Followers

Sunday, November 10, 2013

Why Mahinda and Ranil are called best Nano Technologists නැනෝ තාක්ෂණය, මධ්‍යපාන පිළිබඳ කථාවක්ම නොවේ. Why I hate Johny Walker Black



මේ ලඟදී ලංකාවේ නැනෝ තාක්ෂන මධ්‍යස්තානයක් විවෘත උනා. ඒ පිලිබඳව කැපවූ ශ්‍රේෂ්ට විද්‍යාඥයින්ට හා ඒ පිළිබඳ උන්නදු වන රජයේ පිරිස්වලට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය. ඒ ගැන ලියවී තිබුනු ලිපියක් කියවීමෙන් පසුවයි මට නැනෝ ගැන යම් අදහසක් ලැබුනේ.

නැනෝ තාක්ෂනය ගැන තරමක් ගැඹුරට මට අවබෝධ උනේ මම මටම උපහාස කරගන්නා වාක්‍යයක් දෙකක් ගැන සිතා බැලීමෙනුයි. තරහ අවසර මං මෙය මද්‍යසාර ඇසුරින් අවබෝධ වූ දෙයක්. මා කලින් ලියා තිබෙනව ගුඩ් බායි චිවාස් රීගල් මහත්මයානනි කියල පෝස්ටුවක්, කරුණාකර මේ ලිපිය එය හා කලවම් කර ගන්න එපා.

ඔය පිටරටවල වැඩට ගිහිල්ල ඉන්නකොට ලංකාවෙ මධ්‍යපාන මිලදී ගන්න ලැබෙන්නෙ නෑනේ. පොඩි සින්ඩියක් දාල එහෙම ලංකාවේ (ඉස්සර ) තත්වෙ හැටියට ලොකු නං තියෙන ඒව තමයි පොඩියක් පාවිච්චි කරන්නෙ. විවාස් රීගල්, ජොනී රෙඩ්, බ්ලැක්, බැලන්ටයින්...

''බ්ලැක්'' ගත්තම මට අනෙක් අයට බනින්න හිතෙනව කියල තමයි මම මටම විහිලු කර ගන්නෙ. 
රසායනිකව ගත්තම මේ හැම එකකම අඩංගු වෙන්නෙ මධ්‍යසාර 28%. 33% 43% ආදී වශයෙන්.
ඇයි එහෙනම් මේ වෙනස. මං හිතන්නෙ, මේ මධ්‍යපාන සැකසීමට භාවිතා කරන අමුද්‍රව්‍ය හා ක්‍රමය නිසා මේ මධ්‍යසාරවලට එකතුවන සුලු සුලු ද්‍රව්‍ය.. එය තමයි නැනෝ තාක්ෂණය කියන්නේ..දැනුවත්ව ඒ ශාස්ත්‍රය ඉගෙනීමයි විද්‍යාවේ නැනෝ තාක්ශනය.

ලංකාවේ නැනෝ විද්‍යාඥ ජනපති මහින්දගේ නැනෝ තාක්ෂණය ගැන ඔබට හිතා ගන්නට ඉඩ හරිමින්, රනිල් නැනෝ තාක්ෂණය භාවිතා කරන හැටි කියමින් නවතිමි.
යූ එන් පිය නැමැති දැවැන්ත මැසිම පණ ගන්වන්නට බාහු වැන්නෙක් ලං කර ගැනීම. කොහොම උනත් දැන් එය ටිකක් වැඩ කරන්න පටන් අරගෙන.


20 comments:

  1. ඔයාට හයියක් වෙන්න මෙසේ සටහන් කරමි ,, කොමෙන්ට් කියවීමට පසුව එමි ,, ඔයාගේ ලියවිල්ල මං කැමති වර්ගයේ එකක් ,,

    ReplyDelete
    Replies
    1. අපූර්වී ඔබට තුති, ඔබේ වදන් ලොකු සවියක්.

      Delete
  2. ඔබ දැනටමත් බ්ලැක් අරගෙනද මේ ලිපිය ලීවේ ?

    ReplyDelete
    Replies
    1. නැත. මා මෙහිදී කාටවත් දොස් කියා නැත.

      Delete
  3. මට පේන්නේ උඹ නැනෝ අරක්කු බොන එකෙක්...

    ReplyDelete
    Replies
    1. මේ ද්‍රව්‍ය නැනෝ විදියට ගන්න එක නම් හොඳයි.

      Delete
  4. මමත් හැමදාම කියන්නේ ඕක.. ගාන වැඩි උනාට. ගන්න අමාරු උනාට. එක්ස්පෙන්සිව් බඩු හොඳයි.. ඇඟට අමාරුවක් නෑ.. දේශපාලණ වශයෙනුත් එහෙමයි.. ගල් ගැහුවම් පට්ට අමාරුයි, ගඳයි,

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දේශගුණය ගැන සලකා බැලිය යුතුයි. (ලංකාවෙත් දැන් වෙනදට වැඩියෙ හැන්දෑවට සීතල වෙන පලාත් තියෙනව)
      ඇමරිකන් ජනපති ආවම දේශීය අනන්‍ය ලෙස උදේට ආප්ප වගේම ඉල්ලනව දෙන්න නම් හැන්දෑවට අපේම මෘදු බීමක් තිබිය යුතුයි. රා වල ගන්ඳස්කාරය ඇරල ගත්ත නම් ශෝක්.
      බර වැඩ කරන මිනිස්සු ලාබෙට තියෙන ගල්බමුනා ගහල ගෙදර ගියාම ගෑණු ඇණ වැදුණත් මැද පෙර දිග යන එක යනවාමයි

      Delete
  5. බතී සියුම්ව සිතා ඇති ආකාරය අපූරුයි. බාහු යූ.එන්.පී. එකෙන් පාර්ලිමේන්තු ආවොත් කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඒක අනිවාර්‍යයි. ජාතික ලැයිස්තුවෙන් හරි.
      ජවිපෙට, සමසමාජෙට වැඩියෙ යූ එන් පිය වාමාංශික නිසා

      Delete
  6. ඇත්තටම රනිල්ගේ නැනෝ තාක්ශණය....අනිකුත් කුඩා පක්ෂ නිවැරදිව හඳුනාගත්තොත් යම් වෙනසක් බැලුව හැකි. ජවිපෙ නැනෝ අත්හදා බැලීමක් වත්ද, ලාල් කාන්තව බස්නාහිරින් ට්‍රයි කිරීම?

    ReplyDelete
    Replies
    1. මා ලාල් කාන්ත සපෝර්ටර් කෙනෙක්, ඒක මෙගා තාක්ශණය

      Delete
    2. යුඇන්පී එකෙන් ලාල්කාන්තව දැම්මනම් ගේමක් ඇත්තෙම නැහැ.

      Delete
    3. රනිල් නම් කැමති වෙයි. ලාල් කාන්තල කැමතිවෙයිද දන්නෙ නෑ.
      කොහොමත් ලාල් කාන්ත බස්නාහිර ගේමට ගැලපෙනව

      Delete
  7. ඔබ අවසනට කියා තිබෙන දේට නම් සතුටුය...
    මට නම් ඉතින් බැරන්ඩියා ම තමයි ඉතින්...

    ReplyDelete
  8. බාහු ඇමතුයෙක් වුනොත් බතීටත් ලැබේද සංස්ථා සභාපතිකමක්වත්?

    අර ජවිපෙ ඇමතිලා හිටිය කාලේ පේරා ඉංජෝ වගේ?

    ReplyDelete
  9. බාහු හොඳ අධ්‍යාපන ඇමති වශයෙන්, (ඒකෙ සංස්ථා තියෙනවද?)
    නමුත් බාහු භාර ගන්නේ නැත. (90%)
    ඔහු නැවත මහින්ද සමග ජිනීවා යනු ඇත.
    මාත් මේ බ්ලොගය මෙහෙමම ජිනීවා හරවමි.

    ReplyDelete
  10. This comment is not applicable to your post. Please excuse me for doing so....

    සමහර ජවුසං මුහුණු බැඳගෙන නටනවා....සමහරක් එව්වා බඳින්නේ නැතිව නටනවා. චොගම් කියන්නේ ඔය ක්‍රම දෙකම මිශ්‍රවූ ජවුසමක්. අවසානයේ වෙන්නේ වෙඩිං වීඩියෝ එකට වෙච්ච දේ තමයි. ටික කාලයක් යනකොට පොඩී එව්වෝ ඒකට උඩින් තව හින්දි බයිස්කෝප් එකක් රෙකෝඩ් කරලා.

    ඊයේ එංගලන්තේ 11/11/2013 ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තාකරනවා ශ්‍රීලංකා රජය බ්‍රිතාන්‍ය රජයේ කබ්බ මන්ත්‍රීවරුන් මේ චොගමට ගෙන්වගන්න කරපු නාස්තිකාර උත්සාහයන්. ඔවුන්ගෙන් සමහරක් පෞද්ගලිකව හමුවී......එක මන්ත්‍රීවරයෙක් කියනවා....ඔවුන් අපට "අවශ්‍ය ඕනෑම් දෙයක් " දෙන්නට පොරොන්දු වුනා ශ්‍රීලංකා රජයේ විදමින්, කෙසේ හෝ එන්න කියා. සමහරක් ඔවුන්ගේ මිතුරියන් සමග පෙරහුරුවක් ලෙස ඇවිත් ගොසින් තියෙනවා. එක්කෙනෙක් ඔහුගේ අනාගත සහකාරිය සමග එන්ගේජ් වෙලා තියෙන්නේත් ...අපේ රජයේ විදමෙන් ගෙන්න ගත්ත වෙලාවක. කොන්සවේටිව් පක්ෂය මේ ගමන් මේ සතියේ තහනම් කරා...

    ටෙලිග්‍රාෆ් යනු ලෝකයේ පිලිගත් පුවත්පතක්...මෙය මාධ්‍යවේදීන් කංඩායමක් විසින් කරන ලද ගවේශනයක ප්‍රතිපලයක්. මෙම පුවත්පතේ 6වැනි පිටුවේ ඔවුන් සමග අපේ තානාපති සමග ඡායාරූප තියෙනවා. මේ මංත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවාලු.....මේ සල්ලි කාගෙද????????? රෝහලකට බෙහෙත් පෙත්තක්?????????

    මේ කමෙන්ට් එක මේ විෂයට අදාල තවත් පෙස්ටුවක සටහන් කල බව සලකන්න.

    ReplyDelete
    Replies
    1. පර සුද්දන් එපා කියපු අය සුද්දන්ව ගෙන්න ගන්න කරන වැඩ? හනේ හනේ..

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්