Followers

Saturday, May 31, 2014

අහු මුලු වල ද කල -----පහු වෙන කොට-------- කොහු වෙන




එ දවස එන ඔබ ආවේ  සිනා මල්  ගෙනය
අද ඔබ එන්නේ මල් පැනි බී වැනි වැනිය
ඉස්සර  ආවිට රේඩියෝව දැම්මා වැනිය
අද ගෙට ආ කල මුනිවතයි බුම්මා ගෙනය

            ඉස්සර ඔබ මා එන විට දොර ලඟය
            දැන් ඔබ මා ආවත් දන්නේ නැතිය
            එදවස තේ එක විගහින් පිළියෙල වේය
            ඉල්ලා ගත්,  තේ එක වුව අද නීරසය

අපේ බ්ලොග් කවියන් විසින් තව කවි ලියනු ඇතැයි හිතමි.

22 comments:

  1. මිල්ටන් කීවා සේ

    ඉස්සර මා ඉබ දකින්න ආවේ මුව පුරවා ගෙන සිනාවකින්
    දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින්.

    ReplyDelete
    Replies
    1. මිල්ටන් නොවේ කකා..

      ප්‍රියා අයියා කිව්වෙ...

      Delete
    2. sAm
      කකාටත් වරදී ...හූ.. හා..

      මගෙන් බයිල එකක්

      ඉස්සර ඔබ එන විට මඟ ඉඳන් බල බලා
      ලස්සන ඔය ගැස්සෙන ඔය අත්තටු සලලා
      ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා

      Delete
    3. සෑම් - ඔබට ස්තුතියි. මට වැරදීමක්. මිල්ටන් කිව්වේ ඔබේ ප්‍රේම උයනේ තැනූ ප්‍රේම මැතුරේ, නවාතැන් සොයා පැමිණි මා.. නේද?

      ආ, ප්‍රියා අයියාද? මං හිතුවේ ගෙවල් පැත්තේ ඉස්කෝලෙක ගුරුවරයෙක් ය කියලායි.

      Delete
  2. Replies
    1. ස්තූතියි නෙතින් එහා

      Delete
  3. බිරිදක් ලෙසින් ඔබ ඇය සලකනා තුරා
    මේ වන් දුකක් අත්වේ මතු සසර පුරා
    මුල කල කෙරූ රඟපෑමම කරන තුරා
    නොම අත්වේය මේ වන් දුක් ෂුවර් සරා

    ReplyDelete
    Replies
    1. මාතගෙ තියරිය වැරදෙන්නට බැරිය
      බීවත් කරටි කැඩෙන්නට පවුලද ගොඩය

      ජීවිත මඬලේ චරිතය හරියට රඟපාමූ
      මීවද යකි ජීවිතය මී පැණි උරා බොමූ

      Delete
  4. ඉස්සර නයිටියට ඔයා සුරගනක්
    දැන් මට පේන්නෙ උඹ හුචක්කුවක්

    ReplyDelete
    Replies
    1. ගෙදර දොරේ වැඩද සේරම තනියම කරනා
      හැඩ වැඩ වෙන්නට මට කාලය කොයිනා?

      Delete
  5. කාලය වෙයි වෙනස් - ආලය නොවෙයි දුරස්
    එනමුත් තෙපලු බස් - අද ඇයි වෙලා සදොස්
    එක්වූ සිත් සතොස් - දුක පිරි ඇයි මෙදවස්
    පිළිතුරු හොයනු වස් - එක්වී වෙමුද නිදොස්


    ReplyDelete
    Replies
    1. ඉවාන්ගෙ පවුවලට ඇයි අපි කර ගහන්නේ
      බැඳ ගත්තනම් බෙරය දැන් ගහපන්නේ

      Delete
  6. නොදකින තුරු රහස් තැන
    ඇය ගන්නේය පළමු තැන
    සුවය ගත් කළ එතැන
    පළමු තැන නොලැබේය නැවත..

    කෝමද මේක??

    ReplyDelete
    Replies
    1. අන්තිම වැරදි කතාවක් නෙව මෙය සෑමෝ
      ඇන්න පැන්න කොම්පැනියෙද ඔහේ වැඩෝ

      Delete
  7. වැරදුනු තැන කොතනදැයි අදටත් නොම තේරේ...


    ReplyDelete
    Replies
    1. නැත කොහේවත් ඔබට වැරදීලා
      නිතින් විපරිතවන දිවිය අමතක වීලා?

      Delete
  8. ඕනෙම දෙයක් පළමුව නම් හොදය
    පහු,පහු වෙනකොට කෝකත් කොහු,කොහුය
    කොකට වුණත් ඒ කියමන ගැලපේය
    ඒ බව තේරුම් ගතහොත් හරි හොදය


    ReplyDelete
    Replies
    1. ආටෝපෙට පමණක් ලොබ බැන්දෝතින්
      කොහු වෙනවා කොයිකත් සත්තකින්

      Delete
  9. 1.අල්ලපු ගෙදර කොල්ලා මගෙ සිත බන්දා
    මේ ගෙයි අඩුපාඩු සකසා දෙන හින්දා
    උණුවෙන් තේත් වෙනවෙනදේ දෙමි කැන්දා
    මක්කට එනවාද ගෙට දැං අපෙ උන්දා ?

    2.ඔයා වගෙද ඔ‍ෆිසියෙ ඉන්නා කෙල්ල
    කිව්වම මොකද නියමයි ඒ දඟ මල්ල
    දෙකක් දාගත්ත මට දෙන සැලකිල්ල
    ගෙදරට ආවමත් ඒකෙයි සිතුවිල්ල

    ReplyDelete
  10. අනේ මට උදව්වක් ලෙසට
    එන අල්ලපු ගෙදර කොල්ලාට
    එකක් නොව දෙකක් තේ දුන්නාට
    මගේ නෑ තුන් හිතකවත් කහට

    ඔෆිසියේ ඉන්නා තේ උඩිච්චිය
    බැරි වෙලා උනොත් ඕකි මුඩිච්චිය
    වෙන්නට මෙලොවින් තොලොංචීය
    අතුල්ලනවා රත් වූ තේ පෝච්චිය

    ReplyDelete
    Replies
    1. තේ එක දෙන්නෙ සීනිත් වැඩියෙන් දාලයි
      ඔය කරුණාව මිනිහා හට නොවේදැයි ?
      තේ දුන්නාට කිරි දෙන්නට ගියේ ඇයි
      පලයං ඌ එක්ක මට ලොකු උදව්වයි

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්