Followers

Thursday, January 16, 2014

ලොකු මහත්තයගෙ නිල බ්ලොග් රචකයා වන්නට ඇත්නම් මට.....


Your Sinhala Blog Is Approved

මතු මහලේ තිබිය හැකි වියෝ වූ
 ලකී වැඩ සිටි
ආසනය මතට නගින්නට තතනන හිරු පසුකරමින්
පහල මාලයට ගොස්
තුන් සිය හැට පහේම පීඩිත පොදු ජනයාගේ මුදල්වලින්
නඩත්තුවන විවෘතව ඇති
මහ දන්සැලෙ රසමසවුලු වලින් කුස පුරවාගෙන
ජනයාගේ මුදලින් නොමිලේ ලැබුනු ලැපත් කරේ රුවා,
පිටාංගනයේ නොනවත්වා පත්තුවන
නිල ඡායාරූප ශිල්පියාගේ කැමරාවටත්
දත් හතලිස් අටම පෙන්වා ඩයල් එක දාගෙන
ජනයගේ මුදලින් නඩත්තුවන දඩ වාහනයක නැගී
මහේශාක්‍ය ලෙස කොස්සන්ටත් පාට් එකක් දාගෙන
දියවන්නාවට ගොඩ බැස,
එහි නිල ආසනයක් සඳහා දීර්ඝකාලීන ව්‍යාපෘතියකට සෙට් විය හැක.

ඉක්මන් කරපන් කොල්ලෝ
එනව සර්
ලියපන් මෙන්න මේ කවිය

පුලුන් ඇටේත්
බන්ඩෝක්ක ඇටෙත්
වෙනස හඳුනන
බූරුවාගේත් අස්සයාගේත්
වෙනස හඳුනන

යසර් අරහපත්ගේත් ඒරියල් ශැරොන්ගෙත්  වෙනස
ක්ලින්ටන්ගෙත් ඔබාමගේත්  වෙනස
රෝහණ විජේවීරගේත් සෝමවංශගේත්  වෙනස
ජේ ආර්ගේත් රනිල්ගේත්  වෙනස
ප්‍රේමෙගේත් සජිත්ගේත් වෙනස හඳුනන මට
බොග් කාරයන්ගෙන් බ්ලොග් කාරයා හඳුනගන්න එක
 ....

සර් අනෙක් ටික

ඔන්න ඔන්න බ්ලොග් කාරයෙක් අහන ප්‍රශන්යක්ද කොල්ලො උඹ ඇහුවෙ

මාතෘකාව සර්

වෙනස
-------------
ඔබ නිල බ්ලොග් කාරයා ලෙස පත් වීමක් ලැබුනොත් මක්කද කරන්නේ....

30 comments:

  1. මක්ක කරන්නද. කනවා ඉස්ම යන්නම.. හැක්..

    ReplyDelete
    Replies
    1. මට තන්තෝස
      තොට ඒ කෑම නහම්බෙන එකට
      බල මං කන කෑම, බොන බීම
      හූ හූ තොට මේව නෑ

      Delete
  2. ඇටේ වෙනසවත් රටේ වෙනසවත් හොයාගන්න බැරුව තමයි දැන් මිනිස්සු නන්නත්තාර වෙලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. පරිප්පු ඇටේට
      ඇට අටට
      අරක්කු කාලට
      ගත හැකි රවට
      අ මුතු ඇටේ

      Delete
  3. දැනුයි කල්පනාවට ආවෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩියක් හිතල බලමු

      දියවන්නාවට කෙටි මග
      අලියට යන්න බැරි මග
      ගියොත් නැට්ටේ එල්ලිල
      අපිත් තව්තිසාවේ

      Delete
  4. වෙනසෙහි වෙනසක් කරනුව....

    ReplyDelete
    Replies
    1. යන ගමන්
      තනිව නොයා
      අපිවත් කරේ තියා
      යන එක හොඳයි ප්‍රියා

      Delete
  5. ආශ්චර්ය ගැන දිගට හරහට ලියලා ලොක්කගේ දෑත සක්තිමත් කරනවා

    ReplyDelete
    Replies
    1. ඒක ඔයා නොකරට ඔය උඩ ඉන්න එකා කරනවා....

      Delete
    2. දෑත සක්තිමත් කොරන්න ඕන කාලෙ කවුරුත් එකතුවෙලා එය කලා නොවැ?

      රට කාපු හාල් පාරුවො
      කල වැරදි වහගන්න
      පැන පැන යන ගෙම්බො, වවුලෝ,
      ශක්තිමත් කොලා දැන් ඇති නෙව

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. නිල එකෙන් කරන්න ඕනෑ ලොක්ක සහ favorites කොහෙ බො- දෑම්මත් හෝදන එකනේ

    ReplyDelete
    Replies
    1. සෑහෙන පයිට් එකක්
      දෙන්න වෙයි
      තැනකට එන්න

      Delete
  8. වෙන මක්ක කරන්නද හත්මුතු පරම්පරාවම ගොඩයන්න විදිහක් සැට් කරගන්නවා මිසක

    ReplyDelete
    Replies
    1. ඒ කීවේ
      ලොකු ඩීල් එකකට සෙට් වෙයි වගේ?

      Delete
  9. මට හම්බ උණොත්, ඒක දයාල්ට දෙනවා... :D :D

    ReplyDelete
    Replies
    1. Thanks පොඩි කුමාරිහාමිනේ,
      මාධ්‍යය ට තරයේ ප්‍රතික්ශේප කරනවා කියා ප්‍රකාශයක් කර හෙමිහිට පිලිකන්නෙන් සෙට් වෙනවා,
      අර කෑම බීම මතක් වෙන කොට අනේ ඉතින් කොහොමද...

      Delete
  10. /* බොග් කාරයන්ගෙන් බ්ලොග් කාරයා හඳුනගන්න එක */

    අම්මප කෙහොමෙයි මේක දැන ගන්නේ?

    ReplyDelete
    Replies
    1. කකා එතැන හිස් තැනක් තබා තියෙන්නෙ ඒකයි...

      'මෙච්චර තෙම්පරාදු වෙච්ච මටත්
      හරි අමාරු වැඩක්'

      Delete
  11. BLOG KARAYO KATHA LIYANAWA. BOG KARAYO, JOKKU GALAWANA, CHOO, PADA, JEE DAGENA, BOGA NAGANNAWA.

    ReplyDelete
  12. ඉස්සෙල්ලාම වෙනම අමාත්‍යාංශයක් ඉල්ලනවා. මොකද බොගාලා ස්වාධීනයිනේ. කොහොමත් හේනේ මාමා එක්ක වැඩ කරන්න බැහැ. බොරුනම් මොහාන් සමරනායකගෙන් අහන්න.

    ඊට පස්සේ ගන්නවා කටින් හරි බොග දාන ගෝලයෝ සෙට් එකක්.
    ඊට පස්සේ ට්‍රයි කරනවා "බොග දැමීමේ සහ බොග දැමීම කියා දීමේ" අමාත්‍යාංශයේ ස්ථීර ලේකම් වෙන්න. ඒ ක්‍රමය ක්ෂෙනුකා නෝනාගෙන් අහගන්නවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රායෝගිකයි
      අත්දුටුයි
      සත්තයි

      Delete
  13. පරන පිනක් මගෙ හිසෙ කඩාගෙන වැටුන කියල කියවෙයි

    ReplyDelete
    Replies
    1. එහෙම හිතෙන එක සාධාරණයි

      Delete
  14. ප්‍රතිපත්තියක් ලෙස ඒ තනතුර බාරගන්නේ නැහැ.ඒ වෙනුවට උපදේශක කමක් වගේ එකක් ඉල්ලා ගන්නවා.

    ReplyDelete
  15. හිහි මං නං එකෙන්ම ලොක්කට කඩේ යන් ගෝලයො ටිකක් අල්ලගෙන හොද හොද ටෝක ටිකක් ලියෝ ගන්නව...
    ලොක්කගෙ නිල බොග් ලේකං කීවොත් කව්රුකව්රුත් සලකයිනෙ ආයිබංඩ
    නැද්ද මං අහන්නෙ

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්