Followers

Sunday, July 28, 2013

නාථ දෙවියන් දයාසිරිට කිවූ කතාව රහසින්

දයාසිරිට හීනෙන් ඇවිත් හිස් පෙට්ටියක් පෙන්වා තිබේ.



පෙරදිග චින්තනයෙන් හැම වස්තුවක්ම සිදුවීමක්ම සමස්තයේ කොටසක්  ලෙස ගන්නා අතර බටහිර චින්තනයෙන් හැම දෙයම කොටස්වලට කඩා වෙන වෙනම වෙන් කරගෙන ඒවා සමස්තයෙන් වෙන් කොට සලකා බලයි. එහි ප්‍රතිපලයක් ලෙස විකිණිය හැකි දේ ගැන අවධානය යොමුකරයි.

උදා;
 උක් ගහෙන් සීනි වෙන් කර ගෙන විකිණීම. රාවලින් අරක්කු පෙරා විකිණීම, පවුල් ජීවිතෙන් ලිංගිකත්වය වෙන් කර විකිණීම, ශාකවලින් බෙහෙත් පෙති නිපදවීම.

ඒ අනුව බලන කල,
බුද්ධාගමත් බටහිර චින්තනයේ දිගුවක්ද?

මන්ද, සිත සරීරයෙන් වෙන් කොට මනෝ පුබ්බම්ගමා ධම්මා ලෙස සිත උසස් කොට සලකන බැවිනි.

නාථ දෙවියෝ නම් ශුවර් එකට පෙරදිග චින්තනයට ෆුල් සපොර්ට්ය.  විශ්ලේශණය නොකර ආසනික් ගැන වුවත් නිකං පරචිත්තවිජානන ක්‍රමයකින් වගේ කියන්න හැකියාව තිබෙන නිසාය එහෙම හිතෙන්නේ. . පලාත් සභා වශයෙන් රට කෑලි කඩනවා කියාය කලින් නාථ දෙවියන් කාලෙකට පෙර සිතන්නට ඇත්තේ. දැන් පෙනෙනනවා ඇත්තේ එයින් රට කැඩීමක් නොව වෙන්නේ එකතුවීමක් බවය. දෙවියනට උනත් වැරදි අවබෝධ ඇති වෙන්න පුලුවන්. ඉතින්  පලාත් සභාවලට එතුමගේ ආශිර්වාදය ලැබෙනවාය. මහ ඇමතිලාට විශේෂය. ජවිපෙ ඒ ඇත්තන්ගෙ නවතම පැකේජයෙන් වහින් ඔරෝ කියන්නෙත් පලා බබාලා මාර්ගයෙන්වත්,  වෙන්වෙනව වෙනුවට අපි එකතුවෙමු කියලයි.

දයල් බතීට ඒ වගේ ප්‍රශ්නයක් නිකං ඔලුවට එනවාය.  මා  හිතන ලයින් එකේ ගොහිල්ල හිතන,  අනෙක් හුදී ජනයාටත් මෙහෙම හිතෙනවා ඇති. එසේ හිතුනාට මට ඇති පිස්සුව ඔවුනට නැතුවා ඇති. හිතෙන දේ මං කෙලින්ම කියන නිසාය. මෙහෙම ලියන විට අවංකව සියලුම දෙවි දේවිතාවුන්ගේ පිහිටත් ඉල්ලනවාය. මොකද මා ඉපදුනේ හැදුනේ වැඩුනේ දෙවියන්ගේත් පිහිටත් ඇතුව නිසාය. විභාග පාස් උනේ කතරගම දෙවියන්ට පින් සිදු වෙන්නටය. සරසවි දේවිය, නාථ දෙවියන්, ඝණ දෙවියන්, මාරි අම්මා, කාලි අම්මා, කොච්චිකඩේ පල්ලියේ මරිය තුමිය ඇතුලුව. ඒවගේම මාල දීපෙ හා සවුදියෙ ඉන්න කාලේ මුස්ලිම් පල්ලිවලට ගොස් ඇති බැවින් අල්ලා දෙවියනුත් පිහිට වී ඇත. බුදු සරණයි කියන්න පෙර හිතට එන්නේ දෙවි පිහිටය. ඒ ගැනත් මට හිතෙන්නේ බුදු දහම පැමිණීමට පෙර සිටම අපි දෙවියන් ඇදහූ සංස්කෘතිය නිසා වෙන්නට ඇති.

දයල් බතී වහෙන් ඔරෝ එන්නෙ දේශපාලනේට ඔබ දන්නව.
ඉතින් දෙයියන්ගෙ පිහිටෙන් ඉතින් දේශපාලනෙත් පොඩ්ඩක් කතා කරමු.

හෙළ උරුමය, ජාතික චින්තන කස්ටිය පශ්චාත් යුධ  ආණ්ඩුවට දර්ශනයක් සැපයීමට අපොහොසත්ව සිටිති. ඒ අය හොල්මන් වී සිටිති. අන්දමන්ද වී සිටිති. තොවිල් නටති, දෙවියන් යදිති, වවුල් පවුල් බෝවෙමින් ඔවුන් සිටවූ ගසේ පල බුදිමින් සිටිති.  දැන් එයත් භාරවී ඇත්තේ 'වාමාංශිකයින'ටය. 18ට,  පූර්ව හා පශ්චාත් අග්‍ර විනිශ්චයකාර ශිරානි නෝනගෙ කේස් එක, දැන් 13 පලා බබා කේස් එක ආදී පශ්චාත් කේස් වගේම පශ්චාත් යුධ ආණ්ඩුවට දැන් දර්ශනයක් අවශ්‍යය.

යුද්ධයට පසුව චම්පක රණවකට ගේ අසමත් වීමෙන් පසුව වාසු බැටන් එක අරගෙන ඉදිරියටම යනව වගේ පේනව. (මේ ගැන යම් කාලෙකට පෙර මා බ්ලොග් සටහනක් ලීවා. )

'දැන් 'හැත්තත්' ඉන්න වෙලාලු,
ඇමතිකමත් ජාතික සමගියත් බේරගන්න වෙලාලු.'

එතුමා මේ ආණ්ඩුවට ආදරේ එනම් ලව් එක මෙන්න මේ හේතුව නිසා.
'වත්මන් ආණ්ඩුව අධිරාජ්‍යවිරෝධීලු'
 වෙනත් වචනවලින් කියනවනම් බටහිර විරෝධී කියන එකනෙ.

නාථ දෙවියොත් බටහිර විරෝධියෙක්නෙ ඔබ දන්නව ඇතිනෙ. නැගෙනහිර පාක්ශිකයෙක්. ඒ කිව්වෙ ex-tiger(පැරණි කොටි ) කරුණලගෙ සපොර්ටර් කියන එක නොවෙයි, පෙරදිග චින්තනයට සපොර්ට් කියන එකයි. ඉතින් හීනෙන් ඇවිත් දයාසිරිට හිස් පෙට්ටියක් පෙන්වූයේ නාථ දෙවියොද?  රනිල්ගෙ පෙට්ටියට කොටුවෙලා ඉඳල හරියන්නේ නෑ කියල..

කොටුවෙන් පිට හිතන්න (think out of the box ) කාලෙ ඇවිත්. රනිල්ගෙ පෙට්ටියෙ දැන් සල්ලි නෑ. අවංකවම ගත්තොත් දරදිය ඇදපු කස්ටියට  ටෙන්ඩර්වලින්, කොන්ත්‍රාත්වලින් රැකියාවලින්, පිටරට සවාරිවලින්, රජයේ ඉඩම්වලින් ආදී නොයෙක් සද් මාර්ගවලින් කෙසේ සලකම්ද? නාථ දෙවියන් ආසනික් ගැන පමනක් කියා සයිලන්ස් වෙලා සිය මව්බිමට ජාතියට කෙරෙන්න තිබෙන යුතුකම් නතර කර ඇතැයි සිතුවාද? එහෙම හිතන කස්ටියට වැරදිලාය.

ටී එන් ඒ එකෙන් උතුර මහ ඇමති ( භාගය ) ලෙස තරඟ කරන විග්නේශ්වරන් තුමත් කියන්නේ මේ කතාවමයි.කොටුවෙන් පිට හිතන්න (think out of the box ) වාසුගෙ නෑදෑයෙකුත්ලුනේ. . පසුගිය වෙසක් තෝසෙ දන්සැල දුන්නෙත් කුරුණෑගලනෙ, දයාසිරිමහත්තයත් ඒ තොසේ සන්තෝසෙන් කන්න ඇතිනේ. විප්ලවවාදී කතාවක් කර විරුද්ධපක්ශෙ වාඩිවෙන්න වාසුත් හරි සූරයානේ.

ජෝන් අමරතුංගට, එජාප මහ ලේකම් තිස්ස ට හිතා ගන්න බෑ වෙච්ච දේ, ඒත් (නාථ ) දෙවියො දනී!

ඔය මහ ඇමතිකම් බලාගෙන ගිය අලුත් තැන ගැනද හිස් පෙට්ටිය ලෙස නාථ දෙවියො පෙන්නුවෙ?

----------------------
following photo was added on 3/10/13




Saturday, July 20, 2013

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි xxxx නම නීත්‍යනුකූලව වෙනස් කරනු ලැබේ.

දයල් බතී ලෝ පොයින්ට් එකක්, ඌරාගේ පිටේ තබා හරක් මස් කපනු, කබරගොයා තලගොයා කරනු!



ආණ්ඩුව තවම පාවිච්චි කරන්නේ පැරණි වාග් මාලවමයි- ජවිපෙ නායක

 සෝමවංශ මහත්තයට නෑසුනාට දැනටමත් එය බලධරයින් විසින් කර කරගෙන ව්‍යාපෘතියකි. මා යෝජනා කරන්නේ එහි සුලු ඉදිරි පියවරක්. විශාල ප්‍රශ්නයක් එක පෑන් පහරින් විසඳා ගත හැකි ක්‍රමයකි. (ඝාතනය කරන ලද මහ බණ්ඩාරනායක මහතා, මහ සංඝරත්නයේ රොස්මීඩ් පෙදෙසේදී කරන ලද ඉල්ලීමට අනුව එක පෑන් පහරින් ප්‍රශ්න විසඳන්න හරි ශුරයාය. -අවුලක් නෑ. තාමත් අපි කනවාය )

මෙය මගින් රජයත්, සාසනයත්, හරක් මස් ලෝලීනුත්, මුස්ලිම් චන්දත් බේරා ගත හැකි බැවිනි.
උපාසක උපාසිකාවන්ටත් හිතේ දෙගිඩියාවක් නැතිව 'ගව මස්' නොකා 'අහවල් මස' අනුභව කල හැකිය. මුස්ලිම් අයටත් අවුලක් වෙයිද? නෑ තොප්පිය අනෙක් පැත්ත හරවල දාගත්තම ඒ අයත් ගොඩ, කියල කෙනෙකු කියන්න ඉඩ තිබෙනව. ඒ අය පොත අනෙක් පැත්තට හරවල  කියවල හරි විසඳුමක් සොයා ගනී කියල තව කෙනෙක් කියාවි.

බලන්න දැන් යුද්ධය. අවුරුදු 30ක් පමන රසවිඳීමෙන් පසුව, 2009 මැයි 19දා අවසන වූ යුද්දය,
ඒක අනාගතයේ උපදින ළමයින්ට කියාදෙන්නේ මෙහෙමයි. නැත්නම් මහ (වීර )(සෝම )( ) වංශය ලියනකොට ලියන්නේ මෙහෙමයි.

 'ඇත්තටම එය යුද්ධයක් නොවෙයි. කට්ටියක් උඩින් ගිහින් හරිම සුහද ලෙස බෝම්බ දානවා. ඒ ලස්සන බෝම්බ වලට මැදිඋන මිනිස්සු පොඩි ළමයි සන්තෝසෙට කෑ ගහනවා. අනේ තව එකක් කියා ඉල්ලුවා.
ලංකාවේ උනේ ඇත්තටම දේශප්‍රෙමී අය කොයි පැත්තෙද ඉන්නෙ කියල බලන්න  තමයි බෝම්බ දැම්මේ. යුද්ධෙ ඉවර වෙච්ච් ගමන් ඒ කියන්නේ බෝම්බ හා ගිනිදැල් නිසා නැගුනු දුමාරය නැමති ඉතා මානහිතවාදී තිරය මෑත් වෙනවාත් සමගම නලුවෝ පැති මාරු කරගෙනය. එක්කෝ නූල් නටවන්නන් විසින් පැති මාරු කරවලාය. අපි දැක්ක ලංකා ආණ්ඩුවෙ හමුදා නායකය දේශද්‍රෝහී පැත්තට ගිහින්. ඒ පැත්තේ හිටපු කරුණා අම්මාන්, කේ පී, තමිලිනී, දයාමාස්ටර් මේ දේශප්‍රේමී පැත්තට ඇවිදින්.' මතකද නන්දිකඩාල් කලපුවේ අය කොපමන ප්‍රීති ඝෝශා නැගුවද, දේශප්‍රේමී පැත්තට එන්න ලැබිච්ච එකට ? හාල් ගරනව වගේ, හාල් වලින් ගල් වෙන් කර ගත්ත.  මැණික් ටික බේරගෙන පාර්ලිමේන්තුවට ගෙනාවා, ගොම රිටි ටික ගංගාවල පාඋනා. මෝඩ අම්ම්ලා තාම නැති උන ගොම රිටි ටික හොයනව.

ඉතින් ඕක තේරුම් ගන්න බෝම්බ නොදා බැරි උනාද? ප්‍රභා හිටිය කාලෙදිම බලය බෙදුව නම් ඔය පිරිසම නේද ඔය නිලතලවලට පත්වෙන්නේ, අපරාධනෙ මෙච්චර විනාශයක් උනේ.

බෝම්බ ප්ලේන්, තුවක්කු ගන්නකොටනෙ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ.
හරිම ආතල් ඒ කාලේ. හෙලිකොප්ටර් ගේනවා, කඩා වැටෙනවා, මූනිස්සම්, මල්ටි බැරල්, ගේන්න රට යනවා. මල් වෙඩි සංදර්ශන රෑට ගුවනේ. සරනාගත කර්මාන්තයට හොඳයි. වැඩ කරන මිනිසුන්ට පටි තදකරගන්න කියන්න පුලුවන්. මේවත් දේශප්‍රේමීන් කවුද කියල සොයාගන්න කෙරුන පරීක්ශන.
බලවතුන්ට අලුත්ම ලේබල් එකක් එනම් දේශද්‍රෝහී ලේබලය ලැබුන, තමුන් කැමති කෙනෙකුට අලවන්න.

එතකොට ඉලෙක්ශන් එකත් දේශප්‍රේමී බෝමබයක් වගේ එකක්ද, නායකයො පැති මාරු කරගන්නේ, කෙනෙකු අහන්න ඉඩ තිබෙනවා. මැතිවරණයත් දේශප්‍රේමීවරණය ලෙස නම් වෙනස් කිරීම හොඳය. පාර්ලිමේන්තුව, දේශප්‍රේමේන්තුව ලෙස වෙනස් කලත් අවුලක් නැත.

ජරාව පගාව (නැතුව අප රටේ වැඩක් කර ගැනීමට නොහැකි බැවින් )වගේ බාල වචන සම්පුර්ණයෙන් අපේ ශබ්දකෝශයෙන් උගුලා දමා 'රාජකාරි  උත්තේජක දීමනාව-රෞදී' Duty Stimulative allowance නීත්‍යනු කූල කර රිසිට් පතක් නිකුත් කිරීමෙන් රජයට බද්දක්ද ලබා ගත හැකිය. නිදන් හෑරීම, ඓතිහාසික වස්තු ප්‍රතිචක්‍රිකරණය Recycling of historical and hidden wealth ලෙසද වෙනස් කල හැකිය. ගුරුවරියන් දණ ගැස්සීම්, රටේ නම කා පිස්සු නටන පුතුන් කරන විනාශකරී ක්‍රියා, සුලු සුලු වැරදි ලෙස අර්ථදැක්විය යුතුය. වාසු කියන්න වගේ අවසේස වැරදිය.

ඒ දවස්වල ජවිපෙ පලාත් සභා හැඳිවූයේ කොටිනට දෙන කප්පමක් හැටියටය. අද කොටින්  නැත. දැන් ඒ ඇත්තන්ට පලාත් සභා සුදු අලිය. එතනත් වාග් මාලාව වෙනස් වී ඇත.

ඒ දිනවල කේ පී, පිට රට සිටි  මහ කොටියෙකි, දයා මාස්ටර් කොටි මාධ්‍ය ප්‍රකාශකයාය, කරුණා නැගෙනහිර මහ කොටියාය, අද ඔවුන්ගේ ටයිටල් වෙනස් වී ඇත. වෙනස් නොවී ඇති එකම නම, මල ප්‍රභාගේ නම පමණි. (පෙර කොටි ක්‍රියාකාරීන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වීම නම් කෙසේ සිදු වුවත් වාසනාවකි.) මේව දැකල දයාසිරිත් එයාගේ වාග්මාලාවත් වෙනස් කරන්න වගේය. එයාට සිය පක්ශය පේන්නේ ආණ්ඩු පක්ශය වගේය. ආණ්ඩු පක්ශය පේන්නේ විපක්ශය වගේය. සජිත් පේන්නේ විජේවර්ධන වගේය.

පසුගිය දවසක ජවිපෙ නායක තුමා කියල තිබුන වගේම  නොවුනත් දේශපාලකයින් භාවිතා කරන වාග්මාලාව විප්ලවීය වෙනසකට භාජනය  කරන ව්‍යාපෘතියේ  කුඩා දිගුවක් ලෙස රටේ දැවෙන ප්‍රශ්නයකට පිලිතුරු ලෙසත් සෝමවංශ මහතා අනුදැන ප්‍රකාශකල පරිදි හරකාගෙ නම වෙනස් කිරීමට යෝජනා කරමි. මන්ද බොහෝ දේ 'මානසික' බැවිනි.


වාග් මාලාව වෙනස් කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ අනන්ත අප්‍රමාණය.

Thursday, July 18, 2013

ඉගිලෙන්න මාලුවනට Flying Fish ඉඩ දෙන්න, බලධරයිනි, පිළිකුල් කිරීමට පෙර කරුණාකර චිත්‍රපටය නැරඹුවාද?

මාළුවන් ඉගිලෙනවාට අපි විරුද්ධයි

ප්‍රංශ චිත්‍රපට උළෙල වෙනුවෙන් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රදර්ශනය කළ ඉගිල්ලෙන මාළුවෝ නමැති චිත්‍රපටයට විරෝධය පළ කරමින් ඊයේ (17 දා) ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ සංගමයේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක්‌ විහාරමහාදේවි ක්‍රීඩාංගණය ඉදිරිපිට සිට ප්‍රංශ තානාපති කාර්යාලය තෙක්‌ පෙළපාලියකින් ගමන් ගත් අයුරු.
ඡායාරූපය - කමල් බෝගොඩ
------------
ස්වයං රැකියා කස්ටිය බලලද මේ විරුද්ධතාවය ?????


----------------------------------------------------------------------------------------

"ඉගිල්ලෙන මාළුවෝ" ගැන තටු කැපූ සිනමාකරුවා කරුණු පහදයි

July 17, 2013  11:19 am
Bookmark and Share

නව පරපුරේ සිනමාවේදියෙකු හා ලේඛකයෙකු වන සංජීව පුෂ්පකුමාරගේ "ඉගිල්ලෙන මාළුවෝ" නම් සිනමා කෘතිය මෙරට ප්‍රදර්ශනය කිරීම මේවන විට තහනමට ලක්කර තිබේ.

අදාළ චිත්‍රපටය තුළින් රටට හා ආරක්ෂක හමුදාවන්ට අපහාස වන බැවින් එය වාරණයට ලක්කිරීමට හා ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසා තිබිණි.

චිත්‍රපටයට කිසිදු සම්බන්ධයක් නොමැති ප්‍රවීණ ලේඛකයෙකු හා කෘතහස්ත ග්‍රන්ථ පරිවර්තකයෙකු වන ගාමිණී වියන්ගොඩ මහතාටද අභූත චෝදනා නඟමින් මඩ ප්‍රචාරයක් ගෙනයාමට ඇතැම් මාධ්‍යයන් කටයුතු කරද්දී සංජීව පුෂ්පකුමාර ස්වකීය නිර්මාණය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කරුණු දක්වා තිබේ.

සංජීව පුෂ්ප කුමාර විසින් එවන ලද මාධ්‍ය නිවේදනය පහත පරිදිය.



ඉගිල්ලෙන මාළුවෝ හෙවත් Flying Fish චිත‍්‍රපටිය සම්බන්ධයෙන් මාගේ ස්ථාවරය සහ කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය නිවේදනයයි!

මා අධ්‍යක්ෂණය කළ "ඉගිල්ලෙන මාළුවෝ" හෙවත් Flying Fish චිත‍්‍රපටිය සම්බන්ධයෙන් පසුගිය 12 වැනි සිකුරාදා සිට උද්ගත ව තිබෙන අසමතුලිත ප‍්‍රචාරණය හමුවේ මගේ පාර්ශ්වයෙන් කරුණු පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍ය ව තිබෙන බව හඟිමි. එදින රාත‍්‍රී 9.30 පටන් ස්වාධීන රූපවාහිනී ප‍්‍රවෘත්ති විකාශය ඔස්සේ මා පිළිබඳ වත් මගේ නිර්මාණය පිළිබඳ වත් ප‍්‍රචාරය කෙරුණු දෑ සියල්ල නිවැරදි කළ යුතු ව පවතී. එසේම පසුව විවිධ මාධ්‍ය හා වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය කෙරෙමින් පවතින තොරතුරු අභිමුව මාගේ ආස්ථානය පැහැදිලි කළ යුතුව පවතී.

(1) මෙම චිත‍්‍රපටය නිර්මාණයේ දී ශ‍්‍රී ලංකාව හෝ ත‍්‍රිවිධ හමුදා ඇතුළු ශ‍්‍රී ලංකාවට අයත් කිසිදු ආයතනයක් අපකීර්තියට හෝ අපසහුතාවට පත් කිරීම කිසිසේත් මගේ අරමුණක් වූයේ නැත. මෙහිලා මා උත්සුක වූයේ චිත‍්‍රපටියට වස්තු විෂය වන සියලූ පාර්ශ්වයන් පිළිබඳ සෑබෑ තත්ත්වය මානුෂික වූත් කලාත්මක වූත් නිරූපණයක් ලෙස ඉදිරිපත් කිරීම පමණි. මේ නිර්මාණ ක‍්‍රියාවලිය පුරා ම මා අනුප‍්‍රාණය ලැබුවේ මගේ ම ජීවන අත්දැකීම් සහ ඒවාට සහභාගී වූ මගේ පවුල, මගේ මිතුරන් හා මගේ ලෝකයට ආ ගිය විවිධ වූ මිනිසුන් වෙතිනි.

අවිගත් ත‍්‍රස්තවාදීන්, ඝාතන, සන්නද්ධ ගැටුම්, වෙඩි තැබීම් යනාදිය අවසානයකට පැමිණීමේ ප‍්‍රතිලාභ මා ඉහළින් ම භුක්ති විඳින බව ස්තුතිපූර්වක ව සඳහන් කරමි. මේ කෘතියට සම්පූර්ණයෙන්ම පාදක වූයේ කුඩා කල සිට ම යුද්ධයට ඍජු ව ම මැදි ව හැදී වැඩුණකු ලෙස මා ලද අත්දැකීම් සමුදාය යි. මා ජීවත් වූයේ දිවා කල රජයේ හමුදා විසින් ද රාත‍්‍රියෙහි එල්ටීටීඊය විසින් ද පාලනය කරනු ලැබූ ගමක ය. යුද්ධයට සහභාගී වූ දෙපාර්ශ්වයේ ම දායකත්වයෙන් දියත් වූ ගැටුම් නිසා හමුදාවකට සම්බන්ධ නැති ව තිබූ ජනකායකගේ ජීවිත ක‍්‍රමක‍්‍රමයෙන් උඩුයටිකුරු වෙමින් මිලිටරීකරණය වනු මම අත්දුටුවෙමි. එම මිලිටරීකරණය ඔස්සේ වඩා ආරක්ෂිත වනු වෙනුවට එන්න එන්න ම ජන ජීවිතය අනාරක්ෂිතභාවයට ඇද වැටෙනු ද එකල කුඩා දරුවකු ව සිටි මම ලෙස මම බලා සිටියෙමි.

මා මගේ අත්දැකීම් ඇසුරින් නිර්මාණය කර තිබෙන රූපරාමු රජය ගොඩනැඟූ ප‍්‍රතිරූප සමග නොගැළපෙන බව සැබෑවකි. මෙහි දී මා පෙන්නුම් කර ඇත්තේ මගේ ම ජීවන අත්දැකීම් පිළිබඳ යථාර්ථය යි. එය එසේ කළේ අවිගත් යුද්ධය නිමා වූ පසු සාමාන්‍ය ජන ජීවිතය ගොඩනැඟිය යුතු ව ඇත්තේ මේ යථාර්ථයේ සිට බැවිණි. ජන ජීවිතය නැවත ගොඩ නැඟීම කිසි දු මතවාදයක් මත පදනම් ව සිදු කළ හැක්කක් නො වේ. එය කළ හැක්කේ යථාර්ථයේ සැබෑ මුහුණුවර හඳුනාගැනීම මගින් පමණක් නො වේ ද? මගේ වෑයම වූයේ එම යථාර්ථය සමාජ කතිකාවක් බවට පරිවර්තනය කිරීම යි.

(2)මේ චිත‍්‍රපටිය නිර්මාණයට පෙර, නිර්මාණය අතවාරයේ දී හෝ පසු ව එල්ටීටීඊ ඩයස්පෝරාව සමග හෝ ඊට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන සමග හෝ වෙනත් කිසිදු සංවිධානයක් සමග මට කිසි දු සම්බන්ධයක් නොමැත. තව ද එවැනි කිසිදු පාර්ශ්වයකින් නිර්මාණකරණය හෝ අන් කිසිවක් සඳහා මා මුදල් ප‍්‍රතිපාදන ලබාගෙන ද නැත. එවන් කිසිවකු සමග මට මතවාදී සම්බන්ධයක් ද නැත. එබැවින් මේ පිළිබඳ ස්වාධීන රූපවාහිනියෙන් ඉදිරිපත් කරමින් තිබෙන ප‍්‍රකාශ හුදෙක් ගොතනු ලැබූ දෑ පමණක් බව ප‍්‍රකාශ කරමි.

(3) මේ චිත‍්‍රපටිය නිෂ්පාදනය සඳහා මුදල් ආයෝජනය කළේ Asia Digital Entertainment(Pvt.)Ltd සමාගම වෙනුවෙන් මනෝහර නානායක්කාර මහතා යි. චිත‍්‍රපටය නිෂ්පාදනය කළේ රුපියල් ලක්ෂ විසිපහක මුදලිනි. අනතුරුව නෙදර්ලන්තයේ රොටර්ඩෑම් ජාත්‍යන්තර සිනමා උළෙලේ හුබර්ට් බාල්ස් අරමුදල (Hubert Bals Fund) විසින් තුන්වැනි ලෝකයේ සිනමාකරුවන් සඳහා පිරිනැමෙන පසුනිෂ්පාදනය සඳහා වන ප‍්‍රදානයක් ලෙස යුරෝ විසිදහසක මුදලක් හිමි වූයේය. එම මුදලින් චිත‍්‍රපටිය සම්පූර්ණයෙන් ම නිමකරගත හැකි විය. මේ සියල්ල තිබිය දීත්, අද වන තුරුත් චිත‍්‍රපටයට දායක වූ ඇතැම් පාර්ශවයන්ට මුදල් ගෙවීම් කළ යුතු ව පවතී. රොටර්ඩෑම් ජාත්‍යන්තර සිනමා උළෙලේ මූල්‍ය ප‍්‍රදානයේ කොන්දේසිය වූයේ ලක්සම්බර්ග්, බෙල්ජියම, නෙදර්ලන්තය යන රටවල චිත‍්‍රපටියේ අයිතිය සහ එය ප‍්‍රදර්ශනයෙන් ලැබෙන ආදායම හුබර්ට් බාල්ස් අරමුදල සතු විය යුතු බව යි. මෙකී ප‍්‍රදානය ලබාගත් පළමු සහ එක ම ලාංකික සිනමාකරුවා මා නො වේ. එය මීට පෙර නිෂ්පාදිත චිත‍්‍රපටිවලට ද ලැබී තිබේ. එබැවින් මේ චිත‍්‍රපටියට ප‍්‍රංශ මුදල්, එන්ජී ඕ මුදල්, ඩයස්පෝරාවේ මුදල් ලැබුණු බව කීම අසත්‍යයකි.

(04) චිත‍්‍රපටය තුළ මම ආඛ්‍යාන තුනක් සංකලනය කොට ඇත්තෙමි. ඒවා යුද්ධයට දැනුවත් ව හා නොදැනුවත් ව සහභාගී වූ පාර්ශවවලට අයත් කතා බැව් චිත‍්‍රපටය නරඹන කෙනෙකුට පැහැදිලි ව පෙනී යනු ඇත. එසේ සිදු කෙරුණේ මා ජීවත් වූ ප‍්‍රදේශය තුළ මා අත්විඳි ස්වරූප තුනක ජීවන අත්දැකීම් කලා කෘතිය තුළට ගෙන ඒමේ අරමුණින් මිස චිත‍්‍රපටය කිසියම් පාර්ශ්වයකට පක්ෂ හෝ විපක්ෂ වූ නිසා නො වේ. එල්ටීටීඊය දෙමළ සමාජය මත ඇති කළ ඛේදජනක බලපෑම්වලින් සමහරක්, එනම් කප්පම් ගැනීම, දරුවන් බලහත්කාරයෙන් රැගෙන ගොස් සන්නද්ධ කණ්ඩායම්වලට බඳවාගැනීම සහ ඝාතන යනාදිය ද මගේ චිත‍්‍රපටයෙහි දැක්වේ. එම සන්නද්ධ ව්‍යාපාරයේ වූ කුරිරු ස්වභාවය මෙහි නිරූපණය වෙයි. සරල ව කියතොත් මගේ අත්දැකීම් ඔස්සේ මෙහි දී ප‍්‍රතිනිර්මාණය වූයේ සන්නද්ධ අරගලයක් තුළ සිදු වන සියලූ දුර්දාන්ත දෑ සහ මනුෂ්‍යත්වයට සිදු වූ හානියේ ස්වභාවය යි.

එහෙයින් ම මෙහි දී වැදගත් වූයේ ඊට සහභාගී වූ කිසියම් එක් පාර්ශ්වයක් නො ව මනුෂ්‍යත්වය සහ මනුෂ්‍ය ජීවිතවලට සිදු වූ හානිය යි. එවැනි නිරූපණයක් සිදු කරනුයේ ඒ ව්‍යසනයන් නරඹා සතුටු වීමට නො ව එම ව්‍යසනයෙන් ගොඩ ඒමට අවශ්‍ය දැනුවත්භාවය වගා කරගැනීමේ අටියෙනි. ඉගිල්ලෙන මාළුවන් යනු මනෝරාජිකයක් නො වේ; යුද්ධයකින් පසු සුන්බුන් ව ඉතිරි වූ මනුෂ්‍යත්වයේ සහ ජීවිතයේ සැබෑ ප‍්‍රකාශනයකි.

සංජීව පුෂ්පකුමාර

අධ්‍යක්ෂ

Flying Fish (ඉගිල්ලෙන මාළුවෝ)
--------------------

Description: PDFDescription: PrintDescription: E-mail
- සරත් විජේසූරිය
2013 ජූලි 17  06:30 p.m
Description: fying-span-articleLargeඉගිල්ලෙන මාලුවෝ (Flying Fish) නැමති චිත්‍රපටය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනය සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගැනීමේ ලිපිකටයුතු හුවමාරු කරගත්තේ ප්‍රංශ තානාපති කාර්යාලය බව එම චිත්‍රපටයේ නිෂ්පාදක උපදේෂකවරයෙකු ලෙස කටයුතු කළ කැළුම් පාලිත මහීරත්න අද (17) පැවසීය. ඒ කොළඹ මහජන පුස්ථකාල මණ්ඩලයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදීය. එම අවස්ථාවට ධර්මසිරි බණ්ඩාරනායක, සරත් විජේසූරිය, කුසල් පෙරේරා, වික්ටර් අයිවන් ඇතුලු පිරිසක් එක්ව සිටියේය. එහිදී මහීරත්න මහතා පැවසුවේ මෙම චිත්‍රපටය විදෙස් සම්මාන උළෙල රැසක්ම නියෝජනය කර සම්මාන ලද බවයි. එම උළෙල සඳහා ඒ චිත්‍රපටය මෙරටින් පිට කිරීමට අවැසි සහතිකය ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ලබාගෙන ඇති බවයි. මෙම චිත්‍රපටය ගාමිණී වියන්ගොඩ මහතාගේ නම සම්බන්ධකොට පුවත් පළ කරත් ඔහු මේ චිතුපටයට කිසිඳු සම්බන්ධයක් නැතැයිද කීය. එහිදී සරත් විජේසූරිය මහතා කීවේ
ප්‍රංශ චිත්‍රපට උළෙලේ මෙම චිත්‍රපට පෙන්වීමට කටයුතු කරන්නේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල අවසරෙයෙන් බවයි. එසේනම් මීට වගකිව යුත්තේ ඔවුන් බව කීය.
වත්මන් ආණ්ඩුව මෙරට ජනතාව හා ජනමාධ්‍යවේදීන් නිවටයන් බවට පත්කරමින් සිටින බවත් මොවුන්ට පිස්සු හැදීගෙන එන බව තමන්ට පේන බවත් වික්ටර් අයිවන් මහතා කීය. 
Comments  

0#1 wasantha,israel 2013-07-18 13:38
victor ieven kiyanne 1971 kerelle nayakeyek.tave mona katade?mounta one maubima vinase venava balalla.


Monday, July 15, 2013

මාදුලුවාවේ සෝභිත හිමියන් හා ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් අතර ගණිතය හා පාලි ව්‍යාකරණ ප්‍රශ්නයක් තිබේ? An Advise for the right investment strategy



දෙරණේ දිල්කාගේ 360 බලල මට ඇති උන අදහසක් ඔබලා සමග බෙදාගන්නයි හිතුවෙ. ඒ වගේම දිල්කාත් බලාපොරොත්තු වෙනව ඇති ඇය විසින් මහන්සියෙන් වගේම, එඩිතරව ගොඩනගන සංවාදය දෙරණින් එහාටත් ගෙනයන්න. මං හිතන විදියට අමරසේකර ශූරීන් වැනි වියතුන්ගේත් බලාපොරොත්තු දල්වමින් සංවාදයේ පහන ඇය දල්වා තිබෙනව ඇයගේ පැත්තෙන්.  එමෙන්ම මා හිතනවා ලඟදීම ගුණදාස අමරසේකර ශූරීන් වැනි වියතුන්ද මේ සංවාදයට සහභාගී කර ගනීවි කියල.

සෝබිත හාමුදුරුවගේ 360 සංවාදය අන්තිම හරියේ ලාල් කාන්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තුමා, ( එතුමාට ගෞරවයක් වශයෙන් පලාත් හෝ ප්‍රදේශීය නොවන බව විශේෂයෙන් සඳහන් කලෙමි ) එකතු කලා, මාධ්‍යවේදීන් වෙනුවෙන් ඒතුමන්ලා විසින් කරන කාර්‍යභාරය ප්‍රමාණවත් නෑ කියල.
(ඇත්තටම බැලුවහම විපක්ශයේ ඉන්නකොට ඕන වෙන පාලක පක්ශෙට ආවම එපාවෙන මාධ්‍යවේදීන් ඉන්නෙ අපේ රටේ. අන්තිමට ඒ උදවියට රටත් දාල යන්න වෙනව. හොයන්න බලන්න කවුරුවත් නෑ. එක්නැලිගොඩ පැරිස් වල ඉන්නව කියල පාර්ලිමේන්තුවෙ දිවුරනව. බිරිඳ වාදෙට එන්න කීවම වහං වෙනව. ඒ අසරන පවුල රැක  බලගන්නෙ කවුද අද? )


සෝභිත හාමුදුරුවන් කෙනෙකු ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙන් දේශනා කලේ ,
බුදුන්වහන්සේ දේශනා කලේ චරිත භික්ඛවේ චාරිකං බහු ජන හිතාය බහුජන සුඛාය  ආදී වශයෙන්, ඒ නිසා බොහෝ ජනයාගේ හිත සුව පිණිස තමයි උන්වහන්සේ කටයුතු කරන්නේ  කියල. මන්ද ලංකාව වගේ බණ කියන බණ අහන රටක් ලෝකෙ කොහේවත් නෑ. නමුත් ඒ බණ සමාජේ නෑ කියල. ඒ වගේම දූශණය වෙච්ච සමාජෙකට බණ කියල වැඩක් නෑ කියන එක තමයි උන්වහන්සේ අදහස් කලේ.

මහිතනව  ගලබොඩ අත්තේ ඥාණසාර හිමිගේ වැඩ කරන ශෛලිය, සාමාන්‍ය පාලි ව්‍යාකරණ හා සාමාන්‍ය ගණිත දැනුම අනුව, එසේම ආයෝජන කිරීමේ දැනුම අනුව ඉතාම නිවැරදිය. මොකද සෝභිත හාමුදුරුවන්ගේම ප්‍රකාශයෙන්ම හෙළිවන පරිදි ලංකාවේ තිබෙන්නේ දූශිත සමාජයකි. ඒ නිසා ඒ ලංකාවේ බහුජනයා එනම් වැඩිපුර ජනයා දූශිතය. ඒ අයටයි වැඩ කලයුත්තේ. ඒ අයට තේරෙන ගැලරියේ භාශාව භාවිතා කල යුතුයි. ඒ භාවිතා කරන පාන වර්ග භාවිතා කල යුතුයි(මං වගේම ). සරම වගේ සිවුර කරට ගත යුතුය. අනේ අරූව දෙයියන්ගේ පිහිටෙන් ( වැඩිකල් නොගොස්-බුදු සරණෙ පිහිටෙන් කියනු ඇත ) මරාගත්තා. ආදී වශයෙන් බහු ජනයාගේ හිත සුව පිණිස වැඩ කළ යුතුය. කඩේට යනකොටත් බුදු සරණයි කියා කිව යුතුය. දන්න නොදන්නා හැම කෙනාටම දණගසා පාද නමස්කාර කල යුතුය. social capital ආදී වශයෙන් කියා ඉංග්‍රීසිත් දන්න බව ගැලරියට පෙන්විය යුතුය. එසේ උපයා ගත් ශෝශල් කැපිටල් එක ආණ්ඩුවේ 'දේශප්‍රේමී බැංකුවේ' ආයෝජනය කල යුතුය.

සෝභිත හිමියනි ඔබට වැරදිලා.?

Saturday, July 6, 2013

කතන්දරලන්ත රජයේ කතන්දර උපදේශක මෙහෙයවන, කතන්දර සුපර් ස්ටාර් තරඟය, කක්කා චූ ජොක්කු කතා ඔට්ටු නැත. The Best Story Wins!



දෙපැත්තක තුන්පැත්තක වාදයක් යනව නම්දිනන්නේ , හොඳම කතන්දරය තිබෙන පැත්ත බව අපි දන්නවනේගෙදරත් එහෙමනේ,  කඳුලු පෙර පෙර ලස්සනට කතන්දරේ කියන්නේ කවුද කියල මං මෙතන ලියන්න ඕන නෑදේශපාලනේත් එහෙමයි, හොඳම කතන්දරය ලස්සනට එක්කො ඇඬෙන්න කියන කෙනා තමයි දිනන්නේ.

 ඔස්ට්රේලියාවේ වෙසෙන්නෙකු වරක් කීවා එහෙට යන අපේ 'සරණාගතයො' දන්නෙ නැහැලු හොඳ කතන්දරයක් හදාගෙන එන්නඒකලු නැවත ලංකාවට එන්න වෙන්නෙ.

බ්ලොග් කතන්දර ලෝකයේ චැම්පියන් නොහොත් අපේ කතන්දරකාරයා ඉතින් කතන්දර කියන්න සූරයනේ. පවතින ලංකා ආණ්ඩුවේ පසුගිය කාලයේ කල කී දේ දෙස අවලෝකනය, ආවර්ජනය, කරල බැලුවම බ්ලොග් පාඨකයන්ට හිතෙනව, සාධාරණ සැකයක් ඇතිවෙනව මේ අපේ බ්ලොග් ලියන කතන්දරව ආණ්ඩුව හයර් කරලවත්ද කියල. ගහට නැග්ග මිනිහටත් කියන්න කතන්දරයක් තියෙනව කියල කතාව අපි කවුරුත් අහල තිබෙනව.
අපේ කතන්දර නම් කියන්නෙ ගහට නැග්ග මිනිහගෙ කතන්දර නොවෙයි, පුද්ගලික ජීවිතයේ සිද්ධීන් අලලා. රියල් කතන්දරකතන්දරගෙ කතන්දර මොනවද ? මේවනෙ රියල් රියල් කතන්දර!

බලන්න, කතන්දර ගහකට නැග රා බී මාට්ටු වී මෙහෙම කියනව.

ප්‍රශ්නය-මොකටද මිනිහො මේ මගෙ කිතුලට නැග්ගේ?
උත්තරය- නෑ මේ මං ලියන්න කතන්දරයක් හිතට එන්නෙ නැති නිසා ගහටවත් නැගල බැලුව.
ප්‍රශ්නය- ඉතින් කතන්දරයක් හිතට ආවද?
උත්තරය- නෑ ඒක තමයි මං මේ බිමට බහින්නෙ.


බලන්න මේ වගේ මාතෘකා ගැන ඔබට කතන්දරයක් ලියන්න පුලුවන්ද කියල

  • ලොක්කෙකු සේවකයෙක්ව ගහක බැඳල
  • ලොක්කෙකුගෙ පුතකු ආමි මේජර් කෙනෙකුට පහර දෙයි
  • කල කී කිසිම දෙයක් මට මතක නෑ
  • මන්ත්රීවරයෙකු විසින් තවත් මන්ත්රී වරයෙකුට වෙඩි තබා තමාත් වෙඩි තබා ගනී
  • මං හීනෙන් ඇවිදින නිසා ගුවන් යානයේ කක්කුස්සියේ දොර හොයා ගන්න බැරි  උනා
  • ටැන්සානියාවට මිලියන් 150ක්
  • පාකිස්තානයේ සිදු කල බින් ලාඩන් මෙහෙයුමේ අවසාන භාගයේ විදුලිය ඇණ හිටී
තවද මට අමතකව ගිය මාතෘකා තිබේ නම් එක් කරන්න.
හොඳම කතන්දර සුපර් ස්ටාර්ට මොකද්ද දෙන තෑග්ග?

Tuesday, July 2, 2013

නීත්‍යනුකූල විවාහය යනු එක තැනකින් සෙක්ස් ලබාදීමේ නීත්‍යනුකුලව බැඳීමක් පමණක්ද ? Should we all legally get married?


හිතවතුනි, මං මේ ලියන මටත් ශුවර් නැති ඒව කියවල, විවාහ වෙන්න සිටින තරුණ තරුණියන්, විවාහ වෙලා සිටින අය සිය සැලසුම් කඩාකප්පල් කරගන්නව එහෙම නොවෙයි ඔන්න. ප්‍රශ්නයක් මතු කරනව විතරයි. මේ ප්‍රශ්නය වියතුන්, විකල්ප මතධාරීන්, අප වගේ සාමාන්‍ය මිනිසුන් ගැහැනුන් මීට කලින් ඕන තරම් සාකච්ඡා කරලත් ඇති.


බොහිමියානු භානුවා නමින් ලඟදී මියගිය භානු ප්‍රසන්න ගැන නාට්‍යවේදී ධනංජය කරුණාරත්න රාවයට ලියූ ලිපිය උපුටල අරගෙන පල කරල තිබුන බූන්දියේ

එය මා ආසාවෙන් කියෙව්වා. භානුගේ සරල එහෙත් හැමටම සිය උපරිම ශක්ති ප්‍රමාණයෙන් උදව්වෙමින් ඔහේ ජීවත් වීම, ගෙවල්වලට කොටු වී කාලසටහනකට අනුව ජීවත්වන, හැම දේටම බිරිඳගෙ අවසරය, අනුදැනුම,  ඇතුව ජීවත්වීමට පුරුදු වී ඇති පිරිමි   අපට වැඩක් නැති ජීවිතයක් ලෙස පෙනෙන්න ඉඩ තිබෙනව. මෙය කියවන අපේ විවාහ වූ මිතුරියන්ටත්  හිතෙන්න ඉඩ තිබෙනව, තමන්ටත් නිදහස දෙන භානු වගේ ආදරවන්තයෙක්, පිරිමියෙක් ඉන්නවනම් කියල. නමුත් නාට්‍ය කලාව අතින් ඔහුගෙන් සිදුවී ඇති දායකත්වය සුලු පටු නොවන වග ඒ ප්‍රසිද්ධ නාට්‍යවේදියෙක් වන ලියුම් කරුගේ අතින්ම ලියවී තිබෙනව. මගේ වල් කමට ඉතින් පේන්නෙ වල් දේවල් මනෙ, ඉතින් ධනංජය මහත්තය ලියල තිබෙන මෙන්න මේ වාක්‍ය මගේ හිතට වැදිල ඒ අංශයෙන් හිතන්න ගත්තම තමයි අර ඉහලින් තිබෙන අදහස ඔලුවට කාන්දු වෙන්න ගත්තෙ.

//භානු වැනි සංස්කෘතිකව වඩා විමුක්තිකාමීව ජීවත් වන්න උත්සාහ කල අවංක උන් අපේ නාට්‍ය කලාව තුළ තවත් මට හමුවී ඇත. ඒත් ඒ බොහෝ දෙනෙකු විවිධ හේතු මත නැති වී හෝ වෙනස් වී ගියහ. මට හමු වූ අයගෙන් බොහෝ දෙනෙකු නැති වී ගියේ මැද පන්තික ගැහැණු කසාද බැඳ කුටුම්බ වලට ඇදගෙන යාමෙන්ය, ඒ ගියා ගියාමය, තාමත් උන්ට වෙච්ච දෙයක් නැත. ඒ ගෑණුන්ට එකල තරුණ වියේ සිටි ඔවුන්ව හොඳ රස්සාවක් සමඟ දිනපතා එකම තැනකින් සෙක්ස් දීමේ පොරොන්දුව මත වෙනස් කල හැකි විය. මේ වන විට මැදිවිය ඉක්මවා යමින් සිටින ඔවුන් මෙතනින් එහාට යාමට නව දර්ශනයක් සොයමින් හොඳට ස්වයං වින්දනයේ යෙදෙනවා ඇතැයි සිතමි. //


ඉහත ලිපිය කියවීමෙන් පසුව මට මේ ප්‍රශ්නය හිතට ආවා.

මේ අපි කියන ආදරය කිරීම (වැඩුනු ගැහැණියක් හා පිරිමියෙක් අතර ඇතිවන ) එනම් සෙක්ස්වලට පසුබිමක් සැකසීම(ලෙසයි මා දකින්නේ) අවශ්‍ය නොවන තත්වයක් උදාකලේ නීතිය මගින් කසාද බැන්දවීම නිසාද? මේ කියමන තව ප්‍රශ්න රාශියක් ඔබ සිත් තුල ජනිත කරනු ඇත, අදහස් එකතු කරන්න, පිලිතුරු දෙන්න මට ඒ තරම් දැනුමක් නොතිබුනත් කියවන දැනුම් තේරුම් තිබෙන අය පිලිතුරු දේවි!

හිතන්න මේ නීත්‍යනුකූලව විවාහය නැති සමාජයක් ගැන? එහි ආදරයේ ස්වභාවය කොහොම වේවිද ?

අර ඉහතින් ධනංජය කියන්නේ මංහිතන්නේ නීත්‍යනුකූල විවාහය යනු එනම් එක තැනකින් සෙක්ස් ලබාදීමේ නීත්‍යනුකුලව බැඳීමක් මිස ආදරය නොවෙයි?

(silentshan, ඔන්න ඔබට් වෙච්ච පොරොන්දුවක් ඉටු කලා)