Followers

Saturday, December 27, 2014

මෛත්‍රී යුගය- වර්තමානය, දින සියය හා ඉන්පසුව




රාජපක්ශ යුගය, 
දේශපාලනයේ - ජනබලයේ- ගතිකයන් හඳුනා ගැනීම  පිළිබඳ 
ඔවුන්ගේ  නූමනාවත් 
පවුලේ තණ්හාවත් බලයෙන් මත්වීමත් නිසා හිතුවාට වඩා කෙටි වී ඇත. 
ඒ අතින් බණ්ඩාරනායකලා ඉදිරියෙනි. 
ඔවුන් සිය නායකත්වය දශක පහක් පමණ ලාංකීය දේශපලන තලයේ රඳවා ගන්නට සමත් විය.

පට්ටපල් ගෙතූ බොරුවෙන්, 
බත් බැල නැකත්කාරයින්ගේ නොමග යැවීම්වලින්
තගරියෙන්
බලහත්කාරයෙන්
රටේ නීතිය කුනුකූඩයට දමා සිය අභිමතය නීතිය බවට පත්කරමින්
ජන මතය මුදලට තාන්න මාන්න වලට කොල්ල කමින්
ගෙන යන මේ දුෂ්ඨ ක්‍රියාවලියට වැඩි ආයුෂ නැත.
දැනටම නහරකාරයින් තුන්දෙනෙකු සිංගප්පූරුවේය.
භාරත ලක්ශමන්ගේ මරණය සටහන් කලේ සිංගප්පූරුවට හරවන හංදියයි.
ත්‍රීමා විතානලාට පරාල ඇණ ගැසුවන් පාර්ලිමේන්තුවට ගත්දා කෙනෙකුට යමක් සිතෙන්නට ඇති.
භාරත ලක්ශමන්ගේ මරණය දා ඒ සිතුවිල්ල-සැකය, සනාථවෙන්නට ඇත.

මිථ්‍යා දෘශ්ඨිවල වාලෙක් වීමද,

බස්වලින් 2500ට බත් පැකට්ටුවට, 
එතනොල් කාලේ පොරොන්දුවට
ගෙන ගොස් පිට්ටනි පුරවන ජනයාද 
සිය කැමත්තෙන් දහස් ගණනින් මුලුදෙන ජනයාද, 
රාජපක්ශ යුගයේ අවසානය සනිටුහන් කරයි.

අලුත් තත්වය විසින් අලුත් අභියෝග මතුකරනු ඇත.

මෛත්‍රී අසුව සිටින්නේ එසේ මෙසේ දස් තිස් දෙකකට නොවේ.
ඔහුව ශක්තිමත් කළ හැක්කේ බිම්මට්ටමේ ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී
 සංවිධාන රටාවකට පමණි.
නැතිනම් මෛත්‍රීව යටකරගෙන වෙනත් බලවේග ගමන් කරනු ඇත.
94 දී චන්ද්‍රිකා අසුවූ මල පුඩුව අපට මතකය.
64%ක ජන බලයක් ලැබී තිබියදීත් ජවිපෙට එතරම් පාර්ලිමේන්තු මන්ත්‍රීකම් තිබියදීත්
අවශ්‍ය දේ පොරොන්දු වූ දෑ ඉටුකර ගන්නට අසමත් විය.

එක් බලවේගයක් නිශ්චිතවම දැනුවත්ව යම් මාර්ගයක ගමන් කරනු පෙනේ. 

ඒ උපාසක උපාසිකාවනගේ දානය ලබමින් එයට නිසි ගෞරවය දක්වන ස්වාමීන් වහන්සේලා මඟ දක්වන උපාසක උපාසිකාවන්ගේත් බලවේගයයි.
එමෙන්ම සිය අවංක භාවය නිසා ජවිපෙත්,
ඒ වගේම රතනත් චම්පිකත් නියෝජනය කරන ජාතිකත්ව බලවේගයයි.

රනිල්ව කොටු කරගැනීමට 
මේ බලවේග උදව්වී ඇතත්
නව රජය හමුවේ ඇති අභියෝග සුලුපටු නොවේ.
ප්‍රතිවිරුද්ධ බලවේගවල එකතුව විසින් සිය දින සියයේ වැඩ පිලිවෙලට පෙර හා පසුව විශාල පීඩන එල්ල කරනු ඇත.

දැනට පෙනෙන විදියට
ප්‍රධානම බලපෑම නම් රනිල්ට කර ඇති බලපෑමය. 
මෛත්‍රීගේ මැතිවරණ ව්‍යාපාරය කකුලෙන් ඇදීම  මැඩීමට 
මේ බලවේග උදව්වී ඇත.

රනිල්ලා බලං හිටිය එලුවාගේ අරක නම් වැටී ඇත.
ඒත්....

ජනවාරි 9දායින් ඇරඹෙන අලුත් යුගයේ
නායක කාරකාදීන් විසින් වූ පොරොන්දු
ඉටු කර ගැනීමට නම් ස්වාධීන ජන බල කමිටු 
බිම් මට්ටමෙන් දාස් ගනනින් බිහිවිය යුතුය.

කාලය සීග්‍රයෙන් ගෙවී යමින් ඇත.
මතු වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය භාවිතා කොට
අප විසින් වහ වහ කලයුතු කාර්‍ය එයයි.

Tuesday, December 9, 2014

කොලොන්නාවෙ කෙල්ලො වසයි! They are Chicks not Chicken!

beauty!
වැඩත් ලස්සනයි!

funniest ever!
තුන්වන ලෝකයේ විප්ලවකාරීන්ට අයත් කටයුතු

hearts speak finally!
හදවත් කතාකරයි!
Some got there at the end!
සෝමේ ඕන තැනට ගියා කොහොම හරි



මහනුවර ජනතාවට ජයවේවා!
මෛත්‍රී බලන්න ආවාට!
Maithree The  people's man!

අප්‍රසන්නයි.. 
මහින්ද රාජපක්ෂ මහතා තම ප්‍රතිවාදී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව සිය ජනාධිපතිවරණ සටන ඇරඹීමට ප්‍රථම මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08) රාත්‍රියේ විශේෂ...
SINHALANEWS.READSRILANKA.COM
අම්මටසිරි මෙ අර පන්සල් ගොහින් බිම වාඩිවෙන්න බැරිව පුටුවක වාඩිවෙන රජා නෙව..........







Monday, December 1, 2014

මහින්දටත් මෛත්‍රීටත් 50% ට අඩු වූවොත්???





රනිල්ට අඩුවක් ව තිබූ සුදු සරමක්, රැවුල කැපූ මහින්ද කෙනෙක්ද වන මෛත්‍රී විසින් ගෙනැවිත් තිබෙන බැවින් විපක්ශයේ අඩු පාඩු මැකී ගොස් සම්පුර්ණවී ඇති බව පෙනෙතත්  මෛත්‍රී තුලින් විද්‍යාමාන වන ගොවියාට උරුම සන්සුන් බවත් යම් යටහත් භාවයක සේයාවත්  බලාපොරොත්තු වූ මැතිවරණ උණුසුම ජනිත නොකරයි; කිසි ගතියක්, ගැම්මක් නෑ, ගෝ එකක් නෑ, යන සිතුවිලි සිතේ  ඒ අත මේ අත දෝලනය වෙයි. කෙඳිරි නඟයි

podu-givisumaමට පේන විදියට මෛත්‍රීට කලබල වීමට හේතුවක් නැත. ඔහු මේ කරණම ගැසුවේ හොඳට ගනන් හදලා බව පසු ගිය දිනෙක පුවත් පතක පලවූ චම්පික රණවකගේ ඡන්ද විශ්ලේශණයෙන් හොඳාකාරව පෙනේ.( පහලින් අමුණා ඇත.)







ඡන්ද සංඛ්‍යාලේඛණ දෙසට හැරෙමු.

හොඳම තත්වයන්, වාසිදායක තත්වයන්  යටතේ අන්තිම මැතිවරණවලදී ගත් දත්ත අනුව සංධානයට ලැබුනේ 53%ක් පමණි.
සංධානය ඒ තත්වයටත් වඩා දැන් බොහෝ දුර්වල වී තිබේ.
ප්‍රබලම දෙය නම් විපක්ශයේ එකමුතුබව හා ශක්තිමත් බවක් ප්‍රදර්ශනය වීමයි. ඌවේ ඡන්ද ප්‍රතිපල ඒ අදහස ශක්තිමත් කරයි.
podu-givisuma-1
  • හෙළ උරුමය
  • ශ්‍රී ලනිපයෙන් කොටසක්
  • සමසමාජයෙන් කොටසක්
  • කොමියුනිස්ට් පක්ශයෙන් කොටසක්
  • මහජන පක්ශය 
  • මුස්ලිම් කොන්ග්‍රසය 

සංධානයෙන් ගැලවී ගොස් ඇත. ඔවුන් අනිවාර්‍යයෙන්ම 3%ට වඩා රැගෙන ගොස් ඇත.


JHU backs Maithri...



රට කොටියට දෙනු ඇතැයි සංධානයෙන් එල්ල කරන මඩ ප්‍රචාරයට එතරම්ම බරක් ඡන්ද දායකයා විසින් දමනු ඇතැයි සිතිය නොහැක්කේ, හෙළ උරුමය හා ජවිපෙ පොදු අපේක්ශකයා පසු පසින් සිටින නිසාය.

යුද අපරාධ චෝදනා

රාජපක්ශ පවුලේ හෝ කිසියම්ම කෙනෙකු යුද අපරාධ චෝදනාවලට ලක් කර දඬුවම් කිරීමට ඉඩ දෙන්නේ නැතැයි මෛත්‍රී ප්‍රමුඛ විපක්ෂය සහතික වී තිබේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නංවන භීතිය, දේශ ද්‍රෝහී චෝදනාවලට පදනමක් නැත.


මහින්ද- මෛත්‍රී දෙන්නටම 50% ට අඩු වූවොත්??? මොකද වෙන්නේ.

බලන්න කවුද අනෙක් අපේක්ශකයො කියල.
පොදු වම අඩුම තරමින් 1%ක් ගන්නව- ඒ කියන්නෙ ලක්ශයක්
වෙනත් පක්ශ පුද්ගලයින් එකතුව 1%ක් පමණ ගන්නව
නසසපයේ මහේන්ද්‍රන්ට 15000ක් පමණ ලැබෙයි

එතකොට දෙවැනි මනාපය වැදගත්, ඒ නිසයි දෙන්නාට දෙන්නා මඩ ගහ ගන්නෙ නැත්තෙත්?

සැලුන් දොර තවමත් වසා නැත. ඒත් මැති ඇමතිවරු ජනපතිවරණය මෛත්‍රීට දිනාගන්නට අවශ්‍ය ප්‍රමාණයට ඒ පැත්තට ගියාම ඇති යන ස්ථාවරයේ සිටිනවා වගේ????!!!!
 මන්ද දින 100න් පසුව මහ මැතිවරණයක් එනවා කියලා කියනවා. වඩා වාසිදායක පක්ශයේ සිටිය යුතු නිසාත් ගියාට පසුව නැවත ඒම සිය දිවි හානිකරගැනීමක් නිසා වෙන්න ඇති.
podu-givisuma-16

ලොකු ෆයිට් එකක් දෙන්න වෙයි. 

ඡන්ද නම් වැටෙයි.
හැබැයි
ඡන්ද දායකයව ඡන්ද පොලට යවාගන්න
ඒවා ගණන කරන මධ්‍යස්තානවලට යවාගන්න
ගණන් කරවගන්න
හරියට ගනන්  හදාගන්න
ලොකු ෆයිට් එකක් දෙන්න වෙයි.
ඒ යාන්ත්‍රණය නැතුව ඡන්ද දිනනව බොරු!
ඒ ඔක්කොටොම වඩා පොරොන්දු ඉශ්ඨ කරවගන්න.
මීය කඩා ගත්තට පස්සෙ හෝතඹුවො ඔක්කොම මේ වාසි පැත්තෙ.


                                                                   නිමි

-------------------------------------------------------------------------------------------------

ඇමුණුම;

මේ ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ඉල්ලපු අපට දැන් ලජ්ජයි

මේ ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ඉල්ලපු අපට දැන් ලජ්ජයි

දේශපාලන ලෝකය ගිනිගත් ගිනිහල් ගෙයක් බවට පත්වෙමින් තිබේ. සම්මත, සාම්ප‍්‍රදායික ආකෘති පුපුරා යමින් තිබේ. තාක්ෂණික පර්යේෂණ හා පරමානුක බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ උණුසුම් කතාබහ එයට නිදසුනකි.
ප‍්‍රශ්නය:- ඌව පළාත් සභා ප‍්‍රතිඵලය දිහා ආණ්ඩුවට සුබවාදීව බලන්න බෑ කියලා මතයක් තියෙනවා.
පිළිතුර:- ඌව කියන්නේ රටේ තියෙන පුංචිම පළාත් සභාව. ඌව පළාත් සභාවේ ප‍්‍රතිඵලයෙන් හෝ පළාත් සභා මැතිවරණයක ප‍්‍රතිඵලයකින් ජාතික මැතිවරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගන්න අමාරුයි.
ප‍්‍රශ්නය:- නමුත් සමස්ත ප‍්‍රතිඵලය ගත්තොත්?
පිළිතුර:- ඔව්. සමස්ත ප‍්‍රතිඵලය ගත්තොත් 2012 නැගෙනහිර පළාත් සභාවෙන් ආරම්භ වෙලා 2014 දී ඉඩවර වෙච්ච ඌව පළාත් සභා ප‍්‍රතිඵලය සහ අතිශයින් වැදගත් දේශපාලනික වශයෙන් සංවේදී බස්නාහිර හා දකුණු පළාත් මැතිවරණය මෙන්ම උතුර හා නැගෙනහිර පළාත් සභා ප‍්‍රතිඵලය ගත්තොත් ඒවා තමයි රටට වැදගත් පළාත් සභා ප‍්‍රතිඵලය වෙන්නේ. මේ ප‍්‍රතිඵල ගත්තොත් පැහැදිලි ලකුණු කිහිපයක් දකින්න තියෙනවා. රටේ ඡන්ද දායකයෝ ඉන්නවා එක්කෝටි හතළිස් පන්ලක්ෂයක්, මේ ලක්ෂ එකසිය හතළිස් පහෙන් පළාත් සභා මැතිවරණවලදී අනුහය ලක්ෂයක් ඡන්දය දීලා තියෙනවා. ඒවායින් වලංගු ඡන්ද අනූ දෙලක්ෂයයි. ඒ කියන්නේ සියයට 66 ක් විතර ඡන්දය ප‍්‍රකාශ කරලා තියෙනවා. මේක ටිකක් හොඳ ප‍්‍රතිශතයක්. මොකද මෙයට පෙර පළාත් සභාවලදී සියයට පනස් පහක් විතර තමයි ඡන්දය දාලා තියෙන්නේ. ඒ සියයට 66 ක අනූ දෙලක්ෂයක ඡන්දවලින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද හතළිස් නව ලක්ෂයක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ මුළු ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට 53 ක් විතර අරගෙන තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ඡන්ද විසිහතර ලක්ෂයක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ සියයට 26 ක්. ඒ නිසා ඔය තිස්ස අත්තනායක මහත්තය කියන විදියේ සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් රටේ නැහැ. ඒ ගොල්ලන්ට තියෙන්නේ සියයට 26 යි. ඒක තමයි යථාර්ථය.
ප‍්‍රශ්නය:- නමුත් ජවිපෙ වේගවත් ප‍්‍රගතියක් පෙන්නුම් කරලා තියෙනවා.
පිළිතුර:- ඇයි දෙමළ සන්ධානය. ඒ අය උතුරේ හා නැගෙනහිර ඡන්ද පන්ලක්ෂ හතළිස් හත්දාහක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ අපට පේනවා එල්ටීටීඊය පාලන බලය උසුලනවා හා සමානව දෙමළ ජාතිවාදි ඡන්දත් වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම ඔබ කිව්වා වගේම ජනතා විමුක්ති පෙරමුණ තුන්ලක්ෂ හැටහය දාහක් ඡන්ද අරගෙන තියෙනවා. ෆොන්සේකා මහත්තයා තුන්ලක්ෂ හැත්තෑහය දාහක් අරගෙන තියෙනවා. ෆොන්සේකා මහත්තයාගේ වර්ධනය ඌවෙන් අවසන් වුණා. ඒ වගේම මුස්ලිම් කොංග‍්‍රසය දෙලක්ෂ විසිහය දාහක් ඡන්ද අරගෙන තිබුණා. හකීම් මහත්තයාට දස ලක්ෂයක් ඡුන්ද තියෙනවා කියන කතාව පට්ට බොරුවක්. මේ අර්ථයෙන් අපි අරගෙන බලනකොට මේක තමයි සමස්ත ඡන්ද ප‍්‍රතිඵලය. මේ ඡන්ද ප‍්‍රතිඵලයමත ඉඳගෙන එක්සත් ජාතික පක්ෂය කේක් කන්නේ කොහොමද කියලා මට ප‍්‍රශ්නයක් මතුවෙනවා.
ප‍්‍රශ්නය:- ඔබ කියන්නේ ආණ්ඩුවට කිසිම ප‍්‍රශ්නයක් නැහැ කියලයි.
පිළිතුර:- නෑ. ආණ්ඩුවට ප‍්‍රශ්නයක් තියෙනවා. 2010 ජනාධිපතිවරණයේදී අපි ගත්ත හැට ලක්ෂයක් ඡුන්ද. ඒ හැට ලක්ෂයෙන් දස ලක්ෂයක්ම සන්ධානයෙන් ගිලිහිලා තියෙනවා. මෙතැනදී සන්ධානය කියපු එක කාරණාවක් තමයි පළාත් සභාවලදී සියයට 65 යි ඡුන්දය දෙන්නේ. ජනාධිපතිවරණයකදී සියයට 75 ක් ඡන්දය දෙනවා. එතකොට ඒ ඉතිරි සියයට දහය ඡන්දය දෙනකොට ඔය අඩුපාඩුව මඟ හැරෙනවා කියලා.
ප‍්‍රශ්නය:- නමුත් ඌවේදී සියයට 76 ක් ඡුන්දය දුන්නා.
පිළිතුර:- ඔව්. ඒක තමයි මම කියාගෙන ආවේ. සියයට 76 ක් ඡන්දය දුන්නා කියලා සන්ධානයට 2010 ඡුන්ද ප‍්‍රතිශතයට වඩා අඩු ඡුන්ද ප‍්‍රතිශතයක් තමයි ලැබුණේ. ඒ කියන්නේ ඡන්දය නොදී ගෙදර හිටපු පිරිස සන්ධානයට ඡන්දය දෙන අදහසක් නැහැ. ඒ අනුව බැලූවම බරපතළ අනතුරු ඇඟවීමක් මෙතැන තියෙනවා. ඒ කියන්නේ රටෙන් සියයට 75 ක් ඡන්දය දෙන තත්ත්වයක් යටතේ සන්ධානයට සියයට 50 නැති තත්ත්වයක් තියෙන්නේ.
ප‍්‍රශ්නය:- ඒ කියන්නේ ඉදිරි ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකයි.
පිළිතුර:- අනිවාර්යෙන්ම ඔව්. ප‍්‍රධාන කාරණය තමයි…. සාමාන්‍යයෙන් පළාත් සභාවක ඡුන්ද ප‍්‍රතිඵලයයි ජනාධිපතිවරණයක ඡන්ද ප‍්‍රතිඵලයයි සන්සන්දනය කරන්න බෑ. රාජ්‍ය බලය සමග පළාත් සභා ඡන්දයකදී කිසියම් ප‍්‍රතිශතයක් ඡන්දය දෙනවා. හැබැයි රාජ්‍ය බලය ඇදවැටෙනවා යැයි කියලා විශ්වාසයක් සහිත ජනාධිපතිවරණයකදී වෙනසක් පිළිබඳ හැඟීමක් එහෙම ආවොත් රාජ්‍ය බලය තිබුණ කියන එක වැදගත් වෙන්නේ නැහැ. සල්ලි බෙදුවද, කෑම බෙදුවද, ලෑන්ඞ් රෝවල් කීයක් ගියාද පාරවල් කීයක් කාපට් කළාද කියන එක වැදගත් වෙන්නේ නැහැ. 2004 පළාත් සභා ඡන්දයයි 2009 ජනාධිපතිවරණයයි ගත්තම ආණ්ඩුවට සියයට 5 යි 10 අතර ඡුන්ද ප‍්‍රමාණයක් අහිමි වුණා. 2009 පළාත් සභාමැතිවරණයයි 2010 ජනාධිපතිවරණයයි ගත්තම සියයට 5 යි 10 ක ඡුන්ද ප‍්‍රමාණයක් අහිමි වුණා. ඒ ප‍්‍රතිඵලයට අපි මෙතැන්ටත් යොදා ගත්තොත් බොහොම බරපතළ තත්ත්වයක ආණ්ඩුවක ඉන්නේ. ඒ වගේම මමත් විශ්වාස කරන විදියට දැන් ඇතිවෙලා තියෙන මේ කම්පනය විශේෂයෙන්ම රජයට බැරිවෙලා තියෙනවා තමන්ගේ මැතිවරණ ජයග‍්‍රහණයවත් දේශපාලන ජයග‍්‍රහණයක් බවට පත්කර ගන්න. පැරදිච්ච යූඑන්පිය ජය ගත්තා වගේ හැඟීමක් තමයි රටේ තියෙන්නේ. ඉතිං ඒ නිසා වාසි පැත්තට හෝයියා කියාගෙන හිටපු නිලධාරින් ව්‍යාපාරික ….. සමාජ කණ්ඩායම් දැන් ගිලිහෙන්න පටන් අරගෙන තියෙනවා.
ප‍්‍රශ්නය:- ඒ වගේම සන්ධානයේ හවුල්කාර පක්ෂත් කළකිරිලා.
පිළිතුර:- ඔව් අනිවාර්යෙන්ම හවුල්කාර පක්ෂවලටත් ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිවරණයක් තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙ මැතිවරණ කාර්යාලයත් ඇරලා තියෙනවා. ජනාධිපතිවරණයට ලෑස්තිවීමක් තියෙනවා. නමුත් සන්ධානයෙ පක්ෂනායක හමුවක් කැඳවලා එහෙම තීරණයක් අරගෙන නෑ. අයි ජනාධිපතිවරණයක් තියන්නේ කියන එකට උත්තරයක් නැහැ. ඒ දිනය ගැන එහෙම අදහසක් දන්වලත් නැහැ. ඒක නිසා තමයි අර වමේ පක්ෂ 3 ක් එකතුවෙලා ලිපියක් යවලා තියෙන්නේ. මෙයාට තීන්දුවක් අරගෙන නෑ. කරුණාකරලා මේ ජනතාවගේ පොරොන්දු ඉටු කරන්න කියලා. සන්ධානයේ හවුල්කාර පක්ෂවලට මේක ඇතුළේ කිසිම ප‍්‍රජාතන්ත‍්‍රවාදි ඉඩක් නැහැ. ඒ වගේම අද මේ රටේ අලූත් මතයක් ඇතිකරගෙන යනවා සුළු ජාතික ඡන්දයෙන් පුළුවන් රජවරු හදන්න කියලා. ඒ නිසා සුළු ජාතික ඡන්ද පාවිච්චි කරලා තමයි හුඟක් දෙනෙක් බලයට එන්න හිතාගෙන ඉන්නේ.
ප‍්‍රශ්නය:- ඔබ කියන්නේ එහෙම බෑ කියලද?
පිළිතුර:- ඔය සුළු ජාතික ඡන්ද කියන්නේ මොකක්ද? ලංකාවේ අද ඉන්නවා සිංහලයෝ සියයට 76 ක්. අපි හිතමු 75 යි කියලා. එතකොට අසිංහලයෝ ඉන්නවා සියයට 25 ක්. අපි හිතමු ඔය සියයට 25 න් සියයට 80 ක්ම ඡුන්දය දෙනවා විපක්ෂයට කියලා. එහෙම ප‍්‍රවණතාවක් ඇතිවෙන්න පුළුවන්. මොකද දෙමළ සන්ධානය ගත්තා උතුරේ සියයට 76 ක් ඡන්ද. අපි හිතමු දෙමළ ඡන්ද විතරක් ගත්තොත් ඒක සියයට 80 යි කියලා. ඒ 80 ටම ගත්තා කියලා හිතමු. 80 ට වඩා ගනී කියලා මම හිතන්නේ නැහැ. දෙමළ, මුස්ලිම් ඡන්ද මොකද සෙසු පක්ෂවලටත් රජයටත් ඒවා වැඩ කරන නිසා. වතු දෙමළ ඡන්ද ගත්තොත් දෙමළ ඇමැතිවැරන් ඉන්නවා. ඩග්ලස් දේවානන්ද ඉන්නවා. පිල්ලෙයාන් ඉන්නවා. ඔය වගේ කණ්ඩායම් ඉන්නවා. ඒ විදියට සිංහල ඡන්ද සියයට 80 වුණොත් සියයට 25 කින් සියයට 80 ක් කියන්නේ ජාතික ප‍්‍රතිශතය සියයට 20 යි. ජනාධිපතිවරණයක තියෙන සුවිශේෂත්වය තමයි අනිවාර්යයෙන්ම සියයට 50 ගන්න ඕනෑ. පාර්ලිමේන්තු මැතිවරණයකදි නම් ආණ්ඩුවක් පිහිටුවන්න සියයට 50 ක් ඕනෑ නැහැ. 50 ට වඩා අඩු ප‍්‍රතිශතයකින් තමයි ලංකාවේ දිගටම ආණ්ඩු පිහිටුවලා තියෙන්නේ. 1977 දි, 2010 දියි විතරයි ඒක වෙනස් වුණේ. චන්ද්‍රිකාට අර මහා යෝධ ජන රැල්ලක් තිබිය දීත් හම්බ වුණේ සියයට 48 යි. රනිල්ට 2010 දී හම්බ වුණොත් 47 යි. නමුත් ජනාධිපතිවරණයක ස්වරූපය තමයි අනිවාර්යෙන්ම සියයට 50 ගන්න ඕනෑ. දැන් එතකොට විපක්ෂයේ අපේක්ෂකයා සිංහල ඡන්දවලින් සියයට 30 ගත්තොත් ඒ කියන්නේ සෑම සිංහලයො දහ දෙනෙකුගෙන් හතර දෙනෙකේ විපක්ෂයට ඡන්දෙ දෙන්න ඕනා. කිසිම ආසනයක ලංකාවේ යූඑන්පිය මේ සියයට 40 අරගෙන නෑ. මොනරාගල තමයි හොඳම උදාහරණය. සියයට 31 යි ලැබුණේ.
ප‍්‍රශ්නය:- ඔය කියන තත්ත්වය ආණ්ඩුවක් නැහැ.
පිළිතුර:- ජනාධිපතිතුමා ගත්තොත් එතුමා වැඩිපුරම විශ්වාසය තියලා තියෙන්නේ සිංහල ඡුන්ද ගැන තමයි. එතුමාට 2010 දී ඒක පැහැදිලිවම තිබුණා. එතුමා ජය ලබන්නනම් සුළු ජාතිකයන්ගේ ජාතික ප‍්‍රතිශතයෙන් සියයට 5 කුත් සිංහලයන්ගේ ජාතික ප‍්‍රතිශතයෙන් සියයට 45 කුත් ගත යුතුයි. සිංහල ඡන්දවලින් සියයට 45 ක් කියන්නේ සිංහලයන් දහ දෙනෙකුගෙන් හය දෙනෙක් ජනාධිපතිතුමාට ඡන්දය දිය යුතුයි.
ප‍්‍රශ්නය:- මගේ ප‍්‍රශ්නය වුණේ එහෙම ගන්න පුළුවන්ද කියලයි.
පිළිතුර:- අවාසනාවකට කිසිම ආසනයක ඒ ප‍්‍රතිශතය ජනාධිපතිතුමාටත් ලැබිලා නැහැ. සිංහල බළකොටු හැටියට තිබිච්ච හෝමාගම ජනාධිපතිතුමාට ලැබුණේ විපක්ෂයට වඩා ඡුන්ද පන්දාහයි. මහා ධනයක් ආයෝජනය කරපු තිස්සමහාරාමය ගන්න විපක්ෂයට වඩා ඡන්ද හාර දහසයි. ඒකයි තත්ත්වය.
ප‍්‍රශ්නය:- ඒ කියන්නේ ජනාධිපතිවරණය ඉතා තීරණාත්මකයි.
පිළිතුර:- අනිවාර්යයෙන් ඒ නිසා එතුමා එක්කෝ සුළු ජාතික ඡන්දයෙන් ඒව පුරවාගන්න ඕනා. එහෙම නැත්නම් මහ ජාතික ඡන්දෙන් ඒක පුරවාගන්න ඕන. සුළු ජාතික ඡන්දවලින් ඒක පුරවා ගැනීමේ හැකියාවක් එතුමාට නැහැ. රනිල්ටත් ඔයිට වඩා එහාට ගිහින් සුළු ජාතික ඡන්ද ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මෙවරත් ජනාධිපතිවරණයේ තීරක සාධකය සිංහල ඡන්ද. සිංහල මධ්‍යස්ථ උගත් ඡන්ද දායකයා කොහොමද ඡන්දය දෙන්නේ කියන එක මත තමයි ජනාධිපතිවරයා කවුද කියලා තීරණය වෙන්නේ.
ප‍්‍රශ්නය:- ඔය ඔබ කියන බලවේගය දිනාගන්න ජනාධිපතිවරණය අසමත් කියලා ඔබ හිතනවාද?
පිළිතුරු:- 2005 ඉඳන් 2010 ට සන්ධානය ඉතාම දුර්වල පාර්ලිමේන්තු නියෝජනයක් තිබියදී බොහොම නිර්භීතව කටයුතු කරලා ත‍්‍රස්තවාදය පරාජය කරලා ආර්ථික ක්ෂේත‍්‍රයේත් පිමි ගණනාවක් පැනලා ජාතික ආර්ථිකය සවිමත් කිරීමේ දිහාවට ගියා. නමුත් 2010 ඉඳන් අපේ ආණ්ඩුවේ ලකුණු පුවරුව සාර්ථක නැහැ.
ප‍්‍රශ්නය:- ඔබත් මේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක්. ඔය ඇයි එහෙම කියන්නේ?
පිළිතුර:- අපි ගනිමු ව්‍යවස්ථාව පිළිබඳ ප‍්‍රශ්නය. සිරිමාවෝ මැතිනියට තුනෙන් දෙකක් බලය ලැබුණා. සිරිමාවෝ මැතිනිය ඒ බලයෙන් බි‍්‍රතාන්‍යයත් එක්ක හැප්පිලා රට ජන රජයක් කළා. රට ඒකීය කළා. බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙනවා කියලා වගන්තියක් එකතු කළා ව්‍යවස්ථාවට සියලූම අන්‍යාගමිකයන් කැරලි ගහද්දී දෙමළ රාජ්‍ය පක්ෂය කැරලි ගහද්දී රට ඒකීය කළා. එහෙම නිර්භීත බවක් සිරිමාවෝට තිබුණා. ඒ සියලූ බලවේග කැරලි ගහද්දී රට ඒකීය කරන්න. රට ජන රජයක් කරන්න රටේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙන්න පියවර ගත්තා. ඒකට යූඑන්පියේ සහාය ගන්නත් එතුමිය බුද්ධිමත් වුණා. ඇයට ලැබුණු තුනෙන් දෙකේ බලයෙන් ඇය ව්‍යවස්ථාව විප්ලවයක් කළා. ඊළඟට ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට 1977 දී තුනෙන් දෙකේ බලය ලැබුණා. උන්නැහෙත් මේ සියලූ විරෝධතා මැද්දේ විධායක ජනාධිපතිකමත් හැදුවා. අනුපාත ඡුන්ද ක‍්‍රමයක් හැදුවා. මානව හිමිකම් පිළිබඳ කාරණා ව්‍යවස්ථාවට ගෙනාවා. හරි හෝ වැරදි හෝ ඔහුත් ව්‍යවස්ථා විප්ලවයක් කළා. පළාත් සභා ක‍්‍රමයකුත් ගෙනාවා. බලහත්කාරයෙන්. ජේ.ආර්. තමන්ගේ බලය පාවිච්චි කරලා රට ඇතුළේ ව්‍යවස්ථාමය පරිපාලනමය විශාල වෙනසක් කළා.
ප‍්‍රශ්නය:- ඔබ කියන්නේ මේ ආණ්ඩුව මුකුත්ම කළේ නැහැ කියලද?
පිළිතුර:- හොඳ ප‍්‍රශ්නයක්. මේ ආණ්ඩුව මොකක්ද කළේ. අපේ ආණ්ඩුවටත් තුනෙන් දෙකක බලයක් තියෙනවා. මොනවාද කළේ. අපේ ආණ්ඩුවට තිබුණ ඉතා පැහැදිලිවම මේ රටේ ප‍්‍රාදේශීය සභාවලට බලතල දෙන ජන සභා පනත හදලා තියෙන්නේ. ඒක කි‍්‍රයාත්මක කරන්න තිබුණා. ඒක කළේ නැහැ. ස්වාධීන එකඟතාවයක් තිබුණා මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්න. ඒ පනත ගෙනැල්ලා සම්මත කරගෙන මේ කාලකණ්නි අනුපාත ක‍්‍රමයෙන් අපි ගැලවුණේ නැහැ. ඒ වගේම පළාත් සභාව ගන්න. පළාත් සභාව අහෝසි කරන්න බැරි නම් පළාත් සභාවේ ඉතාම භයානක අංග පහක් අපි පෙන්වලා දුන්නා. පළාත් දෙකකට එකතු වීමට තිබෙන හැකියාව, ආණ්ඩුකාරවරයාට හදිසි තත්ත්වයක් යටතේ වුණත් මහ ඇමැතිවරයාට අත දීමේ නොහැකියාව. පොලිස් බලතල, ඉඩම් බලතල, සම ජාතියේ ලැයිස්තුවේ බලතල පළාත් සභාවලට පැවරීම, මෙන්න මෙවැනි ඒකීය භාවයට පැහැදිලි තර්ජනයක් තිබෙන ලකුණු පහක් අපි පෙන්වලා දීලා කිව්වා ඒවා වෙනස් කරන්න කියලා. පළාත් සභා ක‍්‍රමයම ආවේ බලහත්කාරයෙන්. හැබැයි අපිට එඩිතරකමක් තිබුණේ නැහැ එහෙම දෙයක් කරන්න. ඊළඟට බරපතළ විදියේ උනන්දුවක් රටේ තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද ඒ උනන්දුව මේ රටේ ඇති කළේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කියලා.
ප‍්‍රශ්නය:- විධායක ජනාධිපතික‍්‍රමය වෙනස් කළ යුතුයි කියලා ඔබත් කියනවද?
පිළිතුර:- විධායක ජනාධිපතික‍්‍රමය ගැන අපටත් ප‍්‍රශ්න තියෙනවා. නමුත් ඒක අහෝසි කරනවා කියන තැන අපි නැහැ. ඒක මේ මොහොතේ කරන්න බැහැ. නමුත් අත්තනෝමතික බලතල කිහිපයක් විධායක ජනාධිපතිවරයාට තියෙනවා. ඇමැතිවරු පත් කිරීමට, ඇමැතිවරු ඉවත් කිරීමට තියෙන බලය ලේකම්වරුන් පත් කිරීමට, ලේකම්වරුන් ඉවත් කිරීමට තියෙන බලය පාර්ලිමේන්තුවට තියෙන විශේෂ ජනවරම නොතකා පාර්ලිමේන්තුව විසුරුවා ලීමට තියෙන බලය, අධිකරණයට විනිසුරුවන් පත් කිරීමට තිබෙන බලය, අධිකරණයට වග නොකියන සුළු ස්වභාවය. පාර්ලිමේන්තුවට වග නොකියන සුළු ස්වභාවය. මෙවැනි අතත්නෝමතික බලතල තියෙනවා. එවැනි බලතල අහෝසි කළ යුතුයි. ව්‍යවස්ථාවට අනුව මේවායේ බලතල ආවම ජනාධිපතිවරයා අපට ප‍්‍රායෝගික අත්දැකීමක් තියෙනවා.ජයවර්ධනගේ කාලයේත්, චන්ද්‍රිකාගේ කාලයේත් පේ‍්‍රමදාසගේ කාලයේත්, මේ ජනාධිපතිවරයාගේ කාලයේත් ඉතාම සුළු පිරිසක් එකතු වෙලා මේ විධායක බලතල පාවිච්චි කරනවා. ඒක අපිට පේන්න තියෙනාව. ඒ කිසිම ජනවරමක් නැති මිනිස්සු පිරිසක්. ඒක මහජනයාට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන බරපතළ ප‍්‍රශ්නයක් ඇති කරවනවා. මේවා එකක්වත් කළේ නෑ.
ප‍්‍රශ්නය:- මේ ආණ්ඩුව ඇතුළේ ඔබත් ඉන්නවා. මෙච්චර කාලයක් මොනවද කළේ කියලා මම ඇහුවොත්?
පිළිතුර:- 2010 දී පක්ෂ නායක හමුවක් කැඳවලා 18 වැනි සංශෝධනය ගෙනාපු වෙලාවේ පියවරෙන් පියවර මේවා කරන බවට පොරොන්දු වුණා. ඒ 2010 දී. අද 2014 . ඒ පොරොන්දු ඉටුවෙලා නැහැ. ඒ නිසා මේ රජයට ලබා දීපු තුනෙන් දෙකක බලයෙන් කිසිම වැඩක් ගත්තේ නැති ආණ්ඩුවක් විදියටත් ඒ වගේම රටට ඉතාම අහිතකර විදියට උතුරු පළාත් සභාව ප‍්‍රභාකරන් පරාජය කරලා. විසිහය දාහක් ජීවිත පූජා කරලා මුදාගත් උතුර ප‍්‍රභාකරන්ගේ දේශපාලන සගයන්ට ප‍්‍රභාකරන්ගේ දේශපාලන පෙරමුණට හදා දුන් රජයක් විදියටටයි මේ රජය ඉතිහාසයට එකතු වෙන්නේ. ඒකයි මට තියෙන කනගාටුව. ඒ වගේම මෙච්චර අයුද ජයග‍්‍රහණයක් ලබලත් අපිට බැරි වුණා. පොරොන්දුවක් දුන්නා රටට 1971 ජන අනුපාතයට අනුව උතුරයි නැගෙනහිරයි නැවත ජන අනුපාතය සකස් කරන්න.
ප‍්‍රශ්නය:- නමුත් ඒක කෙරුණේ නැහැ.
පිළිතුර:- ඔව්. අපට බැරිවුණා. උතුරෙන් පලවා හැරපු සිංහල ජනයා නැවත පදිචි කරවන්න. මඩකළපුවෙන් පළවා හැරපු සිංහල ජනයා නැවත පදිංචි කරවන්න. උථුරෙන් නැගෙනහිරෙන් අවසන් වරට සිංහලයන් පලවා හැරියේ 1987 ඔක්තෝබර් 6 වැනිදා. ඉන්දියන් හමුදාව ලංකාවේ ආරක්ෂාව බාරව සිටියදී ඉන්දු-ලංකා ගිවිසුම ගහලා ඉන්දියන් හමුදාව බලාගෙන ඉන්නකොට මඩකළපුව නගරයේදී සිංහලයන් අනූපස් දෙනෙකු ඝාතනය කළා. එහෙම ඝාතනය කරළා මඩකළපුවෙන් සිංහලයන් පැන්නුවා. යාපනය නගරයේදී සිංහලයන් හය දෙනෙකු අල්ලලා අමුවෙන් පුච්චලා ඉතිරිවෙලා හිටපු සිංහලයන් ටිකත් පැන්නුවා. මේ අයුක්තිය වෙනස් කරයි කියල තමයි දේශපේ‍්‍රමීන්ගේ යෝධ විශ්වාසය වුණේ. හැබැයි අපේ ආණ්ඩුව ඕක කරන්න නිර්භය වුණේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ. රට මුදා ගත්තා කියලා කිව්ටව අද රට මුදාගෙන නැහැ. අද මොකද වෙලා තියෙන්නේ. අන්න ජාතිවාදි විග්නේෂ්වරන්ට උතුර බාර දීලා තියෙන්නේ. අද විග්නේෂ්වරන් වැලිඔය සිංහලයන්ට සල්ලි දෙන්නේ නැහැ. ඒ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට විතරක් සල්ලි දෙන්නේ නැහැ. අදත් වැලිඔය මුදා නොගත් ප‍්‍රදේශයක්. අදත් මුලතිව් සිංහලයන්ට මුදා නොගත් ප‍්‍රදේශයක්. අදත් යාපනය සිංහලයන්ට මුදා නොගත් ප‍්‍රදේශයක්. අදත් මඩකළපුව සිංහලයන්ට මුදා නොගත් ප‍්‍රදේශයක්. විසිහය දාහක් ජීවිත පූජා කළේ සියයට 60 ක් ඡන්දය දුන්නේ අතිශය බලාපොරොත්තුවක් ඇතිවයි. ඒ බලාපොරොත්තුව මේ ආණ්ඩුව කඩ කරලා තියෙනවා. ඒ නිසා සිංහලයන්ගෙන් දේශපේ‍්‍රමය මත ඡන්දය ඉල්ලන්න මේ ආණ්ඩුවට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.
ප‍්‍රශ්නය:- මේවා ඇයි ඔබ ආණ්ඩුව ඇතුළේ කතා නොකරන්නේ?
පිළිතුර:- අපි විශාල අරගලයක් කළා. ඒ අරගලය ඇතුළේ කරලා එපා වෙලා තමයි අපි එළියට කරුණු කියන්න පටන් ගත්තේ. මේ රජය බලයට පත් කරපු බලවේග පිළිබඳ අවතක්සේරුවෙන් ඒ පිළිබඳ උපහාසාත්මක දැක්මකින් ඇතැම් උපදේශකයන් කිහිප දෙනෙක් කි‍්‍රයා කරන නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. ඒ නිසා ඒ ඇත්තන්ට දැන් හෝ අනාගතයේදී හෝ වැටහිය යුතුයි මේ රටේ දැන උගත් සිංහල ජනතාව රවට්ටන්න බෑ කියලා. තවදුරටත් දේශපේ‍්‍රමි සළුපිළිවලින් රවට්ටන්න බෑ කියන එක ඔවුන් තේරුම් ගත යුතුයි. ඒ වගේම බලන්න විදේශ පෙරමුණ. විදේශීය වශයෙන් අපි ලොකු වටලෑමක ඉන්නේ. අපි මොකද කිව්වේ… අපි කිව්වා යුද අපරාධ වෙලා නැහැ. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් අපිට ඒක හොයන්න පුළුවන්. අපි අන්තිමට මොකද කළේ. යුද අපරාධ හොයන්න කියලා කොමිසමක් පත් කරලා අපිම කියපු දේ අපි ප‍්‍රතික්ෂේප කළා.
ප‍්‍රශ්නය:- ඇයි විදේශීය උපදේශකයන් පත් කළේ?
පිළිතුර:- ඔව්. උපදේශකයන් විදියට විදේශිකයන් කිහිප දෙනෙකු පත් කරලා විදේශීය මැදිහත්වීම අපිම කළා. අපට තවදුරටත් අයිතියක් නෑ ජිනීවාවල විදුලි පුටු ගැනකතා කරන්න. අපේ රටේ රණවිරුවන් අපි පාවලා දීලා ඉවරයි. ඒ යුද අපරාධ හොයන්න කොමිසම පත් කරන්න තීරණය කරපු අය ඒකට විදේශීය නියෝජිතයන් ගෙන්වා ගන්න තීරණය කරපු අය මේ රටේ රණවිරුවන් පාවලා දීලා ඉවරයි.ඒ අයට රණවිරුවන් ගැන කතා කරන්න බෑ. ඒ නිසා ඒ විදේශ මැදිහත්වීමෙන් ඒ දේශමාමක ජනතාවගේ මතය කොල්ලකන්න තවදුරටත් ආණ්ඩුවට බැහැ.මේක හරිම කණගාටුදායක තත්ත්වයක්. මේ ආණ්ඩුව වෙනුවෙන් ජන්දය ඉල්ලපු අපට දැන් ලජ්ජයි.
ප‍්‍රශ්නය:- ඔබ කියන විදියට වැරදි පාරේ යන්නේ ජනාධිපති මහින්දද වෙනත් පිරිසක්ද?
පිළිතුර:- මම පුද්ගලයන්ට දෝෂාරෝපණය කරන්නේ නැහැ. ජනාධිපතිතුමාට බරපතළ වගකීමක් තියෙනවා මේ සන්ධානයේ නායකයා හැටියට ඒ වගේම ජනාධිපතිවරයා හැටියට. ඒ වගේම අපිටත් වගකීමක් තියෙනවා. මේවා ආපසු හැරවීමට නොහැකි වීම සම්බන්ධයෙන් අපටත් වගකීමක් තියෙනවා.
ප‍්‍රශ්නය:- මින් ඉදිරියට ඔබ මොකද කරන්නේ?
පිළිතුර:- මේ ගැන අපි ලජ්ජා වෙනවා. ඒ වගේම අපි කෝපයට පත්වෙලා ඉන්නේ. අපි අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවට අහිමි කරපු අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒකේ කිසිම සැකයක් නැහැ. අපට පුද්ගලයො වැදගත් නෑ. ඒක මුලින්ම මේ ආණ්ඩුව දැනගන්න ඕනෑ. අපි පුද්ගලයෝ පස්සේ යන්නෙත් නැහැ. අපට පුද්ගලයෝ වැදගත් නැහැ. අපේ ජනතාවට කළ අසාධාරණයට අපේ ජනතාවට කළ රැවටීමට අපි අනිවාර්යෙන්ම ප‍්‍රතිචාර දක්වනවා. ඒ ජනතාවගේ හෘද සාක්ෂියයි අපි නියෝජනය කරන්නේ.
ප‍්‍රශ්නය:- ඉදිරි ජනාධිපතිවරණයේදී ලොකු පිම්මක් පනින්නද මේ හදන්නේ?
පිළිතුර:- ජනාධිපතිවරණය කියන්නේ රටක ආණ්ඩු මාරු කිරීම පිළිබඳ ප‍්‍රශ්නයක්. ඒ ප‍්‍රශ්නයේදී අපි මේ රටේ දැන උගත් සිංහල ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රටට ඉදිරි අනාගතයක් තියෙන්න නම් මේ විදේශී්‍ය වටලෑමට කොන්ද කෙළින් තියාගෙන මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම අපේ රණවිරුවන්ගේ අභිමානය රකින පුළුවන්. උතුරේ හා නැගෙනහිර අපේ ජනතාවගේ ඉඩම් අයිතිය රකින්න පුළුවන් රට තුළ කි‍්‍රයාත්මක බෙදුම්වාදි ව්‍යාපාර, සමාජ බෙදුම්වාද ව්‍යාපාර පරාජය කරලා රටට එක නීතියක් ගේන්න පුළුවන් විශේෂයෙන්ම අද ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා ආර්ථිකයේ. ඒ ආර්ථික ප‍්‍රශ්න විසඳන්න පුළුවන් වැඩ පිළිවෙළක් සහිත කි‍්‍රයාදාමයක් සහිත ජනාධිපතිවරයෙක් තමයි අපිට ඊළඟට ඕනෑ කරන්නේ. රට යන්නේ යුග පෙරළියකට.
ප‍්‍රශ්නය:- පොදු අපේ්කෂකයෙක් ගැනත් කතාවක් තියෙනවා. එහෙම වුණොත් මොකක් වෙයිද?
පිළිතුර:- අපේක්ෂකයෝ මෙතැනදී වැදගත් නෑ. පුද්ගලයෝ ශත පහකටවත් වැදගත් නෑ. ප‍්‍රතිපත්ති තමයි මෙතැන වැදගත් වෙන්නේ. රටට ප‍්‍රතිසංස්කරණ අවශ්‍යයි. රටට අවශ්‍යයි යෝධ දේශපාලන ප‍්‍රතිසංස්කරණයක්. රටට අවශ්‍යයි යෝධ ආර්ථික ප‍්‍රතිසංස්කරණයක්. රටට අවශ්‍යයි යෝධ සමාජ ප‍්‍රතිසංස්කරණයක්.
ප‍්‍රශ්නය:- ඔබ කිව්වා රට සැරසෙන්නේ යුග පෙරළියකට කියලා. ඔබ ඒ ඉඟියෙන් මොකක්ද කියන්නේ?
පිළිතුර:- රටට වෙනසක් ඕනෑ. රට සම්පූර්ණයෙන්ම යුග පෙරැළියක තියෙන්නේ. ඒ යුග වෙනස අවශ්‍යයි. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් කරන්න පුළුවන්. හැබැයි එතුමා 2005 ට යන්න ඕනෑ.
ප‍්‍රශ්නය:- විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙන්න කියලා ඔබට ආරාධනාවක් ආවොත් ඔබ ඕක බාරගන්නවද?
පිළිතුර:- මෙහෙමයි. පොදු අපේක්ෂකයා වෙන්න මගේ අදහසක් නෑ. හැබැයි පොදු ප‍්‍රතිපත්තිය රටට හදන්න අපි ඉදිරිපත් වෙනවා.
– ලංකාදීප පුවත්පතෙනි
44,171 Viewers

------------------------

 4කට මෛත්‍රී අත්සන් තබයි

‍පොරොන්දු 4කට මෛත්‍රී අත්සන් තබයි

- විධායක ජනපති ක්‍රමය අහෝසියි
- 18 ඉවතට : බලතල පාර්ලිමේන්තුවට
- සෑම ආසනයකටම මන්ත්‍රීවරයෙක්
- පෞද්ගලික හා රාජ්‍ය සේවක වැටුප් වැඩිකෙරේ
2014 දෙසැම්බර් 01 11.12 p.m

(රන්මලී සෝමසිරි)

ඉදිරි ජනාධිපතිවරණයේදී ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන විපක්ෂයේ පක්ෂ නියෝජිතයෝ හා සිවිල් සංවිධාන විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී ඊයේ (1) ‍පොදු එකඟතාවකට අත්සන් තැබූහ.
“එක්වෙමු, ඉවසුවා ඇති, වෙනස් කරමු” මැයෙන් සංවිධානය කර තිබුණු උත්සව සභාවට දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායම් 35ක් නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගි වූහ.
සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව මඟුල් බෙර වාදනය මධ්‍යයේ ප්‍රථමයෙන් එකඟතාවයට අත්සන් තැබුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය. අනතුරුව ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන යන මහත්වරුද අවසානයේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝද ගිවිසුමට අත්සන් තැබූහ. ලංකා සමසමාජ පක්ෂයේ භාණ්ඩාගාරික පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතා ද මේ අවස්ථාවට එක්විය.
පළමුව උත්සව සභාව ඇමැතූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ‍පොදු එකඟතාවකට අත්සන් තබා නව දේශපාලන සංස්කෘතියක් බිහිකරන දිනය ඓතිහාසික දිනයක් බවයි. ඉදිරි දින කිහිපය තුළදී තවත් පක්ෂ කිහිපයක්ද ගිවිසුමට අත්සන් තැබිමට නියමිත බවද ඒ මහතා පැවැසීය.
සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ජනහිතකාමී ආණ්ඩු ක්‍රමයක් සඳහා වූ ‍පොදු එකඟතාවේ සඳහන් කරුණු ඉෂ්ට කරමින්, තමන් කෙරේ තැබූ විශ්වාසය අංශු මාත්‍රයකින් හෝ පලුදු නොකරමින් ක්‍රියා කරන බවට ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණ සිටි ජනතාව හමුවේ ප්‍රතිඥා දුන්නේය.
ප්‍රතිපත්තිගරුක, දේශපාලන දර්ශනයක් සහිත විවේචන භාර ගැනීමේ හැකියාව ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවා රටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් බේරාගැනීමට සියලු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට එක්වන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එහිදී ආරාධනාවක් කළාය.
අනතුරුව කතා කළ මාදුළුවාවේ සෝභිත හිමි සඳහන් කළේ නීතියට යටත්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙනුවෙන් පක්ෂ, පාට, ආගම්, කුල මල බේද ඉවත දමා සියලුදෙනාම මේ අවස්ථාවේ එකමුතු විය යුතු බවයි.
‍පොදු අපේක්ෂකයා වහාම ඉටුකළ යුතු ‍පොරොන්දු හතරක් මෙසේයි.
1. විපක්ෂයේ ‍පොදු අපේක්ෂක
ජනාධිපති ධුරයට පත්වී දින සියයක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර මහජනයාට වගකියන පාර්ලිමේන්තු  ක්‍රමයක් ස්ථාපිත කිරීම.
2. පාර්ලිමේන්තු පාලන ක්‍රමය යටතේ ජනපති ජාතික සමගියේ සංකේතයකි. එම තනතුරට සුදුසු රාජකාරී හා බලතල පැවරෙනු ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය අහෝසි කෙරේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා අත්‍යවශ්‍ය වන අධිකරණය, ‍පොලීසිය, රාජ්‍ය සේවය, මැතිවරණ කොමිසම, නීතිපති, විගණකාධිපතිගේ ස්වාධීනත්වය තහවුරු කෙරේ. ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවේ. වත්මන් සමානුපතික ඡන්ද ක්‍රමය අහෝසි කෙරේ.
3. සියලු ජන කොටස් හා දේශපාලන මත සාධාරණ ලෙස නියෝජනය වන අයුරින් නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදෙනු ඇත. වැඩි ඡන්ද ලබන පුද්ගලයා ජයගන්නා පදනම මත හැම ආසනයකටම මන්ත්‍රීවරයෙකු සිටීම තහවුරු කරමින් සමානුපාත නියෝජනයද ඇති සම්මිශ්‍රණ ක්‍රමයක් ඇතිකෙරේ.
4. පෞද්ගලික හා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ප්‍රමාණවත් පරිදි වැඩි කර පීඩාකාරී ජීවන වියදමින් මහජනයාට සහන සලසා දෙනු ඇත. කාර්මික, කෘෂිකාර්මික, වැවිලි, ධීවර හා සුළු කර්මාන්ත ආර්ථිකය වැඩිදියුණු කර දේශීය නිෂ්පාදනයට සාධාරණ මිලක් තීරණය කරනු ලැබේ. නොසලකා හැරුණු කණ්ඩායම් හා දුප්පතුන්ගේ ආර්ථික දියුණුව සඳහා ක්‍රියාකාරී සමාජ ආරක්ෂණ ජාලයක් ඇති කෙරේ. කාන්තාවන් ළමයින් වැඩිහිටියන් විශ්‍රාමිකයන් හා ආබාධිතයින් ගැන විශේෂ සැලකිල්ලක් දැක්වේ.

Tuesday, November 25, 2014

ඩුම් ඩොම් පටොම්- සජින් කුලකය විශාල වෙමින් යයි- නීති උල්ලංඝනයක්

‘‘මෛත්‍රීට ඡන්ද ඉල්ලන්න ආවොත් ගස් බැඳ ගසනු‘‘
උප ඇමැති ලක්ෂ්මන් කියයි
2014 නොවැම්බර් මස 25 14:51:26 | . , ඉන්දික අරුණ කුමාර
 
විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඡන්දය ඉල්ලා එන අයට ගස් බැඳ ගහන්නැයි කර්මාන්ත නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා නාවුලදී පැවැසීය.
ඔහු එසේ කීවේ නාඋල නගරයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ කාර්යාලය විවෘත කිරිමේ උත්සවයට එක් වෙමිනි.
තමන් ඝාතනය කිරිම සඳහාද මේ වනවිට කොන්ත්‍රාතුවක් ලබාදි ඇතැයි ද පෙරේරා මහතා කිවේය.
‘‘ කිරිවානා සල්ලිය කන්ද ආසන්නයේදි මා ඝාතනය කරන්න සැලසුමි කර තියෙනවා කියලා මට තොරතුරු ලැබි තියෙනවා.මම කියනවා අපි වෙඩි උණ්ඩයට බය නෑ. කව්රුන් හරි ඝාතනය කළොත් දාස් ගණනක් මිනිස්සු ඉන්නවා වෙඩි තියපු එවුන් ඝාතනය කරන්න.
‘මතක තියා ගන්න ගම්වලට කට්ටිය එයි ‘මම ආණ්ඩුවේ හිටියට අනික් පැත්තට යනවා මෛත්‍රිට ඡන්දය දෙන්න කියලා, මම තමුන්නාන්සෙලාට කියනවා ඒ එන එවුන්ට ගස් බැඳලා පහර දෙන්න කියලා.
ජනාධිපතිවරයා මෛත්‍රි අගමැති කර තිබුනා නම් මතක තියා ගන්න මේ ජනාධිපති සටනට එන්නේ අගමැති වරයෙක්.
අපි ලග්ගල ආසනේ සුදානම් කරලා ඉවරයි. නන්දිකඩාල් කලපුවේදි එල්. ටී.ටී.ඊ එක ඝාතනය කරන්න සැලසුම් කළාට වඩා මේ මැතිවරණය සැලැසුම් සහගතව ජයග්‍රහණය කරනවා කියලා මම තමුන්නාන්සේලාට කියනවා‘‘

IMG_3548 IMG_3555 IMG_3557
  
 අදහස්(11)  බැලූවෝ (2811)

‘‘මෛත්‍රීට ඡන්ද ඉල්ලන්න ආවොත් ගස් බැඳ ගසනු‘‘සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
චාමික 2014-11-25 09:37:27
චන්දෙ ඉල්ලන්න එන මිනිස්සුන්ට ගස් බලා ගහන්න කියල මිනිස්සු උසිගනවල, ජාත්‍යන්තර සංවිදාන වලට මැදිහත් වෙන්න පාර හදල දෙන්නේ නුගත් අය තමයි. ඊට පස්සේ කොහෙවත් ඉන්න අයට බනිනවා කුමන්ත්‍රණකාරයෝ කියල. (දී)
මිගාර 2014-11-25 09:37:55
කවුරු හරි චන්දෙ ඉල්ලුවහම ගස් බඳින ඕනෙද (දී)
චවික 2014-11-25 09:37:38
මිනිස්සුන්ට ගස් බැඳලා ගහන්න මිනිස්සු උසි ගන්නන්නේ මොකද මහත්තයෝ ඕකද ප්‍රජාතන්ත්‍ර වාදය (දී)
කුසල් 2014-11-25 09:37:38
මෙහෙම චන්ද කරන්න පුළුවන්ද (දී)
මාලිංග 2014-11-25 09:38:53
කුඩු ගෙන්නන එතනෝල් ගෙන්නන අයට ගස් බැඳ ගහන්න හිතෙන්නේ නැද්ද ඔබතුමාට (දී)
ධම්ම 2014-11-25 09:38:44
මේ ගස්බඳින මානසිකත්වය ඇති අය තමයි ජනාධිපතිතුමාව පහලට අදින්නේ. (දී)
හේමාල් 2014-11-25 09:39:25
ඒ කියන්නේ චන්දෙ ඉල්ලන්න මිනිස්සුන්ට තියෙන අයිතිය බොරුවක් (දී)
මහි 2014-11-25 09:39:27
ඔන්න ප්‍රජතන්ත්‍රවාදය චන්දෙ ඉල්ලන අයට ගස්බැද පහරදීම. (දී)
හේමන්ත 2014-11-25 09:39:55
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියල කවුරුහරි කියන්නකෝ. (ර)
දිනුෂ් 2014-11-25 09:45:06
මම මේ ඇමතිතුමාව දැක්කෙත් අදයි. පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්ද? (ර)
ඉසුරන්දි දෝහා 2014-11-25 10:01:02
ඇයි ජනතාව මේ විදිහට ප්‍රකෝප කරන්නේ වගකිවයුතු අය. ඉතින් කොහොමද සාමකාමී මැතිවරණයක් බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට පටු අදහස් දරනවානම්. (ර)


Saturday, November 22, 2014

ගෙම්බන්ට ඉනිමං - Never upset a woman- ගෙම්බාකරණය



පහත ෆොටෝ එකේ හරීන්ගෙ රෙද්දෙ
 නිල් තිබුනෙ මක්කද කියල දැනුයි තේරෙන්නෙ

සැලුන් දොර හායි ගාල ඇරල
හෝයිගාල මෙන්නෙ එනෝ
Thank you Mr Sarath N De Silva
සැලුන් දොර (දේශපාලනය ගෙම්බාකරණය කිරීම)නිර්මාතෘ-Patent Pending

මොනවද මේ උන්දල අරං එන්නෙ
ව්‍යවස්තා ගෙඩිය අරං එනව 18වන සංශෝධන පොත්ත අරින්න
එතකොට පේන්න ගන්නේ 17
Thank You Mrs CBK
For the Proof of the old saying- Never Upset a woman

18 වන සංශෝධනේ බලවත් වැරද්දක්
ඖෂධ පනතට මොකද උනේ එය හොරකම් කලේ ඇයි?
ඔබ අහනව
Thank you Maithree මෙපමණ කල් ''ඉවසීම'' පිළිබඳව
රනිල්ට බලය දෙන ජනපතිට තුතිපුදන
රනිල්ගෙ හා විපක්ශෙ පිහිටෙන් ශ්‍රීලනිපය බේරාගන්නා
ඔබගේ මේ අලුත් බලවේගෙ ගේම් එක මොකද්ද කියල බලමු!

Photo: ඊලග පිම්මට සූදානම්......ready to next jump
පිරිහෙන ආණ්ඩුවෙන් පනින්න චෑන්ස් එකක් බලමින් හිටියෙ
ඔන්න ආවා හොඳ චෑන්ස් එකක්
මහින්ද මහත්තයගෙ තුන්වන ජනපතිවරණය
මැරෙන සැටි මා පෙන්වමි- නව පිටපත-
Thank you Rajitha Senarathna


රජගෙදරට පාර වැටී තිබෙන්නේ නියර උඩින්ය
 මෝවින් සිල්ව මහත්තය කීව එක හරි වගේ



ඒ කිව් දේ බොහෝ හරි වුවත්
දයාන් ජයතිලක කියන දේවල්ඔලට
එයාම විරුද්ධ වෙන කතාවක් මං දැක්ක
මෙදා පාර  ලක්බිමේ

මැද හරියෙ ඒ මහත්තය මෙහෙම ලියනව

//මේ පෙරමුණ ශක්තිමත් වීමට නම් ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන්ම මෙයට එක්විය යුතුය. ඔවුන් ප්‍රබල ආකාරයට මෙයට සම්බන්ධ කරගත යුතුය. මේ වේදිකාවේ වෙන කවුරුවත් නොසිටියත් මෛත්‍රීපාල සිරිසේන සමග අනුර කුමාර දිසානායක සිටියොත් මේ ජනාධිපතිවරණ සටන සැබෑ සටනක් බවට පත්වනු ඇත. මෛත්‍රීපාල සිරිසේන මැදිකරගෙන දෙපැත්තේ සිටිය යුතු ප්‍රධාන චරිත දෙකක් වන්නේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කථිකයින් හා අතුරලියේ රතන, පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල ප්‍රමුඛ ජාතික හෙළ උරුමයේ කථිකයින්ය. අතීතයේ අවතාර මෛත්‍රීපාල සිරිසේනගේ වේදිකාවේ හොල්මන් නොකළ යුතුය. එමෙන්ම තම තමන්ගේ දේශපාලන වෘත්තාන්ත දීර්ඝ කතාන්දර පැවැසීමෙන් වැළකිය යුතුය//

අග හරියෙ මෙහෙමත් ලියනව

//සැබෑ ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීමට ජාතීන් අතර සුහද සංහිඳියාවක් ඇතිකිරීමට මෛත්‍රීපාල සිරිසේනට දැන් අවස්ථාව උදාවී තිබේ. යුද්ධයෙන් පසුව මේ කාර්යය ඉටු කිරීමට මහින්ද රාජපක්ෂට         නොහැකිවූයේ අන්තවාදී හා ආගම්වාදී කණ්ඩායම්වලට රැකවරණ සැපයීම හා ඔහුගේ කිට්ටුවන්තයින් විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති නිසාය. ජාත්‍යන්තර වශයෙන් ලංකාව ආරක්ෂා කිරීමද මේ නිසා අසීරු කාර්යයක් වී තිබුණි. 2009 දී ලැබූ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණ පරාජයෙන් පරාජයට ගියේද මේ නිසාය.//

පරස්පරයි නේද?





Thursday, November 20, 2014

එජාපෙට මෙවර දිනන්නට අපේක්ශකයෙක් ඕනෑකර තිබේ.- Name of the Game- සෙල්ලමේ නම මොකද්ද බලමු


මම මේ පහත පෝස්ට් එක ලීවේ 2011 ජූලි 31,

(2010 ,ජවිපෙ- ඇතුලෙ, නව වම පිට, 2014 පේන විදියට ජවිපෙ එළියෙ, අනෙක්  වම- ඇතුලෙ)

----------------------------------

හොඳට පරදින්නට ජනාධිපති අපේක්ශකයෙක් ඕනෑ කර තිබේ.!

කැපුවත් 'කොල' එක්සත් ජාතික පාක්ශිකයො මාත් එක්ක අමනාප නොවේවා!

තරුනයො කියනව වගෙ sorry වෙන්න ඕන.

ඕනෑම ක්‍රීඩාවක්, චන්ද සටනක්, පැරදුනත් හොඳ ගේමක් දීල පැරදුනොත් ඒකෙ ටිකක් ගතියක් ගෞරවයක් තියෙනව.

ලොකු සවුත්තුවක් වෙන්නෙ නැහැ.

ගිය වර සරත් ෆොන්සේක මහත්තය දැන හෝ නොදැන කලේ ඒකයි.

රනිල්ට විපක්ෂ නායකකම බේරාදීමයි.

ස්‍රීමා දිසානායකත් වරක් ඒවගේ , එනම් ගාමිනි දිසානායකගේ අභාවයෙන් පසුව චන්ද්‍රිකාට එදිරිව ඉදිරිපත් උනා.

එහෙම දාන්නෙ හොඳට පරදින්න.

පොඩියක් ඉතිහාසය දෙස බැලුවොත්.....

නැග එන අලුත් නායකයන්ගේ පාර්ලිමේන්තුවට යන පාර වැටී ඇත්තේ හිරගෙදර හරහාය.

නුදුරු අතීතයේ විජයට, වැඩියෙ දඟලනකොට එස් බීට ටද සිදුවූයේ එයයි.

අසූ තුනේ කලු ජූලියෙන් පසුව ජේ වීපිය, නව සමසමාජය, තහනම් කෙරින. ජේ ආර් කිව්වේ විජේ නැක්ශලයිට් කුමන්ත්‍රන කරුවෙකු බවය, නැක්ශලයිට් වචනය විජේ ජීවිතේට අහල නැතුවත් ඇති.

දැන් එය සරත් ෆොනේකාට සිදුවෙමින් ඇත.

සරත් කුමන්ත්‍රන කරුවෙකි, ජාති ද්‍රෝහියෙකි, මෙය සිදු වූයේ එක් රැයකිනි.

(අලුත් හා තුන්වන බලවේගවලට ඇත්තේ මාරාන්තික විරුද්ධත්වයකි, swrd, බන්ඩාරනායක, විජේවීර, විජය කුමාරනතුංග, වේලුපිල්ලේ ප්‍රභාකරන්; ජීවිතවලින් වන්දිය ගෙවා ඇත.

ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිනි දිසනායක තුන්වන බලවේග ගොඩනගපු කස්ටිය, මංගල සමරවීර ගේ පක්ශයේ අනෙක් සගයා හිටි ගමන් වාහනය අනතුරට ලක්වී නො එන ගමන් ගියා. සරත් මුත්තෙට්ටුවෙගමත් ඒ ගනයටම දාන්න පුලුවන් හිටපු ගමන් වාහන අනතුරකින් මලා.

යහපත් අනාගතයක් පැතූ උතුරේ දකුනේ ලක්ශ සංක්යාත මිනිසුන් අකාලේ මහ පොලව යට නිදයි.

මම මේ මතක් කලේ ලංකාවේ දේශපාලනය ගමන් කරන්නේ යම් රටාවකට බව කියන්නය.)

උතුරෙ ඡන්ද ටික මාර්කට් එකට ආව ඇරෙන්න රනිල්ට ඊලඟ වර ජනාදිපති තරඟෙදි ගහන්න ලොකු තුරුම්පුවක් නැහැ.

හැබැයි තව එකක් එලියට ආවා ඊයෙ පෙරේද, එනම්:

යුද්ද අපරාධ වලින් ලංකාන්ඩුව බේරෙන්නෙ රනිල් මහත්තය රෝම ගිවිසුම අත්සන් නොකල නිසා;

එතකොට කවුද ලොකු මොලකාරයා, සජිත්ද? කරූද? රනිල්ද?

දේශපාලනේ හෙවත් රට පාලනය ලේසි කෙලියක් නොවේ!

යූ එන් පියේ පැරනි රෙකෝඩ් එක දෙස බලනවිට, බලයට, කොමිස්වලට, පිටරට සවාරිවලට, විශ්‍රාම වැටුපට සහ
පාර්ලිමෙන්තුව හා බැඳුනු වරප්‍රසාදවලට කෑදරව පාර්ලිමේන්තු යන්න දඟලන අය සංඛ්යාවෙන් වැඩි බව රනිල් තුමා දනී.

කචල් එකක් එනවයි වගේ පෙනෙන විට එතුමා රටින් පැනගනී, රනිල්, එංගලන්තෙන් ඇමරිකාවෙන් උපදෙස් ගෙන ලංකාවට සම්ප්‍රාප්තවන විට බොරු රැඩිකල් කට්ටිය මහින්ද ලඟට ගොස්ය.

(එතකොට තව ටික කාලයක් ප්‍රශ්නය කල් දාන්න පුලුවන)

එහෙම ගිය යූ එන් පියේ කී දෙනෙක් දැන් මහින්ද ලඟද, ඒ මගින් එතුමා කරන්නේ පක්ශය 'පිරිසිදු කිරීමයි' ඒ නිසා කැපුවත් කොල කට්ටියට තම ශුද්දවු අභිප්‍රායන් සපුරාගන්නට තව ටිකක් ඉවසන්න වෙනවාය.

ඒ ඉවසන එක වටිනවාය, මන්ද ඔහුගේ 'අභිප්‍රාය' 'පිරිසිදු මිනිසුන්ගෙන්' පිරි එජාපයක් නිර්මානය කිරීමයි.??

ගෝනවල සුනිල්ලා නැති සොත්ති උපාලිලා නැති නාවල නිහාල්ලා නැති නිදහස් අදහස්වලට ඉඩ ඇති පත්තරකාරයන්ට පාරාදීසයක්, වධකාගාර නැති, පුන්චි Shree ශ්ස්‍රී හොං කොං දේසයක් බිහිකරන්නටයි ඔහුගේ පැතුම! ????

බලන්න කොහොමද රනිල් මහත්තයගේ ගේම කියල!

මහින්ද එලවන අය රනිල් ගන්නවාය, රනිල්ගෙන් වැටෙන අය මහින්ද ගන්නවාය, සෙල්ලමේ නම ඒකය, එයට කරූ ආවාය, සජිත් ආවාය කියා ගේම් එක වෙනස්වන්නේ නැත.

බුද්ද ශාසනේට, ක්‍රිස්තු සාසනේට, හින්දු කෝවිලට මුස්ලිම් පල්ලියට පැවරී තියෙන්නේ, ලංකාවේ මේ ගේම් එක සාවදානව බලාගෙන ඉඳ දෙපසටම පිරිත් නූල් ආදිය බඳින්නටය, bless කරන්නටය, ඊට අමතරව බිලියන් පති සායි සමාගමද සිටී.

වැඩියෙම කෑ ගහනවා නම් පාර්ලිමේන්තුවේම පිරිත් නූල් අංශයක් විවෘර්ත කර ඇති බැවින් එයට සම්බන්දවන්නටද අවස්තාව සැලසිය හැක.(අමතරව තව ක්‍රිකට් අංශද, නලු නිලි අංශද විවෘර්ත කර ඇත)

ජේ ආර් කිව්වෙත් ඒකය, ටෙනිස් ගහනකොට මම බෝලය ඒ පැත්තට දානවාය, සිරිමාවෝ මැතිනිය මේ පැත්තට දානවාය, කියලා, එතකොට ජේ ආර් ආන්ඩුව ව්සින් සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතියද අහෝසි කරලාය, 75 දී පාර්ලිමේන්තු කාලය නීතියක් නැතිව අවුරුදු දෙකකින් දික් කිරීමේ වරදට.

වාමාංශිකයි කියන අය මහින්දගේ සාටකයේ එල්ලිලාය.

අනෙක් මාක්ස් වාදීන් කියාගන්නා ටික අන්ද මන්දය, තටු හැලුනු පක්ශීන් ගානය. අන්ඩර් කොන්ට්‍රෝල්ය.

එල් ටී ටී එක කපූත්ය, දැන් ඒ චන්ද ටිකත් මගේය.

කුමට බයවෙම්ද?

ඇන වැදුනත්, මිනි මැරුනත් අපේ සහෝදරියෝ අවෂ්ය විදේශ විනිමය ටික මැද පෙරදිගින් එවන්නෝය.

ජනතාවට හෙන හතක් ගැසුවත් විපක්ෂ නායක මම වෙමි.

මේ තරම් ජොලි කාලයක් ලංකාවේ ආයි කවද එයිද?(ඊලඟ කුලල් කෑම එනකම්)

කුමක් හෝ කරනමක් ගසා දේශපාලන ගමනේ දුර ගෙවාගන්නයි දැන් තියෙන්නෙ,

ඊලඟ ජනාධිපති අවස්ථාව එනකම්!

එතෙක් නංගිලට මල්ලිලට Bracelet වෙනුවට වෙන මොනව හරි ගුලියක් අඹරන්න රනිල්ට සිදුවෙනවාය.

හැබැයි කොයි කෙරුවාවත් හැමදාම බැරිය කියල ලොක්ක දන්නව.

යසලාලක රජ්ජුරුවෝ සහ දොරටුපාලයා රජවූ කතාව ගැන රනිල් අපිට වැඩියෙන් හොඳින් දන්නව ඇති.

පිරිමින්ට විස්කි, අරක්කු හා කසිප්පුද ගෑනුන්ට ටෙලි නාට්යද තිබේ,

බඩට බාගෙට කා පිරිත් අසා, ටෙලි නාටය බල බල නටමු! නටමු!

ඊලඟ දේශපාලන කුලල් කා ගැනීමේ නාටකය එනකම්!

Thursday, November 13, 2014

ඩිලාන් පනී කියල බලන්නද පැනපු පබා දැම්මෙ?


ඩිලාන් - විදේශ රැකියා ඇමතිව මොනිටර් කරන්න පබාව දාල
මෙයාව නම් මොනිටර් කරන්නම ඕනෙ.
රිසානගෙ කේස් එකත් අනාගත්ත කෙනානෙ මේ.

පබාට අනුව එනම් ගෘහ සේවිකාවකගේ දියණියක් ලෙස  මැද පෙරදිග ජීවත් වූ කෙනෙකු හැටියටත් සොයා ගත් කරුණු අනුවත් ඒ රටවල අපේ සේවිකාවන්ට ඇති ප්‍රශ්නයක් නැත.
ඇය කියන පරිදි, 
එනමුත් ප්‍රශ්න තිබේ. ඒත් ප්‍රතිශතයක් ලෙස ඉතාම සුලුය.
සමහර ප්‍රශ්න ඇතිවන්නේ අසනීප ඇති අය  බොරු වෛද්‍ය සහතික ඉදිරිපත් කර රස්සාවට ගොස් එය කරගන්න බැරි වීම නිසාය.
ප්‍රශ්නවලින් එය කුමන ප්‍රතිශතයක්දැයි ඇය කියන්නේ නැත.

මනුස්ස ජීවිත පිළිබඳ ප්‍රශ්න ප්‍රතිශත වලින් ගනන් බැලීම මහ අමනුස්ස වැඩකි.
මේ ගණිත සංකල්ප සොයාගත් මිනිසුන් සිටියා නම් දිවිනසාගන්නවා ඇති. පරමාණු ශක්තිය සොයා ගත්තේ පරමාණු බෝම්බ හදන්නට නොව මිනිස් ශිෂ්ඨාචාරය ඉහල නංවන්නයි. මිනිස් ජීවිත පහසුකරන්නයි.
බුදු දහම රැක ගන්නයි කියා මිනිස්සු මරනවා කියන එකත් ඒ වගේ.

මේ ප්‍රතිශත වලට උත්තරයක් මා කලිනුත් දී තිබේ.
ඔබ හැමදාම නිදාගන්නේ නීත්‍යනුකූල සහකරුවා සමගයි.
ජීවිතයට එක් දිනක් වෙන කෙනෙකු හා නිදාගත්තොත් ප්‍රතිශතයක් ලෙස ඉතාම කුඩයි.
ඒත් ඔබට සමාවක් ලැබේද?
මැද පෙරෙදිග ගොස් අම්මා එනතුරු බලාසිටින ළමයින්ට ලැබෙන්නේ හිසට ඇණ ගසා, සිරුර පුච්චා, යෝනිමාර්ගයට කම්බි යවා එන  අංගවිකල මානසික රෝගියෙකි.
දිනකට එක් අයෙකුට මෙවැනි අමානුශික වදහිංසාවලට ලක්වෙන බව ප්‍රතිශත අනුව පෙනේ.
මේවා ප්‍රතිශත වලින් වසා දැමීම පබා වැනි ස්ත්‍රියකගෙන් බලාපොරොත්තු වන්නට පුලුවන්ද?
 රාවණා බලයෙන් විදේශ රැකියා ලොක්කාගේ කාර්‍යාලයට පැන්නාට සරිලන උත්තරයක් වූවාට වහල් සේවයේ අමානුශිකත්වය ගණන් කෑලිවලින් වසා දැමිය නොහැක.
ඒ රටවල තුන්සරණක් නැති නිසා අභසරණ තමයි පතන්න වෙන්නේ
පැවිද්දෝ අර්බන්urban-නගරං ටෝක්ස් දෙති
ගිහියෝ බණ ---

Tuesday, November 11, 2014

සිංගප්පූරුවෙන් ටෙලිගිරැන් එකක්



පාර අතුගානව වගේ 
දෙතුන් දෙනෙක් හෝටලේ ලඟ කැරකෙනවා
වෑන් දෙක තුනකුත් එහා මෙහා යනවා
කෙසේ වුවත් තවම තීරනයක් නෑ.
 ඉක්මනින් එනවා.
මීට 
මංගල 
සිංගප්පූරුවේ සිට

Thursday, October 30, 2014

යන්තම් ඇති ...ආණ්ඩුව ...අටට බහින එකක් නෑ

හොරු අඩු පින්තූරයක්...
හරින්ගේ ඇඳුමෙ නිලුත් තිබේ.. ඒ මක්කද??
සැලුන්දොර කොහෙදෝ?
----------------------




මහින්ද  කල් ඉකුත් වෙන්න කලින්ම ජනපති තනතුරට තුන් වෙනි වරටත්  ඉල්ලුම් පත්තරේ දාල.
රටට සේවෙ කරන්න කොතරම් තදියමක් අපේ නායකයයිනට තියේද;
සිය ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් ගිලිහෙන බව දැනී ඇත්ද
 කියල මේකෙන් පේනව.

ජනවාරියෙ ඒ යයි කියන ජනපතිවරණෙ හේතුවෙන්
සමසමාජෙ දෙකට බෙදිලලු. 
කොටසක් මහින්දට- කොටසක් ස්වාධීන
ඒකත් හොඳ ගැලවිජ්ජාව.
අනේ හොඳයි.
18ට අත ඉස්සුව එකේ ලජ්ජාවක් තියෙන අය සමසමාජෙ තවම ඉන්නව.!

වාසු කියන්නෙ යූ එන් පියට විරුද්ධ අපේක්ශකයාට එයා සපෝර්ට් කරනවාලු
හෙල කරුමෙත් හෙල්ලිලා
රාවණා සී සී කඩ
විමල් එලියට පනින්න වගේ ගිහිල්ල ආයිත් ඇතුලට
ඥාණසාර හිමිගෙ තාලෙ විපරීත අමුතු වෙමින් යනවා

නව සමසමාජෙත් දෙකට කැඩිලලු.
විමල්ගෙ නිවුස් වෙබ් එකයි එහෙම කියන්නෙ.
මාධ්‍යයවලින් බාහුව උඩ දානකොට මට හිතුන
ලොකු ගිණි ගෙඩියක් දෙන්න තමයි යන්නෙ කියල.

"බාහු- රනිල්ට; දේශපාලන මණ්ඩලය- වමේ පොදු අපේක්ශකයට''
එහෙම තමයි ඉන්න ඕන....
පවුල බෙරගන්න ඕන නම් අම්ම ස්‍රී ලන්කා තාත්ත යූ එන් පී පුතා ජේ වී පී දුව - කොමිනිස්, ආච්චි හෙළ උරුමය වගේ.

රටේ ව්‍යවස්තාව, අම්මට ඕන විදියටයි, තාත්තට ඕන විදියටයි කියා දෙන ළමා කතාවක් බවට පත් කර ඇති මේ වෙලාවේ දේශපාලනේ ප්‍රධාන මාතෘකාවෙන් පීලි නොපැන යායුතුයි. වමේ පොදු අපේක්ශක කතාව දකුණු කකුලෙ ලෙඩේට වම් කකුලට බේත් බඳිනව වගේ වැඩක්.
මොනව කලත් ඒ අය -නසසප-  ආණ්ඩුවලට එකතු වෙනවද නැද්ද කියන එකයි ප්‍රධාන.
ඇමරිකාවේ ඔබාමගෙ පක්ශෙ තරම්වත් ලංකාවේ එකම පක්ශයක් වාමාංශික නැති එකේ....?

1984 පෑලියගොඩ නගර සභාවේ තිබුනු නසසප මහ පක්ෂ සමේලනයේදී ප්‍රධානම මාතෘකාව වී තිබුනේ එකල බිහිවූ විජේගේ මහජන පක්ශයේ පංති පදනම් හා එක්සත් පෙරමුනු උපායයි. එහිදී සිරිතුංග ජයසූරිය හා පිරිස කැඩී වෙන් වෙනව. මහිතනව එහිදී එක්සත් පෙරමුණු උපාය වෙනුවෙන් පෙනී සිටි වාසු ඉතා ඉහලින්ම ඒ උපාය ක්‍රියාවට දාල තියෙනව. මුස්ලිම් සහෝදරවරු යූ එන් පිය හා එක් වී ඒ ක්‍රියා කරගෙන යනව. නසසපයේ දේශපාලන මණ්ඩලය ශක්තිමත්ද ඒ අය සිය නැවත  සිය මේසය වටේට ඉඳුවා සමාලෝචනයක් ගැනීමට. ඒ අත්දැකීම් පක්ශයේ දියුණුවට යොදාගැනීමට
මිය ගිය මරාදැමූ සිය දිවිනසාගත් සාමාජික හා ඒ පවුල්වල අය වෙනුවෙන් සිය එක්සත්බව පෙන්වීමට

ලංකාවේ ආණ්ඩු බලය ගැන කතාකරනව නම්
ප්‍රශ්නෙ තියෙන්නෙ යූ එන්පිය බලය ගන්න ලෑස්තිද කියන කාරනාව මතයි කියල මට හිතෙන්නෙ.
සුද්දවලට කැමති අය ලව්ව සුද්ද කිරීමේ කටයුතු කොලාට පස්සෙ සුද්ද වගේ ඇවිත් වාඩි වෙන්නයි දැන් රනිල්ට තියෙන්නෙ

මට අවංකවම භය ආණ්ඩුව පැරදී ප්‍රතිපත්ති විරහිත යූ එන් පියට විශාල බලයක් ලැබේවිද කියලයි. ඒත් 77 සිදු වූ වම ආණ්ඩුවෙන් සහමුලින්ම ගැලවී එලියට යෑමක් මෙවර සිදුවන්නේ නැති නිසා ඒ ගැන භයවන්න කාරණා නැත. සමසමාජ ඇට්ටර සෙට් එක ආණ්ඩුවට සපෝර්ට්. 
වාසු සපෝර්ට්. 
ඩියු සපෝර්ට්.
 විමල් සපොර්ට්. 
අන්තිමට රතනත් කැරකිල එයි එතනට.

ඒ නිසා අටටම බහින එකක් නෑ.

යුද්ධය වෙනුවෙන්

සෝමෙ ඇරඹූ
රතන ඉදිරිය ගෙන ගිය
නානේ ඇනූ
මඩකලපුවෙ තෙර
වලට දැමූ
සිවුර විකිණීමේ ව්‍යාපාරය අතරමං

කෙසේ වෙතත් මේ අවසාන අවධියයි.
ජාතික ඇඳුමයි කියන,
 සාමාන්‍ය ගමේ මිනිසා විශ්වාස කරන
ජාතික ඇඳුම ඇඳ ජාත්‍යන්තරයට ගියාට, 
මාතර කතරගම දුම්රිය  මග දානවාට,
පොදු ගොඩනැගිලි වටා තාප්ප කටු කම්බි වැටවල් කඩා විවෘත කලාට
සිවුර විකිණීමේ ව්‍යාපාරය එළිදරව් කලාට
ජාතික ප්‍රේමය දේශීය අනන්‍යතාව දේශප්‍රේමය විකිණීම එළිදරව් කලාට
ලොකු ලොකු කයිවාරුකාරයින් මුදලට කුක්කන් කල හැකි බව ඔප්පු කලාට
සිංහල ජනපදනම තුල දේශප්‍රේමී ඡන්ද ස්වල්පයකට හිමිකම් කියන ජවිපෙය රට කාට ගියත් එය නැතිකරගන්නට සූදානම් නැතැයි පෙන්නා දුන්නාට

හා අවසාන වශයෙන්

හොඳින් හෝ නරකින් යුද්ධය ඉවර කලාට තුති.

ඔබගේ අය වැය කවිය ඔබ තුල ජීවත්වන අතීත කාමියාගේ අවංක හද ගැස්මේ ප්‍රකාශනයයි.

දැන් ඉතින් හරීන්, හර්ෂ, අනුර කුමාර, සමන්තලා, සජිත්, යෝශිතලාගේ කාලයයි.
එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.



Saturday, October 18, 2014

1978න් පසුව ඉපදුන අයට ඔය ශිෂ්ඨත්වය කියන්නෙ මොකද්ද?

වික්ටර් අයිවන් ලියල තිබුන ලංකාවේ තිබුනු ශිෂ්ඨ සමාජය 1978න් පසුව විනාශ උනා කියල. ශිෂ්ඨ සමාජය නැවත ගොඩ නගන්න ඕනෙ කියල. වික්ටර් විසින් මතුකරන ලද කාරණාව වැදගත්. ඒත් මේ ශිෂ්ඨත්වය අර්ථදැක්විය යුතුය.



1978න් පසුව ඉපදුන අයට ඔය ශිෂ්ඨත්වය කියන්නෙ මොකද්ද?



උදේ සිට රෑ එලිවනතුරු පන්සලේ ලවුඩ්ස්පීකරේ දැම්මාට කමක් නැත.

වැරද්දකට රජයේ සේවකයෙක් ගහක බැන්දාට කමක් නැත.

ආයුධ පෙන්වන්න ගොස් වෙඩි කන සැක කරුවන් වෙඩි කෑම වෙන්නම් ඕන දෙයක්.

හොර ඡන්ද දැමීම සාමාන්‍ය දෙයක් එය දිනන්න නම් කල යුතු දෙයක්. එහි වරදක් නැත.

Image result for images of political killings in sri lanka 1988

ඒ පස්සෙට වැඩ කලා නම් අනිවාර්‍යෙන්ම ආණ්ඩුවේ රස්සාවකට හිමිකම් කියයි.

බොරු කීම- බොරු ඡන්ද පොරොන්දු- ඇත්ත කීවොත් මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැති නිසා බොරු කීම වරදක් නොවේ

ස්ත්‍රී දූෂණය- මාවින් මහත්තය කීවෙත් ගෑණු ළමයින්ගෙ වරද නිසා තමයි මේ දේවල් වෙන්නෙ. 

වාරියපොල නංගිගෙ පස්සෙන් ආපු සෙල්වත් කීවේ ඒක.

මරක්කලයින්ගෙ පැත්ත ගන්න එවුන්ගෙත් සුන්නත් කරන්න ඕනෙ
Image result for images of political killings in sri lanka 1988

සියලුම මරක්කලයෝ
 ජිහාඩ්, තලේබාන් කාරයෝය.

සියලුම දෙමෙල්ලු කොටිය.

දොස්තරවරුන් පුද්ගලික සායන පැවත්විය යුතුමය.

පගා ගන්නේ නැතිව ජීවත් වෙන්නේ කෝමද

පස්ස පවු ල ට එරෙහි වන්නෝ රටට විරුද්ධවන්නෝය. මුන් දේශද්‍රොහියෝය. මරණය ඇර වෙන දඬුවමක් මුන්ට නුසුදුසුය.

මිනිමැරීමට වඩා හරක් එලුවන් කුකුලන් මැරීම පව්ය.


වරප්‍රසාදයක් ලෙස ලැබෙන බදු සහන ලැබෙන වාහන විකිණීම කමක් නැත.

මැදපෙරදිග ගොස් කුස්සිවල වාල් සේවයට යන්නට වෙන්නේ ඉහත ආත්මයේ කල පව් නිසාය. ඔය යන ගෑනුන්ගේ ඔලුවලට ඇණ වදින්නේ උන් කල පව් නිසාය.

තාත්තා පාර්ලිමේන්තුවේ නම් පුතාට පලාත් සභාව අනිවාර්‍යයෙන්ම අයිතිය.

ලොක්කන්ගේ දරුවන් ඔය පොඩ්ඩක් විභාගය එහාට මෙහාට කරලා නීති විභාගය සමත් උනාට මොකද?

ඇමතිවරුන් මහ ඇමතිවරුන් රූපවාහිනි වේදිකාවලදී ගහගන්න එක වෙන්න ඕනම දෙයකි.

Image result for images of political killings in sri lanka 1988

බාර් ලයිසන් ලැබෙන්න ඕනා පලාතේ මන්ත්‍රීට හා පවුලේ අයටය.

ගුරුවරු පාසලට වඩා පුද්ගලික පන්තියෙදී හොඳට ඉගැන්වීමේ වරදක් නැත.

පොලිසියේදී සැකකරුවන්ට වදදීම කෙරෙන්නම ඕන දෙයකි

ළමෙක් හොඳ ඉස්කෝලෙකට දාගන්න නම් ළමයා කුඩා කල බොරු කිය යුතුමය. එය පවක් නොවේ. බලධාරීනට පගාදීම කල යුතු දෙයක්මය.


මෙය කියවූ ඔබට කියන්නට තව බොහෝ දේ ඇති කරුණාකර එකතුකිරීම් කරන්න.
http://en.wikipedia.org/wiki/List_of_assassinations_of_the_Sri_Lankan_Civil_War