Followers

Wednesday, October 9, 2013

අහෝ අල්ලා දෙවියනේ ඔබ තුමාටවත් මේවා නොපෙනේදෝ- Dear President Mahindha, Can You Say No to Saudi Arabia please? Is Sri Lanka exporting animals for Saudi's to Torture

ඇණ වලින් හිල් කරලා ‍ලේ ගන්නවා

යකඩ බට රහස් පෙදෙසට දාලා ලේ ගන්නවා
මිහිපිට අපායෙන් මෙරටට ආ අලගුමලී වින්ඳ දුක කියයි
2013 ඔක්තෝබර් 08 04:25 p.m
sau1වසර දෙකක් තිස්සේ සෞදි අරාබියේ අමානුෂික ද විඳි ශී‍්‍ර ලංකීය කාන්තාවක් ඉකුත් සිකුරාදා (04) ලංකාවට එවීමට කටයුතු කර තිබේ.   වසස අවුරුදු 37 ක්වූ විවාහක කාන්තාවක් වන අලගුමලී පාපාති තම්බදි නැමැත්තිය බළන්ගොඩ එග්ස්ලේන් වත්තේ පදිංචිකාරියකි. දරුවන් සිව්දෙනෙක් වන අතර එක් අයෙක් ගැහැණු දැරියකිසැමියා වූ සුබ‍්‍රමණියම් මාරිමුත්තු තේවත්තක රැකියාව කරයි.
sau3
සිහි නොමැති කාන්තාව මීගමු රෝහළේ මූළික ප‍්‍රතිකාර ගෙන 09 වැනිදා රාතී‍්‍ර 730 ට පමණ බළන්ගොඩ මුලික රෝහළට රැගෙන විත් තිබේශරීරය පුරා පිලිස්සුම් තුවාල හා තැන්තැන් වල ඇණ ගසා ඇතැයි සැළකෙන ස්ථානයන්හි තුවාළ සහිතව මේවන විට නේවාසිකව ප‍්‍රතිකාර ගනු ලබයි. හිසෙහි හා අත්වල මෙසේ ඇණ ගසා ඇතැයි කියනු ලබන අතර වම් අතේ අත්ල කොටස එරට නිවසේ වූ ස්වාමියා පහරදී කැඩී ඇතැයිද ඇය පවසයි.
sau4
ඇය සමඟ ඇගේ සැමියාගේ සහෝදරයා ගේ බිරිඳ සාත්තුව පිණිස සිටිය අතර කාන්තාව ඉතා විඩාබර හා පිරිහුණු සෞඛ්‍ය තත්වයකින් පසුවූ අතර හඬ අවදි කළේද ඉතා අපහසුවෙනි. අලගුමලී බැලිමට මා සමඟ බළන්ගොඩ ශී‍්‍ර සුදර්ශන විහාරවාසී බළන්ගොඩ සමාජ සංවර්ධව පදනමේ අධ්‍යක්ෂ ඉඹුල්පේ විජිතවංශ හිමියෝද එක්වූහ. අලගුමලී අමාරුවෙන් වත්තන්ව අපට මෙසේ කීවාය. අවුරුදු දෙකක් වෙනවා රස්සාවක් කරන්න සෞදියට ගිහින්. අද වෙනකම් සතපහක්වත් දුන්නේ නෑ. පඩි නෑ.   කන්න දුන්නෙ නෑ.sau2
බත් දුන්නෙම නෑ. නිතරම ගහනවා. රත්කරපු තෙල් ඇඟට දාලා ඇඟ හැමතැනම පිච්චුවා. සමහර දවස්වල සපත්තු දාගෙන මාගේ බ ඩ පාගාගෙන ඉන්නවා. ගෙදර කට්ටියම ඇණ ගහලා බෝතල්වලට ලේ ගන්නවා. සමහර දවසට යකඩ බට රහස් ප‍්‍රදේශයන්ට ඇතුල් කරලා තුවාලකරලා ලේ අරගන්නවා. ඒ ලේ අරගෙන උදේට යනවා, කොහේ යනවාද දන්නේ නෑ.
sau5සිකුරාදා ලංකාවට ආවා .ප්ලේන් එකට නැග්ගට පස්සේ සිහිය නැතිවුනා. කටුනායකින් බහිද්දි ප්ලේන් එකේ ආපු අය එම්බසියට බාරදුන්නා. ඊට පස්සේ මීගමුවේ රෝහලකට ගෙනිහින් බෙහෙත් අරගෙන දිගටම බළන්ගොඩ ඉස්පිරිතාලෙට ආවා. මිසී කෙනෙකුත් ආවා. එම්බසි එකේ අය තමයි මෙහාට ගෙනාවෙ. මං හුඟාක් දුක්වින්දා. මං හිටපු ඒ ගෙදරට තව ලංකාවේ ළමයෙක් අර ගත්තා. දුප්පත් කමට රට ගියත් අන්තිමට එන්න වුනේ මෙහෙමයි.” යනුවෙනි.
බෙලිහුල්ඔය ලාලනී රත්නායක

16 comments:

  1. allata henama gahapan

    ReplyDelete
  2. ලංකාවේ මිනිස් ජීවිතයක වටිනාකම කොච්චර අඩුද?

    ReplyDelete
    Replies
    1. කාලයක් තිබුනා ජීවිතයක වටිනාකම බුලට් එකයි දැන් බැලට් එකයි, සවුදි යන අයගේ වටිනාකම යකඩ ඇණ කීපයක් හෝ උතුරන තෙල් ස්වල්පයක්

      Delete
  3. ඒක අල්ලා දෙවියන්ගේ කැමැත්ත

    ReplyDelete
    Replies
    1. Allah umbe ammage hora minihada

      Delete
    2. AnonymousOctober 9, 2013 at 6:39 PM
      යමක් තේරුම් ගැනීමට මොලයක් නැතිවීම ගැන දුක්වීම හැර කුමක් කරම්ද?

      Delete
    3. මුස්ලිම් නොවන අය හරාම් ලෙස සලකන අයත් ඉන්නවානෙ

      Delete
  4. ඔය ඉන්නේ නියම රට විරුවෝ.. දාමු තව ලොකු සාජ්ජයක්..

    ReplyDelete
    Replies
    1. ඔව් හොඳ සද්දෙට
      මිනිස්සු අඬන අඬ නෑහෙන්න

      Delete
  5. යකෝ අපේ රටේ ඉන්නෙ ටී.
    වී එකක් රේඩියෝ එකක් ඇහෙන්නෙ දකින්නෙ නැති මිනිස්සුද??

    කොච්චරවත් ඇහෙනවද ඔය වගේ සීන්...

    ඒත් ඇයි තාමත් මිනිස්සු යන්නෙ....

    ගියා කියල සල්ලි පොඩි ගහන්න පුලුවන්ද?? මොකද ගොඩාක් හම්බු වෙනවද??

    අපේ රටේ බඩගින්නෙ මිනිස්සු මැරිල කියල කොහේවත් කියල තියෙනවද??

    මොලයක් නැති නිසා තමා ඔහොම වෙන්නෙ....

    දැන දැන යනව... ගිහිල්ල මොනව හරි උනාම රට වටේටම බනිනව....

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එකත් ඇත්ත
      ඒත් දැන දැනත් යන්නෙ නොකර බැරි තත්වයක් ඇති නිසානේ.
      ඒජන්සි කාරයො නං ඉතින් බෝධිසත්වයොනෙ

      Delete
  6. අපේ නපුංසක පාලකයන්ට ඇයි තවමත් සවුදියට ගෑණු යවන එක නතර කරන්න...ඔය රටවල් වග තියෙන තානාපති කාර්යාල වලින් ශත පහක වැඩක් මේ අසරණ මිනිස්සුන්ට වෙන්නෙ නෑ..උනුත් සමහර විට මේවට හවුල්...

    ReplyDelete
    Replies
    1. තානාපති කාර්‍යාල අරක් ගෙන ඉන්නවුන් සවුදි ගෙවල්වල ඉන්න මාරයන්ට වඩා හපන්ලුනේ.

      Delete
  7. ලොක්ක ගෙ පුක ලෙව කන මාරයා මල්ලට මේවා පෙනීයන්.

    ReplyDelete
    Replies
    1. රට ගිය වෙලාව වැරදි ඇති

      Delete
  8. තම්බිල කියන්නෙ ම්ලේච්ඡයො,කැලෑ සත්තු වගෙ පිරිසක්

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්