Followers

Thursday, October 10, 2013

යාල්පානම් නොගොස් මග (වවුනියාවේ) නවතින දකුණේ 'චේ' ලා, Why Southern Che-s stop short to Yaalpaanam, at Vauniya, their mobike rally should have proceeded to Kilinochchi where the ''wrong recipied Ex -North big Che- f'' is from


සමසමාජ කාරයන්ට බෝඩ් ලෑලි කාරයො, ත්‍රී වීල් පක්ශ කාරයො කියල කිචේ දැම්මට ඒ ඇත්තො ඒ පොදු ජනතාවගෙන් හා ජනතා සටනින් වියෝ වුයේ නෑ. හැම දාම පොදු ජනතාවගේ පැත්තේ ඉඳිමින් වැරදි ලෙස හෝ එක්සත් පෙරමුනු උපාය යොදමින් සිය ඡන්ද පදනම් සෝදා පාලු කරගනිමින් හෝ එල්ලී සිටියා. තවමත් සිටිනවා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. සුලු ජාතීනට ලැබෙන සුලු හෝ සහනයක් වෙනුවෙන් පෙනී සිටිනවා.

සමසමාජය ප්‍රමුඛව වම එදා සිට පෙනී සිට සුලුජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් කරගෙන ආ කර්තව්‍යයන්වල ආයෝජනයන්වල, මල් පල ගැන්මක් වශයෙන් පලාත් සභා ඡන්දයත් විග්නේශ්වරන්ගේ ජයග්‍රහනයත් ඔහු ජනපති ඉදිරියේ දිවුරුම් දීමට ගත් තීරණයත් සඳහන් කිරීමට කැමත්තෙමි.

පැරිසියෙන් විසිවුනු දයාන් ජයතිලක කියා තිබුනා දකුනේ පොඩි පොඩි පක්ශ තමයි මේ උතුරෙ අයව (දයල් බතීට හිතුනේ ඒ අය බබ්බුද  කියල) නරක් කරන්නේ, ඒ කියන්නෙ ඔවුන්ගේ ස්වයංතීරන අයිතිය වෙනුවෙන් සමහර පක්ශ පෙනී සිටින නිසා වෙන්න ඇති.

ඒ වගේම ගුණදාස අමරසේකර ලොක්කත් කියල තිබුන මේ වාසු බාහු දෙන්න තමයි උතුර නරක් කරන්නෙ කියල.

ඇත්තටම දෙතැනක හිටියත් ඒ දෙදෙනාම නියෝජනය කරන්නේ සමසමාජ මූල ධර්ම තම තම විශ්වාසයන්වල ප්‍රමාණ අනුව. මේ පක්ශවලට වෙන වෙනම ඡන්දෙ දෙන කස්ටිය ත්‍රී වීල් එකේ දාගෙන යන්න පුලුවන් උනාට, සමසමාජය, පසුගිය දසක හත අට ඇතුල  ශ්‍රී ලාංකික සමාජය තුල ආයෝජනය කල සම්පත්වල හා අදහස්වල ප්‍රතිපලය හා බලයයි. ඒක තමයි ඒ අයට මග නොනැවතී යාල්පානම් දක්වා යන්න ඇහැක් වෙලා තිබෙන්නෙ.

හොර හිත තියෙන අයට මග නවතින්න වෙනව.
ජනතාව කිලිනොච්චි යනව; දකුනෙ චේල ටික මග නවතිනව.

 චේ ගුවේරා කියන්නෙ ලෝකෙටම අයිති වස්තුවක්. හරි නම් ඔහුගේ මතකයන් අරගෙන යන්න ඕනෙ උතුරෙ කෙළවරටම. ප්‍රභාකරන්ගෙ ගමටම. (මං කලින් ලිපියක ලියල තිබෙනව, විජේවීරගෙත් ප්‍රභාකරන්ගෙත් ගම්වල හා පසුබිම්වල තිබෙන සමානකම්. ) එයා  තමයි රෙසිපිය වරද්ද ගත්ත ලොකුම Che-f.

 අපි හැමෝම මනුශ්‍යයයෝ වැරදි කරනව. ඉතිහාසය විසින් සමහර විට වැරදි තීරන ක්‍රියාමාර්ග ගන්නට අපිව පොළොඹවනවා. ඒ වැරදි හදාගන්න එක දේව ගතියක් කියල අපි අහල තිබෙනව.
එතකොටයි අපිට දේශපාලනේ කතාකරන්න පුලුවන්. 
ධනපති පංතියෙන් Best Deal එක ගන්න පුලුවන් වෙන්නෙ ඒ ප්‍රමාණයටයි. දෙමල පීඩිත ජනයාව, විග්නේශ්වරන් නියෝජනය කරන දෙමල පීඩකයන්ගෙන් බේරාගැනීමට ලැබෙන්නේත් ඒ ප්‍රමානයටයි.

අපිට දැන් විග්නේශ්වරන්ගෙන් ඉල්ලා ගත යුතු දේ ඇත.

වහාම යුද්දයේ අනාතයින් පදිංචි කරව්.
උතුර සංවර්ධන වැඩ පිලිවෙල එළියට දමව්.

අපිව, එනම් සිංහල යකාව පෙන්න පෙන්න දෙමල පීඩිතයාව ගොනාට ඇන්ඳු කාලය ඉතිහාසයට එක් කල යුතුව ඇත.

-------

10/10/13 දිවුරුම් දීමෙන් පසුව විග්නේශ්වරන් මහතා කල කතාව ඉන්ග්‍රීසි/සිංහල (සිංහල පරිවර්තනය- දයල් බතී)  බසින් පහත දැක්වේ.


---------------------------------------------------------------------

Wigneswaran, Chief Minister NPC, addresses Sri Lankans: “I Took Oaths A Little While Ago”

C. V. Wigneswaran
WI8GNESWARAN 11
මඳ වේලාවකට පෙර මා දිවුරුම් දුන්නා මගේ තනතුරේ වැඩ විශ්වාසදායිකව ක්‍රියාත්මක කරන බවට. මගේ තනතුර මගේ ජනතාව විසින්  දුන් තෑග්ගක් ලෙස මා සලකනවා. ඒ ජනතාව මට ජනවරම දී තිබෙනවා  කෙටි කාලීන හා දීර්ග කාලීන දැක්මන් හා උවමනා එපාකම් සලකා  කටයුතු කරන්න. පලමුවට සඳහන් කල කරුණේ අර්ථය නම් අපේ පෞද්ගලිකත්වය ස්ථිර කර ගැනීමේ අවශ්‍යතාවයයි. එසේ කර ගැනීමට නම් අපි පෙර අරගලවලින් ඉගෙන ගත් පාඩම්ද, පෙර තිබූ දේශපාලන ඉදිරිදැක්මන්ද පෙර අත්දැකීම්ද එකතු කොට ඉදිරියට යා යුතුව තිබෙනවා. මේ මොහොතේ කළ යුතුව ඇති දෙයක් නම් අනෙක් ජන කොටස් වල සිත්සතන්වලට රිංගා තිබෙන වැරදි අවබෝධ හා සැක සංකා දුරු කරලීමට කටයුතු කිරීමයි. ඒ අභ්‍යාසයේ එක් පියවරක් ලෙසයි රටේ ජනපති ඉදිරියේ දිව් රුම් දීමට අපි තීරණය කලේ. අපි විශ්වාස කරනවා අපේ තීරණය අපේ සහෝදරයනට අවශ්ය පණිවුඩය ගෙනයාවී එනම් අපි අපේ වෙනස්කම් එකීය ලංකාවක් තුල බේරාගන්නට අපේ ඇති කැමත්ත. අද අපේ ක්‍රියාව අප ඉදිරියේ වහම කලයුතුදෙයක් ලෙස තිබෙන යුද්ධයෙන් බැට කෑ මිනිසුන්ව මුදවාගැනීමට රුකුලක්වනු ඇත. මා විශ්වාස කරනවා සිංහල ජනයා සිය උපරිම උත්සහය යොදාවි කියල ඔවුනගෙ දේශපාලන නියෝජිතයින්ව හැකි හැම අයුරින්ම උනන්දු කරාවි කියල කරදරයට පත්වූ විසිරුනු දෙමල කතාකරන  ජනයා වෙසෙන පලාත්වලට එලියක් ලබාදෙන්න. මා බලපොරොත්තුවෙනවා, මගේ සිංහල සහෝදර සහෝදරියන් ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන්ගේ හිත් නම්මා ගනීවි කියල, අභ්‍යන්තර සවයං තීරන අයිතියෙන් වෙන්නේ රට එකතුව ඉදිරියට යනවා මිස කැඩීමක් නොවේ කියල. මා හදපතුලෙන්ම ඉල්ලනවා සිංහල ජනයාගෙන් ඔබ ඔබේ භාශාවට සම්ප්‍රදායනට කෙතරම් ගරු කරන්නේද ඒ තරම්ම දෙමල ජනයාත් ඔවුනගේ භාෂාවට හා සංස්කෘතියට ආදරය කරන බව වටහා ගන්න කියල. මේ තේරුම් ගැනීමෙන් ප්‍රචන්ඩතවයට ඇති ඉඩකඩ අහුරයි.  මේ තේරුම් ගැනීම, කාටවත් බලෙන් පැටවීමට  හැකි දෙයක් නොවේ. මෙය හදවතින්ම තේරුම් ගැනීමෙන් අපි සාම හා සහෝදරත්ව මාවතේ ගමන් කරනු ඇත. ඒ අනුව අපේ සරල හා සංකේතාත්මක මේ ක්‍රියාව අපේ දිවයිනේ ප්‍රජාවන් දෙකේ සමගියට මඟ ඇරේවා. දෙවියන්ගේ පිහිට ලැබේවා!
I took oaths a little while ago this morning undertaking to faithfully perform the functions of my office. My office is a gift from my people. They have mandated me to perform my duties on a long term as well as a short term perspective. The former behoves us to confirm our individuality. To do so we have to learn lessons from our struggles of the past, our previous political perspectives and our past experiences and then forge ahead. It is the need of the hour that we remove the misunderstandings and doubts that have crept into the minds of various communities. It is as a part of such an exercise that we decided that I take oaths before the President of this Country. We believe our decision would convey to our brethren our desire to settle our differences within a united Sri Lanka. Our action today buttresses our close–up perspectives too, in that we expect to bring immediate relief to our war affected people. I hope the Sinhala people would endeavour to prod on their political representatives in every manner whatsoever to bring sunshine into the lives of our disturbed and affected Tamil speaking people. 
I expect my Sinhala brothers and sisters to impress upon their political representatives that internal self determination does not divide the country but facilitate a journey on the path of unity. 
I sincerely ask the Sinhala people to realize that to the same extent the Sinhala people cherish and respect their language and culture so do the Tamil speaking people cherish and respect their own language and their traditions. There is no place for violence in this realization. 
None could force such realization. It is such sincere realization that would take us all on the path of peace and brotherhood. 
Therefore let my simple symbolic act today pave the way for the unity of the people of the two communities in our Island. May Divine blessings be with all of us!
Justice
Chief Minister, Northern
Provincial Council

13 comments:

  1. බති මේ උතුරේ ප්‍රශ්නේ ගැන බලන්න ඕනේ වෙනම කෝණෙකින්.. එහෙම නැතුව ධනපති , දෙමළ වැසියන් , සංවර්ධනේ අරක මේක ගැන කියව කියව නෙවේ... බලතල බෙදීම් අරවා මේවා නැතුව වැඩේ කරන විදිහ ගැන මෙහෙම කතා කරන්න බැහැ... ඔක්කොටම කලින් මේ රටේ උනේ මොකක්ද දැන් වෙන්නේ මොකක්ද කියලා දැනගන්න වෙනවා...

    එහෙම නැතුව බැහැ...මේවා මෙහෙම කරන්න බැහැ බති...

    ReplyDelete
    Replies
    1. what is this "වෙනම කෝණෙ", tell us, will u?

      Delete
    2. ඔව් අනිවාර්යෙන්ම කියනවා මගේ ඊළඟ පෝස්ට් එකකින්..ඒ පොස්ට් එක දැම්මම මම මෙතන ලින්ක් එකක් ෂෙයාර් කරන්නම්...

      ඊට කලින් මම " යුධ හමුදා බංකර් ගැන ලිපියක් ( යුධ සිහි වටන සහ යුධ අවි අතර වෙනස නොදන්නා අය සඳහා පමණයි ! ) " නමින් පෝස්ට් එකක් ලියනවා... ඒකත් බලන්න ... එවැනි දෙයක් තේරුම්ගෙන ඉඳීම වටිනවා මුළින්ම....

      Delete
    3. SilentSahan
      එහෙනම් අපි බලං ඉන්නවා ඔබගේ ලිපිය එනකම්!

      Delete
  2. උතුරේ ජනතාව, දේශපාලකයන් මහා ජාතියෙන් එල්ලවෙන පීඩනයට එරෙහිව නැගී සිටින්නට උත්සාහ කළා එතකොට ඔවුන්ට තිබුනේ එක අරමුනයි . දැන් තත්වය වෙනස් , ඔවුන්ට දැන් විරෝධතා දක්වමින් සිටීමට අමතරව ඔවුන්ගේ ජනතාවට සේවය කරන්නට සිද්ධවෙනවා. ඔවුන්ගේ ගැටළු වලට විසඳුම් දෙන්නට සිද්ධ වෙනවා. මෙච්චර කල් ජන්ටහවගේ ප්‍රශ්න, ගැටළු හමුවේ රජයට චෝදනා කල ඔවුන්ට ඔවුන්ගේ ජනතාව වෙනුවෙන් කැපවෙන්නට සිද්ධවෙනවා.
    ඊට අමතරව ඔවුන්ගේ රාජ්‍යයේ ඇමතිකම් බෙදාගන්නට වෙනවා, ටෙන්ඩර පාස් කරගන්නට , කොමිස් ගන්නට අනිකාට වැඩියෙන් හොරෙන් කන්නට ,මෙකී නොකී හැම දූෂණයක්ම කරමින් දේශපාලනයේ රැඳෙන්නට වෙනවා. ටික කාලයක් යනකොට ඔවුනුත් දකුණේ අනිත් දේශපාලකයන් වගේම වෙනවා. එතකොට උතුරේ ජනයා කියයි මහින්ද රාජපක්ෂ අපිට මීට වඩා හොඳට සැලකුවා කියලා

    ReplyDelete
    Replies
    1. විග්නේශ්වරන් යනු රජයේ ඉහල තත්වය අතැඹුලක් සේ දන්න හොඳට තැම්බුනු හිටපු ඉහලම රාජ්‍ය නිලධාරියෙක්. ඔහු ගැන දැන්ම පහලින් මනෝජ් කියනව වගේ නිගමන වලට එලඹීම නුවනැත්තන් විසින්( මේ මං වගේ අය නොවෙයි ) නොකල යුතු දෙයක්. තැලුන පෑගුණ අයට වැඩිය අර යාපනේ කොම්ප්‍රදෝරු කස්ටියට තමයි අනන්‍යතාව විශාල ප්‍රශ්නයක් වෙන්නට ඇත්තේ. ඉතින් ඒ අයට බලේ ලැබෙනව නම් පල්ලෙහා අයට බොරුවක් දාලා ගේම ගහයි කියල තමයි දැනට හිතන්න වෙන්නේ. දකුණේ උනා වගේ උණ තිබුන තරුන, උගත්, පහල කුල වල සෙට් එක සෙත්ත පෝච්චි.

      Delete
  3. දයාල් අපි බලමු විග්නේශවරම් කරන්නේ මොකක්ද කියලා.මටනම් හිතෙන්නේ දැන්ම ඔහු ගැන අනාවැකි කියන්න කල් වැඩියි කියලායි.

    ReplyDelete
    Replies
    1. ඔව්, අනිවාර්‍යයෙන්ම බලාගෙන ඉන්න ඕනෙ.

      Delete
  4. කොහොමත් රනිල්ට පොවන කෝපි පෙව්ව වගේ නෙමේ සම්බන්ධන්ට පොවපු කළු කෝපි.
    නො ඇම්බරේ චොකා බයිලෙන් පස්සෙ සැමටම ඇස් ඇරෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ අයට ඕන වැඩේ ආණ්ඩුව කොරල දුන්නනේ. උණ තිබුන සෙට් එක හාන්සි. වෙන මොනවද?

      Delete
  5. උතුරේ පරිපාලන කටයුතු ගැන බලාගන්න තව ටිකක් ඉන්න වෙයි. හැබැයි දෙශපාලනික වශයෙන් ගත්තොත් නම් ටෙලෝ. ප්ලෝට් වගේ කුඩ සංවිධානවලට අනිවාර්යෙන් තමිල් අරසු කච්චි එකට අවනත වෙන්න වෙනවා. සිවාජිලිංගම්ගේ මල්ලිටවත් තනතුරු ලැබුනේ නැහැ. ප්‍රදේශීය කල්ලි කංඩායම්වල දේශපාලන අභිප්‍රායන්ට යට නොවී වැඩ කරන්න මම සුදානම් කියන පනිවිඩයනම් විග්නේශ්වරම් මේ පෙන්නුවේ...උතුරේ ජනතාවට වැඩක් වෙයි. තවත් අවනත නොවීමක් දක්නට ලැබුනා එලීලන්ගේ බිරිඳගේ ඉල්ලීම් වලටත්. ඒ ප්‍රවනතාවය දැනට හොඳයි....ආන්ඩුවේ බිලිපිත්ත කොයි ආකාරයේ ඇම පාවිච්චි කරයිද කියන්න බැහැ.

    මෝටර්සයිකල් වලින් යන්න තිබුනේ දැන් නෙමේ මීට බොහෝ කලකට පෙර. පෙට්‍රෝල්වලට වියදම් කරන සල්ලිවලින් දුක් විඳින පක්ෂ සාමාජිකයින්ගේ ළමයින්ට පොත් ටිකක් අරන් දුන්නා නම් ඉවරයි.

    ReplyDelete
  6. විග්නේශ්වරන් ලොක්ක ගේම ගහයි නියෙමට බැලන්ස් කරල ඒක ආයේ අහන්න දෙයක් නෑ. එයා වැඩිපුර ඉන්නේ කොළඹ, ආන්ඩුවේ හයිය පාවිච්චි කරනව වගේ පේන්නේ. ඒකනේ පොඩි පොඩි පක්ශ මායිම් නොකරන්නේ. ඉතින් වෙනම රටක් ගැන කතාව, දීර්ඝ කාලීනව සිය බලය පවත්වාගෙන යාමේ සටන් පාඨයයි.

    ReplyDelete
    Replies
    1. arugeadaviya
      අලුතින් කොක්ක ගහපු ජවිපෙ කොල්ලො සෙට් එකේ උණ මට්ටම උඩින් තියාගන්න මේ වගේ වැඩ හොඳයි.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්