Followers

Tuesday, January 7, 2014

හෙළ ඔසී මචංලාට ආදරයෙනි!

මට මිතුරෙකුගෙන් ලැබුනු ලිපියකි, කතෘ  දීප්ති. පහත පින්තූරය දැම්මේ මා විසිනි.

මචං චිත්‍රපටයේ දර්ශණයක්


චං ච්ත්‍රපටියේ අවසාන ජවනිකාවට අනුව අපට දෙන පණිඩිවය වන්නේ මොන ගේමක් හරි ගහලා මේ රටින් පනින්න කියන එකයි. මොකද ලංකාවේ ජීවත් වන ගොඩක් අය සිහින දකින්නේ මීට වඩා හොද වෙනත් රටකට ගොස් ජීවත් වීමටයි. මේ වන විටත් ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන් ගණන ලක්ෂ 13 කට ආසන්න වෙනව. මේ අතරින් ඇමරිකාව, කැනඩාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව, ජපානය, සයිප්‍රස්, ප්‍රංශය,ඉතලිය සහ මැදපෙරදිග කලාපයේ රටවල් ගණනාවක් ප්‍රමුඛ වෙනව. මේ අකාරයෙන් මේ රටවල ජීවත් වන ශ්‍රී ලංකිකයන් ගේ ජීවන දර්ශණය ඇසුරින් ලංකාවේ වෙසෙන අයට ඉගෙන ගන්නට ඇති දේ කුමක්ද? මේ රටවල වෙසෙන බහුතරයක් ලංකිකයන් (රැකියා සදහා ගිය අය,අධ්‍යපනය සදහා ගිය අය,පදිංචිය සදහා ගිය අය) ඒ රටවල ගතින් ජීවත් වූවාට මනසින් ජීවත් වන්නේ ලාංකිකයන් විදිහටයි. මේ නිසා තමයි ගොඩක් වෙලාවට මේ අයගේ හැසිරීම් සහ ක්‍රියාකාරම් ඇසුරින් මෙ අයගේ අවිඥාණක ආශාව මොකක් ද කියන දැන ගන්න පුළුවන් වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සිංහල බෞද්ධ ලාංකිකයෙකු හැම විටම කල්පනා කරන්නේ විදෙස් රටේ ඉන්න ගමන් වඩාත් හොද ලාංකිකයෙකු වන්නේ කොහොමද කියන එක ගැන විතරයි. මේ නිසා මේ රටවල ඉන්න සිංහල බෞද්ධ අය එකතු වෙලා ශ්‍රි ලාංකිකයන් ගේ සංගම් හදාගෙන තියෙනව. මේ සංගම් වලින් කරන්නේ වාර්ෂිකව කැලැන්ඩර් මාසය වලට අනුව ලාංකීය විදිහට විවිධ වැඩ සටහන් කරන එක තමයි.
මේ අය අලුත් අවුරුද්ද ලබන විට සිංහල ක්‍රමයට කිරිබත් උයනව,සිංහල අවුරුද්දට අවුරුදු උත්සව තියෙනව.අවුරුදු කුමාරියන් තෝරනව, කඹ අදිනව, කාලෙන් කාලයට ලංකාවේ ඉන්න ගායක ගායිකාවන් ගෙන්වලා සංගීත ප්‍රසංග පවත්වනව. වෙසක් කාලෙට දන්සැල් දෙනව, බණ කියනව,ලොකු පන්සල් හදාගෙන ඒවායේ භාවනා කරනව,බෝධි පූජා තියෙනව, විවිධ ප්‍රසංග පවත්වනව.මේ අකාරයෙන් මේ අය අවුරුද්ධ පුරාම තමන් ලාංකිකයන් කියන එක තමන්ටත් අමතක වෙයි කියලා හිතල වගේ අඛණ්ඩව සිංහල බෞද්ධ ලාංකිකකම රැක ගන්න විවිධ දේ කරනව. ඒ නිසා මේ අය දිහා බැලූ බැල්මට අපට පේනේනේ මේ අය ලංකාවට මාර ආදරේ ලංකාවට තමන්ගේ අම්මා තාත්තටත් වඩා ආදරය කරන මව්බිම නැත්තම් මරණය වෙනුවෙන් සටන් කරන්නට පුලුවන් පිරිසක් කියලයි.
ඒත් මේ අයගේ අවිඥාණක දෘෂ්ඨියට අනුව ලංකාව ගැන මේ අය හිතන්නේ කොහොමද? අප්පෝ ලංකාව කියන්නේ මිනිස්සුන්ට ජීවත් වන්න පුලුවන් රටක් නෙවි, හොරමැර දූෂණයෙන් පිරුණ හොර ගුහාවක්, මිනිස්සු ජීවත් වන්නේ සත්තු වගේ, මේ රටවල වගේ නෙවි පොලිස්කාරයාගේ ඉදන් ග්‍රාමසේවක වෙනකම් හැම කෙනාම පගාව ගන්නව,පොඩි දරුවන්ව දූෂණය කරනව, තාත්තලා,බාප්පලා,සීයලා අවුරුදු හත අටේ පොඩි දරුවන්ව දූෂණය කරනව,පාරවල් වල මිනිස්සු මරනවා, මිනිස්සු අතුරුදහන් වෙනව, බඩු මිල අහස උසට නැගලා හිගා කලාවත් ජීවත් වෙන්න විදිහක් නැහැ, අධ්‍යපනය මුලුමනින්ම පිරිහිලා, සෞඛ්‍ය සේවය ගැන කතා කරලා වැඩක් නැහැ. පාරවල් වල යන්න බැරි තරම් තඩි වලවල් තියෙනව, දෙමළ මිනිස්සු බුරුතු පිටින් අමු අමුවේ මරා දානව,ඒ අර්ථයෙන් ගත්තහම යුරෝපයේ හෝ බටහිර වෙනත් රටක ජීවත් වන මිනිසෙකු ගේ දෘෂ්ඨිකෝණයට අනුව ශ්‍රී ලංකාව කියන්නේ මිහිපිට අපායක්. ඒ වුනාට ඒ අය අපට පෙන්වන හදන්නේ ඒ අය දන්න මේ යථාර්ථය නෙවි.  ලංකාවේ ඇත්තටම රට ගැන හිතලා මේ රට අප්සට් කියලා තේරුම් අරගෙන කවුරු හරි ඊට විරුද්ධව කතා කරන කොට මේ පිටරට වල සිංහල බෞද්ධ අය ඔන්න කියන්න ගන්නව. මේන්න අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රනකාරයෝ රට පාවාදෙන්නෝ කාලකන්නි යක්කු වසර දෙදහස් පන්සියක බෞද්ධ උරුමය විනාශ කරන්න ආපු රාක්ෂයෝ කියලා. පස්සේ මේ අය තමන්ව හදුන්වා ගන්නවා සිංහල ඩයස්පෝරා එක කියලා.
ඇත්තටම දෙමල ඩයස්පෝරා එක කියන්නේ මේ රටේ ජනවාර්ගික අර්බුදය නිසා අසාධාණයට ලක් වෙලා තමන්ගේ ගෙවල් දොරවල් නැති වෙලා දේශපාලන සරණාගතයන් විදිහට ඉන්න අය විසින් හදා ගත්ත සංවිධානයක්. ඒ අය සටන් කරන්නේ තමන්ගේ නැතිවුණ අයිතිවාසිකම් යළි තහවුරු කර ගන්නයි. ඒ වුනාට සිංහල ඩයස්පෝරා කියන අය කියන්නේ කවුද? මේ අය කියන්නේ හුදු සල්ලි හම්බ කිරීමේ පරමාර්ථයෙන් මොන විදිහේ ගේමක් හරි ගහලා පිටරට ගිය කට්ටියක්. මේ අයට ලංකාවට එන්න යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන පිරිසට තමන්ගේ කියලා රටක් නැහැ. මේ සිංහල අය මොනවද මේ විදිහට පිටරට වෙලා කරන්නේ. උදේ ඉදන් රෑවෙනකම් සල්ලි හම්බ කරන්න වහල්ලු විදහට වැඩ කරන එක විතරයි. ලංකාවේ දී මහා ඉහළින් තමන් අහවලා අහවලා යැයි හදුන්වා ගත් අයිඩෙන්ටි කාඩ් ලයිසන් චණ්ඩි වුණ විවිධ වෘත්තිකයන් ඒ රට වල වහල් ශ්‍රමිකයන් විදිහට කිසිම ලැජ්ජාවකින් හිරිකිතයකින් තොරව වැඩ කරනව. මේ නිසා තමයි රංජන් රාමනායක වගේ අයට ඇමරිකාවේ ප්‍රෙට්රල්  ෂෙඩ් වල නළුවෙක් විදිහට තෙල් ගහන්න පුලුවන් වන්නේ. සමහර නිවේදකයන්ට ඇමරිකාවේ ගිහින් නිවේදකයන් විදිහට පිගන් හොදන්න පුළුවන් වෙන්නේ,සමහර නීතිඥයන්ට ඕස්ට්‍රේලියාවේ තෝසේ කඩවල නීතිඥයන් විදිහට පිටි අනන්න පුළුවන් වෙන්නේකැමති නම් මේ ලැයිස්තුව තවත් දික් කරන්න පුළුවන්. ඒ වගේම මේ රටවල ඕනම රස්සාවක් කරලා වහල්ලුන් වගේ ශ්‍රමය විකුණලා අන්තිමට මේ අය සිහින මවන්නේ කුමක් සදහ ද? ලංකාවට ඇවිත් ලොකු ගෙයක් හදලා ( මේ වගේ අය ගෙවල් හදන්න තෝර ගන්නේ විශේෂයෙන්ම නුවර වගේ පාළාත්. වෙලක් අයිනේ නිංස්කලංක පරිසයක, ගැමි සුවද හමන, ගොයම් කරල් කතා කරන, වැස්සියන්ගේ නැවුම් එළකිරි සුවදින් පිරුණ, හෙන්දිරිකා මල් සුවද හමන, සුන්දර පරිසරයක් ) ජීවිතයේ සැදෑසමය ගතකරන එක තමයි මේ අයගේ අරමුණ. මේ විදහට කාලෙන් කාලෙට ලංකාවට ඇවිත් ලංකාවේ අභිමානය ගැන අපේ රටේ ගැමි මිනිසුන්ගේ මනුෂ්‍යත්වයේ ගුණසුවද ගැන කතා කරන අධිරාජ්‍ය විරෝධී මහාචාර්යවරුන් පිරිසක් ඉන්නව. මහාචාර්ය ගණනාථ ඔබේසේකර, මහාචාර්ය සිරී ගුණසිංහ, මහාචාර්ය විමල් දිසානායක වගේ අය තමයි මේ අතරින් ප්‍රමුඛයන් වන්නේ. අනිත් අතට නාසා ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරයෙක් විදිහට වැඩකර භෞතික විද්‍යාඥයෙක් වන මහාචාර්ය සරත් ගුණපාල වගේ අය පවා ලංකාවට ඇවිත් මෝඩ පත්තරකාරයන්ට හරි තක්කඩි ටී.වී කාරයන්ට හරි බැරෑරුම් කියලා හිතන ඉන්ටර්විව් ලබා දෙනව. මේ හැමෝගෙම ප්‍රාර්ථනවා ලංකාවට අන්තිමට එන එකයි. හැබැයි මේ අය දන්නව දැන් ලංකාව හරිම අප්සට් රටක් ජීවත් වෙන්න සුදුසු නැහැ කියලා. ඒ නිසා මේ අය හිතන් ඉන්නේ කවදා හරි දවසක මේ රට ඉර්දි ප්‍රාතිහාර්යකින් මනුෂ්‍යවාසයට සුදුසු රටක් විදිහට හැදුන දවසක තමන් හම්බ කරපු සල්ලි ගෝනි පිටින් ගෙනත් කරදයක් නැතිව ජීවත්  වෙන්නයි.
මේ අයගෙන් බහුතරයක් දෙනා තමන්ගේ ළමයින්ට බොහොම කැමැත්තෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය උගන්වන්න උත්සහ කරනව. ඒ නිසා තමයි අපි දකින්නේ ලන්ඩන් බෞද්ධ විහාරයේ සිල් සමාදන් වන ළමයින්ව.හැබැයි මේ ළමයින්ට ඇත්තටම දෛනිකව ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ ඊට හාත්පසින්ම වෙනත් සංස්කෘතියකයි. ඒ නිසා මේ ළමයින් අනාගතයේ දී මොන ආකාරයෙන් අමුතු සත්තු වර්ගයක් වේද කියන එක අපිට කියන්න බැහැ. හරියට හයිබ්‍රිඩ් කාර් අරගත්ත අය වගේ අවුරුදු පහකට පස්සේ මේ කාර් එකට මොකක් වෙයිද කියලා කවුරුවත් දන්නේ නැහැ. මොක වුනත් වෙනදේ භාරගන්න ලෑස්ති නිසා මේ අයට ගැටළුවක් නැහැ.
ලංකාවෙන් පිටරට පදිංචියට ගිය සිංහල බෞද්ධ දෙමාපියන්ගේ ළමයින්ට සිද්ධ වෙන්නේ පන්සල් යන්න,අවුරුදු උත්සව වල අවුරුදු කුමාරියන්ට අදින්න, වෙසක් දවසට භක්ති ගීත කියන්න වගේ ලංකාවේ පාසල් ළමයින්ට බලහත්කාරයෙන් කරන්න සිද්ධ වෙලා තියෙන දේවල්ම තමයි. මේ නිසා මේ අය සංස්කෘතීන් දෙකක් අතර දෝලනය වෙනව. ඔස්ට්‍රේලියාවේ පංදිච් ලාංකිය ළමයින් සිඩ්නි ඔපෙරා හවුස් එකේ ඔපෙරාවක් රස විදින්නේ කොහොමද කියන එක දැන ගන්නවට වඩා උනන්දු වන්නේ අඩු මුදලට සිඩ්නි වලට ගෙන්වන ලංකාවේ ජොලි සීයගේ සිංදු අහන්නයි. බීතෝවන්,මොසාට් වගේ අයගේ සංගීතය රස විදිනව වෙනුවට මේ අයට අහන්න වෙන්නේ නන්දා මාලනිගේ සිංදුයි. යුරෝපයේ දැවැත්ත සංගීත ප්‍රසංග රස විදිවට වඩා මේ අයට වෙන්නේ අපේ රටේ ෆැලැෂ් බෑක් සජීවි සංගීත ප්‍රසංග නරඹලා සියරට දේ සිරිසැප දේ කියන්නයි. මේ ගොඩක් ළමයින්ට දෙමාපියන් නම් තියන්නේ චාල්ස් බණ්ඩාර, ටීනා තිසරණි, මිෂෙල් ආර්ය්‍යා  …( මේ නම් ලැයිස්තුව ඔබ කැමති තරම් දික්කර ගන්න)මේ වගේ නම්. ඉතින් මේ අයට පොඩ් කාලේ ඉදන්ම ලොකු අනන්‍යතා අර්බුදයක් ඇතිවෙනව තමන් කවුද කියන එක සම්බන්ධයෙන්. ඒ නිසා මේ දරුවන් බොහෝ විට මානසික රෝගීන් බවට පත්වෙනව.ඒ වගේම මේ ගොඩක් දරුවන් කියන්නේ දෙමාපියන්ට ලංකාවේ දී කන්න බැරිවුණ එරියස් වෙච්ච කෑම අනුභව කිරීම නිසා ස්ථුලතාවය ලක්වූවන්. ඒ නිසා මේ අයට සිද්ධ වෙන්නේ මළගිය ප්‍රාණින් වගේ ඉන්නයි. ඇත්තටම මේ අය අන්තරාභවිකයන්.
ලංකාව අප්සට් රටක් කියලා මේ ගොඩක් අය දන්නව. ඒ වුණාට ඒ අයට ඒක බල නොපාන නිසා ඒ අය ලංකාව කියන එකට වෙනත් ෆැන්ටෑස්මැතික අර්ථයක් ලබා දෙනව. ඒ අර්ථයෙන් මේ අයගේ ඒකාකාරී දෛනික ජීවිතයේ ශුෂ්ක බව මගහරවා ගන්නටත් ජීවත් වන්නට නව බලාපොරොත්තුවක් ලබා ගන්නටත් හැකියාවක් ලැබෙනව.


49 comments:

  1. /* වෙලක් අයිනේ නිංස්කලංක පරිසයක, ජීවිතයේ සැදෑසමය ගතකරන එක තමයි මේ අයගේ අරමුණ. */

    මං හිතන්නේ වයසට යන්න යන්න පිටරටක ඉන්න එක වඩා හොඳයි හැම අතින්ම කියලයි. පිටරට ඉන්න අය වයසට ගිහින් ලංකාවට එන එක නං මහා මෝඩකමක්!

    ReplyDelete
    Replies
    1. ඔව් විශේෂයෙන් ම ඒ අය සමලිංගික ජීවිත වලට හුරු වුනාම.....

      Delete

  2. මේ පිටරට ගිය පිරිස නැත්නම් ලන්කාව නූගත් ගෝත්‍රිකයන් ගේ රටක්

    ශ්‍රී ලාංකිකයාට සංස්කෘතියක් තිබේද ?
    http://www.hotandfastnews.com/2013/07/blog-post_30.html

    ReplyDelete
  3. ඔය කවුරු මොනවා කීවත් මටනම් ලංකාව හොඳයි. නිකන් යන්න චාන්ස් එකක් ලැබුනත් මමනම් ලංකාව දාලා වෙන රටක පදින්චියටනම් යන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මේ මොනව කියනවද, නාමල් බේබිගේ කාර් රේස්, මර්වින් සිල්වාගේ එක්ස්ටසි, කුඩු දුමියගේ වෙඩි-තගරි, පොලිසියේ ඉස්සිලි එක්ක ජීවත් වෙන එක තරං ආතල් එකක් කොහෙද.

      Delete
    2. මං අඳුනන පොරක් හිටියා ඔය කතාවම දිවුරලා කියපු!
      http://kathandara.blogspot.com/2013/10/my-country-my-car-my-family-my-petrol.html

      Delete
    3. ඇනෝ, ඒකනෙ බන් කියන්නෙ. වෙන කොහෙද ඔහොම ආතල් නිකන් හම්බෙන්නෙ. මුන්ට තේරෙන්නෑනෙ..

      කකා, ඕනැමනම් මටත් දිව්රන්න පුළුවන් ඔය ගැන.

      Delete
  4. සෑර්, ඕක ඉතිං ගුණයගේ දැනුමේ දිග පලල මිසක් ඇත්ත නෙවෙයි. ඔය කියන එක ඇත්ත නං පිටරටවල් වල ඉන්න ඔක්කොම ජාතික චින්තන කාරයෝ වෙන්ඩ එපැයි. සමහරු ඉන්නවා ලංකාවට ඇවිල්ල දේශප්‍රේමී, ජාතිකවාදී බන ටෝක් දීලා ගිහිල්ලා ලමයි පියානෝ, බැලේ, අයිස් හොකී, බේස්බෝල් ක්ලාස් යවන මහත්වරු. ඔය ලමයි ඔය කියන විදියේ ගන්දබ්බයෝ වෙන්නේ නැහැ, උන් ගන්දබ්බ ජීවිත ගතකරන දෙමවිපියන්ට හිනාවෙලා, ක්‍රිකට් වලටත් හිනාවෙලා ස්කීන් යනවා මිසක්.

    ReplyDelete
  5. කියන හුඟක් කරුණු වලට එකග විය හැක.. ඔබ නොහිතන හේතු නිසා ඉන්න බොහෝ දෙනෙකුත් මට විදේශවලදී හමු වී ඇත.. (ටිකක් දරා ගන්න අමාරු උනත් අපේ සංස්කරුතියෙන් පැනල අපු අය බොහෝ සිටිති!)

    1 - ඔහු අංග විකලය, ඔහු මෙහි ස්වාදීන ජීවිතයක් ගත කරයි.. ඔහු කියන්නේ ලංකාවේ අඩු ගානේ ටව්මට වත් යා නොහැකි බවයි..

    2- ඔහුගේ බිරිඳ අඩු කුලේ යි ඔහුගේ දෙමාපියන් පවසන අතර.. කිසිම දිනෙක ඔවුන් ඇයට හොඳින් සලකන්නේ නැත.

    3- ඔවුන්ට විවාහ වී වසර ගණනාවක් උනත් දරුවන් ලැබී නැත.. ලංකා සමාජය ඔවුන්ට වහ කදුරුය..

    4- ඔහුගේ සහෝදරයන් හා නෑදයන් ඔහු හා උරණවී ඇති අතර රණ්ඩුවට එම නිසා ඔහු ලංකාවට අකමැතිය..

    5- ඇතැමක් අවිවාහක, නමුත් දරුවන් ඇති කාන්තාවන්ය.. ඔවුන්ට ලංකාවේ තත්වය කිවයුතු නොවේ.

    6- තවත් කෙනෙකුට ගමේ කිසි පිළිගැනීමක් නැත්තේ.. ඔවුන්ගේ දෙමාපිය හා සහෝදරයන් කල නොහොබිනා වැඩ නිසාය..

    ReplyDelete
  6. ලංකාවෙන් යන පළවෙනි පරම්පරාවට නම් ඔය රටවල් දෙකේ තියන වෙනස්කම් අතරේ එක එක ලෙඩ හැදෙන්න පුළුවන්... ඒත් ළමයි නම් එහෙම වෙන්නෙ නෑ... මම නම් එහෙම අවුල් වෙච්ච දෙවෙනි පරම්පරාවෙ ළමයෙක්ව දැකලම නෑ...

    ReplyDelete
  7. දැන් ඉතින් දයාල් කියන්නේ පන්සල් නොගිහින්, ලංකාවට ආදරේ වෙන්නේ නැතුව ඉන්ට කියලද? :D

    පිටරටවල පදිංචි වැඩිහිටි දෙම්පියන් බලනකොට මට හිතෙන්නේ ඔය දයාල් කීව ගොඩක් දේවාලින් එයාලා සතුටු වෙනබව. තමන්ගේ දේවල් යම් තරමකට හරි රැකගන්න එකේ වැරැද්දක් නෑ කියලයි මට නම් හිතෙන්නේ. අනෙක ඉතින් ලංකාවේ නෙමේ, දිව්‍යලෝකේ උණත්, වැරදි තියෙනවානම් ඒක වැරැද්දක් විදියට පෙන්නන එකේ වැරැද්දකුත් නෑනේ.

    තිසර කියන කතාව ඇත්ත. දෙවෙනි පරම්පරාවේ ඉඳන් ලමයින්ට ඔය ප්‍රශ්න මතුවෙන්නේ නෑ. එයාලා උපදින්නේ ඒ රටේ අය හැටියට.

    ReplyDelete
  8. දයල් බොහොම පර්යේෂණාත්මකයි වගේම විවාදසම්පන්නයි මේ අදහස.. මම දන්න නාකි සැට් එක ලංකාවේ පදිංචියට එන්නෙම නැතෙයි කියල කිව්වා නෙව...

    ReplyDelete
  9. From my (approximately one year's) experience reading (and commenting) Sinhala blogs:
    When I started I couldn't type Sinhala at all and I didn't like writing Sinhala using English characters, so I commented in English. Several readers didn't like it. They thought it was ugly, rude and/or spoiling the blogs, almost like desecrating a sacred place! Then, I realized that most of the people objecting to my use of English were living abroad. For them use of Sinhala, their mother tongue has a sentimental value which is far greater than what SL residents have. I live in SL and I read and speak Sinhala and English (as the occasion or subject demands) without thinking much about it. No big deal to be very frank. For people living abroad the use of their mother tongue is a sentimental (for some a defining , almost sacred) thing.
    Same thing applies to the racial political scene I think. Some Tamil living abroad are more anti-Sinhala than the LTTE and some Sinhalese expatriates are more anti- Tamil than Sinhala border villagers! Slogan shouting ultra patriotism or racial hatred comes easier to people living far from mother country. They have no necessity to consider practicalities here like we do.
    In the cultural context too they are the people who try to foist Sri Lankan culture (as they perceive it or what they remember from their time here) on their children rather than letting the children assimilate naturally and easily to the culture of the country they have chosen to live in.

    ReplyDelete
    Replies
    1. ඉහත comment එක සින්හලින් කිරීමට අපහසුතාවයට සමාවන්න. වෙලාව සහ ඉවසීම ඈත්නම් එසේ කල හෑකි නමුත් මම එසේ කරනවිට මේ post එකේ කාලය ඉකුත්වී යා හෑක.

      Delete
    2. ප්‍රජ ගේ කොමෙන්ටුවේ දෙවෙනි කොටසට එකඟයි. නමුත් සිංහලෙන් කොමෙන්ට් කිරීම ගැන කොටසට එකඟ නෑ.

      බ්ලොග් කියන්නෙ ලිඛිත මාධ්‍යයක්නේ. එතකොට අපි ලියන්නෙ මොන භාෂාවෙන්ද කියලා තීරණය කරන්න වෙනවා. ඒක සිංහල, ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් වෙන්න පුළුවන්. අපිට හැම භාෂාවම කතා කරන්න ලියන්න බැරි නිසා, එක එක භාෂාව වටේ මේ බ්ලොග් ගෲප් වෙනවා. එහෙම තමයි සිංහල බ්ලොග් අවකාශය හැදෙන්නේ.

      දැන් ප්‍රජ ලියලා තියෙන්නේ තමන් භාෂාව භාවිතා කරන විදිහ ගැන "අවස්ථාව සහ විෂයානුකූලව" කියලා. ඒ අනුව ප්‍රජ තමන්ගෙන් සිංහලෙන් පාර අහපු කෙනෙකුට ඉංග්‍රීසියෙන් පාර කියලා දෙන්නෙ නැහැනේ. ඉතින් ඒ වගේ සිංහල බ්ලොග් අවකාශය කියන්නේ සිංහලෙන් අදහස් හුවමාරු කිරීම ඉල්ලා සිටින තැනක්.

      මගේ නම් ලොකු අවුලක් නැහැ ඉංග්‍රීසියෙන් කොමෙන්ට් කිරීම ගැන, මම කවදාවත් ප්‍රජට මොකුත් කියලත් නෑ ඒ ගැන. නමුත් සිංහල බ්ලොග් වටා එකතු වෙන්නේ සිංහලෙන් අදහස් හුවමාරු කරගන්න කැමති පිරිසක් බව තේරුම් ගැනීම වැදගත්.

      Delete
    3. ඉන්ග්‍රීසි comments අකමෑති වීම පිලිබදව මගේ විරොදතවයක් නෙමෙයි මම ඔය ලියල තියෙන්නෙ. පිටරට ජීවත්වන අයගේ ඒ අකමෑත්ත මට තේරුන විදිගට මම තේරුම් ගත් විදිහයි. ඒ මේ post එකේ මාතෘකාවට අදලයි හිතුන නිසා

      Delete
    4. ඔව් මම කියන්න හැදුවෙත්, ඒ ඉංග්‍රීසි කොමෙන්ට් වලට ඇති අකමැත්ත... ප්‍රජ කිව්ව හැඟීම් බර හේතුවට වඩා මම කිව්ව භාෂා හේතුව නිසා ඇති වෙච්ච දෙයක් වෙන්න පුළුවන් කියන එක.

      Delete
    5. @ තිසර
      තිසර කියනදේට මාත් එකඟයි

      @ප්‍රාජ
      ලංකාවේ ඉංග්‍රිසි " කඩුව" ලෙස හැඳින්වෙන්නේ ඇයි? එය, ගම-නගරය, ඇති-නැති, පරතරය ‍රැකෙන ආයුධයක් ලෙස අදටත් භාවිතාවන නිසා. පිටරට ජීවත්වන, අපට අද ඉංග්‍රිසිය අරුමයක් නෙමෙයි, ඒත් අප " සිංහල" බ්ලොග් බලන්න එන්නේ, සිංහල කියවන්න, සිංහලෙන් ලියන්න මිසක් ඉංග්‍රිසි ඉගෙන ගන්න නෙමෙයි. අපි ඔබගේ ඉංග්‍රිසි කොමෙන්ට් වලට අකමැතිවුනේ ඒ නිසයි.

      ඔබ හොඳින් ඉංග්‍රිසි ලියනවා වුනත්, ඔබට වඩා හොඳින් එය කල හැකි බොහෝ අය මේ බ්ලොග් අවකාශයේ සිටිනවා. ඒත් ඒ අය, සිංහලෙන් ප්‍රශ්ණයක් ඇහැව්වාම ඉංග්‍රිසියෙන් උත්තර දෙන්නේ නෑ. ඔබ කියන, " මට සිංහල ලියන්න අමාරුයි" යන්න සාධාරණ හේතුවක් හැටියට පිළිගන්න අමාරු, කුඩා කල සිට පිටරට හැදී වැඩුනු අය, අමාරුවෙන් සිංහල ඉගෙනගෙන ලියන හැටි දැක්කාමයි. එතකොට නං අපට හිතෙන්නේ, ඔබම කියන විදිහට ලංකාවේ එදා සිට අද දක්වා ජීවත්වන ඔබට පොඩියට හරි හීනමානයක් තියනවා කියලයි :)

      Delete
    6. @Anonymous, මට සිංහල ලියන්න අමාරු නෑහෑ. ඉන්ග්‍රීසියෙන් තරම්ම හෝ ඊටත් වඩා හොදින් පුලුවන්. ඒත් typing අමාරුයි. ලිවීම සහ typing අතර වෙනසක් ඈත. ඉංග්‍රිසි /සිංහල පිලිබදව මට හීන හෝ අදි මානයක් නොමෑති නමුත් මෙපමන කලක් ලන්කවෙ සිටත් දෙමල බෑරිවීම ගෑන නම් ලෑජ්ජාවක් ඈත.

      "සිංහල" බ්ලොග් බලන්න එන්නේ, සිංහල කියවන්න, සිංහලෙන් ලියන්න මිසක් ඉංග්‍රිසි ඉගෙන ගන්න නෙමෙයි"
      ඈත්ත. ඈත්ත.ඔබ හරි . ඒත් මගේ මේ වියායාමය ඉගන්වීමට නොව හුදෙක් පහසුව සහ වෙලාව් ඉතිරි කිරීමට පමනය :-
      Anyway, my original comment wasn't really about my writing. It was about what I observed about some expatriates.

      Delete
    7. @Pra Jay

      ඔබ දැන්, දැන් හැකි පමණ සිංහලෙන් ලිවීමට උත්සාහ ගන්න බව පේන නිසා, මේ පැහැදිලි කිරීම සමඟ එකඟ වෙමි. ඇත්ත, සිංහල ලිවීම අමාරු වැඩක්. වඩා පහසු ඉංග්‍රිසි තමා.. ඒත් ඒකට පුරුදු වුනාම,එච්චරම අමාරු නෑ. පුරුදු වෙන්න නම්, දිගටම අමාරුවෙන් හරි සිංහලෙන් ලියන්න ඕනෙ.

      දෙවෙනි කාරණය: තමන්ට නොමැති/ නැතිවුන දේ ගැන වැඩිය ඇලුම් කිරීම සාමාන්‍ය මිනිස් ස්වභාවයක්. ඒ අනුව, ලංකාවෙ හැදී වැඩුන, දැන් පිටරටක ජීවත්වන සිංහලයෙක්, තමන්ගෙ භාෂාව, සංස්කෘතිය ගැන වඩා සංවේදීවීම පුදුමයට කාරණාවක් නොවේ. එය ඔය කියන තරම් වරදක් ලෙස මා නම් දකින්නේ නෑ. ලමයින්ට "ඔලුව ජපන්, කඳ ජර්මන්" නම් තැබීම අපට හිනා උපදන දෙයක් ලෙස පෙනුනත්, ඒකටත් හේතුවක් තියනවා

      චීන්නුන්ට එයාලගෙ නියම නමට අමතරව, තවත් බටහිර පන්නයේ නමක් තියනවා. එයාල ඒකට කියන්නේ "මගේ ඉංග්‍රිසි නම" කියලයි. එහෙම කරන්නේ, ඔවුන්ගේ දිව පැටලෙන නම් සුද්දොන්ට කියන්න අමාරු/ මතක තියාගන්න අමාරු නිසයි.අපටත් ඒ ප්‍රශ්ණය එසේම බලපානවා. ක්‍රිස්තියානි අයට මේ ප්‍රශ්ණය නෑ, ඒ එයාලට බටහිර නමක් තියන නිසා.

      මුල සහ අග නම් පමණක් භාවිතාවන, බටහිර සමාජයක, මේ විහිලුවක් සේ පෙනෙන නම් තැබීම, මා නම් දකින්නේ , තැනේ හැටියට ඇනේ ගැසීමක් ලෙසයි. තව කියනව නම් දේවල් තියනවා, අදට ඔය ඇති

      Delete
    8. " එය ඔය කියන තරම් වරදක් "
      @Anonymou, sඔබට වෑරදුනු තෑන එතන. මම මගේ comment එකේ එය වරදක් ලෙස දක්වා නෑහෑ. මම කිව්වෙ මගේ english comments වලට අකමෑතිවීමට එයද හේතුවක් කියා. ඈත්තෙන්ම මම එය understand කරනවා පමනක් නොව මා විදේශයක සිටිනවිට මමද සින්හල ඈසීමට කියවීම (typing කෙසේ වෙතත්) ආසා කරනු ඈත.
      හබෑයි මම ඉන්නෙ ලන්කාවෙනේ සහ සින්හල අපහසු සහ කාලය වඩා ගතවන දෙයක් බවත් ඈත්තක් (it's a fact)
      For the last time (hopefully) I apologize for the use of English for my own convenience. I will continue to improve my sinhala typing but some times will use either of the two languages or a combination. If any blogger (blogger OK? not readers) doesn't like it he/she has to just say so and I will be a silent (not like Sahan :-)) reader of that blog thereafter. The End (a fervent hope)

      Delete
  10. අපේ දේ අගය කරන එක මේ රටේදීත් ඉට්ටයිල් එකක් වෙච්චකොට පිටරට ගිය එව්වෝ එක ඉට්ටයිල් එකක් කරගැනීම පුදුමයක් නෙවෙයි නේද..?

    ReplyDelete
  11. හුගක් තැන් එක්ක එකග වෙන්න පුළුවන්.දෙමළ මිනිස්සුන්ට රට දාලා යන්න හේතු තිබුණා.නමුත් සිංහල අයට එහෙම යන්න මොනවාද තිබුණු සාධාරණ හේතු.තමන්ගේ අවස්ථාවදි කම තමයි ඒ වේලාවට දැනුවත්ව හෝ නොදැනුවත්ව මතු වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දුප්පත් අහිංසක ජනතාවට වෙන හිරිහැර, කරදර, අඩන්තේට්ටම්, සූරා කෑම් බලාගෙන ඉන්න බැරි එක තමා හේතුව. ඒවා දකිනකොට ඒ ගොල්ලන්ගෙ ලේ කකියලා පිච්චිලා යනවලු. ඉතින් නොපෙනෙන තැනකට ගිහින් ඒ ගොල්ලො තන්තෝසෙන් ඉන්නවාලු මෙයා. සමහරුනම් එහෙ ගිහිල්ලා පන්සල් එහෙම යනවලු. සමහරුනම් අපෝ ගෝත්‍රිකයි, ගෝත්‍රිකයි කිය කිය ඇවිදිනවලු..

      Delete
    2. මනෝජ්, සෙන්නා.. බොහොමයක් මිනිස්සු යන්නේ 'වඩා හොඳ' ජීවිතයක් හොයාගෙන. ඒ වඩා හොඳ ජීවිතේ එක එක පුද්ගලයට සාපේක්ෂයි. කෙනෙකුට වඩා හොඳට සල්ලි හොයන්න පුළුවන්, තව කෙනෙකුට වඩා හොඳ අධ්‍යාපනයක් ලබන්න පුළුවන්, වඩා හොඳ රැකියාවක්... ඒ වගේ මිනිස්සු තමන්ට ජීවිතේ වැදගත්, ප්‍රධානයි කියලා හිතන දේවල් වැඩියෙන් ලැබෙන තැන් වලට යනවා. මමත් මම වැදගත් කියලා සලකන දේවල් වැඩියෙන් ඇති රටකට ආවා. ඒකට අවස්ථාවාදී කම කියල කියන්නත් පුළුවන්... මොකද මමත් කලේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්ත එක...

      Delete
    3. ඇයි අපි අමතක කරන්නෙ UK, USA, NZ, SA, Australia, Canada වගේ රටවල ඉපදුනු අය ඔය රටවල් අතරම තමන් කෑමති වෙන රටක ජීවත් වෙනව. ඉපදුනු රටේ මිනිස්සු හිතන්නෙ නෑ ඒක අවස්ථාවදිකම කියල. ඇයි අපි පිටරට ඉන්න අයට බනින්නෙ?ඉපදුනු රටට හානියක් කරන්නෙ නෑත්නම් තමන් කෑමති රටක ඉන්න එකේ කිසිම වරදක් නෑ. අනිත් එක රටක ඉපදුනු පලියට ඒ රට ලොකෙන්ම තමන්ට ජීවත් වෙන්න සුදුසුම හො කෑමතිම රට වෙන්න ඕනෑ නෑ.
      (Hey තිසර, "සිංහලෙන් අදහස් හුවමාරු කිරීම ඉල්ලා සිටින තැනක්"නිසා ඔන්න මම ලියගත්ත. But the time it takes is a genuine concern buddy :-) )

      Delete
    4. තිසර, එකඟයි. ඒත් ඔහොම යන බහුතරයක් සෑබෑ හේතුව කියන්නෙ නෑ.. කියන්නෙ, අපෝ එහෙ ඉන්න බෑ, අරෙහෙමයි, මෙහෙමයි, ගෝත්‍රිකයි, තව තව බේබිලා, සිල්වලා වගේ හේතු ගොඩයි. පුළුවන් තරම් රට පාචචල් කරල කතා කරන්නෙ. මම නොකිව්වට එහෙම අය අපිට බොහොම ලේසියෙන් මේ සිංහල බ්ලොග් අවකාශෙනුත් හොයාගන්න පුළුවන්. දෙමළ ඩයස්පෝරාවත් කරන්නෙ ඕකම තමා. යුද්දෙන් සැබෑවටම පීඩාවට ලක් වෙච්ච අය තාමත් ඉන්නෙ ලංකාවෙ. ඒ මිනිස්සු බලන් හිටියෙ කවදද මේ යුද්දෙ ඉවර වෙන්නෙ කියලා. හැබැයි රට ගිය ඇත්තෝ තාමත් වලි කනවා ආයෙ යුද්දෙ කොහොමද පටන් ගන්නෙ කියලා. නැත්නම් ඒ ගොල්ලන්ට එන්න වෙනවනේ...ඔය හැමෝම අතරින් ( සිංහල, දෙමළ දෙගොල්ලන්ගෙම ) දයල් කිව්වා වගේ රටට ආදරය කරන, තමන්ගෙ දේවල් පවත්වගෙන යන්න උත්සහා කරන, රටට උදව් කරන්න උත්සහා කරන පිරිසකුත් ඉන්නවා. දයල් කොහොම දැක්කත් මට හිතෙන හැටියට ඒක තමා වෙන්න ඕනා. ගඟෙන් වතුර බීලා මූදට ආවඩන එක වැරදි වැඩක්.

      Delete
    5. @ සෙන්නා,
      මම January 7, 2014 at 8:55 AM ඇනෝම තමයි. සැබෑ හේතුව තමයි කියලා තියෙන්නෙ.

      "එහේ ඉන්ඩ බෑ".

      ඒක තමයි තේරෙන සිංහලෙන් කියල තියෙන්නෙ. බස් වල ජැක් ගගහ සංස්කෘතිය ගැන පොර ටෝක් දෙන උන්, රජයේ සෙවකයෝ ගස් බැඳල එක්ස්ටසි විකුනන ඇමතිලා, කුඩු දුමියාවගේ මැරයෝ අදීක්ෂන ඇමතිලා වෙලා, ගෑනු 100ක් දුෂණය කරපු සාරුවා සුනිල්ගේ පාටියට යන ඇමතිලා, ලසන්ත වික්‍රමතුංග කපල කොටල මහ පාරේ මරනව, එක්නැලිගොඩ අතුරුදහන් වෙනවා, හම්බන්තොට රෙස්ට් හවුස් එකේ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව දුෂනය කරපු එකා රටේ ජනාධිපතිත් එක්ක ඉන්න පින්තූරෙකුත් තියෙන්වා, ඌට නඩුත් නෑ. බොදුබල එකේ උන් රෑට බඩු-බල සේනා වෙනවා, ඉතිං කොහොමද අයිශේ ඔය රටේ ඉන්නෙ? හැබයි ඔයාට ඉස්සෙල්ලත් දැනුත් මේවට හරි හමන් උත්ත්තරයක් නැහැ නේද?

      Delete
    6. ඇනෝ, මට ඉස්සෙල්ලත් දැනුත් ඕවාට උත්තරයක් තියනවා. ඒ උත්තරය තමා ඒවා වැරදියි කියන එක. ඒවා කොහේ වුනත් වැරදියි. ඉස්සෙල්ලා ඔයා උපහාසෙන් ප්‍රතිචාරයක් දීලා තිබුන හින්දා තමා මමත් ඔයාට උපහාසෙන්ම පිළිතුරක් දුන්නෙ. දැන් මට මේ ටිකට උත්තරයක් ඕනා ඔයාගෙන්.

      ඔය කියලා තියන ඔක්කොම ජාති වුන හින්දමද ඔයා රට ගියේ ?
      ඒවා නොවුනනම් ඔයා තාමත් මෙහෙද ?
      ඔයා ගියාට පස්සෙ ඒ ප්‍රශ්ණ ඔක්කොම විසඳිලාද ?
      ඕවා, ඔය ඔයා ගිය රටේ හෝ ඒ අහල පහල රටක වෙලාම නැත්ද ? අඩුම ගානෙ ලාවටවත් !
      ඔයා ගියාට පස්සෙ තව මිලියන විස්සක් ලංකාවෙ ඉන්නවනෙ ! ඒ ගොල්ලන්ට මොකද කොරන්නෙ ? ඒ ගොල්ලන්ව කොහෙටද යවන්න පුලුවන් ?

      Delete
  12. අපි මෙහෙන් කොච්චර උඩ පැනගෙන ගියත් අමාරුවෙන් ටික කාලයක් ජිවත්වි පසුව PR හෝ CITIZENSHIP අර ගත්තත් ඒ රටවල සාමාන්‍ය ජනතාව ඒ රටේ භුමි පුත්‍රයන් ලෙසින් අපිව පිළිගන්නේ නැහැ.එබැවින් මෙහෙන් සංක්‍රමණය වන අය සිංහල දෙමල වෙනසක් නැතිව සිතෙන් ජිවත් වන්නේ ලංකාවේ.ඇත්ත එකයි.නිදසුනක් ලෙසින් සිංහලයෙක් ලෙසින් ඔබට මේ රටේඅඩුවැඩි වශයෙන් ඕනෑම තැනක චකිතයක් නැතිව යන්න පුළුවන්.එත් බගවන්තලාව වාගේ තනිකරම දෙමල බස කතා කරන සාමාන්‍ය ජන සමාජය තුල ඔබව ඉබේටම වෙනස්ව පෙනෙනවා.එතැනදී සිතට දැනෙන අසහනය(තනිකම) මදක් දුරු වන්නේ හැටන් නගරදී තරමක සිංහල වචන ටිකක් ඇසීමෙන් පමණයි මේකම තමයි එංගලන්තයේ,නවසීලන්තයේ ජපානයේ සහ ඉන්දියාවේදී මා අද්දැක්කේ. මේ රටවල් තුනේම සාමාන්‍ය ජනතාවට දේශපාලන උන නැහැ. ඒ නිසා ඒ අය වැඩි දෙනෙක් මැතිවරණයකදී චන්දය දාන්න යන්නේ නැහැ. දෙමල අය ඒ අඩුව පුරවනවා.ඉන්පසු අදාළ මන්ත්‍රීට බලපෑම් කරනවා .එයත් ඊළඟ වාරෙදි තම ආසනය රැක ගන්න ඕනෑ නිසා දෙමල අයගේ මතය ලෝකයට පතුරවනවා.
    ජපාන සමාජය ජපන් ජාතිකයන්ට පමණක් සිමා වුනු එකක්.ශ්‍රමිකයන් හැටියට විතරයි ඒ අය විදේශිකයන් ගන්නේ.එත් 3D (dirty,dislike,dangerous)රැකියා වලට විතරයි අඩු තරමේ වැසිකිලියක් හෝදන රැකියාව උනත් කරන්නේ ජපන් ජාතිකයෝ.නවතින්න හෝටලයට ගියාම අපේ බෑග් උස්සගෙන යන්න ඉන්නේ ජපන් ගැනු (ඒක අපේ සංස්කෘතියට විරුද්ධ නිසා මම නම් බලෙන්ම මගේ බැග් එක කාමරටය අරගෙන ගියා) ජපානේ රැකියාව කරන සාමාන්‍ය සිංහලයෝ කරන්නේ මොනවාද කියල මම නම් දැක්කේ නැහැ.


    මේකේ අදහස් පලකරන සමහර අය දන්නා එනමුත් නොලියන ඇත්ත කතාව ඕකයි.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව ගැන මගේ අද්දැකීම ඔක්කොම ලියල නැහැ.ඒකට සමා වෙන්නේ ඕනෑ. ඉන්දියාව ලොකු රටක් නිසා එකේ ඉන්න හැම ඉන්දීය ජාතිහ්කයා තුලම ඒ ලොකුකම තියෙනවා.ඒගොල්ල ඉන්දියාවේ සිතියම අඳින කොටත් අඹ ගෙඩියක් වගේ පොඩිවට ලංකාව අඳිනවා.ඒ කියන්නේ ඒ අය හිතන්නේ ඒගොල්ල කියන විදියටම් අපි කරන්න ඕනෑ කියල.ඒ නිසා තමයි මෙපමන ඉන්දීය බලපෑම.මට මුනගැහුන හැම ඉහල කුලවල අයෙක්ම කොහොම හරි තමන්ගේ කුලය ගැන හඳුන්වා දෙනවා.දෙමල අයගේ උනත් බ්‍රාහ්මණයන් අඩු තරමේ තම පුන නුල වත් පෙන්නවා.මේ බ්‍රාහ්මණ සමාජය තමයි රාජ්‍ය පාලන තීරණ ගන්නේ.ව්‍යාපාරික තිරන ගන්නේ මුස්ලිම් ජනතාව.මේ දෙගොල්ලම බුද්ධාගමට හෝ බුදුන් වහන්සේට ගරු කරන්නේ නැහැ.එහෙම ගරු කරන්නේ දාලිත් කුලයේ අය විතරයි .තමන්ට කියා වෙන්වුණු රටක් නැති එක ලෝකයේම ඉන්නා දෙමල
      ජනතාවගේ සිත්තැවුලට හේතුවක්.ඉන්දියාවේ වෙනමම රටක් ඉල්ලිමම විතරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කිරීමේ වරදට හිරේ යන එකක් නිසා අපේ රටේ දෙමල රටක්(ඊළමක්)බිහි වෙනවාට ඔවුන් කැමතියේ.

      Delete
  13. මෙවැනි දෙයක් සම්බන්ධව නිර්භීතව සිය අදහස් දැක්වීම පිලිබඳව ලිපියෙ කතෘ දීප්ති ට ස්තූතිය පුදමි. මෙයට කොමෙන්ට් දැමූ සැමට ස්තූතියි.
    මේවැනි ක්‍රියාදාමයක් ගැන නිගමන වලට එලඹීමට සෑහෙන කාලයක තුල ලබපු අත්දැකීම් හා දත්ත අවශ්‍යවෙනව කියල මට හිතෙනව.
    මේ සම්බන්දව මගේ අදහසට සමීපතම අදහස පොඩි කුමාරිහාමිනේ කෙටියෙන් කියා තිබෙනවා.

    //තමන්ගේ දේවල් යම් තරමකට හරි රැකගන්න එකේ වැරැද්දක් නෑ කියලයි මට නම් හිතෙන්නේ. අනෙක ඉතින් ලංකාවේ නෙමේ, දිව්‍යලෝකේ උණත්, වැරදි තියෙනවානම් ඒක වැරැද්දක් විදියට පෙන්නන එකේ වැරැද්දකුත් නෑනේ.//

    අතීතයේ බුද්ධාගම පිරිහී ගොස් තිබුනු අවදිවල වරින් වර බුරුමයෙන් සියමෙන් සිල්වත් දැනුවත් භික්ශූන් ගෙන්වා සාසනය හා බුද්ධ දේශනාවන් පිරිසිදු කරගත් බව කියවේ. මනුස්ස කම පිරිහෙන විට මනුස්ස කම ආනයනය කිරීමට සිදුවී ඇති බව දැන් පෙනෙනවානේද? මෙවැනි තත්වයක් තුල බටහිර ගොස් සිටින සිංහල පිරිසට යම් ඓතිහාසික කට්යුත්තක් කල හැකි නොවේද?

    කෙසේ වෙතත් ලාංකික සමාජය වෙත බටහිර ගොස් සිටින සිංහල කතා කරන පිරිස් විසින් සැලකිය යුතු පීඩනයක් එල්ල කෙරෙන බවට හොඳ සාක්ෂියකි මේ ලිපිය. ඒ ධනාත්මක බලපෑම නොකඩවා එල්ල කල යුතු බව මගේ හැඟීමයි.

    ReplyDelete
  14. Wmk SamarasekaraJanuary 8, 2014 at 4:14 AM

    නීති විරෝධිව සංක්‍රමණය වුවන්ගේ තත්වය හැමෝගෙම තත්වය නෙවෙයි. රට ගිය ඇත්තෝ ගැන ඉරිසියාවෙන් කතා කරන හුඟ දෙනෙක් (කකා ගේ උදාහරණය බලන්න) තමන්ටත් අවස්ථාවක් ලැබුනොත් මොනවා නොකරයිද? උපන්දා ඉඳං බොරු දාහක් කරලා පාන්දර ඉඳං මහා රැ වෙනකම් ටියුෂන් පන්ති යවන අධ්‍යාපන ක්‍රමය නැති වීමම රට යාමේ එක් සුභ පලයක්‌. මගේ දෙමවිපියෝ හිතුවේ මගේ යහපත. මම හිතන්නේ මගේ දරුවන්ගේ යහපත.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ අද කාලේ රටක පදිංචියට යන එක පොදුවේ තරුණ අයට වැළඳිලා තියෙන උණක්.මෙහෙ යමක් කර කියා ගන්න බැරි එක්කෙනෙක් එහෙම නැත්නම් කුල පීඩනය නිසා අසහනයෙන් පෙලෙන කෙනෙක් තම ගැලවීමට එකම විකල්පය ලෙස රට යාම තරමක් දුරට පිළිගන්න පුළුවන්.(එත් එහෙම බොහෝ දෙනා ගම වල සිට කොළඹට ඇවිත් කොන්ක්‍රීට් වනාන්තරය තුල සැඟවී ගැලවීම ලබා ගන්නවා) ඒ උනත් පොහොසත් අය ඒවගේම මෙහේ හොඳ රැකියා කරන අය තම දෙමාපියන් තනිකර රට පනින එකේ තේරුම මොකක්ද කියල මට නම් වැටහෙන්නේ නැහැ.(විදේශයකදී හොඳට මුදල් සහ හොඳ සේවා කොන්දේසි ලැබෙන්නේ රැකියා කිහිපයකට පමණයි.අපේ රටේදී උනත් එහෙම අයට වැඩි පඩි හා හොඳ පහසුකම් ලැබෙනවනෙ.) අනෙක් අයට ලැබෙන්නේ අවශේෂ රැකියා (ODD JOBS) එකේදී කන්ඩ වෙන කට්ට දන්නේ එක කරන එක්කෙනාම විතරයිනෙ.සමහරවිට ලැබෙන ගැන මදි නිසා රැකියා දෙකක් කරන්න සිද්ද වෙන අවස්ථාද මා දැක තිබුනා.

      මට ඉවසා සිටීමට අමාරු කාරණය නම් ඒ රටවල සිටින සාමාන්‍ය වැසියන් අපව සම මට්ටමේ මිනිසුන් ලෙස නොපිළිගන්නා එකයි.එංගලන්තයේදී සුද්දෝ ටික දෙනෙක් විතරයි කුළුපගව කතා කරන්න කැමති වෙන්නේ.හොඳට හිනා වෙලා කතා කරන කෙනාගේ වගතුග බලන කොට ඔහුඅයිරිෂ් ජාතිකයෙක්.(සුද්දෝ අයිරිෂ් ජාතිකයන් ගණන් ගන්නේ නැහැ) නවසීලන්තයේදී හොඳට හිනා වෙලා කතා කරන කෙනා බැලුවොත් ඔහු මෞරි ජාතිකයෙක්.සුදු අයෙක් නෙමෙයි.මේ රටවල් වලදී ඔබට බොරුවට හිනාවෙන ව්‍යාපාර කතා (BUSINESS TALKS) ඕන තරම් අහන්න ලැබෙනවා.නමුත් ඒවා ඔවුන්ගේ බඩු විකිනීමට පමණක් සීමාවූ ඒවා විතරයි. මෙහෙදී අපි අද්දකින හර්දයාංගම සිනහව ඔවුන් තුල නැහැ.

      Delete
    2. @ Wmk //.එංගලන්තයේදී සුද්දෝ ටික දෙනෙක් විතරයි කුළුපගව කතා කරන්න කැමති වෙන්නේ.හොඳට හිනා වෙලා කතා කරන කෙනාගේ වගතුග බලන කොට ඔහුඅයිරිෂ් /////
      මම මේ කතාවට එකඟ වෙන්නේ නැහැ. ලන්ඩන් නගරයේ ඔහොම වෙන්න ඉඩ තියෙනවා යම් දුරකට. නමුත් ඕක නෙමේ සැබෑ තත්වය.බොහොමයක් අයිරිශ් ජාතිකයින් ගැන ආසියානුවන් තුල පවා තියෙන්නේ හොඳ පැහැදීමක් නොවේ.

      Delete
    3. Wmk Samarasekara: විදේශ රටකදී ලැබෙන සැලකිල්ල ගැන කතාව ඇත්ත... ඒත් ඒ තත්වෙ ලංකාවෙත් සෑහෙන දුරකට තියෙනවා... කඩේකට බඩු ගන්න ගියහම උනත් සමහර මුදලාලිලා සහ පොඩි කොල්ලො අපිට සලකන්නෙ අපි නිකං බඩු ගන්න ආව වගේ... සල්ලිත් දීල තව ආඩම්බරත් බලන්න එපැයි... මං කඩවල් කිහිපයකින්ම එහෙම වෙලාවට එලියට බැහැල ඇවිත් තියෙනවා... අඳුරන කෙනෙක් නොවුනොත්, හැම මනුස්සයමත් හිනා වෙන්නෙ නැහැ... මං අම්මයි තාත්තයි එක්ක දවස් කිහිපයක් උදේට ඇවිදින්න ගියා (ගෙවල් පැත්තෙ ඒකටම හදල තියෙන තැනක)... එතනට එන ටික දෙනයි හොඳට හිනා වෙන්න දන්නෙ... අනික් මිනිස්සු යන්නෙ බුම්මගෙන ...

      Delete
  15. මා දන්නා හඳුනන පිටරට ස්ථිර පදිංචි අයගෙන් බහුතරය ඔවුන්ගේ දරුවන්ගේ පාලනයට යටත් දෙමවුපියෝ. ඒ දරුවන් ජාත්‍යන්තර සමාජය ගැන පමණයි දන්නේ. අපේ රට හදලා ගන්න අපි තවමත් ප්‍රමාද නැහැ කියන අදහස බාරගන්නවත්, ඒ සඳහා වෙහෙසන්නවත්, ඩොලර්, පවුම්, ලීරා, ෆ්‍රෑන්ක්, යූරෝ, ගංගාවේ ගිලී ඉන්න, නමුත් ලංකාවේ මුල් තියන බහුතරය කැමති නැහැ.

    ReplyDelete
  16. දයාල්, කොමෙන්ටුව දිග වැඩියි කියල කියනවා (Your HTML cannot be accepted: Must be at most 4,096 characters ), එකයි මේ ලින්ක් එකක් දාන්නෙ, දයාල්, කොමෙන්ටුව දිග වැඩියි කියල කියනවා, එකයි මේ ලින්ක් එකක් දාන්නෙ, ඔයාට පුලුවන්නම්, මේක ලින්ක් එක නැතිව දාන්න, එහෙම කරන්න.

    http://wedhitha.blogspot.no/2014/01/blog-post.html

    ReplyDelete
  17. Wedhitha Pradeep, ඔබගේ කොමෙන්ටුව කොටස් වලට වෙන්කොට දමා ඇත.

    දීප්තිගෙ ලපයට මගෙන් පලතුරු හෙවත් අවිඤනික දිප්තිව දැකීම
    http://dayal-bathee.blogspot.com/2014/01/blog-post.html මෙතන දාල තියන ලිපිය කියවලා ආවනම්, මගෙ පෝස්ටුව තේරෙයි

    ඔය දීප්තිගෙ ලිපිය මම කියෙව්ව ත්‍රිමාන එකේ, දීප්ති හිතාන ඉන්නෙ එයාට හිතෙන දෙවලුයි ජිජැක් කියන ඒවයි විතරයි මේ ලෝකෙ වෙන්න පුලුවන් දේවල් කියල. "අවිඥාණක", "සවිඥාණක" වගෙ වචන නැති ලිපියක් තියනවද බලන්න දීප්තිගෙ. අර මැක්ක ගැන ඉගෙන ගත්ත කොල්ල වගෙ ඒකම දදා ඉන්නවා.
    ඔය ලිපියේ කියන අයත් ඉන්නවා, එහෙම නොවන අයත්, තව වෙන වෙන අයත් ඉන්නවා.

    /*ඒ රටවල ගතින් ජීවත් වූවාට මනසින් ජීවත් වන්නේ ලාංකිකයන් විදිහටයි. */
    ඔව් මෙක ඇත්ත, අපි අවුරුදු විස්සක් විතර ජීවත් වෙලා, ඇඟට කාවැදිච්ච එකක් එක. සමහර විට දීප්ති ඔසී හරි යූඑස් හරි ඇවිත් කඩදාසියෙන් පිහදාගන්න හිතාන හිටියට අපි පුලුවන් වෙලාවට වතුර යූස් කරනවා, මොකද ඒක තමයි පුරුදු හින්ද. අතින් කනව මොකද පුරුදු හින්දා. අපෙ එකෙක් මුන ගැහුනොත් මචන් කියනවා. හබැයි එහෙම කියන්නෙ කරන්න දීප්තිගෙ මනෝ විකාර ජාති ආලෙට නෙවෙයි, ඒ අපි පුරුදු විදිය හින්ද. හැබැයි අපි හැන්දෙන් කාල පාරෙදි අපෙ එකෙක් දැක්කාම හේ මෑන්, වට්ස් අප් කිව්වොත් මුන්ම තමයි කියන්නෙ අරුන් "විඥාණකව" සුද්දො වෙල හැබයි ලංකාවෙ ඉන්නකොට කෑවෙ කොස් කියල.

    /*මේ නිසා මේ රටවල ඉන්න සිංහල බෞද්ධ අය එකතු වෙලා ශ්‍රි ලාංකිකයන් ගේ සංගම් හදාගෙන තියෙනව*/
    සංගම් හදාගෙන තියනව, ඔව්, මොකද එකෙන් වෙන්නෙ එක කොන්ටෙක්ට්ස් එකකට අදාල මිනිසුන් සමූහයක් එකට ගොනු වීම, මොකද තමන්ට හුරුපුරුදු දෙවල් නිසා, සමහර විට ලකෑන් හරි ජිජැක් හරි දීප්තිට කියල නැතුව ඇති, මිනිස්සු කියන්නෙ ස්භාවයෙන්ම ඒකරාශි එව්න්න කමති ජාතියක්, ඒක ගෝත්‍රික යුගයෙ සිට ආරක්ශාවට පවැත්මට කරල ජාන වලින් එන එකක්. දීප්තිගෙ x එක හදා ගත්තෙ ඇයි, ල'න්කාවෙ ඉස්කෝලවල වෙන වෙනම සංගම් හදාගෙන තියෙන්නෙ ඇයි? දැන් දීප්ති කියන්නෙ අපි රට ඉන්න හින්ද අවුරුද්ද සමරන්න එපා කියලද? අපිට ඒ වෙනුවෙන් උත්සවයක් කරන්න එපා කියලද. අපි ඒවා නොකර මොනවා කරන්න කියලද දීප්ති කියන්නෙ, නැශනල් හොලිඩය් එකේ මියාමි බීච් එකේ අව්ව තපින්නද? එහෙම නැත්නම් අර ඔයාගෙයි නිර්මාල්ගෙයි නොකෙරන විවාදෙ වගෙ ගොන් ආතල් ගන්න කියලද (වාදෙ නතත් මොනව උනත් නියම ඩබල එක නගුලෙ බඳින්න ).

    ReplyDelete
  18. /*මේ සිංහල අය මොනවද මේ විදිහට පිටරට වෙලා කරන්නේ. උදේ ඉදන් රෑවෙනකම් සල්ලි හම්බ කරන්න වහල්ලු විදහට වැඩ කරන එක විතරයි.*/
    එක්කො දීප්ති දන්නෙ මැද පෙරදිග මේඩ්ස්ල යන එක ගන විතරයි, එතකොට දීප්තිම කියන මහාචාර්ය ගුණපාල මහතාත් එහෙමද? එතකොට දීප්ති ගෙ (ඉල්ල ගත්තා තියරි අනුව දීප්තිගෙ කාතවෙම ඇතුලෙන් පරස්පරයක් නේද? කුහක කමට කියනවා වෙන්න බෑ, ඒත් ඉරිසියාව කියන්නෙ හොඳ කරන්න බැරි ලෙඩක් දීප්ති.

    /*මේ වගේ අය ගෙවල් හදන්න තෝර ගන්නේ විශේෂයෙන්ම නුවර වගේ පාළාත්*/
    දීප්ති කොහෙන්ද මේක මෙහෙම කියන්න ස්ටැටිස්ටික්ස් හොයා ගත්තෙ? දැන් නුවර පිරිල ඇති නේද පිටරට ඉඳන් ආපු උන්ගෙන්?

    ReplyDelete
  19. http://wedhitha.blogspot.no/2014/01/blog-post.htmlබ්ලොග් පෝස්ටුවෙන් උපුටා ගත් කොමෙන්ටුවේ අවසාන කොටස

    /*හැබැයි මේ අය දන්නව දැන් ලංකාව හරිම අප්සට් රටක් ජීවත් වෙන්න සුදුසු නැහැ කියලා. ඒ නිසා මේ අය හිතන් ඉන්නේ කවදා හරි දවසක මේ රට ඉර්දි ප්‍රාතිහාර්යකින් මනුෂ්‍යවාසයට සුදුසු රටක් විදිහට හැදුන දවසක තමන් හම්බ කරපු සල්ලි ගෝනි පිටින් ගෙනත් කරදයක් නැතිව ජීවත් වෙන්නයි.
    */ඔව්, නීතිය බල්ලට ගිහින්, කස්සිප්පු කාරයෝ මන්ත්‍රීල, ඇමතිල වෙන්න පුලුවන් රටක් හොඳයි කියල කියන්නද කියන්නෙ. හැබයි අපි රටට කෙලවන්නෙ නැන්, උඹලට වාහනෙ යන්න පෙට්‍රල් ටික ඉම්පොර්ට් කරන්න, ගෙදරට ඕන වොශින් මැශින් එක ඉම්පෝර්ට් කරන්න ඕන විදෙශ විනිමයෙන් සුලු කොටසක් හරි අපි රටට එවපු සල්ලිවලින්, අර අපහාස කරපු අරාබියෙ දුක් විඳපු මිනිසුන්ගෙන් ලබුනෙ. අපි දීප්තිල වගෙ ප්‍රාතිහාර්ය විස්වාස කරන්නෙ නති හින්ද තමයි අපෙ හැකියාව අනුව මෙහෙම ඇවිත් ඉන්නෙ, නැත්නම් ඉති සදාතනික (නොවෙන ) වමක් ගැන හිතනවා වගෙ කවද හරි හරි යයි කියල ලැගගෙන ඉන්න තිබ්බ.
    ලමයි ගැන කියල තියන ටිකෙන් නම් දීප්තිගෙ නොදැනුවත්කම පේනවා, මම හිතන්නෙ ලැකාන්ගෙ අල්ලපු ගෙදර එකාද කොහෙද කියල තිබ්බ කට ඇරියොත් මෝඩයා නසිති කියල.

    දීප්ති ට "දීප්ති" කියල නම දැම්මෙ උපදින කොට ලොකු අනන්‍යතා (ජෙන්ඩර් එකේ ) අර්බුදයක් තිබ්බද? මම දන්න කෙල්ලෙක් හිටිය දීප්ති කියල. ඉස්සර දූදරුවෝ නාට්ටියෙත් හිටියා දීප්ති කියල චරිතයක්, කෙල්ලෙක්.
    සරලව මම මේක ලිව්වෙ, දීප්තිගෙ ලිපිය තනිකරම මෝඩ ඉරිසියාකාර, කරුනු හරියට නොදැන, කරන නොකරන හැම මිනිහටම දෙකෙ කොලේට දාල ලියපු එකක් නිසා. මම ත්‍රිමාන එකෙ රිප්ලයි කෙරුවෙ නැත්තෙ, උන් උන්ට කැමති කොමෙන්ට්ස් විතරයි දාන්නෙ, නැත්නම් අම්මො නැතිව කෑගහනවා මෙන්න අහවලෙක්ගෙ එකෙක් කොමෙන්ට් දානවා කියල. මීට වැඩිය හොඳට දීප්තිගෙ දර්ශණය(?) සහ වොකැබ්ලරි එක යුස් කරල දෙශපාලන ලිපියක් වත් ලිව්වනම් මීට වඩා ප්‍රොයෝජනවත් වෙන්න තිබ්බ, මොකද හිනා වීම කාගෙත් සෞඛයට හිතකර නිසා.

    - මීට, දීප්ති ලැකෑන්ගෙන් ඉගෙන ගන්නකාලෙ සූප්පුව කටේ ගහගෙන දන ගාපු හිච්චෙක් හෙවත් පසුගාමී ගෝත්‍රිකයා.

    ප.ලි. ආණ්ඩුවෙ කන්තොරුවෙ වඩ කරන අපේ රාජ් සහෝදරය වමේ තියරි පොරවල්ගෙ රෙදි ගලෝල තිබ්බ, ලින්ක් එක හොයල දාන්නම් පස්සෙ.


    ප.ලි2. දයාල්, මට ඔබ ගැනද නත්නම් මට මම ගැනමද කණගාටු වෙන්න ඕනෙ කියල තේරෙන්නෙ නෑ, මොකද මම ඔබ ගැන යම් මිම්මක් ඇති කරගෙන හිටිය නිසා.
    Posted by Wedhitha Pradeep at 11:08 AM

    http://wedhitha.blogspot.no/2014/01/blog-post.html බ්ලොග් පෝස්ටුවෙන් උපුටා ගත් කොමෙන්ටුව නිමි.

    ReplyDelete
    Replies
    1. දයාල්, ස්තූතියි මගෙ කොමෙන්ටුව මෙසේ පල කරාට.

      -ප.ගෝ.

      Delete
  20. // ලංකාවේ ඇත්තටම රට ගැන හිතලා මේ රට අප්සට් කියලා තේරුම් අරගෙන කවුරු හරි ඊට විරුද්ධව කතා කරන කොට මේ පිටරට වල සිංහල බෞද්ධ අය ඔන්න කියන්න ගන්නව. //
    කියල තියන විදියේ කට්ටිය ඉන්නවා තමයි. ඒත් මම නම් හිතන්නේ ඔය බහුතරය නෙවෙයි සුළුතරය.

    // ඔස්ට්‍රේලියාවේ පංදිච් ලාංකිය ළමයින් සිඩ්නි ඔපෙරා හවුස් එකේ ඔපෙරාවක් රස විදින්නේ කොහොමද කියන එක දැන ගන්නවට වඩා උනන්දු වන්නේ අඩු මුදලට සිඩ්නි වලට ගෙන්වන ලංකාවේ ජොලි සීයගේ සිංදු අහන්නයි.//

    මොකක්?! දෙමව්පියන් නම් එහෙම ඇති. ළමයි නම් ජොලි සීයෙක් ගැන අහලවත් නැතුව ඇති. කොහෙත්ම සත්‍යක් නැති කරුණු කීපයක්ම දැක්කත් වැඩියෙන්ම හිනා ගියේ මේකට!

    මේක ලියපු කෙනා ත් ජීවත් වෙන්නේ ෆැන්ටසි එකක තමයි. පිටරට ජීවත් වෙන ලංකාවේ ඉපදුනු අය බහුතරය ගේ ජීවිත ගැන හරියට නොදැන තමන්ගේ ෆැන්ටෑස්මැතික අර්ථයක් දීල තියෙන බවක් තමයි මට නම් පෙනෙන්නේ!! :D :D

    අනිත් එක තමයි, ලංකාවෙ මිනිස්සු ටිකක් විතරක් ගිහින් ඒ රටවල මිනිස්සු අතරේ අමුතු සත්තු වගේ ඉන්න බවක් කිව්වට එහෙම නැහැ. මොකද දැන් ලෝකේ ඔස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්තය වගේ රටවල් ගොඩක එක එක රටවලින් ආපු මිනිස්සු ගොඩක් ජීවත් වෙනවා. ඒක නිකම් සාමාන්‍ය දෙයක්.

    ReplyDelete
  21. XX
    මම ලන්කවෙ හිටියෙ කුලී ගෙදරක... කවදාවත් කර් එකක් තිබ්බෙ නැහැ..මගෙ සහ බිරින්දගෙ පඩියෙන් දරුවන් තුන් දෙනගෙ කටයුතු කලෙ ගොඩක් අමාරුවෙන්.. මම රට ආවෙ මෙ ප්‍රශ්න විසන්දගන්න.. එක අත්මර්තකමී වැඩක්.

    ලනක්වෙ ඉන්න අය එහෙ ඉන්නෙ ලන්කාවට අදරෙටද?

    මම සැබැ ජාති මාමකයෙක් නම් කල යුතුව තිබුනෙ කුමක්ද?

    ReplyDelete
  22. අපි තුන්දෙනා හිටියේ මැද පෙරදිග. දුව මුල ඉඳලම ඉගෙනගත්තේ ඉංග්‍රීසියෙන්. මැදපෙරදිග ජොබ් එක නැතිවුනා. දුවවත් අරන් ලංකාවට ආවා. ළමයා ලොකු පන්තියක නිසා අමුතුවෙන් සිංහලෙන් ඕ ලෙවල් කරන්න බැහැ. ඊට පස්සේ ඉන්ටනැශනල් ස්කූල්වලට වියදම. ඒ ලෙවල් පාස් වුනාම කෝ යුනිවර්සිටි මේ ළමයින්ට? අවසාන විසඳුම ඉංග්‍රීසියෙන් උගන්නන රටකට මාරුවීම..

    මේක දේශ ද්‍රෝහිත්වයද? ආත්මාර්තයද? වෙන කිසි දෙයක් කරකියා ගැනීමට නොහැකි නිසා ගත් තීරනයක්ද? අපි වගේ අයට ඇති විසඳුම කුමක්ද?

    ඉහත ලිපියේ ආකාරයට ජීවත් වෙන අයත් ඉන්නවා. එහෙම නොවන පවුල් ඊටත් වඩා ඉන්නවා.හාල් හුන්ඩුවක් සේරුවෙන් මනින්න ගියාම මිම්ම ඇකියුරේට් නැහැ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඉපදුනු රටට හානියක් කරන්නෙ නෑත්නම් තමන් කෑමති රටක ඉන්න එකේ කිසිම වරදක් නෑ. අනිත් එක රටක ඉපදුනු පලියට ඒ රට ලොකෙන්ම තමන්ට ජීවත් වෙන්න සුදුසුම හො කෑමතිම රට වෙන්න ඕනෑ නෑ.වෙන කිසි දෙයක් කරකියා ගැනීමට නොහැකි නිසා වෙන්න ඕනෑ නෑහෑ. පුද්ගලික අවශ්යතාවය සහ කෑමෑත්ත.
      මම ඉන්නෙ ලන්කාවෙ නමුත් මම ජීවත් වෙන්න ලන්කාවට වෑඩිය කෑමෙති හා අකමෑති රටවල් තියනව. රෑකියාව සහ වෙනත් අවශ්යතා සහ commitments නිසා (කමෑති රටවල උන් මාව ගන්නෙ නෑති එකත් තව හේතුවක් !! ) මම ලන්කාවෙ ඉන්නවා. But I do nothing to harm the country and hopefully (when I'm not writing nonsensical comments in blog posts!) contribute something to it.

      Delete
  23. මගේ නම් තියෙන්නෙ මිශ්‍ර අදහසක්. මිනිස්සු කැමති ආකාරයට ජීවත් උනාවේ. ඒව ගැන කතා කරන්න අපි කවුද අපේ සීමාවට නොඑන තාක්?

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්