Followers

Saturday, March 30, 2013

මට සනීපයි චන්ද්‍රා - අල්ලපු ගෙදර දෙබසට හොරෙන් ඇහුන් කන් දුන්නෙමි




මිදුලෙ තිබුනු සපත්තු මල් ගසේ  එහෙන් මෙහෙන් දමා තිබූ අතු රිකිලි ටිකේ අගිස් කපා දැම්මොත් යම් පිලිවෙලක් වේ යයි සිතූ බැවින් ගරාජයේ මුල්ලක තිබූ දිගු කතුර ගෙනවිත් අතු ටික කපමින් සිටිනා අතර ස් ස් ශබ්දයක් ඇසී  පලමුව වමටත් දෙවනුව දකුනටත් හැරී බැලුවෙමි. කවුරුවත් පෙනෙන්න නැත. සාමාන්‍යයෙන් මා මිදුලේ සිටින විට ස් ස් ගාන්නේ වම් පස යාබද වෙසෙනා චන්ද්‍රාය. මා බිරිඳ අහල පහල නැති වෙලාවක් බලාය චන්ද්‍රා මේ ස් ස් පාර දාන්නේ. ම'බිරිඳ ගෙදර නැති බව ඇය ඉවෙන් මෙන් දනී.
ඇය හරිය.
ළමයිනුත් අම්මත් අසනීප ගතියෙන් පසුවන නැන්දම්මා බැලීමට ගොසිනි.


මා හෙමිහිට තාප්ප කන්ඩිය ලඟට ගොස් වට පිට බැලුවේ මේ ගෑනි කොහෙ මුවා වෙලා දැයි බැලීමටය තාප්පයත් ගෙයත් අතර උසට වැඩුනු පඳුරු වලට මුවා වී සිටින චන්ද්‍රා වෙනදා නැති භියකින් සැඟවී සිටින්නේ මන්දැයි සිතා ගත නොහැකි විය. ඇයගේ සවාමි පුරුශයා ඇය හැර ගොස් සෑහෙන කලක් ගතවී ඇත.

 මොකද බං හැංගි මුත්තන් කෙලිනවද?

ස් ස් කෑ ගහන්න එපා

පොඩි රහසක් කියන්න කතා කලේ

ඒ මොකද බං?

මං දන්නව ඔයා අද මේ පැත්තට එන්න හිත හිත ඇති, ප්‍රියන්තිලත් ගමේ ගිහිල්ලනේ ලමයිත් එක්ක,

කොහොමද බං උඹ දන්නේ ?

මට අර ඔයා අතු කපන විදිහෙන් කිව්වෑකි, එදා අන්තිමට අපි හමුවූ දවසෙත් ඔයා ඔය විදියට කැපුවා මතකයි.


අනේ පලයන් යන්න

 අරය ගෙදර ඇවිල්ල

අරය කිව්වෙ සෝමසිරිද ?

ඔව්, වෙන කවුද, ඉතින් ඔයා එනව කියල එකක්යෑ ?
මා තුල ඉරිසියාවක් ඇතිකිරීමටයි මේ අල්ල පනල්ල අස්සේ දුවගෙන ඇවිල්ල මට මේ විත්තිය කියන්නේ. මේ චෑන්ස් එක ආයි ආවොත් අත හරින්නෙ නෑ මම අධිශ්ඨාන කර ගතිමි


එකෙණෙහිම පිරිමි කඩ හඬක් ඇසී මම සුටුස් ගා මෑත් වී ලිස්සා ගියෙමි.

මොහොතකට පසුව බැණ අඬ් ගහගන්නා එකිනෙකාට දොස් පරොස් කියා ගන්නා චන්ද්‍රාගේත් සෝමසිරිගේ කටහඬවල් ඇසුණි. කාලෙකට පස්සෙ ගෑණි බලන්න ඇවිත් හොඳයි!
 මට හිතුනි.

ඉන්පසුව චන්ද්‍රා ඉකිබිඳින හඬත් සෝමසිරි ඇයව අස්වසන සැටිත් මගේ කනට වැටුනි.

එන පොට හොඳ නැත.

රණ්ඩු කරගෙන අරූ මකබෑ වෙලා යනව නම්... හැන්දෑ වෙනකොට ....

ටික වෙලාවකින් පිරිමියෙකුත් ගැහැනියෙකත් වේගයෙන් හුස්ම ගන්නා හඬත් මට සනීපයි චන්ද්‍රා යයි හයියෙන් බෙරිහන් දෙන හඬක්ද මගේ දෙයියො කියමින් හඬනා ස්ත්‍රී කට හඬක්ද ඇසින.

ඉච්ඡාභංගත්වයට පත් වූ මම දිගු කතුර ගෙන වේගයෙන් සපත්තු මල් ගසෙ අතු ටික කපා කපාගෙන ගියෙමි.

වැඩි වේලාවක් ගත වූයේ නැත.


මගේ බලාපොරොත්තු දල්වමින් ගෙදරින් නැවත රණ්ඩුවක හඬ ඇසෙන්නට විය. මෙවර නම් මගේ කල්ල මරේ.. ආශාවලින් කිලිටු වූ ඔද්දල් වී ගිය පෑරුනු සිත මට කොඳුරයි.

අනේ දෙවියනේ..ඕකගෙ ..

රන්ඩුව කෙලවර විය, නැවතත් සැනසුම් බස් ඇසෙන්නට විය.

ඒත් මා දුටු දෙය විශ්වාස කරන්නට බැරි විය. සෝමසිරි තරහෙන් පිපිරෙමින් පැමින ටවුම දෙසට පසු නොබලාම පිම්මේ යන්නට විය


ස් ස්

මොකද

එයා ගියා නේද

චන්ද්‍රට ඇස් පේනවනේ කන් ඇහෙනවනේ මගේ අමනාපය මම පෙන්වූයෙමි. ඒත් ඇත්තටම සිතුනේ 'රත්තරන් ගෑනි, කොහොම හරි පන්නගත්තා'


'කලුවර වැටෙන්න තව කල් තියෙනවා'
 ගෙතුලට යන්නට සැනසුම් සුසුමක් හෙලමින් නැගිට්ටේ හැන්දෑ ගමනට ලෑස්ති වෙන්නටය.



වාසනාවකි




 දහවල් 11.15 බසය ගේ ඉස්සර පාරේ දුවන කොලඹ සිට එන බසය ගේ ඉදිරිපිටම නතර විය. බිරිඳත් දරු දෙදෙනත් බසයෙන් බැස ගති.





Thursday, March 21, 2013

අද විහිලුවක්, වැඩි හිටියනට පමණයි,


මේ බලන්න මේ කතාව,

මේකත් ටිකක් භය හිතෙන කතාවක්

ඔන්න එකමත් එක රටක,  පිරිමින්ට පමනක් වෙන් වූ, වැරදුනොත් මුදල් ආපසු ගෙවන (Money Back Guarantee) ඇඟේ බර අඩු කරගැනීමේ වැඩ මුලුවක් තිබුන .


වැඩ පිලිවෙල භාර පුද්ගලයා ඇවිත් රැස්වෙලා ඉන්න පිරිමින්ට කියනව

වැඩ පිලිවෙල හරි සරලයි


ඔබ දන්නව දිවීමෙන් සිරුරේ බර අඩු කරගන්න පුලුවන් ඉක්මනට. අපේ මේ වැඩ සටහන සති දෙකක් පැවත්වෙනව.

මං කැඳවනව මේ රූමත් කුමරිය, කියා ඉතා රූමත් ස්ත්‍රියක් ඉදිරියට කැඳවයි.

She is our princess Jesica...

(පිරිමින්ගේ කටවල් ඇරී උඩු තොල නහයේද යටිතොල නිකටේද ගෑවෙයි)

පලමු සතියේදී ඔබ කල යුත්තේ මෙයයි, මේ කුමරිය පසු පස එලවා අල්ලා ගැනීමයි.

අල්ලා ගත් කෙනාට මේ කුමරිය සමග එදා දවසම තනිවම ගත කිරීමට පුලුවන්.


පලමු සුමානය උද්යෝගීමත්ව ගතවිය.

දෙවැනි සතිය උදාවිය.

අපේ කස්ටිය කෙල හල, හලා දෙවැනි සතිය එනතෙක් බලා සිටියේ කිව නොහැකි නොයිවසිල්ලකිනි.

උදේ කස්ටිය රැස්ව සිටී, රූමත් කත රැස්ව සිටි පිරිස ඉදිරියට පැමිණියාය. කෙනෙකුට තොල කට ලෙව කෑවිනි.


ඇය කියනව මෙහෙම,
මහත්වරුනි, මුල් සුමානෙ මා දිව්වා, දැන් අවස්තාවක් දෙනවා ඔබලාට දුවන්න.

හැබැයි අල්ලන්නේ මං නොවෙයි,

මෙයා, .....Mike Please Come in..

අඩි හයක් පමන උස දැවැන්ත කලු ජාතිකයෙක් කැඳවයි,

මෙයා පිරිමිනට කැමති සමGay..කෙනෙක්, අල්ල ගත්ත කෙනාට එයා සමග දවසම ගත කරන්න වෙනවා.




Tuesday, March 19, 2013

ජිනීවා බැරි නම් ඕන පුxx අපිට මොකෝ? මේකත් xx හා xxx වචන තිබෙන කතන්දරයක්



අද විශේෂ මාතෘකාවක් නැත. හිතට ආපු වේගෙට ලිව්වා.

මත්තල ගුවන් තොටු පල රටේ ස්‍රේස්ට ජයග්‍රහනයක් ලෙස අපිට ආඩම්බර විය හැකි මහ ව්‍යාපෘතියක්.
LLRC වාර්තාවත් ජනපති තුමාගේ වංක නොවන ප්‍රයත්නයක් වගේ පෙනෙන දෙයක්, එය රටේ සංහිදියාවට Template එකක්, අච්චුවක්, පදනමක්; ක්‍රියාවට දා ගැනීමයි ප්‍රමාද?
(වෙලාවකට හිතෙනව ජයවර්ධන පුරට එරෙහිව රාජපක්ශපුරයද කියල, කෙසේ වෙතත් පහසුකම් විමධ්‍යගතවීම ගැන අප සතුටු විය යුතුයි. )
තමිල්නාඩුවට කියන්න තිබෙන්නේ ඔබලා මෙය ක්‍රියාවට දා ගැනීම ප්‍රමාද කරනවා කියලයි, ආන්ඩුව හිර කරන් ඉන්න ජාතිවාදීන්ට උඩ ගෙඩි දෙනවා කියලයි.

 තව බිල්ලෙක්,..... ජිනීවා,
දැන් මට නම් පෙනෙන්නෙ මේකත් ඔසාමා වගේ බිල්ලෙක් කියල. අපේ ආණ්ඩුත් බිල්ලො හදන්න නොදන්න කට්ටියනේ.

මතක ඇතිනේ පරණ ලේබල්..


චේගුවේරා
නැක්සලයිට්
දේශප්‍රේමී
ජේ වී පී
ප්‍රා
එල් ටී ටී ඊ
කොටි
ජාතිද්‍රෝහීන්

සිංහල කොටි
එන් ජී ඕ
ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරයො
බටහිරයෝ
හලාල්



'දෙමලට බැන බැන උන්ගෙ කාවඩි බෙරේ ගහලා, ක්‍රිකට් මැච් එකකට ගිහින් ලෝකෙට පේන්න සිංහ කොඩිය හෙලෙව්වාටපිරිමි තමන්ගෙ ගෑනු රට කුස්සිවල කඹුරන්න යවන පිරිමි ඉන්න රට!
ලංකාව දුවන්නේ ඒ මුදල් වලිනි.
මේ රටට වැටෙන්න තවත් තැනක් නැත. මේ අවමානෙන් බේරෙන්නට රටේ ලොකුම ලොක්කාටත් බැරිය.
මං කිව්වෙ ජිනීවා අරව මේව වැදගත්, ඒ ව හරියට සටන් කරන්න ඕන ඉසව්. ඒත් ජිනීව වලින් ගේන අරෙව මේව නිසා රට පැදුරෙන් බිමට වැටෙන්නේ නෑ'

කියල, මං තුමාගෙ මනස් ගාතයක් එලියට දාන්න ආව විතරයි, මෙන්න විපක්ශ තුමා තව බිල්ලෙක් ගේනව.රනිල් කියනව සමහර රටවල් හා සංවිධාන ලෑස්ති වෙනව කියල අපේ තේ නොගෙන ඉන්න, සංචාරයට නෑවිත් ඉන්න,කියලා.


 මලා! පැදුරෙනුත් බිමට.

රනිල් තුමා ඉන්නෙ අපිට බිල්ලො පෙන්නල හිනා වෙන්න.
කෝ තමුන්නාසේගෙ ප්‍රතිපත්ති මේව විසඳන? (මගේ ප්‍රත්පත්තිය තමයි මහින්ද සමරසිංහව අපේ ආණ්ඩුවේ විදේශ ඇමති තනතුර දෙන එක)


කෝ අපේ තෙල් සම්පත්, ඒවට මක් වෙලාද? ඒ ගැන දැන් කතාවක් නැත.

ජිනීවා එනවා යනවා
චොගම් එනවා යනවා
ධාතු එනවා යනවා
ක්‍රිකට් එනවා යනවා
දකුණු දිග මහා අධිවේගී මාර්ගය,
මත්තල ගුවන් තොටුපල  නිව්ස් එනවා යනවා

අපිට පාන්ද?


'ඇමරිකාව ගහන ගේම් ගැන හිත කරදර කර ගන්න ඕන නෑ.
අපිට ආයි වැටෙන්න තැනක් නෑ,
යුද්ධය අවසන් කරන්න ලංකාවට උදව් දුන්නෙත් ඇමරිකාව!
දැන් මොන බයිලද කියන්නේ.'

කියල, ප්‍රශ්නෙ මග ඇරල ගිහින් මං තුමා තව ශෝට් කට් එකක් දාන්න ගියේ,

ඒත් මතක තබා ගත යුතුයි,
සදාම්ට, ගඩාෆිට, ඔසාමට උදව් කලෙත් ඇමරිකාවලු, ඒ නිසා කලින් උදව් කළ කතා දැන් වලංගු නෑ.


ජිනීවත් තියෙනව, තමිල්නාඩුවත් තියෙනව, ඒත්, ප්‍රධාන ප්‍රශ්නෙ අපේ බඩගින්දර යාන්තම් මැකෙනවා පමනයි?

රටට පටන් ගන්න තැනක් තිබෙනවා, මෙන්න මෙතැන.....


ලංකාවේ ඉන්න දුප්පත්ම අඩුම ආදායම් ලාභි අම්ම  රූපවාහිනියට හෝ අයි ටී එන් එකට ගෙන්වල රටටම පෙනවන්න,  ඒ අම්මට පුලුවන්ද රජෙක්  තනන්න  පෝශණය අධ්‍යාපනය, ආරක්ශාව, හා සෞඛ්ය පහසුකම් සපයන්න කියලා. (මං රජෙක් කියල අදහස් කලේ අඩුම තරමින් ලිපිකරුවෙක්, හොඳ කාර්මිකයෙක්, දැනුවත් ශක්ති සම්පන්න ගොවියෙක් )
(බ. ගොනාවර්ධන නම් පලාතක ගේන්න එපා, 2500 න් ජීවත් වෙන්න පුලුවන් කතාව කියල තවත් රජය බාල්දු කරල දායි.) හැම පක්ශෙටම එන්න කියලා අහන්න ඕන තමුසෙලා මේකට මොකද කරන්නේ කියලා.

එදාට තමයි අපි අපේ පාර සකස් කර ගන්නේ.

ඒ අරුනම අනෙත් ඔක්කොම ඒ ඇත්ත යට ගහන්න කරන උප්පරවැට්ටි!

හලාල් කියා යම් කෑමේ බීමේ ප්‍රතිපත්තියක් මුසල්මානුවනට් තිබේ. එවැනි ආරක්ශිත කෑමේ පිලිවෙතක් අපට තිබේද?  එන ඕනම දෙයක වග විභාගයක් නැතිව ගිල දාන එක තමයි සිංහල කෑම ප්‍රතිපත්තිය.
හලාල් වැනි ප්‍රතිපත්තියක් අපි සකස් කර ගැනීම කල යුතුම දෙයක්.



ඇමරිකාව ලංකාවට ගහන්න යොදාගෙන තිබෙන්නේ සුද්දෙක්වත්, පිරිමියෙක්වත් නොවෙයි
අපේම එක්කෙනක් නවනීදන් පිල්ලේ මැතිණිය.

රනිල්ගේ හෝ සජිත් ගේ යූ එන් පිය ආවයි කියලා අපේ ගෑනුන්ව කුස්සි අම්මලා කරලා යවලා පිරිමින්ට අතේ xxx සිදු වෙන එක, හෙල උරුමය වන එක නවත්තන්න පුලුවන් වේවිද? බලය අතට වැටෙන කම් බලාහිටින ප්‍රතිපත්තියක පිහිටා සිටින යු එන් පියේ මේ පිළිබඳ ප්‍රතිපත්තිය කුමක්ද?
(රන්ජන් රාමනායකව ගෘහ සේවිකා ඇමති කරනවා)

ජිනීවා බැරි නම් ඕන පුxx අපිට මොකෝ ?

අපි නොදන්න ජිනීවා?
මහින්ද රාජපක්ශ, වාසු සමග ගිය ජිනීවා!
තව බිල්ලෙක්!
----------------------------------
පසුව එකතු කරන ලදි.

ජනතාව කන බොන හැටි සොයන්න සමීක්ෂණයක්

2013 මාර්තු 23  09:02 a.m
resaරටේ ජනතාවගේ ආදායම් හා වියදම් ගැන සොයාබැලීමට ජන‍ලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් ආරම්භ කර ඇත.හතර දෙනෙකුගෙන් යුතු පවුලකට හෙවත් සාමාන්‍ය ගෘහ ඒකකයකට මාසිකව ලැබෙන ආදායම හා ඔවුන්ට  ආහාරපාන හා සේවා ලබාගැනීමට වැයවන මුදල මෙහිදී සමීක්ෂණය කෙරේ. මෙහිදී සමීක්ෂණ නිලධාරීන් විසින් ගෘහ ඒකක වෙත පත්‍රිකාවක් නිකුත් කෙරේ. සතියකදී ආහාරපාන ගැනීමට වැය වූ මුදල එහි ඇතුළු වියදම්ද ආදායමද ලකුණු කරනු ඇත. මාස කිහිපයක් පුරා පැවැත්වෙන මෙම සමීක්ෂණය අවසන් වන්නේ ජූනි මාසයේදීය. මෙවැනි සමීක්ෂණයක් අවසන්වරට කෙරුණේ දෙදහස් දහයේදීය. එහිදී අනාවරණය වූයේ හතර දෙනෙකුගෙන් යුත් පවුලක මාසික ආදායම රුපියල් තිස්හයදහස් හාරසිය පනස් එකක් බවය. එම මුදලෙන් භාණ්ඩ හා සේවා සඳහා ඔවුන්ට රුපියල් තිස් එක් දහස් තුන්සිය තිස් එකක් වැයවන බවද හෙළිවිය. තවද ලංකාවේ දරිද්‍රතාව සියයට අටයි දශම නවයක් බවද අනාවරණය විය.
මිහිරි ෆොන්සේකා
------------------

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මතයි. ඊළඟට?

Genewa1ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී වැඩි ඡන්ද 12කින් සම්මත විය. ඡන්ද විමසන මොහොත තෙක්ම යෝජනාවලිය පිළිබඳව නිහඬව සිටි ඉන්දියාවද, පසුගිය වර සේම, අවසාන මොහොතේදී ඇමෙරිකානු යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 25ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 13ක් පමණි. රටවල් 8ක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියේය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි රටවල් සංඛ්‍යාව 47කි. පාකිස්තානය, වෙනිසියුලාව, ඉක්වදෝරය, කොංගෝව, ඉන්දුනීසියාව, උගන්ඩාව, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය, කටාර්, මොරිටේනියා, පිලිපීනය, තායිලන්තය, උගන්ඩාව, මාලදිවයින යන රටවල් ලංකාවට පක්ෂව ඡන්දය ලබාදුන් රටවල් විය. ඉන්දියාව හා යුරෝපා සංගමයට අයත් රටවල් ද ඇතුළු රටවල් 25ක් යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදිණි. ඡන්දය ලබාදීම ප්‍රතික්‍ෂේප කළ රටවල් අතර ජපානය මෙන්ම මලයාසියාවද විය. කෙසේ වෙතත් මානව හිමිකම් සැසියේදී සම්මත වූ මෙම යෝජනාව පිළිබඳ මේ වන විට විවිධ පාර්ශ්ව විවිධ අර්ථකතන සපයමින් සිටී. ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කර සිටින්නේ මෙම යෝජනාව හරහා ශ්‍රී ලංකාවටද යම් ජයග්‍රහණයක් ලැබි ඇති බවයි. ශ්‍රී ලංකාව සම්බන්ධ මෙම යෝජනාවට ඇමෙරිකා එක්සත් ජනපදය අවසන් දින කිහිපය තුළ නව සංශෝධන ගණනාවක් එකතු කොට තිබුණු අතර ඒවා තුළින් යෝජනාවේ සැර බාලකිරීමක් සිදුවී ලංකාවට යම් සහනයක් ලැබි ඇති බව ඇතැම් ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ අදහසයි. මානව හිමිකම් සැසිවාරය ආරම්භ වූ අවස්ථාවේ ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කෙටුම් පත හා පසුගියදා සම්මත වූ යෝජනාවලිය සංසන්දනය කර බැලීමෙන් සැර බාලකිරීමේ මෙම කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක. ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ශනය කිරීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට නිර්දේශයක් මෙවර යෝජනාවලියේ ඇතුළු නොවීමද ශ්‍රී ලංකාව මෙසේ ලැබූ සහනයක් ලෙස දැක්විය හැකිය. ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්‍ලේ ශ්‍රී ලංකාව සම්බන්ධව සකස් කළ යෝජනාවේද ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳව සඳහන්ව තිබිණ. නමුත් මෙම ඇමෙරිකානු යෝජනාව තුළින් අවසන් මොහොතේ එම කරුණ ඉවත්ව ඇත. කෙසේ වෙතත් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය ශ්‍රී ලංකාවේදී උල්ලංඝනය වූ අවස්ථා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන සහ විශ්වසනීය පරීක්ෂණයක් පවත්වන මෙන් මෙම යෝජනාවලිය හරහා ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා ඇත. එසේම මෙම පරීක්ෂණ පැවැත්වීමේදී ජගත් මානව හිමිකම් කවුන්සිලයේ උපදෙස් ලබාගත යුතු බවද මෙම යෝජනාවලියේ පැහැදිලිවම දක්වා තිබේ. එමෙන්ම ලබන වසරේ මාර්තු මාසයේදී මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධ විශේෂ සැසිවාරයක් පැවැත්විය යුතු බවට වූ සඳහන සාකච්ඡාවක් යනුවෙන් සංශෝධනයට ලක් වී තිබේ. ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ සැසිවාරයක් පැවැත්වීම පිළිබඳ යෝජනාව ඇමෙරිකානු කෙටුම්පතේ ප්‍රධාන අංගයක් ලෙස පැවතුනු අතර එහිදී එයට විවිධ පාර්ශ්ව රැසකින් විවේචන එල්ල විය. මෑත ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙසේ එක රටක් පිළිබඳව විශේෂ සැසිවාරයක් නොපැවැත්වුණු බව බොහෝ දේශපාලන විචාරකයන් විසින් පෙන්වා දෙනු ලැබිය. ශ්‍රී ලංකා රජයද මෙම නිර්දේශය දැඩි ලෙස විවේචනය කළේය. කෙසේ හෝ අවසානයේ මෙම විශේෂ සැසිවාරය, සාකච්ඡාවක් දක්වා සංශෝධනය වී ඇත. මානව හිමිකම්, විනිශ්චයකරුවන්ගේ සහ නීතිවේදීන්ගේ ස්වාධීනත්වය, භාෂණයේ නිදහස, නිදහසේ රැස්වීමේ අයිතිය වැනි ක්ෂේත්‍ර සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අවසර දිය යුතු බව සඳහන් යෝජනාව ඔවුන්ට අවස්ථාව සැලසීම දක්වා වෙනස්වීමත්, එම විශේෂ නියෝජිතයන්ගේ ක්ෂේත්‍රයන් සම්පූර්ණයෙන්ම ඉවත් කොට තිබිමත් අවසාන වශයෙන් සම්මත වූ යෝජනාවේ ඇති වෙනස්කම් වේ. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දීමේ වගන්තිය වෙනත් රටවල් සම්බන්ධයෙන්ම පූර්වාදර්ශයක් වනු ඇති බවට ඉන්දියාවේ බරපතළ අවධානය පළවී තිබුණු බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව ඉන්දීය රජයේ සෘජු බලපෑම මත මෙම වගන්තිය වෙනස් කෙරී ඇති බවටද ඇතැම් නිරීක්ෂකයෝ අනුමාන කරති. මේ වසරේ සැප්තැම්බර් මාසයේ උතුරු පළාතේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳව ප්‍රසාදය පළ කරමින් සංශෝධිත කෙටුම්පතට වගන්තියක් එක්කොට තිබෙන අතර, පසුගියදා සම්මත වූ සර්ව වාරික සමාලෝචනය සම්බන්ධයෙන් ඉන්දියාව නිකුත් කළ නිවේදනයේද එම වගන්තිය ඇතුළත්ව තිබුණි. අධිකරණය, සංහිඳියාව සහ ජීවනෝපායයන් යළි ආරම්භ කිරීම යන ක්‍ෂේත්‍රයන්හි තවත් බොහෝ දේ කළ යුතු බව පෙන්වා දෙන අතරම, එම ක්‍රියාවලියේදී සිවිල් සමාජය සහ සුළු ජාතීන් ඇතුළු සියලු ප්‍රදේශවාසී ජනකොටස්වල පූර්ණ සහභාගිත්වයේ වැදගත්කම නව කෙටුම්පතේ අවධාරණයකොට තිබේ. උගත් පාඩම් සහ සංහිඳියාව පිළිබඳ කොමිසමේ වාර්තාව සහ නිර්දේශ ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව සඳහා දායක විය හැකි බව සඳහන් වගන්තියක්ද සංශෝධිත යෝජනාවලියේ ඇතුළත්ය. බලය බෙදාහැරීම ඇතුළු සංහිඳියාව සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව දිරිමත් කරන බවට තිබූ සඳහන් ඉල්ලා සිටිනු ලැබේ යනුවෙන් සංශෝධනයට ලක්වී තිබේ. මේ අනුව සම්මත වූ යෝජනාව මුල් යෝජනාවේ සිට විශාල පියවරක් පසුපසට තැබිමක් ලෙසින් ඇම්නස්ටි ජාත්‍යන්තරය විග්‍රහ කරයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය දිගින් දිගටම මෙම යෝජනාවලියට තම විරෝධතාව ප්‍රබල ලෙසම ප්‍රකාශ කළ අතර එය මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡාවට ගැනුණු අවස්ථාවේ අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළේ මෙම යෝජනාව මගින් එය ඉදිරිපත් කළ රටවල දෙබඩි පිළිවෙත ප්‍රදර්ශනය වන බවයි. ලොව තවත් රටවල් බොහොමයක යුද ගැටුම් පවතින වාතාවරණයක් තුළ තිස් වසරක යුද්ධය අවසන් කළ ශ්‍රී ලංකාව වැනි රටකට එරෙහිව මෙවැනි යෝජනාවලියක් ගෙනඒම කනගාටුදායක බවද අමාත්‍යවරයා එහිදී අනාවරණය කළේය. පටු දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමේ අභිප්‍රායෙන් ශ්‍රී ලංකාවට එරෙහි මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බව පැහැදිලි වන බවද එහිදී ඔහු පෙන්වා දුන්නේය. අද දිනයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ මෙවැනි යෝජනාවලියක් හෙට දිනයේ අසාධාරණ ලෙස තවත් රටකට එරෙහිව ඉදිරිපත් කිරීමේ අවදානමක්ද පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය. “ශ්‍රී ලංකාවේ අනාගත සුබසිද්ධිය බලා‍පොරොත්තු වන්නන් මේ මොහොතේ සිදුකළ යුත්තේ රට තුළ ක්‍රියාත්මක ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට සහය ලබාදීමයි. මෙම යෝජනාවලිය තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මෙම ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට කිසිදු සහනයක් ලබා නොදෙන බව පැහැදිලිය. එසේම මෙම යෝජනාවලිය තුළින් ශ්‍රී ලංකාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින සමීප සබඳතාවන්ට හානියක් සිදුනොවෙනු ඇතැයි මා අපේක්ෂා කරනවා. මෙම යෝජනාවලිය තුළින් කලාපීය සබඳතාවන්ට හා දකුණු ආසියානු සහයෝගිතාවට හානිදායක බලපෑම් එල්ල කෙරෙනවා. ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සාමයක් ගොඩනැගීමටත් ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය වේගවත් කරලීමටත් ශ්‍රී ලංකා රජය පියවර ගන්නවා” යම් යම් සහනශීලී සංශෝධන ඇතුල් වුවද ලංකා රජය මෙම යෝජනාවලිය තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍යවරයාගේ මෙම අදහස් දැක්වීමෙන් පැහැදිලි වේ. කෙසේ හෝ වේවා මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී අවසන්ය. මේ තුළින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර නිරීක්ෂකයන් පැමිණීමේ හෝ ආර්ථික සම්බාධක පැනවීමේ අවස්ථාවක් උදාවනු ඇති බවට මෙරට සාමාන්‍ය ජනතාව තුළ යම් සැකයක් පවතී. ඒ අනුව මෙම යෝජනාවෙන් පසුව කුමක් සිදුවනු ඇතිද යන්න පිළිබඳවද කෙටියෙන් හෝ සොයා බැලීම ඉතා වැදගත්ය. මේ පිළිබඳ අප කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ සම්බාධක පැනවීමක් හෝ ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ පැමිණීමක් පිළිබඳව ගැටලුවක් මේ තුළින් පැන නොනගින බවයි. “මෙම යෝජනාවලියේ අඩංගු සියලුම යෝජනා ක්‍රියාත්මක කළ යුතුව ඇත්තේ ලංකා රජයේ සහාය හා අනුදැනුම මත බව එම යෝජනාවලියේම පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා රජයේ අවසරය නොමැතිව කිසිදු නිරීක්ෂකයකුට මෙරටට පැමිණෙන්නට බැහැ” යැයි එම නිලධාරියා සඳහන් කළේය. එසේම ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමක් සඳහාද මෙම යෝජනාවලිය තුළින් කිසිදු අවස්ථාවක් උදා නොවෙන බව එම නිලධාරියා පැහැදිලි කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට විවිධ පීඩනයන්, විවිධ අවස්ථාවලදී එල්ල කිරීමට මෙම යෝජනාවලිය මෙවලමක් ලෙස භාවිතා කෙරෙනු ඇති බව විදේශ අමාත්‍යංශ නිලධාරිවරයා සඳහන් කළේය. මෙවැනි යෝජනාවල ඇති බරපතළකම එයයි. ජාත්‍යන්තරව සම්මත වූ මෙවැනි යෝජනාවලිය තුළින් ශ්‍රී ලංකාවට විවිධ බලපෑම් එල්ල කිරීමේ අවස්ථාව බටහිර රටවලට ලැබෙන බව අමාත්‍ය මහින්ද සමරසිංහද අප කළ විමසීමකදී සඳහන් කළේය. බටහිර රටවල ආණ්ඩු බලයේ රැඳී සිටීමේ අරමුණින්, විදේශගත දෙමළ ප්‍රජාවගේ ඡන්ද ලබාගැනීම සඳහා එවැනි යෝජනාගෙන එන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත් ඇමෙරිකානු රජය නම් මේ සම්බන්ධව දරන්නේ වෙනස්ම අදහසකි. මෙම යෝජනාවලිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙරට ඇමෙරිකානු තානාපති මිෂෙල් එච්. සිසන් ප්‍රකාශ කර සිටින්නේ, මෙම යෝජනාව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ගනු ලැබූ පියවරක් බවයි.ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඇමෙරිකානු රජය නිරතුරු සහය දෙන බවත්, ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා ජගත් සංවිධානයේ අරමුණක් නැති බවත් ඇය අවධාරණය කර සිටී. මෙවැනි යෝජනා හරහා ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමේ කිසිදු බලා‍පොරොත්තුවක් නොමැති බව ඇමෙරිකාවේ උඉඒච් ආයතනයද පසුගිය අවස්ථා කිහිපයකම අවධාරණය කර ඇත.
පැතුම් වික්‍රමරත්න







Tuesday, March 12, 2013

හෙහ් අපි නොදන්න ඕපපාතික, ජලාබුජ, සංසේජ...





විමල් තුමා මේ ලඟදී ඉඳන් විශ්ව විද්‍යාල උපාධිදාරීන්ට දෙනව ඇස්ටි හැලෙන්න. එතුමාගේ දැනුමේ ඉම් ප්‍රසාරනය වී ඇති අන්දමට සාක්ශියකී. කොන්දක් ඇතුව කෙලින් කතා කරන  අයට කවුරුත් කැමතියි. මාර්ටින් වික්‍රමසිංහ, ජී බී වැනි ප්‍රාඥයින් එතරම් ඉහලට ඉගෙන ගෙන කොල කෑලි ගත්ත අය නොවෙයිනේ. ඒ අයගේ පොත් විශ්ව විද්‍යාල නිර්දේශිත පොත් අතර වැටෙනව. තවත් කෙලින් කෙලින් කතා කරන පුද්ගලයෙක් තමයි, ම' ඇමති තුමා. විශ්ව විද්‍යාලය එතුමාව ශේප් කර ගත්තේ ආචාර්ය උපාධියක් දීල. නැතිනම් එතුමාගෙනුත් හොඳ පද අහගන්න තිබුන. ඒ නිසා මා යොජනා කරනවා වහාම හැකි හැකි ඉක්මනින් එතුමාටත් වැදගත් යමක් ප්‍රධානය කර දී ශේප් කර ගන්නා ලෙස. නැත්නම් ඇඳන් ඉන්න මේ බොරු 'උගත් සලුව' ගැලවෙනවා. විමල් තුමා මේ ලඟදී කියල තිබුන අපි කන්නෙ තාම පරංගින්ගෙ කෑම, ඒව දැන් පරංගි කන්නෙත් නෑ කියල. කතාවෙ හරයට  කැමතියි. ඒත් ඡන්දෙ බලාගෙන දාන පරංගි කෑල්ලට  නම් නොවේ .

 ඇමති තුමනි,
අපේ විශ්ව විද්‍යාල උගතුන් විදේශ රටවල ජයකෙහෙලි නංවයි.
තම මව් බිමේ පාලකයින්ට මේ අයව පෙනෙන්නේ ගොනුන් ලෙසටයි.
පෙනෙනනවා ඇති, ප්‍රශ්නය තිබෙන්නේ කොහිදැයි.


මටත් ඉතින් කට තියාගෙන ඉන්න බෑ. මොනව හරි නොලිව්වොත් ඩ්‍රින්ක් එකක් නොදැම්ම් වගේ තමයි අත වෙවුලනවා. කතන්දර ලඟදී ලියූ බ්ලොග් පෝස්ට් එකකට (අතිජාත, සහජාත සහ අවජාත - Genes or environment?මාගේ දැනුමේ ඉම් ප්‍රසාරණය වී ඇති අන්දම දැක්වීම සඳහා පහත කොමෙන්ටුව දැම්මේමි.

බුදු හාමුදුරුවො බණ දෙසුවේ නාගරී බසින් කියලයි අහල තියෙන්නෙ.
දහම් පුස්තක තිබෙන්නෙ පාලියෙන්
අපි මේ කතා කරමින් සිටින්නේ සිංහලෙන්, අල්ලගෙන තිබෙන වචනය ඕපපාතික; මෙහි ශබ්දකෝශ තේරුම ගෙන වාද කර ගැනීමේ සීමා තිබෙන බව මගේ නොමේරු මොලේට තේරුම් යයි. නමුත් යම් ශාස්ත්‍රීය පදනමක් සපයයි.
සිංහලේ සෑහෙන දෙමල වචන තිබෙනව, ඒ වගේම සංස්කෘත, පෘතුගීසි, ඕලන්ද, ඉංග්‍රීසි වචනත් තිබෙනව. ඒ ඒ භාශාවලින් අදහස් කල ඔරිජිනල් දෙයම නොවෙයි දැන් අප ඒ වචන වලින් අදහස් කරන්නේ. මේ වේලාවේ මට උදාහරණ හිතට එන්නේ නෑ.

කවුරු හරි 'කැවුම' වෙන භාශාවකට පරිවර්තනය කලා කියමුකෝ.
තනි වචනෙකින් කියන්න පුලුවන්ද කැවුම ඇරෙන්න.
ඉංග්‍රීසියෙන් ඉස්සර කිව්වෙ oil cake කියල.

මේ oil cake වචනෙම කොපමන ඕපපාතිකද, වියුක්තද, අස්වාභාවිකද, මනස්ගාතයක්ද, විකෘතියක්ද ?

කෙනක් අහන්න පුලුවන් සමාජවාදය වගේම ධනවාදයත් මේ ඕපපාතික ගොඩට දැමිය හැකි නොවෙද කියල;
ඔව්, ජීවිතේට කැවුම් කාල නැති සුද්දෙක්, අපිට නොදන්න oil cake ....කිව්ව වගේ කියල තමයි කියන්න තිබෙන්නේ.
හෙහ් අපි නොදන්න ඕපපාතික, ජලාබුජ, සංසේජ, අණ්ඩජ...

හෙහ් එකපාරටම ඇමති තුමා නින්දෙන් ඇහරිලා, ඔක්කොම මෝඩයො;  හරිම ඕපපාතික කතාවක් !

----------------
ඉහත ඡායාරූපය අන්තර් ජාලයෙන්  ගන්නා ලදි

-------
මේ කොටස පසුව එකතු කලේ  කෝම්න්ට්ස්වලින් මතු වූ කරුනු ගැන අවධානය වැඩි කරන්නයි.


මං හිතනව බුදු හාමුදුරුවො ඕපපාතිකයි කියල කිව්වෙ මෙන්න මේවට

NASA scientist 'finds alien fossils on meteorite'

Updated Mon Mar 7, 2011 11:48am AEDT
A NASA scientist says he has found evidence of tiny fossilised bacteria on three meteorites and maintains the microscopic life forms are not native to Earth.
If confirmed, this research would suggest life in the universe is widespread and life on Earth may have come from elsewhere in the solar system, riding to our planet on space rocks like comets, moons and other astral bodies.
The study, published online in The Journal of Cosmology, is considered so controversial it is accompanied by a statement from the journal's editor seeking other scientific comment, which is to be published starting later today.
The central claim of the study by astrobiologist Richard Hoover is that there is evidence of microfossils similar to cyanobacteria - blue-green algae, also known as pond scum - on the freshly fractured inner surfaces of three meteorites.
These microscopic structures had lots of carbon, a marker for Earth-type life, and almost no nitrogen, Dr Hoover said in a telephone interview.
Nitrogen can also be a sign of earthly life, but the lack of it only means that whatever nitrogen was in these structures has decomposed out into a gaseous form long ago, Dr Hoover said.
"We have known for a long time that there were very interesting biomarkers in carbonaceous meteorites and the detection of structures that are very similar ... to known terrestrial cyanobacteria is interesting in that it indicates that life is not restricted to the planet Earth," Dr Hoover said.
Dr Hoover, based at NASA's Marshall Space Flight Centre in Alabama, has specialised in the study of microscopic life forms that survive extreme environments such as glaciers, permafrost and geysers.
He is not the first to claim discovery of microscopic life from other worlds.
In 1996, NASA scientists presented research indicating a 4 billion-year-old meteorite found in Antarctica carried evidence of fossilised microbial life from Mars.
The initial discovery of the so-called Mars meteorite was greeted with acclaim and the rock unveiled at a standing room-only briefing at NASA headquarters in Washington.
Since then, however, criticism has surrounded that discovery and conclusive proof has been elusive.
Dr Hoover's research may well meet the same fate, with another NASA researcher greeting the paper's claims with scepticism.
"Many scientists have examined thousands of meteorites in detail over the past 50 years without finding any evidence of fossil life," David Morrison, senior scientist at the NASA Astrobiology Institute at Ames Research Centre, said in an email to MSNBC.
"Further, we know a great deal about the conditions on the parent objects of the meteorites, which (not counting the few meteorites from the moon and Mars) were rather small, not at all like planets.
"I would therefore invoke Carl Sagan's famous advice that extraordinary claims require extraordinary evidence.
"At a bare minimum this would require publication in a prestigious peer-refereed scientific journal - which this is not. Cyanobacteria on a small airless world sounds like a joke. Perhaps the publication came out too soon; more appropriate would have been on April 1."
In a statement published with the online paper, the Journal of Cosmology's editor in chief, Rudy Schild, said in a statement: "Dr Richard Hoover is a highly respected scientist and astrobiologist with a prestigious record of accomplishment at NASA."
"Given the controversial nature of his discovery, we have invited 100 experts and have issued a general invitation to over 5,000 scientists from the scientific community to review the paper and to offer their critical analysis."
Reuters
First posted Mon Mar 7, 2011 10:08am AEDT

Sunday, March 10, 2013

ඇයිද ලංකාවට එරෙහිව මේ දෙබිඩි පිලිවෙත, ඇයි අපි ලංකාවට තෝරල ගහන්නෙ?

http://www.youtube.com/watch?v=D0ogJ7MfBrc&feature=youtu.be


Published on Mar 3, 2013
Ranking member of US House Foreign Affairs Subcommittee Congressman Eni F.H. Faleomavaega on Tuesday (Feb 26) expressed his deep concerns over the double standards applied in the US foreign policy toward Sri Lanka. Speaking at the committee hearing on "The Rebalance to Asia: Why South Asia Matters" , the congressman underscored that US should find a better way forward than using UN resolutions to improve its relationships with a strategically important country such as Sri Lanka .

(මෙහි සිංහල පරිවර්තනය දැමීමට නොහැකිවීම ගැන කණගාටුවෙමි-dayal bathee)

---------------------------------------------------------
පේන විදියට ඔස්ට්‍රේලියාව ලංකාව දෙසට හෙලන කෝණය වෙනස් වීම, එනම්, හොඳ පැත්තට කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවේ දේශපාලන වෙනස් කම් ඇති කිරීමට සමත් කමක් ඇති සරණාගත ප්‍රශ්නය විසඳීමට ඔස්ට්‍රේලියාවට උදව්වීමට ලංකාවට ඇති සඛ්‍යතාව සලකා බලා ලංකාව පැත්තට හැරීම  ඇමරිකාවට බලපාල වගේ - dayal bathee

Thursday, March 7, 2013

සනත් ජයසූරිය, ක්‍රිකට්, මැන්ඩෙලා හා ඉන්වික්ටස් Invictus



කවුද කිවූ නිසා සනත් ඉන්වික්ටස් Invictus චිත්‍රපටය නැරඹුවේ ක්‍රිකට් තේරුම් කමිටුවේ ලොකු පුටුව ලැබුනාට පසුවය. වර්ගවාදී ආණ්ඩුව පලවාහැර පැවත්වූ පලමු ලෝක රග්බි කුසලානය සඳහා වූ ලෝක කුසලාන අවසන් මහා තරඟය  මැන්ඩෙලාගේ ජාති වාදී නොවන, දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා ගෙන යන්නා වූ උපාය මාර්ගය දැක්වෙන ඒ චිත්‍රපටය දැකීමෙන් උද්දාමයට පත් වූ සනා දැනට මඩ ගොහොරුවක් වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඒ මැන්ඩෙලාගෙ උපාය මාර්ගය යොදා ගැනීමට ඉටා ගත්තේය. සිදු වූ දේ කෙටියෙන් කියනවා නම් සනත්ට උවමනා වී තිබුනේ Invictus  හි මැන්ඩෙලා මෙන් අප ශ්‍රී ලාංකික ක්‍රිකට් අර්බූධය මෙන්ම නායකත්ව  අර්බූධය දාර්ශනිකව විසඳීමය. මෑත කාලයේ ලංකාවේ ජීවත් වූ සහ ජීවත්වන මහ පරිමාන  සිහින දකින්නන් අතරින් සිය සිහින සැබෑ කරගත් අයෙක් ලෙස සනත් ජයසූරිය ඉහල තලයක ලා සලකමි. ඔහු තම සිහින සැබෑ කර ගත්තේ සිය මව් බිම ලෝක සිතියමේ සලකුණු කරමිනි. වඩාත් වටින්නේ එබැවිනි. ලාංකික ක්‍රිකට් දර්ශනය මා කලින් ලියූ ලිපියක්

අශෝක හඳගම සිය සිහිනය මේ ලඟදී එලියට දැම්මේය. එය සමහරුන්ට අරහන්ය. ඒ අයට ඕනෑ ඒ සිහිනය ඇමරිකන් විදියට දැකීමටය. මං කලිනුත් මේ ගැන ලිපියක් ලියල තිබෙනව. ලංකාව සිහින දකින්නන්ගේ සුසානයක්ද? භය නොවී හීන දකින්න. ලංකාවේ අනාගතය රැඳී ඇත්තේ ඒ සිහින මතය.

සනා හොඳ රාත්‍රී කෑමකුත් ලෑස්ති කර දැනට ක්‍රීඩා කරන හැම ජෙ‍ය්ෂ්ට ක්‍රීඩකයෙකුටම ආරාධනා පත්‍ර යැව්වේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය තීරණය කෙරෙන මේ රැස්වීමට සහභාගී වීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමිනි.

මැන්ඩෙලා මෙන් ඔහු සූදානම් කරගෙන සිටිය ප්‍රධාන ප්‍රශ්නය වුයේ ඔබට ක්‍රිකට් නායකයත්වය ලැබුනු පසු නායකයත්වයට පදනම් කරගන්නා දර්ශනය කුමක්ද ? යනුයි. චිත්‍රපටයේ එන හැටියට මැන්ඩෙලා ඒ ප්‍රශ්නය ඇසූ විට දකුනු අප්‍රිකානු රගර් කණ්ඩායමේ නායක කියනව I lead by the Example මම ආදර්ශයෙන්ම ඒක පෙන්වනව. මැන්ඩෙලා එයින් සෑහීමකට පත් වෙන්නේ නෑ. මැන්ඩෙලා පෙන්වනව එදා පැවතුනු දේශපාලනික තත්වය මත ඒ උත්තරය ප්‍රමාණවත් නැති බව.

මේ රාත්‍රී භෝජනය හා රැස්වීමට පැමිනෙන සං ගා ගෙන් ශේක්ස්පියර් උපුටා දක්වමින් කෙරෙන හොඳ ලංඩං ටෝක් වැනි එකක් සනා බලාපොරොත්තුව සිටියේය.
එමෙන්ම ඒ ඔක්කොම ලොකු තවුසන් ටෝක් දීල අවසාන මහ තරඟෙදි ලොක්කගෙ මූඩ් එක බලල දේශපාලන වාසියක් ගන්න පුලුවන් නම් අවසාන මහ තරඟෙදි ඒක මව් බිමට අරන් දෙන එක තමයි මගෙ දර්ශනය කියල කියයි කියලත් සනා බලාපොරොත්තු උනා.

 මහේ ගෙන්ද ඊට නොදෙවනි බර්ටෝල් බ්‍රෙශ්ට් ආදීන්ගේ කියමන් උපුටා දක්වමින් කෙරෙන වර්ණවත් දේශනයක අපේක්ශා කෙරුනි.
ලංකාවට හැකි තරම් විදේශ විනිමය ලබා දීමට අයි පී එල් තරඟාවලියට සහභාගී වීමත් අනෙක් ක්‍රීඩකයින් දිරිගැන්වීමත් මගේ දර්ශනය බව කියනු ඇතැයි සන බලා පොරොත්තුවෙන් සිටියේය. සනාට විදේශ විනිමය යන වදන හිතට පවන් ගසන්නා වගේ වුවත් උත්තරය සම්පූර්ණ නැති බවක්, අඩු බවක් තේරුනි.

සනාගේද ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුවත්  ඒ රැස්වීමට නොපැමිනියේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ් Ministry of Crabs හි හදිසි කකුලු මස් ඕඩරයක් ලොකු තැනකින් ආ බැවින් එය හරියට කෙරෙනෙවාදැයි සුපරීක්ශාවෙන් සිටීමට අවශ්‍යවූ බැවිනි.

බලාපොරොත්තු සුන් වූ සනා ලඟම සිටි ජ්‍යෙෂ්ට ක්‍රීඩකයෙක් වන දිල් ගෙන් අර ප්‍රශ්නය ඇසුවේය.

'එන ඕනම ජාතියෙ බෝලයකට හයේ පහරක් ගැසීම තමයි මගේ දර්ශනය
රට දිනුවත් නැතත් මිනිස්සු එන්නෙ මගෙ හයේ පාරවල්, දිල් ස්කූප් එක, රැවුල බලන්න'

දිල් කාරය තවම ඒ කාලෙ හිටපු පොරමයි. පාර්ලිමේන්තුවට නම් ශෝක්, මැද කොළඹ පැත්තට දාල ගමු කියල ලොක්කට කියන්න සනා හිතා ගත්තේය.


ඉන්පසු දැන් පොර වී ඇති මැතිvs ගෙන් නිකන් ඔහෙ අහල බලනවා කියා
ප්‍රශ්නය ඉදිරිපත් කලේය.

අවසාන මහ තරඟෙට වෙනකම් හොඳට සෙල්ලම් කිරීම.
අවසාන මහ තරඟෙදි පැරදීම

සනත් ට අසන්නට කැමති උත්තරයෙන් භාගයක් එහි අඩංගුව තිබුනි. ඒත් සනා සැක හැර දැන ගන්නට පෙරලා ප්‍රශ්න කලේය, ඇයි මැතිvs එහෙම කිව්වෙ

Look, සනත් අයියා
අපි ඉන්දියාව ඔස්ට්‍රේලියාව වගේ රටවල් පැරැද්දුවොත් ඒ රටවල ක්‍රිකට් බලන්න සෙනග එන එකක් නෑ. එතකොට ආදායම් අඩුවෙනවා. අයි පී එල් ආදී තරඟ නවත්තන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ. අපේ රටින් ක්‍රීඩකයො යවන්න වෙන්නෙ නෑ. අප මව් බිමට එන විදේශ විනිමය අඩු වෙනවා.
විදේශ විනිමය සනත් කැමතිම වචනයකි, එමෙන්ම මව්බිම තවත් එවැනි වදනකි.


මාතර වැල්ලේ ටෙනිස් බෝල හරහට විසිකරමින් සිට සනාට අසුවී ලෙදර් බෝලෙ හරහට විසිකල හැකි ටොප් කොල්ලෙක් බවට පත් කළ  මලි ..ගෙනුත් නිකමට මෙන් ප්‍රශ්නෙ ඇසුවේය.

දවස් පහේ ගේම් පුලුවන් තරම් අඩුකරල, විස්සෙ විස්සෙ තරඟ වලට මුදල් වැඩියෙන් ලැබෙන තරඟ වලට සහභාගී කරවීම තමයි මගේ දර්ශනය.

අර දවස් පහේ ගේම් කිව්වෙ ටෙස්ට් තරඟ නේද? සනා අසයි.

ඒ මොනාද අයියෙ ඒ ? මලි .. පිලිතුරු වශයෙන් නැවත ප්‍රශ්නයක් නගයි.

මේ යකාට ඒකත් අමතක වෙලා. කොලොන්නාවෙ පැත්තෙවත් ගියාද සනාට සිතුනි.


උඹට මාව මතකද? සනා අසයි

ඔව් අයියෙ ටිකක් වගේ මතකයි.
ඒකත් කීවේ අතේ තිබුනු ඉන්දියන් රුපියල් මිටියක් ගනිමිනි.

සනා කල්පනා කලේ  විදේශ විනිමය ප්‍රශ්නයක පැටලී තිබෙන මොහොතේ මව් බිම යන වචනය වත් හරි කිව්වෙ  මැතිvs. කොල්ල කඩ්ඩට ඇඹරෙන්නෙත් නෑ. දීල බලමු. දර්ශනෙත් නරක් නෑ. දිනන්න කල්පනාවක් නෑ. බොහෝම හොඳයි. තරඟ වලට ඉදිරිපත් වන්නේ දිනන්ටම නොවේ. ඔහු මැතිvsට දර්ශනය පිරිසිදු කර මතක් කර දුන්නේය.


අනුන් දින්නත් අපි දින්න කියල තමයි මං හිතන්නෙ, මැතිව්ස් පපුවේ කුරුසෙ අඳිමින්ම කීවේ සනාගෙ හිත තවත් සතුටු කරන්නටය.
අන්න තව හොඳට තේරුණා. සනා කීවේය.

ඉස්සර මං නම් ගහන්නෙ කාරෙකක් පෙන්නුවොත්;ඒ තමයි මගේ දර්ශනේ. මේ ප්‍රශ්නය ඇසී ලඟින් ගිය අ වින්ද කීවේය.