Followers

Wednesday, March 19, 2014

ජාත්‍යන්තර (අ)සතුටු දිනය- International Day of Happiness-20th March

ජාත්‍යන්තර සතුටු දිනය
(කැම්පස් කොල්ලොන්ට ඊයෙ පිටෝටුවෙදි කඳුලු ගෑස් ගහල)




මගේ සතුට බිරිඳගේ අසතුට
බිරිඳගේ සතුට මගේ අසතුට නම්

මගේ සතුට අනෙකාට පෙර නිවනට යන්නට නම්

මගේ සතුට අල්ලපු ගෙදරට එකා තමාට වඩා දුප්පත් නම් නූගත් නම්

ඉඩම් ඇමති මේ ළඟදී කියූ පරිදි පියාගේ ඉඩමට අයිතිවාසිකම් කීම සඳහා පුතාගේ සතුට සිය පියා කලින් මියැදීම නම්

මගේ සතුට  රට දිනවා ජාතියක සතුට නොව  ක්‍රීඩාවලින් ලැබෙන මුදල නම්

මගේ සතුට වැද්දන් වැද්දන් විදිහටම තියාගන්නට නම්

දෙමළුන් දෙමළුන් විදියට තියාගන්නට නම්

මගේ සතුට ගම, නූගත් ගම දුප්පත් ගම ලෙසම තබාගන්නට නම්

මගේ සතුට නායක කම තියාගන්නට අනෙක් එවුන් වඳ කරන්නට නම්

මගේ සතුට ව්‍යාපාරවලින් උපරිම ලාභය මිස සේවකයන්ගේ සතුට නොවේ නම්

මහ පරිමාණ කොම්පැනි වල සතුට හැකි තරම් කුඩා ව්‍යාපාර ගිලගන්න නම්

මගේ සතුට  මිනිසුන් දුක් විඳ හරි හම්බ කල මුදලට ගැසූ බදුවලින්- අනුන්ගේ මුදලින් මගේ එවුන්ට සැප විඳින්න සැලසීම නම්

පෝසත් බලවත් රටවල වල සතුට දුප්පත් රටවල් දඬුඅඬුවලට සිර කොට තබාගන්න නම්

කොටින්ම, මගේ සතුට,

මේ මගේ සතුට අනෙකාගේ අසතුට නම්

ජාත්‍යන්තර සතුටු දිනය විහිලුවක් නොවේද?

මහිතන්නෙ ලංකාවේ මාධ්‍ය එය හොඳින් දන්නා නිසාදෝ ජාත්‍යන්තර සතුට ගැන හාවක් හූවක් නැත.

{       මගේ සතුට මට අනුන්ට වඩා හිට්ස් ලැබෙනවා නම්( අවංකව මගේ සතුට එයය, ඒත් කවදා ඉස්ට වේවිද ඒ බලාපොරොත්තුව ) }

41 comments:

  1. අර අවසාන බලාපොරොත්තුව ඉක්මණින් ඉටුවේවා!!! :D

    ReplyDelete
    Replies
    1. 1995130 w3 lanka
      1,880,718 kathandhara
      753220 maraya

      මෙන්න මේව පාස් කරගෙන යන්න මට ඕනා,
      ස්තූතියි මොරාල් සපොර්ට් එකට

      Delete
    2. ඉක්මනින්ම ඒ පැතුම ඉටුවේවා. මටත් ඔය සේරටම වඩා හිට්ස් ඔනේ වෙලා තියෙනවා

      Delete
    3. හැබයි- හැබෑ ලිංගික ලිංගික නිදහස-ඔබගේ නම නම් ශෝක් අර උඩින් කිව්ව නොම්මර ඉක්මනටම පාස් කරන්න ඔබට ලැබෙයි. මොකද ඔය නිදහසනේ අපි කාටත් ඕනා

      Delete
  2. එහෙම දිනයක් තියෙනවද ???

    ReplyDelete
    Replies
    1. ඔව්, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තමයි මෙය නම් කර තිබෙන්නේ.

      It was established by the United Nations General Assembly on 28 June 2012. Assembly Resolution A/RES/66/281

      Delete
  3. අවසාන බලාපොරොත්තුව ඉස්ට නොවේවා..

    ReplyDelete
    Replies
    1. කොක්කටමයිනෙ ඔයා එන්න හදන්නෙ

      Delete
  4. හුටස්...
    මාර කතාවක් නෙව...
    කෝමත් මිනිහ තුල කුහක සතෙක් ඉන්නව මයි නැත්තජං ඔය ජීවත් වෙන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. අනෙකාගේ සතුට, කුහකත්වය, මමත්වය, අපත්වය,හුට පට ගොඩයි, පිස්සු වගේ ඔය දේවල් ගැන හිතන කොට

      Delete
  5. සාපෙක්ශව බලන්න පුරුදුවෙලා ඉන්නකන් ඔක වෙනස් වෙන්නෙ නැ බන්.එ කියන්නෙ අපිට ඔන කරන්නෙ අපිට ඇත්තටම ඔන දෙවල් නෙමෙයි.අනුන්ගාව තියෙන දෙවල්.

    ReplyDelete
    Replies
    1. ඒ ඒ සාමාන්‍ය මනුස්ස ගති නරකයි කියල කවුද අපිට කියල දීල තියෙනව, ඒකයි මෙතන අවුල

      Delete
  6. මෙන්න කමෙන්ට් එකක් !

    සතුටුද?

    ReplyDelete
    Replies
    1. සතුටුයි කියන්නෙ මලේ
      උඩ පැනල නටන්න හිතුන
      නටන්න හිතුනා
      නටන්න හිතුනා

      Delete
  7. හ්ම්!
    හිට්ස් තම්බල කන්නද බං.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඔයා නරක වැඩ කරන්න එපා රාජ්..

      Delete
    2. ඒක තමයි රාජ්, ඔන්න ඉතින් නරක් වෙන්න හදනව.

      ඒකට මං හයි ටෙක් නමක් දෙන්නම් ඕනම නම්
      ජනප්‍රිය බ්ලොග් දර්ශක මූලය

      Delete
  8. ඔව්,හුගක් වේලාවට අපේ සතුට ඇතුලේ තවත් කෙනෙක්ට අසතුට තමයි හිමි හුගක් වේලාවට.ඒ අපේ ඇතුලේ තියෙන ආත්මර්ථකාමිත්වය නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ සානාන්‍ය මනුස්ස ගතිය

      Delete
  9. කෝ හිට්ස් ඉල්ලුවට හිට්ස් කවුන්ටරයක්වත් නෑනේ ! දෙතුන්දෙනෙක්ගේ පිට කසලා බලන්න. සමහර විට හරි යයි.

    ReplyDelete
    Replies
    1. හිට්ස කවුන්ටරයක් නම් තිබෙයි එහි ඉලක්කන් නම් අඩුයි
      කසලවත් බලමු

      Delete
  10. මෙන්නම් මගෙනුත් අවසන් බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න සහයෝගයක් , මේකම මදැයි ඉතින් නැද්ද දයා

    ReplyDelete
    Replies
    1. ඉවාන් ඔබ හැමදාම වගේ එක දාන හිතවතෙක් නේ,
      අපිටත් දවසක හඳ පායයි

      Delete
  11. /* මගේ සතුට අනෙකාට පෙර නිවනට යන්නට නම්*/

    අනේ යන්න, අපිට මොකද?

    ReplyDelete
  12. ඔව් අපායට යනව නම් තමයි කම්පනි එකක් ඕනා ඒ කිව්වෙ තනියට කවුරු හරි ඕනා

    ReplyDelete
  13. මේ දිනේ ගැන කවුරුවත් දන්නෙත් නෑ. මමත් දැනගත්තේ මේ පෝස්ට් එක දැක්කට පස්සේ.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ දැන් දැනගත්තානේ

      Delete
  14. මෙන්න ඔබේ සතුට වෙනුවෙන්...............

    ReplyDelete
    Replies
    1. ජාත්‍යන්තර සතුටු දිනයේ, කෙනෙකු තව කෙනෙකුගේ සතුට ගැන හිතීම කොතරම් හොඳද? මහිතන්නේ එකසත් ජාතීන්ගේ මණ්ඩලයත් බලපොරොත්තුවෙන්න ඇත්තේ මෙය වෙන්න ඕනා?

      Delete
  15. හැමදාම කියවලා යනවා. ඔබේ සතුට වෙනුවෙන් මෙන්න මගෙන් කමෙන්ටුවක්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි රෑට රෑට ඇවිල්ල මගේ පල බල රුකෙන් ගෙඩි කඩාගෙන කාල හොරෙන්ම යන කෙනෙක්, මගේ ඇඬියාව දැකල දුක හිතිල කොමෙන්ටුවක් දාලා, අනේ ස්තූතියි, හැමදාම එන්න රෑට රෑට, තිබුනොත් ගෙඩි කාල මේ වගේ කොමෙන්ටුවක් දාල යන්න.
      විහිලුවට්යි කීවේ ඔරවන්න නම් එපා!

      Delete
  16. මමත්, අනුන්ට බයිලා කිව්වට හිට්ස් වලට මාර කෑදරයි.. ඒත් මුල් කාලේ බල්ලෙක් වත් ආවේ නෑ හුජ්ජා පාරක් වත් දාලා යන්න.. හැබයි හිට්ස් ගන්න නම් මෙහෙම ලියලා බෑ. මේන නිකං අවාරෙට දෙල් වගේ.. එහෙම නෙමෙයි.. හැමදාම ටච් එකේ ඉන්න ඕන.. ඒකනේ මම එරියස් එක්කම කව්‍ර කරන්නේ.. අර උඩ කියලා තියෙන අය අතරේ මමත් ඉන්නවා හොඳේ..

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් හැමදාම ලියන එක ෆුල් ටයිම් ජොබ් එකක් වගේනේ,
      තව තවත් වැඩ තියෙනවනේ,
      කොහොම හරි තව අවුරුදු 17කින් පෙන්ශන් යන්න බලාපොරොත්තුවේ.
      එතකොටවත් බලමු, ඇරියස් කවර් කරන්න.

      Delete
  17. හ්ම්...වාචාල කොල්ලො කියන දේ නොහහන් ..

    ReplyDelete
    Replies
    1. අනේ අයියෝ එහෙම කියනවද ඒ මහත්තයට

      Delete
  18. මෙහෙම දවස් ඇත්තටම තියෙනවද බං..

    ReplyDelete
  19. ඔබෙ සැප මගෙ සතුටයි..

    ජය වේවා!!!

    ReplyDelete
  20. සී.ජේ. විදානේ
    මුතු බිහි කරලා අනුනට බෙදලා
    මුතු බෙල්ලෙකි වැනි අද මා ඉන්නේ

    ReplyDelete
  21. සතුටින් ඉන්න ඕන කියලා ජනේලෙන් එහා පැත්ත බැලුවාම...අල්ලපු ගෙදර ජෝඩුව හිනාවෙවී. මුකුළු කර කර ඉන්නවා..උන්ගේ සතුට දැක්කාම මෙහා ගෙදර එකාට මල පනිනවා :D

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්