Followers

Thursday, February 21, 2013

හෙට, පවුල කැඩුනත් මොකෝ අද ජොලි කරලා!



ඇය, සිය සිංහල තරුණ පෙම්වතාට දාව පිළිසිඳ ගත් දරුවාට  උපත දෙන්න සිය නීත්‍යනුකූල මහලු ජපන් සැමියාගෙන් අවසරය ඉල්ලනව. 

සැමිය කියනව,

 බෑ..... එය ගබ්සා කරන්න...... කියල.

  ඒ සම්මාන දිනූ නවකතාවේ අග හරියේ තිබෙන ඇඟේ හිරිගඩු පිපෙන මේ සමාජයේ තිබෙන්නට පුලුවන් ඉතා දුර්ලභ ගට්ටටනයක්. මනුශ්‍යත්වය, පුරුශත්වය, ස්ත්‍රීත්වය හරි හරියට කෙලින් මූණ ලා හැපෙන තැනක්. එය ඇත්තටම කිය විය යුතු නවකතාවක්.

තව දුරට හිතනකොට මට තේරුම් ගිය දෙයක් තමයි, සරත්චන්ද්‍ර විසින් 'මලගිය ඇත්තෝ' හා 'මලවුන්ගේ අවුරුදු දා'  කෘතීන් දෙක හරහා අප මනසේ විසිතුරු කොට තනන විසිතුරු සිහිනය කඩා දමන ගතියක්, 
 සිහිනය පුපුරුවා තාත්වික තත්වයකට අපව ගෙන යන ස්වභාවයක් මට හැඟුනා.
දෙවොන්දරා සං... සුමිකෝ සං  ...

(එමෙන්ම  සෙවන් නයිට්ස් ඉන් ජැපෑන් ...seven nights in Japan චිත්‍රපටය)


මේ කතාව අස්සෙ එන කතාවෙ එන මගේ මිත්‍රය මේ තරම් ගිනි කන්දක් සිය නෝනට දෙන්න නෑ 
ම හිතේ.

සුමිත්‍රා රාහුබද්ධගෙ සම්මාන දිනූ 'කන්දක් සේ මා' කියවන්න සෑහෙන කාලයක් බලන් ඉඳල කොහොම හරි මේ ලඟදී කියෙව්ව. ප්‍රධාන චරිතය-සිංහල යුවතිය, මහලු ජපන් පිරිමියෙක්  හා නීතියෙන් විවාහ වූ   කාන්තාවක්.  ඇය,   විවාහයෙන් සෑහෙන කාලෙකට පස්සෙ  කෙසේ හෝ ඔහු ලව්වා දරුවෙක් හදාගන්නව. 
ඒත් ජීවිතවලට කිසිම සතුටක් නෑ. මහත්තය එයාගෙ ලෝකෙ, නෝන තනිවෙනව.

මේ ලඟකදී වෙච්ච් සිද්ධියකුත් මගේ හිතට ආවා. බැලුවහම 'කන්දක් සේ මා' හි දකින කතාවලට සමාන කතා සැබෑ ජීවිතයේදීද අසන්නට ලැබෙනවා.

දුරබණනය නාද විය, මම එයට උත්තර දුන්නෙමි. 



මගේ මිත්‍රයා කතාවක් පටන් ගන්නේ කාට හෝ දෝස් මුර කතාවක් පෙරට දමමිනි.

මේ එදා මාත් සමග කතාව පටන් ගත්ත හැටියි.

 'බලපං බං අපේ ගෑණි කොරපු වැඩේ, මුංට පී එච් ඩී PhD කවුරු දුන්නද මන්දන්නෑ.'

'මොකද්ද උනේ අදත් මාට්ටු උනාද අතටම?, ' මා අසන්නේ  අපේ මිත්‍රයාගේ හැටි දන්න නිසාවෙනි.

අපේ මිත්‍ර සුමනෙ විවාහ වූයේ විවාහ වූයේ  දේවිකා සමගයි.  ඇය විශ්ව විද්‍යාලයක ඉහල තනතුරක් දැරුවාය. අපේ මිත්‍රයාට සාමාන්ය උපාධියක් වත් තිබුනේ නෑ. මා එය අඩු පාඩුවක් සේ දක්වනවා නොවේ. අර කතාවේ එන යුවතිය හා වියපත් පිරිමියත් අතර ඇතිවූ සම්බන්ධයට යම් සමානත්වයක් ඇතිබව හිතෙනව.

ඉතින් සුමනෙ නාහෙට අහන පුද්ගලයෙක් නොවේ.
තම හිතට එන්නේ මොනවාද එය කියයි.
 නැතිනම් කරයි.

 මා දන්නා පසුගිය අවුරුදු දහය ඇතුලත දේවිකා කවදාවත් පිලිවෙලට පිරිසිදු අලුත් ඇඳුමක් ඇඳ සිටිනවා මා දැක නැත. අර මහචාර්‍ය සරත් විජේසූරිය වරක් කීව වගේ හුචක්කු වගේ ඇඳුම් තමයි ඇඳ ගෙන ඉන්නේ. ගෙදර කැලෑවක් වගේ.

 සුමනේ ප්ලේ බෝයි, ඕනෑවට වඩා බීමට බරයි, වෙන ගෑනු පස්සෙ යනවා. පිට රට සංචාරවල යනවා.
අද දෙමල කෙල්ලෙක්, හෙට බර්ගර් කෙල්ලක්, තව සුමානෙකින් සිංහල කෙනක්, පින්තූරත් පෙන්වනවා. වෙලාවකට සුමනගෙ හෑන්ඩ් ෆෝන් එක ආන්සර් කරන්නෙ අර කියන කෙල්ලො.  ගෙවල් ලඟ ඉඳල ඇවිදින දුරින්  තිබුනු රස්සාවෙන් දුර පලාතකට මාරුවක් අරගෙන වෙනම කාමරයක් කුලියට අරගෙන තමයි ජීවත් වෙන්නේ. නිතරම පිට රට නිසා බීම් අල්මාරිය රට බීම වලින් පිරිලා. ගෙදර පිලිවෙලකට තිබෙන එකම තැන එතැනයි කියා මා සිතු අවස්තා මතකය. ඒක දැක්කම මගේ පෙරේත ඛේඨ ග්‍රන්ථි වලින් ඛේටය එලියට පනිනවාය. ඇත්තටම අනෙක් පිරිමින්ට ඉරිසියා හිතෙන වැඩය මේ සුමනය කරන්නේ. බාගෙට දන්න අය කියන්නෙ සුමනය හරි ලක් කාරය නැත්නම් හැපි ගෝ ලකී මෑන් Happy Go Lucky Man කියල

අහගෙන අහගෙන යනකොට,
මොකද්ද මේ වෙලා තියෙන්නෙ.
ඇයි මේ අඳෝනාව,,, පැමිණිල්ල.?

වයිෆ් සුමනයට කියන්නෙ නැතුව ඌ අරන්  ඉන්න කාමරේට ඇවිල්ල. උගෙ නරක වෙලාවට ඔක්කොම අතේ  මාට්ටු. අලුත්ම යෙහෙලිය සංචාරයකට ආ ජපන් යෙහෙලියක්.


මං කිව්ව,

 ඇත්ත නේන්නම් ඉගෙන ගත්ත කෙනක් උනහම කියල එන්න එපායෑ.
(අනේ තොගෙ .....?&$#)
---------------------------------

ප.ලි;
දයල් බතී ජපන් ගෙයිශාවන් මෙන් යහලුවන්ගේ රහස් රකී. මෙය මගේ යහලුවෙකුට වෙච්ච් දෙයක් වගේ ලිව්වේ රසවත් බවක් ඇති කරන්නයි. හැබැයි මෙය සත්‍ය කතාවකි.

Saturday, February 9, 2013

මා නාමල් රාජපක්ශ නම්



අපි හිතමු ලංකාවේ සිංහල පාසල් ගුරුවරු ගුරුවරියන් විසින් පාසල් වල ළමයින්ට කියනව ඔබ නාමල් රාජපක්ශනම් ඔබ රටට මොනවද කරන්නේ කියල රචනාවක් ලියන්න කියල.

ළමයි මොන මොනදේ ලියයිද?

 වයස් සීමා ඇතුලු වෙනත් කාරණා නිසා අනුව ලියන දේ වෙනස් වෙයි.

මාත් ඒවැනි කෙටි රචනාවක් ලියන්නයි යන්නෙ.

ඇත්තටම, නිල් බලකාය run කරන එක, ශ්‍රී ලංකා රගර් කණ්ඩායම run කරන එක, විශ්ව විද්‍යාල ආචාර්‍ය මණ්ඩල ඇතුලු රජයේ ආයතන වලට නිල් බලකායෙන් කස්ටිය දාගන්න එක, නඩු වලට කතා කරන්න උසාවි යන එක, මෝටර් රථ ධාවන තරඟ සංවිදානය, විවෘත කිරීම්, ආදී රටම දන්න ටික ඇරුනම තව කොතරම් වැඩ ඇද්ද?

ඔබගේ වයසේ සිටියා නම් ඔබ  මිතුරෙක්ය  නැත්නම් මිතුරෙක් ගෙ මිතුරෙක් වත් කියන්න ගොඩක් අය වගේ මාත් හීන මවනව. ඔබ මීලඟ ජනපති වීමට සූදානම් කිරීමට ඔබ වැනි පුතෙක් ඉන්න ඕනම තාත්ත කෙනෙක් හීන මවනව ඇති. මොකෝ එතුමයි කියල රහත් වෙලා ද?

 හිටපු ජනපතිවරුන්ගේ පුත්වරුන් විසින් කළ, අපට මතක හිටින දෑ පිළිබඳව යමක් ලීවොත්.

ජේ ආර් තුමාගෙ පුත් රවි (කවදාවත් පත්තරේක ෆොටෝ එකක් වත් තිබුනේ නෑ) . ජනපති පුත් හැටියට  එස් ටී එෆ් STF Special Task Force එක හැදුවා. ඒ තාත්තගෙ අරක්ශාවට. ඒ ඇරෙන්න වෙනත් තොරතුරක් නෑ.

ජනපතිගේ ප්‍රේමදාසගේ පුත් සජිත් එකල එංගලන්තයේ උගනිමින් සිටියා, ඒ නිසා කළ කී විශේස දෙයක් ගැන සඳහනක් නෑ.

ජනපති චන්ද්‍රිකාගේ පුත් විමුක්ති මගේ මතකයේ තිබෙන්නේ දඩාවතේ සුනඛයන් මර්ධනය කිරීම සඳහා ඩී සෙක්ස් කිරීමේ යෝජනාවක් පුවත් පතක එකල තිබුනා මතකයි.

නාමල් ඒ හැමටම වඩා ඉදිරියෙන් ඉන්න නිසා මෙය ලිවිය යුතු යයි හිතුනා.
තරුණයෙක් ලෙස ඔහු අනිවාර්යයෙන්ම වික්‍රමයන්ට adventurous ලැදියි. ඔවුනට අලුත් සංකල්ප අවශ්යයි. සිංහල මාධ්ය ඒකාකාරියි කියලත් මේ ලඟඳී කියල තිබුන.

ඒ අතරම දෝංකාරයන් තවමත් පහව නොගිය අග්‍ර විනිසුරු තුමියව ඒ තතුරින් පහකිරීම පිලිබඳව ප්‍රශ්නය පිලිබඳව පරාජිතව කල්පනාකිරීමේදී අනේක වාදයන් හිතට එයි.
 එක විදියක් තමයි, වෙච්ච් දේ උනා.
මේකට තියරි එකක් හදාගෙන, හිත හදාගෙන, හෙට දවසෙ ජීවත් වීම;

මේකයි මගේ තියරිය.

 අනෙක් ප්‍රධාන සේවා වගේම නීති සේවාවත් නගරකේන්ද්‍රීය දෙයක්.
සාමාන්‍ය ජනයා මේ දෙස බලන්නේ වපර ඇහින්. මොකද මේ සේවාව සල්ලි නැතුව, දන්න අඳුනන කම් නැතිව, ගන්න අමාරු සේවාවක්. ඉතින් කවුරු හරි මේ කස්ටියට චන්ඩි පාර්ට් එකක් හරි දානව නම් කැමති කොටසක් ඉන්නව.
(රටේ ලොකුම ලොක්කම මේ අයට ජාතියක් දැම්මම අපිට ඉදිරියට වෙන්න තිබෙන දේ නොදැන උනත් පොඩි ජොලියක් යනව. කෙනෙකු හිතනව නම් අග්‍ර විනිසුරුටත් මෙහෙම නම් අපි ගැන කියනු කවරේද කියල ඒකට කියන්න තියෙන්නෙ ඉතින් වාසුත් කියනව නම් ඉතින් වැරදි වෙන්නෙ බැහනේ කියල. 80 වර්ජනයේ නායකයෙක් වන එතුමා කරපු කියපු දේ ඔක්කොම හරිනේ. 80 වර්ජනෙන් පස්සෙ සංවිධිත වෘත්තීය සමිති ඔක්කොම් නන්නත්තාර වෙලා ගියා, ඒකෙන් කාටද හොඳ උනේ, අපිටමයිනේ....)


ඉතින් කොහොම හරි සී ජේ නෝනවත් තල්ලු කොලා කියමුකෝ.

මෙන්න මෙතැන පොඩි හිලක් තියෙනව නාමල්, ඔබතුමා හරියට කල්පනා කලොත්.
ඇයි මිනිස්සු නීතිය හා බැඳුනු මේ පද්දතිය රුස්සන්නෙ නැත්තෙ.


සිදුර මෙතැනයි.

සාමාන්‍ය ජනයාට ඒ සේවාව ලබා ගැනීමට තිබෙන අසමාන තාවයන් නිසා.

දැන් බලන්න පහත දැක්වෙන අත්‍යවශ්‍ය සේවා හා අවශ්‍යතා දිහා...



අධ්‍යාපනය- නිදහස් අද්‍යාපනය පන ඇද ඇද හරි තිබෙනව
ප්‍රවාහනය- ලංගම, පන ඇද ඇද හරි තිබෙනව
සෞඛ්‍ය- නිදහස් සෞඛ්ය, පන ඇද ඇද හරි තිබෙනව
කෑම- සමුර්ධිය, පිං පඩි නැත්නම් හිඟා කන්න හරි පුලුවන්.

මෙන්න තැන..

නීතිඥ සේවා ???  (නොමිලේ නීති ආධාර දෙන ආයතන තිබෙනව. ....ඒත්)


ඔබ තුමාට පුලුවන්නම් මේ ක්ශේත්‍රය ප්‍රාණවත් කරන්න සාමාන්‍ය  මිනිස්සුන්ට නීතියෙ සේවාව, සවිය ලබා දෙන්න, සාමාන්‍ය ජනයා නොසෑහෙන්න පිං දේවි. (වරදවා තේරුම් ගන්න එපා. මං කියන්නෙ නෑ, හැම දේම නොමිලේ දෙන්න කියල.)

 අපි හිතන්නෙ, සාමාන්‍ය මිනිසුන්ට ඔබ තුමා තාමත් හිතවත් කියල.



ඔබ නාමල් නම් ඔබ කරන්නේ මොනවාද?