Followers

Thursday, March 27, 2014

ආණ්ඩුවෙ(ජනතාවගෙ ) සල්ලිවලින් බඩු ගහපු එවුන් හිරේ දාන රට

Craig Thomson outside court.
Craig Thompson- Former Labour Party MP- and Union Official

ඩොලර් 24538ක් වංචා කිරීම හේතුවෙන්
හිටපු ඔස්ට්‍රේලියානු ලේබර් මන්ත්‍රී හිරේට නියමවේ.
ඩොලර් 75කට බොරු කීවා යයි හිටපු මහා විනිසුරුත් (Marcus Einfield)
හිරේ දැම්ම රටක ඩොලර් 24000 ගණන මහ ලොකු ගාණක්
ඒත් හොරකම හොරකමමයි.
ගාණ කීය උනත් බොරු කීම, රැවටීම හිරේ යන වරදක්,
ලංකාවේ එහෙමද?
ලංකාවෙ නම් ඊලඟ ආත්මයට කල් දාගන්න පුලුවන් නොවැ.

ලංකාවේ ඒ තත්වය බොහෝ දුර වගේ තමයි පෙනෙන්නේ
ඒත් මං හිතන්නේ අපි එයට වැඩි දුර නෑ කියල.

ලංකාවෙත් එහෙම කාලයක් එනවමයි.
ඒ මොකද?

මිනිසුන්ට ඇතිවෙලා ද දැන් තියෙන්නේ.
බොරුව
රැවටීම
මෝඩ කම ඥාණවන්ත ක්‍රියාවක් ලෙස මාධ්‍යයෙන් පෙන්වීම.

ජරාව කාල ආරපු කාලකන්නි අනිත් මිනිස්සු මෝඩ සිපයියො කියල
හිතන  බව දැන් ජනයා දන්නව.
ඉන්ග්‍රීසියෙන් සුද්දන්ට බය පස්ස පාත බව පෙන්වන අතරේ,  සිංහලෙන් 1000 ටෝක්ස් දෙන බව ජනතාව දන්නව. කුඩු ගෙන්වන අය ආණ්ඩුව සරණං ගච්ඡාමී බව ජනතාව දන්නව
අරක්කු කාලට බත් පාර්සලේට කුඩු පැකට් එකට
ඡන්දය අලෙවි වන බව දන්නව.

අපේම චන්දෙන් අපේම කර පිටින් දියවන්නාවට ගොස්
අපේම දාඩිය මාන්සියෙන් උපයන බදුවලින් යැපෙමින් අපිටම පාට් එක දාන් උන් ඉන්න රට මේක.

දේශප්‍රේමයේ නවතම වෙස් මුහුණ-රූපාන්තරණය- විදුලි පුටුව-බව ජනයා දන්නව.

11 comments:

  1. ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සක මුදලට විකිනෙන්න අරගෙන දැන් බොහෝ කාලයක් වෙනවා ..

    ReplyDelete
  2. මොකක් හරි කරල එළියට ගමු අවංක මනුස්සයෙක් නේ.

    ReplyDelete
  3. දන්නවා තමයි,ඒ වුනාට මොකුත් කරන්නේ නෑනේ.මොකද ගලා යන ජලයෙන් දිය දෝතක් ගන්න බලන් ඉන්න එවුන්නේ ඉන්නේ.

    ReplyDelete
  4. ලංකාවේ ඒ වගේ හොරුන්ව බුද්ධිමත් ජන්ද දායකයෝ එකතු වෙලා පළාත් සභාවට,පාර්ලිමෙන්තුවට යවනවා.පස්සේ රටේ නායකකමටත් පත් කරනවා.අපි එහෙමයි හොරුන්ට වුණත් සලකන්නේ.

    ReplyDelete
  5. // ඒත් මං හිතන්නේ අපි එයට වැඩි දුර නෑ කියල.//

    කවුද මේ "අපි" කියන්නෙ? මේ බ්ලොග් එකේ අයද?
    මොකද බහුතරයක් වන අපේ දේශ ප්‍රේමී, ජාති හිතයිශී, ආගම් වාදී, බටහිර සහ අපිට වෙනස් හෑමදේම විරෝදී සින්හයන් නම් ඒ තත්වයට එන බවක් පෙනෙන්න නෑහෑ

    ReplyDelete
  6. එංගලන්තෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.......වෙන්නෙනෑ...එහෙම කරන්ඩ බෑ ලංකාවේ සූරා කෑමට ලක්වෙච්ච එකත් උෘට චාන්ස් එකක් ආපු වෙලාවක ඌත් බලන්නෙ අනිකාව සූරගෙන කන්න.ලුලා නැති වලට කණයා පණ්ඩිතයාය.චන්ඩියා නැති හංදියේ නොන්ඩියත් චන්ඩියෙක් වෙනවලු ඔන්න ඔය වගේ නියායන් වලින් පිරිච්ච ලංකාවෙ ..... හිතන්ඩවත් බෑ.එහෙම වෙන්ඩම ඔනෙනම් එන්ඩ ඕනෙ මොකද්ද.......
    ..

    ReplyDelete
  7. ඔහේට තේරුනාට. ලංකාවේ අම්බරුවන්ට ඒවයේ වගක්වත් නෑ. උන්ට වීරයෝ වෙන්නේ, හොරු, මිනීමරුවෝ, කසිප්පු කාරයෝ, කුඩු කාරයෝ, බඩු කාරයෝ.

    ReplyDelete
  8. හැමදාම කථා කලත් ඔච්චරම තමයි කිසි වෙනසක් නෑ

    ReplyDelete
  9. දයාල්...මිතොටමුල්ලේ සාධු ඔයාට මොකද කිව්වෙ ..... :)
    සද්ද නැතිව ඉන්න කිව්ව නේද...???

    ReplyDelete
  10. දැන්වත් වෙනසක් වෙන්න ඕනේ

    ReplyDelete
  11. අපේ රටේ ආණ්ඩුවේ සල්ලිවලින් බඩුවක් ගැහුවේ නැත්නම් ඊළඟ ඡන්දෙදි නොමිනේෂන් දෙන්නේ නැහැ.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්