?




මේ පින්තූර දැකීමෙන් මහිතේ ඇති වූ සිතුවිලි කීපයක්.

කවුද ජනතාවට හොඳටම තග දාන්න පුලුවන් පාර්ශවය.?
රනිල්ගෙද ? සජිත්ගේද ?

මෙන්න, මෙරට ජනතාවගේ හිත සුව පිණිස යූ එන් පියේ තවත් ප්‍රතිපත්තියක්
'පොල්ලට පොල්ල'

ඡන්ද දායකයිනි, භය වෙන්න එපා, ඔබේ ආරක්ශාව හා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් ලඟ එන පලාත් සභා ඡන්දයට පෙර හුරුවකි.

රනිල් මහත්මයෙකි, මෙය ඔහු දැනුවත්ව සිදු වූවක් නොවේ. හික්ස්

පලමුව එන්නේ කස කාරයෝය. හොඳ හොඳ සෙල්ලම් එන්නේ පසුවටය.

ලේ දැකීමේ පිපාසය ඇතිඋන්ට හොඳට නින්ද යන්න ඇති.

32 comments:

  1. ආරක්ශාව හා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් නිකම් පොදු මුගුරු නෙවෙයි පිස්තෝලෙම අරං වැඩ පෙන්නුවේ ජනාධිපත් උපදේශකයෙකු ලු නේද?

    ReplyDelete
  2. තමන්ගෙ අයට මෙහෙම කරනවනම් චන්දයක් දිනුවොත් වෙනත් පක්ෂවල අය ගෑස් කාමර වලට යවල මරයිද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. gas දැන් හරි මිල අධිකයිනේ...

      77, විරුද්ධ පාක්ශිකයින්ගේ ලේ විලක්
      83, දෙමළ මිනිසුන්ගේ ලේ ගඟක්

      88 -89 ඔය අත දරා සිටින පොලු කෙලෙවර තිබුනේ වද දී සතුන් මෙන් මරා දැමූ තරුණ තරුණියන්ගේ කපා දැමූ හිස්ය

      Delete
  3. why you dont see the things happenning in sandane.

    ReplyDelete
  4. Ethakota wedi thiyapu janadhipathi upadeshaka u.n.p. karayekda?/

    ReplyDelete
    Replies
    1. මිනිහා ඇඳන් ඉන්නේ නම් කොල පාට?

      Delete
  5. මේක රනිල් / සජිත් අවුලක් කියල මට පේන්නෙ නැහැ.

    මේක තම වැරදි වසාගෙන බලය රැක ගැනීම සදහා විපක්ෂය කුජීත කිරීමක්.. පොලිස් / රජය සහය නැතුව මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද?

    //යූ ඇන් පී කාරයෝ තමන්ගෙ අයටම මෙහෙම සලකනව නම් බලය ලැබුනොත්?// ඔබේ තර්කය අසාධාරනයි.. !

    ReplyDelete
    Replies
    1. ඔන්න ආවා ගොං සෑමා. මේක රනිල් සජිත් අවුලක් නෙවෙයිනං මොකක්ද ගොනෝ?
      හරි ඒකටත් අල්ලපං ආණ්ඩුව. උඹලට කවදාවත් දිනන්න බැරි ඔය සුරංගනා කතාව හින්දා තමයි.
      උඹේ තර්ක සාධාරණයි. පලයං පිස්සෝ යන්න. ගිහින් පොන්සේකගේ ලෙව කකා හිටපං.

      Delete
    2. සෑම නෙමේ ගොනා උඹයි ඇනෝ.
      ඇයි යකෝ වෙඩි තිබ්බෙ ජනාධිපති උපදේශකයෙක් නෙ බං.

      Delete
  6. /* යූ ඇන් පී කාරයෝ තමන්ගෙ අයටම මෙහෙම සලකනව නම් බලය ලැබුනොත්? */

    බලය ලැබුනොත් නිකං කොලොන්නාව වගේ වේවි!

    ReplyDelete
    Replies
    1. ඉතින් කකා කොලොන්නාවේ වැඩේ දුන්නෙත් ඔරිජිනල් යූ.එන්.පී.කාරයෙක්නේ

      Delete
    2. ඔරිජිනල් යූ එන් පී කාරයෙක් ඔව් !

      Delete
  7. මෙතැන තියෙන්නේ බතී ....රනිල් නැතිවුනොත් තමන්ට වෙනදේ ගැන මංගලගේ හිතේ ඇතිවුණු බය එලියට පැනීමයි. සජිත්ගේමෙහෙයුමට සැබෑ ආශීර්වාදය තියෙන්නේ කාගෙන්ද කියන එක එළිදරව් වීමයි කියන සිද්ධි දෙක.

    ReplyDelete
    Replies
    1. අපේ මව් බිමට විග්නේශ්වරන් වැනි දේශප්‍රේමීන්ගේ පිහිටයි!

      Delete
  8. පාර හේදුවා.. දැං වාහන දුවනවා...

    ReplyDelete
    Replies
    1. ආමර් වීදිය, සවල, පොලු හා 'කොලු' බලවේගය

      Delete
  9. ඇන්.එම්ත් සැරයක් කිව්වා කියනවා නේ යුඑන්පීයට බලේ දුන්නොත් ආපහු ගන්න ලෙහෙසි නැහැ කියලා.....

    ReplyDelete
    Replies
    1. ජේ ආර් සම්බන්ධයෙන් නම් එය ඇත්ත. ලාම්පු කලගෙඩි වලින් සෑහෙන කලක් ඇද්දනේ
      දැන් බලයේ ඉන්න අය සම්බන්ධවත් එය ඇත්තයි වගේ. 18වෙනි සංසෝදනේ වගේ ඒව ගෙනල්ල.
      ජේ ආර් මේතරම් දුරට ගියේ නෑ. ප්‍රේමෙට අනාගන්න දීල අත හෝද ගත්ත.
      අද රනිල් ඒක තමයි භය.
      කලාමැදිරියටත් භයයි

      Delete
  10. මටත් මතක් උනේ දයාල්ගෙ හෙඩිම

    ReplyDelete
    Replies
    1. 77, මට අමතක වෙන්නේ නෑ. ගෙවල් දොරවල් ගිනිබත් කොට මිනිසුන් මහ මගට ඇද දැමූ හැටි

      Delete
  11. නැත.. බතියෙනි...නැත; ලී කෙළි -අංගම් ආදී නෘත්‍යාංගයෙන් සැරැහි අලංකෘත පෙරහැරක් හෙළ සංස්කෘතිය මොනවට පිරිසිඳි, එ ජා ප ය විසින් සංවිධානය කැරැ තුබුණි. මෙහි දී ලී කෙළි නළුවකුගේ හුදු අත් වැරද්දකින් වැරැදි සංඥාවක් ලද තවත් 'ජනාධිපති උපදේශක' නමු වූ නළුවකු පෙරහැරාංගයක් නොවූ ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වීම පමණකිය මෙහි සිදු වී ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. ඒ වගත් එසේමැයි නිරිඇල්ලයිනි, තවද ලොකු තැනකදී ලියැවුනු වීදි නාට්‍ය පිටපත අනුව ඇත් අස් පා රිය බල පෙරටු කොට ගත් අනාගත දකුණු ලක දිව්‍යලෝකයක් කරනට සපත කර ඇත්තාවූ රජ පවුල ඇතුලු සියලු පාර්ශ්වයන්ට නෑ කම් කියන්නා වූ මහේශාඛ්‍ය රජ දරුවන් පිරිසක් කොලොම්තොට බලා පා ගමනින් යද්දී බලා සිටීමට ඉහිලුම් නැති පොලු දික් කර ගත් 'කොලුකාර' හමුදාව කොල්ලන්ට පොලුවලින් තැලුවා පමණි.
      ලොක්කා ආසනයෙන් නැගිට වහාම ආපසු ආසනාරූඩ වූ වගයි.

      Delete
  12. අනේ මඤ්ඤොක්කා දයල්......වෙඩි තිබ්බේ ජනාධිගේ ඇඩ්වයිසර් කෙනෙක්.උගේ පුතා සජිත්ගේ පලාබබෙක්. වෙඩි කෑවේ රනිල්ගේ පලාබබෙක්. වෙඩිතියපු එකා ගාව ඌව හුරතල් කරන්නේ ආන්ඩුවේ නාගරික මන්ත්‍රී කෙනෙක්. සම්පූර්ණ නිවුස් එක දෙන්නේ හිරු එකෙන්...නිවුස් එක වහන්නේ සිරසෙන්....වෙඩි තියපු එකා ඇරෙස්ට් කරන්නේ දවසකට පස්සේ. ඌ දැන් ඇඩ්වයිසර් නෙමේලු. රනිල් කියනවා වීදී සටන්වලට කාලේ හරිලු.සජිත් කියනවා තොපි ඔක්කොම පොන්නයලු. වෙඩි තියපු එකාගේ පුතා අස්වෙනවලු තාත්තා උපදේශක කියලා ඔප්පුකරොත්.
    හෙට අනිද්දා කියයිද දන්නේ නැහැ පුලුවන්නම් තාත්තා කියලා ඔප්පු කරන්න කියලා.

    පිස්සු වගේ දයල් ..මටත් වෙඩි තියාගන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. පිටපත හදිසියේ ලියැවෙන කොට වෙන පොඩි පොඩි අඩු පාඩු, ඔය එකෙක් දෙන්නෙක් ගුටි කෑවට මොකෝ, ලොක්ක ආයි පුටුවෙ නොවැ!

      Delete
    2. ඔව් ඔව්...පිටපත වැරදුණු Battle Of The Royalists එකක්.

      Delete
  13. දයා මේක යු.එන්.පි වේවා.ශ්‍රී ලංකා වේවා,මොකා වුනත් බලයට තියෙන කෑදරකම නිසා මේ වාගේ දේවල් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. තොපි කෑවා ඇති අපිටත් කන්න දියව්

      Delete
  14. මේවා චින්තනේ ප්‍රතිඵල....මහ අලි දෑත ශක්තිමත් කරන්න ගියාම...පොඩි උන් පිස්සු කෙලිනවා...ඇත් ගොව්වා වගේ වගක් නැතුව නිදි...

    ReplyDelete
    Replies
    1. බොරුවට නිදන හොර අලි
      නැගිටවන්නට
      පොඩි පොඩි අලි ගුටි කෙලි

      Delete
  15. METHANA UNE SAK KILI VS. UNP NE.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්