Followers

Saturday, May 17, 2014

සමන්ත භද්‍ර සෝවාන් නම් සෝභිත අනාගාමී?


Vesak 2014, Wesak Lanterns Pictures

සිංහල බ්ලොග් ලෝකයේ කස්ටිය අවුරුදු පාටි දැම්ම. අවුලක් නෑ. එන අවුරුද්දෙ මාත් එනව.

නත්තල් අහකයි. මැතිවරණයක් බෝම ළඟයි.

වෙසක් නිමිත්තෙන් යමක් ලියන්නට ඕනෑ වුවත් නිමිත්තක් ආවේ පමාවෙලා.

සාමාන්‍යයෙන් නැගල යන මාතෘකා තමයි මුදල්, ස්ත්‍රීන් ගැන, බෞද්ධ භික්ෂූන්, මර්වින් සිල්වා ගැන ලියන එක. මං ඒවයින් එකක් තෝරගත්ත. ළඟ එන මැතිවරණ එල්ල කරගෙන බෞද්ධ භික්ෂූන්ගේ දේශපාලනාවතරණය ගැන.
(ප්‍රධාන මාතෘකාවට ඒමට පෙර හිතට බරක් වූ කාරණා දෙකක් සඳහන් කරනු කැමැත්තෙමි.
ලංකාවේ කැබිනට් එකේ ඇමති කෙනෙක් ඩොලර් මිලියනයකට අමෙරිකාවෙන් ගෙයක් අරගෙන. අනේ සාදු, වෙසක් එකට ලංකාවේ ජනතාව දානයක් දුන්න කියල හිතමු.
රාජිත ජෙනරල් ෆොන්සේකට ගේම දුන්නයි  කියන්න වගේ රට යන්නෙ රාජිතල වගේ එක එක ගේම් කාරයින්ට ඕනා විදියටද?
ජෙනරල් ෆොන්සේකට ගේම දුන්නේ තමන්ය කියා රාජිත දැන් කියන්නේ ඇයි.?)


බෞද්ධ භික්ෂූන් දේශපාලනයට ඒම


බද්දේගම සමිත, වටරැක විජිත, සිංහල උරුමයේ සාදුලා, ගලබොඩ අත්තේ ඥාණසාර ඇතුලු බොදු බල සේනාව හා මාදුලුවාවේ සෝභිත යන ප්‍රසිද්ධ භික්ෂූන් දේශපාලනය ගැන ප්‍රසිද්ධයි.
බෞද්ධ භික්ශූන් දේශපාලනයට ඒම මා දකින්නේ නෝබිනා දෙයක් හැටියට නොවෙයි.


ඒ මන්ද තනියෙන් බුදු වීම පසෙක ලා පොලවේ පයගසා ජීවත් වන විට හුදී ජනයා විඳින දුක දැකීමයි.  දැනීමයි. ඇත්තටම සිය උපාසක උපාසිකාවන්ගේ තමන් උදෙසා දෙන දානමානාදියට ගරු සත්කාරවලට කරන ප්‍රතිඋපකාරයක් ලෙසත් සලකන්න පුලුවන්.  ජනයා හා රට වෙනුවෙන් යමක් කරන්නට තිබෙන උවමනාවත් ඒ පසුබිමේ තිබෙනව.
කැලේකට වැදී අවබෝධ වූ නිවන මක්කටද, එලියට ආවිට තිබෙන පරිසරය අවමංගල නම්!
නිවනත් පොදුවේ සොයා යා යුතු දෙයක් මිස තනිව භුක්ති විඳිය හැකි සැපක් නොවන බව තේරුම් යාම භික්ශූන් දේශපාලනයට ඒම තුල තිබෙනවා යයි මට හිතෙනව. ඒ නිසයි භික්ෂුව දේශපාලනයට ඒම ගැන මගෙ විරෝධයක් නැත්තෙ.

එමෙන්ම සමන්ත භද්‍ර තනියෙන් සොයාගොස්, සොයා ගෙන ඇති අර්හත් පලයට වඩා සෝභිතගේ දේශපාලනය මට ප්‍රිය මේ නිසාය.

කෙසේ වුවද සමන්ත භද්‍ර හාමුදුරුවන්ගෙ භූමිකාවට මා ප්‍රිය තව කරුණක් තිබෙනව. ඒ කෙනෙකු තමන් රහත් යයි කීවොත් එසේ නැතැයි ඔප්පු කරන්නට විදියක් නැති කම සාකච්ඡාවට ගැනීමට එතුමා උදව් වූ නිසාය.

සෝභිත හාමුදුරුවන්ගෙ වත්මන් භූමිකාව කුමක්ද? අපි සැවොම නිවනට ගෙන යන්නට යන ගමනක්ද ?
කළ පව් ගෙවන්නට කරනා තැතක්ද?

මන්ද 87-88 කාලයේ කොල්ලනව කෙටි පාරෙන් නිවනට යවන්න එතුමන්ලාලාගේ ජාතිවාදී හොරනෑව හේතුභූත වූ බැවිනි..

ජාති වාදී ලාල් කාන්තලාත් සෝභිත හාමුදුරුවොත් අතැඟිලි අල්ලාගෙන ඇතැයි දෙස් දෙන දෑ මාධ්‍ය තුලින් මා දැක ඇත. සෝභිතත් ජවිපෙත් ජනපති ව්‍යවස්තාවට අකමැතිය.. ඒ අනුව ඉදිරියේදී බොහෝ ඉඩ තිබෙන්නේ ජවිපෙහි ජාතිවාදී පාර්ශවය බලවත් වූවොත් ඒ පැත්තෙන් සෝභිත පොදු අපෙක්ශකයා ලෙස එලියට එන්නටය.

සරත් ෆොන්සේකාත් රනිලුත් ජනපති ව්‍යවස්තාව සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප නොකරති. මන්ද මේ පවතින ක්‍රමය ගැට ගහගෙන යන්න හොඳම බෙහෙත මේ ඒකාධිපති ව්‍යවස්තාව බැවිනි.

ඒ නිසා මෙවර ජනපති වරණයට පොදු අපේක්ශකයින් දෙදෙනෙකු තුන්දෙනෙකු විපක්ශයෙන් ඉදිරිපත් වීමේ අවදානම ඇත.

ජනතාවට දුකක් වූ මේ අවදානමෙන් මිදෙන්නේ කෙසේද?

බුදු දහමේ තාර්කිකත්වය මේ අවස්තාවේ භාවිතාව නොයුතුද?
නීතියට ඉහලින් සිටින මාරයා දමනය කල යුත්තේ කුමන මාර්ගයේ ගමන් කරමින්ද.?
රටේ නිවනට මග 1987 බෝ ගහ හන්දියේ ගිනිතියා ගන්නවා යයි පාරම් බෑම වැනි කෙටි පාරවල් හරහාද?

 නිවන තනියෙන් යා හැකි ගමනක් නොවන බව දැනීම නිවැරදි වුවත් යා යුතු මාර්ගය 1987 පිටකොටුවේ බෝ ගහ හන්ඳියේ ගිනිතියාගන්නවා යයි පාරම් බෑ මාර්ගය දැයි අපට සැකයක් උපදී.

 මෙතැනදී නම් ඔබ නිවැරදි බව මගේ මතයයි.. විධායක බලතල සහිත ජනපති රනිල්ද සරත් ෆොන්සේකාද මහින්දට හෝ ප්‍රේම්ට දෙවැනි නොවනු ඇත. ඒත් ජනපති වරනයෙදී ඔබ ගන්නා මග ජනතාව නැවතත් නිරයට ගෙන යාදැයි මෙනෙහි කල යුතුව ඇත.
වෙන් වෙන්ව යාම නිවන් උදෙසා කැලේට ගොස් භාවනා කිරීම හා සම නොවේද?

Hari Wesak 2014 - Wesak Lanterns Pictures

මෙය ඔබට මෙන්ම අන්, ජනපති කමට ලොබ බැඳි ජනතාවගෙන් ඈත් වූ නායකයන්යින්ටද පොදුය. අපි බලා සිටිමු. අවුරුදු 30 යුද්ධයෙන්ද, පසු ගිය දශක හතරක කාලයක් අපෙන් මිනිස් කම සෝදා පාලු කල දේශපාලනයෙන්ද, ආර්තිකය මේ මට්ට්මෙන් හෝ දුවන්නට දායක වූ රට- නොරට දුක් විඳින,  ජීවිත පූජා කල ආරක්ශක අංශවල අපට මෙයට වඩා වර්තමානයක් හා අනාගතයක් උරුම විය යුතු නේද?


21 comments:

  1. ලිපියේ පොඩ්ඩක් කලවම් වගේ ගතියක් දැක්කත් ඔබ විමසන දැ තුළ ඇති සත්‍යය වැටහේ.තිනියෙන් නිවන් යනවට වඩා හොඳයි ඔබ යෝජනා කරන දේ. එත් ප්‍රායෝගික දැයි විමසා බලන්න. අවසන් වදන් ටික හිතට වැදුණා
    // ජීවිත පූජා කල ආරක්ශක අංශවල අපට මෙයට වඩා වර්තමානයක් හා අනාගතයක් උරුම විය යුතු නේද?//
    නොලද දේට වඩා ලද දේ වටී. නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි. මේ අපේ පරණ කියමනක්.......

    ReplyDelete
    Replies
    1. ඒ වුණත් නලින් අයියේ මේ යකා අපි හිතුවට වඩා කලුයි නේ...:D

      Delete
    2. මනෝජ් නලින්ට ටොක්කක් ඇන්නද?

      Delete
  2. ජනතා විමුක්ති පෙරමුනට ජාති වාදියි කිව්වොත්,මහින්දල අති ජාතිවාදී වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ජාතිවාදය ඔය කවුරුත් ඕනෑ වෙලවට එලියට ඇදලා ගන්න තුරුම්පුවක්.

      අද මූ, හෙට අරූ, අනිද්දා වෙන එකෙක් ඉදිරියෙන් ඉන්නවා.

      Delete
    2. ජනතා විමුක්ති පෙරමුණ ජාතිවාදී කියල මං ලියල නෑ

      Delete
  3. හාමුදුරුවන්ට දේශපාළණය කරන්න කියලා තියෙන්නේ මොන සූත්‍රයේද? වසල සූත්‍රයේද?

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවරු තමයි දේශපාලනය කරන්නම සුදුසු පුද්ගලයින්.
      නමුත් බලය විසින් මිනිසාව විනාශ කරනවාලු

      Delete
  4. දයාල් බතී සහබ්,

    "සෝභිත හාමුදුරුවෝ" අනාගාමී නම්, "ඥානසාර හාමුදුරුවෝ" අරහත් වෙන්ටෑ!!!!!!!

    හික්z!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඒ හාංදුරුවොත් සුලුපටු මෙහෙවරක්ද කරන්නෙ; විහිලු නොකර ඉඳපන්
      ආණ්ඩුව , පත්තර, දුවාගන්න උදව් වෙන එකම මදිද?

      එයත් මොනව හෝ කාමටහනක් ලබල ඇති

      Delete
  5. මට නම් ඔය ගනතට්ටයො පේන්න බෑ.ඔවුන් කටෙන් නෙමේ කතා කරන්නෙ.සතෙක් හදනවට විරුද්ධයි හැබැයි මිනීමරන්ඩයි කතාව.මේ රටට වගතුවක් නැත්තෙ මේ දෙපිටකාට්ටුවො හින්ද. පේන්නැද්ද පාරෙ යකා නටනව.රැස්වීම්වලට කඩා පනිනව. උන්ට පිස්සු හැදිල තියෙන්නෙ.

    ReplyDelete
  6. දයාල් බති,
    කොපමණ දුසිල්වත් භික්ෂුන් වහන්සේලා සිටියත් ඒ අය ගිහියන් වූ අපට වඩා ශිලයෙන් ඉහලය. සංඝ ශාසනය වියැකී අනාගතයේ පහළවන බෙල්ලේ කහ රෙදි කඩක් පමණක් දරා සිටින කාශාවකන්ඨකයාට දෙන දානය උවත් මහත්ඵල මහානිසංශ වන බව සහ එකී කාශාවකන්ඨකයාටද දානයක් සංඝික කිරීමට හැකි යයි දේශනා කර ඇත.මක්නිසාද එකල සමාජය කෙතෙක් දුරට පිරිහී ගොස් තිබෙනවාද කියා කියතොත් ඒ සමාජය තුල ඉන්නා පිරිහුණු ජනයා අතර කාශාවකන්ඨකයා සිල්වතෙක් වෙයි. මිතුර එබැවින් භික්ෂුන් වහන්සේලාට අපහාස උපහාසකිරීමෙන් වලකින්න.සිල්වත් හෝ දුසිල්වත් සංඝයා උපාදාන කිරීමෙන් වලකින්න. සංඝයා ගින්න වැන්න.

    ReplyDelete
    Replies
    1. අහෝ නොදැනුම්කමක තරම ! දුසිල්වත් මහණුන්ට පැවතිය යුතු අයුර බුදු දහමේ මනාව පෙන්වා ඇත.. නැවත කියවා බලන්න..

      Delete
    2. සාමාන්‍ය ජන සමාජයේ මෙන්ම භික්ෂු සමාජයේද සුසිල්වතුන් මෙන්ම දුසිල්වතුන්ද සිටිති. එහෙත් නිරාකරණය කරගතයුතු ප්‍රශ්නය වන්නේ දුසිල්වත් භික්ෂුන් වහන්සේ දුසිල්වත් මිනිසාට හා සමානද යන්නය. මෙය ධර්මය ඇසුරින්ම විමසිය යුතු කරුණකි.

      මේ ගැන නිගමනයට එළඹීමට සඳහා ආධාර කර ගත හැකි හොඳම ආධාරකය ඇත්තේ මිලින්ද ප්‍රශ්නයේය.

      මිලින්ද ප්‍රශ්නය යනු මිලින්ද රජතුමා සහ නාගර්ජුන හිමියන් අතර පැවති ධර්ම විවාදයයි. එය විශාල පොතකි. එහිදී ශාරංශ වශයෙන් මුලික කරුණු 10 කින් සහ අතිරේක කරුණු 10කින් දුසිල්වත් භික්ෂුන් වහන්සේ දුසිල්වත් මිනිසාට වඩා උසස් වන බව නාගර්ජුන හිමියන් විසින් මිලින්ද රජතුමාට ඔප්පු කර ඇත. පහත දැක්වෙන්නේ එම කරුණුය.

      මුලික කරුණු 10

      1. භික්ෂුන් වහන්සේ චිවරය දැරීම

      2. භික්ෂුන් වහන්සේ මුඩුකළ හිස දැරීම

      3. සංඝ සමාජයට ඇතුලත් නිසා දානය ලැබීමට සුදුසුවිම

      4. ත්‍රිවිධ රත්නය සරණ යන බැවින් දානය ලැබීමට සුදුසුවිම

      5. වීර්ය වැදීමට සුදුසු ශුන්‍යාගාර සේවනය කරන බැවින් දානය ලැබීමට
      සුදුසුවිම

      6. සර්වඥතාවය නම්වූ ශ්‍රේෂ්ට ධනය සොයන බැවින් දානය ලැබීමට
      සුදුසුවිම

      7. ධර්මානුරුපිය හැසිරෙන බැවින් දානය ලැබීමට සුදුසුවිම

      8. බුදුන් වහන්සේ තුන් ලොවටම අග්‍ර යයි දෙසන බැවින් දානය ලැබීමට
      සුදුසුවිම

      9. සද්ධර්මය දේශනා කරන බැවින් දානය ලැබීමට සුදුසුවිම

      10. නව උපොසතය නොකඩවා සමාදන් වීමෙන් බැවින් දානය ලැබීමට
      සුදුසුවිම

      අතිරේක කරුණු 10

      1. බුදුන්වහන්සේ කෙරෙහි ගෞරවයක් දක්වයි

      2. ධර්මය කෙරෙහි ගෞරවයක් දක්වයි

      3. තමන් හා සමාන සංඝයා කෙරෙහි ගෞරවයක් දක්වයි

      4. ඇවත් උදෙසා සිල්වත් වීමට වෙර දරයි

      5. දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන්
      මනා ලෙස තම හිත සංවර කර ගනී

      6. දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන්
      මනා ලෙස තම කය සංවර කර ගනී

      7. දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන්
      මනා ලෙස තම වචනය සංවර කර ගනී

      8. ඔහුගේ හිත භාවනාභිමුඛවේ.

      9. පව් කලත් ඒවා එළිපිට නොකරයි

      10. ගර්හා බයින් (ලජ්ජා බයින් යුක්තවේ. )

      මෙම කාරනා නිසා යම් අයෙක් ශ්‍රමනයන් වහන්සේ නමක් දුසිල්වත්විම එම භික්ෂුන් වහන්සේට බලපාන කරුණක් මිස එම භික්ෂුන් වහන්සේට ගර්හා කිරීමට අපට ලැබුණු බලපත්‍රයක් නොවේ. තමන්ගේ දුසිල්වත්වීම තුලින් තමන්ට අහිතකර බලපෑම් ඇතිවන කර්ම රැස් කර ගැනීමට එම දුසිල්වත් භික්ෂුන් වහන්සේ කටයුතු කරන අතර, අපත් එවැන්නන්ට ගරහා අපට අහිතකර බලපෑම් ඇතිවන කර්ම රැස් කර ගැනීමට කටයුතු කරගත යුතුද?

      Delete
    3. මේ ක්‍රයිටිරියා එකෙන් කීයක් කැඩුනාම දුසිල් වෙන්නෙ, මෙ ඉන්න හැත්ත ඔය ඔක්කොම කඩලනෙ සර් ජෝන් කිව්වා වගෙ දැන් පුකෙ තාර ගාන්න තමා තියෙන්නෙ.

      Delete
  7. භික්ෂූන් දේශපාලනය කිරීමෙන් රටත් බුදු සසුනත් දෙකම අනාතවෙයි.. ඔන්න මගෙ මතේ..

    ReplyDelete
    Replies
    1. ගිහියන් හරියට නොකරන නිසා උන්වහන්සේලාට අතදාන්න වෙලා තියෙනව

      Delete
  8. මොන යකා හරි ඇවිත් කමක් නැහැ රට ගොඩ දාන්න පුලුවන් නම් මේ නරා වලෙන්.

    ReplyDelete
    Replies
    1. මොන යකාවත් කියන එකට මං නං නෑ කැමති
      ඒ උනත් ඔබ අදහස් කරන එක අපට තේරෙනවා.

      Delete

  9. සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරයේ යෝජනාවන් නරක නැහැනේ මේ ක්‍රමය වෙනස් කරගන්න ඕනනම්.

    ReplyDelete
    Replies
    1. ඒව නරක නෑ.
      නමුත් කෙරෙන විදියක් බලමු.
      චන්ද්‍රිකා හා මහින්ද දෙදෙනාම ආවේ ජනපති පදවිය අහෝසිකරන්නටයි, අන්තිමට දැන් එලෝ ගන්න බැරි තත්වයක් ඇතිවෙලා. ඒ අතින් නිර්පාක්ශිකයෙක් ඉදිරිපත් කිරීමේ යෝජනාවට වලංගු භාවයක් තියෙනව. නමුත් ඒ අපේක්ශකයා පරදින්නට දමන කෙනෙකු නොවිය යුතුයි. ගියවර යූ එන් පිය සරත් ෆොන්සේකාගෙ කකුලෙන් ඇද්ද වගේ නොවිය යුතුයි.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්