Followers

Friday, November 8, 2013

පට්ටම් වලට මුං කෙල ගනී අපෙ තට්ටම් ගෙවේලූ



හූණ කිව්වහේ කිව්වා මතක් කර ගනිල්ලා
බෑණ රුවනුත් දැන් මන්ඩලේට ඇවිල්ලා
හෙමින් හෙමින් ගියා ඇති බොලල්ලා
ගියර් මාරු කර දැන් හයියෙන් යමල්ලා

දයල් කිව්ව තලතල රෝසිල උඩට ගනිල්ලා
ඒකද මන්ද තලත නමත් මන්ඩලේට ඇවිල්ලා
 ගොනා හැරෙන්නේ  පොල් පැලේටය දනී සජිත්ලා
ලාහෙන් තලත සජිත් පනී අපට දෙයියෝ බලල්ලා

තලතගෙ චාන්ස් එක රෝසිට දෙන්නේලූ
සජියගෙ චාන්ස් එක ස්වාමිට දෙන්නේලු
රවීට පක්සෙ නියෝජ්ය නායක කම ඕනාලු
පට්ටම් වලට මුං කෙල ගනී අපෙ තට්ටම් ගෙවේලූ


------------------------
added later
නායකත්ව මණ්‌ඩලයක්‌ දැම්මාට දිනන්නේ නෑ
- එජාපය කලතා ගිය කතාව තලතා කියයි

ප්‍රශ්නය(- ඔබ පක්‍ෂය දිනන මාවතකට ගෙන ඒම සඳහා පිහිටුවනු ලැබූ නායකත්ව මණ්‌ඩලය නියෝජනය කරන සාමාජිකාවක්‌. නමුත් එහි කිසිදු කාර්යභාරයකට සම්බන්ධ නොවීම ඉන් ඉවත් වූයේ ඇයි?

පිළිතුර(- ඉස්‌සෙල්ලාම කියන්න ඕනේ මම එය භාරගත්තේ නැහැ. මොකද මගේ නම මේ සඳහා යෝජනා කරන්නත් එපා කියලා නම යෝජනා වුණු වෙලාවෙම මම කිව්වා, මෙය භාරගන්න සූදානම් නැහැ කියලා. මම නායකතුමා එක්‌කත් මේ ගැන සාකච්ඡා කළා. පක්‍ෂයට නායකත්ව මණ්‌ඩල වැඩක්‌ නැහැ. පක්‍ෂය දිනවන්න පුළුවන් වෙන්නේ ඔබතුමායි, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමයි එකතු වුණොත් විතරයි. ඒ නිසා ඔබ දෙපළ එකතුවෙලා කරු ජයසූරිය මහතාවත් සම්බන්ධ කරගෙන කළ යුතු දෙයක්‌ කියලා. ඒ වෙලාවේ නායකතුමා කිව්වා ස්‌වාමීන් වහන්සේලාගේ උපදෙස්‌ පරිදි මේ කමිටුව පත්කරනවා කියලා. මම කිව්වේ එහෙම යෝජනා වෙන්න පුළුවන් එය වටිනා දෙයක්‌á හැබැයි ඉතින් මම දකින විදිහට නම් නායකත්ව මණ්‌ඩලය වෙන්න ඕනේ ඔබ තුන්දෙනා පමණයි කියලා.

පසුව මගේ නම යෝජනා වුණු වෙලාවේ මම ඒ ගැන දීර්ඝ වශයෙන් කරුණු දක්‌වලා කිව්වා මෙම මණ්‌ඩලය පක්‍ෂ ව්‍යවස්‌ථාවෙන්ම ආ යුතුයි කියලා. කොහොම වුණත් මට මෙය භාරගන්න බැහැ. මේක සජිත් නැතුව යන්න පුළුවන් ගමනක්‌ නොවෙයි කියලා. මම එච්චරයි එදා කිව්වේ. එතනින් ටිකක්‌ ඉදිරියට ඇවිල්ලා අද කියන්න තියෙන්නේ මම මගේ දේශපාලනය තනතුරුවලට සීමාකරන්න සූදානම් නැහැ කියලයි. එක්‌සත් ජාතික පක්‍ෂය නිසා දේශපාලනය කරනවා මිසක්‌ මම දේශපාලනය කරන්න ඕන නිසා එක්‌සත් ජාතික පක්‍ෂය හෝ එහි තනතුරු යොදා ගත්තේ නෑ. හැබැයි මේ නායකත්ව මණ්‌ඩලය පත් කළා කියලා අපි දිනන්නේ නෑ.

ප්‍රශ්නය(- එහෙත් මෙම නායකත්ව මණ්‌ඩලය දෙස ඔබට සුබවාදීව බලන්න තිබුණා නේද? මොකද රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක්‌ කරමින් කියා තිබෙනවා නායකත්ව මණ්‌ඩලය ගන්න ඕනෑම තීන්දුවකට එකඟ වෙනවා කියලා.

පිළිතුර(- ඔව්. එතුමා එහෙම කිව්වා. මා සමඟත් පෞද්ගලිකවම ඒ ගැන කිව්වා. මම දැන් අඩියක්‌ පිටිපස්‌සට අරගෙන ඉන්නේ ඒ නිසා. බලය මේ මණ්‌ඩලයට පවරනවා කියලා කිව්වා. මම බොහොම පැහැදිලිව බැලුවා මේකෙන් වෙන්න යන දේ ගැන. ඒ ගැන මට පේනවා. තේරෙනවා. අපිට මේ තුන් දෙනෙක්‌ව එකතු කරන්න බැරිව කොහොමද නව දෙනෙක්‌ව එකතු කරන්නේ.

ප්‍රශ්නය(- නායකත්ව මණ්‌ඩලය සම්බන්ධව ඔබ කියන, ඔබට පෙනෙන, බොරුව හෝ අසාධාරණය මොකක්‌ද?

පිළිතුර(- නෑ. මූලිකවම මම නායකත්ව මණ්‌ඩලයට කැමැති නැහැ. ප්‍රතිපත්තියක්‌ හැටියට මට ඒ ගැන විශ්වාසයක්‌ නෑ. මොකද මීට පෙර පක්‍ෂයට උපදේශක මණ්‌ඩලයක්‌ කියලා එකක්‌ තිබුණා. එහි සංයුතිය ගැන කතා කරන්න ගිහින්නේ අපි 2010 මහ මැතිවරණයෙන් පස්‌සේ අලුත් ව්‍යවස්‌ථාවක්‌ සම්මත කර ගත්තේ. ඇත්තටම මට ඒ වෙලාවේ දැනුණු සංතෝෂය නිසා තමයි මම රනිල්ගෙයි සජිත්ගෙයි අත් අල්ලා ගත්තේ. ඒත් ඊට පස්‌සේ 2011 දී ඔය ව්‍යවස්‌ථාව හදනකොට ඔය උපදේශක මණ්‌ඩලය තිබුණා. ඒ උපදේශක මණ්‌ඩලයට ජාතික සංවිධායක පත් කරන්න ගිහින්නේ ආපසු ඒ දෙදරීම ඇති වුණේ. ඒකට සම්පූර්ණයෙන්ම වගකීම මම නායකතුමාට දානවා.

මේ මණ්‌ඩලයේ ඒකේ නම මොකක්‌ වුණත් අවසානේදී මණ්‌ඩලයේ සංයුතිය සහ වැඩි බර කාටද කියලා තමයි බලලා තියෙන්නේ. මේ සංයුතිය කොහොමද පත්වුණේ කියලා මම දන්නේ නැහැ. ඒත් පසුගිය ඉරිදා මේ ගැන ස්‌වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කරන්න, මටත් කුරුණෑගල එන්න කියලා තිබුණා. ඒත් මට යන්න බැරිවුණා. හැබැයි එදා යෝජනා වෙලා තිබෙනවා සංයුතිය කොහොමද වෙන්න ඕනේ කියලා. එහෙම ලියවිල්ලකට සජිත්, කරු දෙන්නා එකඟ වෙනවා කියලා අත්සන් කරලාත් තිබෙනවා. රනිල්ගෙන් තුනයි සජිත් සහ කරු ඇතුළුව ඒ දෙදෙනාගෙන් දෙදෙනකුත් වශයෙන්. හැබැයි ඒක වුණෙත් නැහැ. එහෙම බැලුවහම උපදේශක මණ්‌ඩලයට වුණු දේමයි මේ වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය(- ඔබ කියන ආකාරයෙන් නායකත්ව මණ්‌ඩලයේ සංයුතිය පත්වුණා නම් ඔබ ඊට එකඟ වෙනවාද?

පිළිතුර(- ඇත්තටම එහෙම වුණානම් සලකා බලන්න තිබුණා. මොකද එහෙම නම් ගැටලුවක්‌ වෙන්නේ නැහැ. මම නායකත්ව මණ්‌ඩලයට එකඟ නැති වුණත් පක්‍ෂයේ තීරණය ඒකනම් සහ සංයුතිය එලෙස සිදුවුණා නම් එකඟ වෙන්න තිබුණා.

ප්‍රශ්නය(- ඔබ පවතින නායකත්වයට කැමැත්තක්‌ නැහැ. පත්වූ නායකත්ව මණ්‌ඩලයට කැමතිත් නෑ. ඔබගේ කැමැත්ත අවශතාව සජිත් පක්‍ෂ නායකත්වයට ගෙන ඒම පමණද...?

පිළිතුර(- නෑ... නෑ... මම එහෙම කියන්නේ නෑ. කරු ජයසූරිය මහතා වැඩිහිටියෙක්‌ ලෙසට ඔහුට සියලු දෙනා එකතු කර ගත හැකියි. ඔහු දැන් හැමෝටම ආරාධනා කරලා තිබෙනවා ගිය අයට නැවත එන්න කියලත්. හැබැයි ඔහුට තවම නොහැකි වෙලා තිබෙනවා උපදේශක මණ්‌ඩලයේ ප්‍රශ්නය ඇතිවුණු වෙලාවේ එළියට දාපු ඉමිතියාස්‌ බාකිර් මාකර් සහ චන්ද්‍රd ගන්කන්දව නැවත ගෙන එන්න. ඔවුන් පක්‍ෂයට අවාසි වන දේවල් කියලා නැහැ. පක්‍ෂය හැර ගිහිල්ලත් නැහැ. ඒ වගේම අසාධාරණයට ලක්‌වූ තවත් විශාල පිරිසක්‌ ඉන්නවා. ඒ අයත් පක්‍ෂයට එකතු කරගන්න ඕනෑ. එහෙම කළොත් නායකත්ව මණ්‌ඩලය සාර්ථක වේවි.

ප්‍රශ්නය(- නායකත්ව මණ්‌ඩලයක්‌ පත්වෙන බව ප්‍රකාශ වෙන කොට ඉමිතියාස්‌ බාකිර් මාකර් මහතා වගේම රුක්‌මන් සේනානායක මහත්වරුන්ගේ නම් පවා ඒ සඳහා යෝජනා වුණා.

පිළිතුර(- ඔව්. මම දන්නේ නැහැ. ඒකට සාමාජිකයන් නම් වුණේ කොහොමද කියලා. බලන්න රුක්‌මන් සේනානායකට වුණු දේ. ඔහු පක්‍ෂයේ සභාපති, උප ලේකම් වුණා. අන්තිමේදී ආසනයක්‌වත් නැහැ. මගේ අයියා ගැන බලන්න. ඔහු මහන්සිවෙලා වැඩ කරලා පක්‍ෂයේ මහලේකම් හැටියට පත්වුණා. ඒත් අයින් කරන්න ඕන වුණාහම අයියාට උප නායක කමක්‌ දීලා අයින් කරලා තිබ්බා. මේ පක්‍ෂයේ ඔළුගෙඩි, තනතුරු මාරු කළා කියලා විසඳුමක්‌ නැහැ. අයියා මහලේකම් වෙලා බලවත් වෙන කොට උපනායක කරලා අයින් කළා. රුක්‌මන් සේනානායකටත් එහෙමයි. ඔහුටත් අසාධාරණයක්‌ වුණා. මේක සේනානායකලාව අමතක කරන්න පුළුවන් පක්‍ෂයක්‌ද ප්‍රශ්නයක්‌ එනකොට ඒක මග අරින්න උත්සාහ කරනවා නම් ඒක නොවෙයි සුදුසු වන්නේ.

ප්‍රශ්නය(- ඔබලාගේ පක්‍ෂයේ ඔය කියන ආරවුල් තියාගෙන ආණ්‌ඩුවට බලපෑමක්‌ කරන්නේ කොහොමාද?

පිළිතුර(- පක්‍ෂයේ ආරවුල් නෑනේ. පසුගිය මැතිවරණවලදීත් අපි උපරිම මහන්සියෙන් වැඩ කළානේ. මම කොච්චර මහන්සියෙන් මහනුවර හේවාහැට ආසනයේ වැඩ කළාද?

ප්‍රශ්නය(- කෝ ඒ වුණාට ජයග්‍රහණයක්‌ නෑනේ.

පිළිතුර(- මේ වගේ වෙලාවක පළාත් සභාවක ජයක්‌ ගන්න බෑනේ. දැන් මේ ආණ්‌ඩුව හැම දෙයක්‌ම දේශපාලනීකරණය කරලානේ. ඒ තුළ අපට ජයක්‌ ලබන්න අමාරුයි තමයි. හැබැයි අපි වෙලාව එනකොට දිනනවා. ඊට පෙර අපි පක්‍ෂයේ ප්‍රශ්නය විස¹ගත යුතුයි. අපිට ජාතික මැතිවරණයක්‌ දිනන්න පුළුවන්.

ප්‍රශ්නය(- ඔය කියන අපහසුතා අසාධාරණ මධ්‍යයේ අවසානයේදී හිටගන්නේ ආණ්‌ඩුවේද?

පිළිතුර(- (සිනාසෙමින්) ඇයි මගෙන් මෙහෙම අහන්නේ. මම ඉපදෙන කොටම අපිට වතු අක්‌කර දහස්‌ ගණනක්‌ තිබුණා. මුදල් ඕනෑ තරම් තිබුණා. මම පාසල් කිහිපයකටම ගියා. එක පාසලක්‌ හොඳ නැත්නම් අනෙක්‌ පාසලට ගියා. මම නීති විද්‍යාලයට ගියේ මගේම වාහනයක්‌ පදවාගෙනයි. ආණ්‌ඩුවට කවුරුත් යන්නේ තනතුරක්‌ හෝ මුදල් බලාගෙනනේ. මගේ ඒ දෙකම ගැන බලාපොරොත්තුවක්‌ නෑ. ඒ නිසා මට එය අදාළ නැහැ. මගෙන් ඒ ගැන අහලා වැඩකුත් නැහැ.

ප්‍රශ්නය(- හොඳයි 2014 දී ජාතික මැතිවරණයක්‌ ලබාගෙන එජාප රජයක්‌ පිහිටුවනවා කියලා ඔබගේ නායකතුමා ප්‍රකාශ කරනවා.

පිළිතුර(- ඒ ගැන එතුමා තමයි දන්නේ. මම පොඩි මන්ත්‍රීවරියක්‌ නේ. කිසිම තනතුරක්‌ නොදරන මම කොහොමද එතුමා කියන දෙයක්‌ ගැන දන්නේ.

* සාකච්ඡා කළේ - අකිත පෙරේරා
 

17 comments:

  1. GAM MATTAMA, BIM MATTAMA, THAM MATTAMA, MAGE THATTAMA, MAGE PIYA WAGE MATH DHOBIYA

    ReplyDelete
    Replies
    1. මුකුත් නොකියන්නේ අන්තිම පදේ හොඳ නැති නිසාය

      Delete
  2. මේක “මරා“ගැනිල්ලක්..

    ReplyDelete
    Replies
    1. පුටුව ''බේරා '' ගැනිල්ලක්

      Delete
    2. දේශකයාත් ඩබල් මීනින්ග් ගහනවා දැන්..

      Delete
  3. වෙනස්ම ප්‍රතිපත්ති සෙට් එකක් සහ ව්‍යවස්ථාවක් නැතිව මොකා ආවත් එකයි.

    මහින්ද මහත්තයා ඉන්නකන් ඡන්ද දිණිල්ල නම් බොරුවක්. දැක්කා නේද දයානන්ද දිසානායකලගෙත් කැරක්ටර් එලිවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. යූ එන් පිය වැනි පක්ෂයක නායකත්ව මන්ඩලයක් යනු කුණුහරුපයකි. සජිත්, තලතා රෝසි, රවී වැනි අයව උඩට ගෙන රනිල් එකම ජනපති අපේක්ශකයා කලයුතුව ඇත.
      ඒ වගේම ප්‍රතිපත්ති සෙට් එක වැදගත්.

      Delete
  4. ඕකට කියන්නේ සජිත්ට රුවන් කොකා පෙන්නීම කියලා

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං අලි රජකම පරම්පරාවෙන් පිට යන්නේ නෑ. බොරුනම් බලන්න නාමල්ට ශ්‍රීලංකා එකේ රජ වෙන්න නොලැබුනත් රුවන් අලි රජා වෙනවා ෂුවර්

      Delete
    2. සේනානායකලත් එහෙම හිතන්න ඇති.
      සජිත්ට වගේම රුවන්ට තැනක් ලැබීම නවතන්නත් බෑ.

      Delete
  5. මණ්ඩලයේ අවසන සිදුවූයේ රුවන් නායකත්වයට තවත් පියවරක් ළංවීම පමණයි දයාල්... ඔබ නියම තතු මැනවින් දැක තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. රනිල්ව අගමැතිකලේ සිය පියා වුවද
      සිය පියාව අගමැති කලේ
      රනිල්ගේ මාමා බව අමතක නොකරනු

      Delete
  6. දයල්......පක්ෂයක් විසින් යම්කිසි බලතලයක් හෝ රාජකාරියක් පැවරූවිට එය ප්‍රතික්ෂේප කිරීම විනය විරෝධි කටයුත්තක්ද? සීරියස් අහන්නේ.....

    පක්ෂයෙන් පක්ෂයට වෙනස්නම් ඇති. ජවිපෙ නම් මෙය විනය විරෝධී ලෙස සලකනවාද කොහෙද (ශුවර් එකටම නෙමේ ලිව්වේ) දන්න කෙනෙක් නිවැරදි කරන්න.

    ReplyDelete
    Replies
    1. මා එජාප පාක්ෂිකයෙක් නොවේ, ඒ නිසා ව්‍යවස්තාව ගැන දැනුමක් නැත. කෙසේ වුවත් කපුවන් දේවාලේ කැත කලාට අපිට කතා කරන්න අයිතියක් නැත.

      Delete
  7. නායකත්ව මණ්ඩලේ, මණ්ඩලේ කචල්
    ආණ්ඩුවක් පෙරලන්නට වෙලා බෑ තොඳොල්
    සජියට ඇයි හැම තිස්සෙම නගින්නේ ජුවල්
    ජනතාවට හැමදාමත් ලැබෙන්නේ ම දෙල්

    ReplyDelete
    Replies
    1. ඇණ වදිනවා වෙඩි වදිනවා ඒකට මොකද
      ජීවත් වෙන්නට බෑ සීය සතය වුවට මොකද
      පවුල් පිටින් මහජන මුදල් කෑවම මොකද
      පට්ටම් ලැබේ නම් ජනයට හෙණ වැදුනම මොකද

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්