Followers

Monday, October 14, 2013

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති එකීය පුද්ගලයෙකුගේ මල මිනියකට ගෙවන වටිනාකම වැඩි වී ඇත. Conditions apply

ඉස්සර උතුර නැගෙනහිර යුද්ධෙට ගිහින් මැරෙන කෙනෙකුට ලංකාණ්ඩුවෙන් ගෙව්වෙ රු 75000. පුර හඳ කලුවර චිත්‍රපටියේ මහිතන්නෙ කියවෙන්නෙ ඒ වගේ ගානක්. එල් එල් ටී ටියෙන් කීයක් ගෙව්වද දෙයියො තමයි දන්නෙ. මේ ලඟදි කතන්දරත් අහල තිබුන මල මිනියක වටිනාකම ගැන.


  • රතුපස්වල විරෝධතාවලින් මැරෙනවානම් එක පුද්ගලයෙකුට ලක්ශ දෙකයි.

  • එක පවුලේ දෙදෙනෙකු මලොත් ගාන දෙගුන වෙනවාදැයි තවම දන්නේ නැත.

  • වෙලඳ කලාපයේ වෙඩි තැබීම්වලින් මලොත් ගාන ශුවර් නැත.

  • මැදපෙරදිග  ගොස් රජයේ උදහසට ලක්ව මරණීය දඬුවමකට ලක්ව මලොත් රණ විරුවන් විසින් ශක්තිමත්ව ගොඩ නැගූ ලක්ශ 5ක පමන වටිනා ගෙයක් ලැබේ.

  • මැද පෙරදිග හා වත්මන් ලෝකයේ පවතින නව වෙලඳ ඉසව් ගැන ශ්‍රී ලාංකික අපට ඇති දුරවබෝධය නිසා හෙජ් ඩීල් වලින් හා ග්‍රීසිය වැනි ආරක්ශිත වෙලඳපලවල වල ආයෝජනවලින් පරාදව අහිමිවනවාට වඩා හා නිදන් හෑරීමේ කර්මාන්තයෙන්  හා වටිනා කෞතුක වස්තු අපනයෙන් අහිමි වනවාට වඩා  ලාංකික ආර්ථික දේහයට විශාල විදේශ විනිමය ප්‍රමානයක් අහිමි වී යයි. එනම් ගෘහ සේවිකාව පිට රට යවන විට වකුගඩුවකට අක්මාවට ඇස්වලට තව හොඳ ඩීල් එකක් දාගෙනම යන්නේ නම් ගෘහ සේවිකාවකට( එනම් මරනකරු ) හෝ මල මිනියේ නීත්‍යනුකූල අයිතිකරුට විශාල නැතත් ඒ ඉන්ද්‍රියද  දන්දී නොමිලේ දස මහ දුකම විඳ එනවාට වඩා යම් ආර්ථිකමය සපලත්වයකට එළඹීම රටටද සුභ පල ගෙන දෙන මහර්ඝ ඵල මහානිසංස ලැබෙන පුණ්‍ය ක්‍රියාවක්ද වන්නේය. GDP ද ඒක පුද්ගල ආදායමද  ඉහල අගයකට යනු ඇත. තව තවත් ඇමති තනතුරු ඇති කොට ආශ්චර්‍යට වඩා ලංවිය හැකිය.

  • ගෘහ සේවයට මැදපෙරදිග ගොස් ජේසු තුමාට මෙන් ඇණ/වැදී ගසා ලංකාවට පණ පිටින් ආවොත් ආණ්ඩුවෙන් සතයක් වත් නොලැබේ. මන්ද  පැරණි 'කැලණි පිළිවෙත' අනුව ඇණ තමන් විසින්ම ගහගැනීමට ඉඩ ඇතැයි යන සැකයේ වාසිය මැද පෙරදිග ධාර්මික ගෙහිමියනට ලැබෙන බැවිනි.

  • නව ටෝනි ඇබට් පරිපාලනය යටතේ ඔස්ට්‍රේලියානු රජය චොගම් වලට පැන ගෙන එන නිසා කලින් ගෙවමින් සිටිය මුදල් තබා ඔස්ට්‍රේලියානු බිමටවත් නොගෙන මල මිනිය පමනක් එව්වත්  රජය මේ දිනවල අප්සට් එකක් නැතුවම බාර ගැනීමට ඉඩ තිබේ. රටට ජනතාවට ආදරයක් ඇති දුර දක්නා පක්ශයක් වන එජාපය මේ පිලිබඳ සිය ප්‍රතිපත්තිය රනිල් කරූ සජිත් ත්‍රිත්වය හෙට රැස්වෙන බැවින් එහිදී ප්‍රමුඛතාවය දී කතා බහ කර විසඳුමකට එනු ඇත.



පහත පල වන්නේ දෙරණ නිව්ස් එකකි.





සෞදි අරාබියේදී මරණ දණ්ඩනයට ලක් වූ රිසානා නෆීක්ගේ පවුලේ සාමාජිකයින්ට නව නිවසක් ඉදි කර දී තිබේ. 

මුතූර්, සාෆි නගර් ප්‍රදේශයේ ඉදි වූ මෙම නිවස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා විසින් අද පෙරවරුවේ රිසානාගේ පවුලේ සාමාජිකයින්ට පිරි නැමූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. 

යුද හමුදා සෙබළුන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදි කර ඇති මෙම නිවස සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ යුද හමුදා මූලස්ථානය මූල්‍යමය දායකත්වය ලබා දී ඇත. 

නව නිවාස සඳහා සියලු ගෘහ උපකරණ ද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සපයා දී තිබුණි. 

22 comments:

  1. එකම රටේ වුණත් මළ මිනියක වෙන්දේසි වටිනාකම අඩු වැඩි විය හැකියි!

    ReplyDelete
    Replies
    1. පස්සෙයි දැක්කේ!

      අනේ අපේ ඒකිය පුද්ගලයා මැරිලා ද?

      ඒකීය පුද්ගලයාට නිවස් සුව පතමි. සමාදනයේ සැතපේවා!

      Delete
    2. සමාවෙන්න,යන විදියට
      නැත මල මිනියටත් RIP නිදහස නැත.

      මල මිනි වලින් රටට වැඩි ආදායමක් ලැබෙන බව පෙනෙන නිසා අනාගතයේදී මල මිනි ඇමති තනතුරක් හා උප ඇමති තනතුරක් පාර්ලිමේන්තුවේද හැම පලාත් සභාවේම ඇමති හා උප ඇමති තනතුරුද ඇති වීමට නියමිතය.

      තවදුරටත් ඒ කර්මාන්තය වර්ධනය වන්නේ නම් කැවුතු ඇමති, බඩ කැවුතු ඇමති, වකුගඩු ඇමති, පxය ඇමති, අක්ශි ඇමති, අත පය ඇමති ආදී වශයෙන්ද
      තවත් නව දිශාවකට යමින් නීතිගත හා නීතියෙන් පිටත දරු තවාන් වශයෙන් විවිධංගීකරණයට ලක්වීමට ඉමහත් ශක්‍යතාවයක් පෙන්නුම් කරයි.
      විදේශ විනිමය සුනාමියක් මෙය විත් අප රට සුඛිත මුදිත කරනු ඇත.

      Delete
  2. Replies
    1. සහතික නොකල ඇත්ත යනුවෙනුත් යම් බොරු වර්ගයක් ඇති?

      Delete
  3. rizana marunama thamai pawle ayata harigiye.
    jaraa wadak. demawpiyange waradinui e kellata ehema une.

    ReplyDelete
    Replies
    1. ජීවත් වෙනවාට වඩා,
      මැරෙනකොට පවුල් වලට හරියන බව තමයි ඒ අයට පෙන්වන්න ඔනේ.

      එතකොට මැරුනත් මොකෝ ඉන්න එකෙකුටවත් හරියනවනේ කියල හිත හදාගෙන මැද පෙරදිග යනව.

      Delete
  4. මුදලේ හැටියට තමා වටිනාකම වැඩිවෙන්නේ කියලා කතාවක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඩොලර්ද යෙන්ද පවුම්ද කියන එකද?

      Delete
  5. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් නගර හදනවා..
    ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් ගෙවල් හදනවා..

    ReplyDelete
    Replies
    1. ගොඩ නගන එක නම් වරදක් නෑ.
      ගොඩ නැගෙන අයට තමයි වාසිය.
      ජනතාවට පොලිය.

      Delete
  6. බතිත් හෙමීට ගින්දරයි පුළුනුයි ලං කරනවා නේද ...?

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වෙ රනිල්වයි සජිත්වයිද?

      Delete
  7. කොහොමත් ජනතාවගේ අති බහුතරය කැමති තම කුස උපන් දරුවකු වෙඩි උණ්ඩයට බිලිදී හෝ සංවේදී නායකයා සමග (මර)මගුල් පින්තුරයක් පත්තර වල දාගෙන,එකේ රාමු කොරෝපු පොටෝ එකක් ගෙදර කැබිනෙට්ටුව උඩ තියන්,අපේ මොළ කොලොප්පන් කරන්නව නොවැ.
    ඒව දකින සංවේදී කෙනා එයාගෙ කැබිනේට්ටුවෙත් පොටෝ වැඩි කොර ගන්නව.

    ReplyDelete
    Replies
    1. මේ යන විදියට ගියොත් නුදුරු අනාගතේ වකුගඩු ඇමති, කැවුතු ඇමති, බඩ කැවුතු ඇමති, ආදී වශයෙන් තව පොටෝ රාසියක් එක්වෙනු ඇත.

      Delete
  8. ඉතින් බලන්නකෝ ඔය මල මිනිස්සුන්ගේ නෑදෑයෝ එක්ක ගහන ෆොටෝ වල ඒ නාදයෝ ටික හිනාවෙලා ඉන්නවා, ජනාධිපති තුමා බොහොම දුකෙන් ඉන්නවා... ඉතින් කවුද සංවේදී....?

    ReplyDelete
    Replies
    1. // ඉතින් කවුද සංවේදී....?///මැරිච්ච් මිණිස්සු!මැරිච්ච් මිණිස්සු!

      Delete
    2. ඔස්කාර් දෙන්නෙ වැරදි මිනිසුන්ට?

      Delete
  9. කාක්කපල්ලියේ අනුරුද්ධ හාමුදුරුවන්ට එක මිළක්....කිරිවෙහෙරේ සෝරතට එක මිළක්....

    ReplyDelete
    Replies
    1. ඒ මිල ගනන් සහතික කරපු කොලේ ඒ ඇත්තො හංගගෙන තියෙන්නේ.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්