Followers

Monday, December 16, 2013

හිමි නම රහත් වෙලා කියා උන්වහන්සේම දෙසනවා නම් අපිටත් සර්ටිෆිකෙට් එකක් ගත්තෑකි නෙව



හොරු හොරු ලෙස නොදකින
දූශකයින් දූශකයින් ලෙස නොදකින
හරකුන් මරණවාට අඬන
මිනිසුන් මරනවාට නාඬන
ඇත්ත ඇති හැටියට නොදකින
දේශයේ
මෙතරම් නොපනත් කම් සිදුවෙද්දී

ඇස් පියාගෙන ඉඳ
රහත් විය හැකි පුද්ගලයෙකු
ගැන මට නම් කිව හැක්කේ
කුමන මතයක් හෝ පදනම්ව
පාරට බැස කෑ ගහන
ගලබොඩ ඥානසාර හිමියන්
මෙයට වඩා දහස්ගුණයක් වටිනා බවය.

මුලු රටම අඳුරට යද්දී
මට විතරක් ලයිට් එකක් දාගෙන ඇති පලේ කිම?

කෙසේ වෙතත් බුදුහාමුදුරුවනේ
ඔබගේ වදන්වල  නිර්වචනයන්,
අර්ථකතනයන් පිළිබඳවයි මේ ආරවුල?


43 comments:

  1. Oba kiyanne aththamayi!Ehema thamantama light dagana mokatada?

    ReplyDelete
    Replies
    1. වෙන කවුරුවත් මට ලයිට් දාන්නෙ නැති නිසා තමන්ම දාගන්නවා, මේ බලන්න මං උතුම්? මොන විකාරයක්ද මේ?

      Delete
  2. දයාල් ඔබගේ මේ සිතිවිල්ල 100% එකගය.
    කිව යුතු සියල්ල කෙටි සිතුවිල්ලේ ඇත නොඅඩුව.

    ReplyDelete
    Replies
    1. ඔයා වගකීමෙන් හදවතට එකගව සත්‍ය දනගෙනද මෙහෙම කොමෙන්ට් කලේ

      Delete
    2. අනවශ්‍ය තරමට මහ ධනයක් බලයක් පිරිසක් වැඳුම් පිදුම් ලැබෙන විට
      පෘතග්ජන මිනිසුන්ට වෙන දේ කෙටියෙන් මෙසේය.
      මේ ලියන මාත් එසේමය.
      වැරදි කාරයො අපිමය.
      ඕනවට වඩා ඔලුව උඩ තියාගන්නවට.

      අපූර්වීගෙ ප්‍රස්නය කෙන්ජිට නේද?

      Delete
    3. ස්තුතිය් දයාල්..
      ඔය දුඹුරු පාට සිව්ලු ඔලුන් ගැන මම පෝස්ට් එකකින් කියන්නම් මගේ පැටියට ඔදේ.. :).
      අනිත් කරුන මම ලියන හැම දෙයක්ම හදවතින් බැදී ඇත වගකීමෙන්...

      Delete
  3. රහත්භාවය පිළිබද අර්බුදයක් තිබෙනවා.රහත් භික්ෂුවක් සෙස්සන් විසින් හදුනාගන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක්.යම් භික්ෂුවක් තමන් වහන්සේ රහත් යැයි රැවටී සෙස්සන්ද රැවටීමට ඉඩ තිබෙනවා.ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමට සියළුම රහතන් වහන්සේලාට බැහැ.අනෙක් අතට රහත් නොවන කෙනෙකුටත්විවිධ බල පුහුණු කර එය කළ හැකියි.එවිට බිම බලා ගෙන ශාන්තව යම් රඟපෑමක යෙදෙන කෙනෙකුට තමන් රහත් යැයි සෙස්සන් රැවටීමේ හැකියාවකුත් තිබෙනවා.
    මෙතන තව ප්‍රශ්නයක් තිබෙනවා.බුදු දහම ග්‍රන්ථාරූඪ කළේ බුද්ධ පරිනිර්වානයෙන් සියවස් ගනනාවකට ප්සුයි.එතෙක් භික්ෂූන් වහන්සේලා කටපාඩමින් මෙය රැඟෙන ආවා.ඉතින් එසේ කටපාඩමින් රැඟෙන ආවේ මෙවැනි භික්ෂූන්ද කියන ප්‍රශ්නය පැන නැගෙනවා.

    මේ නිසා රහතන් වහන්සේ යනු කවුද කියන ප්‍රශ්නය සේම ත්‍රිපිටකය යනු ඇත්තටම බුද්ධ භාෂිතයද කියන ප්‍රශ්නයත් තිබෙනවා.මෙය බුදුන් හෝ ධර්මය සැකකිරීමක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. //රහත් භික්ෂුවක් සෙස්සන් විසින් හදුනාගන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක්.යම් භික්ෂුවක් තමන් වහන්සේ රහත් යැයි රැවටී සෙස්සන්ද රැවටීමට ඉඩ තිබෙනවා//
      නමුත් ඇත්තටම රහත්වූ කෙනා දන්නව තමන් රහත් වූ බව. පිටිදූවෙ හාමුදුරුවන්ගෙ තත්වෙ අපි දන්නෙ නෑ නෙව.

      Delete
    2. "තමන් රහත්" යැයි කීමට පෙළඹෙන්නෙ ඇයි ?

      " ඔබ රහත්ද මෙයා ?" යනුවෙන් ප්‍රශ්න අසන නිසාය ..

      ඒ ඒ අයට ඒ ඒ පිළිතුරු ... හරිම සරළයි ....

      කව්රුත් කාගෙවත් සීලේ හොයන්න නොයා හිටියා නම් අහවරයි නෙව... පිටිදූවේ හාමුදුරුවෝ දුන්නේ කාට කාටත් ගැළපෙන බෙහෙත...

      Delete
    3. ඔබ රහත් උනොත් ඔබටයි හොඳ ඉතින් අපිට පාන්ද
      අපිව නිවන් දක්කගෙන යන්න ඔබට බෑනේ
      marketing? marketing? marketing ?

      යකා
      //ඉතින් එසේ කටපාඩමින් රැඟෙන ආවේ මෙවැනි භික්ෂූන්ද කියන ප්‍රශ්නය පැන නැගෙනවා.//
      වගකීම හරියටම ඉටුකරන අය ඉන්නවා, නමුත් එයින් අදහස් වෙන්නෙ නෑ ඒ අය කෙලෙස් ප්‍රහීන කරල කියල


      //කව්රුත් කාගෙවත් සීලේ හොයන්න නොයා හිටියා නම් අහවරයි නෙව..// SilentSahan, ඒක වඩා හොඳයි

      Raj says //පිටිදූවෙ හාමුදුරුවන්ගෙ තත්වෙ අපි දන්නෙ නෑ නෙව.// ඇත්තටම ඔව්

      Delete
  4. කාලෙකට කලින් ආවනෙ සෝවාන් සෙටිෆිකට් කේස් එකකුත්... උපාසක අම්මලා පෝලිමේ ගියේ බාවනා කොරන්න...

    තිනියෙම රහත් වීම ගැන නං බතී ඉතිං කොහොම කළත් රහත් වෙන්න වෙන්නෙ මේ වෙන දේවල් දැකලා අහලා තේරුම් අරන්, තනියෙම්ම මිසක් රෙද්ද උස්සන් පාරට බැහැලා කෑ කෝ ගහලා නෙවෙයි කියන එක.. ඒත් ඉතිං ඔයා කියන කතාවෙත් ඇත්තක් නැතුව නෙවෙයි.. තනියෙන් රහත් වෙන්න හිත හදාගන්න පුලුවන්ද පෘතග්ජනයෙක්ට මේවා දැක දැක අහ අහ... හ්ම්ම්...

    ReplyDelete
    Replies
    1. පාලකයො හරි කැමති ඇති
      මේ වගේ රහත් වෙච්ච අයට
      කිසි කරදරයක් නෑනේ.
      රට ගිනි තිබ්බත් ඒ අයට පෙන්නෙ නෑ.

      සායිලා ඇති උන දේසෙ
      අපිට එචෙචර දුර නෑනේ???

      Delete
  5. මුල , මැද , අග ගලපමින් බණ කියන්න හැමෝටම බැහැ. බොහොමයක් හාමුදුරුවරු බණ කියන කොට නිදිමත එනවා. පිටිදූවේ හාමුදුරුවන්ගේ බණ ඉතාම රසවත්. ඒ වගේම තර්කානුකූලයි. මම සමහර දාට යූ ටියුබ් එකේ පැය ගණන් එක දිගට මෙයා ගේ බණ ඇහුවා. ඒත් පහු වෙනකොට මට තේරුම් ගියා මෙයා මානසික රෝගියෙක් බව. ඔහු උගත්.. ඒ වගේම සිල්වත් කමකුත් ටිකක් හරි තිබුනා නම් .. අපරාදෙ..

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ අර අපි කාලයක් හොයපු මෑන්ස් නේද ........?

      Delete
    2. //ඒත් පහු වෙනකොට මට තේරුම් ගියා මෙයා මානසික රෝගියෙක් බව. ඔහු උගත්.. ඒ වගේම සිල්වත් කමකුත් ටිකක් හරි තිබුනා නම් .. අපරාදෙ..//
      සෝම හාමුදුරුවො ගැනත් තිබුන පැහැදීමට ඔය දේම සිද්ද උනා, හැබැයි සෝම හාමුදුරුවො මේ වගේ රහත් උන කතා කීවේ නෑ.

      Delete
    3. සහන් මල්ලි අපි ගුරා ගැන මහන්සි උනාට එයාට වගේ වගක් නැහැ බං..

      Delete
  6. මෙන්න මේකයි බං ඔය රහත් අය පරික්ෂා කරනන් ක්‍රමයක් තියෙනවා. සිවුර ගලවල ලස්සන කාමධේනුන් තුන් දෙනෙක් විතර එක්ක පැයක් විතර එකට තියල බලමු. පොට්ට මීටරෙ වැඩ කරන්නැත්නං එහෙමවත් හිතාගමු ඉතිං..

    ReplyDelete
    Replies
    1. සමන්තබද්ද රහත් වුනාට අංගජාතෙ රහත්වෙලා නෑනෙ....:D

      Delete
    2. දේශක යා
      ඒක ලෙඩ රෝග නිසත් වෙන්න පුලුවන් නේද?

      Sumith Niriella

      හික්ස්

      Delete
  7. ඥානසාර නම් රහත් නෙවෙයි රත්වෙලා

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++

      Delete
    2. Pra Jay
      කෑ ගහල මාන්සියට පොඩ්ඩක් ශේප් එකේ කමක් නෑ,
      හැබැයි පෘතග්ජනයින්ට අහු නොවී??

      Delete
  8. ආගමික ව්‍යාපාරිකයෙකුට වුනත් තමන්ගෙ මාකට් එක රැකගන්නනම් ඇඩ්වටයිසින් පාරක් දෙන්නම වෙනවා. රහත්වෙන්න වුනේ ඒකයි.

    මේ යන විදියට පොර බුදුවෙලා තමයි නතරවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බුදු හාමුදුරුවන්ටත් මෙහෙම සැලකිල්ලක් නොතිබෙන්න ඇති, මෙපමණ මොලේ හිරිවැටුනු ජනකායක් එකල නොහිටිය නිසා, ඉතින් තවටික දවසකින් මෛත්‍රී බුදුන් තමන්ය කියා නොකීවොත්ය පුදුම?

      Delete
  9. "මුලු රටම අඳුරට යද්දී
    මට විතරක් ලයිට් එකක් දාගෙන ඇති පලේ කිම?"

    මුලින් තමුන් ලයිට් එක දාගෙන පසුව අනිත් යටත් ලයිට් අරන් දෙන එකයි පලය..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. එහෙම තමයි පටන් ගැන්ම තමන් ලයිට් දාගෙන අහවර වෙලා පහු පහුවෙනකොට,
      අනුන්ට,
      ලයිට් නොවෙයි,
      භූමිතෙල් කුප්පියක්වත් පත්තුකරගන්න දෙන්නෙ නෑ.

      Delete
    3. තමුන් ලයිට් දාගෙන ඉවර වෙලා අනිත් යටත් ලයිට් ගන්න විදිය කියල දෙන එක තමයි කරන්න පුළුවන්. ලයිට් ගන්නවද කුප්පි ලාම්පුවක් ගාව නවතිනවද කියන එක ඒ ඒ කෙනාගේ වීර්ය මතම තීරණය වේවි.

      Delete
  10. නිකම්ම නිකම් මිනිහෙක් වටෙට පිරිසක් එක්ක සිවිල් බලයක් ගොඩ නැගුනාම එක දරාගන්න බැරුව පිස්සුවැටෙන එක සාමන්‍යයි

    ReplyDelete
    Replies
    1. තමන්ට තමන්ම විශ්වාස කරන්න බැරි වෙනව
      දුප්පත් කම ඉහ වහා ගිය රටක මට ලැබී ඇති
      බව බෝග සැලකිලි අතර අතරමං වෙනව

      පාර්ලිමේන්තුවේ
      දුශක
      කුඩු
      වලි/සුදු වෑන්
      නලු නිලි
      කිරිකැට්
      පිරිත් නූල්
      අංශවලට එකතු වීමට ඉඩ තිබෙන නවතම අංශය
      ''රහත් වුවන්ගෙ අංශය''

      Delete
  11. රූපවාහිනියෙන් මූණ පෙන්නගෙන ජනප්‍රිය තලයේ ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වෙනවා...එය තමයි මූලික පියවර...එතැනින් පස්සෙ සිවිල් සමාජයේ තදයො සහ ජඩයො අදුනාගෙන තමා වටාත් යම් සිවිල් බලයක් ගොඩ නගා ගන්නවා...ඊටත් පස්සෙ තමන්ගෙම කියලා ආරාමයක් සුව පහසුව උපරිමයෙන් වන ආකාරයෙන් තනාගෙන සංඝ සමාජයෙන් හුදෙකලා වෙනවා...බුදු බණ විකෘති කරලා බණ අහන අයට කික් වෙන අමුතු බණක් දෙසන්න ගන්නවා....මෙන්න මේ අඩිපාරෙ කොනටම ගිය පැවිද්දෙකු උනත් තවමත් ගිහිගෙය කළකිරී ඇති බවක් නොපෙනෙන අයෙකු ලෙස මම මොහුව දකිමි.

    ReplyDelete
    Replies
    1. පන්සලට තිබෙන බලය දත් දෙස්පලු
      සැපට බලයට ලොබ බැඳි කහ සිවුරු ලෑ පෘතග්ජන
      පන්සල විනාශය කරා ගෙන ගොස්ය
      එයට එරෙහිව
      අන් මගක් ගත් තරුණ හිමිවරුන්
      ගිය මගත් මෙසේමය

      Delete
  12. හාමුදුරුවරු අතරත් හිට්ස් තරගය, රෑන්කින් තරගය, රේටින්ග්ස් තරගය තියෙනවා. ඉතිං අර මුදලාලිලා කියනවනේ අපට ISO 9002 තියෙනවා වගේ කතා. හාමුදුරුවන්ට කියන්න පුළුවන් ඉතිං සෝවාන්, සකෘදාගාමි, අනාගාමී වගේ ඒවනේ. හරි සිම්පල්.

    ReplyDelete
    Replies
    1. නුදුරු අනාගතයේ මේ තත්වය එන බව නම් කිරි ගහට ඇන්නහෙ ඒකාන්තය.

      මට වෙළඳ පාඨ කීපයක් සිතට නැගේ

      සසර කෙටි කර ගන්න නොවරදින මග අහවල් ආශ්‍රමයට එන්න

      පට්ට ආතල් එකක් ගන්න ගමන්ම අරහත් බව ලබන්න
      සය මස් පාඨමාලාව අවසන සහතික පත්‍රයක්

      ''යසෝධරාට රහසින් කිවූ සිදුහත් ගිය මග''
      තුන් මස් පාඨමාලව අවසන, අහවල් ආශ්‍රමයේ අරහත් අහවල් තෙර නම විසින් සහතික කොට කණේ කරාබුවක් දමනු ඇත.

      Delete
  13. සමන්තභද්‍ර රහත්වෙලාද නැද්ද කියන එක මොහොතකට අමතක කලොත්, කවියේ අර්ථය සමග මම එකඟ නෑ. හාමුදුරුවරුන්ගේ අරමුණ වෙන්න ඕනේ තමන් තෝරාගත් මාර්ගයෙන් මිනිස්සුන්ට යහපතක් කිරීම. බුදුහාමුදුරුවොත් ඉස්සෙල්ල බුදුවෙලානෙ, අනිත් මිනිස්සුන්ට ධර්මය දේශනා කලේ... රටේ ප්‍රශ්න වලට පෘථග්ජන මිනිස්සු දක්වන ආකාරයේ ප්‍රතිචාර දැක්වීම නෙමෙයි හාමුදුරු කෙනෙකුගෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. තිසර
      ඔබ මා විසින් අමතක කොට ඇති ඉසව්ව හරියටම බලා පහර එල්ල කලා.
      ස්තූතියි.
      ඒ කෙසේ වෙතත් පෘතග්ජනයාට සේවය කිරීමට ලේබල් අත්‍යවශ්‍යද?

      Delete
  14. පිටිදූවේ සිරිධම්ම රහත්වෙලා, ඥාණසාර වීරයෙක් වෙලා, ඥානානන්ද බිස්නස් කාරයෙක්වෙලා ............ අපි?

    ReplyDelete
    Replies
    1. අනේ මංදා පවුලූශා

      Delete
    2. ඉවාන්
      ලෝකය යන විදියේ
      දූෂිත ලෝකල් පරාවර්තනය
      එක අතකින් අපි හැමෝම එලිදරව් වෙනව
      සිවුරු ලාගත් පුද්ගලයින්ද ඇතුලුව

      රෙහානි අපිවද එලිදරව් වෙමින් යයි
      මේවායේ හොඳ පැත්ත ඒකයි

      Delete
  15. මෙයා ඉස්සෙල්ලාම රහත් වෙච්ච එක හොඳයි....අනිත් සෙට් එකට පෝලිම හදාගන්න ලේසියි. නැත්නම් මෙයාගේ තියෙන කලබලේට පෝලිම් පනින්න ගිහිල්ලා කචල් දාගන්නවා.

    ReplyDelete
    Replies
    1. මේවා වලක්වන්න බෑ, තව ඉදිරියට බලන්න පුලුවන් වේවි හොඳ හොඳ සෙල්ලන්

      Delete
  16. මිනිහෙක් රහත් වෙන්න නම් දස සංයෝජනයන් සම්පූර්ණයෙන්ම දුරු කරන්න ඕන.
    01. සක්කාය දිට්ටි
    02. විචිකිච්ඡා
    03. සීලබ්බත පරාමාස
    04. කාමරාග
    05. පඨිඝ
    06. රූපරාග
    07. අරූපරාග
    08. මාන
    09. උද්දච්ච
    10. අවිද්‍යා

    මේකෙන් පලවෙනි තුන සම්පුර්ණයෙන් ම දුරු කලාම සෝවහන් වෙනවා
    පලවෙනි පහ සම්පුර්ණයෙන්ම දුරු කලාම සකෘදාගාමී වෙනවා
    අටවෙනි එක දක්වා සම්පූර්ණයෙන්ම දුරුකර ඉතිරි දෙක අර්ධ වශයෙන් දුරු කලාම අනාගාමී වෙනවා
    ඔන්න ඹය දහයම සම්පූර්ණයෙන්ම දුරු කලාම තමයි රහත් වෙන්නේ..

    එතකොට ඔය රහත් උනා කියන උන්නාන්සෙ දිහා හොදට බැලුවොත් අවබෝධ කරගන්න පුලුවන් උන්නාන්සෙ ඉන්නෙ කොතනද කියල.
    හැබැයි බලන්න ඕන මාධ්‍ය යෙන් නෙවෙයි..

    ReplyDelete
  17. මේවා ගැනනම් කියන්න කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔන එකක් ඔන කෙනෙක් කරගන්න එකයි ඇත්තේ කියලා, ඒත් ජාතියත් ආගමත් අගාදයට යනකොට අපිට සුවයෙන් ඉන්න බැහැනේ.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්