Followers

Monday, December 30, 2013

අවුරුද්දම කැටි කළ නදීසගෙ අස්ප ටෝක් එක- බ්ලොග් ලෝකයේ සැමට ශුභ 2014ක් පතමි.



නදීසගෙ සමහර කතා බෝම බරසාරයි
අර....... ගනිකාවන් නැතිඋනොත්
 ලංකාවෙ පිරිමින්ට පිස්සු හැදෙයි කියන එක වගේ ඒව
ඒ උනත් මේ ලඟකදී දීල තිබෙන ටෝක්ස් එක
 ඒ උසස් මට්ටමට දාන්න කොහෙත්ම බෑ.
සජිත්වයි තලතවයි උස්සල මූදට දාන්න ඕනයි කියන කතාව
අම්මපල්ල සිහිබුද්ධියෙන් කිව්ව වෙන්න බෑ
දේශපාලනයේදී අඩුම තරමින් ජ්‍යෙෂ්ඨත්වයට
යම් ගරුත්වයක් තිබිය යුතුයි කියල මට හිතෙනව

මේ දිනවල ප්‍රධාන පක්ෂ තරඟෙට නිලියො ගායකයො ක්‍රීඩකයො සොයනවලු,
 මොකද දේශපාලකයො එනම් ජනයා පිලිගන්න දේශපාලකයො ඇත්තෙම නෑ වගේ.
යූ එන් පිය ප්‍රතිපත්ති සම්පාදනය පැත්තක දමා නිළියන් ක්‍රීඩකයින් නඩුකාරවරියන් සොයමින් යන ගමන????? ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් බිලිබාගන්නට අර අඳිමින් ඇත.????
උතුරත් නැගෙනහිරත් පිස්සු කෙළමින් ඇත.
කොළඹ දේසපානඥයන් නැති කල උතුර නැගෙනහිර පිස්සු කෙලින එක අහන්නත් දෙයක්ද?

 අනේ මන්ද අපිට දෙය්යෝ පිහිටවෙයල්ලා.................

ඒ අතින් තවම දේශපාලකයො ඉන්න පක්ෂයක් ලෙස
 ජේ වී පිය  ගැන නව අවුරුද්දට බලාපොරොත්තුවක් තබා ගත හැකිය.

නදීසගෙ ලස්සන
ඔබගෙ කතාවෙත් තිබුනොත් හරිම අගෙයි නංගියෙ..

ගීතගෙ කතා නම් ඔන්න ඔය අමතකකරල දාමු!


30 comments:

  1. //මේ දිනවල ප්‍රධාන පක්ෂ තරඟෙට නිලියො ගායකයො ක්‍රීඩකයො සොයනවලු,//

    ඔන්න දයාල්ගේ වෙලාවත් ඇවිත්...

    දයාල්ටත්, වාසනාවන්ත , සියලු පැතුම් එලෙසෙම ඉටුවෙන නව වසරක්!!!

    HAPPY 2014 ලු...:)

    ReplyDelete
    Replies
    1. ගිය වසර පොඩි කුමාරිහාමිනේට බ්ලොග් පෝස්ට් අඩුවෙන් ලියවුන වැදගත් වසරක් උනානේ, මා ප්‍රාර්ථනා කරනවා මේ වසරේ තව ටිකක් වැඩියෙන් romantic බ්ලොග් පෝස්ට් ලියවේවා කියල HAPPY 2014

      මගේ වෙලාව ඇවිල්ල කිව්වා??, හතර අතට නෙලන්න !! හික්ස්

      Delete
  2. කතාව කෙසේ වෙතත් ගල වත් පෙන්නුනොවත් ඇති.. (අපි ඡන්දේ දෙනවා.. හිටු කියලා)

    ReplyDelete
    Replies
    1. එතකොට, බඩුකාරයා කවුද දේශකයද? බඩුකාරයාද?

      Delete
  3. නදීෂාලානම් අනේ මංදාය.
    ඔබට සුභ නව වසරක් වේවා 'යි පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි, ඔබටත් සුබ 2014ක් වේවා!

      Delete
  4. නදීෂා ගැනත් දැන්ම කියන්න අමාරුයි.කොහොමවුනත් මෙහෙම අය ලිස්ට් එකට දැමීමෙන් යම් ආකර්ශනයක් තියෙනවා නේද...?
    දයල් ඔබටත් සාමය,ප්‍රේමය පිරි සුබ නව වසරක් වේවා....!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ් ඔබටත් වාසනාවන්ත 2014ක් වේවා!
      ආකර්ශණයක් එනවා කියන එක ඇත්තයි.

      Delete
  5. දියසෙන් කුමාරයා ඇවිත් ගොඩ දමන තෙක් බලාසිටි ජාතියකට දැන් නදීශාගෙන් ගොඩයන්නට වෙලා තියෙන හැටි

    ReplyDelete
    Replies
    1. දියසෙන් කුමාරයා Night races වල නේ

      Delete
    2. ඉවාන් පව්ලූශා, Pra Jay
      දෙයියන්නෙ හාල් කැවුනු ජාතියට, ආසනික් ආදී වස විස අඩංගු කෑම කන ජලයට වැඩියෙන් කසියා බොන ජනයා ඉන්න රටක් ගොඩ ගන්න සෑහෙන ගේමක් දෙන්න වෙනවා.
      නදීශලත් දෙයියන්නෙ හාල් කැවිල වගේ කතා කරන්නෙ.

      Delete
  6. දයාල් ඔබට සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. නලීන් දිල් රුක්ශ ඔබටත් සුබ 2014ක් වේවා!

      Delete
  7. ඔබට සාමය සතුට පිරි සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. නදී
      2014 වසර
      ඔබගේ සියලු
      පැතුම් ඉටුවන
      වාසනාවන්ත වසරක් වේවා!

      Delete
  8. අනේ මන්ද අපිට දෙය්යෝ පිහිටවෙයල්ලා.................//// හි හි දෙවි වරුන්ට සිග්නල් අහුවෙන්නේ නැහැ දයාල් අපේ පැත්තට

    ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක්

    ReplyDelete
    Replies
    1. සිග්නල් කණු ඔක්කොම ඒ පැත්තට හරව ගෙන වෙන්නැති!
      ස්තූතියි, අපූර්වීටත් 2014 වාසානාවන්ත වසරක් වේවා!

      Delete
  9. බ්ලොග් ලියලා තරුවක් වුනොත් චන්දේ ඉල්ලන්න අපිටත් බැරි වෙන එකක් නැහැනේ..

    සුහ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. දක්ෂ‍යාට ඕන දෙයකින් දියුණු වෙන්න පුලුවන්.
      බ්ලොගයත් තමන්ගෙ දියුණුවට යොදාගන්න පුලුවන් උපකරනයක්, ඇයි එහෙම නොකරන්නෙ?

      ඔබටත් 2014 වාසනාවන්ත වසරක් වේවා!

      Delete
  10. අම්මාපා උන්දෑ එහෙම කියලද ?? ඒ කියන්නෙ එයා හිතන් ඉන්නෙ එයා ඇතුලු සමස්ත ශ්‍රී ලාංකීය ස්ත්‍රී ප්‍රජාව ගනිකාවන් කියලද ? ටෙනිසන්ට විශ්‍රාම යන්න කාලෙ හරි දැන්නම්..

    දයාල්ටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ලස්සන ගෑනු ළමෙක් බැන්නත් සැපක් නේ?

      ඔබට ලැබු 2014 පැතූ සියලුම යහ ප්‍රාර්තනා සපල කෙරෙන වසරක් වේවා!

      Delete
  11. ඊයෙන් පැතුමක් විද්ද....

    ReplyDelete
    Replies
    1. Kenji @ Japan

      බ්ලොගේ වහල නිසා
      මොකක් කරනවද කියල
      හිතං හිටියෙ,
      ඔබටත් 2014 වාසනාවනත වසරක් වේවා!

      Delete
  12. සුභ නව වසරක් දයාල්...

    ReplyDelete
    Replies
    1. තිසර ස්තූතියි
      ඔබටත් පවුලේ සැමටත් වාසනාවන්ත 2014ක් පතමි

      Delete
  13. මම ළඟ උන්නා නම් ඒකිගේ කටේ වෙන මක්කත් නැතිව මසුරමක් ඔබනවා තලත් ගැනයි ගොන් ප්‍රේමයයි ගැන කිව්ව කතාවට..

    හැපි මෙව්වා එකක් කිව්වා ලොක්කා....

    ReplyDelete
    Replies
    1. කිව්වට මොකෝ කෙල්ල කිව්ව ඒකෙ ඇත්තක් නැත්තෙත් නෑ.
      //ඒකිගේ කටේ ''වෙන මක්කත්'' නැතිව මසුරමක් ඔබනවා //
      ස්තූතියි, හැපි මෙව්ව එකට.
      ඔබටද හැපි අරව එකක් වේවා!

      Delete
  14. සියළු සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා !!!

    මේ වගේ අය දිහා බලාගෙන ඉන්න එක තමයි හොඳම.

    ReplyDelete
    Replies
    1. සු දී ක
      කොච්චර බලං හිටියත් ඇති වෙන්නෙ නෑ, හික්ස්,

      ඒත් සුගතියක් වෙයිද රටට?
      අර සුනිල් පෙරේරත් කියල තිබුනෙ,
      කලාකාරයො දේශපාලනෙට යන්නෙ මොකටද කියල.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්