Followers

Wednesday, April 2, 2014

ලාංකික දේශපාලනය විජ්ජාවක්ද විද්‍යාවක්ද කලාවක්ද?

The Message

ලංකාවේ දේශපාලනය විද්‍යාවක් ලෙස භාවිතයට දමන්නන් ජනතාව විසින් ඡන්දයේදී කුණු කුඩයට දමන බව මට  පසක් වූයේ දවසේ  අවසානයේ වෙහෙස නිවාගන්නට දාගත් දෙකට පින්සිදුවන්නටය. 2104 පලාත් සභා ඡන්දයේදී ජවිපෙ හා සරත් ෆොන්සේකාගේ පක්ශය දිනාගත් චන්ද සංඛයාව බලන විට සතුටක් උපදිතත් යූ එන් පිය විරුද්ධ පක්ශයක් ලෙස සිය වගකීම ඉටුකරන්නේදැයි සැක සංකා උපද්දයි.  ඒ අනෙක් මොන දුර්වලකමක් ගැනවත් නොව මා කතා කරන්නේ. රනිල් සංගීත පංතියකට නොයෑම ගැනය. ජෝතිපාලගේ බැරි නම් හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා වැනි ක්‍රිස්ටෝපර් පෝල්ගේ වත් ගීයක් ගයන්නට උගත යුතුය. ලංකාවේ වත්මන් ඡන්ද දායකයා නායකයන්ගෙන් උදක්ම බලාපොරොත්තුවන චූටි දස්කමකි. මෙහෙමවත් කැපවීමක් කරන්න බැරි නායකයෙකුගෙන් ඇති පලේ කිම. එය හම්බන්තොටින්, හිරුනිකාගෙන් මනාව ඔප්පු වේ.

ලංකාවේ ඡන්ද දේශපාලනය දිනන්නට නම් විජ්ජාවක් ලෙස හෝ කලාවක් ලෙස භාවිත කල යුතුමය. ආයෙ එහි දෙකක් නැත. එසේ කරන්නට හදවත ඉඩ නොදෙන අය වේදිකාවෙන් ඈත්වී සිටිය යුතුය. මෙය දයල් බතී දේශපාලන නියම අංක එකය.

ලංකාවේ සාමාන්‍ය අපි භියෙන් සැකෙන් දුකෙන් සිටින පිරිසකි. අපේ දුක සාංකාව සැකය භිය දුරු කරන්නට හයියක් වන ඕන කෙනෙකුට දේශපාලන දැනුම උගත් කම නොබලා අපි ඡන්දය දෙමු. ලංකාවේ අපි සිටින්නේ පැය විසි හතරේම දෙවියන් යදිමිනි. තුන්සරණේ පිහිට යදිමිනි. පිරිතේ පිහිට යදිමිනි. බෞදධ නාලිකාවේද අයි ටී එන් එකේද රූපවාහිනියද ගුවන් විදුලි සංස්ථා රේඩියෝවේ බණ අසමින් බුදුන් සරණ යදිමිනි. 71 සිට පැමිණි රාජ්‍ය ත්‍රස්තවාදයේ සෙව නැල්ල තවම එසේමය. ජීවිතේ අමාරුවීම දරගැනීමට බැරිව විශ්ව විද්‍යාල සිසුන් පවා මාල කඩති. ඩෙංගු මදුරුවෝද පිලිකාවද මිනිසුන් ඩැහැ ගන්නට දොර ලඟ බලා සිටී.
මැද පෙරදිග ගිය අම්මා අක්කා නංගී නිදුකින් ගෙදර ඒදැයි සැකය.

ජනතාවට ඔය දේශපාලන බයිලා ඓතිහාසික බයිලා ඕනෑම නැත.තමන්ගේ වල තමන් කපා ගැනීම වැනි දෙයකින් වත් ජනතාවට යම් චූන් එකක් දිය යුතුය.

අඩුම තරමින් ඔවුන් වෙනුවෙන් ගීතයක් බැරි බැරි ගාතයේ හෝ ගයනු ඇසීමට ජනතාව පුල පුලා බලා සිටිති. එසේ ගී ගයන අයටද කලාකරුවනටද ඡන්දය දෙන්නට ජනතාව කාරුණිකය.

මිනිසුන් භියට පත් වූ විට ආරාම ගස් ගල් පර්වත වගේම පිරිත් සරණ යෑම අහන්නත් දෙයක්ද? නිතරම මේ ඇහෙන කන්දොස්කිරියාවෙන් භියෙන් ගැලවෙන්නේ බලවතුන් වේදිකාවේ ඉඳ හිට ගයන ගී කැබැල්ලෙනි. මේ වගකීම පැහැර හරින්නන්ට ජනතාවගෙන් සමාවක් නැත.

ඔබ පෙනී සිටින සත්‍යයත් එයද?

20 comments:

  1. ඕකට කෙටියෙන් කියන්නේ " සිංහල දේශපාලනයේ දයාසිරි සලකුණ" කියලා

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ එච්චරම වටින්නෙ නෑ,
      ජරාවට යටවෙන ලකුණ
      වවුල් සිරි,
      පනින සිරි,

      Delete
  2. නියම ලියමනත්. ඇත්ත ඕක තමයි. අමූලික ඇත්ත. රනිල් ලොක්ක නං සින්දු කියන්නෙ නැති එකමයි හොඳ. එහෙම උනොත් ඒකත් අර රබන් ගැහිල්ල අත්පුඩි ගැහිල්ල වගේ වෙයි

    ReplyDelete
    Replies
    1. රනිල්

      කාලය මරණ
      ආණ්ඩුව අතට වැටෙනතුරුබලා සිටින.......
      නායකයින් පන්නාගන්නා ප්‍රතිපත්තියෙ පිහිටා සිටින
      ප්‍රතිපත්ති ගරුක නායකයෙකි

      Delete
  3. විමල්, කපුගේ ගේ ගීත ගායනා කරනවා අහලා තියෙනවද...? පට්ට වැඩේ කියන්නේ, අනිත් ඔක්කෝටම වඩා හොඳට ඌ ඒකත් කරනවා.

    මම නම් සින්දු කියන උන්ට ඡන්දේ දෙන්නේ නෑ කවමදාවත්. උන් මේ රටේ දේශපාළණය විහිළුවක් කළා..

    ReplyDelete
    Replies
    1. විමල් ජනතාව චූන් කරන මන්තර දන්නවා

      Delete
  4. රනිල් කියනවා නම් මොකක්ද යෝජනා කරන සින්දුව?

    ReplyDelete
  5. Paradeela pala giye na

    ReplyDelete
    Replies
    1. කතනදරට උත්තරේ හම්බ උනානේ

      Delete
  6. අර ශ්‍රී ලාල් අබේකෝන් ගේ සිංදු ටිකක් දුන්නනම් රනිල්ට කියන්න..

    ReplyDelete
    Replies
    1. ලින්ක් ටික දාපංකො

      Delete
  7. හිරුණිකා ලස්සණයි...මේ මා දුටු සත්‍යය...:D:D

    ReplyDelete
    Replies
    1. අහා පුදුමයකි !! ඉමහත් පුදුමයකි !! ස්ත්‍රියක් විසින් තවත් ස්ත්‍රියක් ලස්සනයැයි ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ. හරි පුදුම ජනකයි !
      :D

      Delete
    2. පොඩි කුමාරි හාමිනේ ඊට වඩා ලස්සනය.

      සෙන්නා ඔන්න ඕක අහගන්නද දන්නෙ නෑ ඉරිසියාවක් නැති බව පෙන්නුවේ, හා! හා!

      Delete
  8. අපි වගේ මිනිස්සු ඉන්නකං ඔය ඕන එහෙකුට දිනන්ට ඇහැකි බං...

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ ....?

      හරි හරි තේරුණා

      Delete
  9. රනිල්ට සින්දු කියන්නත් බැහැ බයිලා කියන්නත් බැහැ.දේශාපාලනේ බැරි වෙලා බයිලා කියන්නවත් ඉගෙන ගත්තානම් බලේ අරන් රනිල් සැහෙන කල්.

    ReplyDelete
    Replies
    1. රනිල් කියන්නෙ ඉවසන්න ඉවසන්න තව ඉවසන්න, හදිසි කාරයො යන්න, අපි ඊලඟ අවුරුද්දෙ බලය ගන්නවා, ඉවසන්න

      Delete
  10. හොරකමට තමයි දැන් අපේ මිනිස්සුත් කැමති.මොකද දැන් පොඩි එකාගෙ ඉදලම කොරන්නෙ හොරා කන එකනෙ..

    ReplyDelete
    Replies
    1. හැම කෙනාටම ජරාව ටිකක් හරි කවනවා ඊට පස්සෙ රහ වැටෙනවා

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්