Followers

Friday, May 23, 2014

ඔබ ගැන, ඔබෙ සැමියාට සැක නම් ..............

කුස්සියෙ තිබෙන බ්ලෙන්ඩර් එක දමා පෙන්වන්න

blender : Portrait of a couple making fresh fruits juice in their kitchen



මේක පුංචි විහිලුවක්
මහිතන්නෙ බොහෝ අය අහල ඇති
ඇත්ත ජීවිතයේදී අපෙ යෙහෙලියන් යහලුවන් මේ කතාව
භාවිතා කරන විදිය දැකල මගෙ පුංචි පෝස්ටුව ලියන්න හිතුන

දර්ශනය
හොඳින් ඉර පායා ඇති උදෑසනක්, වේලාව උදේ දහය පමණ

රැකියාවට නොයන බිරිඳ ගෙදර සිය සැමියා රැකියාවටද ළමයි පාසලටද පිටත්ව ගිය පසු
ගෙමිදුලේ මල් පාත්ති සකසයි.

ටෙලිෆෝනය නාදවනු ඇසේ, ඇය දිවගොස් ටෙලිෆෝනයට උත්තර දෙයි.

සැමියා අනෙක් පසින් යම් යම් දේ කියයි
ඇය හ්ම් හම් හම්
යයි කියමින් අසා සිටී.

අවසානයේ ඇය
"ඕන නම් කුස්සියෙ බ්ලෙන්ඩර් එක දාල පෙන්වන්නම්"
 කියා සිනාවී ටෙලිෆෝනය තබයි.

පසුබිම් කතාව මේකයි
රැකියාවට නොයන සිය බිරිඳ ගැන හැම විටම සැක සිතෙන පිරිමියෙක් හැම දාම සිය කාර්‍යාලයේ සිට කතා කොට සිය බිරිඳට කුස්සියට ගොස් බ්ලෙන්ඩරය දමා පෙන්වන ලෙස කියනවාලු.
ඒ සිය බිරිඳ ගෙදරදැයි සැක හැර දැනගැනීමටයි.
දිනක් මේ සැමියා බිරිඳගේ ක්‍රියාකලාපය සැක හැර දැන ගැනීමට කාර්‍යාලයෙන් වේලපහින් පැමිණියාලු.

ඔහු එන විට ගෙදර සිටියේ ළමයි දෙන්නා පමණි.
ළමයින්ට හරි සතුටක් දැනුනි. අනේ අපෙ තාත්ත වේලාසනින් ගෙදර ඇවිල්ලා....

කෝ ළමයිනේ අම්මා?

අනේ තාත්තෙ, තාත්ත වැඩට ගියාට පස්සෙ අම්ම මොකක්ද එකක් ලොකු බෑග් එකේ දාගෙන ඉස්සරහ ගෙදර අන්කල් එක්ක කාරෙකේ නැගල කොහෙදෝ ගියා

සැමියා වහා කුස්සියට දුව ගියේය.



35 comments:

  1. දැන්නම් කියන්නේ වතුර මෝටරය දාන්න කියලා.

    ReplyDelete
    Replies
    1. හරි;
      ඒක ගලවගෙන ගෙනියන්න බැරි නිසා වෙන්න ඇති?

      Delete
  2. වෙන ක්‍රමයක් හදාගන්න එක තමා හොද...

    ReplyDelete
    Replies
    1. අනේ කිරි මගෙ පටියො
      මගෙ ලියන මේසෙ ලාච්චුවෙ ඇති රිසීට් එකක් බලල නොම්බරේ කියන්නකෝ

      Delete
  3. රැන්ඩම් තෝරගත්ත මොකක් හරි සද්ද කරන්න කියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. සී ඩී ප්ලෙයර් එකේ අමරදේවගෙ සී ඩී එකක් ඇති
      ඒකෙ දෙවැනි සින්දුව දාන්නකෝ මට අහන්න ආස හිතුන.

      Delete
  4. දේශකය බය වෙලා වගේ මොකද..........?

    ReplyDelete
    Replies
    1. මටත් තේරුණා එහෙම ගතියක්.
      ඉස්සරහ ගෙදර අංකල් මෙයාද?

      Delete
  5. හිහි....
    ඒ කියන්නෙ මොන දේ කරල වත් ගැහැණිය රැක ගන්න බෑ කියලමද....????

    ReplyDelete
  6. Replies
    1. තව කාන්තාවක්
      නං හොයා ගන්න බැරියෑ
      බ්ලෙන්ඩරේ ගැනයි මෑන්ට දුක

      Delete
  7. 4G zone එකක් ගෙදර සවිකරගෙන ස්මාට් phone එකක් අරන් දුන්නානම් හරිය සක හිතෙන වෙලාවට වීඩියෝ කෝල් එකක් අරන් බැලිය හැක. එතකොට බිරියට ගෙදර සිටම හතරවටේට මල් කැඩිය හැක. ගෙදරින් පිටට යනවා කියා සැමියාටද සැක නැත. දෙදෙනාම සතුටින්

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි දෙපැත්තම සතුටුයි

      Delete
  8. බ්ලෙන්ඩරයක් නැතිව පවුල් ජිවිතයක් ගෙනියන්ඩ බෑ!

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම එකක් ඕනමයි
      ගල් නෑනෙ දැන්

      Delete
  9. බ්ලෙන්ඩරේ කැඩිලා හදන්න ගියා කියන්න ඇති වයිෆ් ආපුගමන්.. :D

    ReplyDelete
    Replies
    1. සාර්ථක උත්සාහයක්. අල්ලපු ගෙදර අංකල් එක්ක නැතුව මින් පස්සෙ ත්‍රී වීල් එකක් ගෙන්නං යන්න ( මගදි මාරුවෙන්න මතක තියාගන්න )

      Delete
    2. අපූර්වී,
      ඔව් අනේ මහන්සි වෙලා එන ඔයාව බඩ ගින්නෙ තියන්න පුලුවන්ද
      මං ඒක හදාගෙන එන්න ගියා ඔයා ගෙදර එන්න ඉස්සෙල්ල

      Delete
    3. ඉන්දික උපශාන්ත
      ආතල් එක තියෙන්නෙ අනුන් දැන ගත්තමත්නේ

      Delete
  10. මගේ හොඳම යාළුවෙක් ඉන්නව පිර රට. ඌ හැම තිස්සෙම වගේ ස්කයිප් එකෙන් නෝනා චෙක් කරනවා. අර මනුස්සයට දොට්ට පිලට යන්නවත් නෑ. ගෑණි කියන්නේ මීට හොඳයිලු හිඟා කකා හරි ඌ මෙහේ ඉන්නවනම්. ඌ හැබයි එහේ බඩු ගහනවා.

    ReplyDelete
    Replies
    1. කොයි වෙලාවෙද ගෑනි ඕක උඹට කිව්වෙ?

      Delete
    2. තමන්ගෙ බිරිඳගෙ දුක සැප සොයා බලන හොඳ සැමියෙක්
      ඒකනෙ ඔක්කොම පැනල නම්බු නාමෙ ගන්නෙ

      Delete
  11. THIS IS A STALE JOKE

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතින් හිට්ස් ටිකක් දාගන්න එපයි

      Delete
  12. This is found in many blogs. recently in pakis pettiya too bathi... not your type sp remove it

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතින් හිට්ස් ටිකක් දාගන්න එපයි

      Delete
  13. නොරොච්චෝලේ අවුල් වෙලා ගෙදර කරන්ට් එක කපලානම් මොකෝ කරන්නේ...?

    ReplyDelete
  14. පිස්සු යකෙක්.ගැනිව පිට යවන්න ඇත්තෙත් මුගෙ මෙ සැකෙ වෙන්න පුලුවන්

    ReplyDelete
  15. මුකුත් නැහැ ලමයට පෝං එක දෙන්න කිව්වා නම්. පොඩි එකා කතා කලොත් අම්මා ගෙදර නැත්තං අම්මයි/අංකලුයි/පොඩි එකයි සැට් එකම කොයි හරි :))

    ReplyDelete
  16. //ඔබ ගැන, ඔබෙ සැමියාට සැක නම්//

    ඇවිත් බලලා යන්ට කියන්ට. :D

    ReplyDelete
  17. Manoj, Damith, sAm , Podi Kumarihami
    අපරාදෙ යහපත් බිරිඳක් ගැන වැරදියට සැක හිතුවම වෙන දේ බලන්නකෝ.

    ReplyDelete
  18. වෙන ගෑණියෙකුයි, වෙන බ්ලෙන්ඩර් එකකුයි ගෙනත් අළුතෙන් පටන් ගන්න තිබුනේ බ්ලෙන්ඩර් වන්නම.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්