Followers

Saturday, June 22, 2013

මහින්දගෙන් අගමැති තනතුර ලබා ගැනීමට නම්...?

අද පොසොන් පෝය දවසෙ, ඊට අදාල ව යමක් කියල දේශපාලනේට යමු නේද.


හැම තැනම කියවෙන්නෙ බුදු දහම ලංකාවට ගෙන ආවේ මහින්ද  මහ රහතන් වහන්සේ  විසින් කියල. මට නම් තේරෙන්නෙ නෑ ඇයි කියල.

බුද්ධාගම මෙරටට ප්‍රථම වතාවට ගෙන වැඩියෙ මහින්ද මහ රහතන් වහන්සේ  නොවේ.... මා නැවතත් කියනව.
තෙවරක් මෙරටට වැඩිය අප බුදුන් වහන්සේම විසිනි.


දැන් බලමු  අනෙක් මහින්ද ගැන. එයාගෙන් අගමැති කම ඉල්ලගන්න විදියක්



මේ ලඟදී දි මූ අගමැති තුමා කියනව පලාත් සභාවලට පොලිස් බල තල හා ඉඩම් බල තල ඕනම නෑ කියල. මං හිතනව එතුම එය සිය හදවත පතුලෙන්ම කියන ලද කතාවක්. දුකට කියපු එකක් එහෙම නොවෙයි. දැන් බලන්න එතුමාට කිසිම බල තලයක් නැති උනත් ඔය අපූරුවට ඉන්නේ. තමන්ගෙ නිල නිවාසෙ පවා දන් දීල නෙ තියෙන්නෙ. ආදර්ශයෙන්ම පෙන්වපු එතුමාගෙ කීම නම් අහක දාන්න වටින්නෙ නෑ.

මන් මේ කිසිම බලතලයක් නැතිව ඉන්නෙ තොපිට මොකටද ඉඩම් පොලිසි?

අනෙක, මං එතුමගෙන් අහන ප්‍රශ්නෙ තමයි, කාපු බීපු වෙලාවක වත් කීවද මං මගේ මූත්‍රා බීල තමයි අගමැති කම ගත්තෙ කියල, ?

මං නං විශ්වාස කරන්නෙ නෑ දි මූ එහෙම කියයි හෝ කරයි කියල.!

ජනපති තුමනි ඔබ තුමාවත් විහිලුවටත් කීවද, කැලණියෙ(න් ගඟෙන්) නාගෙන උඹගේම චූ ටිකක් බීල වරෙන් කියල. ?


--------------------------
ප ලි

 අර ඉන්දියාවෙ අගමැති කෙනෙක් හිටිය මොරාජි දේශායි කියල ඒ විතරක් නොවෙයි අවුරුදු 99ක් ජීවත් උනා. ජීවිතේ අන්තිම කාලෙදි පුවත් පත් කලාවේදියෙක් අහල තිබුන දිගු කල් ජීවත් වීමේ රහස මොකද්ද කියල. එතුමා කියා තිබුනෙ සිය මූත්‍රා පානය තමයි රහස කියල.

මේ ගැන පෝස්ට් එකක් මා ලීවේ මා බ්ලොග් ලියන්න ගත්ත කිට්ටුවමය. අපේ ගෙවල් ලඟ ජීව්ත් වූ ජෝන් සීය එකල කූඩැල්ලෝ කකුල් උඩ තියාගෙන ලේ බොන්න සලස්වනවා, ඒ නරක් වූ ලේ බොන්න සැලැසීමයි කියලයි ඒ දවස්වල කීවේ. දැන් එය අන්තර්ජාතික ප්‍රතිකාර ක්‍රමයක්. ඒ විතරක් නොවෙයි පනුවන් හා මදුරුවන් පවා දැන් තෙරපිවලට භාවිතා කරනවා.

අපේ මහ වෙදනාත් කීව ගැන් පෝස්ට් එකක් ලියනව කියල.
 ඒත් තවම නම් දැක්කෙ නෑ එවැන්නක්.

පලි කියෙව්වත් කෙනෙකුට මේ ලිපිය අපබ්‍රංසයක් වගේ පෙනේවි. කොමෙන්ට් වලින් නම් හොයා ගන්න පුලුවන් වෙයි.
------------------------------
මා මේ උඩ පෝස්ටුව ලියා වසරකට පසුව පලවූ ලිපියක්

මහින්දාගමනය සිද්ධවන්නේ බෞද්ධ ලංකාවකටයි...


පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේවයෝ මහින්දාගමනයට පෙර ලංකාවේ පැවැති ප්‍රභාමත් බෞද්ධ සංස්‌කෘතියක්‌ පිළිබඳ පුරාවිද්‍යා සාධක ඇසුරින් කථිකාවක්‌ ගොඩනගති.
මහින්දාගමනය පමණක්‌ ඉස්‌මතු කර දැක්‌වීමට වංසකථා රචකයන් විසින් දරා තිබෙන උත්සාහය නිසා ඊට පෙර අවධියක මෙරට විසූ බෞද්ධයන් යටපත් වීම සිතාමතා කළ සාහසික ඓතිහාසික ක්‍රියාවක ප්‍රතිඵලයක්‌....

කල්තොට, කූරගල සහ දියවින්න ප්‍රදේශයේ පිහිටා තිබෙන ගුහාවිහාර මිහි`දු හිමියන් පැමිණෙන අවධිය වන විටත් ස්‌ථාවරව පැවති බවට උපකල්පනය කළ හැකි සාධක තියනවා

රටේ ක`දුකර ජනාවාසවල විසු ජනතාව මිහි`දු හිමියන් මෙහි වැඩම කිරීමට පෙර බුදුදහම හ`දුනාගෙන සිටි බව මහාවංසයේ කර්තෘවරයා පවා දැන සිටියා. 


ප්‍රශ්නය - බුදුන්වහන්සේගේ පහළවීම බෞද්ධ බැතිමතුන් වන අපට නිසැක කාරණාවක්‌. එහෙත් තර්කයෙන් ලෝකය දකින බටහිර චින්තනය තුළ යමක්‌ පිළිගැනීමට තහවුරු කිරීමක්‌ අවශ්‍යයි. බුදුන්වහන්සේගේ ධරමාන සමය පිළිබිඹු කරන, බුද්ධ ධර්මයේ ව්‍යාප්තිය ඉන්දියාව තුළ සිද්ධවන ආකාරය හෙළිකරන, පුරාවිද්‍යාත්මක සාධක මොනවාද

පිළිතුර - ගෞතම බුදුන්වහන්සේගේ ඓතිහාසිකත්වය ගැන ඇතැම් බටහිර විද්වතුන් අතර නොයෙක්‌ මතවාද තිබුණා. ඒ අතරින් සමහර දෙනා කල්පනා කළේ බුද්ධ යන සංකල්පය පවා නිර්මිතයක්‌ බවයි. බෞද්ධ දර්ශනය යනු එක්‌ පුද්ගලයකු විසින් අවබෝධ කර ගන්නා ලද එකක්‌ නොව දීර්ඝකාලයක්‌ තිස්‌සේ ඉන්දීය සමාජය තුළ පැවති දාර්ශනික අදහස්‌ මාලාවක සම්පිණ්‌ඩනයක්‌ ලෙස පැහැදිලි කිරීමට ඔවුන් වෑයම් කළා. මෙවැනි අදහස්‌ මතුවීමට බල පෑ ප්‍රධාන හේතුව නම් බෞද්ධ දර්ශනයේ තිබෙන පු`ඵල් ගැඹුරු චින්තාවයි. සමස්‌තය ආවරණය වන පරිදි ලෝකයේ සෑබෑ ස්‌වරූපය සහ මිනිසාගේ ඉරණම පිළිබ`ද එවැනි හේතුඵල දහමක්‌ තනි පුද්ගලයෙකුගේ මනසට ග්‍රහණය වීම විය නොහැක්‌කක්‌ ලෙසයි ඔවුන් කල්පනා කළේ.

එවැනි අදහස්‌වල තිබෙන නිරර්ථක බව පෙන්වා දීමට යොදා ගත හැකි ප්‍රබලතම සාක්‌ෂියක්‌ වන්නේ ගෞතම බුදුන්වහන්සේගේ ජීවමාන සමයට අයත්ව පැවති බවට බෞද්ධ සාහිත්‍යයේ විස්‌තර කරන ස්‌ථානවලින් හමු වී ඇති පුරාවිද්‍යාත්මක සාක්‌ෂි යි. අප ගෞතම බුදුන්වහන්සේට ජීවක වෙදැදුරු විසින් ආරාමයක්‌ පුජා කරන ලද බවත් එය ජීවකාරාමය නමින් හ`දුන්වන ලද බවත් බෞද්ධ ඉතිහාසයේ විස්‌තර වෙනවා. මේ ගොඩනැගිල්ලේ නටබුන් සොයා ගැනීමට ඉන්දීය පුරාවිද්‍යාඥයින් සමත් වුණා. අද එය තහවුරු කොට මහජන ප්‍රදර්ශනය ස`දහා විවෘත කර තිබෙනවා. ඊට අමතරව සිද්ධාර්ථ කුමරු ඉපදුනු ලුම්බිණියේ ඓතිහාසිකත්වයත් මේ වන විට තහවුරු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැදගත් වන අනෙක්‌ සාක්‌ෂිය ලෙස සැලකිය හැක්‌කේ ඉන්දියාවේ පිප්රාවා නම් ස්‌ථානයෙන් සොයා ගත් ධාතු කර`ඩුවයි. එය එතැන තිබූ පැරණි ස්‌තූපයක්‌ කැණීමේදී සොයා ගන්නා ලද්දක්‌. එම ධාතුකර`ඩුවේ යට බ්‍රාහ්මී අක්‌ෂරකින් පාඨයක්‌ කොටා තිබුණා. එම ධාතුකර`ඩුවේ අඩංගු භෂ්මාවශේෂ ශාක්‍යමුනි බුදුන්ගේ බවත් එය තැන්පත් කරන ලද්දේ උන්වහන්සේගේ ඥාතීන් වන සුකීර්ති පවුලේ සාමාජිකයින් විසින් බව එහි ස`දහන් කර තිබෙනවා. ගෞතම බුදුන්වහන්සේ පිළිබ`ද තව බොහෝ පුරාවිද්‍යාත්මක සාධක තිබෙනවා. ඒ වුනත් මා කල්පනා කරන්නේ අපට වඩා වැදගත් වන්නේ උන්වහන්සේගේ ඓතිහාසිකත්වය සෙවීමට වඩා උන්වහන්සේගේ දර්ශනය නිසි පරිදි ජීවන දැක්‌මට අනුගත කර ගැනීම කියලයි.

ප්‍රශ්නය- මහින්දාගමනයට පෙර මෙරට බුදුදහම පැවතුන බව ඔබ කියනවා. එහි පදනම කුමක්‌ ද?. ඔබට අනුව මහින්දාගමනය සිද්ධවන්නේ බෞද්ධ ලංකාවකටද?.

කූරගල ලෙන..


පිළිතුර - මා එසේ අදහසක්‌ ප්‍රකාශ කළ බව සැබෑවක්‌. ඊට පදනම් වුණේ මේ දිනවල මවිසින් පවත්වා ගෙන යන පුරාවිද්‍යාත්මක ගවේෂණයක්‌. මීට පාදක වී තිබෙන්නේ මධ්‍ය ක`දුකරයේ දකුණු බෑවුම තැනිතලාවට සේන්දු වන කල්තොට සහ දියවින්න ප්‍රදේශයයි. මේ ප්‍රදේශයේ ක`දුකරයේ බෑවුම් ප්‍රදෙAශය ඉතා පරීක්‌ෂාවෙන් අප සොයා බැලුවා. මෙහිදී මා නිරීක්‌ෂණය කළ විශේෂිත කාරණය වන්නේ කල්තොට සිට කොට්‌ටිඹුල්වල දක්‌වා කිලෝමීටර 12 කට වැඩි දිගකින් යුත් ප්‍රදේශයක විහිදෙන ක`දුබෑවුම්වල අවම තරමින් ගුහාවිහාර 200 කට ආසන්න ප්‍රමාණයක්‌ පිහිටා ඇති බවයි. ඒ අතුරින් 50 කට ආසන්න ප්‍රමාණයක්‌ අප විසින් දැනට පරීක්‌ෂා කොට ක්‍රමානුකූල වාර්තාගත කරනු ලැබ තිබෙනවා.

මේ රටේ ගුහාවිහාර ගැන මෙතෙක්‌ තිබුණේ එකම අදහසයි. මිහි`දු හිමියන්ගේ වැඩම කිරීමෙන් පසු ගුහා විහාර සම්ප්‍රදාය ආරම්භ වූ බවත් එහෙයින්ම ඒවායේ කොටා තිබෙන සෙල්ලිපි උන්වහන්සේගේ ආගමනය සිදු වූ කාලයට සම්පාත වන හෙයින් ඒවා ක්‍රිස්‌තු පූර්ව 250 හෝ ඒ ආසන්න කාලයකට අයත් වන බවයි. මහාධිරාජ අශෝක විසින් ඉන්දියාව පූරා පිහිටුවන ලද සෙල්ලිපි මීට සමාන කාලයකට අයත් වන නිසාත් ඒවා ලියා තිබෙන බ්‍රාහ්මී අක්‌ෂර මෙරට ගුහාවිහාරවල කොටා ඇති සෙල්ලිපිවල දක්‌නට තිබෙන අක්‌ෂර සමග සැසදෙන නිසාත් මෙම අදහස ප්‍රශ්න කිරීමට කවුරුත් උත්සාහ ගත්තේ නැහැ. ඇත්තෙන්ම මෙම අදහස ව්‍යාප්ත වුණේ ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී සෙල්ලිපි ගැන අතිවිශිෂ්ට ශාස්‌ත්‍රීය ප්‍රකාශනයක්‌ කළ මහාචාර්ය සෙනරත් පරණවිතානයි.

අප විසින් දැනට පවත්වා ගෙන යන ගවේෂණයෙන් අනාවරණය වී තිබෙන සහ වෙමින් තිබෙන සාක්‌ෂි අනුව මා විසින් නගන ප්‍රධාන ප්‍රශ්න දෙකක්‌ තිබෙනවා. ඉන් පළමුවැන්න නම් ගල්ගුහාවක්‌ මහාසංඝරත්නයට පූජා කිරීමේදී ගල්ගුහාවක කටාරමට යටින් සෙල්ලිපියක්‌ කෙටීම සහ නොකෙටීම තීරණය වූයේ කුමන සාධකයක්‌ පදනම් කර ගෙන ද යන්නයි. සෙල්ලිපි නොකෙටු ගල්ගුහාවල දක්‌නට තිබෙන කටාරම් වැඩිමනක්‌ම අතිශයින් ර`ඵ නිමාවක්‌ තිබෙන හා දැඩි ලෙස ඛාදනය වූ ඒවා බව නිරීක්‌ෂණය කළ හැකියි. මෙය සෙල්ලිපි කොටා තිබෙන ගුහාවලට වඩා වෙනස්‌ තත්ත්වයක්‌. සෙල්ලිපි කොටා තිබෙන ගල්ගුහාවල ඉතා ක්‍රමවත් නිමාවක්‌ දක්‌නට තිබෙනවා. සමහර විට සෙල්ලිපි නොමැති ගුහා සෙල්ලිපි සහිත ගුහාවලට වඩා පැරණී වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා.

ප්‍රශ්නය - මෙය විද්‍යාත්මක නිරීක්‌ෂණයක්‌ ලෙස ඔබ සලකනවාද?.

පිළිතුර - ඇත්ත. මෙය එතරම් විද්‍යාත්මක නිරීක්‌ෂණයක්‌ නොවෙයි. මෙම කල්පිතය වඩාත් හො`දින් පැහැදිලි කිරීමට නම් එවැනි ගුහා දෙකක්‌ කැණීම් කොට ඒවායේ අභ්‍යන්තර ස්‌තර නිරීක්‌ෂණය කළ යුතුව තිබෙනවා. ඉදිරියේදී අප ඒ ස`දහා කටයුතු කිරීමට අදහස්‌ කරනවා. අනෙක්‌ කාරණය වන්නේ කල්තොට, දියවින්න ආදී රට අභ්‍යන්තරයේ පිහිටි ප්‍රදේශවල මිහි`දු හිමියන් වැඩම කළ ආසන්න යුගයේදීම මේ තරම් තදබල බෞද්ධ සම්ප්‍රදායයක්‌ ස්‌ථාපනය වූයේ කෙසේ ද යන්නයි. ඊට පසුබිම් වූ හේතු ඉතිහාසය තුළ තවමත් අප්‍රකටයි. මා මෙහිදී තදබල යන වචනය මෙහිදී භාවිත කරන්නේ හේතු සහිතවයි. අප දැනට මේ ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙන ඇතැම් ලිපිවල අන්තර්ගතය රටේ අන් කිසිදු ප්‍රදේශයක තිබෙන සමකාලීන ලිපිවල අන්තර්ගත දැවලට වඩා වෙනස්‌ බව පෙනෙනවා. ඒ වෙනස්‌කම පිළිබිඹුවන්නේ බුදුදහමේ තිබෙන ඇතැම් ගැඹුරු අදහස්‌ උපුටා දැක්‌වීමට එම ලිපි කරවූ දායක කාරකාදීන් විසින් දරා තිබෙන උත්සාහය වෙත සැලකිල්ල යොමු කරන විටයි. නිදසුනක්‌ ලෙස දක්‌වන්නේ නම් කිරිමකුල්ගොල්ලෙන් අප සොයා ගත් ලිපියක එය කර වූ තැනැත්තා අදාළ ගල්ගුහාව හඳුන්වා තිබෙන්නේ පටිභාන කුටිය යන නමින්. පටිභාන යන වචනය විවිධ අදහස්‌ දෙන්නක්‌. පාරිශුද්ධත්වය හැ`දින්වීමටත් එහි පර්යාය පදයක්‌ ලෙස එය පාලි සාහිත්‍යයේ යෙදී තිබෙනවා. කෙසේ වෙතත් මෙවැනි පද හමුවන්නේ ගැඹුරු ධර්මශාස්‌ත්‍රිය සාහිත්‍යය තුළයි. තවත් සෙල්ලිපියක්‌ කෙට වූ තැනැත්තා එය පූජා කොට තිබෙන්නේ අපරිමිත ලෝකධාතුවේ වෙසෙන මහා සංඝරත්නය වෙතයි. ශ්‍රී ලංකාවේ ගුහාවිහාරවල දක්‌නට තිබෙන සෙල්ලිපි අතර මෙවැනි අදහසක්‌ ලියා තිබෙන එකම තැන මෙම සෙල්ලිපියයි. වෙනත් තැන්වල එය කියා තිබෙන්නේ සතරදිශාවෙන් ආවා වූ ද නොආවා වූද මහා සංඝයාට පූජා කළ හැටියටයි. කෙසේ වුවත් කල්තොට ප්‍රදේශයේ විසු දායකයින් සම්ප්‍රදායෙන් පිටත සිට කල්පනා කළ බව මින් පැහැදිලියි. ඉන් පිළිබිඹු වන්නේ ධර්මය ගැන ඔවුන් සතුව තිබූ ගැඹුරු අවබෝධයයි. මිහි`දු හිමියන් පැමිණි කාලයේම මෙතරම් ස්‌ථාවර ලෙස බුදුදහම මෙතරම් රට අභ්‍යන්තරයේ ස්‌ථිර වීම විශ්වාස කළ නොහැක්‌කක්‌. අනෙක්‌ අතට එවැනි තත්ත්වයක්‌ හදිසියේ ඇති විය නොහැක්‌කක්‌ බව කාට වුවත් පහසුවෙන් වටහා ගත හැකි කාරණයක්‌. මගේ අදහස නම් කල්තොට, කූරගල සහ දියවින්න ප්‍රදේශයේ පිහිටා තිබෙන ගුහා විහාර මිහි`දු හිමියන් පැමිණෙන අවධිය වන විටත් ස්‌ථාවරව පැවති බවයි. එවැනි ස්‌ථාවරයකට නොපැමිණ මෙම ප්‍රදේශයේ ගුහා විහාර විස්‌තර කළ නොහැකියි.

අනෙක්‌ අතට මෙම ප්‍රදේශයේ තිබෙන සෙල්ලිපිවල දක්‌නට තිබෙන ඇතැම් අක්‌ෂර රූප රටේ වෙනත් තැන්වල තිබෙන සමකාලීන සෙල්ලිපිවල තිබෙන අක්‌ෂරවලට වඩා ඇතැම් සු`ඵ වෙනස්‌කම් පෙන්නුම් කරනවා. ඒ වෙනස්‌කම් සු`ඵ වුවත් ඉන් ප්‍රකාශිත අර්ථය ඊට වඩා විශාල වීමට බෙහෙවින් ඉඩ තිබෙනවා. ඒ ගැන යමක්‌ කිව යුත්තේ හො`දින් ඒ ගැන අධ්‍යයනය කිරීමෙන් පසුවයි.

ප්‍රශ්නය- මිහි`දු හිමියන් මෙහි වැඩම කරවීමට පෙර ඔබ දැනට ගවේෂණ කටයුතු පවත්වා ගෙන යන බලංගොඩ ආශ්‍රිත රට අභ්‍යන්තරයට බුදුදහම ව්‍යාප්ත වූ ආකාරය ඔබ කියනවා. මහින්දාගමනයට පෙර සිද්ධවුණා යෑයි කියන මේ බුදුදහමේ ව්‍යාප්තිය සම්බන්ධ තර්කය සම්බන්ධ ප්‍රමාණවත් පැහැදිලි කිරීමක්‌ කළ හැකි ද?

පිළිතුර - මේ සම්බන්ධයෙන් පළමුව මා කිව යුත්තේ දැනට මා ගවේෂණය කරන ප්‍රදේශය පමණක්‌ මීට අදාළව සුවිශේෂි භූගෝලීය කලාපයක්‌ ලෙස අවධාරණය කිරීමට මගේ අපේක්‌ෂාවක්‌ නොමැති බවයි. ක`දුකර ප්‍රදේශ ආශ්‍රිත රටේ සෙසු කලාපවලත් මෙවැනිම තත්ත්වයක්‌ පවතින බව මහාචාර්ය පරණවිතාන විසින් මීට පෙර ප්‍රකාශයට පත් කර තිබෙන සෙල්ලිපිවල භූගෝලීය ස්‌ථානගත වීම සැලකිල්ලට ගත් විට පෙනෙනවා. එසේ වුවත් මහාචාර්ය පරණවිතාන එහි පවතින සුවිශේෂීතාව යම් හේතුවක්‌ නිසා නිරීක්‌ෂණය කර නොමැති බව පෙනෙනවා.

ඔබ ඇසූ ප්‍රශ්නයට සෘජු පිළිතුරක්‌ දීමට තරම් මේ සම්බන්ධයෙන් මගේ අදහස්‌ තවමත් පරිණත වී නැහැ. ඊට ශාස්‌ත්‍රීය විශ්ලේෂණයක්‌ අවශ්‍යයි. එය කළ හැකිවන්නේ මා ක්‌ෂෙත්‍රයෙන් පිට වී මගේ පුස්‌තකාලයට පැමිණි විටයි. තත්ත්වය එසේ වුවත් ඒ පිළිබ`ද අදහස්‌ කිහිපයක්‌ මා තුළ තිබෙනවා. එය අදාළ වන්නේ ඉතා ඈත කාලයකදී එනම් අඩුම තරමින් ක්‍රිස්‌තු පූර්ව 450 තරම් ඈත කාලයකදී වෙළෝදාම ස`දහා ඉන්දීය සාගරයේ යාත්‍රා කළ මෙරට යාත්‍රිකයින්ගේ ගමන්වලටයි. ඇතැම් විට ඔවුන් ඒ වෙළෝද ගමන්වලදී බෞද්ධ දර්ශනයට අයත් මූලික ඉගැන්වීම් ගැන අවධානය යොමු කරන්නට ඇති බව පෙනෙනවා. මේ රටේ ක`දුකර ප්‍රදේශවල ජනාවාස පැතිරීම පිළිබ`ද ඉතිහාසය දැන් ක්‍රිස්‌තු පූර්ව 2400 දක්‌වා පු`ඵල් කිරීමට මගේ පර්යේෂණවලට හැකි වී තිබෙනවා. ඔවුන් නව ආගමික ඉගැන්වීමක්‌ ගැන උනන්දු වීම පුදුමයට කරුණක්‌ නොවෙයි. මේ ක`දුකර ජනාවාසවල විසූ ජනතාව මිහිඳු හිමියන් මෙහි වැඩම කිරීමට පෙර බුදුදහම දැන සිටි බව මහාවංසයේ කර්තෘවරයා පවා දැන සිටි බව පෙනෙන්නේ බුදුන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වීමේ සිද්ධියට මෙරට ක`දුකරයේ විසූ යක්‌ෂයින් සම්බන්ධ කර තිබීමෙන්. බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කළ අවස්‌ථාවේ ක`දුකරයේ සිටි යක්‌ෂයින් බුරුතු පිටින් උන්වහන්සේ දැකීමට ගිය බව මහාවංසය රචනා කළ අවධියට වඩා පසුකාලයකට අයත් සමන්තකූට වර්ණනාවේ ස`දහන් කර තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ විසින් යක්‌ෂයින් ගිරිදිවයිනට පලවා හැරි බවට වංසකථාවල දැක්‌වෙන ප්‍රවෘත්තිය මට පෙනෙන්නේ මිහි`දු හිමියන්ගේ ආගමනය ඉස්‌මතු කර හුවා දැක්‌වීමට වංසකථාකරුවන් විසින් දරන ලද දේශපාලනික උත්සාහයක්‌ ලෙසයි. යක්‌ෂයින් යනුවෙන් මෙහි අදහස්‌ කර තිබෙන්නේ ක්‍රිස්‌තු පූර්ව 2400 පමණ ඈත කාලයක සිට ක`දුකර ප්‍රදේශවල වාසය කළ මෙරට ස්‌වදේශීය පිරිසයි. ඔවුන් ඉතා ඈත කාලයකදී එනම් මීට අවුරුදු 1 25000 කට පමණ පෙර මෙරට ජනාවාස කළ ආද්‍ය හෝමෝසාපියන්වරුන්ගේ ජාන සංචිතයට අයත් වූවන් බව මෙතෙක්‌ අප කළ පර්යේෂණවලින් සනාථ වී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් යක්‌ෂයින් ගිරිදිවයිනට පලවා හැරීම යනු ඔවුන් බෞද්ධ සම්ප්‍රදායයෙන් පිටමං කිරීමට දරන ලද සවිඥානික උත්සාහයක්‌ ලෙස මා දකිනවා. අප ගෞතම බුqදුරජාණන් වහන්සේ වැනි මහාකාරුණිකයන් වහන්සේ කෙනෙකු මෙරටට වැඩම කොට මෙහි ස්‌වදේශික වැසියන් බිය ගන්වා පලවා හැරීම පිළිබ`ද සිද්ධිය මගින් උන්වහන්සේගේ කරුණාව ඉක්‌මවා වංසකථා රචනා කළ ඉන්දීය සම්ප්‍රදායට ලැදි කර්තෘවරුන් දේශීය ජනයා සහ සම්ප්‍රදාය සම්බන්ධයෙන් දැක්‌ වූ වෛරී ආකල්පය පැහැදිලි වෙතැයි මා සිතනවා.

ප්‍රශ්නය - අවසාන වශයෙන් ඔබෙන් ඇසිය යුතු වන්නේ මෙයයි. මහින්දාගමනය පුරාවිද්‍යාත්මකව තහවුරු කළ හැකි යථාර්ථයක්‌ද?. නොඑසේනම් උත්කර්ෂවත් සාහිත්‍යයික නිර්මාණයක්‌ද?

පිළිතුර- එය වැරදි අදහසක්‌. මහින්දාගමනය යනු මෙරට සංස්‌කෘතිය වෙත තීරණාත්මක බලපෑමක්‌ ඇති කළ ඓතිහාසික සිද්ධියක්‌. එය පුරාවිද්‍යාත්මකව සනාථ කිරීමට අවශ්‍ය සාධක තිබෙනවා. අම්පාර රජගලකන්දේ පිහිටි "යෙ ඉමදිප පඨමය ඉදිය අගතන" යන සෙල්ලිපිය ඊට කදිම නිදසුනක්‌. මා මෙහිදී අදහස්‌ දක්‌වන ලද්දේ ඊට පෙර පැවති තත්ත්වය පිළිබ`දවයි. මිහිඳු හිමියන් මෙහි වැඩම කළ විගස මේ රටේ බුදුදහම ඉතා හොඳින් පැලපදියම් වුණේ ඊට පෙර අවධියක සිට බුදුදහම මෙරට වැසියන්ට ආගන්තුක නොවූ නිසා යෑයි කල්පනා කිරීම සාධාරණයෑයි මම සිතනවා. මහින්දාගමනය පමණක්‌ ඉස්‌මතු කර දැක්‌වීමට වංසකථා රචකයින් විසින් දරා තිබෙන උත්සාහය නිසා ඊට පෙර අවධියක මෙරට විසූ බෞද්ධයින් යටපත් වීම සිතාමතා කළ සාහසික ඓතිහාසික ක්‍රියාවක ප්‍රතිඵලයක්‌ ලෙසයි මා දකින්නේ. මේ ගැන මීට වඩා තොරතුරු හෙළිදරව් කිරීමට අපට තව කාලයක්‌ අවශ්‍යයි.

සංවාද සටහන
ජානක ලියනආරච්චි

Monday, June 3, 2013

රජීව්ට ගහපු තුවක්කුව තියන්න තරම් කටුගේ ආරක්ශිත තැනක්ද?


රජීව්ට ගහපු තුවක්කුව තියන්න, ඔබට වටින ඔය තුවක්කුව වගේ බොහෝම වටින දේ අනාගතය වෙනුවෙන් සංරක්ශණය කර රකින්න කටුගේ ආරක්ශිත තැනක්ද? රටේ ජනතාවට නම් ශුවර් නෑ. (පසුගිය කාලය තුල සිදු වූ සොරකම් වල හැටියට). ඒත් මානව ප්‍රේමය යටකරන,  ලංකාවේ ඉතාම ලාභ විදියට අරක්කු කාලට බත පාර්සලේට රුපියල් දාහට මාර්කට් වෙන යල් පැන ගිය දේශප්‍රේමය මතක් කර දීමට ඒ තුවක්කුව අයත් තැන නම් කටු ගෙයම තමයි. එදා රජීව් කීවේ ඒ මනුස්සයාට අභය දානය දෙන ලෙසයි. මේ දේශප්‍රේමය මර්වින්ගෙ හරක් ප්‍රේමය වගෙයි. එතුමා  කැළණියෙ රජ්ජුරුවො වෙලා ඉන්න කාලෙ කීව හරක් මරන එවුන්ගෙ අත් කපනව කියල.

(මේ අවස්තාවේදී ඉතාම කාරුණිකව මතක් කල යුතුයි ගව ඝාතනයට එරෙහිව ගිනි තබාගත් ඒ බුද්ධ පුත්‍රයා පිළිබඳව. ලංකාවේ මසට සතුන් මරන හැටි ඉතාම කෲරයි. එය විදිමත් කල යුතුයි. ඒ මස් කන මිනිසුන් කෲර වෙනවා එය විද්‍යාත්මකව සනාත කර තිබෙනවා. කෙසේ වුවත් උන් වහන්සේගේ නම අමරණීය වනවාට සැක නැත. මෙය තව අය විසින් අනුගමනය කිරීම නම් නැවත්විය යුතුයි. හරක් ගැන කුමට කියනවාද? 88-89 කාලෙ මිනිසුන් මරපු හැටි අහගන්නකො ලාල් මහත්තයගෙන්ම.)

කියන්න බලාපොරොත්තු වූ මුලිකම කාරණාව නම් මෙයයි.
ලාල් කාන්ත මහත්තය ඒ දේශනාවෙන් කියා තිබෙන්නේ 87 සිදු උනේ ඉන්දියානු ආක්‍රමනයක්, එයට පක්ශ උනු අය දැන් ආණ්ඩුවෙත් ලොකු පුටුවලත් ඉන්නවා. එයට විරුද්ධ කැරල්ලක් ගැහැව්වෙ ජේ වී පී ඇතුලු දේශප්‍රේමීනුයි, ඒ අය විසින් මිනි මැරුවා,  දේපල විනාශ කලා.  එදා කැප්පෙටිපොල ඇතුලු දේශප්‍රේමීනුත් දේපල විනාශ කලා. ගාලු මුවදොර පැවත්වුනු ආචාර පෙලපාලියේදී එවකට ඉන්දීය අගමැති රජීව්ට සිය තුවක්කුවෙන් පහර දුන් පුද්ගලයා වීරයෙක් කියලයි.


මං අහන්නෙ මේ ප්‍රශ්නෙයි. ලාල් මහත්තයගෙ ලයින් එකේ විදිහට ලොකුම වීරයා ඒ අය විසින් ත්‍රස්තවාදියා විදියට හඳුන්වන ප්‍රභාකරන් නැතනම් පිරපාහරන්. මන්ද ඔහු තමයි ලාල් මහත්තේල කියන බීඩි උරමින්, පොල් තෙල් බොමින්, එලුවන් හොරකම් කර මරා කමින් සිටි වඳුරු, ආක්‍රමනික හමුදා පහර දී පන්නා දැමුවේ. එතකොට මෑතකදී සිදු වූ විදේශ ආක්‍රමනයෙන් ශ්‍රී ලංකාව බේරා ගත්තේ මහා වීර ප්‍රභාකරන් විසින් බැවින් ඔහුගේ පිලිරුවක් ජයවර්ධන පුර පාර්ලිමේන්තුව අභියස හා ඔහු පාවිච්චි කල බඩු භාණ්ඩ (අනාගත ආරක්ශිත ) කටු ගෙයිද තැබිය හැක. මාත් විශ්වාස කරන පරිදි එහි වරදක් නම් නැත. ලංකා මාතාව බිහිකළ දරුවන් මෙවන් තත්වයට පත්වීම පිළිබඳ වගකීම හැමටම මතක් කර දෙන්නටත් එක්කම.

----------------
පසුව එක් කරන ලදි7/8/13
විසිහය වසරකට පෙර අත්සන් කළ ඉන්දු - ලංකා ගිවිසුමේ අමතක නොවන මතක සටහන්
2013 අගෝස්තු මස 04 15:01:19 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 

ගාලූ මුවදොරදී රජීව් ගාන්ධිට පහරදුන් මොහොත

ඒ අතීතයේ එක් අඳුරුබර දිනයකි. දිනය නිශ්චිතවම 1987 ජූලි මස 29 වැනිදාය. ඉන්දුxලංකා ගිවිසුම අත්සන් කළේ එදිනය. ශ්‍රී ලංකාවේ ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතාත් ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි මහතාත් දෙරට නියෝජනය කරමින් ඉන්දුxලංකා ගිවිසුමට අත්සන් තැබූහ.
ජූලි 30 වැනිදා අගමැති රජිව් ගාන්ධි රටින් පිටව යාමට පෙර අගමැතිවරයාට නාවික හමුදා උත්තමාචාරයක් පිළිගන්වන්ට නියමිතව තිබුණි. සැලසුම් කළ පරිදි දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ නාවික හමුදා උත්තමාචාරය වෙනුවෙන් සියලූ සැලසුම් පිළියෙල විය.
ඒ උත්තමාචාරය පැවැත්වෙමින් තිබුණු වේලාවයි. සියල්ල සාමකාමීය. එහෙත් එක් මොහොතකින් නොසිතූ  ප‍්‍රකම්පනයකින් නිමේෂයකට සියල්ලක් සසල විය. කිසිවකුත් අපේක්ෂා නොකළ මොහොතක නාවික හමුදා භටයකු අත රැුඳි රසිෆලය ඉහළට එසවිණි. එහි ඉලක්කය  රැඳී තිබුණේ ඉන්දීය අගමැති රජිව් ගාන්ධිගේ සිරස මතය.
ඉලක්කය ඒ අයුරින්ම සපුරාගත නොහැකි වුවත් ඒ ආන්දෝලනාත්මක සිදුවීම වසර විසිහයක් ඇවෑමෙන් අදද අපට සිහිපත් වේ.
එදා රජිව් ගාන්ධි අගමැතිවරයා වෙත රයිෆලය  එසවූ විජිත රෝහණ විජේමුණි නාවික හමුදා භටයා අද ජ්‍යෝතිෂවේදියකි. ඒ අතීත සිදුවීමට වසර 26ක් සපිරෙද්දී ඔහු තම අත්දැකීම් අළලා මවුබිමට උත්තමාචාර නමින් ග‍්‍රන්ථයක්ද ප‍්‍රකාශයට පත් කළේය. මේ ඔහු අද සිහිපත් කරන එදා මතකයයි.
විජිත රෝහණ

 විජිත රෝහණ විජේමුණි පහරදුන් නාවික සෙබළා අද කියන කතාව: 
අපේ රට ඉන්දියාවේ 26 වැනි ප‍්‍රාන්තය වෙනවා දකින්න බෑ කියන හිතුවිල්ල මගේ හිතේ හුඟාක් දැඩිව පැලපදියම් වෙලා තිබුණා. ඉන්දුxලංකා ගිිවිසුමට එරෙහිව රටේ කළු කොඩි එසවුණා. ජනතාව ලොකු විරෝධයක් දැක්වූවා.
ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළේ ඇඳිරි නීතියත් පනවලා. උත්තමාචාරයට පෙර ඉන්දුxලංකා ගිවිසුමට එරෙහි විරෝධය හේතුවෙන් ඇතිවූ ඇතිවූ ගැටුම් වලින් මිනිස්සු  147 දෙනෙක් මැරිලා තිබුණා.
ලෙයින් කඳුළින් ජාතියේ හදවත හැඬවුණු මොහොතක  අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි විරෝධය පිළිබඳ හැඟීමෙන් නාවික හමුදා භටයාගේ හදවතද සලිත වී තිබුණි. ආවේගය හදවතේ සියලූ අක් මුල් පුරා ඔඩු දුවමින් තිබුණි.
මමත් රජිව් ගාන්ධි අගමැතිවරයාට පිරිනමන නාවික හමුදා උත්තමාචාරය පෙළපාලියට තේරිලා හිටියා. අගමැතිවරයා සියරට බලා යන්න පෙර දක්වන උත්තමාචාරය. මම හිතා ගත්තා රජිව් ගාන්ධි අගමැතිවරයාට හොඳ පාඩමක් උගන්වනවා කියලා. මට හිතුනා මෙහෙම ගියොත් අපට අනාගතයේදී වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ටත් උත්තමාචාර දක්වන්න සිදුවෙයි කියලා.
මම මගේ සැලසුමත් තීරණයත් හිතේ තියාගෙන රජිව් ගාන්ධි අගමැතිවරයා මම හිටපු තැනට කිට්ටුවෙන මොහොත එනකම් බලාගෙන සිටියා. ඒ මොහොත ආවාම මම දෙපාරක් හිතුවේ නෑ. රයිපලය උස්සලා ගත්තා අගමැතිවරයාට පහර දෙන්න. එක්වරම සෙවනැල්ලක් වගේ රයිපලය එසවෙද්දී අගමැතිවරයාට මොකක් හෝ අනතුරක් පිළිබඳ හැෙඟන්න ඇති. අගමැතිවරයා ඔළුව හැරෙව්වා. නාවික හමුදාපතිතුමා වූ රියර් අද්මිරාල් ආනන්ද සිල්වා මහතා තමන්ගේ අත දාලා එය වළක්වන්න උත්සාහ කළා. එහෙම නොකළා නම් ඒ පාර රජිව් ගාන්ධි අගමැතිවරයාට දැඩිව වැදෙන්න තිබුණා.
ඔය සිදුවීමෙන් පසු රියර් අද්මිරාල් ආනන්ද සිල්වා නාවිකා හමුදාපතිතුමාට වයිස් අද්මිරාල් ධුරය දුන්නා. ඔහු වයිස් අද්මිරාල් ධුරය ලැබූ පළමු නාවික හමුදාපතිත් වුණා.
එදා මම රයිපලය එසෙව්වේ රජිව් ගාන්ධි අගමැතිවරයා මැරෙන්න පහර දෙන්නයි. ඔහුගේ මරණය තමා මගේ ප‍්‍රාර්ථනය සහ ඉලක්කය වුණේ.
එහෙත් අගමැති රජිව්ගේ ඉරණම මත තවත් ආයුෂ ලැබීමේ ආශිර්වාදය රැුඳී පැවතුණි. මෙම උද්වේගකර මොහොත නොමියෙන සාක්ෂියක් බවට පත්කළේ ප‍්‍රභාලේඛනයයි. නිනව්වක් නැතුව පැය ගණනක් පුරා මෙහෙයැවී තිබුණු සියක් කැමරා ඇස් ඒ තීරණාත්මක මොහොතේ නිහඬ වෘතයක ගිලී පවතිද්දී එකම එක ඡුායාරූප ශිල්පියකු අත රැඳී කැමරාව පමණක් ඇසුරු සැණින් පිංතූරය සොරා  ගත්තේය. ඓතිහාසික ගිවිසුමක් හා සබැඳි ඓතිහාසික සංසිද්ධියක       ”මොහොත” ඔහුගේම පමණක් වූයේ ඒ මොහොතක ක‍්‍රියාත්මක වීම තුළය.
ප‍්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම, නාවික භටයා  අගමැති රජිව් ගාන්ධිට පහර දෙන අවස්ථාව කැමරා කාචයේ  සටහන් කරගත් ඡුායාරූප ශිල්පියාය. මේ අද දවසේ ඔහුගේ මතකයයි.



 සේන විදානගම  ඡායාරූප ශිල්පියා අද කියන කතාව:
සේන විදානගම
ජූලි 29 වැනිදා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළා. ඒ ඊට පසුවදා. එනම් 1987 ජූලි 30 වැනිදා. ජූලි 29 වැනිදා ගිවිසුම අත්සන් කළ අවස්ථාව ඬේලි නිව්ස් පුවත්පත නියෝජනය කරමින් ආවරණය කළ ඡායාරූප ශිල්පියා වුණෙත් මමමයි.
30 වැනිදා වෙද්දී රටේ භීෂණ තත්ත්වයක් තිබුණේ. මිනිස්සු මහා උද්ඝෝෂණ කළා. 29 වැනිදා හවස ගිවිසුම අත්සන් කළ පිංතූර ටිකත් දීලා මම ගෙදර යන්න යද්දී අපේ කර්තෘ මණික් ද සිල්වා මහත්තයා මට කීවා සේන හෙට වැඬේටත් ඔයා දාලා තියෙනවා. අමල් ජයසිංහත්  එක්ක අගමැතිගේ කවර් එකට යන්න උදේ 7.30 වෙද්දී ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට යන්න කියලා.
එතනින් අපව අරගෙන ගියේ ජනාධිපති මන්දිරය ඉස්සරහා ස්ථානයකට. එතන ඡුායාරූප ශිල්පීන් වෙනුවෙන් අට්ටාලයක් හදලා තිබුණා. උත්තමාචාර පෙළපාලිය තිබුණේ ජනාධිපති මන්දිරය ඉස්සරහා. එතැන් සිට මීටර් 30ක් පමණ ඈතින් අඩි 8ක් පමණ උස අට්ටාලයක අපි කොටුකරලා හිටියා.
දෙස් විදෙස් ජනමාධ්‍යවේදීන් 75ක් විතර එතන හිටියා. විදේශීය  මාධ්‍යවේදීන්ට අට්ටලායක් තිබුණෙ නෑ. ඒ අය බිම සිටයි වාර්තා කළේ.
උදේ 9.30 පමණ වෙද්දී අපි බලාගෙන ඉන්නවා ආවරණ කටයුතු කරන්න. ඒ අවස්ථාවේදී ජේ. ආර්. ජනාධිපතිතුමා සහ රජිව් ගාන්ධි අගමැතිතුමා ජනාධිපති මන්දිරයේ  මැද ගේට්ටුවෙන් එළියට ආවා. ඒ තවත් මැති ඇමැතිවරුන් පිරිසක් සමග.
ජේ. ආර්. ජනාධිපතිතුමා රජිව් ගාන්ධි අගමැතිවරයාව නාවික හමුදාපතිවරයාට බාරදුන්නා. ඒ උත්තමාචාර  පෙළපාලිය වෙනුවෙන්. ඡායාරූප ශිල්පීන් දිගින් දිගටම පින්තූර ගන්නව. අගමැතිවරයා උත්තමාචාරය පිළිඅරගෙන උත්තමාචාර පිරික්සීමේ අවස්ථාව උදාවුණා.
අගමැතිවරයා පෙළපාලිය පරීක්ෂා කරමින් එද්දී ඇත්තටම ඡුායාරූප ශිල්පීන්  හිටියේ දැන් අවශ්‍ය පින්තූර අරගෙන ඉවරයි වගේ හැඟීමෙන්. අපි කැමරා සූදානම් කරගෙන ඉන්නවා වෙනුවට කැමරා පහත හෙලාගෙනයි හිටියේ. මට මතකයි එදා වේදිකාවේ බන්දු එස්. කොඩිකාර, ඩන්ස්ටන් වික‍්‍රමරත්ක වගේ සහෝදර ඡුායාරූප ශිල්පීන් හිටියා.
දැන් අගමැතිතුමා උත්තමාචාරය පිරික්සමින් යනවා. මට එකපාරටම නිකම් බූට් සපත්තුවක් බිම වැදෙනවා බිම ඇතිල්ලෙනවා වගේ පුංචි සද්දයක් ඇහුනා. ඒත් එක්කම මුල්පේළියේ නාවික හමුදා සෙබළෙක් හෙළවෙනවා වගේ දැක්කා. ඒ මොහොතකින් නාවික හමුදා සෙබළකුගේ රයිපලය ඉහළට එසවිලා අගමැතිවරයා දෙසට පත්වුණා. නාවික හමුදාපතිතුමා ඒ සමගම මැදින් අතදාලා එය වලක්වන්න හැදුවා. අගමැතිවරයාත් ඔළුව අහකට ගත්තා. රජිව්ගේ ආරක්ෂක භටයා මොහොතින් කි‍්‍රයාත්මක වුණා. රයිපලය බිම වැටුණා.  
ඒ දසුන් නෙතට හසුවන්නට ඒ සියුම් හඬ සවන් වැකෙන්නට තත්පරයෙනුත් දශමයක් තරම්වත් වේලාවක් ඉක්ම නොගියේය. ඒ අසුරු සැණින් ඡායාරූප ශිල්පි සේන විදානගමගේ පොළව දෙසට නැඹුරු වූ කැමරාවේ මුහුණත ඉහළට එසවුණේය. ක්ෂණයකි.  සැබැවින්ම ගතවූයේ ක්ෂණයකි. දෙස් විදෙස් මාධ්‍යවේදීන් අතර දවසේ හොඳම ඡායාරූපය අත්පත් කර ගන්නට ගතවූයේ ක්ෂණයකි.
”ඇත්තටම ඒ පහර අගමැතිවරයාට නොවැදුනේ නාවික හමුදාපති ආනන්ද සිල්වාගේ මැදිහත්වීම නිසා. ඔහු එකපාරටම සක‍්‍රිය වුණා. කොහොම හරි ප‍්‍රහාරය මෙල්ල වුණා.
මගේ කැමරාවට හසුවුන ඡුායාරූපයේ රජිව් ගාන්ධිගේ පාදත් නාවික භටයින්ගේ පෙළ ගැසීමත් අතර සුදු කලිසම් කකුල් දෙකක් සහ බූට් සපත්තු දෙකක් පේනවා. ඒ තමා නාවික හමුදපාතිතුමාගේ කකුල් දෙක හා බූට් සපත්තු දෙක.
එදා ඔය අවස්ථාව ආවරණය කරන්නට එන්න පෙර මණික් ද සිල්වා අපේ කර්තෘතුමා මට මෙහෙම දෙයක් කීවා.
සේන ඔතන සිදුවන දෙයට වඩා අමතර දෙයක් සිදුවෙන්නත් පුළුවන්. ගල් මුල් එන්න පුළුවන්. අමුතු පසුබිමක්නේ රටේ තියෙන්නේ. කඩාකප්පල්කාරී වැඩ වෙන්න පුළුවන්, විමසිල්ලෙන් ඉන්න කියලා. ඒ නිසා මොකක් හෝ වෙනස් පින්තූරයක් ගන්න තියෙනව නම් කියන හිතුවිල්ල මගේ හිතේ තිබුණා. නාවික භටයා  යන්තම් සෙලවෙනවා වගේ දකිද්දී මම හිතුවේ ඔහු ක්ලන්තය දාලා වැටෙන්න යනවා කියලා. මම එක පාරටම ඡුායාරූපයක් ගන්න ලෑස්ති වුණේ ඒ නිසා. මෙහෙම සිදුවීමක් කියලා නම් හිතුවේ නෑ.
බන්දු සහ ඩන්ස්ටන් ඇසුවා, සේන ගත්තා... ගත්තා... නේද කියලා. අමල් ජයසිංහ බිම ඉඳන් කෑ ගහලා ඇහුවා සේන පිංතූරය ගත්තා නේද කියලා. මම ගත්තා ගත්තා කීවා. ඒ අවට රහස් පොලිසිය පවා හිටියා. වටේම සිටි පිරිස එක පාරටම මගේ දිහා බැලූවා. මම කියපු වචනවල  බරපතළකම මට තේරුණේ ඒ මොහොතේ. මට පසුතැවීමක් දැනුණා ඇයි මම ගත්තා කියන එක කීවේ කියලා. මම ඒ සැණින්ම සේයා පටය කාටවත් නොපෙනෙන්න ගලවලා මගේ මේස් එක ඇතුළේ දාගෙන කැමරාවට වෙන සේයාපටයක් ඇතුළු කළා.
හැමෝටම ආරංචිය ගියා අපි ළඟ පින්තූරය තියෙනවා කියලා. අපි පයින්ම අපේ පත්තර කන්තෝරුවට ගියා. මම අමුතු ආවේගයකින් ආවේ. කෙලින්ම ගියේ ‘ලැබ්’ එකට. ගිහින් සේයාපටය දුන්නෙත් විශ්වාසවන්තම කෙනෙකුට. පිංතූරය හරියට වැදිලද? හොඳට තියෙනවද මේ වගේ එක එක කල්පනා හිතට එනවා. පින්තූරය බලනකම් හදිස්සියි. අමල් ජයසිංහ කෙලින්ම ගියේ මණික් ද සිල්වා කර්තෘතුමා හමුවන්න. ඒ ගිහින් සිද්ධිය කියලා, සේන පිංතූරය ගත්තා කියලත් කියලා.
මම සේයාපටය බැලූවා. පිංතූරය හොඳට තියෙනවා. 10-12 පිංතූර දෙකක් අරගෙන මම ගියා මණික් ද සිල්වා මහත්තයා ළඟට. ඒ වෙලාවේ අපේ සභාපතිතුමත් ඇවිත්. සභාපතිතුමාට මණික් ද සිල්වා මහත්තයා කතාව කියලා තිබුණත් පිංතූර දකිනකම් මේ සිද්ධිය විශ්වාස කළේ නෑ. පිළිනොගන්න හේතුව තමා ජනාධිපතිතුමා ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී මාධ්‍ය ප‍්‍රධානීන් සිදුවුණේ කුමක්ද අහද්දී මොකුත් සිද්ධ වුණේ නෑ කියලා සිද්ධිය වසන්කර තිබීම.
සභාපතිතුමා කීවා මේ පින්තූරය වෝඞ් පෙදෙසට ගිහින් ජනාධිපතිතුමාට පෙන්වලා අවසර අරගෙන හැරෙන්න පල කරන්න එපා කියලා. මට ඒ වෙලාවේ දුකක් දැනුණා පිංතූරය පල නොවෙයි ද කියලා. ඒ වෙලාවේ කර්තෘතුමා ඒ ගැන වාද කළා. අන්තිමේදී පිංතූරය ජනාධිපතිතුමා ළඟට අරගෙන ගියා. ඒ වෙද්දි මේ සිද්ධිය ජාත්‍යන්තරයට ගිහින්  ඉවරයි. එම නිසා පල කරන්න අවසර ලැබුණා.
මේ පින්තූරයට විදෙස් මාධ්‍ය ආයතනවලින් පවා මට ප‍්‍රසංශා ලැබුණා. ඒ වගේ එදත් අදත් මාධ්‍ය මෙය පාවිච්චි කළා. පිංතූරය විශාල ප‍්‍රමාණයෙන් මා සේවය කළ පුවත්පතේ පළ වුණා. රහස් පොලිසිය ප‍්‍රශ්න කළා. හමුදා අධිකරණය ඉදිරියෙත් මාව ප‍්‍රශ්න කළා.
රහස් පොලිසිය මට ප‍්‍රශ්න කිරීම සඳහා එන්න කීවාම අපේ කර්තෘතුමා කීවා ඔබලාට  ඕනෑනම් මෙහෙට ඇවිත් ප‍්‍රශ්න කරන්න මගේ ඡායාරූප ශිල්පියා මම එවන්නෙ නෑ කියලා. ඔහු කතුවරයෙක් විදිහට කොන්ද කෙලින් තියාගෙන අපට එන ප‍්‍රශ්නවලදී අපිව ආරක්ෂා කළා. අප වෙනුවෙන් කතා කළා. රහස් පොලිසිය ඇවිත් ප‍්‍රශ්න කළා. ”ඔබගේ කවුරු හරි  නාවික හමුදාවේ ඉන්නවද, කොහොමද දැන ගත්තේ මෙහෙම දෙයක් වෙනවා කියලා. ඔබ විතරක් මේ පින්තූරය ගත්තේ කොහොමද?” මේ විදිහට දිගින් දිගටම ප‍්‍රශ්න ඇහුවා. ”සේන විදානගම කියයි.
අදටත් ඒ සේයාරුව ඔහුගේ වෘත්තිය ජීවිතයේ අමරණීයම මතකයයි. එමෙන්ම ඉතිහාසයේ එක්තරා දවසක් පිළිබඳව ශේෂව ඇති එකම රූපමය සාක්ෂියයි.

සටහන - සංජීවිකා සමරතුංග



 අදහස්(5)  බැලූවෝ (1499)
විසිහය වසරකට පෙර අත්සන් කළ ඉන්දු - ලංකා ගිවිසුමේ අමතක නොවන මතක සටහන්සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
නිල් 2013-08-04 15:36:58
ඔබ ජාතික වීරයෙක් (නි)
ගයන් 2013-08-04 20:35:36
විජිත නියම දේශප්‍රේමියෙක්. ඔබ මව්බිම වෙනුවෙන් ඔබගේ යුතුකමක් කළා කියලයි මට හැඟෙන්නේ. හැබැයි ඔබගේ පහරින් ඔහු මියගියා නම් ලංකාවේ ඉරණමත් වෙනස් වෙන්න තිබුනා.