Followers

Tuesday, March 4, 2014

ෆේස් බුක් එකේ මෝඩ උපාසකම්මලා



එකල්හී

දස බිමබරක් වූ මාර සෙනග මෛත්‍රී බලයෙන් පරාජය කලා වූද
ත්‍රෛලෝක නාථ වූ ඒ බුදු පියානෝ මිහිකත
 සනහා පිය නගන තන්හි තන්හි සුවඳ කුසුම් පුබුදවමින් වඩිනා කල්හී
කල්පාන්තරයක් පුරා උන් වහන්සේ හඹා යමින්
සසරේ එක් ජීවිතයකදී  නොලද රන් තාලියට
වෛර බැඳි දේවදත්තයන් ක්‍රෝධයෙන් මඬනා ලද සිතින් වෛර්යයෙන් දැවෙමින්
එහිමියන් මග එන කල් යල් බලා
 පර්වත මස්තකයේ සිට මහා කලු ගලක් උන් වහන්සේ මතට පෙරලූහ.

එ අසා සිටි, අඩ නින්දේ පසු වූ උවැසියන්ගේ

සාදූ සාදූ නදින් විහාරයේ ධර්ම මන්දිරය ගිගුම් දුන්නේය.

මෙකල්හී

විසි එක් වෙනි සියවසේ මුල් භාගයටද අවතීර්ණව ඇති මානව සංහතියේ
බිලියන හයක මහා ජන සන්නිපාතයට වැළඳී ඇති ෆේස් බුක් සන්නිපාතයට අසුව
හසරක් නැති හුදී ජන පිරිසක් කෙනෙකුගේ මව මිය ගිය තන්හී
ඔහුගේ ෆේස් බුක් පෝස්ටුවට ලයික් කළාහුය.

සාදූ සාදූ යි කියා කෙසේ කියම්ද ?

35 comments:

  1. ඈනුමක් ගියත්, ෆේස්බුක් දානකොට, හැම එකටම ලයික් දාන එක අහන්ටත් දෙයක්ද?
    දැන් ඔතන මෝඩ උපාසක මහත්තුරු කවුරුත් හිටියේ නෑලුද?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි හැම වෙලේම පිරිමිත් එක්ක ගේම වගෙයි. අර ඩොමිනාට්‍රික්ස් ලිපි එහෙම ආයෙ දාන්නකො.අපි ආසයි ඒවට .දාන්න මිස්ට්‍රස් පොඩ්ඩි කියල

      Delete
    2. No I & P ,

      i observed last few days

      Delete
    3. Haven't you observed anything else, like "bokka " the stalker :)

      Delete
    4. පොඩි කුමාරි හාමිනේ

      උපාසකලත් ඉන්න ඇති, හැබැයි ඒ අය වැඩියෙ සාදු කියන්න යන්නේ නෑනේ.

      Delete
  2. උපාසකම්මලාට යි උපාසක මහත්තුරුන්ටයි මෝඩයි කියන්න එපා පව්!

    ReplyDelete
    Replies
    1. හැබෑ උපාසක උපාසිකාවන් මේ ලිපිය දැකීමෙන් තරහ ඇති කරගන්නේ නැත. ඒකයි පව?

      Delete
  3. ඒ විතරක් නම් මදැයි .... සාදු සාදු

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ තවත් මේවැනි දෑ සිදුවේ?

      Delete
  4. හැක් ...හැක් .... පළමු කොමන්ටුවෙ ඉදලම ....එක්කො ඕනෙ නැහැ දයා......
    සාධු...සාධු...සාධු.....................................

    ReplyDelete
  5. //හසරක් නැති හුදී ජන පිරිසක් කෙනෙකුගේ මව මිය ගිය තන්හී
    ඔහුගේ ෆේස් බුක් පෝස්ටුවට ලයික් කළාහුය.//

    හැබෑටම දයල් උඹ මට නේද මේක කිව්වේ...හැක්

    ReplyDelete
    Replies
    1. දැනගත්ත එක හොඳයි!

      Delete
  6. ඇයි අර ටැබුවාත් ලිව්වා නේ ලිපියක් වීරවංශගේ අම්මා මළ වෙලේ නේද?

    ReplyDelete
    Replies
    1. ඒ වගක් දන්නේ නැත

      Delete
  7. "හසරක් නැති හුදී ජන පිරිසක් කෙනෙකුගේ මව මිය ගිය තන්හී
    ඔහුගේ ෆේස් බුක් පෝස්ටුවට ලයික් කළාහුය."

    එයාල දානව අපි ලයික් කරනවා. ;)

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ඇත්තක් තියෙනව ටොයිලට් එකට ගියත් ඒකත් සමහරු දානවනේ

      Delete
  8. යාලුකමට ඉතින් ලයික් එකක් නොදා හොඳ නැහැනේ.. :)

    ReplyDelete
    Replies
    1. යාලු කම කියන්නෙ ඒකනේ

      Delete
  9. මට චූ බරයි කියලත් බුකියේ දාන වුන් ඉන්නෙ ..
    අනේ සාදු සාදු

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් ඉහලින් කීවේ, වෙන බර ගැන දාන්නෙ නැතුව එහෙම ඒව එතරම් අවුලක් නෑ

      Delete
  10. දැන් දාන ස්ටෙටස් වල හැටියට ඔව බලල ලයික් කරන්නෙ කවුද නේද මෙයා

    ReplyDelete
    Replies
    1. දවසට කීපාරක් කියවන්න කියලද, හැම එකටම ලයික් එක ප්‍රෙස් කරනව ඇරෙන්න වෙන මොනව කරන්නද?
      ඇත්ත.

      Delete
  11. ඇත්තටම මටත් පොඩි ගැටලුවක් තියෙනවා කෙනෙක් මියගිය වගට ෆේස් බුක් එකේ සටහනක් දැම්මාම ඒකට "ලයික්" එකක් දැමීම ගැටලුවක් . එයින් හැඟවෙන්නේ මියයාම ගැන කැමැත්තෙන් පසුවන බවයි.

    ReplyDelete
    Replies
    1. මොඩල් එකේ දෝසයක් තියෙනව, ඒ උනාට මෝඩ උපාසක වෙන්න ඕන නෑ.

      Delete
  12. මේකයි වැඩේ... ලයික් කියන ඔප්ෂන් 1 නිසි ලෙස භාවිතා කරන්න දන්නැති කම 1ක්...
    අනික ලයික් නැත්තං ඩිස්ලයික් බට්න් 1ක් නැතිකම

    ReplyDelete
    Replies
    1. ඔප්ශන් නැති කම ප්‍රශ්නයක් තමයි

      Delete
  13. මේකට මමත් ලයික්....:D

    ReplyDelete
  14. ලයික් කරලනේ පොස්ට් එක බලන්නනේ....

    එතකොට ඔයවගේ වෙනවා...

    ජය වේවා!!!

    ReplyDelete
  15. විදානෙගෙ කතාව ඇත්ත.................

    ReplyDelete
  16. සී.ජේ. විදානේ, කුරුටු ගෑ ගී පවුර

    සාදු කිව්වට පස්සෙ තමයි තේරෙන්නෙ
    වැරදි තැනයි සාදු කිව්වෙ කියල,
    ඒත් ආයි ඇදල ගන්නයෑ! නැද්ද?

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්