Followers

Friday, April 11, 2014

ඥාණසාර හිමි - මානසික රෝගී දර්ශකය - අම්මප අපිට පිස්සු!








අවුරුද්දට සතුට අරන් එන්න
මට බැරි උනාට හරිම දුකයි

මේ අවුරුද්දෙ
ජාතියක් රටක් විදියට ලංකාවට
සතුටු වෙන්න පුලුවන්ද?

සවුදියෙ දවසට එකා ගානෙ අපේ සහෝදරියො මැරෙනව,
උන්ගෙ අවයව අතුරුදන්. මේ දුශ්ඨ කෲර වැඩවලට තානාපති කාර්යාලයේ නිලධාරීන්ද සම්බන්ධයි කියල පුවත් පත්වලින් කියැවුනා.

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගෙ මූත්‍රා මාර්ගයට ගෙදර ස්වාමි දුවත් ඇයගේ දියණිවරුත්
අල්පෙනෙති ගහනව. සමහරවිට බිරිඳ එවූ සල්ලි වලින් සැමියා බොනවා ඇති. උගේ බිරිඳගෙ අරකට සවුදියෙ වේ*යෝ අල්පෙනෙති ගහනව. ඉන්න ඇමතිල රොත්ත බුරුත්තට මේව පේන්නෙ නෑ.
අපි 20 20 තරඟෙට හුරේ දානව.

මේ අවූරුද්දෙ අපිට සන්තෝසෙන් අවුරුද්දට කැවුම් කන්න පුලුවන්ද ?

ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවො සිය සහෝදර
 කාගෙත් ගෞරවයට පාත්‍ර වන විජිත  හාමුදුරුවන්ට බල්ලා යයි ආමන්ත්‍රණය කර වදාරණව,

ලංකාවේ 60%ක් මානසිකව රෝගීයිලු.-

(මෙරට 60%ක් මානසික රෝගීන්

April 11, 2014 at 4:07 pm | lanka C news

මෙරට 60%ක් මානසික රෝගීන් යයි බස්නාහිර පළාතේ සමාජ අධ්‍යක්ෂක අනූෂා ගෝකුල මහත්මිය  පැවසුවාය.
සමාජසේවා නිලධාරීන් දැනුවත් කිරීම සදහා කොළඹ  දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී ඒ මහත්මිය එසේ ප‍්‍රකාශ කළාය.
එහිදී අධ්‍යක්ෂකවරිය මෙසේද පැවසුවාය.
‘අද සමාජ ගැටලූ වැඩි වෙලා.  දික්කසාද වීම් වර්ධනය වෙලා.  දියවැඩියාව නිසා කකුල් කපන පිරිස ඉහළ ගිහින්.  මාර්ග අනතුරු නිසා දිනකට ආබාධිත වන පිරිසත් ඉහළ ගිහින්.  ලංකාවේ හැම දහ දෙනෙකුගෙන්ම හය දෙනෙක් මානසික රෝගීන්.  ළමා අපචාර, ළමා ගර්භණීන්, ගණිකා වෘත්තිය, බුද්ධි ඌනතා සහිත දරුවන් එන්න එන්නම වර්ධනය  වෙලා.  තව අවුරුදු පහකින් හිතාගන්න බැරිතරම් සමාජ් ප‍්‍රශ්න ඇති වේවි.  මේ නිසා සමාජ සේවා විෂය පථය පුළුල් විය යුතුයි’)

දුප්පත් ඉස්ලාම් භක්තිකයින් රැවටිලා.
දුප්පත් ඉස්ලාම් භක්තිකයෝ ලොව පුරාම වෛරයට පාත්‍ර වෙලා.
උන්ටත් පිස්සු හදවල. මහ ගිනි රස්නේ මුලු ඇඟම වහගන්නව.

ලංකාවටම එපා උනු හුලුගල්ල ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් දූරයට පත් කරල.

හොර ඡන්ද පත්‍රිකා බලවතුන්ගෙ ගෙවල් වල තිබිල අහුවෙනව.
හැන්දෑවෙ හතරට ඡන්දය දැමූ ප්‍රතිශතය 40%, හැන්දෑවෙ පහ වෙනකොට 60-65% වෙලා. එහෙම වෙන්න හැම තත්පරයටම චන්දය බැගින් දැමෙන්න ඕනලු.

වැව් හදන්න සල්ලි දුන්නම ඒව තමන්ගෙ සාක්කුවලට දාගන්නවලු කියල දයාසිරි ඇමති තුමා කියනව.

වාමාංශික පතාක යෝධයෝ ජනපති ඉදිරියේ නිවට නියාලු වෙති.

මාදුලුවාවේ සෝභිත හාමුදුරුවො දේශනා කරනව ව්‍යවස්තාවට, පාර්ලිමේන්තුවට හා අධිකරණයට වග නොකියන කෙනෙක් රටේ ඉන්නව; මේක මහ භයානක තත්වයක් කියල.

පාරවල් ගැන කියනව නම් ඒවා කෝටි ගනන් පඩි ලබන දේශපාලකයො කරන්න ඕන වැඩ. පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නැති නිසා එය කල් තබනව.

දකුණ, බස්නාහිර
ඡන්දෙට පෙර කොටි ආයේ නැගිටින පාටක් තමයි පෙන්නුවෙ,
ඡන්දෙ අහවර වෙච්ච් හැටියේ කොටි නායකය මැරිල

පාරවල් ටික ගැන උදම් ඇනුවට පාරවල් ලොකු වෙනව, සාමාන්‍ය ජනයාට ජීවත් වීම එන්න එන්නම අමාරුවෙනව. පොල් ගෙඩිය ගත්තු කෙනා දැන් ගන්නෙ භාගයයි. කිරි පිටි සීනි තේ කොල කඩෙන් ගන්නෙ වේලෙන් වේලට.

රටේම ඉන්න දූශිතයො දේශපාලන ආයතනවලට ඡන්දෙන් පත්වෙනව. ඒ අයගෙ දූ දරුවනුත් පත්වෙනව.
සැබෑ වෙනසක අවශ්‍යතාවය අලුත් අවුරුදු පැතුමක්!

කොලෙන් ආවත් වවුලා
රතෙන් ආවත් නැවිලා
 නිලෙන් ආවත් අපට කෙලලා

කොලෙන් ආවත් රතෙන් ආවත්
 නිලෙන් ආවත් කහෙන් ආවත්
වවුලෝ අපට කෙලලා

ශුභ අලුත් අවුරුද්දක් වේවා!

අම්මප අපිට පිස්සු!

-----------------------------

අද ලංකාවේ තියෙන්නේ ‘කළු’ එෆ්.එම්. හා කළු රූපවාහිනී නාලිකාඅද වන විට සමස්ත සමාජයම කළුපාට සමාජයක් වී හමාර ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය ප‍්‍රණීත් අබේසුන්දර මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය සිසු සිසුවියන් පිරිසකගේ ගීත ඇතුළත් ”කිරි කවඩි සිනා’ සී. ඞී.  තැටිය එළිදැක්වීමෙ උලෙළේදී විශේෂ දේශනයක් පවත්වමිනි.
එහිදී වැඩිදුරටත් පළකළ මහාචාර්යවරයා මෙසේද කීය.
මස් වැඩිපුර ආහාරයට ගන්නා යුරෝපීය මිනිසුන් සිය පෘථුල සිරුරට ගැළපෙන් රගර් වගෙ ක‍්‍රීඩා තෝරාගෙන තිබෙනවා.  එම් සිරුරුවලට ව්‍යායාමයක්  වැනි වේගරිද්මයට නටන සංගීතයක් ඔවුන් තෝරාගෙන තිබෙනවා.  ශරීර ශක්තියට පළමු තැන ලබාදෙන සමාජයකට රුචි සංගීතයක් ශ‍්‍රී ලංකාව වගේ ගැඹුරින් සිතන සමාජයකට උච්තදැයි අපට ප‍්‍රශ්නයක් පැනනගිනවා.
කළු ආර්ථිකයක් ඇති රටක කළු ෂල්ලි සංසරණය වන රටක සමස්ත සමාජයම් කළුපාට සමාජයක් වී හමාරයි.  කළු එෆ්.  එම්.  නාලිකා රූපවාහිනී නාලිකා ක‍්‍රියාත්මක වන කළ  මිනිසාගේ  සිතට අයදත්මයට කතා කරන සුභාවිත සංගීතයට අරුත්බර කලාවකට පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ
ශ‍්‍රී ලංකාව වැනි සිත මුල්කරගෙන සමාජය නිර්මාණය වූ ආසියාතික රටවලට බොහොවිට උචිතවන්නේ සිරුරට නොව සියුම් ඉන්ද්‍රියන් සහිත සවනට සිතට ආමන්ත‍්‍රණය කරන ගීතාවලියක්’
6,462 Viewers



30 comments:

  1. බ්ලොග් ලියන්නත්, ඒවා කියවන්නත් සෑහෙන පිස්සුවක් තියෙන්න ඔනේ. ඔය 60% ට අපිත් අයිතියි.

    ReplyDelete
    Replies
    1. "මම ඥාණසාර හිමියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බණ නෙවෙයි. උන්වහන්සේ බණ කියනව හැබැයි ඒ උනාට මට බණ අහන්න ඕන නම් ඕන තරම් හිමිවරු ඉන්නවා. මම උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන් හඬක්. . .
      මුස්ලිම් ල වෙනුවෙන් මුස්ලිම් මන්ත්රීල ඉන්නව.උන් කට ඇරියොත් කියන්නෙ මුස්ලිම් ජනතාවගේ ප්රශ්ණ ගැන.ඊට අමතරව අරාබිය ඉන්නවා. කතෝලිකයො වෙනුවෙන් අගරදගුරු එයාලගෙ බලයෙන් සතියෙන් නඩු ඉවර කරල කතෝලික චූදිතයො නිදොස් කොට නිදහස් කරනවා.
      එතකොට අපිට කව්ද ඉන්නෙ? අපිට මොකෙක්වත් නෑ. බොදු බල සේනා නැත්තම් අපි තාමත් තම්බින්ට බැන බැන හලාල් කනවා.කූරගල තාමත් අල්ලා වඳිනවා. තව පංසල් කිහිපයක්ම ඩෝසර් වෙලා පල්ලි හැදෙන්න ඉඩ තිබුනා.
      සිංහල බෞද්ධයා වෙනුවෙන් ඥාණසාර හිමි හඬ නගන තාක් කල් මම උන්වහන්සේසමගයි. එතනින් එහාට උන් වහන්සේ අරක්කු බිව්වද වාහන එළෙව්වද කියන එක මට වැඩක් නෑ. මුස්ලිම් උන් කොහොමත් උන්වහන්සේට බනිනවා..ඒක කමක් නෑ උන්ගේ හතුරනේ.
      උන්වහන්සේට බණින සිංහලයන්ට මම මේ කියන්නේ,
      උඹල හිතන්නේ හාමුදුරුවරු කරන්න ඕන බණ කියන එකයි භාවනා කරන එකයි විතරක් කියලනම්, එහෙම කලානම් අද ලංකාවෙ සිංහලුත් නෑ බෞද්ධයොත් නෑ ඔය තර්කය ගේන්න උඹලත් නෑ.සිංහල බෞද්ධයාට කරදරයක් වෙන හැම වෙලාවකම අතීතයේ ඉඳන් පෙරට ආවෙ හාමුදුරුවරු. ‘සුද්දාව කපන්න පුරන් අප්පුට කඩුව දුන්නෙ කුඩාපොල උන්නාන්සෙ බව දන්නෙ නැති උන් සහ අමතක උන් ඥාණසාර හාමුදුරුවන්ට බැණපල්ලා
      ~Sajith Nilanga De Silva~

      Delete
    2. වි‍ශේෂයෙන්ම කතන්දර කාරයටා වගේ වගේ වේසිගේ පුතිලට මේක අදාලයි.ඉන්නේ ලංකානේ නෙමේ.කරන්නේ ලංකාවට නො‍‍මේ. නමුත් කියවන්නේ ලංකාව ගැන. අැටේ වළලන්න විකරක් මොහේ අයි ආයුබෝවන් තමුන්ගේ ඇටෙයි . අස්ථ් පඤ්ඤරයයි දෙකම එහෙම වළල ගතත්නම් අහකයි නෙව.

      Delete
    3. රටක වැඩ කෙරෙන බොහෝ ජනයා පිළිගත් පිළිවෙලක් පිළිවෙතක් තිබෙනවා.
      එයට පිටින් අතිධාවන වැඩ කළ කස්ටියක් තමයි ජවිපෙ
      දැන් මොකද වෙලා තිබෙන්නේ.
      සතුරා එනම් දුප්පත් මුසල්මානුවන් ඇමට දමා සිය වාසිය පතන ධනපති මුසල්මානුවන් ඇතුලු ලෝකයේ බලවතුන් ඉතා බලවත් වුවත් කපටි වුවත් අප යා යුතු මග බොහෝ දෙනා පිළිගත් මගක් තිබේ.
      අවුරුදු පන්සියයක යුරෝප පාලනයෙන් හෙළ බස රැස සමූල ඝාතනය කල හැකිවීද?
      ඇෆ්ඝනිස්තානයට, ඉන්දුනීසියාවට, මාල දිවයිනට වූ දේ අපට වේ යයි භයක් ඇති කර ගත යුතුද?

      හරක් මස් කෑමට සිය දිවි නසා ගත් හාමුදුරුවන් මෙන්ම ඥාණසාර හාමුදුරුවන්ගේ හඬද නිහඬව බලා සිටින බොහෝ අයගේ හඬක් බව කියනු මොකටද?
      ඒත් ඥාණ සාර හාමුදුරුවන් තේරුම් ගන්න උත්සහ නොකරන විජිත හිමියන්ගේ කතාවේ උත්ප්‍රාසය ඥාණසාර හිමියන්ගේ බලපෑමට වඩා මහත් බව කියනු කැමත්තෙමි.
      දුප්පත් මුසල් මානුවන්ගේ චින්තනය වෙනස් කල හැක්කේ එලෙසය.

      Delete
  2. ඒ කියන්නේ දැන් බුදු බණත් බොරු වේගනද යන්නේ !? බුදුහාමුදුරුවො නම් වදාලේ "සබ්බේ පෘතග්ජනා උම්මන්තකා"කියලා.. එහෙම බැලුවොත් ලංකාවේ එකම එක්කෙන් හැර අනිත් ඔක්කොටම පිස්සු වෙන්න ඕනා. ඒ කියන්නේ 60% ක් නෙමේ, 99.99999999999999999999999999%ක් වෙන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. හරියට හරි සෙන්නා. දයාල් බතී අන්තිමට කියන්නා වගේ අපි හැමෝටම පිස්සු

      Delete
    2. අපිට පිස්සු වගේ ඉන්න වෙලා තිබෙනව
      පරිසරය සකස් කර තිබෙනව

      Delete
  3. සෝභිත හාමුදුරුවෝ කීව ඔක්කොම ඇත්ත...

    ReplyDelete
    Replies
    1. සෝභිත හමුදුරුවො බොහෝම ඥාණවන්ත හිමි නමක්
      ජනපති ඇතුලු මේ ආණ්ඩු බලයට ගෙන එන්න වැඩ කළ කස්ටිය
      රට යන අත දැන් ඇහැට ටෙලි කණට පිරිත් බඩට විස දැමූ කෑම බඩේ බාගෙට ආදී වශයෙන් අගාධෙට යන විදියක් පේන්නෙ
      ඉතින් කෝමද කතා නොකර වැඩ නොකර, රට මේ අගාධයෙන් ගොඩ ගැනීමට විරුද්ධ පක්ශ තල්ලු කරන්නේ නම් වඩා හොඳයි
      නායකත්වය ගැනීමත් හොඳ දෙයක්

      Delete
  4. හොඳ සමාලෝචනයක්

    ReplyDelete
  5. පුක හුරතල්....මොලේ කචල්..ආශ්චර්ය පුහ්..

    ReplyDelete
    Replies
    1. රට දියුණු වීම හොඳයි
      ඒත් අපේ ගෑනුන් විකුණාගෙන කෑම හොඳ දේයක්ද?

      Delete
  6. එක අතකින් බැලුවම නානසාරත් හරි. මොකෝ ආන්ඩුවෙන් කරන්නේ නැති දේවල් ඒ යකාවත් කරන්න එපයි.

    ReplyDelete
    Replies
    1. පුදුමයි මූ ඒක පිළිගත්තා.

      Delete
    2. ආණ්ඩුවෙ අවධානය යොමු කිරීමයි කළ යුත්තේ
      ආණ්ඩුවේ වැඩ තමන්ගේ විදියට කරන්න යාමයි අප්සෙට් එක
      අනෙක සිය සහෝදර සංඝයාවහන්සේ නමකට සලකන විදිය අන්තිම පහත්

      Delete
  7. Respect???? hiks
    http://www.youtube.com/watch?v=lejehgbq-B0

    ReplyDelete
    Replies
    1. සෝම හිමියන් අපවත් වී ඇති නිසා දොස් නොකියමි

      Delete
  8. නානසාර කරන්නෙ ආණ්ඩුවෙන් නොකරන දේ නෙවෙයි... ජනතාවගෙ මතය අවුල් කිරීම උදෙසා ආන්ඩුවට කරවාගත යුතු දේයි.

    හරක් මැරිම සහ මුස්ලිම් ව්‍යාප්තවාදය විතරද තියෙන ප්‍රශ්න? පෙළපාලි වලට වෙඩි තැබීම, උතුරේ බලහත්කාරයෙන් පදිංචි කරවීම, ආයුධ හංගපුවා පෙන්නන්න එක්කන් යාම, අධිකරණය බල්ලට ගිහින් තිබීම, මෙව්වට විරුද්ධව නානසාර කෑගැහුවොත් මං පිළිගන්නව මාතලං ඉහළින් කියල තියෙන දේ හරි කියලා.

    ReplyDelete
    Replies
    1. මා ඩ්‍රැකී සමගයි

      Delete
  9. ලංකාවේ 60%ක් මානසික රෝගීන් ඉන්නවා කියන එක පිළිගන්න වෙනවා.එකනේ මේ රජයට බහුතර බලයක් තාමත් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඉනාවක් ගිල්වා ඇත

      Delete
  10. නානසාර නිසා වෙනත් ආගමිකයන් ඉදිරියේදී මම බෞද්දයෙක් යයි කීමට මට ලෑජ්ජා සිතේ

    ReplyDelete
    Replies
    1. නානසාර නරක මිනිහෙක්ද
      පිස්සෙක්ද
      ඉත්තෙක්ද
      ඩොලර් කාක්කෙක්ද
      විකෘති වී ඇති ශ්‍රී ලාංකීය සමාජයේ පෙරගමන් කරුවෙක්ද
      සිංහල බුද්ධාගම් කාරයින්ගේ ගැලවුම් කාරයෙක්ද
      මුසල්මානුවන්ගේ හතුරෙක්ද
      විකෘතියක්ද
      නායකයෙක්ද
      අනුගාමිකයින් පිරිසක් සිටිත්ද

      Delete
  11. හැමෝටම එක එක ආකාරයේ වැඩ ගොඩා....රියක් තිබේ :)

    ReplyDelete
  12. අප වසර 2500 ක පටන්ම විවිධාකර යුද්ධ වල පටලැවුණි. සිංහල බෞද්ධයා බෞද්ධ දර්ශනයේ බලපෑමෙන් ආක්‍රමණිකයෙක් නොවුනේය.තමාගේ පාඩුවේ ජීවිකාව කොටගෙන ජීවත්විය.

    එහෙත් තමාට එරෙහි සෑම ආක්‍රමණයකදීම තම ආයුධ මුවහත් කලේය.එහෙයින් මේ ලොවේ මේ ව.කිමී 65610 තුළ පමණක් වෙසෙන මේ සිංහල ජාතිය ආරක්ෂා විණි....නමුත් ද්‍රෝහීන් සහ පාවාදෙන්නන් ද ඒ අතර සිටි බැවින් යම් යම් ස්ථානවලදී පරාජයන් ලැබීමට සිදුවිය.

    වලගම්බා රජ කළ අවසන් යුදයේදී සතුරන් පෙති පෙති ගසා සිංහලදීපය එක්සේසත් කලේය....වැරදීමකින් හෝ සිංහල බෞද්ධ සේනාව මේ රජු මුල්වී කරන මේ මනුෂ්‍ය සංහාරය පිලිබඳ සටන අතරතුර බෞද්ධයෙකු වශයෙන් ලැජ්ජා වුණි නම්.....මෙරට ඉතිහාසය හා වර්ථමානය මඳක් හෝ සහමුලින්ම වෙනස් වීමට ඉඩ තිබිනි.....

    ReplyDelete
    Replies
    1. තවමත් අප සිටින්නේ වලගම්බා රජ සමයේ නේද

      Delete
  13. අයියේ කෝ ඔයා.දැන් සති 4ක් අලුත් එකක් ලියලා නැහැ කොමෙන්ට් නොකලට ඔබේ රසිකාවියක් :D

    ReplyDelete
    Replies
    1. ගෑනු ලමයෙක් ( හික්ස්) කිව්වම නොලිය කෝමද?
      මගෙ ඊලඟ මාතෘකාව - දේවදත්තගේ ආගම කුමක්ද?

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්